මල්ලී ඔය බස් එක අතුගාලා දාපන්..
හා ගුණපාල අයියා මම අතු ගාලා දාන්නම්
අයියා යන්නේ....
මන් බාගයක් අරන් එන්නම් උබ හිටපන් මන් යන ගමන් උබවත් දාලා යන්නම්..
ගුණපාල අයියා ගෙනා කොත්තුව කා දෙදනාම ගල් බාගෙන් හොදින් සප්පායම් විය.ගුණපාල පෞද්ගලික බස් රථයක රියදුරෙක් සරත් ඔහුගේ කොන්දොස්තර කොළුවාය.ගුණපාලගේ ගම දුෂ්කර එම නිසාම සතියේ අග දිනවල බස් රථ අයිතිකරුගේ නිවසට බසය දමා සරත්ගේ නිවසේ නිදයි.අද ඉරිදා දිනයකි ඉරිදා දිනවල අයිතිකරුගේ අවසරය පිට ගුණපාල බසයද රැගෙන තම ගමට යයි,මන්ද සදුදා දිනවල ඔහු බසයට ටර්න් එක එන්නේ දවල් වරුවේ නිසාවෙනි.
ගුණේ අයියා එහෙනම් අපි යන් නේ ද? දැන් 10.30 පහු වෙලා අයියට අර කැලේ සැහෙන්න දුර යන්නත් එපෑ තනියම.
ඔව්.මල්ලි යම්න් ඔය සීට් එක පිටිපස්සා බලපන් මල්ලක් තියනව ද කියලා.
තියනවා අයියා ආ මේ තියෙන්නේ..
පොඩි වුන් දෙන්නට ඇපල් ගෙඩි දෙකක් ගත්තා බන්..
එහෙනම් යමන් මල්ලි..
********************************
අයියා මන් ඔය ඉස්සරහින් දාපන් ..
උඹව අපේ ගෙවල් පැත්තේ එක්කන් යන්න ආසයි බන් කොහෙන් ද ඉතින් අපිට නිවාඩුවක්..මේ අවුරුද්දට වත් වරෙන්කෝ..
අද උඹව එක්කන් ගියොත් ගෑනීගේ මූන හරි නෑ දන්නේ නැද්ද,,සතියකට එක පාරයි නේ මාත් ගෙදර යන්නේ...
හරි අයියා එහෙනම් පරිස්සමින් යන්න.මන් යනවා..
හරි මලයා..
ගුණපාල බස් රථය පදවාගෙන යයි.හප්පා තව කිලෝ මීටර් 20ක් යන්න එපැයි..
ඈ..බොල ගැනීයක් නේද අත දාන්නේ...
බරාආආආආආආ.ස්ස්ස්ස්ස්........... බස් එක නැවත්වු ගුණපාල..මේ රෑ තනියම කොහේද නංගි නගින්න..
මන් යටවර හන්දියට යන්න අයියා...
ආ නගින්න මන් දාන්නම්..මේ පාරේ අය වාහනයක් වත් එන්නේ නෑ 11 ත් පහු වෙලානේ..
එසේ කියන ගමන් ගුණපාල තමන්ගේ අත් ඔරලෝසුව දිහා බැලීය.12.5 සැහෙන්න වෙලා ගිහින් නේ.ඒ ගමන් ගුණපාලගේ හිතට ඇති වුයේ කුකුසකි.සුදු සායකුත් බල්වුසයකුත් ඇදගත් මේ ගෑණි ආ හැන්ඩ් බැග් එක කුත් දාගෙන මේ මහ රෑ කොහේ යනවද දන්නේ නෑ.මත් මාර මෝඩ වැඩක් කර ගත්තේ...
ඒ ගමන් ඈ නැගපු තැන පසුවී යනවා ගුණපාල බළුවාය.යකෝ මේ යටවර කනත්තනේ..මේකි නැග්ගේ කනත්තට මීටර් 10ක් වත් නැති තැනකින්නේ..මෝහින්නීවත් ද නෑ..වෙන්න බෑ..මේකී සාරියුඅක් ඇදගෙන නෑ නේ.අනික මට බබෙග් ගේ කතාවක් කීවෙත් නෑ නේ.වරෙන්කෝ මගේ බෙල්ල කඩන්න අන්දන්නම් මම රෙද්ද..
මොනවා සිතුවත් දැන් ගුණපාලගේ ගත දහඩියෙන් නෑවී අහවරය.
විගසින් කණ්නාඩියෙන් ඇය වඩිවූයේ කොතන දැයි බැලුවාය...
මොනවා කෝ යකෝ මේකී..
ගුණපාල හැරී බසයේ පිටුපස බැලීය..
අම්මේ යන්න්තම් ඇති..
පිටිපසුම අසුනේ කොනට වන්නට ඈ වාඩිවී සිටියාය.ඇත්තටම ලස්සන ගැහැණියක්.පිරිපුන් කය මතට ඇදි වුන් සුදු දුහුල් ඇදුම ඇ තවත් ලස්සන කොට තිබුනි.
ගුණපාල..ඉදිරි පස හැරී කණ්ණාඩිය ඈ ඉන්න පැත්ත පෙනෙන සේ සකසා ගත්තය.
ඈ මුව පලල් කොට අණ්නාඩියෙන් ගුණපාලට සිනාසීය.අවුරුදු 30ක් වු ගුණපාලද හොද තරුණ පෙනුමය.ඇගේ සිනහවෙන් ගුණපාල වෂී වූවාක් මෙනි.
ගුණපාල කණ්නාඩියෙන් ඇය නොපෙනෙන සේ සැකසීය.එසේ කලේ මන් දයි යන්න ගුණපාලට ද ප්‍රශ්ණයකි.දැන් ඇය පෙන්නේ ද නැත.හැරී බලන්නටද බැරිය.අහන්නට දේ බොහොමයක් තිබුන ද හිත තාමත දෙගිඩියාවෙනි.
එක්වරම පිටිපසි එන සද්දයට ගුණපාල කන් දෙන්නට විට..
කරස් කරස් කරස් මේකි මොහීනිද ..ළමයා කන්වාවත් ද?හැරී බලන්නට ගුණපාලගේ හිතේ හයියක් නැත..දැන්නම් දඩිය ගලන්නේ වෙස්සක් වහින්නාක් මෙනි.
එක්වැරම කණ්නාඩියදෙස බලිනි..ඈ බසයේ තන් ඉන්නා දිශාවට එන ගමන්ය.අත් දෙක පන නැතිවී ගියාඅක් මෙනි. තිරිංග තද කරන්නට කකුලත් පන නැත..
අයියා....
බිස්කට් එක්ක කනවා ද?
ඒ සුපර් ක්‍රීම් කැකර් බිස්කට් පැකට්‍ටුවකි.සිනාසී එය ඈ මාවෙත දිගු කොට සිටි..
ඇයි අයියේ බය වෙලා වගේ අයියට අසනීපයක් ද?
මතු සම්බන්දයි.
ඉතිරි කොටස බලා පොරොත්තු වන්න.
හොදයි ද මගේ කතාව.මොනවා හරි කොටලා තියාලා යන්නකෝ අ...
03. තුන කොටස කියවන්න>>