Showing posts with label #කැම්පස් ජීවිතය #බෝඩින් ජීවිතය. Show all posts
Showing posts with label #කැම්පස් ජීවිතය #බෝඩින් ජීවිතය. Show all posts

Tuesday, October 11, 2016

තරුණ මා ඒ ගුරුවරියට ප්‍රේම නොකරමි

දොර ඇරගෙන එලියට ඇවිත් එහා පැත්තේ වූ පඩිපෙල දිගේ උඩට නැග ඈත පෙනෙන තැනක වාඩි විය...                                         අහසේ හද පායා ඇත බස්නාහිරට බරව හද තිබෙන නිසා නැගෙන හිර තරු ටිකක් පෙනෙන්නට ඇත.අද හද නොතිබුනා නම් මීට වඩා හොදින් තරු දකින්නට තිබුනි.කමක් නැත රෑට හද පායා තියෙද්දී අමුතු ලස්සනක් ඇත රෑ කලුවර හැම තැනම වෙලාගෙන සිටින විට ඊට උඩින්...
Read More

Tuesday, September 20, 2016

අතීත මතකයක පහර

ලැප් එක අරගෙන මෙන්න මේ කියන තැනට නැ කියන තැනට ඇත්තටම කීවොත් මන් මේ දැනටමත් ඉන්න තැනට ආවාම දෙයක් සිද්ද වෙනවා.අතරමන් කරපු අසාධාරණයට ලක් කරපු දුර කාන්තාරයක හැර දමා අපු මතකයක් ඇවිත් පහර දෙන්න පටන් ගන්නවා වගේ ඒක අමුතු හැගීමක් අතීතයෙන් ඇවිත් ඒ මතකය ගහන්න පටන් ගද්දී වර්ථමානයේ ඉදන් ඒ වෙනුවෙන් කරන්න පුලුවන් මොනවා ද කියලා හිතන්න පටන් ගන්නවා නැත්නම් ඇයි ඒක දැන් කරන්න බැරි කියලා හිතනවා හිත හිත ඉන්න ඈතට යන හිතට කතා කරලා ඔහොම නැවතියන් කියන්නට හිතෙන එහෙම...
Read More

Thursday, July 7, 2016

බෝඩිමක බිත්තියෙන්

සිහිනෙන් පවා මගෙ සුඛ විහරණය පැතූ රජකම ගන්න රජගෙට ගියැ යි සිතූ අම්මා දන්නවා නම් සරසවියෙ තතූ ගෙනගොස් බොහෝ කල් මේ දුක විදින පුතූ -බෝඩිමක බිත්තියෙ...
Read More

Friday, June 24, 2016

"අම්මේ දැන් කැම්පස් ඇති වගේ"

කුප්ප හා කුජීත භූගෝලීය ප්‍රදේශයක වාසය කරන්නෙමියයි සිතට හැගේ. බලන් ගියාම හැගෙන්නට දෙයකුත් නැත කුහක නැති එකම තැන පිවිතුරු වනය පමණකි.ඉතින් යන්නට වෙලාවක් නැත.එක්කෝ ගෙදර යන්නට ඕනෑය "අම්මේ දැන් කැම්පස් ඇති වගේ" එක නිකම්ම පෝස්ට් එකක් නොව බහුතර විශ්වවිද්‍යාර්ථිකයින්ගේ අධ්‍යාපන පීඩනය හෝ ඒ කියන්නා වූ උප සංස්කෘතියක ගට්ටනයේ වෙහෙස ප්‍රකාශ කරන දරුණු ප්‍රකාශයකි.විශ්ව විද්‍යාලයකට පැමිනෙන ඔබට එක එක සීන් වලට සෙට් විය හැක.ආපු ගමන් වාත වීම හෝ නොවීමට ඔබ හා මම...
Read More

Monday, December 7, 2015

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 3

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 1 හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 2 කාටත් මතක ඇති නේ පන්විල පාරට සෙට් උන හැටි කැලේ ඇතුලෙන් ඇවිල්ලා.ඒ සටහන් දෙක්ක කියවලා නැති කෙනෙක් වේ නම් කියවලා එන එක අගෙයි ඕන්.කට්ටිය බලනවා ඇති මේ මයියා මොකෝ කාලකින් ලියන්නේ  කියලා.ගොඩාක් දෙනෙක් අහලා තිබුනා පෞද්ගලිකව පණිවිඩ එවලා තිබ්බා ෆේස්බුක් හරහා කො ලියන්නේ නැද්ද කියලා ඇත්තම කථාව නම් ලියන්න ආසයි ඊට වඩා කදු නඟින්න ආසයි එත් ඉතින් කැම්පස් කොල්ලෙක් වීමේ වාසනාව මත...
Read More

Friday, July 31, 2015

කැම්පස් සහ පෝය

ඇත්තටම කාලයකින් කථාවක් ලියන්න බැරි වුනා.ඔය ලැබෙන වෙලාවෙන් පොඩි වෙලාවක් සෙට් උනාම ඒ කියාගන්න බැරි දහසක් දේවල් පොඩි පද පේලි දෙක තුනකට දාලා පොස්‍ටුවකට එක් කරලා යනවා.මේක ලියන්නේ කැම්පස් එකේ කැන්ටිමේ මේසක් උඩට වෙලා.කාර්යයබහුලයි කියලා ජීවිතෙ දෙයක් තියනවා කීවාට ඒලෙවල් එහෙම ලියලා අවුරුද්දක් විතර ගත්වුනත් ඒ තරම්ම තේරුනේ නෑ .ඒත් අද දවස ගත්තාම මේ මොනාවාද කරන්නේ කියලා හිතෙන තරමටම ජීවිතය වෙනස් වෙලා ඉස්සර මාසෙකට එක සැරයක් කන්නදක් නැගලා බ්ලොග් පොස් එකක් ලියලා...
Read More

Monday, July 27, 2015

සුරංගනා ලෝකය

ලෝකය හමුවෙමි ලෝකය හමුවෙමු බොල් පිනි වැ‍ටුනු මල් දහසක්  අතරේ දස රිසිසේ  කුණා‍ටු රිසි පවනක් වන ලෝකයක් පතා අකුරු කර දුශ්කර වු හෙලක් තරණය  කරනවායි සිතා සිපිරි ගෙයක වූ  කූඩුවක සටන් කොට මැඩියා ලිදෙන්  ගොඩ වූවයි සිතා සුරාන්තයට පත්ව සුරංගානා ලොකයට  ගොඩවෙති වික්ෂිප්ත්ව නටති රඟති වෙහෙසවී දසත විපරමින් බලති නැවත ප්‍රමෝද වෙති මේ ඉන්නේ සුරංගනා ලෝකයේ නිසා....
Read More

Monday, February 23, 2015

දෙපැත්ත ද දෙපෙත්ත ද

දෙපෙත්ත හරියට දෙපැත්ත  වැනිය ප්‍රස්ථා පිරුල  "හැදෙන ගස දෙපෙත්තෙන් දැනේ" නැත " හැදෙන ගහ දැනෙන්නේ දෙපැත්තෙනි " විහිලුවකි! නැත! ඇත මිනිසෙකුට දෙපැත්තක් ඒ  ගැහැණිය ද පිරිමියාද නොව මනුෂයකු ද පඹයකුද යන්න වග ඇත පඹයන්  ලස්සනය සුන්දරය ආදරය මිහිරිය ප්‍රියය නමුදු ඇතුල හිස්ය අවබෝධය ඇවැසිය වන්නට මිනිසෙකු මිනිසෙකු  විටක සුන්දරය විටක නැවත සුන්දරය ඇත මුට්ටියක් වෙනුවට මොලයක් එය ඇත මුට්ටිය සේ හිස්ව ඇත එය පිරි...
Read More

Thursday, January 15, 2015

පිම්මක් පැන්නෙමි

තෝ තොපි උඹලා  වෙන දා ජාවා ද පි.එච්.පි ද අමතක විය සිතුවිලි තරග කරන  සිතක නිදහස් සිතුවිලි අවැසි විය සිතිවිලි නිදැහැස්  කරන්නට අවැසි විය ඉරකට හේතුවක් අවැසි කලක අදිනා තිතකටද සිතනා තිතකටද හේතුවක් සෙවිමි සැවොම රඟනා ලොකයේ රඟන්නට බැරිය වේදිකාව සුන්දරය නමුත් පෝලිමය තවමත් අලුත් පවුලක අප පෝලිමේය ප.ලි.- වෙනදා බ්ලොගයට සිතුවිලි ලියවෙන්නේ සුන්දර වූ ගෙදර කාමරයේ ය. නමුත් අද මා බොඩිමකය කැරෙකෙන පංකාවක් යටට...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya