Sunday, October 14, 2018


බ්ලොග් ලිවීම අතර මඟ නැවතී ඇති නිසාත් ලීවීමේ ආශාව නැවත නැවත මතුවන නිසාත් පටන් ගන්නා බොහෝ ලිපි ඩ්‍රාෆ්ට් වලින් නවතින නිසාත් සතියක ඕනෑම වෙලාවක  සිතට දැනෙන සිතුවිල්ලක් එකතු කොට සති අවසානයේ මුදා හරින්නට සිතුවෙමි.මේ එහිපලමු දිග හැරුමයි.

2018 ඔක්තෝබර් 8වන දින පන්දර  2.00යි

ලිවීම උදෙසා නැවත නැවත උත්සහ කරමි මහා කාලකන්නි අගාදය සිටින්නෙකුට ලිවිය නොහැක.ජනේලයෙන් එලියේ වැහි වැටෙන හඩ ඇසේ.ලොකයේ මන් ආසම දේවල් මොනවාද අහුවොත් ඒ ඒ ලිස්ට් එකේ උඩින්ම ඉන්න දෙයක් තමා වැස්ස ඒ උනාට එච්චර ආදරණීය වැස්ස ගැනවත් හැගීමක් නොමැති තැනට මන් මැරිලා ඉවරයි.නැත්නම් මන් විතරක් නෙවේ උබලා ඔක්කොමත් වැටිලා ඉවරයි.නැගිටලා ගිහින් ‍ෆිරිජ් එකෙන් සීතල වතුර බෝතලයක් අරගෙන බීගන ගියා එලියේ වහින වැස්සේ සීතලයි කැරෙකෙන විදුලි පංකාවේ සීතලයි එකතු කරගෙන රත්වෙලා හිටිය මට සීතල වතුර ටික උගුර පහලට වැටෙන කොට මුලු පපුවම ඉච්චිලා යනවා දැනුණා.සීතල හොයද්දි පිච්චෙනවා.පිච්චෙන්න හොයද්දි සීතල වෙනවා..
මේක කතාව කොහෙන් පටන් ගන්නද කියලා තේරෙන්නේ නෑ.ලිවීම නතර කර සිගරට්‍ටුවක් දැල්වීමි..අද දවස  අද දවස  කිසි තේරුමක් නැති අද දවසක් එක්කුටවත් ඕනි නෑ මේ රට හදන්න හැම එකාටම ඕනි ‍රැවටිලා ඉන්න මොක්ද දැන දැන  ‍රැව‍ටුනාම   තමන්ට වාසී කියලා ඕකුන් දන්නවා..


2018 ඔක්තෝබර් 9 වන දින පන්දර  1.00යි

පන්ති පහයි
කෙල්ලෝ දෙකයි
කීයලා උන් කීවට
උබලා දන්නවා ඒක
එහෙම නෙවෙයි කියලා
එක නිකන්
කොල්ලෝ ගොඩයි
එක කෙල්ලයි වගේ කතාවක්
නෑ ඒක විරවරියකයේ කතාවක්ර

ස්තියාදු පේමවන්තයාගේ පාපොච්චාරණය ලියනවාද නැද්ද කිය කිය හිතන් ඉන්නකොට,ආදරණීය වේසාවියකගේ මඟුල් ගෙදර ලියපිය ලිපිය  කිය  කියා  හිත කෑගහන්න ගත්තා...ඒ ඔක්කෝම පැත්තක තියලා මන් ලියන්න ගත්තේ  රතු තරු ප්‍රේමවන්තිය කියන පොත,ඒක

රතු අහසක්
තරු පහක්
එක දිඳුලන තනි  තරුවක්
නිල් අහසක්
තරු ඳිදුලන කලු අහසක්

අහන්න එපා තරු පහ මොනවාද  කියලා.නැත්නම් කලු අහස ගැන නිල් අහස ගැන දිදුලන තරු ගැන මොකද ඒ කිසි දේක තේරුමක් නෑ..නෑ එක ආදරණීය තේරුමක් තියනවා.කාලයකින් නැවත බ්ලොග් එකට  ලියන්න ගත්තේ මහ මූසල ඔක්තෝඹරයක් නිසා  වෙන්න ඇති මාසේ ආරම්භයේ ඉදලා දවස් 9ක් ගෙවිලා ගියත්.එලිවන තුරා නිදි මරණ, පුකට එලිය වැටෙන කම් නිදාගන්න ,ජීවිතයවල් ගොඩක්වෙලා.ඒක  නිකම්ම නිකන් සාධාරනීකරණය කරගන්න උත්සහ කරන බොරුවක්.මේක ලියන්නේ අවුරුදු බර  ගණනක් පරණ මොර‍ටුව විශ්ව විද්‍යාලයේ  ක්ලිෆඩ් පෙරේරා නැත්නම් ඒ හොස්ටල් එකේ  ඉදන්.විශ්ව විද්‍යාලයේ අතුලේ පිහිටලා තියන එකම  පිරිමි නේවාසිකාගාරය මේක.මේ ලැප් එක තියන් ඉන්න රූම් එකේ මේසේ උඩ කි දෙනෙක් තමන්ගේ උපාධි කියන ජීවිතය වෙනුවෙන් සටන් කරන්න ඇතිද මේ ලැප්ටොප් ඔවුන්ට නොතිබෙන්න ඇති මේ මේස උඩ රාක්ක උඩ කියවන්න පොත් තියෙන්න ඇති නැතන්ම් බීඩි සිගරට් අරක්කු ඇදුම් කුණු දුවිලි  කොලකෑලි නැත්නම් මොකුත්ම නොතිබෙන්න ඇති.මේ කාමර වල ඔවුන් විප්ලව කරන්න ඇති සංවාද කරන්න ඇති කුණු කතා කියන්න ඇති ආදරය ගැන ලෝකය ගැන හිතන්න ඇති.නැත්නම් මොකුතම නොකර නිදා ගන්න ඇති.


2018 ඔක්තෝබර් 10 වන දින සවස  5.30 යි.

ඔහුන් දැන් හුදකලා වූවන්ය
ඔහුන්ගේ අතීතයේ කැ පරහර වල
වේදනා විදිමින් ,නැවත ඒ නැතීවීයන 
වේදනාවන්ගේ
කාලකාන්නී වූ ආස්වාදය සොයමින් යන
කලකන්නි විනාශකාරයෝමය
කාලකාන්නී වූ ආනාගතයක්
මවන්නට හදන උන්ට
දුවන්නට පහර දෙන
වර්ථමානයට බයේ
ගුලි ගැහී මුලු ගැහී
වර්ගවාදී පොරත්වයම
මමත්වය කරගත් උන්ය
නිල් රතු කොල ඇස්කොට්ලාට
අමතරව
සමාජ ආස්වාදය
සුත්‍රාන්තය
කරගත් අන්ධ බක්තිකයන්ය
උන් ජීවත් නොවී
ජීවත් වෙන්නට නොදී
ජීවත් වෙන්නට උත්සහ කරයි
කවියාද නැවත් ඔවුන් ගැන
සිතමින් ලියමින් කියමින්
තේරුමක් නැති අලගෙඩි වෙනුවෙන්
කාලයේ දුවයි


"ඒක සම්පූර්ණ ඇත්තක් නොවේ.මාක්ස් ලෙනින් වාදයේ පදනම මානව භක්තියයි.මාක්ස්, එන්ග්ල්ස් වැනි න්‍යායාචාරවරුන් හා ලෙනින් වැනි ප්‍රායෝගික වාදියනුත් දැඩි මානව භක්ති වාදීන්.

එහෙත් ජේ.වී.පී. කාරය අපේක්ෂා කරනෙ මධ්‍යම පන්තික  නිලතල හා භෞතික සැප සම්පත්.එසේම ඔවුන්  ඔවුන්ගේ ව්‍යාපාරය ජාතිවාදී එකක්.මෙය සම්පූර්ණයෙන්ම මාක්ස් ලෙනින් වාදයට විරුදධයි."


(මහාචාර්ය ඩබ්ලිව්.ජී.කුලරත්න රෝස මලේ න‍ටුවේ කටූ පි‍ටුව 110)

2018 ඔක්තෝබර් 11 වන දින පන්දර  4.00යි

" කොල්ලෝ 50ක් අල්ලනවාට වඩා එක කිම්බක් අල්ලන එක උන්ට වාසි දායකයි..මොඩ යක්කු.." යාලුවෙක් එක්ක කතා කරද්ද වැටහුනේ..
පොස්ට් එක්ක කමෙන්ට් එකක් දැක්කාම හිතුනේ..මහා බොරුවක් මවාපාගෙන ජීවත්  වෙනවා..

බැල්ලි
තොගේ බොරු කතා
උබට ඕනි හඳ එලියත් නැති
කුප්පි ලාම්පු එලියත් නැති
මහ අදුරු වෙලාවක
ලෝකෙට හොරෙන්
හැමනෙන්න
ඊට පස්සේ
ඉර උදා උනාම
මහ බොරුවට
රඟපාන්න
උබේ ඔය බොරුවෙන්
ඔක්කොම රවට්ටලා
තියාගනින්
හබැයි
උබේ හෙලුව
ජෙනෙල් වලින් එබි බැලූ
හඳ එලියත්
කුප්පි ලාම්පුවෙන් එලියවු
පරිසරයත්
දැන ගනීවි
බැල්ලි
‍තෝ මැරියන්

නිදිමතයි..සිතල බැල්කනියේ පු‍ටුවේ වාඩිවූ මම.කකුල්  දෙක යකඩ වැටට හේත්තු කොට  සිගට්‍ටුවක් දැල්වීමි.

.
"මම සිග‍රැට්‍ටුවක් දල්වා ගතිමි.හිස මුලුමනින්ම  ඉහලට නමා තාරුකාවක් දෙස බලා ඒ දෙසට දුම පිඹ හරිමි.සිගරට්‍ටුවේ ආස්වාදය වනුයේ දෑසට නොපෙනෙන දුමය.කිසිවකු ගණ අන්ධකාරයේ දුම් නොබොන්නේ එබවිනි.
"ඇයි සිගරට් බොන්නේ?"
"මම බීඩි බොන්නේ නැති නිසා""

(මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුන්ඩුව පි‍ටුව 142)

2018 ඔක්තෝබර් 12 වන දින පන්දර  3.00යි

බැල්කනියට සිවිල් ඉංජිනේරු දේපාර්මෙන්තුව ලයිට් එලියෙන් හැඩගැන්වී ඇති සැටි පෙනේ.ඒ අස්සේ සීතල හුලඟත් එක්ක  සිවිල් එක අස්සෙන් පිරිත් ඇහෙනවා.අද සිවිල් ඩිපාර්ට්මර්ට් එකේ  පිරිත්.සිගරට්‍ටුවක් බිබි ජීවිතේ පලමු වතාවට පිරිත් අසමි.

ඇයි උබ පෙන්න නැත්තේ වැඩිය.මිතුරාගේ පිලිතුර"මේක මහ ජරාවක් මොකටද බන් මේවට එන්න.මේ උගන්වන ඒවා ඉගන ගන්න කැම්පස් එන්න ඕනිද? මහ පිස්සු ජාතියක්!මේ හැමදේම වෙනස් වෙන්න ඕනි.කැම්පස් හදන්න ඕනි නෑ මේකේ ඇතුලේ ඉන්න උන් මෙහෙම ඉගන ගන්න ඕනි නම්!මහ ලොකු විශ්ව විද්‍යාල කොහේද බන් මේවගේ විශ්වීය දැනුම හොයන් යන්නේ,මඟුල! උඹ කියන්නෙ තවත් මේ මගුල ඉවසන්න කියලාද?!"

 මඳක් නිහඩව සිටි මා අසල තිබූ ස්කෙච් බුක් එකේ ක‍ටුගාන්නට වීමි.

"මොකො උඹ කතා නැත්තේ"

නෑ උබ කියන එක හරි මන් කියන්නේ ඔව් ඉවසපන්!හැබැයි උබ පටන් ගනින් ඒක හොයන්න.අනික් උනුත් ඒක එහෙම තේරුම් ගත්ත දවසට ඒක කරයි.

සීතලයි...!සිගරට්‍ටුව අවසන් වී ඇති නමුත් පිරිත් තවමත් අවසන් නැත.


"උපක අපගේ අධ්‍යාපන ක්‍රමය අසාර්ථක එකක්.එහි පැහැදිලි දර්ශණයක් හෝ ක්‍රමවේදයක් නැහැ.එම නිසා අපගේ අනාගත පරම්පරාව අතරමං වෙලා"

"එහි ඇති ප්‍රධාන දෝෂය කුමක්ද? "උපක ඇසුවේය.

"අපගේ අධ්‍යාපන ක්‍රමය කන්නංගර මහතා ඉදිරිපත් කල ක්‍රමය අතහැර දැමීම වරදක්.කන්නංගර තමා මෙරට අධ්‍යාපන විප්ලවයක් කලේ" යැයි ඔහු කීවේය.

"ඒ කියන්නේ කන්නංගර මහතාගේ නිදහස් අධ්‍යාපනය දැයි"උපක ඇසුවේ ය.

"ඔව් ඇත්තටම නිදහස් අධ්‍යාපනය තමයි.එහෙත් කන්නංගරගේ  නිදහස් අධ්‍යාපනය අපි හරියට තේරුම් ගන්නේ නැහැ .1945ට පෙරත් ස්වභාෂා අධ්‍යාපනය එනම් සිංහල හා දෙමළ අධ්‍යාපනය දුන්නේ  නොමිලේ..මුදල් ගෙවා ලබාගත යුත්තේ හොඳ ඉංග්‍රිසි අධ්‍යාපනයයි.කන්නංගර කලේ මධ්‍ය මහා විද්‍යාල හරහා මෙම නිදහස් අධ්‍යාපනය නොමිලේ ලබා දීමයි.එහෙත් 1956දී ඇති වූ වැඩ පිළිවෙළ නිසා මෙම ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය නැතිවී ගියා."

"අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇති දෝෂය කුමක් ද?" උපක ඇසුවේ ය.

"අපේ අධ්‍යාපනය නූතනයට විශේෂයෙන් පශ්චාත් නූතන දර්ශනයට ගැලපෙන්නේ නැහැ.තරුණ තරුණියන් දකුණේ ජේ.වී.පී. එකට යන්නෙත්,උතුරේ එල්.ටී.ටී. එකට යන්නෙත්  හුදු ආර්ථිකමය හෙතූන් නිසා නොවේ.අධ්‍යාප්පනය මගින් ඔවුන්ට් අවශ්‍ය නූතන දැනුම කුසලතා හා ආකල්ප නොදැනෙන නිසයි." වික්‍රමසිංහ මහතා කීවේ ය.

"අධ්‍යාපන ක්‍රමය වෙනස් කල යුත්තේ කෙසේ ද?" උපක ඇසුවේ ය.

"අපේ අධ්‍යාපන ක්‍රමය මගින් නිර්මාණාත්මක, නිවහල්,විචාරශීලී පිරිසක් බිහි කළ යුතුය.ඒ සඳහා අධ්‍යාපනයේ විශාල වෙනසක් කළ යුතුය.ආචාර්ය ප්‍රේමදස  උඩගම  කියා තිබෙනවා,අපි දොස්තරවරු,ඉංජිනේරුවන්,පරිපාලකයන් තැනීමට ප්‍රථම හොඳ මිනිසුන් තැනිය යුතුයි කියා.මේ ආධ්‍යාපනයේ විශාල වෙනසක් අවශය යි.

"ගුරුවරු හා ඔවුන්ගේ ඉගැන්වීමේ ක්‍රම වෙනස් කළ යුතු නොවේ ද?"

(මහාචාර්ය ඩබ්ලිව්.ජී.කුලරත්න රෝස මලේ න‍ටුවේ කටූ පි‍ටුව 45/46)

2018 ඔක්තෝබර් 13 වන දින උදේ 10.30 යි

සෙනසුරාදා ලංකාවට නිවාඩු දවසක් උනාට  එක හැමෝටම එහෙම නැහැ.මොර‍ටුව විශ්ව විද්‍යාලයේ වාස්තු පීඨයටත් ඒක කිසි වෙලාවක  එහෙම වෙනේ නැහැ. කැම්පස් එකේ ඉන්න බහුතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සෙනසුරදා නැත්නම් සිකුරාදා හවස් වෙද්දි ගෙවල් වලට යනවා.එහෙම නොය බහුතරයක් සෙනසුරාදා නිදහසේ නිදාගන්න වෙලාව වෙන් කර ගන්නවා.සතියේ දවස් පහමත් නිදාගත්තත් හිතට හරිනෑ වගේ  සෙනසුරාදා හරි ඉරිදා හරි ඒ වෙනුවෙන් වෙන් කරනවා.මොනවා උනත් වාස්තු පීඨයට ඇතුල් උන ශිෂයෙක්ට සතියේ දිනවල හැසිරීම ප්‍රයෝජනයක් නැති වෙනවා.ඒ නිසාම සෙනසුරාදා වෙනකම් බලන් ඉන්නේ කලබල නැති පරිසරයක් බලන්න.දැන් එ පරිසරය වෙනස් වෙලා සති අන්තේ කියන්නේ කැම්පස් එකේ වෙනදටත් වඩා සෙනඟ පිරෙන දවසක් වෙලා..හැම පාරකම අතුරු සිදුරු නැතිව වාහන නවත්තන දවසක් වෙලා.මහ පිස්සුවෙන් වගේ මිනිස්සු එහේ මෙහේ දුවනවා ඒකට කියන්නේ  එම්.එස්.සී කියලා.

ඉතිහාසෙ ඉදන්
හැමදාම
ඒක උනා
තමන්ගේ
දෙමාපියන්
සහෝදර සහෝදරියන්
නැදැයින්
මිත්‍රයන්
පවා දුන්නා
උන්ට දුෂ්ඨකම් කලා
එහෙම කරපු
පරම්පරා ගානක
ලේ දුවන්නේ ඔය ඇගවල්
ඇතුලේ
එහෙව් එකේ
ගැනියෙක් වෙනුවෙන්
මිත්‍රකම්
පාවා දෙන්න
ඕකට ලැජ්ජා නෑ
මිත්‍රයාගේ ගැහැණිය
වෙනුවෙන්
ඒක කරන්නත්
ඕකට
ලැජ්ජාවක්
නෑ

"ප්‍රේමය් ඇත්තටම පවතින්නේ නෑ.ඒක මතුපිට තියන සිතුවිලි ආවරණයක්;අශාව වඩා ගන්නා ව්‍යාජයක්.ලිංගික ආශාව වඩාගන්නට ගොඩනගන සිතුවිලි පරිකල්පනයක්.ලිංගික ආශාවක් තියනවා නම් පළමුව ඒක තෘප්තිමත් කරගන්න ඕනි.ඒකට් ප්‍රේම කල යුතුයි කියල ඒකේ එල්බගෙන  ඇතුළතින් බිද වැටෙන එක අර්ථ විරහිතයි."

(උපුල් ශාන්ත සන්නස්ගල,කොළපාට ඇස්  පි‍ටුව 98)

2018 ඔක්තෝබර් 14 වන දින පන්දර  4.00යි

නැගෙනහිර වෙරලෙන් ඇහෙනවා කියාගෙන තොපි ඔක්කෝම මාවා කෑවා ඔව් මා කෑවා,බුරුවෝ..පලි ගන්න දෙයක් නෑ පැටලිච්ච ඒකිව එතනින් එළියට එන්න පාර පෙන්නන්න බැරි එකයි දුක.


සාම්ප්‍රධායික ගැහැණියක් නොවේ
කියාගෙන
උබ බීර වීදුරුව තොලගාන්න
සැකේට ඇබරි ඇබරි වට පිට
බලද්දි
මෙතන හරි නෑ කිය කියා මුලු
හොද්දි
උබත්
අනික් උන් වගේම
අනික් උන් ගැන වදවෙන
සාම්ප්‍රධායික
ගැහැණියක්



උබ හරි පවු කියලා හිතෙනවා උබව අහුවෙලා ‍රැවටිලා ඉන්න තැනට වඩා කොච්චර හොදින් උබට ඉන්න පුලුවන්ද කියලා දැනෙනවා.සම්ප්‍රදායකට බය වෙලා එක රාමුවකට කො‍ටුවෙලා.ඇත්ත ගැහැණියව එලියට දාන්න උඹට බැරි වෙලා එ ගැහැණිය කොහොම කෙනෙක්ද කියලා පිරිමි මන් දන්නවා නෑ දන්නේ නෑ ඒක දැනිලා තියනවා.

අද උදේ 10.30 යි

සෙනසුරාදා ඉවරයි අද ඉරිදා මොර‍ටුව විශ්වවිද්‍යාලයේ  ඒ හොස්ටල් එක එහා පැත්තේ සිවිල් ඉන්ජිනේරු දෙපාර්මේන්තුව පැත්තට තියන පිහිබිය ගස් අස්සෙන් එලිය වැටිලා  ඒක විස්තර කරන්න බැරි තරමට ලස්සනයි.මේ ලෝකේ හැමදේම ලස්සනට දකින්න පුලුවන්.ඕනි නම් යුද්දයක් විරහවක් මරණයක් මේ හැමදේමත් මහ ලස්සනට දකින්න පුලුවන්.හැබැයි එක දකින්නේ කොහොම ද කියලා දන්නේ අපේ හිතම තමයි අපේ ඇස්ම තමයි.

"ඒ අර බලපන් අර කෙල්ලගේ ටැටූ එක" මිතුරා පවසයි

"ලස්සනයි යකෝ.."මම පවසයි

"පට්ට  කෑල්ල " මිතුරා පවසයි

"උබේ කෙල්ල, ඒකි ටැ‍ටු ගහනවාට උබ කැමතිද?" මම පවසයි

"මන් උබෙන් ඒ ප්‍රශ්ණෙ ඇහුවොත්" මිතුරා පවසයි

"මට කෙල්ලක් නෑ නේ" මම පවසයි

"අනේ මේ මන් තොට කියන්නේ නෑ.හරි හිටියොත්"මිතුරා පවසයි

"මගෙන්  අවුලක් නෑ කෙල්ල  නිදහසේ ඉන්න එපැයි" මම පවසයි

"මන් නම් කැමති නෑ බන්.අපි ඕක ඔහෝම දැක්කාට  මිනිස්සු දකින්නේ වැරදි විදියට" මිතුරා පවසයි

"මිනිස්සු කියන්නේ කවුද බන්"මම පවසයි

"හුත්තක් අහන්න එපා " මිතුරා පවසයි

"මිනිස්සු කියන්නේ අපිම තමා බන්.අර කෙල්ල.කෙල්ලක් ඒක ඒකිගේ ලොකේ.බලපන් ඒකි ලස්ස්නට නිදහසේ  ඉන්න හැටි.මේ ඉන්නේ මිනිස්සු උබයි මායි.මට අවුලක් නෑ..උබටත් ඒ කෙල්ලගේ ටැ‍ටු එක අවුලක් නෑ..එහෙම අවුලක් නැති මිනිහාට.උබේ කෙල්ලගේ ටැටූ එක අවුල්.උබලටමනේ කෙල්ලෝ සෙට් වෙන්නේ මොඩයෝ වගේ.." මම පවසයි මම සිනා සේ

"අනේ පක..තොට වගේ මට පිස්සු නෑ" මිතුරා මට බනී

යමන් ප්ලේන්ටියක් බොන්න



Read More

Monday, September 10, 2018

පොතේ පි‍ටුවක්

අඬන කොට ඔළුව තියාගන්න,
උරහිසක් නැති උණාම,
මිනිස්සු වැටෙනවා,
ඔළුව වදිනවා,
ඔළුව පැළෙනවා,
ලේ ගලනවා,
මැරෙනවා

මාගේ දිනපොතේ පි‍ටු කිහිපයක් පලකරමි,

වේලාව  රාත්‍රී 10ය පසුවී ඇතැයි  සිතේ මීට සුලු මොහොතකට පෙර මා වේලාව බලන විට රාත්‍රී 9.30 පවුවී තිබුනි.
රජරට නවාතැන් පොලක එලියේ පුටුවක ඇන්දකට බරවී අදුර දෙස මා බලා සිට්මි.මහා ඝණ අන්ධකාරය නොවන්නට මට මිහින්තලය කදු පන්තිය පෙනෙන්නට තිබෙනු ඇත.හිරු නම් ඇති වන්නටය මාස ගනනක් කීවාට අවුරුදු හතරක් පමණ සුපුරුදු වැස්සක් මේ පොලව තෙමා නැත.වසනාවක් ද අවාසනවාක් ද අවාසනවාක්ද කියන්නට නොතේරේ සඳ එළිය අද නැත.කවරදාක හෝ පොතක් ලිවීමේ ආසාව අද අදුර හිතට මහා බරක් සේ තව තව වැඩි කරයි.ලියන්නේ මොනවාද යන්න මා කිසි  දිනක වර්ග කර සිතන්නට ගියේ නැත එය එසේ කලා නම් තවත් පැටලෙනවා සහතිකය එක්කෝ ගොඩ ඇවිත්  එහෙම ලේසියෙන්  ගොඩ එන්න බෑ මොකද ඒක පොතක් ඒක කල්පිතයක්ද මේ ලොකේ කිසි තැනක කල්පිත නැත.මේ ලොකේ කිසිවකුට සරව සම්පූර් ණ කල්පිතයක් නිර් මාණය කල නොහැක මන්ද සෑම විටම ඒ තුල මනුෂයන් ජීවත් වන බැවිනි.අප සිතන සෑම කල්පිතයක් හා ම අප ජීවත් වේ ජිව්තේ අත්දැකීම් ජීවත් වේ මතකයන් ජීවත් වේ.එසේ නොකල උන් මෙලොව සිටියාදැයි මා මෙන්ම ඔබත් නොදනී,බුදුන් ජෙසුන් අල්ලා රහත් උන්තුමන් මෙසේ වර්ගකොට මෙලොව නොපැටලී ඉන්නා අයවලුන් ගැන අසා ඇතිවාට කිසි දිනක අත්දැක නැත.සෑම එකෙක්ම ගොඩ එන්නේ මූලික කල්පිතය අප තුලින්ම ගොඩ නගා ගත් පසුවයි.එක හරියට චාල්ස් ඩාවින්චි හා වානරයා වගේ කතාවක්.ලෝකය පුරා පවතින පවතින් විවිද ආගමික අත්තිවාරම මෙයමදැයි කීමට දැනුමක් මා සතුව නොමැත නමුත් යම් පැටලිල්ලක කොටාක් වනවා නිසකය.මන්ද ඔවුන් සැවෝම අදහන්නා වු සෑම  ආගමික නායකයෙක්ම සෑම විටම අප මිනිසුන් විදියට කිසි දිනක ලඟා නොවිය හැකි නොසිතිය හැකි දේවල් අර් ථකතනය කල අයවලුන්ය ඔවුන් අපගේ මරණයෙන් පසු නොදන්නා මානය මාකට් කර ගතවුන්ය.මනුෂයන්ට මෙලොව මනුශයන් ලෙස අත්විදිය නොහැකි කතා (බයිලා *)  ඔවුන් අපට ධාරණය කර තිබේ.ඒවාර්ට ශෝට් කට් නැත පැකේජ් අරගෙන බලා නැවත දිය නොහැක.ටෙස්ටින්ග් නැත.එක මාර් ගයක් ‍තෝරාගෙන එය අවබෝධ කරගෙනම බැලිය යුතුය.කෙටි මාරග නැත.

මාගේ මෙන්ම අවට මහා ගණ අදුරේ නිහඩ බව බිදිමින් ඈත පාරේ ශබ්ද නගා බස් රථයක් ගමන් කරයි.මන් තවමත් රජරට නවාතැන් පොලේ අසුනක් මතය.
මා කවුරුන් දැයි කීමට මා නොදනී.නමුත් මේ සටහන ලියන විට එක් දෙයක් අවබෝධ කරගෙන සිටී මා මේ ලොකයට ආවේ කොහි සිටදැයි මා අවබෝධ කරගතෙමි.මේ ලෝකය ආවේ මා තුලිනි.මම මම මම මෙසේ අපි මේ ලෝකය ගොඩනගා ගත්වුන්ය,

ලෝකය සහ මම , "මේ අඹ ගස් හැර වෙනත් අඹ ගස් තිබේ ද?" සුපුරුදු පැනය, ඉතිහාසය කියන පරිදී  හෙතුමූලයට පාත්‍ර වූ තැනට හූවක දුරක්වත් නැත.නමුත් අඹ ගස් අද ඇත නමුත් තිස්ස අද නැත.මුවා අද නැත.වැඩියා වු පිරිවරද රහතුන් වහන්සේලාද අද නැත.නමුත් අද මන් මෙතන මේ අම්බස්තලය පෙනෙන මානයේ,ඔව් මං මෙතන,ඉතින් මේක කියවන උබලාට වැඩක් නෑ ඒක.ලියලා තියන්නට ඕනි තවත් කාරණයක් තියනවා මේ  ලියන වෙලාවේ කිසිම මත්ද්‍රවයක් අරගෙන නෑ හැබැයි මේ නිහඩ අදුර මගේ මනස විකල් කලා කියලා  පිලිගන්නත් මා සිත කැමති නෑ.

දිවුල් 'ඔව් දිවුල්" දැන් ටික්කට කලින් දිවුල් ගෙඩියක් කෑවා.හැබැයි එක හම්බ උනේ රජරට නේවේ..ඊට ගව් ගනනක් ඈත පලාතකින්,ඉස්සරහ තියන සිමෙන්ති බැමි කෑල්ලට ගහලා දිවුල් ගෙඩිය පලාගෙන සීනි දාගෙන කෑවා.කවුද හොයා ගත්තේ දිවුල් කන්න පුලුවන් කියලා.ඔය මහ ගණ කට්ට ඇතුලේ තියන මඳ කන්න පුලුවන් කියලා.මේ කට්ට අමාරුවෙන් කඩාගෙන මේක පලවෙනියට කාපු එකාගේ වෙලාව හොදයි.නැත්නම් ඔය මදේ විෂ වෙලා පලවෙනියා මැරුනා නම්..ඒ වගේ ගොඩක් උන් මැරුණට පස්සේ හොයා ගනී හෙතුව දිවුල් කියලා.එහෙනම් මේ කර් කෂ පොලවේ දිවුල් ගහට මිනිස්සු මෙතරම් කැමැත්තක් නොදක්වාවි ඒවා මෙතරම් නොවැවේවි.එහෙමත් නැහැ ඔය අපූරුවට කනේරු ගස් වැස් වැවෙන්නේ  ලස්සන කහපාට මල්  එක්ක උජාරුවට ඉන්නේ මොකද කන්න ඕනි උන් විතරයි ඒක කන්නේ.දැන දැනම මැරෙන්න ඕනි උන්.හරියට මගෙ හිත වගේ එකටත් ඕනි ඇති කනේරු කන්න.

"සම්බන්ධතා ගැන උඹ මට උගන්වන්න ඕනි නෑ" එද ඒකි මට එහෙම කියද්දි මට කියන්න හිතුනා "මන් උඹට උගන්වන්න ඕනි නෑ,උඹ දන්නවා නම් මට උගන්නපන් කියලා"එක මන් කීවේ නෑ කෑ ගහලා කියන්න හිතුනත් මට කෑ ගහලා කියන්න හිතුනේ නෑ..මේ හැමදේම  මහා සම්බන්දතාවයන්  මම මම  කියලා  හදාගන්න ලෝක ටික නිසා එකතුවන දිගුවක් විතරයි කියලා ඉතින් ඒක මට කියලා දෙන්න එපා ඒක මේ මුලු ලෝකෙටම කියලා දීපන්.උඹ ඒක දන්නවා නම් කියලා දීපන්.මේ ලෝකේ ඉන්න ඔක්කෝටම.

එයා කියනවා වගේ ඒ කතා කරන දේවල් කත කරන්න ඕනි කට අරින්නේ නැතිව.'මා' මන් ඉක්මනින් රජරටින් නික්ම ගෙන්දගම් පොලවට එනවා.

අදට මා නවතිමි
රජරට නවාතැන් පොලක
2018 වූ අගෝස්තු මස  7 වන දින
රත්‍රී 12ට ආසන්නව.



*ඇගෙන් ඉගන ගත් වචනයකි.



Read More

Tuesday, August 28, 2018

බත්කූරා පොඩි ලමයා හා යථාර්තය






මේක නිකන් හිත හදගන්නා සුරංගනා කතා වලින් තවත් ප්‍රධානතම එකකි.හරියට ආච්චිලා "අපේ කාලේ නම් ගෑණු ලමයි මෙහෙම ඇදින්නේ නෑ "හැදියාව ආචාර ධර් ම ගැන කියනා ඔවුන් කිසි දිනක ඔහුන්ගේ මතකයන් වර්ථමානය හා ගට්ටනය නොකරයි.මතකයන් හරි බව කියමින් ඔවුන් අඩම්බර වෙමින් දුක් වෙයි.මෙය ‍රැඩිකල් වාදී කතාවක් නොව යථාර්තීය කතාවක් වන්නේ ඒ නිසාය.බත් කූරන් සමඟ ඇති මේ මතකය 90 දශකයේ බොහෝ දෙනෙකුට ඇති බව අපි දනිමු.නමුත් අපට තවමත් වර් ථමානීය පොඩි එකාට බත්කුරෙකු අල්ලන් සෙල්ලම් කරන්නට කීම නොගැලපේ.ඊයේ දිනයේ මොර‍ටු සරසවිය අසල කමිනිකේෂන් එකකදී මාගේ මිතුරෙකුට විදින්නට ලැබුනු අත්දැකීමක් මෙසේය " අසල වත්තක පොඩි උන් දෙදෙනෙකු එකෙකු අයියාද අනිකා මල්ලීද යන්න නිශ්චය කල හැක.
මල්ලි- අයියේ මේක ලැප්ටොප් එකක්ද ටීවී එකද? (ඩෙක්ස්ටොප් කම්පියුටර දෙකක් දැක ඔව්හු විමසයි)
අයියා-ඕක කම්පියුටර් එකක්
මල්ලී-කම්පියුටර් එකෙයි ලැප් එකයි කොහොමද අදුර ගන්නේ.මල්ලී විමසයි
අයියා-ලැප්ටොප් එක ගනන් වැඩි.කම්පියුටර් එක ගනන් අඩුයි
මල්ලි-ආ එහෙමද මට නම් මේ එකක් ලැප්ටොප් එකක් වගේ අනික ටීවි එකක් වගේ"
බත්කූරාගේ සරලවාද බිද වැටෙන්නේ මෙලසින.මොර‍ටු සරසවියේ බොඩරයේ සිටිනා.මොහුන්ගේ දැනුමත්.ඇතුලත සිටිනා උන්ගේ දැනුමත් හාත් පසින් වෙනස්ය.කොලඹ 7තේ මොහුගේම වයසේ දරුවන් මීට වඩා වෙනස් ඇත.ඔවුනුත් ඊටා වඩා පොඩි උනුත් ලැප්ටොප් ටැබ් ෆෝන් ගැන මීට වඩා දැනුම ඇති අයවලුන් වන්නට ඇත සමාජීය මට්ටම් මෙසේ වෙනස් වන විට ලංකාවේ සංකෘතිය ධර්මය රෙද්ද පල්ලේ බේරෙනවායි කියා තේරුමක් නැත.බත්කූරන් නැති කොලඹ ගැන බත්කූරා අල්ලනට දුවන ගමේ පොඩි එකා හරිය ඌ හොදය.අපි වගේමය කියනා ගොන් පාට් එක නැවත නැවත ඇප්ලයි නොකල යුතුය.මන්ද අප මේ වන විට මේ කාලකන්නී දේශපාලනික වූ සිස්ටම් එක්කට කො‍ටුවු අනාතයන් පිරිසක් වී හමාරය.අපගේ අධ්‍යාපන දේශපාලන හා සමාජීය අප්ඩේට් එක අප දාගන්නේ වෙන කොහෙන් හෝ අරගෙනය.කොටින්ම කීවොත් වෙනම රටක දර් ශනවාදයෙන් කොටසකි.දේශපලානයද සමාජීය දෙයද හැම විටම එහෙමය එසේ එකක් ඇප්ලයි කරගන්න අප.ඔවුන්ගේ දෙයින් අපේ දෙයක් හොයන්නට උත්සහ කරයි මෙය කිසිදිනක සාර් ථක නොවන ක්‍රමයකි.අප වැව් හදන්නට ගල් පිලිම නෙලන්නට දන්නේ නැත.අපේ ඉජිනේරු විද්‍යාව තවකෙකු කල සොයාගැනීම් වලසොයාගැනීම වල පහලම කොටසේ සැරි සරයි.ඔවුන් ඒ පදනමෙන් ඉදිරියට ගොස තිබෙන විට අප තවමත් නිවුටන්ගේ නියමයන් ඉගන ගනිමින් සිටී.අප අපගේ නොස්ටැල්ජියාවෙන් තෘප්තිමත් වී අනාගතය බාගෙට කොපි කර ගනිමින් සිටී අපි ඩිවලොප් කරන්නෙ අපේ දෙයක් නොවන තාක් අප ලොකයේ සිටින්නේ පසුපසිනි මන්ද ඒවායේ අයිතිකාරයන් ඒවා ටහ්ව දියුණු කරමින් සොයා ගැනීම කරන විට අප ඔවුන්ගේ පලමු අප්ඩෙට් එකෙබ් ජීවිත ගැට ගසා ලෝකය දිනන්නට උත්සහ කරයි එය සාර් ථක නොවෙන්නේ මූල බීජ්ය අපගේම නොවන නිසාය.අපය කෙලවී බොහෝ කල්ය.අපේ දැනුම අදහා ගත නොහැකිව සීගිරිය දාගබ් වැව් දිහා බලාගෙන අප හුල්ලති එකින් එක අප්ඩේට් වෙවී දියුණු වන්නට ආගමෙන කොහෙදෝ තැනක ඒවා අතහැරී අපට කෙලවිය.අපේ උන් ගල් ගුහාවල හෙලුවෙන් ඉන්නට ඇත ගෙවල් හදනන්ට ඇත කපු ඇදුම් අදින්නට ඇත වැව් හදන්නට ඇත අහසෙන් යන්නට ඇත ඒවා ඔවුන්ම සොයා ගත් නිර් මාණය කරගත් දැනුමක් වෙන්නට ඇත.හැබැයි මේ වන විට නිවුටන්ලාගේ ගෝලයෝ විත් මෙහේ වැව් හදන අහෙටි අහසින් යන අහෙටි කියා දේ.අපට කවදාවත් ලොකයේ ඉදිරීයට එන්නට බැරිය.කවරදාක හෝ ඉදිරියට එන්න නම් අපගේ වූ සමාජීය දෙශපාලනික අධ්‍යාපනික ක්‍රමයක් ලොව අනික්වා පරදවා ගොඩ නගා ගත යුතුය.එවිය බොරු ගොලෝබලයිස් කන්සෙප්ට් එකෙන් අපට තැනකට එන්නට පුලුවන.
වර්ථමාන විශ්ව විද්‍යාලීය ශිෂ්‍යාගේ ගැටලුව මේකය අඩුම මේ කතාව තෙරුම් ගන්නට ඔවුනට පුලුවන් විය යුතුය.මේ අවුරුදු හතරක් විශ්වවිද්‍යාලයේ හරඹය කරන්නේ අවුරුදු දොලහක් උපදාවාගත් දැනුමෙන් හා අත්දැකීමෙන් මිස බහුතරයන් වර් ථමානීය අප්ඩෙට් එක්කින් නොවේ.කණගා‍ටුය ගල් ගුහාවක ජීවත් වූ ආච්චී කෙනෙක් අනේ මොකටද ගෙවල අපි හිටියේ ගල් ගුගාවල කියන එක මෙන් බත්කූරගේ කතාව කතා කරයි.අතීතකාමය පණ්ඩිත වූ යථාර්තය වන්නේ.බත්කූරා පැදවූ ලංකාවේ එක කොල්ලෙක් කෙල්ලෙක් හෝ එකෙන් කොප්ටරය නිර් මාණය කලා නම්ය එසේ නම් චින්තකයන් විදියට ලබන ලගාකරගැනීම එක් ලෙවල් එකකි.අප්ඩෙට් විය යුත්තේ වෙන උන්ගෙන් නොව අපේ දෙයකින් වෙන උන්ගෙන් අප්ඩෙට් වෙන තරමට අපට ඒවා දරා ගන්න අමාරුය.ඒ දරා ගැනීමේ අමාරුවේ ප්‍රථිපලය ලෙස අනේ ඒ කාලේ යන ගොන් බොරුවෙන් සැම විටම සෑම දේම සාධාරණී කරනය කර ගනී.
-මහේෂ් බී දහනායක
Read More

Thursday, August 2, 2018

මම ශිෂ්‍ය වීරයෙක් නොවෙමි




මම මැරෙනවා.
මන් මැරෙන්නේ මගේ සහෝදරයන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් රටේ තියන අයිතිය මේ අධ්‍යාපනය ක්‍රමය වෙන කිරීම වෙනුවෙන්.
මේ පවතින අධ්‍යාපන ක්‍රමයේ වැරද්ද අවබෝධ කරගනු පිණිස මාගේ මරණය හේතුවක් කරගන්න.
මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුත්තේ කෙසේද කියා මාගේ මිතුරන්ගෙන් විමසන්න.
ඒ ගැන මාගේ සහෝදර මිතුරන්ට පුලුල් අවබෝධයක් ඇති බව මා විස්වාස කරමි.
මාගේ මරණය විකුණාගෙන කන්න.
ඒ එක එකාගේ න්‍යාය පත්‍ර පුරවාලීමට නොව.මේ දුගද හමන සිස්ටම් එක ඇතුලේ ඇති අධ්‍යාපනය බුද්ධිමතුන්ට විවර කරලීම උදෙසා.එහි දුගද නැති කරලීම උදෙසා.
මේක මහා යල්පැනගිය ක්‍රමයක් මේක් එක එකාව මරගෙන එක එකා මත යැපෙමින් කිසිම තේරුමක් නැතිව ගලාගෙන යන්න හදපු ක්‍රමයක්.
උබට ඔනි ඉගන ගන්න මිසක් මේ මෝඩ ක්‍රමයක් ඇතුලේ දුවන්න නෙවේ.
මගේ මරණයේ වාසිය ගනිලා උබලා ඉගන ගනිලා.
උබලාගේ දැනුම, අවබෝධය ලඟා කරගැනීමට අවසි දේවල් වෙනුවෙන් මගේ මරණය විකුණාගෙන කන්න.
මම...
නැවත මම ශිෂ්‍ය වීරයෙක් නොවෙමි.




-මහේෂ් බී දහනායක
Read More

Wednesday, February 14, 2018



පලමු කොටස>>



කාලයකින් නැවතත් ලිවීමට ඉඩක් ලැබීම පිළිබඳව සතුටින් ලියන්නට පටන් ගනිමි.නැවත නවාතැන වෙනස් වී ඇත.කෙසේ නමුද දයාබර පාඨකය මේ ඔබ බලා පොරොත්තු වි සිටි සප්තකන්‍යා කදු තරණය ගැන මහේෂ් බී දහනායකයන් විසින් රචනා කරන ලිපියේ දෙවෙන කොටසයි.

පාන්දර සීතලේ අපි බසයෙන් බැස නොදන්නා හන්දියක දැන් සිටිමු.සියල්ල පසක දමා පාරේ වේල්ලක් අයිනට ගොස් අපගේ ඒ මහා බර නිදහස් කර ගත්තෙමු.දයාබර පාඨකය ෆෙමිනිසම් වලදි කෑ ගසා ඉල්ලන ඔවුන්ට කිසිදා නොදිය හැකි අපිට ඇති එකම නිදහස එයයි.පාන්දර ගමට යන බසය එන තුරු අප මේ සීතලේ සිටිය යුතුව ඇත.ඒ අස්සේ අපේ එක් ගමන් සගයකු තවමත් මඟය.කලින් කතිකා කොට ගත්පරිදී නයිට් මේල් එකේ ආවානම් එක්කෝ එකකි.දැන් කරන්නට දෙයක් නැත බසයේ පැමිණි මඟියකු කී පරිදී තව වංගු දෙක තුනකින් කඩයක් හමුවේ.ඒ බලා පොරොත්තුව හිතේ තියාගෙන අපි ගණ අදුරු සීතලේ ඉදිරියට ගැ‍ටුවෙමු.පාඨකය මෙන්න නැවත සීතලද අදුරද පහව යන මැජික් දර්ශණයක් අප නෙත් සනසාලන්නට විය.එතන විසාල ආලෝක බුබුලු වලින් ආලෝක මත් වී තිබුනි.පාර හරහා ඇද තීබූ විශාල බැනරයකි.කොනකට වන්නට කුඩා කඩයක් දුම් දමන රොටී පුච්චමින් තිබේ මේ පන්දර  අපට ඉන්දියාවේ චිත්‍රපට දර්ශන වල කඩ මතක් කරමින් වෙනමම ලෝකයකට  පැමිණියෙමු.හරි අපූරුවට තනා තිබූ කඩයේ වයිවර්ණවත් බව නිසාම එය ඩිස්නිලන්තේ කඩේ වශයෙන් අප නම් කලෙමු.උණු උණුවේම  පත :) එළවලු රොටී වල රස බැලූ අප කොපි කෝප්පයකින් සප්පායම් උනෙමු.සප්පායම අතරමැද කඩයට ආරංචියකි නයිට් මේල් එක පීලි පැනලා..අප නැවත මුනෙන් මූණ බලා ගතෙමු වෙලාවය අප නියම තේරීම කර තිබේ නැත් නම් ගමන අතර මඟය.කාටවත් තුවාල නැත විශාල හානියකුත් නැත.පැය එක හමාරක් පමණ කඩයේ කාලය කා දැමුවෙමු තවත් එතන සිටීම සුදු නැති බව අවබෝධ කරගත් නිසාවෙන් අප නැවත පාර දිගේ පහලට  සිටි තැනට එන්නට පිටත් විය  රණාද තවම පැමිණ නැත පහලින්  කොවිලක් පෙනේ මාගේ අදහස උදෑසන වන තෙක් එහි නිදා ගැනීමටයි එහෙත් ටනා අයියා ඊට අකමැති විය.එබැවින් ඊලඟ වංගුවේ ඇත කොවිලේ පරණ කොටස යැයි සිතිය හැකි ස්ථානයක  නිදා ගැනීමට නැතහොත් සීතලට නැවතී සිටීමට තීරණය කලෙමු.වසනාවකි කොවිලට යන්නට කලියෙන් තවත් කුඩා මඩුවක් හමුවිය අප එයට ගොඩවිය බිම සිමෙන්ති අතුරා ඇති බැවින් එහි සීතල කියා නිමකල නොහැක..එත් මේ වෙලාවේ එළියේ සිටිනවාට වඩා එය දව්‍යලෝකයකි.යකෝ මේ තේ කොල එකතු කරන තැනක්.කීවේ කවුදැයි මතක නැත.කොළඹ සිට බසයේ සිටගෙන පැමිණ මා හෙම්බත් වී සිටියෙමි.මාගේ බැගය කොට්ටය ලෙස තබා සීතල සිමෙන්තියේ  දිග ඇදුනෙමි.මා සමඟ තව කවුදෝ ඇල උනා මතකය උදේ ටනා අයියා කෑ ගහන පාරට එක පාරට ඇහැරුණ එක විතරක් මතකයේ ඇත.ඕයි නැගිටපන් මිනිස්සු ඇවිත්.ම්ම්..කො රණා නැද්ද තාම නෑ බන් මට නින්ද ගියේ නෑ බස් දෙක තුනක් ආවා මිනිහා තාම නෑ..මහත්තයෑල මෙතන නින්ද ගියා..දත් තිස්දෙකම පෙන්නා හිනා වුන අප අවුලක් නෑ කිය ඔහුන් ඇසු අනෙක් ප්‍රශ්න වලට උඩින් පල්ලින් උත්තර දී පාරට ආවෙමු.

තව විනාඩි පහලොවකින් ගමට පිටත්වන බසයද පමිණේ .කාලකන්නි රණා තවමත් නැත.වැදූ මවුට පිං දෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී ඔහු පමිණි බසයකින් බැසීය.මේ හෝල්ට් එකෙන් නගින්නට බැරිය  මේ මිනිසුන්ට දාහක් ප්‍රශ්නය බසය පැමිණෙන තෙක් පාර දිගේ ඇවිදගෙන ගියෙමු.පාර හරිදයි එක දිගටම සැවටම ගැටලුවකි බසය ප්‍රමාදය..ප්‍රශ්ණය පසක දාමා ඉස්සරහින් ඇති කන්දට මීදුම් අතර හිරු එළිය වැටෙන අපූරුව වින්දෙමු.බසෙක එනෝ..කිටා ජිවිතේටම ගෙනා සුභ ආරංචිය එය පමණක්ම වන්නට ඇත.අප යන ගමන මිනිසුන් දැන ගන්නවාට හිත අකමැතිය.කාලයකින් කන්ද තරණය කරන්නට යන කණ්ඩය අපිය කට වරද්දා ගැනීමෙන් උත්තර බැදීමට සිදුවන ප්‍රමාණය අති විශාලය.හොර රහසෙම  නෝර්ටන් බ්‍රිජ් වලට ටිකට් අරගෙන පරිසරට ඇස් දෙකෙන් බොජනය කිරීම ආරම්බ කලෙමු.පස් දෙනාමා ජනෙල් වල එල්ලීගෙන එලිය බලාගෙන යමින් සිටියෙමු.නෝර්ටන් බ්‍රිජ් වල අපට කල යුතු විශේෂිත වූ කාර්ය්‍යක් තිබේ.මේ ගමනේ අවැසි සියලු කෑම කලමණා මිලදී ගනීමයි.සුදානම් ආහාර ප්‍රමාණයට වඩා ආහාර සලාක දෙක් වැඩිපුර අපගේ ගමනේ සූදානම් කර ගතෙමු.

ජිවීතයේ  ගෙවීම මහා පුදුමාකාරය ලිපිය  ලියමින්සිටියදීම නතර විය.නැවත ලියන්නට සිත්විය.මෙය කෙසේ හෝ ලියා අවසන්කල යුතුව ඇත.ඒ මාගේ උවමනාවටය.දැන් වේලා පාන්දර දෙකට ආසන්නය.මේ ලංකාවට මහා අපූරූ කාලයකි වහලයෙන්ද බිත්තියේ එලියෙන්ද මාහා වරුසාවක හඩ මට ඇසේ පාල අයියාට එකේ ගානක් නැත ඔහු හොද නින්දකය.නින්ද පැත්තක දමා පාඨකය ඔබට මා නැවත ඒ කතාව කියමි.

අවසන් වරට ඔබට මතක ඇත මා නෝර්ට්න් බ්‍රිජ් වලන් බඩු මිලදී ගත් හැට්.අපි නැවත බස් රථයේ නැගෙගෙන අපගේ ගමනාන්තය වෙත ගමන් කරන්නට විය.

නැවත වරක්

"නෑ මචං ඔන්න බලපන් ට්‍රේනින් ගියාම අ අහපු බ්ලොග් එහෙම ලියන්න වෙලාව එනවා." ඒ ටනා අයියා එක් දිනක් මොර‍ටු විශ්ව විද්‍යාල පරිශයේ මා සමඟ පිලිසඳරක යෙදී සිටියදී මට කී කතාවකි සැබැවින්ම ඔහුට ඔල්මාදය නැතහොත් ඔහු තරමට මාගේ ට්‍රේනින් ජීවිතය මා නිදහසක් නොවිදී.උදෑසන නැගිට බසයකි තෙරපි යද්දී නම් දහස් ගනන් කවි සිතුවිලිද නනා ප්‍රකාර අදහස්ද නොයකුත් මාතෘකා ගැන ලංකිය මතබේදාත්මක වූ ප්‍රකාදයන් ගැන වූ විචාරයද සිතට නැගේ ඒවා මනසින් විසදයි.නැවද දවස නිමවී බසයේ සටන් කරමින් යුද්දයක් අවසන් කල සෙබලකු සේ බසයෙන් කැම්පස් එක ඉදිරිපිට බැස බෝඩිමට විත් දවස නිම වේ.නැවත දවසක් උදා වේ අමාරුවෙන් නැගිට  ඒ චක්‍රයේම කැරකේ අමාරුවෙන් ඒකාකාරී චක්‍රය කඩා ගත්තත්  එහි  ලියන්නට වෙලාවක් වෙන් කර ගන්නේ බොහෝම අමාරුවෙනි.කම් නැත මා හිතවත් පාඨකය මේ එසේ ලියන්නට සාදාගත් වේලාවකි ඒ නිසාවෙන් සප්ත කන්‍යා කතන්දරයේ ඊලඟ  කොටස මෙසේ ලියන්නට පටන් ගනිමි.

නැවත බසය ගමන් ඇරබිය දැන් නොර්ටන් බ්‍රිජ් වල සිට අපගේ අවසාන ඉලක්කයට ලඟාවෙන ගමන මෙයයි ටික වේලාවක් ගත විය කොන්දොස්තර මහතා අපගේ ගමනේ අරමුණ දැන ගත්තේය.ඔහු දැන් ඩ්‍රයිවර් උන්හැහේ දැනුවත් කරයි වාසනාවකි ඔහු කදු පාමුල ග්‍රාමයේ වාසය කරයි.සියල්ල මෙසේ සිදුවෙමින් තිබියදි අප නිහඩය මේ කතාවෙන් උවද ගමන නැවතෙන්නට පුලුවන් නිසාවෙන් නිහඩව සියල්ලා අසා සිටියෙමු එක් වරම මහා හාස්කමක්ය"මේ මල්ලිලා මෙයා ගිහින් තියනවා විස්තර දැනගන්න පුලුවන්"අපි දිය යුත්තේ කුමන පිලිතුරක් දැයි අපට සිතාගත නොහැකිව අප නිහඩ වූවෙමු.මන්ද අප සතුවූ දැනුම නම්  සිතියම් වලින් හා කලින් ගිය ඔවුන්ගේ කතා වලින් ලද විස්තරයි.කන්ද ඔන්න මෙන්න කියා තිබියදී මෙවන් මිනිසෙකු දෙවියන් ගෙනත් දුන්නා වැනිය.ඔහුගේ අත්දැකීම් බොහෝමයක් ඔහු අපට නිර්ලෝභීව බොදා දුනි.ඔහුකී තවත් ගමනක් ගැන සිත ආසාවෙන් පිරී ගියත් කරන්නට දෙයක් නැත මේ ගමනේ අරමුන වෙන එකකි.අවාසනාවට ගාමනේ උනුසුමෙන් සිටි අප හට ඔහුගේ දුරකතන අංකයක්වත් ඉල්ලා ගැනීමට නොහැකි විය.
අන්න කන්ද පේනවා..එක්වරම අපේ නඩයේ එකෙක් කෑ ගැසු අතර  අපි සෙල්ලම් බඩුවක් දැක ඒ දෙස ආදරයෙන් බලා සිටිනා පොඩි උන් රුලක් මෙන් විදුරු වලින් එල්ලි එදෙස බලා සිටියෙමු.ඔවුන් සත්දෙනා ඉතා ගාම්භීරව සිටගෙන සිටි අතර මීදුම් වලාවක් කදු මුදුන් වසා පැතිර තිබුනි.එක්වරම දුවගෙන ගොස් මැදින් මේ ආඩම්බර කාර කන්ද නැගිය හැකි නොවේදැයි සිතට දැනුනත් කලින් ගියවුන් පලතුරු පූජා දී ඉතා ආදරයෙන් නැගි කන්ද නොවේද මේ සිතා මා මගේ සිත පරිස්සම් කර ගතෙමි.අපට උවමනා වූයේ පලමු කන්දට නගින්නටය ඒ සඳහා අප දන්නා පරදී සෑහෙන දුරකට යාමට අවශ්‍ය වුවත්  බස් එකේ ඩ්‍රයිවර්ගේ අදහස වූයේ ඊට වඩා ලෙසියෙන් මේ පැත්තෙන් පලමු කන්දට නැගිය හැකි බවත් අනික් පසින්  ගියොත් සැහෙන දුරක් නිකරුනේ යාමට සිදුවන බව ඔහු පැවසුවාය.තීරණයක් ගැනීම අප සතු වන බැවින් ඔහුට ස්තූති කර ඔහු කියූ කඩය අසලින් බැස ගත්තොය.දැන් විස්තර අහන්නට බැරිය පලමුවෙන් ගමන පැත්තක දමා කඩයේ තිබූ  ආප්ප සියල්ලට වග කියන අතර තුර කඩයේ මාමාටද නැන්දාටද නොදන්නා ගානට අපගේ අරමුණ පැහැදිලි කරන විටම "අප්පේ ඕකේ නම් යන්න බෑ මන් ගිහිල්ලත් නෑ අන්තිමට ගිහිල්ලා අතර මන් උන අයත් හොයා ගත්තේ ඔය පහල ගෙදරක ඉන්න කෙනා එයා දන්නවා ඕකේ පාරවල් තනියම නම් යන්න බෑ ඕකේ අලි ඉන්නවා නේ." අපගේ ආප්ප කැමේ වේගය අඩුවිය.ගමනට පලමු කොස්ස වැටිනි සල්ලි දී ගයිඩෙක් සමඟ නම් යා නොහැක. " මේ මහත්තුරු කොයි යන්නද? අහ් බලහන්කෝ මේ කන්දට යන්න හදන්නේ..මහත්තයා පොඩ්ඩක් එන්නකෝ ඔහොම කිය කිය ගියොත් නම් ගමෙන් උඩට යනන් වෙන්නේ නෑ..අයියේ අපිට පලවෙනි කන්දට නගින්න ලේසිම තැන මොකක්ද ?වටෙන් ගියොත් නම් සැහෙන වෙලා යනවා මඩුව ගාවින් ලඟයි.අවශ්‍ය කලමනා ඔක්කොම ගත්තැයි.තව මොනවා හරි ඕනි නම් ගන්න ඔක්කොම මෙතනින් අරන් එන්න මන් පෙන්නන් නම් යන තැන.මත්තයාලා ආපු කාලේ හොද නෑ නැත්නම් ඕක එච්චර අමරු නෑ මේ කාලේ කූඩැල්ලොත් ගොඩයි මොනවා හරි ගත්තාද ඕකුන්ට...හහ් ඒක නම් ගානක් නෑ අයියේ මොකෝ හෝටලයකට යනවා නෙවේ නේ..හහ් එන්නකො මන් දෙයක් දෙන්නම් ගා ගන්න"







Read More

Tuesday, September 12, 2017

පස්වන වතාවටත් මේ කථාව පාඨකයා ඔබට කියා දැමීම උදසා ලිවීම ආරම්භ කලෙමි.මෙය අමතක කතාව අමතක වෙයි කියා බයක් නැත.නමුත් මේ කථාව ලිවිය යුතුයයි සිත කියන නිසාවෙන් නැවත වතාවක් ලියන්නට උත්සහ කරමි.




"අවුරුදු ගණනාවක බලාපොරොත්තුව සපත කරගැනීමට ගිය ගමනක් වුවත් ත්‍රාසය, භීතිය, කුතුහලය, කවදාවත් නොලබන අත්දැකීම"

11.45ට තව සුලු වේලාවක් ඉතිරිව තිබූ නිසා හැකි ඉක්මනින් ලක ලෑස්ති  වී කිටා සමගින් ප‍ටුවත හොස්ටල් එකට ( ප‍ටුවත - මොර‍ටු විශ්වවිද්‍යාලයේ පිරිමි නේවාසිකාගාරයක්)  දිව ගියෙමු.අවුරුදු ගානක් යන්නට උත්සහයෙන් සිටි ගමනක් සැබෑවට පත්වෙමින් තිබේ.ප‍ටුවතින් අප සමඟ එකතු වන සගයා වූයේ කබා අයියායි.වෙනදා නම් වෙලාවටත් කලින් ඔහු දුරකථන ඇමතුමක් නොවරදවාම ලැබේ.අද වෙලාවත් පසුවී ඔහුගෙන් ඇමතුමක් නැත.මේ ගමන අවුරුදු ගනනක්  බලා සිට පිටත්වන්නට ඔන්න මෙන්න තියෙද්දිත් ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත."කෙල්ලෙක් හම්බුනාම කොල්ලෝ වෙනස් වෙන්නේ නැ කියනවා නම් කණට දෙකක් ගහලා පයින් එක්කුත් ගහලා කබා පෙන්නපන්."එ කියන්නේ පුන්කට් අයියායි.හැබැවකි අද ඇමතුමක් නැත ඒකත් කමක් නැත ඔහු පරක්කුය.ඔහු ඒ ගෑණු ලමයා හා හාද වී සති දෙකක් වත් ඉක්ම ගොස් නැත.කමක් නැත රුමට ගොස් ඔහුද කැදවාගේන අපි තුන්කට්‍ටුව.කොලඹ කො‍ටුව බලා ගියෙමු එතනදී අපට එකතුවන තවත් ගමන් සඟයෙක් සිටි ඔහු නමින් ටනා ය නැතහොත් ටනා අයියාය..12.30ට පමණ කො‍ටුවට ලඟා වූ අපගේ ඉරණම ඉතාමත් ශෝක ජනක විය.කරුමය යනු අප පිටත්ව යාමට සූදානම් වු බස් රථය ඉදගැනීමට කෙසේ වෙතත් හිටගෙන යාමටවත් ඉඩක් නොමැත.සීටිබි සිහිනය අතහැර ප්‍රයිවට් බස් සොයාගෙන ඒ දෙසට ගියත් මේ යක්කු ගස් නගින අලුයම අපට සෙනඟ නොමැති බස් රථයක් සොයාගැනීමට නොහැකි විය.නැවත සීටිබී බස් රථය දෙසට යන විට ටනා අයියා එතනට පැමිණ සිටියේ අලුත් බැග් එක්කුත් කරලාගෙනය.තවමත් අපගේ ගමන් සගයන් සම්පූර්ණ නැත , තවත් එක් සගයකු කණ්ඩායම සම්පූර්ණ කිරීමට අවැසිය ඔහු නමින් රණා අයියාය.ඔහු ගමනට එකතු වන්නේ අවිස්සාවෙලේදීය.ඊලඟ බස් රථය පිටත් වන්නේ උදෑසන 5.30ටය අපට එතෙක් බස් ස්ටෑන්ඩ් එකට වීසිටිය හැක නමුද ගමන පමා කල නොහැක.මිනිසුන් දෙතුන්දෙනකුගේ කකුල් පාගා අමාරුවෙන් අප හතර දෙනා බසය තුලට බඩගා ගතෙමු.

කන්දක් නැගීමට යන ගමනක් නිසා නින්දක් අත්‍යවශ විය.ඔන්න ඕකයි කීවේ නයිට් මේල් එකේ යමන් කියලා එකෙකු පවසයි.දැන් කරන්නට දෙයක් නැත.කුම්බලා මාලු කැවා නම් කීවලුනේ.අපි හිටගෙන නිදාගන්නට උත්සහ කලෙමු.උත්සහය අති සාර්ථකය අවිස්සාවෙල්ලේ මොන මඟුලක් හෝ වී ගමනේ අවසාන සඟයා බස් රථයට න්ග්වා  ගත නොහැකි විය.ඔහුව මඟ දමා අපි යන්නට ගියෙමු.ඔහුට ඊලඟ බස් රථයට නගින්නට කියා අපි නැවත හිටගෙන නිදා ගතෙමු.මිතුරුකම කෙතරම් සුන්දරද කියනවා නම් හිටගෙන නිදාගෙන සිටි මා එක්වරම නැගිටින විට බස් රථය නවත්වා තිබුනි  මා සඟයන්ද අවට පෙනෙන්නට නොසිටියාය.බලන විට බස් රථය තේ පානයට නවත්වා තිබූ අතර මා මිතුරු සඟයන් එතන කඩයට වී තේ  බොමින් සිටියාය.ඔවුන් මා හට කෙතරම් ආදරේද යත් ඔවුන්ට හිටගෙන නිදා සිටි මාව ඇහැරවන්නට හිත  දී තිබුනේ නැත.නමුත් මා නැතිව අමාරුවෙන් ඔවුන් තේ පානය කරයි නොදකින් මෙවන් මිතුරන් කියා බිත්තර ආප්පයක්ම මා කන්නට ගතෙමි මිතුරු ප්‍රේමයේ උත්කෘශ්ඨ අවස්ථාව නැවත උදා විය.බිත්තර ආප්පය ද මට බෙදා ගෙන කෑමට සිදුවිය.

" මෙයාම කියලා මෙයාම කඩනවා නේ මොනවා  කරන්න ද කමු ඉතින් "ඒ කිටාය , මං මොනවාද බන් කීවේ? ඇයි කීවේ සුදාර අයියලා ඔය කන්ද නගිද්දි බිත්තරයක් වත් අරන් ගියේ නෑ කියලා.ඉතින් බන් මන් කීවේ ඒ මිනිස්සු අරන් ගියේ නෑ කෑවෙත් නෑ කැලේට ගියෙත් පලතුරු වට්ටියක් එහෙම තියලා මීට අවුරුදු ගානකට කලින් කියලා.ඉතින් ඒක තමයි මන් කීවේ ඒ කිටාය.ඔව් ඉතින් අපි කතා උනේ නෑ නේ අපි එහෙම කරනවා කියලා.අපි හිතුවේ එහෙම කරනවා කියලා දැන් මොනවා කරන්නද බිත්තර නෙවේ නේ බිත්තර ආප්ප නේ අපි බිත්තර නොකා බිත්තර ආප්ප කෑවෙමු.පාඨකය ඔබ දන්නවාද අපි මේ නොකියා යන්නේ කොහේද කියා ඔව් ඔබ දන්නවා නේ මොකද මන් උඩින්ම ලොකුවට ලියලා තියනවා නේ මාතෘකාවක් කියලා එකක්.තේක බිලා බස් එකට නැග්ගාට අහපු හිරවෙලා යන්න හිතක් තිබ්බේ නැති නිසා ඉස්සරහා දොර ගාව ඉන්න අන්තිමේට නැග්ගා කොහොම හරි හිරවෙලා යන්නේ නැතිව නිදහසේ හුලං ටිකක් වදීගෙන ඩ්‍රයිවර් එක්කයි කන්ඩෙක්ටර් එක්කයි කයිකක් දාගෙන යන්න චාන්ස් එකක් ලැබුනා.ටික වෙලාවක් යද්දි අහපුන් නිදිමත උඩ පැනගෙන පහර දෙන්න පටන් ගත්තා.මොනවා කරන්නද හිමීට පාත් වෙලා දොර ගාව පඩියේ ඉදගෙන නින්දත් නොනින්දත් අතර ඉද්දි එක පාරට "නයිට් මේල් එක පීලි පැනලා"නිදිමත නිමා විය.නැගිට ඩ්‍රයිවර් සමඟ කතා කොට ඒ ගැන වැඩි දුර වැඩි දුර තොරතුරු  සමඟ ඩේටා බේස් එක අප්ඩේට් කර ගතෙමි.වාසනාවකට කිසිදු ජීවිතයකට අනතුරක් වී නැත.මේ වන විට අප වීරයන්ව වී  සිටී අපි නයිට් මේල් එකේ ආවානම් මේ වන විට ගමන අතර මඟ නැවතී තිබෙන්නට පුලුවනි.ඒත් හිරවී හිටගෙන නිදාගෙන පැමිනීම දැන් අපගේ වාසියටද වාසනාවටද හැරවී තිබුනි.දැන් අප වීරයන් වී සිටී.බහින්නට හිතාගෙන ආ ටවුමද අපගේ ගමනාන්තයද ඩ්‍රයිවර්ට පැවසුමි.ඔහුට අනුව බැසිය යුත්තේ අපගේ අරමුණ වූ ටවුමට පසුව හන්දියෙනි ඔහුට අනුව ඒවිට අපිට එන වාහනයක් අල්ලාගත හැකි අතර ඒ එක්ක නැගී ගමනාන්තයට ලඟාවීමට හැකිවනු ඇත.අපගේ අරමුණ වූ ටවුමෙන් බැස්සොත් අපගේ ගමනාන්තය උදෑසන බසය පැමිනෙන තෙක් ප්‍රමාද කිරීමට සිදුවනු ඇත.ඒ නිසාවෙන් කරන්නට දෙයක් නැත අප ඩ්‍රයිවර්ගේ උපදෙස් අනුගමනය කරන්න තීරණයකට පැමිණියෙමු.අපගේ කතාව කණ වැකුනු බස් රථයේ කිහිප දෙනකුම එක්වී උපදෙස් දෙන්නට පටන්න් ගත්හ, මෙය අමාරුම අවස්ථාවක් බැව් බොහෝ අවස්ථාවල අත්දැකීම් ඇත එමෙන්ම මේ ගමනේදී මෙය ඉතා කරදරකාරී දෙයක් වනු නොවනු මාන මක් නිසාද යන.බොහෝ අතරමං වීම් ගනනාවකට පසු අප දන්නා පරාසය තුල මේ කන්ද නැගීමට යන පලමු කණ්ඩාම අප  වීමයි.සැමටම ඔලුව වනා.අදාල හන්දියෙන් බැසගතෙමු.
      දැන් තවත් අමාරු කාර්‍යයකින් පසු නැවත ඊලඟ යොමුවට යොමුවී ඇත.කරනා කිහිපයක්ම තිබුනි.රණා අයියා තවමත් පැමිණෙමින් සිටිම.කිහිප දෙනෙක්ට සැදී ඇති අධික කුස ගින්න , සීතල චූ බර හා තවත් ගමනේ බොහෝ දුර යාමට තිබීම ඒ අතර ප්‍රධාන කාරනා විය...


ඔබ තවමත් සිතනවා ඇත්තේ රචකයා කොහි යන්නට ඇත්දැකි කියායි.පාඨකය අති සුන්දර දෙවන කොටසින් හමුවෙමු.මේ සප්ත කන්‍යා කදු වැටි තරණයේ ඩිජිටල් සටහනයි....










Read More

Thursday, August 10, 2017




මිනිස් කම් විකුණන මිනිස්සු..හෙලිදරව්ව
විඳිනු රිසි කියමින් දුව පෙන්නා අම්මා දෙන රිසී..තවත් කථාවක්..
මේ කථාවට හේතු උත්පාදකයා වන්නේ..මිනිසුන් කණ්ඩායමකට ගොම්බනියා කන්දට නැග්ගුවා යැයි බොරු කියා ඔවුන් ආසන්න කදු ගැට්ටකට නග්ගවා මුදල් ‍රැස්කරගත් පිරිසක්ය.
කතාව මෙසේය ගොම්බානියා යාමට තිබූ ආසාව අද ඊයේ තිබූ එකක් නොවේ ඒය නගින්නට ගමේ උන් එක්කත් පාසලේ උන් එක්කත් කවින්ද ඇතුලු පිරිසත් සමඟත් අවුරුදු බර ගානක් සිට ගැසූ පෑලෑන් මොකක් හෝ හේතුවක් නිසා මඟ හැරී ගියාය.අවසානයේ දී මේ ලගදී නැවතත් අසංක අයියාගෙන් ලැබුනු ඇමතුකින් ඒ සිහිනය පණ ගැහුණි.
මේ සති අන්ත්යේ කොහේ හරි යන්ද ?
යමු..හැබැයි මගේ හයිකින් බඩු ඔක්කෝම කැම්පස්
එකේ..කමක් නෑ ගෙදර ඉන්නේ යමු..
කොහේද?
ගොම්බානියා යමු..
යමු..මන් කබාටත් කියන්නම්..
එල තව දෙන්නෙක් විතර ඇති සෙට් වෙමු එහෙනම් අනිද්ද උදේ 7 වෙද්දි වත්තේගමට
ඇමතුම එතනින් නිමා විය ගොම්බානියා කන්ද නැග නොතිබුනත් මා ඒ වටේටම කරක් ගසා තිබුනි..එම නිසා මා සතුව තිබූ පරණ සිතියමක්ද සූදානම් කර ගත්තේ ගමනේ උපරිම පල නෙලා ගත යුතු යැයි සිතී නිසාය..නැවත ඇමතුමකින් අසංක අයියා මා දැනුවත් කලේ විශ්ව විද්‍යාලයේ සිදු කරන නිබන්ධනයකට අශ්‍යය කරුණු ටිකක්ද ගමනේදි ‍රැස් කල යුතු නිසා ෆොරස්ට් ඩිපාට්මන්ට් එකට ගොස් කැලයට ඇතුලු වීමට විශේෂිත අවසරයක් ද ලබා ගත් බවය..මේසේ සූදානම් ඌ ගමන අවසානය වන විට ඉතුරු වී සිටියේ අසංක අයියා සහ මා පමණි නොයකුත් හේතුන් නිසා අනෙක් අයවලුන් ගමන ඇතහැර දමා තිබුනි..
එදින වත්තේගමට ගොස් හුලු ඟගේන් පොඩි ටවුමෙන් අපි දෙදනා බැස්සේ අලකොල ස්ටේට් එක දක්වා පයින් යාමේ අරමුණිනි.කෝකටත් කඩයකට ගොඩවී අවශ්‍ය කලමණා මිලදී ගද්දී අලකොල ස්ටේට් එක දක්වා යාමට ත්‍රීවීල එකක් කීයක් ගන්නවා දැයි විමසිය.රුපියල්.900ක ගමනකි..අප දෙදනා මුනෙන් මූණ බලා ගත්තෙමු මන්ද ඒ ඩෙංගු කියා විශ්ව විද්‍යාලය වසා තිබූ කාලයයි.අප දෙදනා ගාවම තිබුනේ හරි අරපරිස්සමට පාවිචි කිරීමට මුදල් ටිකකි.අප දෙදනාගේ අරමුණ කන්ද මුදුනේ කදවුරු ලාගෙන සුදු ගෝනා බලා ගැනීමටයි..
ත්‍රී වීල් එක්ක සිහිනය හැරදාමා කකුල් දෙකට පිංදීගෙන අපි දෙදනා පයින් ගැ‍ටුවෙමු..අවසානයේ අලකොල ස්ටෙට් එකේ ප්‍රධාන ගෙට්‍ටුව ලඟට පැමිණියෙමු.
"මහත්තයාලා කන්ද නගින්නද?"
"ඔව් අංකල්"
"එහෙනම් මේ පොතේ නම් ගම් ලියලා යන්ට අපේ මහත්තයා මට කියලා තියෙන්නේ.."
"අහ් අපි ලියන්නම්..හරී අපූරු වැඩක් නේ අංකල් මේක..මේ වගේ පොතක් ලිව්වාම එක මාර වටිනවා කන්ද නැගපු අයගේ ලිස්ට් එකක් හැදෙනවා..දැන් කොචර කල්ද අවුරුදු ගානක නම් ගම් තියනවා ද?"
"අනේ නෑ මහත්තයෝ..දැන් ටික කලයයි..පටන් අරන්.."
"අපි පොඩ්ඩක් බැලුවට කමක් නෑ නේ"
"අනේ කමක් නෑ මහන්තයෝ"
"ඔයාගේ සර් හොද වැඩක් කරන්න කියලා තියෙන්නේ.අපි අගේ කරා කියලා කියන්න..අපි එහෙනම් හිගින් එන්නම් අංකල් අපි ආය හෙට එන්නෙ"
"හරි මහත්තයෝ පරිසමට ගිහින් එන්න"
(මේ කථාවට අවසි ටිකක් පමණි මිට වඩා තවත් කරුණු ඔහු සමඟ සාගජ්ජා කලෙමු මේ පොස්‍ටුවට අදාල මේ ටික පමණක් සදහන් කලෙමි.)
එතනින් පිටත් වූ අප දෙදනා වෙලාව කෙමෙන් ගෙවී යන නිසා ඉකමනින්.නැවතත් ගමනේ යෙදෙන්නට විය.අතර මඟදී සූ සූ සද්දයක් හැරී බැලුවෙමි..තරුණයකු අත වනයි ..ඇයි අයියේ..මල්ලී පොඩඩක් එන්න..අපි සමීපයට ගියෙමු.
මල්ලි මේක තමයි මේ ස්ටෙට් එකෙ ඔ‍ෆිස් එක මෙතනට කියලා යන්න ඕනි උඩට යනවා නම්...අහා හරි අපි අහල නම් දැනුවත් කලා..
ඔහු තවත් වයස 28-33 පමණ පුදගලයන් දෙදනකුට අපව හදුන්වා දුන්නා.මල්ලි මෙතනින් යනවා නම් අපිට රුපියල් 500 ගෙවලා යන්න ඕනි..අහ් අයියේ අපි යන්නේ අයියලාගේ වත්තේ නවතින්න නෙවේ ගොම්බානියා කන්ද නගින්න..අහ් එහෙම බෑ 500 ක්ගෙවන්න ඕනි ඔවූහු පවසයි..
අප දෙදනා තවත් ගැටලුවකය..අප යන්නේ කැලයට බව ඔවුන්ට තවත් වෙලා ගෙන පැහැදිලි කලෙමු..
දැන් ඔවුන් එය පිලිගනී...
අයියේ එහෙනම් මෙතන ප්‍රධානියා අපිට හම්බ වෙන්න බැරිද අපි පොඩ්ඩක් කතා කරන්නම්..දැන් මේ පැහැදිලි කීරීමට පැය බාගයක් පමන විනාශ වී හමාරය..අපට සල්ලි නැත ඒ නිස ඔවුට අපගේ බලය පෙන්වීමට අප කතිකා කර ගතෙමු.
අයියේ අපි මොර‍ටුව කැම්පස් එකේ මේ තියෙන්නේ අපේ ID අපි යන්නේ කැම්පස් එකෙ පොඩි රිසර්ච් වැඩකටත් එක්ක.
එහෙම කොහොම යන්නද සල්ලි දීලා යනව මෙතනින් යන්න ඕනි නම්..
මගේ සීමාව ඉක්මවීය.."මේක රජ්‍ය ආයතනයක් නේ ඔයා කොහොමද එහෙම සල්ලි ඉල්ලනේ අනික මේ පාරෙන් යන්න උඩ ගමේ මිනිස්සු යන්නේ ස්ල්ලි දිලද?සල්ලි තියනවා නම් පහල ඉදලා ත්‍රී වීල් එක්ක එනවා එහෙම ආවානම් ඔයාලාට පෙන්නේ නෑනේ නේද?"
ඔහු තවත් කෙනෙක්ට කථා කර අපේ ID පෙන්වා.මෙන්න මෙයාලට මහත්තයාට කතා කරන්න ඕනි කියලා කියන්න..
කාලය ගෙවීයයි...අංකල් අපි ආවේ කන්දට යන්න දැන් පැයක් විතර මෙතන.පුලුවන්ද කෝල් එකක් අරන් ඔයාගේ ප්‍රධානියාගෙන් අහන්න..
ඔහු ඇමතුමක අපිට එය අහෙන්නේ නැත.නෑ යන්න එපා කීවා..සල්ලි නැත්නම් අහපු හැරිලා යන්න කීවා..
අනික ඔයාලට ඕනි විදියට කැලේට යන්න පුලුවන්ද?
දැන් අපි ඉලඟ වෙඩී උන්ඩය පත්තු කලෙමු.මේ තියෙන්නේ මේ අපි ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකෙන් අරන් ආපු ලියුම..දැන් වත් යන්න දෙනවා ද?අපි යන්නේ කැලේට ඔයාගේ වත්තට නෙවේ..
බැ යන්න දෙන්න බෑ...සල්ලි දිලා යන්න..ඇයි ඔයාලට සෙම්බුවත්තට යන්න ටිකට් ගන්න වෙන්නේ ඒ වගේ තමයි..
හරි සෙම්බු වත්තට යන්නේ සෙම්බු වත්තේ තියන දෙවල් බලන්න මිසක් එතනින් උඩ තියන කැලෙට නෙවේ.අනික පොඩ්ඩක් පෙන්නනවාද?ඔයාලා මේකට සල්ලි ගන්න පාවිචිචි කරන පොත..
ඔයාලා තමා පලවෙනි කට්ටිය අපී තාම පොතක් හදලා නෑ..ගිය සතියේ දෙතුන් දෙනෙක් 60ක් විතර එක්කන් ආවා..ඒ අය ආව නිසයි අපේ මහත්තයා කීවේ පොතක් හදන්න කියල්ලා.කෙල්ලෝ කොල්ලෝ ගොඩක් නිසා මහත්තයා හිතලා ඉසරහටත් හොදට කට්ටිය එයි කියලා (ඒ පැමින තිබුනේ විඳිනු රිසි කණ්ඩායමයි)
අප දෙදනා මූනෙන් මූන බලා ගත්තෙමු..අප එලියට පැමිණියමු..ඒ වන විට එහි සියලු සේවක සේවිකාවන්ගේ අවදානය අප දෙදනාට යොමු වී තිබුනි.
කෙටි සාගජ්ජාවකින් පසු නැවත ඇතුලට..
අංකල් අපි ගාව සල්ලි නෑ තිබ්බා නම් අපි ත්‍රී විල් එක්ක යනවා.ඔයාට ඕනි කැම්පස් එකේ මේ රිසර්ච් එක බාරව ඉන්න කෙනාට කතා කරන්න හදලා දෙන්න පුලුවන් ඔයලාගේ සර්ට..ප්ලිස් මහත්තයො කොල් එකක් දෙන්න අහඔඋ අපිට කාලය වටිනවා.අපිට ඔයාලගේ වත්තේ ඉන්න ඕනි නෑ.අනික අපි ගාව ඕනි සියලු අවසර ලිපි තියනවා..
නැවත බෑ මහත්තයා සල්ලි ගන්න කියනවා
අප දෙදනාට මේ වන විට අවසාන අන්තයටම කලකීරීම සමඟ තරහ විත් තිබුනි..
සල්ලිද ඕනි.සල්ලි දෙන්නම් යද්දී අහපු දෙනවා ද අපි දෙන්නට මොකද මේ යන්න තියන සල්ලි..
බෑ එහෙම බෑ සල්ලි ඕනි..අර කටිය ගොඩක් එක්කන් ආවේ ඒ වගේ ඉසාරහටත් ගොඩක් ආවොත් මේ තැන දියුණු කරගන්න පුලුවන්..ඒ නිසා සල්ලි ගන්න ඕනි..
එතකොට මේ ලංකාවේ කදු වටේ තියන ඔක්කෝම් ගමුයි වතුයි ඔය සල්ලි ගන්න එක කරන්න ගියොත් මේ නිදහස් ලංකාවේ නිදහසෙ ඇවිදින්නේ කොහොමද අංකල්..එතකොට මෙ උඩහ ගමේ මිනිස්සු යන්න සල්ලි ගන්නවා ද ඒ අයගෙමුත්
ඒවා වැඩක් නෑ සල්ලි දිලා යනව නම් යන්න..
මේ පාරෙන් යාමට මුන්ට සල්ලි දිය යුතු නැත දැනටමත් වෙලාව නිරපරාදේ විනාශ වී ගොසිනි..කොහේදෝ යන මොඩ ‍රැලක් නිසා මෙ මිනිසුන්ගේද අමනුස්ස ගති මතු වී ඇත..කරන්නට දෙයන් නැත කාලය වටින නිසා..අප සතු වූ එකම රුල්පියල් 500 උන්ට පුජා කල එතනින් එලියට පැමිණ ගමන ආරම්භ කලමි.ගෙදර යන්නේ කෙසේද යන්න අපිට ගැටලුවක් නොවීය අපිට එකම ගැටලුව වූයේ කන්දට වෙලාවට යා හැකි දැයි යන්නයි..
01.වඩුගොඩපිටිය මහත්මයානණි ඔබ මෙය නොදකිනවා ඇත.නමුදු ඔබගේ අනුදැනුම මත අප මෙසේ අසධාරණයට ලක් වුයේ.ඔබ පාලනය පවතින ඔබගේ කාර්‍යලය තුලයි.අපි ඊට අදාල පියවර ගනු ඇත.
02.ලොක්කා ඉන්නේ කොළඹයි මේ ඔ‍ෆිස් එක වැඩ බැලූ ඉහල තනතුරු වල ඉනා මුදල් වහලුන්ට ස්තූතියි.
03.ලංකාවේ නිදහසේ ඇවිදිය නොහැකි නම් නිදහස් මනුස්සයකු වී ඇති පලය ගැන සිතන්නට කාලය එලඹ තිබේ..
04.නිදහස් පරිසරක්ව තිබූ මිනිස් සිත්ද පරිසරය ද බුරුතු පිරින් මිනිසුන් ‍රැගෙන ගොස් විනාශ කල විඳිනු රිසි කණ්ඩායම ඔබගේ ක්‍රියාවල අතුරු පල ගැන විශේෂ ස්තූතිය.
*ප.ලි.විඳිනු රිසි කියා කණ්ඩායමක් නැත් නමුත් බුරුතු පිටින් පිරිස් ‍රැගෙන ගොස් ගොම්බානියා කියා වෙන කන්දක් නැග්ග වුයේ කුමන පිරිසද යන්න.අදාල පුද්ගලයන් දනී..සමහර අවස්ථාවක ඔවුන් සමඟ ගිය ඔබද නොදන්නවා ඇත තාමත් ඔබ ඔවුන්ගේ බොරුවට ‍රැවටී ඇත.
ඳිනු රිසි කියමින් දුව පෙන්නා අම්මා දෙන රිසී..තවත් කථාවක් එසේ අවසන් නොවේ අතුරු ඵල මඟ දිගට එමින් පවතී..
ප.ප.ලි. - මොවුන් මුදල් එකතු කරනුයේ මිනිසුන්ට පැමිණ කා බී නිදහසෙ ඉන්න තැනක් නිර්මාණ කර නඩත්තු කිරිමේ අරමුණෙනි.ඔවුනේ රෙෆරන්ස් වන්නේ..වත්තේගම සෙම්බුවත්තයි.එකවර පැමිණි මිනිසුන් දු‍ටු ඔවුන්ට සල්ලි ඉව වැටී එසේ ස්ථානයක් නිර්මාණය කිරීමට වලි කති.අනේ ඔබේ හදනා තැන ආතල් අපට වැඩක් නැත අපට අවසි ඔය පාර දිගේ ගිහින් කැලේට යන්නයි..
-මහේෂ් බී දහනායක



Read More

Tuesday, June 6, 2017

මා ඔබට ප්‍රේම නොකරමි | I hate u




එක් වරම පැමිණ 
යහනට පනින 
විට
ඔබේ හදේ වේදනාවක් 
දුටිමි
එය එසේ යැයි එය මෙසේ යැයි
වර්ග කොට
වෙන් කර ගත නොහැකිව 
ලතවෙමින් සිටියෙමි
නමුදු
එය ඔබ වෙලාගේන සිටින
වේදනාව නොවන  බව
ඉවෙන් මෙන් වැටහින
මා 
හිත නුබ වෙනුවෙන් ඉඩක් වෙන් කර
ගත්තේ
ඔබගේ ඒ බොරුව නිසාමයයි
මා හඳ තේරුම් 
ගත්තෙමි
ඒ නිසාම ආදරය කලෙමි
ආරක්ෂා කලෙමි
ලතවුනෙමි
නමුදු 
සමාව නොදුන්නෙමි
නුඹ 
මුලාව වැටීසිටියදී 
පවා එයින් ගලවාගනු
පිනිස
බොරු වරදක් 
මා පිට දමා ගතෙමි
නමුදු
තවමත් නුඹ
වැරදි පාරක යමින් සිටියේය
බලා සිටියෙමි
මා මාද නොවෙමින්
පැහැදිලි කලෙමි
නුඹට
එය පිලිගන්නට
ශක්තියක් නැත
මා පුපුරා ගියෙමි
නුඹට එය නොපෙනේය තවමත්
මා 
එක දෙයක් 
දනි නුඹ
පරාජය
මා ජයග්‍රහණය කලෙමි
දිනක හැරි බලන විට 
මා ඔබට ප්‍රේම කරනු දකින
විට
මා ඔබට
ප්‍රේම නොකරමි

-මයියා
Read More

Wednesday, January 4, 2017

ඈ සමඟ පන්සල් ගියෙමි



සීත පිණි ‍රැදි  සුළඟ සමග  ඇගට වදින වැහි බිංදු හිතට සහනයක් ගෙන ආවත් ඈ හමුවන්නට යන ගමනේ ඇදුම් තෙමාගෙන ඈ හමුවන්නට යාමට හිත නොදුනේය.දැනටමත් ඈගෙන් ලැබුනු අලුත් අවුරුදු කමිසය තෙමෙන්නට පටන් අරගෙනය.අප කතා නායකයා අවසාන තීරණයකට පැමිණියය.අද දවසටම තිබෙන රුපියල් සියය වියදම් කොට ත්‍රීවිල් එක්ක නැග්ගේ ඉක්මනින් පන්සලට යා යුතුව තිබූ නිසාය දැනටම ඈ පැමිණ සිටින වග දන්වන  ඇමතුම් තුනකට වඩා ඔහුට ලැබී තිබුනි.

මොකද ලමයෝ පරක්කු..?

නින්ද ගියා..
අලුත් අවුරුද්දේ උදේන්ම ඈට බොරුවක් කියනන්ට වීම ගැන ඔහු හිතින් දුක් විය.යාලුවන් සමඟ ඊයේ එළිවෙන තෙක් දැමූ සාදය ඈට දැනගන්නට ලැබුනා නම් මේ වෙන දේවල් පැත්තක දමා දෙන්නාගේ සංවාදය පටන් ගත යුතුව ඇත.

යමුකෝ දැන් එකටම පහන් පත්තු කරමු
අවුරුද්දේ පලමු දවසේ උදෙන්ම පන්සලට යමු කීවේ ඈය.එහි යන්නට සුදුසු අදුමක් නෑ කී විට එයද ‍රැගෙන දුන්නේ ඈය.

සෙරප්පු දෙක ගැලවූ කකුලට වෙනදා දනෙන පහස වඩා නැවුම් සිසිලක් ගෙන ආවේ උදෑසන පොද වැස්ස වන්නට ඇත.කර් කෂ පොලොවයි සීතල පොලොවයි හරියට...
ආ මෙන්න ඔයත් තෙල් දාන්න...

සැම විටම ඔහුගේ සිතුවිලි කඩා දමන්නට මේ කෙල්ල සමත් විය...ඈ ඔහු හා හාද වූයේ කෙසේදැයි ඔහු නොදනී.නමුත් එය අනිවාරයෙන්ම ඈ දන්නවා විය යුතුය.
බබා අපි කන්න යමුද දැන්...

අවුරුද්ද අලුත් කියා ජීවිතය පහරදීම් නවත්වන්නේ නැත.තිබ්බ රුපියල් සීය උදේ පන්දර වියදම් කොට දමා ඉවරය..අලුත් අවුරුද්දේ කන්න බෑ කියන්නටත් බැරිය සල්ලි නෑ කියන්නටත් බැරිය..කැම්පස් එකේ කැන්ටිමට ගියා නම් අඩුවට කන්නට පුලුවනි..ඒත් ඇගේ මේ අදහස එසේ කන්නට නොවන බව ඔහු හොදාකාරයෙන් දනී..

යමුකො..

යමු

මොකද අනේ මූන එල්ලගෙන අදත්.මොකද විලවයක්ද?

නෑ එහෙම එකක් නෑ..
අවුරුද්ද අලුතැයි කියා එකක් නැත.මේ කෙට්‍ටු කලු කොල්ලකු සමඟ ගමන් කරනා හුරුබුහුටි සුරදූතිය දෙස වෙනදා මෙන්  අදත් නරඹන්නන් උනන්දුය.වෙලාවකට ඇගේ ජීවිතය කාලකන්නි වනායැයි දැනුනද ඈ හැරදා යන්නට කිසිදා සිත නොදේ.උදෑසන ආහාරය දැන් කෙසේ හෝ සමනය කල යුතුය..

ඈ කියව කියවා ඔහේ නිදහසේ ඇවිද යයි නමුදු කිසිවක් මාගේ සවනෙහි ‍රැදෙන්නේ නැත නමුදු ඇය එසේ නොවේ..මා සමඟ සිටිනා විට ඈගේ කට වැහෙන්නේ හදිස්සියේවත් මාගේ උරහිසේ ඈට නින්ද ගියොත් පමණි.

මොනවාද අරවින්ද ඔයා කන්නේ?මට නම් බඩ පැලෙන්න බඩගිනී..

ඔයා කන්න මට බඩගින්නක් නෑ..

ඔන්න අහපවු පටන් ගත්තා..හැමදාම ඔය කතාවමනේ..ඔයට ඉතින් කවදාවත් බඩගිනි වෙන්නේ නෑ නේ..

හරි ඕඩර් කරන්නකෝ..

දැන් සතියකට කලින් ටියුශන් පන්තියක හැන් බිල් බෙදා හම්බ කරගත් රුපියල් දාහේ නෝට්‍ටුව හතරකට නවා ඉරිච්ච පර් ස් එකේ කොනක ඔබා තිබෙන  තැනින් ‍රැගෙන..රුපියල් පන්සිය පනහේ බිල ගෙවා රුපියල් විස්සක් ටිප් එකක්ද දමා ඉතිරිය නැවතත් පරිසමට පර් ස් එකට  ඔබා ඇගේ අතින් අල්ලා කඩයෙන් එලියට පැමිණියාය.
------------------------

හේලෝ මයේ පුතේ

අම්මේ

සුභ අලුත් අවුරුද්දක් වේවා මයේ පුතාට

එසේම වේවා අම්මේ..

කොහෙද ඉන්නේ පුතේ.කැම්පස් එකේද?

ඔව් අම්මේ මේ යන ගමන්..

පුතේ මල්ලිගේ කලාස් එකේ සල්ලි හෙට ගෙවන්න ඕනි.පුතා එවනවයිකිව දාහ පුලුවන්නම් අද දාපන් පුතේ.මන් හම්බ කරපු සල්ලි ටික හඳියේ කඩේ ණය ටික බේරලා දැම්මා..මල්ලිට ඉගන ගන්නත් එපැයි මගේ පුතේ.මන් තියනවා එහෙනම් බුදු  සරණයි.

බුදු සරණයි අම්මේ..

---------------
කාපුවා පිච්චෙනවා මෙන් ඔහුට දැන්නෙනට විය.

අම්මාද බබා..??

ඔව්

අපරාදේ මටත් දෙන්න තිබ්බේ කතා  කරන්න
Read More

Friday, December 30, 2016

සනුකගේ සරාගයට මොකද උනේ

"පාරෙන් ඉවතට යයිදෝ මම නම්
අහකට විසිවෙයිදෝ දැන්
හදවත පුපුරයි තරහින්
සෙනෙහස පැතූ ඇගෙන්

නාලක විතානගේගේ රූපාන්තරණ සිනමාපටයෙහි අඩංගු මෙම ගීතයට හඬ මුසු කරන්නේ සනුක වික්‍රමසිංහ නම් වූ නව පරපුරේ ගායන ශිල්පියකි. ඔහුගේ හඬ සහ රුව අපට තරමක් ආගන්තුක වුවත් සනුකගේ ලේ නෑකමක් සංගීතය හා සබැඳියි. තවත් පැහැදිලි කළොත් මෙරට කණ්ඩායම් සංගීතය තුළ සුප්‍රකට ගායකයකු, වාදකයකු මෙන්ම සංගීතඥයකු වන සංගීත් වික්‍රමසිංහ සනුකගේ පියායි."



සනුක ගායකුයකු ලෙස මූලික වූ කාරණා දෙක තුනක් නිසාම ප්‍රසිද්ධ වන්නට පටන් ගත්තේ මීට අවුරුදු කිහිපයකට කලින්ය..ඉන් ප්‍රධාන කාරණාවක් වූයේ ප්‍රසිද්ධ ගායක ලහිරු පෙරේරා කල ප්‍රකාශයකි.


 දැන් එය පැත්තකට දමා මේ කියන්නා වු ඔහුගේ සරාගයේ ගීතය මාට හැගෙන ලෙස විචාලන්නට පුලුවන.. ඇසූ සැනින් පට්ටය නමුදු මෑතකදී නිකුත් වූ රූප රචනාවේ හා මීට මාස ගනනකට පෙර නිකුත් වූ ඕඩියෝවේ තිබෙන පැටලවිල්ලයි.



Youtube වෙත නිකුත් කල දිනය -Aug 5, 2016
Views - 425 957
Like - 6 481
Unlike - 75



Youtube වෙත නිකුත් කල දිනය -Dec 23, 2016
Views - 195 577
Like - 4421
Unlike - 215


මෙහි එන ප්‍රධාන කාරණය වන්නේ ඕඩියෝව සහ ඊට අඩු කාලයකින් රුප රචනයට ලැබෙන අකමැත්හි ප්‍රකාශ ගනනයි.මෙහිලා විශේෂ වන්නේ  ලාංකීය රසවිදින්නා තවමත් වචන රස විදින බහුතරයක් සිටින නමුදු එය රූප රචනාවකට ගෙනා විට ලැබෙන ප්‍රතිචාරයයි මන්ද ඒ තුල ඔහු එය  රසවිදි තාලය වින්දනය මානසික ප්‍රතිබිම්භය නොමැති විමයි..

Image result for fil say and book


සංකල්පයක් නිර්මාණයක් කරන්නට බොහෝ වෙහෙසිය යුතුයි..ඊටත් වඩා ප්‍රධාන කාරණය වන්නේ..ඒ සංකල්පීය ආරෝපණය ලබාදීමේ තිබෙන බැ‍රැරුම් වගකීමයි..එය බහුතරයකගේ මානසකික ප්‍රතිබිම්බයන් සනහාලිය යුතු වන්නේය..සෑම නිර් මාණයකම සාධනීය හා නිශේදනීය කරුනු තිබේ නමුදු සංකල්පයක් පණ දෙන්නට වැර දෙන අධ්‍යක්ෂක් වරයකු කැමරා කරුවකු එඩිටර් කෙනකු එකී පුද්ගලයන් දායකත්වය සංකල්ප නිර්මාණ කරුවා ගේ සංකල්පයේ ඇති නිරවද්‍ය  ශක්තිමත් නිර්මාණය ක් බිහිවීමේලා ප්‍රධාන වශයෙන්  බලපායි.

ගීතයේ පදවැල් එලසම යොදාගැනීම කලයුතු වන්නේ මන්දැයි ගැටලුවකි.ලාංකීය ගීත කලාව තුල ‍ෆිල් ටී ට  වඩා ඉරාජ් සාර් ථක වූවා සේම  ඊට වඩා සනුක සරාගීත්වය යොදා ගැනීමෙහිලා සා ර් ථක වි තිබේ.


නමුදු කෙටි කලකින් මෙලස අකමැත්ත වැඩි ප්‍රතිශතයක් ලාබා ගන්නට මේ වීඩියෝව සමත් වෙන්නේ සරාගීත්වය් යොදාගැනීම නිසානම්..එය වෙනම මාතෘකාවක් එන කතාබහක්ය.මා මේ සදහන් කලේ පදවැල් එලසම කල රූප රචනාවක සාර්ථකත්වය ගැනයි.
Read More

Tuesday, October 11, 2016

තරුණ මා ඒ ගුරුවරියට ප්‍රේම නොකරමි





දොර ඇරගෙන එලියට ඇවිත් එහා පැත්තේ වූ පඩිපෙල දිගේ උඩට නැග ඈත පෙනෙන තැනක වාඩි විය...
                                        අහසේ හද පායා ඇත බස්නාහිරට බරව හද තිබෙන නිසා නැගෙන හිර තරු ටිකක් පෙනෙන්නට ඇත.අද හද නොතිබුනා නම් මීට වඩා හොදින් තරු දකින්නට තිබුනි.කමක් නැත රෑට හද පායා තියෙද්දී අමුතු ලස්සනක් ඇත රෑ කලුවර හැම තැනම වෙලාගෙන සිටින විට ඊට උඩින් සායමක් හලාගෙන ගියා වැනි ලස්සනක් දකින්නට ඇත.නැත්නම් ඈත දැමූ බල්බයක මලානික එලියක් වැ‍ටුනා වැනිය...ඔබේ ජීවිතය මෙතෙක් ලියවී ඇත්තේ නගරය නම් මේ කතාව ඔබට නොතේරනවා නිසකය.වාසනාවකට මාගේ උපන් ගම කන්ද උඩරට වූවාය ඊටත් වඩා වසනාවකට මහනුවර සිට කිලෝමීටර් 20ක් පමණ ඈත ගමක වාසය කරන්නට මා හට වාසනාව තිබී ඇත.යම්කිසි හේතුවකට මාගේ පියා මවගේ ගම ජීවත්වීම සඳහා තොරා ගත්තානම් මා ජීවිතේ මෙතෙක් ලද මේ අත්දැකීම් මෙතරම් රසවත් නොවනු ඇත.මන්ද එය නුවරට  කිලෝමීටර් දෙකතුනක් මෙහා වීමයි.
                                        මා කුඩා කල මගේ පියා මට ගල් ලෑල්ලක් හා ගල් කුරක් ද  ලෑල්ලක් වටේ ලෑලි ගැසූ වැලි පිරවිය හැකි එය අතුරා ඊට උඩින් අකුර ලිවිය හැකි වැලී ලෑල්ලක්ද ගෙනවිත් දී තිබුනි..අකුරු නොදත් ඒ අවදියේ මා සතුව තිබූ හෙලිකොප්ටර් හා කාර් වලට වඩා මා හට ඒ අකුරු ලියනයන් මතක තිබෙන්නේ එක හෙතුවක් නිසාය.හොදින් හද පායා ඇති දවස් වලට මාගේ මව සද එලියේ එවායේ මා නොදන්නා අකුරු ලියමින් මට කියා දීම නිසාය..මා හදට ආලය කරන්නට පටන් ගත්තේ ඒ කාලයේයි.මා මාගේ මව සමඟ වේගයෙන් හද පහු කරන් යන වලාකුලු දෙස බලා සිටියෙමු ඒවා ගැන කතා කෙලෙමු කතා ගෙතුවෙමු.දීප්තියෙන් බැබලෙන හද අදුරු වලාකුලුවලින් වැසෙන සැටිත් මාගේ එක් එක් දවසට හද වෙනස් වෙන සැටිත් හද වෙනස් වන විට තරු අහස පුරා පැතිර යන සැටිත් අවුරුදු ගනනක් බලා සිටියෙමි.මාගේ මතකයේ හැටියට හතර වසරේදී හෝ පහ වසරේදී  මාට හදේ වෙනස් වීම ගැන ගුරුවරියක් උගැන්වූ විට මා ගෙදර විත් මාගේ මව සමඟ ඒවා සමඟ කතා කලෙමි. හය සහ හත වසා වලදී අහසේ උන තද වෙන්නට විය මා සහ මාගේ යාලුවා තරකා විද්‍යා සංගමයට බැදුනි අප දෙදනාට රෑට අහස නිරීක්ෂණය කර සටහන් තබා ගන්නා සටහන් පොත් පවා විය හත වසර පහු කරන විට අපට තාරකා විද්‍යාඥඥායන් වීමට අවසි  විය.නමුත් ජීවන නිපුනතා විශයෙහි දවසක් අනාගත් බලාපොරොත්තුව පි‍ටුවක් ලියාගෙන යාමට කියූ දවසේ මාගේ ඔලුවට හෙන වැදුනාක් මෙන් විය.මා සමඟ තාරකා විද්‍යාඥඥායන් විමට කැමැත්තෙන් සිටි මාගේ යහලුවා වෛද්‍ය වරයකුවීම ගැන සිහින ඔහුගේ පොතේ ලියාගෙන විත් තිබුනි..එදා මාගේ පොත් දිහා බලා මාගේ සිහිනෙට සිනාසුනු ගුරුතුමියගේ නපුරු මූන තවමත් මතකය.එදා සිට මා ඒ ගුරුතුමිය රුස්සන්නේ නැත.මාගේ යාලුවා සිහිනෙන් පලා ගිය නිසා මා තනිවිය.
                                    එදා ඒ ගුරුතුමිය නිවරදිය.දැන් මා තාරකා විද්‍යාඥක් වීමට හදාරන්නෙකු නොවේ.මාගේ යහලුවා වෛද්‍යවරකුද නොවේ.මාගේ යහලුවාගේ ඒ සිහිනය දැන් නැතුවා ඇත ඒත් එදා මා ඒ පොතේ ලියූ දේවල් මට අදටත් මතකය ඒවා සැබෑ වනවා දකින්නට මා කැමතිය.ඒ නිසා මා තවමත් අහසටත් තරුවලටත් ආදරය කරමි..අවුරුදු දෙක්කින් කැම්පස් එකේ මෙහෙම නිවාඩුවක් ලැබුනේ ඒ නිසා මෙහෙම ගෙදර අවිත් නිදසේ ඉන්න පුලුවන් තව දවස් කිහිපයකින් යන්න ඕනි කියලා හිතුනාම අරමුණක් හොයනවා.මොනවා උනත් මන් පොඩි කාලේ ඉදන්ම ආස කරා අපේ ගේ නැගෙනහිර පැත්තේ තියන කන්දට උදේට ඒ පැත්තෙන් ඉර නගිද්දි හරි ලස්සනයි ඒත් පොඩි කාලේ තරම් මේ පරිසරේ ලස්සන නෑ කියලයි හිත කියන්නේ..වාසනාව කියනේ අපේ ගේ උතුරු පැත්තයි දකුනුපැත්තයි දෙකමත් කදු සමහර වීට අවුරුදු ගානක් මේ කදු දිහා බලාගෙන ඉදලා වෙන්න ඇති මන් කදු නගුන්න පිස්සෙක් උනේ..කොහොම උනත් තැන්න් තැන ගෙවල් වල ලයිට් එලි පෙනුනාට ඒක මේ කරුවලට බාදාවකුත් නෙවේ ඒ වගේම කලුවර පාට කරන හදට බාදාවකුත් නෙවේ..ඒත් කැම්පස් එකේ ඉද්දි මේ නිදහස කොහේ  කියලා හොයා ගන්නද සමහර වෙලාවට කැම්පස් එකේ උසම තැනට නැගලා
යලුවෝ එක්ක ඒ වහලේ උඩ නිදා ගන්නවා..ඈතට පේන කොළඹ තනිකර පාට පාට බුබුලු ගොඩාක් ඈත් නැවක් දෙක් වෙලාවකට පේන්න ගන්නවා.ඒ වෙලාවට කථා වෙන්නේ එ පාට ගොඩේ ජිවිතේ ගැන  අහස කියන්නේ නිකම්ම නිකන් දෙක් විතයි.අහසට වඩා පොලවේ පාට වැඩි නිසා කොළඹ අහසේ තරු හැංගෙනවා.නිදසේ රෑ පොඩ්ඩක් ඉන්න ග්‍රවුන්ඩ් එක චුට්ටක් විතර හොද උත්තරයක් වටේ තියන තඩි ෆෑලැශ් ලයිට් රෑ වෙද්දි නිවන නිසා චුට්ටක් විතර නිස්කලංකයි..මොනවා උනත් අහවු ටික දවසකින් යන්න එපැයි...
                    ආ එලියට එන්න කලින් මන් පොඩි පොතක් කියව කියවා හිටියේ එකේ තිබ්බ පොඩි කෑල්ලකට හිත ගියා පොතේ නම බත්තලංගුණ්ඩුව මංජුල වෙඩිවර්ධන ලියලා තියෙන්නේ..

//

"මොකක්ද? බුරියද?"මම කමිසය උස්සා නාභිය පෑවෙමි.
"මේ තියෙන්නේ"
අතිශයින් අපුල ඒ සිරික්කිය මා හදවත් අහුරු ගාමින් දෝරේ ගැලීය.මන්දනය වෙන සිනාහවෙන්ම ඕ මෙසේ පැවසුවාය.


"ඔයා ඉපදිච්ච කෙනෙක් ද..මවපු කෙනෙක් ද....මං හැදුවේ ඒක හොයා ගන්න.."

//



Read More

Friday, September 30, 2016

ඒ නැවතුන දවසට


කෙල්ලක්
ඇහුවොත්
කෙල්ලෙක් ගැන
කියන්නට නෑ මොකුත්

කෙල්ලක්
සුන්දරද
පොත්වල චරිත තරම්
බ්ලොග් පොස්ට් වල කතා තරම්

නැත්නම් කෙල්ලක්
කාමුක ද
ලීක් වෙන වීඩියෝ තරම්
නැත්නම්
ලියවිලා තියන කාමුක කතා තරම්

ආකර් ෂණය
ආරක්ශාව
ලිංගිකත්වය
සවංදීම
නැත්නම් අහේතුක කතාවක්
ඔය කාරණා
පදනම්ව කෙල්ලක් දුවනවා
සුන්දරත්වයයි කාමුක බවයි අස්සේ

ඒක ආදරය කියලා කියන්න තරම්
වටිනවා ද නොවටිනවා ද
යන්න විස්තර කිරීමට තරම්
මා ආදරයේ තේරුම දන්නේ නෑ

ඒත් කෙල්ලක් නැත් නම් ගැහැණියක්
චරිත ගොඩක් අස්සේ දුවද්දි
සිද්ද වෙන කාරණා ගොඩක් ම
විතරයි

එක සිද්දි ගොඩක් විතරක් ම නෙවේ
අතීතයෙන් අනාගතයට පාඩම් සමූහයක්

කෙල්ලක් කොල්ලෙක් එක්ක කරන
ගනුදෙනුව
හුදෙක්
ලිංගිකත්වයට සීමා වෙලා
එක තැනක නවතිනවා
ඒ නැවතුන දවසට


Read More

Friday, September 23, 2016

රෙද්ද පෙන්නලා බෙල්ල මිරිකන ගෑනී 05



එයා ගියා අයියේ රට ජාතිය බේර ගන්න ඉතින් ඒකෙන් සිද්ද උනේ මාව මේ ලෝකේ තනිවුන එක විතරයි

මට කණගා‍ටුයි නංගි ඒ ගැන

ඒක හිතන්න එපා අයියේ මේ ලෝකේ මේ දේ සිද්ද උන එකම ගෑනිය මන් නෙවේ නේ

එතකොට නංගිට දරුවෝ එහෙම නැද්ද

නෑ අයියේ

ඉතින් නංගි තව කසාදයක් ගැන හිතුවේ නැද්ද නංගි තාමාත් හරි හැඩට ඉන්නවා නොවැ

මට කසාදයක් ගැන හිතන්න බැහැ අයියේ මන් ඉන්නේ මහත්තයාගේ අම්මා ගාව.මන් අනාත කෙල්ලක් පොඩි කාලෙම අපේ අම්මලා මාව අනාත නිවාසෙක දාලා ගිහින් ඉතින් මට මහත්තයාව හම්බ උන දවසේ ඉදන් මේ අම්මා තමා මගේ අම්මා වගේ මගේ ලගින් හැම දේටම හිටියේ ඉතින් මට මේ අම්මාව දාලා යන්න බෑ.අපි කාගෙත් කරුමේ තමා අයියේ

නංගි මොකුත් බොන්නේ නැද්ද මට විතරක් සලකලා නිකන් ඉන්නේ

මට බොන්න බෑ අයියේ දැන් නේ මන් කාලා අවේ..
මට අහන්නත් බැරි උනා අයියා කාලා ද ඉන්නේ

ඔව් නංගි මන් ටවුන් එකෙන් රෑට මොනවා හරි කනවා දන්නේ නැද්ද අපේ රස්සාවල හැටි ඉතින්

අයියා ඉතින් බැදලා නැද්ද

සිරිපාලට මීට දිය යුතු උත්තරය මොකක් දැයි සිතා ගත නොහැකිව මොහොතක් කල්පනාවක වැටී සිටියාය.ම් මේ වෙලාවේ කට්ට පුරුෂ ලක්ෂණ ඔහු තුල මතුවන්නට විය.මෙතරම් සුන්දර උවතියක් සමග ඇතිවෙලා තියන මේ කුකුසෙන් ප්‍රයෝජන ගන්නට සිතා දිය යුතු පිළිතුර ගැන ඈ සිතන්නට විය.


මොකද අය්යේ මන් වැරදි දෙයක් ඇහුවාද?


නෑ නෑ නංගි මන් මේ පොඩ්ඩක් ක ල් පනා කලේ..මේ....මටත් තිබුනා ලස්සන පවුල් ජීවිතයක් අපි දැන් ඉතින් මහලු උදවියනේ

එතකොට අයියා බැදලා හිටියේ දැන් ඒ කාසාදේ නැද්ද

නෑ වගේ තමා නංගි දරුවෝ දෙන්නා ඉන්නවා මන් උන් දෙන්නට සලකනව ඒවා මගේ යුතුකම් අනික මගේ දරුවෝනේ

ඒ කියන්නේ අයියාට දරුවෝ ඉන්නවා ඈ දිග හුස්මක් පිට කරමින් ඒ ප්‍රකාශය කල එක ගැන ගුණපාලට අමුත්තක් දැනෙන්නට විය.ඒ ඈට දරුවෙක්වත් නැති නිසා වන්නට ඇතැයි ඔහු හිත සකසා ගත්තාය.කෙසේ නමුදු දැන් ගුණපාලගේ පුරුෂ ගති මෙල්ල වූවා සෙයකි මේ අනාථ ගැහැණිය ගැන සිතට ඇති වූයේ අනුකම්පාවකි.

ඔහු ඔලුව ඔසවා ඈ කොහේ දැයි සොයන්නට විය.ඈ සාලයේ ඈත ජනේලය ලගට වී ඈත පාර දෙස බලා සිටියාය.අසරණ ජීවිතයක්.ගුණපාල සිතනනට විය.ඈ සමඟ පැමිණි ගැහීම් සියල්ලට කුමක් වෙලාද ඔහු සිතන්නට විය.මේ ගැහැණිය නම් පුදුමයි සුන්දරයි ඒ ඔක්කෝම කතාවකින් මාව අසරණ කලා.

නංගී මන් යන්නම් එහෙනම් දැන්..අයියාට කන්නත් බෑලූ නේ අම්මත් තව ටිකකින් එයි ඉදලාම යන්න අයියේ..

එහෙනම් තව විනාඩි පහලොවක් විතර බලලා යන්නම්කෝ ...

අසල තිබූ පු‍ටුවේ තිබූ පත්තරය ‍රැගෙන ඔහු එය පෙරලන්නට විය.ඇස් දෙක පියවෙන තරමට ඇගට වෙහෙසය ඒ තරමටම හිතද වෙහෙසකරයි.

තද සීතලකින් එක්වරම ගුණපාල ගැස්සී අවදි විය.පාර අයිනට වෙන්නට ඔහුගේ බස් රථයද නවතා තිබුනි පාර අයිනේ බංකුවකට වී ගුණපාලට නිද ගොසිනි සිදුවූයේ කුමක්ද යන්න සිතන්නට විය.ඔහුට හිතන්නට දෙයක් නැත මුලු ගතම දහඩියෙන් නෑවී උණ ගැනී තිබුනි.හැකි ඉක්මනින් බස් රථය පණ ගන්වා යන්නට උවමනා විය....


නිමි.

01. එක කොටස කියවන්න>>
02. දෙක කොටස කියවන්න>>



අවුරුදු හතරකට කලින් ලියනන්ට පටන් ගත් කථාවක් අවසන් කරන්නට උවමනා විය.කාලයකින් නැවත ලියන්නට ද සිත් විය.ලිවීම ආරම්භ කරණු වස් මෙය මෙසේ ලියා අවසන් කලෙමි.


Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya