Thursday, August 21, 2014

හන්තානට සඳක් නම් පෑයුවේ නැත - පළමු කොටස

අෆ්ෆේ මේ ලිපියවත් ඩ්‍රාෆ්ට් වලට පමනක් සීමා නොවේ යැයි ප්‍රාර්ථනා කොට ආරම්භ කරමි.


  සගයන් එකොලොස් දෙනකු එදා මහනුවර දුම්රිය පොල ඉදිරිපිටට ‍රැස්වන්නට නියමිතව තිබුනි.ඒ උදෑසන 7.30 වන විටයි.මද සැරකින් උදෑසන 7.15ට පමන ආරම්භ වූ වර්ෂාව උදෑසන 7.30 ට නැවතී තිබුනි මම ඒ වන විට දළදා විදිය දිගේ මහනුවර දුම්රිය පොලට යාම අරමුණු කරගත් ගමනක සිටියෙමි.අතර මගදී මාගේ ගමන් සගයන් වන කවින්ද (අප ඔහු ලන්ඩන් ලෙස මේ කතාවේ හදුනා ගනිමු) හා සමීර (සෑම්)මට මුන ගැසිනි අප තිදෙන දවල් කෑම එකොහොලක්ද මිලදී ගෙන දුම්රිය පොල ඉදිරියට ගියෙමු.මේ වන විට අපගේ තවත් ගමන් සඟයකු වන අනුශ්ක ඔහුත් සමඟ තව තිදෙනෙක් දුම්රිය පොල ඉදියට පැමින ඇති බැව් දැනිම් දී තිබුනි.

  මා හිතවත් චමිල් අයියාද නවුම් මිතුරෙකු ලෙස ඔනාල් ද හදුනා ගතෙමි.දැන් කණ්ඩායම ගමන් සඟයන් සය දෙනෙක්ගෙන් සන්නදව සිටිමු.මීට මසකට පමන කලින් හදුනා ගත් මහේෂ් අයියා ද තවත් අලුත් මුහුනු සතර දෙනෙක් ද පැමිනෙන්නට නියමිතව තිබුනි.

  පාඨකය ඔවුන් තවත් විනාඩි පහලොවක් පමන පරක්කු වනවා නිසකය එම නිසා ඒ කාලයෙන් අප ප්‍රයෝජන ගනිමු.ඔවුන් එනතෙක් මන් කියන්නම් අපි මේ කොහේද යන්න හදන්නේ කියලා.මේ චමිල් අයියාගේ මූලිකත්වයෙන් සංවිධානය කරපු වැඩක් කොටින්ම කීවෝත් "It's Time To Hike"  ටීම් එක සංවිධානය කරපු වැඩක්.අපි හදන්නේ හන්තාන කන්ද නගින්න..හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න ඔව් ඔයාලා කියන්නේ හැමෝම හන්තාන නගිනවා කියලා නේ ඔව් ඇත්ත ඒත් මේ අපි හදන්නේ මුලු හන්තාන කදු පන්තියම නගින්න ඔව් පොඩි ගේමක් තමයි මොකද ගොඩක් අය කදු දෙක තුනක ඇවිදලා හන්තාන නැන්ඟා කියනවා නේ.පාඨකය අපේ අලුත් මුහුණු හතර දෙනා එනවා වගේ එහෙනම් මන් යනව ඒ පැත්තට..

දැන් කණඩායම සම්පූර්ණ වීමට ඇත්තේ තව  එක් පැමිනීමකි ඒ මහේෂ් අයියාය දැන් අපි දහ දෙනකුගෙන් කණ්ඩායම සමන්විතව සිටියෙමු.ඒ අතර සුන්දර සිනහවකින් මුව සරසාගෙන අනුෂා අක්කා ද රිෂිනි අකාද නුරංග අයියා ද ලෝචන අයියාද අනෙක් පිරිස මා  කලින් සදහන් කල පරිදී චමිල් අයියා , ඔනාල් අයියා,අනුශ්ක,සෑම්,ලංඩන් හා මා විය.8.30ට ආසන්නයේදී වැස්සත් සමගම මහේෂ් අයියා එකළොස් දෙනා සම්පුර්ණ කලා.වැස්ස අපිට නවතින්නට හේතුවක් නොවීය  එය අපි බලාපොරොත්තුවෙන් පැමිණියෙමු.

 එම නිසාම චුරු චුරු වැස්සේ ගමන ආරම්භ කලෙමු.අපගේ අරමුණ වූයේ මහනුවර නගරයේ සිට මහනුවර රෝහල  අසල ඇති මාර්ගයෙන් ගමන් ගන්නා බස් රථයක නැගී හන්තාන කදු පාමුලට ගමන් කීරීමටයි.එසේයාමට බස් රථයක් එන තුරාවට පයින් යාමට පටන් ගතෙමු.7km ට ආසන්න දුරක් හන්තාන කදු පාමුලට යාමට අප ගමන් කල යුතුය.පයින් යාමේදි අපගේ කාලයද මහන්සිය ද නිකරුනේ මිඩන්ගු වන බව් අපට පසක් වූ නිසාම මාර්ගයේ යන වාහන වලට අත දිකිරීම පටන් ගතෙමු.අප කණ්ඩයේ කන්තා පර්ශවයට ස්තූති වන්නටA/C බස් රථයක්ම නතර කර අපට මගක් දුර ගමන් පහසුව සැලසුවා.එතනින් බසිත්ම වාගේ අපගේ අරමුණ වූ සීටීබී බස් එකට නගින්නට අපිට අවස්තාව සැලසුනා රුපියල් 20ක දුර ගෙවා අප හන්තාන කදු මුදුනේ දුරකථන සංඥා කුලුණු පෙනන මානයේ බැස ගතෙමු.බැග් වල පටවා තිබු අඩුම කුඩුම වලින් අවැසි දෑ එලියට ගෙන කැමරදා සූදනම් කොට ගමනට අවතීරණ වූවෙමු.

A/C බස් එකෙන් වමේ සිට  අනූශ අක්කා (ලොකු අක්කා) නුරංග අයියා චමිල් අයියා

බස් එකෙන් බැස්සා
ලැස්ති නම් යන් නේ

වමේ සිට කාවින්ද(ලංඩන්) සමීර මං තුමා


අපගේ පලමු අරමුණ වූයේ සංඥා  කුළුණු සහිත කදු මුදුනට ලගාවී ඉන් පසු එක දිගට කදු මුදුන තරණය කිරීමයි.කදු මුදුණට නැග්ම ඉතා පහසු වූයේ බොහෝ අයගේ ගමන් නිසාම පැහැදිලි අඩිපාරක් දක්නට ලැබීමයි යම් තරමක් හෝ අපහසු තාවයක් වූයේ නම් ඒ වැස්ස නිසා මාර්ගය තෙක් වී මඩ වී තිබීමයි.ප්‍රථම ලිස්සීම ලෙස ගමනේ සටහනක් තැබීමට සුදුනම් එය මා තබන්නේ ඔනාල්ගේ ලිස්සිමයි වාසනාවකට ඔහු මාගේ සපත්තුව උඩ නැවතිනි.එම නිසාම අත් වල ද ඇදුම් වලද තවරාගන්නට ලක ලැස්ති වූ මඩ පැල්ලම් නොතැවරුනි.මෙතරම් පැහැදිලි ගමන් මාර්ගයක් වූවද කූඩල්ලන් පටන් ගත් වේලේ සිටම අරියාදු කලේ වැස්ස ඔවුනට ශක්තියක් කරගෙන වන්නට් ඇත.

සංඥා  කුළුනු සහිත කදු මුදුනට

           අප දැන් සංඥා  කුළුනු සහිත කදු මුදුනේ දැන් ගමන වර්ණවත් කර ගැනීමට අප සැරසෙමු. " කට්ටිය එහෙනම් අපි පෑලෑන් කරන් ආව විදියට ගමන යමු මෙතනින් එහාට ලොකු කදු නග්මවල් අපිට හම්බවෙන්නේ නැතිවෙයි.GPS එකේ ඇදගත්ත රූට් එකේ යන්න උත්සක කරමු.අනුශ්කයි මායි ඉස්සරහින් යන්නම් මහේෂ් එහෙනම් ඔක්කෝම අරගෙන පිටි පසහින් එන්න  හැම කෙනාම හැම වේලේම අනික් කෙනාව පෙනෙන දුරක් තියාගෙන එන්න.එහෙනම් බුදු සරණින් ගමන් පටන් ගමු" ඒ චමිල් අයියාගේ ආරම්භක කාතාවයි...සාමාන්‍ය ලෙස අඩි පාර පැවති නිසා ගමන මුල් පැය කිහිපය කිසුදු අපහසුතාවයක් නැතිවම ගමන් ගන්නට පුලුවන් උනා...
  සුහදව ප්‍රීතිමත්ව ඉදිරියට යන අතර තුර පලමු හමුවූ වූ නුරන්ග අයියා ඇතුලු තුන් කට්‍ටුව ඉතා සුහද මිතුරන් බවට පත් වී සිටියා..ඉතා තද නොවූ නමුත ලා මීදුම් පටලයක් අප අසල ‍රැදී තිබුනා එකෙත් එක කදු වලල්ලේ නැගෙනහිර බෑවුමට වන්නට ඉතා තදින් පැතිරී ගියා ආකාරයක් දක්නට ලැබුනා සාමන්‍ය වේගයට වඩා ටිකක් එහා ගිය තෙත සුලඟකින් ද හන්තාන කදු මුදුන ඒ වන විට වෙලී තිබුනා  ඒ අතර තවමත් පැහැදිලි අඩිපාරවල් දකනට ලැබුනා.කාලගුණේ ගැනයි පරිසරය ගැනයි කියනවා නම් එහෙම තමා ඒ වෙලාවේ විස්තර කරන්න පුලුවන් හා එකක් අමතක උනා හිරු එලිඅ ගැන සදහනක් කරනවා නම් එහෙම දෙයක් ගැන මට නම් ගමන පුරාවට හරි හැටි මතකයක් නැහැ..

මේවා හදන්න බඩු ගෙනාවේ කොහොම ද?

සංඥා  කුළුනු එක්ක

  වෙලාව 12ට ඉතා ආසන්න වෙලාවක් ඉතා කෙටි සාගච්ජ්වකින් පසුව නැවත චමිල් අයියා අදහස් පල කරන වෙලාවක් එහෙනම් අපි මෙතන ඉදන් දව්ල් කෑම ගනිමු.මොකද මෙතනින් එහාට ගිහින් කෑම ගන්නවා කියනේ කාලගුණයත් එක්ක අමාරුවෙන්න පුලුවන් වැඩක් අර  පෙන කදු ගැට්ට වෙනකම් අපිට තවත් ඉස්සරහට පැහැදිලි පාර තියෙයි එ නිසා ගමන අමාරුවක් නැති වෙයි .අපි අහපු 12.30 වෙනකොට පිටත් වෙමු.අපිට 4.30 වගේ වෙනකොට අපිඅට මුලු රෙන්ජ් එකම කවර් කරලා ගලහා ටවුමට යා ගන්න පුලුවන් වෙයි...කැම කා අවසානයේ හරියටම 12.30 පිටත් වීම සුලු මොහොතක් ප්‍රමාද වුනා  ඒ නුරංග වෛදය වරයා විසින් මහා කුඩැල්ලන් ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට  (කූඩැල්ලන් දෙදනෙක්) අනුශා අක්කාව භාජනය කිරීම හේතුවෙන් සුලු ප්‍රමාදයක් උනත් එය ඩෙටොල් සහ ලුණු නිශ්පාදිත සමාගමක් එක්ව  අප ගමන අඩාල කිරීම උදෙසා ගත් කූට උපක්‍රමයක වෙලද  දැන්වීමක් ලෙස සලකා කණ්ඩායම එය සිනහ මුසු මුහුනින් බාරගතෙමු.






      කෑමෙන් පසු කන්ද ප්‍රපාතයක් ලෙස පිහිටීම නිසාවෙන්  කන්දේ බටහිර පැත්තට වන්නට බැස නැවත වටයෙන් කදු මුදුණට සිදුව තිබුනේය..ඒ මොහොතේ නම් මඩ සහිත මාර්ගය ගමන සුන්දර කරන්නට පටන් ගෙන තිබුනි කන්ද පහලට වන්නට යටි වගාවෙන් තොර වූ සැහැල්ලු වන පොතක් නිර්මාණය  කර තිබීමෙන් අඩු කූඩලු ප්‍රහාර ප්‍රමාණයක් තිබුනි.නැවතත් වටයෙන් කදු මුදුනට නැග ගත් අප කලින් කදු මුදුනේ තිබූ මානා වලට වඩා මතක් උස් වූ මානා සහිත කදු මුදුනකට ලන්ව සිටියෙමු.එම කොටස කිලෝමීටර් බාගයක් පමන පසු කල පසු නැවත කදු ගැට්ටක් මත පිහිටි තරමක් යටි වගාවේ වැල් හා කුඩා ගස් වැඩි වනාන්තර කොටසකට පැමිනියෙමු.එය මදක් නැග්මක් සහිත් විය මලමු කොටස නැග්මකින්ද ඉන් පසු සරල තැන්නකින්ද එම පනය නිර්මානය වී තිබුනි.තවමත් පැහැදිලි අඩිපාරක අප ගමන් කරමින් සිටියෙමු..නැවත එය නිමා වෙන්නේ උස් වූ මාන සහිත කොටසකින් ඒත් සමගම පෙනෙන දුරින් තවත් වනපෙතක් නෙත ගැටේ...
            එය ඉතා පහසු වන පොතක් විය එය අවසානයත් සමය නැවත සුලන් වැඩි කදු ගැට්ටකට ලගා වූයෙමු එය තැනින් තැන මතු වූ ගල් පොත්තක් ද උස් නොවූ මානා ගස් වලින්ද සමන් විත වී තිබුනී..නැගෙනහිර බැවුම ප්‍රපාතයක් නිසාවෙන් අපට සැමවිටම ගමන් කරන්නට සිදුවන්නේ නැගෙනහිර බැවුමට බරව කදු මුදුනේය..ඉතා ඇතට විහිදී යන ලෙස එම කදු ගැට්ට පිහිටා ඇති අතර කාලගුණය නරක අතට හැරමින් තිබුනි..එහි අවසානයෙන් උස් නොවූ මානවලින් සමන් විත U හැඩයට  පල්ලමකින් කන්ද යුක්ත විය අනෙක් පස මුදුනින් වනාන්තරය නැවත ආරම්භ විය.පල්ලම බහින්නට ඔන්න මෙන්න තිබියදී අපිට වැස්ස ආරම්භ විය  ගමන මදක් නතර කොට වැසි ආවරණ පැලද ගතෙමු..පල්ලම අවසාන වෙත්ම අපගේ අඩි පාර කන්දින් පහලට විහිදී යයි ඒ හන්තාන තරණය කරනා බොහෝ දෙනාගේ හන්තානයි එහෙත් අපගේ ගමන මෙතකින්  නිමා කරන්නට අපට අවසි නැත  අපට අවැයි මුලු කදු පන්තියම යාමටයි..අඩි පාරවල් නොවූ හන්තානට අප  වැස්සේම පය තැබුවෙමු..








       GPS එකේ සටහන් ව ඇති පරදී අපට තවත් ආවක් මෙන් දුරක් යාමට ඇත දැන් අපගේ අරමුණ  සවස 5ටවත් පල්ලම් බැසීමටයි අඩිපාරක් නොමැතිව දැන් අපය යන්නට සිදුව තිබේ පලමු කොටස කන්දේ බාගයක් නැග වනාන්තරයට ඇතුලු නොවී වනාන්තරයට සමව කන්දේ මැද ගමන් කලෙමු ඒ වන විට අනුශ්ක හා ලංඩන්  ඉදියෙන් ගොස් මර්ගය තහවුර කරයි චමිල් අයියා මැද්ද  මා අවසානයෙන් ද කණ්ඩායම සමග සිටියෙමු.වඩා කල්පනා කාරී  වන්නට සිදු වී තිබුනේ ඝණ මීදුම හා තෙත කන්දේ  ඉක්මනින් ගමන් කල යුතුව තිබූ නිසාය.
          නැවතත් යටි වගාව ඉතා තද වනාන්තර කොටසක් අපිට පහු කර නොයා හැකිව තිබුනි තිබු එකම විකල්පය වනාන්තර් කොටස තරණයයි ගූගල් මැප්ස් එය තහවුරු කරාය එම වනාන්තර කොටස  කදු බැවුමේ පහලටම විහිදී තිබුනි.කවින්ද කදු මුදුනින්ම වනයට ඇතු වූ අතර අනුශ්ක මැදින් වන්නට වනයට ඇතුලු වූයේ අපට මාර්ගය තහවුරු කර ගන්නට හැකිද  බලන්නටයි ටික් වේලාවකින් අනුශ්ක කවින්දට ඉදිරියට නොයන්නැයි කිවාය ඉන් පසු මා සහ මහේෂ් අයියා  අනුශ්කයේ මාර්ගයේ ඇතුලු වී ඔහු අසලට ගියෙමු..ඔහු පෙන්වූ දෙයින් අපි වශිකෘත වූ අතර කවින්ද  කදු මුදුනින් ඉදිරියට නොයාම ගැන සතු‍ටු වුනෙමු..මන්ද කදු මුදුනෙන් ආරම්බ වෙන ඉතා දිගු පල්ලමක් පිහිටා තිබු බැවිනි එය කානුවක් සේ මීටර් 5ක් පමණ පලලට කන්ද පලල් කොට  තිබේ ඒ අතරින්  ඈත මීදුමෙන් වැසුණු නැගෙනහිර බෑවුමේ ගම්මාන ඉතා අපූරවට පෙනෙන්නට විනි.පඨකය සමා වන්න එහි සුන්දරත්වය මා හට විස්තර කල නොහැකියි..එය ඒතරමට අපුරුයි.
වමේ සිට මහේෂ් අයියා මං තුමා සහ අනුෂ්ක



කැලය මැදින් 2kmට ආසන්න දුරක් අප එන්න ඇත වාසනාවකට ගමන් ඉක්මන් විය මන්ද යත් වනයේ යටි වගාව අපිට  කරදර නොකර බැවිනි..මා දෙපා තවමත් කූඩැල්ලන්ගෙන් ආරක්ෂිතය නමුදු ගැටලුවකි වැස්ස මාගේ පාවහන් තෙත බරිත කර තිබුනි.කැලයේ මැද අපට දිය පහරවල දෙක තුනක්ම හමුවූ නමුත් අපට වතුර වල අඩුපාඩුවක් තිබුනේ නැත .තිබුනත් අපට ඒ වේලේ ගමනේ වේගය වැදගත්ව තිබුනි..කැලේන් එලියට වත්ම එළිමහන් ප්‍රදේශයකට අප එලබිනි නමුත්  එලිය කපා අදුර රජයන්නට පටන් ගෙන තිබුනි තද මීදූම මැද අපට අප සගයන්ගේ ආරක්ශාව වැදගත් විය එම නිසාම වේග මදක් බාල කර අප පෙනෙන මානයෙන් පෙලට ගමන් කලෙමු තෘණ පදුර සහිත් මේ බිම ඉතා තෙත බරිතය.ගවයන් සිටිනවා යැයි සාක්ෂි හමුවූ නමුදු  එකෙකු කෝ අපට දැක ගත නොහැකි විය ඒ කුලු හරක් නම් විය නොහැකි මේ කන්ද මුදුනෙහිම විය ..අපි කදු මුදුනට පැමිනියෙමු .. (මෙතනදි අප පලමු වරට ගමනෙහි ජාරූපයක් ෆෙස්බුකියට අප්ලෝඩ් කලෙමු ) නැවතත් අප හමුවේ ඇත්තේ කැලයකි මිදුම ඉතා තද නිසාම ඒ සමග පැමිනි පින්නද අපට හොදින් සැලකුවේ නැත.


      එයනම් එතරම් අමාරු නොවූ කැලයකි අප එය පහසුවෙන් තරණය කෙලෙමු..වනය ඇතුලු වත්ම මේ දැන් හාවන් දෙතුන් දෙනකු ලගින් යන්නට ඇතියි කියනා සාධක හමු විය පාඨකය ඒවා  කොල මත බොහෝ නැවුම් ලෙස තිබුනි..ඇත්තෙන්ම හා බෙටි නිරීක්ෂණයට වඩා අප මේ කන්දෙන් 6ටවත් එළියට යාගත යුතුයි...

සමා වෙන්න පාඨකය ලිපිය දිගු වැඩි නිසාම නතර කරන්නට වෙනවා..බොහෝම කාලයකින් ලිව්වේ.මන් සංචාර යනවා විතරයි ලියන්නේ නෑ නේ ඔන්න ලියන්න හිතුවා..එහෙනම් දෙවෙනි කොටසින් කණ්ඩායම හවස 6ට කන්දෙන් එලියට පැමිණියා ද?

දෙවන කොටස>>

#හන්තාන කදුවැටිය #හයික් # සමූහ

14 comments:

  1. //මන් සංචාර යනවා විතරය් ලියන්නේ නෑ නේ ඔන්න ලියන්න හිතුවා
    එකනේ බං.ඔය ලියල තියෙන්නෙ ලෙසටම.අඩෝ මයියා ඊලග ටිකත් දාපන්....

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා මහේෂ් අයියා

      Delete
    2. ඇත්ත යන හැමදේම ලියන්න පාඨකයන්ට රසවත් වේවි

      Delete
  2. ගොඩක් රසවත් ආකාරයට ලියලා තියනවා ඔබට සුභ පැතුම්

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඔය තියෙන්නෙ කතාවස්තුවම අටුවා ටිප්පනි එක්කම.. කන්දෙන් එලියට ඒම කොහොම වෙයිද...අපිත් බලන් ඉන්නෙ කොහොමද ආවෙ කියල..

    ReplyDelete
  5. සුපිරි ලිපියක් මලයෝ. ඊලඟ එකත් ඉක්මනටම ලියහන් (Y)

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. Nice Mahesh ..waiting for the part 2 - sudara

    ReplyDelete
  8. අපි කැම්පස් එක පැත්තෙන් නැගලා සිග්නල් කණුව පැත්තෙන් බහින එක කරන්නේ.. හරිම සුන්දර ගමනක්

    ReplyDelete
  9. මරු මරු, අපිත් මේ වගේ සංචාර යන්න වගේම ගිය ඒවා කියවන්නත් කැමතියි..

    ReplyDelete
  10. niyama hike ekak... GPS eka phpne ekeda neththam eththa GPS ekakda aran giye... ape yaluwo set ekath ekka yanna inee.. ara kele lokubsaththu innawada ?

    ReplyDelete
    Replies
    1. na loku sattu naha hantane
      GPS eka meka 4n eka newe- http://gpstracklog.com/buyers-guides/gps-for-hiking

      Delete
  11. දෙපාරක් හන්තාන නැගලා තියෙනවා. හැබැයි අර කිව්වා වාගේ භාගෙට තමයි. මුළු කඳු පංතියම ආවරණය කරන්න ලැබුනේ නැහැ.
    හොඳ සංචාරයක්... දෙවනි කොටස බලාපොරොත්තුවෙන් ඉන්නවා

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya