Friday, September 21, 2012

මා සෙව්වේ ඈ ද? who she


කවි ගොතන්නට හපනෙක් නොවේ එත් වචන් ලියන්නට පුලුවනි වචන් ටිකකට අකුරු ගලපා ගත්තාය.



මට ඔබව අමතක නොවුනාම නොවේ
මං සිතුවේ අය ඔබ දකින්නට
නොවම්බරය දක්වා ඉන්නට සිදුවේ වි කියා
එදා බුරුවා කියූ ඒ ආදර වදන් පෙල තවමත් මා මතකයේ ‍රැදී තිබේ

ඔබ මාදෙස බලගෙන
 සැහෙන දුර සිට එන්න ඇත
එදා ඔබ මා පසුකොට ගියේ
 මට ඔබව පෙනෙන්නට ද

ඔබ දු‍ටු මොහොතේ  නැවතත්
මා ඔබ හා අතර මං වූවා
ඔබ කෙතරම් නිදහස් දැයි
ඔබ මා ඇස ගැ‍ටුනා  දවසේ සිට මා දුටිමි

ඉස්සර මන් ඔබව දැක්කේ
කණට ආමාශය අක්මාව ගැන ඇසෙද්දීය
ඒත් දැන් මා ඔබ දකින්නේ
පාරමාණු අතර අතර මං වී ය

ඔබ දු‍ටු දිනයේ සිට අද දක්වා
ඔබ ලොකු දතක් බව
මාගේ පරීක්ෂණ ප්‍රතිඵල කියා පායි
එත් ඔබ කෙතරම් සැහැල්ලු ද

ඔබ  ඇත්තටම සුන්දරය
ඒත් කෙදිනකවත් ඔබ ෆොල්ට්
අඩුකර කැලී බෑලි එල්ලා වැටෙන ඇදුමක් වත්
අදිනවා මා දැක නැත

ගරාජයකින් ගත් පෝක් කම්ම්බි
වීල් යකඩ ඇන යකඩ වලලු
කිසි දිනක ඔබගේ අත් වල් මා දැක නැත
ඒත් ඔබගේ දත ගැන මට වැටහීමක් දැන් ඇත

දරුණු යාලුවන් පිරිසක් සිටිනා බැව්
පළමු දවසේම මා හැදින ගත්තාය
එදා කෑ ගැසූ ඒ මිතුරිය අද මා නොදැක්කේ
ඈ දැන් කැම්පස් නිසාද

දැන් මට බොක්කෙන් අප් එක දෙන්නට
ෆ්‍රෙඩෙක් ලග නැත
මේ සියල්ල තනිවම මා කර ගත යුතුය
තවත් සතියකින් ඔය මුහුන දැක ගන්නට මා එන්නම්

එදාටත් සුදු මූණට වැටෙනා කෙහෙරුලි සකසා
ඔය කණ්ණාඩි කුට්ටම ඔය මුහුණට ගලපා
ෆොල්ට් ලොකු කලිසමක් ඇද
සරලවම ඔබව මට දැක ගන්නට ලැබෙනු ඇත



10 comments:

  1. හපනෙක් නොවුනට ඔය ෂෝක් එකට ලියලා තියෙන්නේ.

    ReplyDelete
  2. මේ යකා කවිකාරයෙක් වෙලානේ :)

    ReplyDelete
  3. ඇයිද දන්නේ නෑ මට හිතෙන්නේ මේ මම අඳුරන කෙනෙක් කියා ... :)

    ReplyDelete
  4. ආනේ හරි සෝක් එකට තියෙනවා

    ReplyDelete
  5. ඇය, සෙව්වේ ඔබව නම්... ඇය වරක් හැරී බලනු ඇත....
    සුභපැතුම් සෙව්ව දේ හමුවී නම්!

    ReplyDelete
  6. ලොකු කතාවක් තියෙනවා වගේ හැංගිච්ච ....

    ReplyDelete
  7. ඉස්සරහට අපිට තව තව කතා ගොඩක් අහන්න අවස්තාවක් ලැබේවි වගේ :)

    ReplyDelete
  8. ඔබ සෙව්වේ ඈ ම වේවා.. ;)
    ජය වේවා..!!!

    ReplyDelete
  9. ඔය ලියලා තියෙන්නේ නියමෙටම. ලගදිම හොද ආරන්චියක් අහන්න ලැබෙයි වගේ

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya