Thursday, June 21, 2012

ඇන්ටි මට දුව දෙනවාද?

ඊයේ මේ කතාව ලියන්න වෙලාවක් ලැබුනේ නෑ ඒක නිසයි අද උදෙන්ම ලියන්න හිතුවේ.මගේ ලිපි හොද ? පස්සෙන් පන්නන සෙට් එකේ දෙතුන් දෙනෙක් වැඩි වෙලා තියෙන්නේ.හොද කමෙන්‍ටු කිහිපයකුත් වැටිලා තිබුනා.ඒ ශක්තියටත් ගොඩා ස්තූතියි හොදේ..ආ කමෙන්‍ටුවක් නොදා ලිපි  බලලා කියවලා යන ඈයොන්ටත් ගොඩක් ස්තූතියි ඈ..

         මගේ මේ තීම් එකේ කමෙන්ට් කරන අයගේ නම් තියෙන්නේ කළු පාටින් නේ එකේ කෝඩ් එක හොයාගන්න ට්‍රයි කලා හරියන්නේ නෑ හොයා ගන්න බැරි වුනා නේ.හොයා ගත්තානම් වෙනස් කමක් කොර ගන්න තිබුනා.මඩිස්සලේ නිශාන් ගේ හෙල්ප් එක කින් කමෙන්‍ටුවට රිප්ලේ කෑල්ලක් ඇඩ් කොර ගත්තා ඒත් හිතට ‍ෆිට් නෑ නැතුව ඒක හොදා ඉතින්.ඕවා ඉතින් මටමනේ වෙන්නේ හරි හරි දැන් නිකන් වටේ යන් නැතිව කතාව කියන්නම් කෝ.


ඊයේ උදේ පාන්දරම මං නුවර හෝල්ට් එකක  ඉන්නවා හරි හෝල්ට් එක කියනවානම්.පැණීදෙනිය හෝල්ට් එක කවුරුත් දන්නවා නේ..දන්නේ නැත්නම් නිකන් හෝල්ට් එකක් හොදේ..
ඔතන උදේ පාන්දර ස්කෝල් වලට යන්න කොල්ලෝ කෙල්ලෝ පිරිලා.මං හිටන් හිටපු  තැනට පොඩ්ඩක් එහායින් මහනුවර ජනප්‍රිය පාසලක මල්ලි කෙනෙක් හිටන් ඉන්නවා.

ඔන්න බොලේ ටික වෙලාවක් යනකොට ලස්සන නංගි කෙනෙක් (ස්කුල් කිට් එකෙන් මහනුවර ජනප්‍රිය පාසලක ) අම්මා එක්ක එනවා.නංගී බය වෙලා වගේ..මං අර මල්ලි දිහා බැලුවා හරි පොරත් රතු වෙලා.ඇන්ටි අර මල්ලි ගාවට යනවා.

               
ඇන්ටි අර මල්ලි ගාවට යනවා.ඔයාලාට හිතුණු ටිකම මටත් හිතුනා ෂා දැන් නම් එක්කෝ මේ සෙනග මැද අරූට බනිනවා.නැත් නම්  කනට ගහනවා.නැත් නම් කෙල්ලට ගහනවා.ඒත් කෙල්ලගේ මූනේ නම් බය පාටක් පෙනුන් නේ නෑ.අර මල්ලිත් මන් ගාවම හිටිය නිසා මට බයත් හිතුනා.මටත් මෙතන හිටන් ඉදලා චාටර් වෙන්න වෙයිද කියලා .මාත් ඕනි මගුලක් කියලා එතනම හිටියා.

ඇන්ටි අවා.මං හිතුවා....... මන් හිතුව එක වැරදුනා.

පුතා ද කසුන්

ඔව් ආන්ටි

දැන් මේක පටන් අරන් ගොඩාක් කල්ද?

එචර කාලයක් නෑ

හරි මේක පටන් ගත්තාට කමක් නෑ හොදට ඉගන ගන්න ඕනි.මගේ කෙල්ලට දුක් විදින්න බෑ නේ.
අන්කල් ෆෝන් එක මෙයාට දෙන්නේ නෑ පාඩම් වැඩ කරගන්නේනැති වෙයි කියලා.
ඔයාලට කතා කරන්න මීට් වෙන්න වෙලාවල් තියනවා නේ..

යකෝ මගේ කනේ දෝශයක් වත් ද?
ඇන්ටි දැක්කා මන් කතාව අහගෙන ඉන්නවා.ඊට පස්සේ දෙන්නාව අඩගහගෙන ගියා.ටොරින්ටන් එක උඩට.
අනේ දෙයියනේ මට නිකන් හීනයක් වගේ.අය ඉතින් ඇන්ටි මට දුව දෙනවාද? කියලා ඒ පොරට අහන්න ඕනි නෑ නේ.
කොහොමද නේ ඔහොම කෙල්ලක් සෙට් වුනා නම් හක්කෙන්ම ගලවන්න තිබුනා.අලුත් කතාවක් අරගේන් අහපු එන්නම් .කමෙන්ට් කියලා එකක් පහල තියනවාලු ඔන්න
---------------------------------

අලුත්ම විද්‍යා ප්‍රබන්දය කියවන්න >>>>>> 04.මම සහ මම  


කමෙන්ට් කියලා එකක් පහල තියනවාලු ඔන්න.

17 comments:

  1. නූතන යුගයේ අම්ම කෙනෙක් වගේ! ගහල බැනල නීති දාල වැඩේ දෙල් කර ගන්නවට වැඩිය, ඔය විදිහට විසදගෙන ලමය ගැන කල්පනාවෙන් ඉන්න එකෙත් වරදක් නෑ එක අතකට!

    ReplyDelete
  2. @ගිමන් නිවන්නාඒ කතාවට නම් මාත් එකගයි.දෙල් කරනවාට වඩා ඔය විදිය හෝදයි.හේතු ගොඩක හා අත්දැකීම් ‍රැසක් මත පදනම් වු ප්‍රකාශයකි.
    මොකද ටික කලකින් ඔය ඩබලම ඕක නවත් වයි නැත්නම් ඉගනත් ගෙන සාර්ථක කාතාවක් වේවි නැත් නම්.ගෙදරින් බලපෑම් ආවොත් ඕවගේ අස්තීර ටීනෙජස් ලව් ස්තීර වෙන එකයි වෙන්නේ

    ReplyDelete
  3. Design -> template-> customize -> advanced -> links -> Link Color සහ Visited Color වෙනස් කිරීමෙන් කොමෙන්ටු දාන උදවියගෙ නම් ඩිස්ප්ලේ කරගන්න පුළුවන්. කළුපාට අත්හැරල වෙනත් ලා පාටක් දුන්නම හරි.

    ReplyDelete
  4. අනේ ඇත්තට හැම නැන්දම්ම කෙනෙක්ම මේ වගේ හොදයිනම් කොච්චර හොදද...මගෙ නැන්දම්මත් මෙහෙම උනොත් හොදයි :D

    ReplyDelete
  5. @රාජ්කරා අයියේ වෙන අවුලක් තියෙන්නේ..හිතා ගන්න බෑ පිටිපස්සහින් තියන කළු පටිය තමා මං හිතන විදියට අවුලක් වෙලා තියෙන්නේ.

    ReplyDelete
  6. @Śãşĭńđũ පස් මහ බැලුම් බලලානේ ඉපදෙන්න ඕනි. :D :)

    ReplyDelete
  7. හෑ සිරාවටම ඔහොම නැන්දම්මලා අපිටත් සෙට් වෙනවන් හ්ම්ම්ම්...

    මචන් කස්ටම් ටෙම්ප්ලේට් දැම්මම ඔහොම තමා ඔක්කොම එඩිට් කරගන්න වෙන්නේ HTML කෝඩ් වලින්ම තමා නැත්තම් සෙටින් වලින් හදාගන්නවා නම් බ්ලොගර්ලා දෙන ටෙම්ප්ලේට් එකක්ම පාවිච්චි කරන්න වෙනවා එහෙම නැතුව කස්ටම් ටෙම්ප්ලේට් වල කෝඩින් වෙනස් කරගන්න නම් ගූගල් සර්ච් කරා නම් විසඳුම් හොයාගන්න පුළුවන් ට්‍රයි කරපන් මචෝ...

    ReplyDelete
  8. ෆේස් බුක් එකේ ඉන්න නංගි කෙනෙකුත් කිව්වා එයාටත් අම්මයි ආච්චියි දෙන්නම සපෝට් කියලා ඔහොම කතාවක්. සීන් ඒක තාත්ත දන්නවා නම් මරනවාලු. අයියෝ සල්ලි :P

    ReplyDelete
  9. බොරු නෙමේ,, මම අදුරන පොඩි කෙල්ලෙකුත් ඔහොම සම්බන්ධයක් පටන් ගත්ත. (කොළඹ සල්ලි ගෙවල යන ලොකු බෞද්ධ ඉස්කෝලෙක) මම හිතුව තාත්තට මාට්ටු උනොත් මේකිට අම්බානෙක කන්න වෙයි කියල..
    හික්,,,, හික්,,,, අන්න මාට්ටු වෙලා.
    ඔය විදියටම වැඩේ සෙටල්. දැන් දෙන්න රූම් ගානේ අදිනව.
    කොල්ල ගිය ආත්මේ සෑහෙන පිනක් කරලා තියනව..

    ReplyDelete
  10. මල්ලි උඔට ෂුවර් නේ උඹෙ කන් හොඳට ඇහෙනවා කියලා....
    යකෝ අපිට ඔහොම නැන්දම්මලා නෑනෙ...

    ReplyDelete
  11. මවගේ ක්‍රියාව මම අනුමත කරමි. දරුවන් ගැන අවබෝධයෙන් කටයුතු කරනා මවක විය යුතුය. ජය..!

    ReplyDelete
  12. අන්න ලක් කාරයෝ... බඹරේ වැල්ලේ කැරකෙන්නේ ඒ වගේ උන්ගේ තමා...

    ReplyDelete
  13. උඹනම් මාර ලක් කාරයෙක් කොල්ලෝ.....නැත්නම් ඉතින් ඔච්චර ලේසියෙන් ඔය වැඩේ කරගන්න පුළුවන් වෙයි ඈ......

    ReplyDelete
  14. මේවා පුදුම නෙවෙයි බං.මගෙ බොක්කේ ෆිට් එකක් හිටිය උටත් ඔහොමයි.ඌ කෙල්ලගේ ගෙදරත් නිතරම ගියා.තව මං දන්න අයියා කෙනෙකුටත් ඔය ටිකමයි.ආයේ මොකට කියනවද ඔක්කොම නුවර කස්ටිය.

    ReplyDelete
  15. අනේ වාසනාවන්....
    හැමෝම මෙහෙම නම්.................

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya