එහෙනම් ඉතින් හැමෝටම මතක ඇති නෙ ගිය පාර නතර උන තැන හුන්නස් ෆෝල්ස් පැත්තෙන් කන්ද නඟින්න හිතාගෙන් අපි ඇල්කඩුව බස් එකට නැන්ඟා.ඔන්න ඉතින් බස් එකේ පිටිපස්ස ආසනය අත්පත් කරගෙන අපි පස් දෙනා වීරයෝ ටික වගේ බස් එකේ කෑ ගහගෙන යනවා.ඒ අස්සේ කොන්දොස්තර මහත්මයාගෙන් විස්තර විමසීම මන් පටන් ගත්තේ අපේ නඩේ පිරිසගේ බලවත් කණගාටුව මදයේ බවද කිව යුතුයි.අන්තිම එන බස් එක බහින්න ඕනි කොතනින්ද ?සාමානයෙන් කට්ටිය එනවද මේ පැත්තෙන් කන්ද නගින්න.කොචර දුරක් කන්දට යන්න ඕනිද? දැන් මගේ ප්‍රශ්ණ වැලට ඔක්කොම පිළිතුරු ලැබුනා.පාඨකය බිය නොවන්න ඊලඟ ප්‍රශ්න වැලද ආරම්භ කරත්ම කොන්දොස්තර මහතා බසයේ ඉදිරිපස දොරටුව වෙත ගියෙ සිනහවක් පාමිනි.
//නැවත ලියමි .අද 2015 ඔක්තොම්බර් 16
කැම්පස් එකේ වැඩක් තිබුනෙත් නැති නිසා ස්ටූඩියෝ එකට වෙලා මේ කථාවේ ඉතිරි කොටස ලියන්නයි යන්නේ.මේ කථාවම ලියන් යනවාද නැත්නම් වෙනින් මොනවා හරි ලියන් යනවාද කියලා මන් මේ කල්පනා කලේ.සුමනදාස බිල්ඩිමේ උඩම ඉන්න නිසා ඈත කට්ට අව්වට කරවෙන කොළඹ නගරය අපූරුවට පේනවා.එහෙනම් මේ කථාවේ ඉතිරි කොටස ලියලා ඉන්නම්.///
කොහින් කොහොම හරි හරි අපූර්ව බස් චාරිකාවකින් පස්සේ අපු හුන්නස් ෆෝල්ස් හෝටලයට යන පාර ලඟ බැහැගත්තා.බැහැලා එතන තියන ත්‍රීවිල් පාක් එකට කතා කරලා ඇහුවා හුන්නස් ෆෝල් එක පපහු කරලා හුන්නස්ගිරි කන්ද නගින්න පටන් ගන්න තැනට යන්න කොචර වෙලාවක් යනවාද කියලා..කිලෝමීටර් 3ක් විතර තියනවා රුපියල් 250.00 ක් ගානේ දෙන්න කීවා.අපි පස් දෙනක් හිටිය හින්දා ටුක් ටුක් දෙක් අන්නන වීමද අපි හෙන පෝසතුන්ගේ දරුවන් වීමද නිසා රුපියල් පන්සීය ඉතුරු කරගෙන පයින්ම ගමන් යාමට තීරණය කලා.අපගේ අරමුණ වූයේපෙර සංචාරකයන් සටහන් කොට ඇති අන්දමට පල්ලිය සොයා ගොස් එතනින් කැලයට ඇතුලු වීමටයි.කාලයකින් ඇවිදින නිසා පලමු කොටස මඳක් මහන්සි ගතියක් දැනුනත් ටික වේලාවකින් පසුව එය පහව ගියා.කොහොම හරි අපි ඕය පල්ලිය කියලා හිතන් හිටිය මහ විසාල බිල්ඩින් එක වෙනුවට එතන පොඩි පල්ලියක් තිබුනේ.අපගේ කදු නැඟිමේ බලාපොරොත්තුවට කන කොකා හඩන වේලාව එතරම් දුරක් නැති බැව් වැටහුනේ එතන තිබූ ගෙයක කාන්තාවක් සමඟ කථා බහ කිරීමෙන් අනතුරුවයි.
ඇය පැවසූ පරිදි ගමන් තව දුරයි.එතනින් කැලයට අව්තුල් නොවන බවත් තවත් බොහෝ දුරක් ගමන් කලයුතු බවත් පැවසූ නිසා අපි අපගේ රුපියල් 500 ලෝබකම පිළිබඳව දුක් වී ඒ යෝජනාව ගෙනාවුන් සඳහා බැන වදිමින් සතුටින් ගමන් කලෙමු.කෙසේ හෝ එක් තැනක සුන්දර දිය පහරක් දැක ගත හැකි වූ අතර එතැන් සිට තව දුරක් ගමන් කල අප තවත් කුඩා දිය පහරක අසලදී ඇදුම් මාරු කිරීමට තීරණ කලෙමු මක් නිසාද යත් හිරු රශ්මිය වැඩ වන නිසා.අප දහඩියෙන් පෙගෙමීන් සිටියෙමු.අප වසනාවන්ත වීමු.අප ඇදුම් මාරු කරනා අතර තුර පොඩි කොළුගැටයන් දෙදනෙක් අප සිටිනා දෙසට පැමිණියාය.වොහුන් පසනා පරිදී එතනින් උඩට ලෙහෙසියෙන්ම කන්දට නැගීය හැකිය බොහෝ දෙන්නා ගමන් කරනුයේද එසේ බැව් අප දැන ගතෙමු.
එතනින් උඩට ඇති ලැයිමට ඇතුලූ වූ අපට එතන සිටි අවුරුදු 16 පමණ කොලු ගැටයෙක්ද 40 පමණ වයසෙති මිනිසෙක්ද කන්ද උඩට පාර පෙන්වීමට ඉදිරිපත් විය.ඔහුන් දෙදනා සමඟ අප දිය පහරක් දිගේ උඩට ගමන් කොට කැලයට ඇතුලු වීමු.එතන් සිට සීග්‍ර නැග්මක් විය කිලෝ මීටරයකට පමණ ආසන්න වන්නට සීග්‍ර නැග්මෙන් නැගගත් පසුව අප සමඟ පැමිනි දෙදනා.උඩටම යනවා නම් ඔවුන් පැමිණීමට අපහසු බව අපට දැනුම් දුන් අතර ඔවුනට ස්තූති කල අප ඔවුට අප සතු චොකලට් කිහිපයක්ද සුලු මුදල් ප්‍රමාණයක්ද ලබා දුන්නේ ඔවුන් සතුටු කිරීමටයි.
එතැන් සිට අඩිපාරක් නොමැති මඟක අප ගමන ආරම්භ කලමු එක් තැනක දී අපට මේ යන පාර ව්න දිශාවකට යොමු විය යුතු බැව් අවධාරණය විම නිසා.නැවත මාවත පරික්ශා කරන්නට වීම.ඊර්ට ගූගල් දෙයියාගේ GPS වලට පින්සිද්ද විය යුතුයි.අප පාර මාරු කල අඩි කිහිපයක් ගමන් කල තැන් පන්විල සිට එන අඩිපාර මුණ ගැසුනේ අපහේ නිරවද්‍යතාවය තහවුරු කරමිනි.
අම්මෝ අදට ඇති අප්පා කන්ද මුදුනේදී මුණ ගැහෙමු.

සුන්දර පරිසරය |

මන් තුමා කැලෑව ඇතුලෙන් පන්විල මාර්ගයට සම්බන්ද අඩිපාරට පැමිනි පසු |