හුදු මහත් ශ්‍රි ලංකීය ජනතාවගේ උතුම් වු භක්තිමත් විස්වාස රැසක් අතර ඉතා ඉහල විස්වාසයක්ව පවතින එකක් ලෙස මේ කරුණ හුවා දැක්විය හැක.එකල මහා රහතන් වහන්සේලා රුවැන්වැලි මහා සෑ රදුන්ගේ දා ගැබ් ගර්භයේ දැල්වු පහන් තවමත් නොනෙමි අදටත් දා ගැබ් ගර්භයේ දැල්වෙනවාලු.
මන් ඔබගෙන් විමසුවහොත් ඔබ මේ කරුණ විස්වාස කරනවා ද? මේ කරුණට පිළිතුරක් දැක්වීමට ඔබ බෞද්ධයෙක් ද යන්න පිළිතුර සදහා බලපාන කරුණක් සාධකයක් නොවේ.
දැන් මන් ඔබගෙන් ලැබෙන පිළිතුරු පෙල ගස්වන් නම්.
01.ඔබ හුදෙක් ඊනයා විද්‍යා මතවාදියෙක් නම් සිනාසී නැත කියාවි.
02.හුදු භක්තිමත් විස්වාසනීය බෞද්ධයෙක් නම් ඔව් එය හාස්කමක් වැනිය අනිවාර්යෙන්ම එය දැල්වෙනවා.
03.තවකෙකු කියාවි අනේ මන්දා ඕවා හරියට කියන්න පුලුවන් ඒවා නෙවේ.
කෙසේ විශ්ලේෂණය කලත් පිළිතුරු දෙකකින් මේ සියල්ල නව තීවී.
එනම් එය "ඔව්" හෝ "නෑ" යන්නයි
ඔබ සිතන්නේ කුමක්ද ?
ඔබ නෑ යැයි කියන්නේ යැයි සිතන්න දැන් ඒසේ නෑ කීමට හේතුවූ කාරණා මෙසේ පෙල ගස්වමු.
ඔබ නෑ යැයි කියන්නේ යැයි සිතන්න දැන් ඒසේ නෑ කීමට හේතුවූ කාරණා මෙසේ පෙල ගස්වමු.
a)පොල්තෙල් ඉවර විය හැක.
b)පහන් තිරය ඉවර විය හැක.
c)කුහරයක් තුල පවතින නිසා O2 වායුව දහනය වී අවසන් විය හැක.
ඔව් කියන්නේ නම් ඒ හෙතුවක් මතද නැතිනම් භක්තිමත් විස්වාසයක් මතද,සෞභාවදර්මයේ වු හේතු ඵල දහම අපට පෙනන මානයේ නොවෙනස් වන්නකි එනිසාම හුදු භක්තිමත් පිළිතුරක් නම් එය බාර ගත් නොහැක.
මේ කථාවට යුස්ටයින් ගෝඩර් Jostein Gaarder ලියූ "සොෆීගේ ලෝකය" Sophie's World කෘතියේ එන කුඩා පරිච්ජේදයක් උපුටා දැක් වීමට කැමැත්තෙමු.52 පිටුවේ මෙසේ සදහන් වේ.
"කොහොම වෙතත් මේ අපෙ කාලයේ විද්යානයන් සොයාගේන් තියනවා, පරමාණුව ඊටත් වඩා "මූලික අංශු" වලට බෙදන්න පුලුවන් කියලා.අපි මේ කොටස් ප්රෝටෝන් නියුට්‍රෝන් හා ඉලෙක්ට්‍රෝන් කියලා හදුන් වනවා.සමහර විට මේවා කවදා හරි තවත් කුඩා කොටස් වලට බෙදන්න පුලුවන් වෙයි.ඒත් කොතනදි හරි මේවා නවතින්න ඕනි කියලා භෞතික විද්‍යනයෝ එකග වෙනවා.ස්භාවදර්මය සෑදී ඇති "අවම සූක්ෂම"කොටසක් තියෙන්න ඕනී."
එසේ නම් ඔබගේ හෙතුවක් නොමැති "ඔව්" කියන පිලිතුර බාර ගැනීමට නොහැකි නේදැයි ඔබට දැන් වැටහෙනවා ඇත.
දැන් ඔබ සිතනවා ඇත එහෙනම් මා මේ කුමක් ද කියන්නට සැරසෙන්නේ .ඔව් ඔබ බෝහෝ දෙනා නෑ යැයි සිතුවේ සාධාරණ හේතුන් මත. එනම් ඊනියා මතවාදින් ලොකයාට කුඩා පරීක්ෂණ කිහිපයක් මගින් ලබා දී ඇති විශාල කතන්දර රාෂියක් මගින් දැන් අප සිතන්නට පටන් ගෙන ඇති බැවිනි.පහත සදහන් රූප සටහන බලන්න.
ඉතා අපූරුවට මෙහි ගෙන හැර පා තිබෙන්නේ ගින්නක් ඇතිවීමට බලපාන සාධකයි.මේ අප හැමදාම දකින්න ගින්නයි.ඔබ දාගැබ තුල පහන් ගැන සිතුවේ ද මේ ආකාරයටයි.ඔබ පාසල් අධ්‍යාපනයක් ලබා මේ "ගිනි ත්‍රිකෝණය" ඉගන ගෙන තිබුනා ද නොවුන ද ඔබ සිතන්නේ මේ ආකාරයටයි.එනම් අපට පේන මේ මානයේ දී මේ ලෝකයේ අපට හමුවන සියලූම ගිනි මේ ආකාරයට වීමයි.
හරි ඕබ මේ ආකාරයට සිතන්න.අපට ගින්නක් ඇති කිරීමට අවශ්‍ය වුවා කියා.එනම් අප ගිනි ත්‍රිකෝණයේ ආකාරයට.ඔක්ෂිජන්,දහන දව්‍යක් හා නියත් උෂ්ණත්වයක් සපයනවා.ඒත් ලොකයේ කිසිම තැනක්දී අපට ගින්නක් උපද්දවා ගැනීමට නොහැකි වනවා.
එවිට අප තව තවත් දේ මේ සදහා එකතු කරනවා. උදාහාරණයක් ලෙස අප පස් එකතු කරන් යන විට ගින්නක් ඇතිවෙනවා .එලස ලොකයේ ඕනෑම තැනක දැන් ඔක්ෂිජන්,දහන දව්‍යක් , නියත් උෂ්ණත්වයක් හා පස් එකතු කල විට අපට ගින්නක් ඇති කරන්න පුලුවන් උනා එසේ නම් ඒක නියතයක් බවට පත්වී අප හදවත මොළය ආක්රමනය කරාවී.එවිට අප සැමදාම ඒ කාරණා හතර එකතු කල විට.ගින්න ඇතිවන් නිසා අප පහත ආකාරයට ගිනි කොටුවකට හුරු වේ වි.
එනම් අප මේ සෑම දේම ගොඩ නගා ගෙන තිබෙන්නේ විද්‍යාත්මක ක්‍රමයටයි.මොකක්ද මේ විද්යාත්ම ක්‍රමය.එය සරලවම මෙසේ කැටි සටහනකට ගුරු කොට දැක්විය හැක.
ලොකය රදා පවතින කතන්දර සංකල්පය යැයි මට සිතෙන්නේ මෙයයි.මට සිතන් ආකාරයට අප බසයක් සල්ලි දී ගමන් පහසුව සලකා ගන්නේ ද මෙ අනිසාම බැව් මට සිතේ.මෙසේ සනාථ වන සංකල්ප වාදයන් (theory) හෝ නියමයන් (lows) බවට පත් වේ.අප විද්‍යාව හිතින් සිතා භාවිතා නොකලාට සැම තෑනකම ලොකයා ගෝඩ නැන්වූ මේ සංකල්ප අප භාවිතා කරයි.
ඔබ දාගැබ තුල පහන් නොදැල්වේ යැයි නිගමනය කලෙ යම් පදනමක එල්බ ගෙනය එය "ගිනි ත්‍රිකෝණය " යැයි ඔබ නොද්නවා වුනාට නොදනුවත්වම ඒ ස්ංකල්පය ඔබ භාවිතා කොට හමාරයි.
කෙදිනකවත් අසා නොමැති මගුලේ සංකල්ප ඔබට ගැටළුවක් විය හැක.ඒ සංකල්ප කතන්දර ගෙතු ඊනියා විද්යානයන් අප ලොකයේ දකින් දෙනි බොහෝ කතන්දර සංකල්ප අපට කලින් ගොතා හමාර කලේ.(සංකල්ප කතන්දර මාගේ වචනයකි.) පයිතගරස් ත්‍රිකෝණයේ සබන්දතාව සොයා ගන්න විට අපේ මුතුන් මිත්තන් සුවිසල් ගොඩනැගිළි මාලිගා ඉදිකොට අවසන්ය.දා ගැබ හා එහි සම්බන්දය කුමක් දැයි ඕබ අසනවා ද ඔව් එය මෙසේයි ඉහත ගිනි ත්‍රිකෝණයට අප පස් ආදේශ කලා සේ.අපට නොපෙනනා මනයක කෙතරම් ස්ංකල්ප කතන්දර තව තිබෙනවා ද? එය ඔබවත් මම වත් නොදන්නා කරුණකි අප ඒවා බලන්නේ කෙසේ ද?ඊනියා මතදාරීන් මැත යුගයේ අංශුවකට තවත් කතන්දර ගෙතුවා නමුත් අපට පෙනෙන සතය මට ඒවා පුහු කතන්දර බවට පත් වුනා.
සියල්ල සිදුවන්නේ විදයත්මක ක්‍රමයකට නම්.අපට ගොඩ නගා ගත් ගින්දරට අප සැම දාම දකින පහන් නම් දා ගැබ තුල දැල්විය නොහැක.
එහෙත් කවුරුන් හෝ කීවාද ඒ දැල් වෙන්නේ පොල්තෙල් දමා පහන් තිර දමා දැල්වු පහන් බව.ඒ රහතන් වහන්සේලා දැල් වූ පහන් ගිනි ත්‍රිකෝණයට අයත් ද ඒවා ඒසේ නොවේ නම් නිවෙනා ක්‍රමයක් අප දන්නේ නැත.
ඒ හේතුව නිසාම ඒ පහන් අදටත් දැල්වේවි හෙටත දැල්වෙවි ඒත් ඒවා හෙතුවක් ඇති ස්භාව දර්මයට නතුවන නිසා අද නොව ඒදාට ( එදා කවදා දැයි අප දන්නේ නැත) නිවී යන් තුරා දැල්වේවි.
දැන් ඔබට සිතෙනවා ද රුවන්වැලි මහා සෑ රදුන් හරා බලන්නට නමුත් එසේ චේතනා පහල නොවන්නේලු.නමුත් යම් ක්‍රමයකින් එය ස්කෑන් කල් බැලිය හැකිනම් මට ඒසේ චේතනාවක් පහල විය.
සාදු!! සාදූ!!
ප.ලි.
හැමදාම කිසිම වැදගත් කමක් නැතිලිපි පලකරන චෝදනාව එල්ල වු මහේෂ් අද විමර්ෂණාත්මක් ලිපියක් ලිවීය.ඔබගේ ශ්ක්තිමක් බුද්ධිමත් සංවාදයක් මේ සදහා බලාපොරොත්තු වෙමි.
ප.ප.ලි.
එක් ඇනෝ කෙනෙකු මාගේ මවට බැන කොන්දක් තියනවානම් ඒ කමෙන්ටුව පලකරන ලෙසෙ සදහන් කොට ඇත.මට මගේ කොන්ද හොදය.සල්ලි දීලා පු*** මට අවශය නැත.
-ලිපියේ සියලු අයිතිය මහේෂ් බී දහනායක සතුය._ [මකුණුවා] සියලු හිමිකම් ඇවිරිණි.
ස්තූතියි