Showing posts with label සංචාර. Show all posts
Showing posts with label සංචාර. Show all posts

Tuesday, April 19, 2016

Green Spine | හරිත කොදුඇටපෙලේ කථාව

ඔව් කාලෙකින් ලිව්වේ නෑ තමා ඕක ඉතින් පොස්ට් එකක් ලියන්න පටන් ගන්න හැමදාම කියන කථාවනේ.කොහොමද පාඨකය අවුරුදු අවුරුදු ආවා ගියා මන් ඉතින් අවුරුදු ගැන රස කථා පොස්ට් ලියන්න ඕනි නෑ නෙ මූනූ  පොතේ රවුමක් ගියානම් ඇති පදමට පදම් වෙලා එන්න පුලුවන්.නිවාඩුවත් ඉවරයි හෙට අහපවු කැම්පස් යන්න පටන් ගන්න වෙනවා ඉතින් ඊට කලින් ලියන්න පටන් ගන්න හිතුනා කථාවක් ලියනව ද නැත්නම් මයියාගේ හයිකින් රිපෝට් එකක් ලියනව ද ලියනවා නම් හයිකින් රිපෝට් තොගයක් ලියන්න පුලුවන් ලියන්නම්ම...
Read More

Monday, December 7, 2015

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 3

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 1 හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 2 කාටත් මතක ඇති නේ පන්විල පාරට සෙට් උන හැටි කැලේ ඇතුලෙන් ඇවිල්ලා.ඒ සටහන් දෙක්ක කියවලා නැති කෙනෙක් වේ නම් කියවලා එන එක අගෙයි ඕන්.කට්ටිය බලනවා ඇති මේ මයියා මොකෝ කාලකින් ලියන්නේ  කියලා.ගොඩාක් දෙනෙක් අහලා තිබුනා පෞද්ගලිකව පණිවිඩ එවලා තිබ්බා ෆේස්බුක් හරහා කො ලියන්නේ නැද්ද කියලා ඇත්තම කථාව නම් ලියන්න ආසයි ඊට වඩා කදු නඟින්න ආසයි එත් ඉතින් කැම්පස් කොල්ලෙක් වීමේ වාසනාව මත...
Read More

Friday, October 16, 2015

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 2

එහෙනම් ඉතින් හැමෝටම මතක ඇති නෙ ගිය පාර නතර උන තැන  හුන්නස් ෆෝල්ස් පැත්තෙන් කන්ද නඟින්න හිතාගෙන් අපි ඇල්කඩුව බස් එකට නැන්ඟා.ඔන්න ඉතින් බස් එකේ පිටිපස්ස ආසනය අත්පත් කරගෙන අපි පස් දෙනා වීරයෝ ටික වගේ බස්  එකේ කෑ ගහගෙන යනවා.ඒ අස්සේ කොන්දොස්තර  මහත්මයාගෙන් විස්තර විමසීම මන් පටන් ගත්තේ අපේ නඩේ පිරිසගේ බලවත් කණගා‍ටුව මදයේ බවද කිව යුතුයි.අන්තිම එන බස් එක බහින්න ඕනි කොතනින්ද ?සාමානයෙන් කට්ටිය එනවද මේ පැත්තෙන් කන්ද නගින්න.කොචර දුරක් කන්දට යන්න...
Read More

Wednesday, October 7, 2015

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 1

එක දවසක් උදේ පාන්දර කෝල් එකක් "The club is alive with the sound of music...." මොකාද යකෝ මේ පාන්දර කෝල් කරන්නේ.. ලංඩන්! හෙලෝ කියපන්.. මේ මචෝ මේ මාසේ කොහේ හරි  නගිමුකෝ.. ඇයි බන් දැන් ඔය අවුරුදු ගානක් පැලෑන් කර කර ඉන්න බතලේ ගල නඟිමුකෝ.. බෑ බන් ඒක ලේසි වැඩී බන් වෙන කොහේ හරි යමන්.. එහෙනම් හුනට කන්න බැරි හුන්නස්ගිරි යමන්..ඒ විදියට බතලේගල මේ පාරත් අතෑරලා දැම්ම.පාඨකය ඔබට යමක් කියන්නද අනිවාරයෙන් බතලේ ගල නම් නගින්නට වන්නේ වයස 50වත් පසුවෙලා.දැන්...
Read More

Friday, October 24, 2014

පළමු කොටස-01දෙවන කොටස-02  තෙවන කොටස-03 කියෙව්වේ නැද්ද ඉක්මනින් කියවා එන්න > එළියේ චුරු චුරු වැස්ස ජනේලය මදක් විවරව ඇති නිසා ඒ අතරින් සීතල ඇතුලට ඇවිත් කාමරය සීතල කරනවා.මේවාට සීතල කියනවා නම් සීතලට මොනවාද කියන්නේ මන් මටම හිනාවෙලා නැගිටලා ගිහින් ජනේලේ වහලා දැම්මා.ඊයේ පන්දර යාමයේ හන්තාන කතාව ඉවර කිරීමට උත්සහ කල නමුදු එය ඉ‍ටුකල ගත නොහැකි විය.මේ සටහන ලියන්නට යන මොහොතේ  එලියේ මඳ වැසි වසී.සීතල හුළඟ ඇගට දැනේ පාඨකය මේ මොන වැසිද මේ මොන සීතල...
Read More

Friday, October 10, 2014

මේ හන්තානේ රාත්‍රියයි!

හන්තාන කතාවෙහි අවසාන කොටස බලාපොරොත්තුවෙන් සිටි සියලු දෙනා වෙත මේ ලිපිය පුද කරමි. පළමු කොටස-01දෙවන කොටස-02 වේලාව හවස පහයි තිහ පසුවී තිබෙන්නට ඇත.චුරු චුරු වැස්ස නවතී ඇත.පරිසරය අදුර රජයන්නට ආසන්නව තිබුනි.//පෙර සටහන__කවින්ද ගල් පොත්ත උඩටම නැඟ ගත් පසු අපි පලමුවෙන් ආරක්ශිතව කන්තා පාර්ශවය  ගලෙන් උඩට නැග්ගුවෙමු.ඉන් පසුව ඔනාල් ද ලෝචන අයියාද  උඩට නැග්ගුවෙමු.සමීරද නැගගත් පසු ඊලඟ වාරය එලඹියේ මාගෙයි.නමුදු අනපෙක්ශිත ලෙස ගල් පොත්තේ උඩ සිට පැමිණි මහත...
Read More

Saturday, August 30, 2014

හන්තානට පායපු සඳ කතාවේ දෙවැන්න

එහෙනම් ආවඩා ආයුබෝවේවා කියලා මේ පටන් ගන්නේ හන්තානට පායපු සඳ කතාවේ දෙවැන්න පළමු කොටස නොකියවපු අය කියවලාම එන්න එහෙනම්.. පළමු කොටසේදී අපි තවත් වනාන්තර පෙදෙසකට ඇතුලු වෙලා හිටියේ මේ වෙනකොට වෙලාව 4ට ආසන්නයේ හෝ හතර පහු වි තිබෙන්නට ඇත එ වෙනවිට නැවතත මඳ වැස්සක් පටන් අරන් තිබුනේ එනිසාම හෝ මේ දින කිහිපය තුල තිබූ  වැසි සහිත කාලගුණය මේ පරිසරය මේ තරම් තෙත් කරන්නට ඇත යටි වගාවෙන් තොර වූ මේ වන ලැහැබ අපට එතරම් අපහසුවක් ගෙනාවේ නැත.වන සතුන් ගමන් කිරීම නිසා...
Read More

Thursday, August 21, 2014

හන්තානට සඳක් නම් පෑයුවේ නැත - පළමු කොටස

අෆ්ෆේ මේ ලිපියවත් ඩ්‍රාෆ්ට් වලට පමනක් සීමා නොවේ යැයි ප්‍රාර්ථනා කොට ආරම්භ කරමි.   සගයන් එකොලොස් දෙනකු එදා මහනුවර දුම්රිය පොල ඉදිරිපිටට ‍රැස්වන්නට නියමිතව තිබුනි.ඒ උදෑසන 7.30 වන විටයි.මද සැරකින් උදෑසන 7.15ට පමන ආරම්භ වූ වර්ෂාව උදෑසන 7.30 ට නැවතී තිබුනි මම ඒ වන විට දළදා විදිය දිගේ මහනුවර දුම්රිය පොලට යාම අරමුණු කරගත් ගමනක සිටියෙමි.අතර මගදී මාගේ ගමන් සගයන් වන කවින්ද (අප ඔහු ලන්ඩන් ලෙස මේ කතාවේ හදුනා ගනිමු) හා සමීර (සෑම්)මට මුන ගැසිනි අප තිදෙන...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya