ඔබ මෙය විස්වාස නොකරාවි නමුත් මෙය මෙසේ සිදුවිය.
ඊයේ මං නින්දට යනවිට රත්‍රි 10ත් පසුවී තිබුනි.තද සීතලක් තිබූ බව මාගේ මතකයේ හොදින් සටහන් වී ඇත.නින්ද ලදින් ටික වෙලාවකට පසු මාගේ කාමරය ආලෝකමත්ව තිබෙනු මා දැක්කාය.මා කාමරයේ බල්බය නිවු බැව්ද මතකය නමුත් මට ආලෝකය හොදන් මාගේ කාමරය ආලෝකමත්ව තිබුණි.මා ඇදෙන් පාවෙනවා මට දැනිනි.දැන් සිවීලිමේ වදී යැයි සිතනවා සමගම මාගේ පාවීම නතර විය.මගේ ඇද දෙස බැලූ විට මා එහි විය මට බයක් දෙනුනි.මට කෑ ගසන්නට සිත්විය නමුත් මා කියූ කිසිවක් ශබ්දයක් පිට නොවුනි.මට බිමට යන්නට සිත්විය මා සැනකින් බිම හිටගෙන සිටියාය.
මට මවට මේ ගැන කියන්නට උවාඅනා විය දොර ලගට ගොස් දොර අරින්නට උත්ස කිරීම කිර්සිදු ප්‍රතිඵල රහිත ක්‍රියාවක්විය.මාගේ අත දොර තුලින් ගමන් එහා පැත්තට ගියා ඒක හරියට වීදුරකින් ආලෝක කිරණක් යනවාටත් වඩා ලෙසි වැඩක් වගේ සිද්ද වුනේ මම ඉස්සරහටම ගියා ඒ කියන්නේ මාගේ කාමරයේ දොර අරින්නේ නැතිත මා ඒ හරහා යන්න පුලුවන් උනා.මං අම්මාගේ කාමරයේ දොර හරහාත් ගියා ඇය ඒ වෙලාවේ නිදාගෙන හිටියේ මන් ඈගේ උරහිසට අත තියලා කතා කලා ඒත් ඒ කිසිම දේකින් මට දෙනිමක් දෙන්න බැරි වුනා.මන් නංගීගේ කාමරය වෙත ගියා ඒ වෙලාවේ ඈ හිටියේ ඈගේ පොත් මේසයේ පාඩම් කරමින් මන් ඈ ලගට ගියා මන් කතා කලා එත් කිසිම ශබ්දයක් පිට වුනේ නෑ.ඒත් මන් ආපසු හැරෙනකොට ඈ පිටුපසට හැරුනා කාමරය පුරාම බලලා ඈ ආපහු පොත් වල වැඩ පටන් ගත්තා ( මං ඊලග දවසේ මේ කතාව කියන කොට ඈ කීවා ඒ වෙලාවේ කාමරයේ කවුරු හරි ඉන්නවා වගේ ඈට ඒ වෙලාවේ දැනුනාලු )
මට මොකුත්ම කර ගන්න බැරි උනා මන් තවත් බය වුනා හරියම මගේ ඇග අපි සාමාන්‍යයෙන් කතා කරන හොල්මන්ක් කියනා ආකාරයට සුදු දුමරයකින් වගේ හැදිලා තිබුනා මන් ඇවිදිනකොට හරියට පවෙනවා වගේ බල්බ නිවා දැමූ කාමරත් එලියත් හරියට දවලක් හිරු එලියෙන් බැබලෙන්නාක් සේ දීප්තිමත්ව තිබුනා.එක පාරටම මන් පාවෙලා ගියා වගේ හරියට වලාකුළු ගොඩාක් මැද්දේ හිටගෙන හිටියා වගේ මට දෙනුනා මම මැරිලා ද කියලා ඒ සිතුවිල්ල එනවත් එක්කම මන් කොහෙටදෝ වේගයෙන් අදුරට ඇදිලා ගියා මට නවතින්න බැරි උනා එක පාරටම මගේ ගමන නැවතුනා.දැන් අවුරුදු දෙකකට ක්ලින් මිය ගිය මගේ සීයා මාගේ ඉස්සරහා හිටියා තරුණ පෙනුමට සුදුමැලි වෙලා සුදු ඇදුමක් ඇදගෙන මගේ ඉස්සරහට ආවේ.(මට ටික වෙලා වකින් තමා මතක් වුනේ මේ අපෙ මියගිය සියා මෙයා දැන් මැරිලා කියලා)
මේ වගේ තමයි මං මාව දැක්කේ |
"සොයා නොගත් ඒ දේශයේ සීමාවෙන් කිසිදු සංචාරකයෙක් පෙරලා නෝඑන්නේ ය. "
-ෂේක්ස්පියර් (මරණය පිලිබදව )
මම මේ ෂේක්ස්පියර් කියමන හොයා ගත්තේ ඉයන් කරී IAN KARRIE ලියලා තියන "YOU CANNOT DIE " ග්‍රන්ථය කියවලා.
මේ ඉන්නේ Ian Karrie |
මේ තියෙන්නේ පොත |
මේ සිංහල පරිවර්ථනය |
ප.ලි.
කාලයකින් ලිපියක් ලිව්වේ.නැවත ලිපියකින් හමුවෙමු ඔබ සැමට ජය!!!
ඔයාගේ කතාවත් නියමයි කොල්ලෝ ඒ වගේම තමා ඉතින් ඔයාටත් මෙහෙම කතා ලියනවා නම් මේ පොත නිකම් බොරුවක් වගේ නේ :)
ReplyDeleteඉස්සරලා ඇනෝගේ කතාව ඇත්ත මොනවා උනත් රචකයා නම් හොල්මන වගේ
ReplyDeleteකාලයකින් ආ...එල එල
ReplyDeleteපෙනෙන ලොවක් තුල නොපෙනෙන ලොවක් පොත කියවන්න ..එලි ඈ
ReplyDeleteහෙහේ අනිවා අනිවා ආවට ස්තූත්යි සුදු මහත්තයෝ :) :)
ReplyDeleteඅඩෝ කාලෙකින් නේද?
ReplyDeleteමටත් හෙට අනිද්දට ලියන්න හොල්මන් කතාවක් තියෙනවා බන්
dan me aththatama una ekakda nathnam kathawakda?
ReplyDeleteමේ පොත හොයාගන කියවන්නම හිතුණා. ලිපිය හොඳයි.
ReplyDeleteසමකය වටේ (samakaya wate)රවුමක් දාන්න එන්න
me wage dewal aththatamath wenawa neda
ReplyDeleteම්ම්ම් මෙහෙම දෙවල් වෙන්න පුලුවන් ආසාවෙන් කියෙව්වෙ ජයෙන් ජය....
ReplyDeleteමගේ අම්මට වෙලා තියෙනව මෙහෙම දෙයක්.මේක ඇත්තද බලන්න මාත් කාලයක් භාවනා කළා.ඒත් හරි ගියේ නැහැ.
ReplyDelete@මඩිස්සලේ නිශාන්- ඔන් සහෝ දරයා කාලෙකින්
ReplyDelete@Silentsahan- ලිපිය හරියට කියවන්න
@Naleen - අනිවා කියවන්න.ස්තූතියි
@උමා-මේ උමා නුවර ද? ඔව් ඔව් මේ වගේ දේවල් වෙනවා
@සචින්- ස්තූතියි
@වැස්ස- හ්ම්... එක කරන්න ගොඩාඩාක් අමාරු වැඩක්