Thursday, July 19, 2012


එක කොටස කියවන්න>>


නෑ.ව්........... මූසල හඩි කෑ ගසමින් ගුණපාලගේ බසය ඉදිරියට පැන්නේ තඩි කළු බළලෙකි.ගුණපාල අමාරුවෙන් බසය පාලනය කර ගත්තේ බළලාවද බේරමිනි.

නංගිට කරදරයක් නෑ නේද?

නෑ අයියේ ..........

ගුණපාලට පුදුමය ගැසූ බෙරේක් පාරට කෙල්ල නැවති සිටිය යුත්තේ ඉදිරි පස වීදුරුව මතය.නමුත් තවමත් කිසිදු කරදරයකින් තොරව ඈ තමා වෙත බිස්කට් පැකට්‍ටුව දිගු කරමින් සිනාමුසු මුහුනින් සිටී.

අයියේ ගන්න බිස්කට් එකක්.....

බොහෝම ස්තුතියි නංගි...
නංගි මේ මහ ‍රැ කොහේ යනවා ද?

බසයේ ‍රැදී තිබූ මූසල  ගතිය මගහැරෙන්නට ගුණපාල කට හඩ අවදි කලේය.

මන් මේ යළුවෙක් ගේ ගෙදර ඉදලා ගෙදර යන ගමන් අයියේ..

 ඉතින් මේ මහ රෑ  දෙගොඩ හරියේ...

මං හවස  ගියේ ගලගෙදර ටවුන් එක කිට්‍ටුව එයාගේ මහත්තයා බීලා කියවනවා.යළුවාටත් මන් නිසා කරදරනේ.ඒක නිසා මන් මේ මහ රෑම  ගෙදර එන්න පිටත් වුනේ.අයියා හිටියේ නැත්නම් මට  පාරේ තමා ඉන්න වෙන්නේ...

තව ටික දුරයිනේ..නංගි පාර අයිනේම ද නැත්නම්... තව ඇතුලට යන්න ඕනි ද?

නෑ අයියේ පාරෙන් හැරුනාම තුන් වෙනි ගෙදර..

ගුණපාල බිස්කට් එක මුවට ලන් කලේ ය.එයි ආ සැරට ගුණපාලට ඔක්කාරයට ආවේය.පුදුම සැරක්නේ හරියට එම්බාම් ගද වගේ.පරණ බිස්කට් එකක් යැයි සිතා ගුණපාල තම සිත එක් තැන් කර ගත්තායා.
ගුණපාල නැවත ඈ දෙස බැලීය.නංගිගේ නම මොකක් ද?

සුනේත්‍රා.......

ඈගේ මිහිරි කටහඩ හද පත්ලෙම ‍රැදින..සුනේත්‍රා.. ගුණපාල නිහඩවම එ නම මෙනෙහි කරන්නට විය.

අයියා එනවාද අපේ ගෙදර තෙකක් බීලා යන්න පුලුවන්නේ.........

මොනවා ගුණපාලට සිතා ගැනීමට නොහැකි විය..බෑ නංගි දැන් රෑ වෙලා මන් හෙට  යන්නත් ඕනි බස් එක අරන්..
ච්ක්..මොකක්ද මේ මම කීවේ අපරාදේ  මේ..වගේ අතකින් හදපු තෙක්ක්.............

ගුණපාල බසයේ කණ්නාඩියෙන් තමන්ගේ මූන දෙස බැලීය ඒ ඇස් වල තවමත් තරුණ ජවය නොවඩුව ‍රැදී තිබුනි.,තමන්ගේ තරුණ මුහුන දෙස බැලු ඔහු නැවත.සුනේත්‍රා දෙස බැලීය ඈ කෙතරම්, ලස්සන ද..
               ඔහුට කමලා සිහිවිය ඈ එකල දැන් අවුරුදු පහකට කලින් ගමෙ සිටි ලස්සනම යුවතියයි..එත් දැන්..දරුවන් තිදෙනෙකුගේ මවක් අව්වට ඇගේ හම පිලිස්සී ඇත.පිරිපු පපුව දැන් වෑරහී ගොස්ය.එකල ඇ සමග කල සෙල්ලම් කරන්නට දැන් ඇයට නොහැකිය.දැන් හරියට වැරහුනු පිට්‍ටු බම්බුවක් විලසය.එම නිසාම ඔහු නගරයේ බස් නැවතුම් පොලහි වඩේ කඩේ රෑපා සමග කල සෙල්ලම කාටත් නොරහසකි.

අයියේ..ඈ නිහඩ බව බිද දැමීය..මන් ඉස්සරහින් බහින්නත් ඕනී.

*************************************************************

කතාව හිතුවට වඩා ලියන්න වෙයි වගේ.එහෙනම් 3වන කොටසින් නැවත් හමු වෙමු.
මතු ස්ම්බන්දයි..
අදහස් කියලාම යන්න ,,සුනේත්‍රා බසයෙන් බැස යයි ද? ගුණපාල ගෙදර යයි ද?


10 comments:

  1. උඹට නම් අර නාට්‍ය වල ඊලඟ කෑල්ලට කුතුහලය ඇති කරන විදිය හොඳටම පුළුවන්. එල එල. ඊලඟ කෑල්ලත් ඕනේ හරිය. :D

    ReplyDelete
  2. ela ela mata hithena vidihatanam holman case ekak wage balamu

    ReplyDelete
  3. අනේ ........... මම හිතුවා අදවත් ඔක්කොම කියයි කියලා.. :( කමක් නැහැ ලියන්නකො ඉතිරියත්..

    ReplyDelete
  4. SUNETHRA HOLMANAK DA IYE?

    ReplyDelete
  5. ane itiri kotasath ikmanata danna hode ayya.

    ReplyDelete
  6. මාරු කථාව මචං, අනිත් එකත් ඉක්මනින් දාපං බලන්න

    ReplyDelete
  7. එල එල දෙන්නම බස් එකේම ඉදියි වගේ....

    ReplyDelete
  8. සුවර් එකටම සුනේත්‍රා ගෙදර එක්කන් යයි.

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya