Sunday, July 1, 2012

+18 පසුව මං මෙහෙම ද?

ඊයේ නින්දට යනකොට සෑහෙන්න රෑ වෙලා තිබුනේ.අද දවසම සෑහෙන්න  වෙහෙසකර දවසක් නිසා ඇගට හොදටම මහන්සිය තදටම දැනුණි.
         මේ දවස් වල මගේ ලිපි එචර හොද නෑ වගේ,මොකද කට්ටිය ගෙන් ප්‍රතිචාර නෑ.කමක් නෑ ඉතින් කොහොමත් එහෙමනේ.. අද  ඉතින් කවුරුත් මතක් කර කර ඉන්නට වෙලාවක් නැත් ඇදට වැ‍ටුනු ගමන් නිදි දෙව්දුව ගාව. හ්ම්..ටික වෙලාවකින් මට නින්ද යන්න ඇත.

    මං නිදාගෙන් ඉන්නවා මට් පේනවා..කොහොමද මට පෙන්නේ  මේ නිදාගෙන ඉන්නේ මං එතකොට කොහොමද මං කවුද? මං ඇද උඩ නිදා සිටියදීම මං රිමෝට් කොන්ට්‍රෝල් එක අරගෙන කාමරයේ බල්බය දැම්මා.මං නිදාගෙන ඒත් මං කවුද?මං ඉක්මනට දොර ඇරගෙන බාත් රූම් එකට ගියේ මං කවුදැයි බැලීමටයි.මේ මං ඒත්.. නිදාගෙන ඉන්න මට වඩා ත‍රැණව මාව කණ්නාඩියෙන් පෙනෙයි.බඩ අඩුවෙලා අත් එහෙම මෝරලා.අතේ ගෙඩියක් එහෙම හදාගෙන.මං ත‍රැණ වෙලා එතකොට මන් නිදාගෙන ඉන්නේ ඒ කවුද? මං ලොකයේ තවත් මානයකද? නැත් නම් කාලය තරණය කරලා ද?
                     ඉකමනට දුවගෙන මන් කාමරයෙන් එලියට ගියා.මං මේ ඉන්නේ කොහෙද? ගොඩාක් ලස්සන ගෙදරක් .ටීපෝව උඩ තිබ්බ පින්තුරයක් මං ටක් ගාලා  අරගෙන බැලුවා මොනවා මන් බැදලා මේ කවුද ලස්සන අහිංසක කෙල්ලක්..මං රජ ඇදුම ගහලා කෙල්ලත් ලස්සනට ඇදලා .අනික් පින්තූරය අතට ගත්තේය ඒ උපාධි ප්‍රධාන උත්සවයක පින්තූරයකි.ඒ මං ඔව් මේ මම..මන් අහපු කාමරයට යන්නට ආපසු හැරී දොර දෙස බැලීය එලිය ආ දොර එතන නැත.සාලයද  සුන්දර කෑම කාමරයක් ද පසුකර කුසියකට ගොඩවිය.මා සමග අතන් තිබූ පින්තූරයේ  හිටපු ලස්සන කෙල්ල.එතකොට දැන් මං මේ අනාගතේ ද ඇවිදින්නේ.
      ඈ කැමක් පිලියල කරමින් සිටී.කවුලුවෙන් වැටෙන හිරු කිරණ ඈ ඇද සිටි දුහුල් ඇදුම විනි විද ගියාය ඇත්තටම ඇ ලස්සනයි.එක් වරම ඈ මා දෙස බැලීය.

පැටියෝ දැන්ද නැගිට්ටේ ඈ දුවගෙන විත් මාව බදාගෙන මගේ දෙ‍තෝල් සිප ගත්තා.

මේ මං ද මට දැනෙනවා.
මොනවද කල්පනා කරන්නේ.අද ඉරිදා ඔයා ගෙදර නේ..මං පොඩි කෑමක් හදනවා..ඔයා වොෂ් එකක් දා ගෙන එනවා ද? ආ..
මං ටක් ගාලා කෑම ලැස් ති කරන්නම්..

ආ හරි යැයි මන් කීවා ය.

හැකි ඉක්මනින් ගෙදරින් එලිඋයට ගොස් බැලීමට මට උවමනා විය.
බබා ඔන්න ඔයාගේ ෆෝන් එක.ඈ කෑ ගැසීය.
මන් ඉක්මනින් ටීපෝව උඩ තිබු විදුරු කැටය අතට ගත්තාය.වීඩියෝ කෝල් එකක්
තරුණයකුගේ සිනාබර මුහිනක් එහි දිවිය.
ගුඩ් මෝර්නින් මචං
ගුඩ් මෝරනින්
උබලා අද රෑ කෑමට එනවානේ..හරි මචං මං කීය
හරි එහෙනම් මන් තියන් නම් බායි
ඔහු ඇමතුම විසන් දි කලාය..

සුබ දවසක් සර්..ඒ දුරකතනයයි

සුබ දවසක් සර්..ඒ දුරකතනයයි
සර් අද දවසේ වැඩ ටික දැන්ම කියන්න ද?
මං දැන්ම එපා යැයි කීවය.

හැකි ඉක්මමින් දුරකතනය එතනින් තිබූ මං  සුන්දර දොරක් ඇරගෙන සුන්දර ගෙවත්තකට ගොඩ විය.ගරාජය පසකින් නවතා තිබූ නවීනපන්නයේ BMW කාර එකකි. මේවා මගේද?
 බබා...
මන් හැරී බැලීය...
ම්ං මාගේ ඇද උඩ නිදාගෙන..
එතකොට ම්ං කොහෙද ගියේ...
එක් වරම මගේ ඇග බෝදවීයන්නට පටන් ගත්තාය..මං මං දෙස බලාගෙනම නොපෙනී ගියාය.
ඇත්තටම මන් අනාගතයට ගියා ද?

උදෑසන අවදී වි කල්පනා කලෙමි.ඇත්තටම මා මව මෙතන තනිකොට ආනාගතය තරනය කලා ද?

ඇය

9 comments:

  1. එලකිරි මචන්.. (Y)

    ReplyDelete
  2. ඔහොම අනාගතේ නිකම්ම එනවනම් ඉතින් ආයේ ලොවෙත් නෑ :D ඔය ලොක්ක දැක්කේ හීනෙන් ඇවිල්ල "හොදට ඉගෙනගත්තොත් මේ වගේ තමා" කියන්න. එහෙනම් ඉතින් දැන්ම තියා ඔය අනාගතේ හදාගන්න මහන්සි උනොත් හොදා :)

    ReplyDelete
  3. අනාගතේදි ඔය විදියටම සිදුවේවා කියල ප්‍රාර්තනා කරනව. ඇත්ත වෙන්ටැති.

    ReplyDelete
  4. හරි හරි ඕක ඔහොම වෙනවා :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. ඕවා හැබෑ කරගන්න පුළුවන් ....

    ReplyDelete
  6. නැගිටපන් නැගිටපන්
    … Grammatical mistakes ටිකක් තියනවා වගේ

    ReplyDelete
  7. හීනයක් වුණු නිසා හොඳයි. හීනේ සැබෑ කරගන්න කැපවෙමු මලයා :)

    ReplyDelete
  8. සුභම වේවා...

    ReplyDelete
  9. හීනයක් තුල ජිවත් වෙන්න! බොහෝ දුරට ඒවා ඇත්ත කරගන්න පුළුවන් වේවි ඔයාට !! :)

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya