Wednesday, January 23, 2013

නිදිවරන්නේ බලාගෙනයි, ඔබ මහත් වෙයි! Sleepless!! FAT??

නිදිවරන්නේ බලාගෙනයි, ඔබ මහත් වෙයි!
 
ඉස්සර පන්තිවලදී කට්ටිය කියනවා මතකද මේ බලහන්

"මූ මහන්සි වෙලා පාඩම් කරනවා මූ කෙට්‍ටු වෙලා ඇස් යට ගිහින්"


'මූ නම් කකා ඉන්නවා නිදා ගන්නවා මහත් වෙලා "
කියලා.


ඇත්තටම විද්‍යාව අපිව පුදුම කරනවා මෙන්න අලුත්ම විස්තරේ නිදි වරපුවාම මහත් වෙනව ලු ඇත්තටම අපිට පිලිගන්න අමාරු කාරණයක් වගේ ඒත්,


 චිකාගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යය බ්‍රෙඩ් විසින් කරන ලද පරීක්ෂණයකින් මේ ගැන තහවුරු කරලා තියනවා.

කාලේ අකාලේ කීවලු නේද එහෙනම් මෙන්න මන් ඒ ගැන කියවපු පත්තර කෑල්ල ලියවලාම බලන්න වැඩි විස්තර
..







ප.ලි.
 මෙය වැඩිදුර කියවන්නට අවසි අය සිටී නම් කියන්න මා මෙය නැවත ටයිප් කොට පොස්‍ටුවක් ලෙස දමන්නම් .

පරණ ඒවා හතරක්



#ආදරය ලොකුවටම ගූ ගොඩකි (කවි)
#රුවන්වැලි මාහා සෑ ගර්භයේ තවමත් දැල්වෙන පහන්
#නෙළුම් කුලුනේ අනුරුවක් නොමිලේම ගෙදර මේසේ උඩට ගෙන්න ගන්න
#ආතල් ගන්න කථා ලීවේ නෑ (+18)  

Read More

Friday, January 11, 2013



මේ සිනහ පිරුණු මුව කවුදැයි කියා අප දන්නේ මෑතකය නමුත් ඈ කවුදැයි දන්නෝ දනිති.කෙසේ වෙතත් අද වන් විට ඈගේ සැනකිලි මාසයක් බවට වසරාආරම්භයක් බවට මෙම වසර පත්ව අහවර.අද ශ්‍රි ලංකා ජනරය මහමග වසන්නා වූ දුගී මගින්ද (ප්‍රසිද්ධියේ සිගා කෑම ශ්‍රි ලංකාවේ තහනම්ය.එය හරිය වැල සයිට්  තහනම් සහ අන්තර්ජාලයේ ඒම අඩවි බ්ලොක් කර ඇතැයි කියූ රාජයක් ගිනිපෙත්තටම ගූගල් වාර්ථා ගැසූ කථාව සේ විහිලු කතාවක් පමණි. ) ඈ කවුදැයි දනි.මේ දවස් වල කෑ ගහන මෙතුමිය කවුදැයි මා සොයා බැලීමක් කලාය.මේ මට සමුවූ තොරතුරුය.
 ________________________________________________________________________________
උපත - 1958 කුරුණෑගල දී.
මව - ෆ්ලෝරා බණ්ඩාරනායක.
පියා - විල්සන් බණ්ඩාරනායක
පාසල් අධ්‍යාපනය - ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලය,, කෑගලු බාලිකා ම. වි., තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය,අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය.
උසස් අධ්‍යාපනය - කොළඹ විශ්වවිද්‍යාලය, නීති පීඨය, නීතිය පිළිබඳ දර්ශන උපාධිය, නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය.
තනතුරු - කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨය,
 සහකාර කථිකාචාර්ය,
 ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
 නීතිපීඨ අංශාධිපති,වැඩබලන උපකුලපති
 නීතිය පිළිබඳ මහාචාර්ය.
________________________________________________________________________________

                      මේ තොරතුරු සොයා බැලූ විට දැන ගන්නට ලැබූ තවත් දෙයක් නම් ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිණියමෙන් ලක්දරණ කල "ගැහැණිය" උඅසස් කිරීමට දායක වූ කටයුත්තක් මෙතුමියද කර ඇති බවය එනම් 2011 වසරේ මැයි මස 18 වන දා ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ලෙසින් දිවුරුම් දුන්නා ය. ඒ හතළිස් තුන් වන අගවිනිසුරුවරිය ලෙසින් පමණක් නොව ලක්දිව ප්‍රථම අගවිනිසුරුවරිය වශයෙනි. යුක්තිය පසිඳලන අධිකරණයේ තනතුරක් ලැබීම පෙර පිනක් සේ නොසිතුවත් එය කෙනෙකුගේ අනාගතය විසඳන වගකීම් සහිත තනතුරකි. අපේ රටේ අධිකරණ ඉතිහාසය ඉතා විමසිල්ලෙන් බලන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවිය දැරූ විවිධ පුද්ගලයන් ගැන විවිධ කතාබහ ඇත. ඒ කතාබහ වැඩිපුර පවතින්නේ තනතුරේ සිටියදී දෙන තීන්දු මත නොව තනතුරෙන් විශ්‍රාම ගිය පසු හැසිරෙන ආකාරය අනුවය.කෙසේ වෙත දැන් හරි අපූර්වත සිදිවීම් පෙලක් සිදුවේ.

 මේ සියල්ලේම මුලුක විස්වාසය පලුදු වීමකි.මා ලද දෙනුවත් වීම් අනුව ඇයට කන කොකා හඩන්නට පටන් ගත්තේ උත්තරීතර තනතුරේ සිදු අවිස්වාසය නිසාවෙනි.එක්තරා මෘද්‍රිත මාධයක පලවූ අන්දමට එහි මූල බීජය මෙසේ වන්නට විය















ඕනෑම රටක ඉහළතම ශ්‍රේෂ්ඨාධිකරණ නිලධාරියා වන්නේ අග්‍රවිනිශ්චයකාරවරයා ය. එවැනි පුද්ගලයෙකුගෙන් මුළු රට ම ඉතා ඉහළ මට්ටමේ හැසිරීමක්, විනයක් සහ යහපත් ක්‍රියාපටිපාටියක් බලාපොරොත්තු වනු ඇත. එහෙයින්, එම ධූරය දරන පුද්ගලයෙකු ඉහළතම අවංකභාවයක් අනුගමනය කළ යුතු ය. 

එපමණක් නොව, එම තනතුර දරන පුද්ගලයෙකු විසින් සමහරවිට මනුෂ්‍යයෙක් හැටියට ඉඳහිට වරදක් සිදු වූවත්, ඕනෑකමින් විනය කඩකිරීමක් හෝ දූෂිත ක්‍රියාවලියක යෙදීමක් කිසි විටෙක සිදු නොකළ යුතුය. එමෙන්ම, ඒ පුද්ගලයා තමාගේ ක්‍රියාපටිපාටිය ගැන කිසිදු ප්‍රශ්නාර්ථයක් මතු නොවන්නට ද, සැලකිලිමත් විය යුතු ය. 

ඊට අමතරව, තම මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් කිසිදු විෂමතාවයක් නොමැතිව කටයුතු කිරීමට ද අගවිනිසුරුවරු වග බලා ගත යුතුය. තත්ත්වය මෙසේ තිබියදී, වර්තමාන අගවිනිසුරු තුමිය වන ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එවැනි තලයේ ක්‍රියාපටිපාටියක් අනුගමනය නොකරන බව ඉතා පැහැදිලිය. 


ඈ රටේ උත්තරීතර නීතිය සුරකින්නිය වන විට ඈගෙන් මෙසේ "මල්ලෙන් එලියට පනින්නා වූ බළලා" කවරකුදැයි විමසිලිමත්ව බලා සිටින්නට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හැකි විය.
 ඔය කියන්නා වූ පර්ලිමේන්තුවද  ඈද ශ්‍රේෂ්ඨාධිකරණ ය මේ ආකාරයෙන් ගැටෙන්නට වුයේ රටේ මහජනතාවට වෙනත් කිසිම දෙයක් නැත යන හැගීම් මුදුන් පත් කොටගෙනය.එක් එක්කනා ගන්න තින්දු ප්‍රකාශයට පත් කරයි.

මධ්‍ය තම වගකීම් නොවඩුව ඉ‍ටු කරමින් තප්පරයෙන් තප්පරය එවා වාර්ථා කරයි.ඈට පක්ෂ විපක්ෂව හුදෙක් සාමානය ජනයා යැයි කියමින් උත්ගෝසන කරති.සමහරකු සම්හරකුට  ප්‍රසිදිධියේ පොලු ‍රැගෙන විත් පහර දෙති එහෙත් ටෙලිවිෂනයෙන් කට නොගෙන  මහජනයා මේ විකාර ‍රැගිලි බලා සිටි.තවකෙකු අමේ මහින්ද මාමාට ජය වේවා! යැයි කෑ ගසති.පාර්ලිමෙන්තුව  සති ගනන් ‍රැස් වී විවාද කරති.

එහෙත් එකකුට හෝ ගායක් නැති ලංකාවට හදිසි තත්ව ප්‍රකාශ කිරීමට අවසි නොවේ ඒ ලොක්කන් වෙනම වැඩ වල නිසාවෙනි එවා වැදගත් අපේ  ගම්වලට මදි නොකියන්ට වර්ෂාවෙන් හානි ය.ඒවා ගානක් නෙත් ඒවා ඉවසා මහ ජනයා මරග ‍රැගුම් බලා සතු‍ටු වේ!

හොද ලිපියක් -http://www.dinamina.lk/2011/05/23/_art.asp?fn=f1105234&p=1

Read More

Monday, January 7, 2013

ටැබූ කියා නටන්නේ කුමකට ද? Taboo Subjects

"ටැබූ නොවෙමි.ඔහුගේ පාඨකයෙක් පමණක් වෙමි.ඔහුගෙ ලිපි නැවත සංවාදයට ලක් කිරීම අරමුණ වේ."


 
 
මේ මොන ටැබූවෙක් දැයි මා නොදනි නැවත කරණමක් ගැසීමට මේ ටැබුවා සූදානම්ය.නමුත් අර්බුද ‍රැසකි

මේ පරණ ටැබූම ද ඇත්තටම ටැබූගේ ජීවිත කාලය වන්නට තිබුනේ මේ කාලයයි මන්ද මේ කාලයේ අපේ ටැබූ මහත්මයා ලීවානම් අපට රස පිරුණු සංවාදාත්මක බ්ලොග් ලිපි කියවන්නට තිබුණි.නැත්නම් මේ කරන්නේ කතන්දරයාගේ අලුත් නාටකයක් ද යන්නත දැනට එම බ්ලොග් අඩවියේ පාඨකයන්ට ගැටලුවක් වී ඇත.අපි වාසනාවන්ත පාඨකයන් වන්නට මේ සැබෑ ටැබූනම් අනර්ගය.


කාකා ගැන එහි පාඨක සැකය-
ටැබූ ආපහු..!! ආයෙ බ්ලොග් අවකාසෙ පරණ වෙනවාද? මන්දා!!! කකා...ග වැඩක්ද? කකාගෙ නොවෙන වැඩක්ද? දැන් ඉතින්!!! කල්පනා කරන්නම වෙනවා.එහි එක් ලිපියකට ඇනෝ අදහසක් මෙසේ විය.

සුපුරුදු සැකය "මේ ඉන්නෙත් කතන්තර කාරයාමද මංදා "

එහි එක් ලිපියකට ඇනෝ අදහසක් මෙසේ විය.

 "මේක හරියට පරණ රොබින් මැරුනාම අළුත් රොබින් ආවා වගේ වැඩක්. හැබැයි ගහන්නේ පරණ විස්කි අළුත් බෝතල් වලට දාලා.

බ්ලොග් අවකාශයේ දැන් කියවන්න්නත් වැදගත් යමක් නැති හන්දා මෙහෙම තියෙන එකත් ලොකු දෙයක්"



අලුත් රොබින් කෙනකු ආවාට පරණ රොබින් පොර කියා ඔහු පොර වූයේ නැත ඔහු පොර වුයේ ඔහුගේ වැඩවලිනි.


 මොනවා උනත් හැමවිට ටැබූ නම ඇසූ පමනින් නැවත ටැබූනම්  ප්‍රසිද්ධ බ්ලොග් කාරයන්ට මෙය ගැසීම වැලැක්විය යුතුයි.
 
මොහු කරන්නට සූදානම් වෙන්නේ ලිපි විචාරන්නට නම් එයට ටැබුගේ අනර්ග නම සේල් කල යුතු නැත.


 ඔහුගේ අඩවියක් වෙනත් නමින් ආරම්භ කොට එහි ටැබූගේ ලිපි විචාරන්නට පුලුවනි.

මොහු සැබෑ ටැබූ නොවේ නම් අරමුණ "ටැබූගේ" නම විකුණා කෑම ද?

http://www.taboosubjects-mirrored.blogspot.com???

ප.ලි.2013-1-01-10
උක්ත අඩවිය ප්‍රචාරනය සදහා යොදාගත් ලිපියක් නොවේ.


Read More

Thursday, January 3, 2013



ගුරු කීවාව මේ ගුරු කතාව වැඩිමනක් අදාල වෙන්නේ අ.පො.ස.උසස් පෙල  උගන්වන ගුරු විශේෂයකටයි.සමහරෙකුට කෙම්ස්ට්‍රි ගණිතය බයෝ ‍ෆිසික්ස් යනාදි විෂයනුත් එතනින් එහා ගිය කලා වණිජ විෂයත් පිහිටන්නට ගුරු වරුන්ගේ අදාලත්වයක් තිබේ ද? එසේ අදාලත්වයක් තිබෙනවානම් කොටසක් කැම්පස් යන්නත් ඉතා හොදින් සමත් වීමටත් හේතුව කුමක් ද?මේ දිනවල රූපවාහිනී වගේම මෘද්‍රිත මාධයේත් වපුරා තිබෙන ටියුෂන් කලාවක් අවශ්‍යනම් පාසල් වල අධ්‍යාපනය කුමකට ද? ටියුෂන් යන ළමයා පමණක් විභාගය සමත් වන්නේ ද?මේවා මා සිත තුල පැන නැගෙන්නා වු ගැටළුවක් නොව සමස්ථ සමාජයම අවධානය දිනාගත්තා වූ සාමූහික වූ ප්‍රශ්ණ වැලකි.

මෙවා එකින් එක ලිහා පැහැදිලි කරන්නට ගන්නා උත්සහයක්.
පළමුව ඉහත සදහන් කල පරිදී ගුරුවරයාගේ පලපෑම කෙසෙද යන්න.මාගේ මව මෙන්ම කුඩා කල ඔබගේ මවද ඔබව ඇගේ ඇකයෙහි හොවා යම් යම් දේ කියා දීම  ගුරුවරයාගේ අත්තිවාරම් සැලසුම ලෙස දැක්විය හැක.කොටින්ම කිවහොත් යමකුට යමක් ක්‍රමවත්ව පැහැදිලි කරන්නේ නම් ඔහු හෝ ඇය ගුරුවරයකු වේ.මා අද මෙලස අකුරු කරන්නට මා "අ" අකුරේ සිට ඉගන ගත යුතු මා පිය ආභාෂයයෙන් එහා ගිය කල සියල්ලක්ම ගුරුවරයකු යටතේ අධ්‍යාපනය හදාරයි.ඔහුනට හැකි වන්නේ යම් දෙනුමක් යම් කරුණක් අප හට පැහැදිලි ගෙන හැර දැක් වීම නම් විභාගයක ලකුණක් ගුරුවරයකු මත රදා තිබිය හැක ද  මා කියන්නේ නම් එය එසේය එය එසේම වන්නේය යන්නයි.
               මා උසස් පෙළ හදාරන පාසල් අවධියේ මාගේ පාසලේ කෙමෙස්ට්‍රි ගුරුතුමිය මට මතකය.පීරියඩ් එකට ලැබ් එකට ගිය පසු උසස් පෙල මුල් කාලයේ ඔහේ සටහන් ලියයි ඇය කියවයි.එකල කෙමෙස්ට්‍රි සංදේශ කාවයක් විය පැ‍රැක්ටිකල් දවසට ඈ අප ලැබ් එකට යන් විට සියල්ල සූදානම් කොට අවසන්ය පොතක් බලාගෙන සියලු සරායනික ද්‍රවය එක් කොට පොත බල බලා එක් කරයි "දැක්කා නේ ළමයි"  පොතේ ඇත්තේ නිල් පැහැය නම් දම් පැහැය සැදුනත් මාගේ ගුරුතුමියට එය නිල් පැහැ වූවා.කොටින්ම කියතොත් ප්‍රොෆෙසර් ජයතිලකගේ පොත ආපසු ලිවීමක් අප ඒ කාල ජෙදය තුල කලාය.මා සිතන්නේ අපට පමණක් නොව ලංකීය සිසු සිසුවියන් බොහෝ දෙනකුට පාසල් වලට ඒ සෙතේය.කොටින්ම කියතොත් එය පාසල් තුල රසායන විද්‍යා පෙල පොත විය.එසේනම් ගුරුවරයා කල යුත්තේ කුමක් ද ඔබ විමසාවී මාගේ දෙක්ම අනුව ගුරුවරයකුගේ වගකීම වන්නේ  ලමයා සතු සිතිමේ හැකියාව ඔහු තුල ජීවත් වන ඔහුව  එලියට ගැනීම මිස ඔහුන්ව යන්ත්‍රයක් කිරීම නොව.එයට ගුරුවරයාටම දොස් තැබීමම නිවරදි නොවන බැව් ද මා ප්‍රකාශ කරමි.
                මෙය සමස්ථ පද්ධතියක් තුල පවතින වරදකි.ළමයකුට යාන්ත්‍ර විද්‍යාව තියරි උගන්වා ගණනක් දුන් විට ඔහු නියමට ගනන් සාදාවි එහෙත් එක් වර "මචං මේ බිත්තිය කෙලින් තියෙන්නේ කොහොමද ?" ඇහුවොත් ඔහු උඩ බිම බලනු ඇත මන්ද තියරි ඔලුවලට පතබෑමෙන් වෘතිකයා විද්‍යඥා බිහිවන්නේ නැත් මෙලොව නිවුටන්ලා , ‍තෝමස් අල්වා එඩිසන්ලා  බිහිවන්නේ නැත.එන්තැල්පි ගනන් දහස් ගනන් සාදාවී එත් එන්තැල්පිය කියන්නේ කුමක් ද ඒ හා සම්බන්ද වටපිටාව සාමාන්‍ය පරිසරය විස්ථර කිරීමක් තියරි පමණ්ක් දන්නෙකුට බැරිය.ඔහු නියම සමාජ ගවේශකයකු පරිසරය තම පොත තුල දකින්නකු විය යුතුයි.ඒ වෙනුවෙන් ඔහු සූදානම් කල යුතුය.ඉන්ජිනේරුවන් වෛද්‍යවරු බිහිවේවි එහෙත් සියවසේ විද්වතකු බිහි නොවේවි.මේ ක්‍රම තුල  බිහිවන ශිෂ්‍යා ඉන්ජිනේරුවකු වන්නේ ඔහුගේ හද කැලබි ප්‍රශ්ණ වලට පිළිතුරු සොයන්නට නොව ලොකු ගෙයක් වාහනයක් වරප්‍රසාද හබා යන්නටය.උසස් පෙල කටපාඩම් කරගන්නා දෙයින් ලකුණකින් හෝ ඉස්සරහට යන්නටය එක ලකුණක් අඩු වන්නා විද්‍යාපීටය ඔහුට ලකුණකට අඩු වන්නේ ඉන්ජිනේරුවා වෛද්‍යවයා නොව සමාජීය වරප්‍රසාදය අද ක්‍රමය ලමයා හුරු කරවන්නේ තරග කරන්නේ වරප්‍රසාද  සදහා පමනි.
    මේ නිසා ගුරුවරයාට හැකි පමන මෙය වෙනස් කල යුතුය ගුරුවරයා ද ප්‍රොෆෙසර්ගේ පොතේ යැපෙන්නෙකු නොවිය යුතුය.
තවත් ඉතිරි ප්‍රශ්න තිබේද නැත සියල්ලන්ම දුවති ඒ වෙනුවෙන් ඉතා කාර්යක්ෂමවත් ක්‍රම්වත් අන් අයට නොව‍ටු දැනුමක් කියනා තියරි ගොන්නක් ‍රැස් කල යුතුයි මන්ද එකක් හෝ අඩු වුවහොත් සමාජීය වරප්‍රසාදයේ සිදුවන් වෙනස් වීම එක් තියරි කෑල්ලක අඩුපාඩුවක් නොවේ.

මා මාව නිවරදිය සියල්ලන්ම එකග තාවකට පැමින මේ ක්‍රමයේ වෙනසක් සිදු කල හැකි නම්.මේ දිවිල්ලේ ඉලක්කය වරප්‍රසාදය නොවේ නම්.මේ බුද්ධිමත් මොල ගෙඩි නැවත අයිස්ටයින් ප්‍රතිවාදියන් බිහිකරනු ඇත.
Read More

Tuesday, January 1, 2013

ආවඩා ආයුබෝ වේවා!


 ආවඩා අයුබෝ වේවා එහෙනම් ඔන්න ආයේ ඉතින් පටන් ගත්තා .ගිය අවුරුද්දට අඩුපාඩු නැතිව ඔන්න 70වක්ම ලියලා තියනවා.මේක බ්ලොග් ලියන කියන කබ්බන්ට කබ්බියන්ට හොද අවුරුද්දක් වෙයි මොකද මේ 27 ගේට්‍ටුවත් එනවානේ.තව පැය කීයද එතකොට 2013 අවුරුද්දෙත් දවසක් ජීවත් වෙලා අහවරයි.

මේ අවුරුද්දේ මොනවා ලියන්න ලැබෙයිද කියන්න දන්නේ නෑ.ඒත් හිනාව පිරුනු දේවල් ලියන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ම්.. එහෙනම් කථාවක් ලියන්නම්

ඔන්න පෙරපාසල් යන පොඩි දග කොල්ලෙක් ඉන්නවා අපේ ගෙවල් පැත්තේ පොරගේ අම්මා තමා මට මේ කතාව කීවේ.
දවසක් ඒ පොඩි එකා එයාගේ අක්කත් එක්ක හවස බුදු පහන තියලා ගාථා කියනවාලු. ගාථා කියන අතරතුර පොර අක්කාට ඇගිල්ලෙන් ඇනලා.ඔක්කෝම ඉවර වෙලා ඇවිත් අම්මාට කියනවා ලු  අම්මා අක්කා දැක්කාද ගාථා කියනකොට හිනා වෙනවා ඔවා බුදු සාදු බලාගෙන ඉන්නේ කියලා.
නෑ අම්මා මල්ලී මට ඇගිල්ලෙන් ඇන්නා කියලා අක්කා කීවලු.
පොර කීවලු බුදු සාදු මගේ යාළුවානේ ඒක නිසා ප්‍රශ්ණයක් නෑ කියලා.
අර ඇන්ටි ඇහුවාලු ඒ කොහොමද කියලා.
පොඩි එකා කියපි "මං දහම් පාසල් ගිහින් ඉන්නකොට දවසක් ළමයි ඔක්කෝම සෙල්ලම් කරන්න ගියා ඒත් මන් විතරක් පංතියට වෙලා හිටියා බුදු සාදු ඒ වෙලාවේ ඇවිත් මගෙන් ඇවිත් ඇහුවා ඇයි සෙල්ලම් කරන්න යන්නේ නැත්තේ යාලුවෙක් නැද්ද මං යාලුවා වෙන්නම් කීවාලු"

මොනවා උනත් මට හිතෙනවා මේ පොඩි එකා හොද බ්ලොග් කාරයෙක් කතෘවරයෙක්  වෙයි අනාගතේ.

ඔන් ඔහොම මේ අවුරුද්දෙත් ලියන්වා මගේ ලියවිල්ලේ ‍රැඩිකල් වෙනස් නම් නෑ සුපුරුදු පරිදී ලියමි ඉදිරියත්.

මං දැක්කා පොඩි ප්‍රවෘතියක් මේ විදියට
"
මිලියනයකට ආසන්න පාසල් සිසුන්ට නොමිලේ සපත්තු ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කර ඇතැයි, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද මැණික්හින්න ප්‍රදේශයේ සිසු දරු දැරියන් පිරිසකට පාසල් උපකරණ ලබාදීම සදහා පැවති උත්සවයකදීය.

එය "ජය කෙහෙළිය" පදනම විසින් සංවිධානය කරනු ලැබ තිබේ.

"මිලියන තුනකට ආසන්න දරුවන් ප්‍රමාණයකට සපත්තු කුට්ටමක් ලබා දෙන්නත් මේ වෙනකොට ගණන් හදලා බලලා අවශ්‍ය අය තෝරලා මිලියනයකට ආසන්න ළමයි ප්‍රමාණයකට පළවෙනි වසරට මේ වසරේ ලබාදෙන්න  තීරණය කළා. මේ සියල්ලම කරන්නේ අපේ මේ පුංචි දූ දරුවන්ට මානසිකත්වය ශක්තිමත් කරමින් තියෙන සුළු සුළු අඩුපාඩුකම් මහා පරිමාණයේ අඩුපාඩුකම් හෝ වේවා ඒවා සුළුවෙන් හෝ තමන්ගේ යම්කිසි විදිහේ අවකාශයක් ලබමින් මූලික පරමාර්ථය වන අධ්‍යාපනයේ මධ්‍යස්ථානයක් බවට එහි කොටස්කරුවන්ට අපේ මේ පුංචි දූ දරුවන්ට ඒ මානසික සහනයක් එක්ක අධ්‍යාපනයේ කටයුතුවල නියලෙන්න තමයි මේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරන්නේ

"


අනේ  ඔය දන්න දන්න ලොකුක්කනේ මානසික සහනය වෙනුවෙන් ඔයිට වඩා දේවල් මේ දරුවන්ට කරන්න පුලුවන් මොකුත් ඕනි නෑ අඩුම මේ අවුරුද්දේ පවත්වන විභාග ටිකවත් අපක්ෂපාතිව තිබ්බානම් ලංකාවේ මිනිසුන්ගේ ලොකුම මානසික සහනය ඒ දේ වෙයි.

එහෙනම් 2013 පලවෙන් පෝස්‍ටුවත් මේ විදියට අහවර කලා ඕන්....

http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2013/01/31-page5-c1.jpg
 ප.ලි.
ඔබ සැමගේ අලුත් අවුරුදු ප්‍රාර්ථනා සර්ථකම වේවා!
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya