Sunday, September 18, 2011

අර....පුංචි එකෙක්












අර....පුංචි එකෙක් අඩනවා


මහපාර මැද
හො‍ටු පෙරාගෙන කමිසෙකුත් නැතිව.....
(හිගන කොල්ලෙක්)


අන්න තව පුංචි එකෙක් අඩනවා
අම්මාගේ අතේ එල්ලිලා.....
සෙල්ලම් බඩුවක් ඉල්ලලා වෙන්න ඇති
(පවු අසරණ පොඩි එකා . ඕක අරන් දුන්නා නම් ඉවරයිනේ.හරිම අමානුෂික අම්මා)

4 comments:

  1. අපි කොහොමද ඔයාගේ බ්ලොග් එක ගැන දැන ගන්නේ?
    මේක සින්ඩිකේටර්වල තියෙනවද?
    ඔයා වෙනත් බ්ලොග්වල මීට කලින් කමෙන්ට් කරලා තියෙනවද?

    අධෛර්යමත් නොවී ලිවීම ගැන මගේ ප්‍රසාදය පළ කරමි!

    ReplyDelete
  2. අහල තියද නන්දා මාලනී මහත්මියගේ ගීතය

    මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
    පායුග නැති ඔබ දකින තුරා
    කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
    නෙත් යුග නැති ඔබ දකින තුරා

    මාවත කටු අතු බොරළු මතක නැත
    දෙපා රැඳුණු විට බුමුතුරුණේ
    දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ
    මැදුරේ දෙසවන් අගුළු වැටේ

    සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ
    රස මසවුළු වල සුවඳ පිරේ
    ඒ රස සුවඳට දෑස අයාගෙන
    බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ

    Artist : Nanda Malani
    Lyrics : Prof. Sunil Ariyarathne

    නැවතත් ඒ ගීතය මතක් කරන්නට , අමතක වූවන් ගැන සිතන්නට මොහොතක් ලබා දීම ගැන ස්තූතියි. මෙහෙට එන්න පාර කීයේ කතන්දර.

    මම
    සොඳුරු සිත

    ReplyDelete
  3. ටිකක් ඔයාගෙ සයිට් එක බර වැඩිය් ලෝඩ් වෙන්න වෙලා යනව....ඔයා සින්ඩිකේටර වල නැ වගේ පේන්නෙ..අපේ ලාංකීය සිතුවිලි සින්ඩිකේටරයට එන්න...අපිත් මහ තරු නෙමෙ බන්...ඒවයින් තමයි මිනිස්සු බලන්නෙ...
    තව ෆේස්බුක් ගෲප් එකකුත් තියෙනව..
    http://syndi.lankeeya.lk/
    ආ තව දෙයක් මේ වර්ඩ් වේරිෆිකේෂන් අයින් කරන්න නැත්තං මාර අවුලක් එනව කමෙන්ට් කරනකොට

    ReplyDelete
  4. පොඩි එකෙක්ගේ ඇඬිල්ලේ ලොකු , පොඩි භේදයක් නැහැනේ , නමුත් වැඩිහිටි අපේ නම් වෙනසක් තියෙනව නේද ? ලස්සන නිර්මාණයක් .

    මල්ලී , මේකෙ word verification අයින් කළොත් හොඳයි නේද ?  , comment කරන්න ගියාම ටිකක් කරදරයි වගේ ..

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya