Showing posts with label හිතට දැනෙන අදහස්. Show all posts
Showing posts with label හිතට දැනෙන අදහස්. Show all posts

Sunday, October 13, 2013

මැක්‍රෝ ඡායාරූපකරණය | Macro photography

මැක්‍රෝ ජායාරූප.මන් දන්න විදියට මැක්‍රෝ කියන්නේ සියුම් සියුම් වෙන්න සියුම් විදියට දෙයක් කැමරා  කාචයකට අසුකරගන්න ලොකු වෙහෙසක් දරන්න ඕනි ඒ වගේ කැමරාවක් කියන අවශ්‍යතාව මැක්‍රෝ ජායාරූප කරණයේදි ලොකු බලපෑමක් කරනවා.

මගේ මේ උත්සහය මගේ ජංගම දුරකතනයේ කාචයෙන් මැක්‍රෝ ජායාරූප කරණයක යෙදෙන්න මන් ඒ උත්සහය ජයගත්තා කියන්න බෑ ඒත් මහන්සිවෙලා හිතට ගැලපෙන්න  ජායාරූප කිහිපයක් එකතු කර ගත්තා.
මේ ගැන දන්න උදවියට කියන්න ඕනි නෑ නේ.ෆෝන් එකෙන් මේ වැඩේ කරන එක මේවාගේ සූම් වෙන දුරක් තියනවා ඉතින් ෆෝකස් කරගන්න තියන එකම ක්‍රමය ඈත් කීරීම හා ලං කිරීම පමණයි.කොහොම හරි ඉතින් මේ තියෙන්නේ Smsung galaxy Ace  එකෙන් කරපු පුංචි උත්සහයක ප්‍රතිඵලයක්.




මේ ගෙම්බා එක්ක නම් මාර සෙල්ලමක් දුන්නේ ඇයි මු දුවන්වානේ ෆෝන් එක ලං කරපු ගමන්.මුගේ ෆොටෝම 72ක් ගත්තා :)



Read More

Saturday, October 27, 2012

අල්ලපු ගෙදර නංගිට කියු රහස සහ ඔබ මා ඉන්න තැන

      චට පට ගා තැලුවාට වැඩක් නැත.නිදිමතේම ඇද ලග රාක්කයට අත දමා සෙවුදේ හමුවිට.ලයිටරය අතට ගතපසුව කොයිල් එකක් නැත මේ මගුලේ උන් නිසා කොයිල් එකක් සොයා ගන්නට නැවත නැගිටින්නට සිදුවේ.මදුරුවන්ගේ අම්මලාව මතක් කරමින් කාමරයේ බල්බ් එක දමා පහලම තට්‍ටුවේ තිබු මදුරු දගරයක් සොයා ගත්තාය නොදකින් මටමනේ වෙන්නේඑක ගහන්නට ස්ටැන්ඩ් එකක් නැත.පහලම තට්‍ටුවේ තිබූ පත්තර කෑල්ලකුයි පරන පවර් සප්ලයි එක්කුයි අරන් පත්තරේ උඩ පවර් සප්ලයි එක තබා ඒ මත මදුරු දගරය තබා දැල්වීය.
                හෆ්ෆා මුන් කාපු තැන් තවමත් කසයි නින්ද මා සොයා එන්නේම නැත.නැවත නැගිට කාමරයේ බල්බය දැල්වීය.හ්ම්ම්ම්ම්ම්........කරන්නට දෙයක් නැත.පොත් රාක්කය දෙස බලන්නට දැන් ඊට වඩා කම්මැලිය වෙලාව හෑ පන්දර එක ඔරලෝසුවේ සටහන් වී තිබුනි.ඔනි මගුලක් වෙන්නටයි පතා පරිගණකය ක්‍රියාත්මක කරවීය.එත් කරන්නට දෙයක් නැත හිමීට සිංදුවක් දැමීය එන්න එන්නම සද්දය මදීවී ටික ටික වැඩි කරන්නට සිත් වේ.මේක හරියන්නේ නැත තව ටික වේලාවකින් අප්පචීට මල පැන ඇහැටීමට බැරි නැත.දැන් කාමරය පුරා මදුරු කොයිල් දුම පැතිර ගොස් හමාරය ඇස් දෙක දන්නට පටන් ගෙනය.‍ෆිල්ම් එකක් බලන්නටද සිත්ය නමුත්  ඒක පසක දමා මූණු පොතේ රවුමක් ගැසීය.බ්ලොග් අඩවියට කාලයකින් ලිපියක් ලීයන්නටද බැරිවිය.කතා බොහෝමයක් ඇත සිද්ධි බොහොමයක් ඇත ඒත් ඉස්සර මෙන් හැම දේම වමාරන්නට සිත් නොවේ.දැන් තරුණ කොල්ලෙක් නොවැ වල් පල් ලීවීමටද සිතක් නොදේ ඔනි දෙයක් වෙන්නට කියා පි‍ටුවක් පෙරලාගෙන මෙසේ ලියාගෙන යමි.අල්ලපු ගෙදර නංගීට පමණක් කීයූ රහසක් සටහන් තබන්නට සිත් වේ කමක් නැත එය මෙසේ සටහන් තබමි.


කතාව පටන් ගන්නේ තවත් එක කූබියකුගෙනි.ශ්‍රි ලංකාවේ මධ්‍යම පලාතේ අපේ ගෙදර මිදුලේ සිටිනා කුහුඹුවකු සලකන්න.එම කුහුඹුවා සිටින්නේ මිදුලේ මල් පදුරක් ලග නම් ඔහුට ඔහුගේ මිත්‍ර කුහුඹුවකු සිටිනවා ඇත.ඔහුට එම පදුරේම දහස් ගනන් කුහුඹුවන් සිටිනා ජනපදයක් තිබෙනවා විය හැක.එම පදුර තුල කුහුඹුවන්  ගේ ජනපද දෙක තුනක් තිබෙනවා විය හැක.
අපේ මිදුලේ ඉන්නා කුහුඹුවා

ඔහුට ප්‍රශ්ණයක් නැත එම කුහුඹුවා මිදුල පුරා ඇවිද යයි එය ඔහුට ඔහුගේ ලෝකයයි.අල්ලෞ ගෙදර වත්තට ගියහොත් ඒ තවත් ලෝකයක්.ගේ ඇතුලට ආවාම මන්දාකිනියක් වගේ.ගම විශ්වය වගේ ඔහු එතනින් නිගමනයකට එලබෙගෙන ඇත මෙතනින් එහාට යන්නට බැරිය සියලුම දේ උපකල්පනයි.ඔහු ලංකාව ගැන නොදනී එහෙත් අපි කුහුඹුවන් දෙස බලාගෙන  සිටී ඔහුන් ජීවත් වේ ඔහුන් නොදන්නවා උනාට අපි දනී කියා ගන්නට බැරි තරම් කුහුඹුවන් ලෝකය පුරා විසිරී සිටින වග.කුහුබුවන්ට අප පෙනෙනේ නැත ඔහුන්ට ගම සලකා බැලූ කල එය විශ්වයක්.
      දැන් ඔබ සිතන්න අප ශ්‍රී ලාංකිකයන් වෙමු .අපි ලෝකයේ එක් රටක් අපි සියල්ලම ගත් කල ලොකය සෞරග්‍රහ මණ්ඩලයේ ද එය සෞරග්‍රහ මණ්ඩල විශාල ගණනක එකතුවක් ලෙසින් .මණ්දාකිනියකද මණ්දාකිනි විශාල ගනක්  විශ්වයේද ඇතැයි අප උපකල්පන යක සිටින්නෙමු.ඔය කියනා අන්දමට විශ්වය පරක් තෙරක් නැති විශාල බෝලයක් කියලා හිතන්න මොනවා යුනත් ඒක කොහෙන් හරි ඉවර වෙන්න ඕනි නේද ඔය කියනා අනන්ත දුර තිය විෂ්වය ඉවර වෙන තැනකදී මේ අප සිටිනා පෘථිවිය ඇතුලුව එම බෝල විෂ්වය හෝ පෙට්ටියක් හෝ අසම්මත හැඩයක් තුල හෝ පිහිටාවි එසේ ඉවර වෙන විෂ්වය තියෙන්නේ කොහේද?

බිග්බෑන් තියරිය

දැනට අප කියනා විදියට විශ්වයේ සියලුම දේ බිග්බෑන් තියරියට සෑදී තිබේ.එසේ කියනා බිග් බෑන් තියරිය සිදුවූයේ කෙසේ ද.
මදක් සිතන්න ඔබගේ මේසය මත තිබෙනා  කුඩා පෙට්ටියක් සලකන්න ඒ තුල යම් යම් දේවල් පුරාව ඇත්නම් එය විශ්වයට උපකල්පනය කරන්න.අපගේ විශ්වය මෙසේ මේසයක් මත තිබූ විට එම මේසය කොහේ හෝ පිහිටන්නට උවමනාය.ඒමේසය පිහිටනා යම් බිමක් වේනම් එයද කොහේ හෝ පිහිටන්නට ඕනාය.
 අපිත් අසරණ කුහුභුවන් මෙනි අප නොදන්නවා උනාට අප සිටින්නේ කොහේ දැයි තව අයවලුන් දන්න්වා විය හැක.අප දකින්නේ අපේ ඉඩම් කැබැල්ලේ දුර පමනි එමගින් ගොඩනගා ගත් උපකල්පනයකි අප දෙස කවුරු හරි බලා සිටිනවා නම් ඔහුන් කොහේ සිටිනේ ද?
මෙය ඉවර නොවන කතන්දරයකි.මෙය නංගීට පැවසූ කතාව වේ.ඇය පැවසු පරිදී  මෙය නොකියව යුතු කතාවකි මා හට 8වසරේ ඉගන ගන්නා විට වැටහුන කරුනක් වේ නමුත් දැන් එහි බැරෑරුම් කම තේරේ,සුහද විවාදයකට ඇරයුම් තබමින් සමුගනිමි.
Read More

Thursday, September 13, 2012



මා ලියූ කිසිදු පරිකල්පන කතාවක මා මෙය එවැනි කතාවක් යැයි සදහන් කලේ නැත.මා කල විහිලු කතාවක මා මේ ලීවේ විහිලු කතාවක් යැයි සදහන් කලේ නැත.මාගේ ලිපියකට කමෙන්‍ටුවක් වැ‍ටුනේ නම් ඒ කලා තුරකිනි බ්ලොගයට ඒ හැටි පිරිසක් ගොඩ වුයේ ද නැත.මේ කියන්නට යන්නේ මා ගැන විස්තරක් නොවේ නමුත් එය කීම කතාව ගොඩනැන්වීමට හොද පදනමක් යැයි මා හිත පවසන නිසාම  එය කියාගෙනම ඉදිරියට ලියමි නමුදු ලිවිමේ අවසානය කුමක් දැයි මා හිත දන්නේ නැත.නමුදු දැනටමත් මා ලිපියට මාතෘකාවක් ද යොදා අවසන් ය.

දැන් ලියන්නේ මා ගැනයි.
2010 අවුරුද්දේ මුල් මාසයේ මා බ්ලොග් ගැන කිසි දෙයක් දන්නේ නැත.බ්ලොග් කියනා වචනය ද මා කන වැකී ඇත්නම් ඒ කණ කැස්බෑවකු විය සුදුරකින් අහස බලන්නා වැනි විරල සිද්ධියකිනි.එය එසේ ඇසුනේද යන්න මතකයක් පවා එකල මා සතු නොවීය.එකල මා සතුව දැඩි ආශාවක් විය එනම් මටම කියා වෙබ් අඩවියක් නිර්මාණය කොට ගැනීම පිලිබදවයි.මේ පිලිබදව සොයා යන විට ඩොමේන් කියා ජාතියක් ඇති බවත් ඒ සදහා මුදලක් වැයවෙන බවත් තවක් එකී නොකී බොහෝ දෑ මා ගේ දැණුම ගබඩාවට මා ‍රැ කොට ගත්තේය.නමුත් මගේ කීයා වෙබ් අඩවියක් නිර්මානය කොට එහි මොනවා පල කරන්නේ දැයි අදහසක් වත් මා සතු නොවීය.එකල බුකීයේ සැරිසරන විට එක් අයියා (ඔහු කවුදැයි මතකයේ නැත.) කෙනකුගේ ෆොරොෆ්යිල් ලින්ක්ස් වල ඔහුගේ වෙබ් අඩවියේ ලින්ක් එකක් අඩංගු කොට තිබුනි.ඒසැනින් පෞදගලික වෙබ් අඩවි නැරඹිම ආසාව නිසාම  හමුවෙන සැම කෙනාගේම  ෆොරොෆ්යිල්  පිරික්සා වෙබ් අඩවි සොයන්නට විය.එක් තැනකදි.http://(නම මතක නැත).blogpost.com අඩවිය හමුවිය එය පුදුමාකාර අඩවියකි එය ඔහුගේ දින පොත මෙන් විය.එහි ඔහුගේ යාලුවන්ගේ බ්ලොග් අඩවි වල ලික්ද සටහන් කොට තිබුනි.එය අමුතුම පාරාදීසයක් බැව් වටහා ගන්නට මට පැය කිහිපයක් ගත නොවීය.එක බ්ලොගයක තිබූ ලින්කුවක් ඔස්සේ මා ඉබේම  www.blgger.com  වෙත පිවිස තිබුනි.
           දන්න කඩ්ඩක් ගැට ගසා කියව ගත් විට එය නොමිලේ වෙබ් අඩවි සදා ගන්නට දෙන අඩවියක් බැව් පෙනුනි.මෙය මා සොය සොයා සිටි නිධනයක් පහල වුවා වැනි විය.2010 ජනවාරි මුල් මාසය අවසන් වන්නට පෙර මා වෙබ් අඩවියක හිමිකරුවකු විය.දැන් චේතනාව පරිසමප්ත්‍ර අර්තයෙන්ම සාර්තක වී අවසන් විය.මා සොයා ගත් වෙබ් අඩවිය මහ අමුතු තාලයේ එකකි එකි එක එක් විකාර ඇත මට අවශ ආකාරයට සකස් කරගන්නට මා සෝයා උපයා ගත් දැනුම මදි පහඩුය.එකල බොක්කෙන්ම කල කාරයක් නිසාම මාර්තු මාසය අවසන් වෙන්නට පෙර බ්ලොග් අඩවි සෑහෙන තොගයක් කියවා හදාරා ඒකලාව පිලිබදව යම් දැනුමක් මා සතු විය.දැන් මට මාගේ කතා ලියාගෙන යන්නට තවත් අඩවියක් තනන්නට අවශය විය.ඒඅනුව 2010 අප්‍රේල් මාසයේ පිස්සු කොල්ලකුගේ කතා නමින් "මහෙෂ්ගේ ලෝකය" මා අතින් නිම විය.
    එක දෙක කතා ලිවීය නමුත් අනික් අයගේ මෙන් කවුරුත් මාහට කමෙන්ට් කලේ නැත එකල මට එහි අවශතාවයක් ද නොවීය,මා ගේ බ්ලොගයේ ලස්සන වැඩිවන විට මගේ සතුට එය විය.එසේ අවුරුද්දක් ගෙවී යද්ද්දී 2011 සැප්තම්බර් මස පෝස්ට් කල පෝලිම් දෙක තුනකට එනම් "අර..පුංචි එකෙක්" ලිපියට කමෙන්ට් හතරක් වැටී තුබුනි.ඒවා පහත පරිදීය


කතන්දර Kathandara said...
අපි කොහොමද ඔයාගේ බ්ලොග් එක ගැන දැන ගන්නේ?
මේක සින්ඩිකේටර්වල තියෙනවද?
ඔයා වෙනත් බ්ලොග්වල මීට කලින් කමෙන්ට් කරලා තියෙනවද?

අධෛර්යමත් නොවී ලිවීම ගැන මගේ ප්‍රසාදය පළ කරමි!


සොඳුරු සිත said...
අහල තියද නන්දා මාලනී මහත්මියගේ ගීතය

මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
පායුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා

මාවත කටු අතු බොරළු මතක නැත
දෙපා රැඳුණු විට බුමුතුරුණේ
දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ
මැදුරේ දෙසවන් අගුළු වැටේ

සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ
රස මසවුළු වල සුවඳ පිරේ
ඒ රස සුවඳට දෑස අයාගෙන
බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ

Artist : Nanda Malani
Lyrics : Prof. Sunil Ariyarathne

නැවතත් ඒ ගීතය මතක් කරන්නට , අමතක වූවන් ගැන සිතන්නට මොහොතක් ලබා දීම ගැන ස්තූතියි. මෙහෙට එන්න පාර කීයේ කතන්දර.

මම
සොඳුරු සිත

indi said...
ටිකක් ඔයාගෙ සයිට් එක බර වැඩිය් ලෝඩ් වෙන්න වෙලා යනව....ඔයා සින්ඩිකේටර වල නැ වගේ පේන්නෙ..අපේ ලාංකීය සිතුවිලි සින්ඩිකේටරයට එන්න...අපිත් මහ තරු නෙමෙ බන්...ඒවයින් තමයි මිනිස්සු බලන්නෙ...
තව ෆේස්බුක් ගෲප් එකකුත් තියෙනව..
http://syndi.lankeeya.lk/
ආ තව දෙයක් මේ වර්ඩ් වේරිෆිකේෂන් අයින් කරන්න නැත්තං මාර අවුලක් එනව කමෙන්ට් කරනකොට

මහේෂ් නිශාන්ත said...
පොඩි එකෙක්ගේ ඇඬිල්ලේ ලොකු , පොඩි භේදයක් නැහැනේ , නමුත් වැඩිහිටි අපේ නම් වෙනසක් තියෙනව නේද ? ලස්සන නිර්මාණයක් .

මල්ලී , මේකෙ word verification අයින් කළොත් හොඳයි නේද ? , comment කරන්න ගියාම ටිකක් කරදරයි වගේ ..


මටවත් සිතා ගන්නට බැරිය මේ අද වන විට බ්ලොග් අවකාෂයේ බෑබලෙන තාරකා කිහිපයෙන් කිහිපයකි.ඒකල ඒ වාට රිප්ලේ කරන්නට වත්.සින්ඩි කියන්නේ මොනවාද්ජ අහන්නට වත් මට උවමනාවක් නොවීය.එහෙත් ඊට මාස 7කට පමන පසු බ්ලොග් ගැන එකී නොකී බොහෝ දේ ඉගන ගතිමු.සිංඩිවලට මාගෙ බ්ලොගය ඇතුල් කලා එත් ඒ වෙනකොට ලංකා අව්කාෂයේ බ්ලොග් පොරයක් වී අවසන් .ඉටත් මාස 2ක තන්කට පසු මටත් ඉර පායන කාලයක් උදා උනා මාගේ ලිපි වලට කමෙන්ට් එක දෙක වැ‍ටුනා.කට්ටිය ආවාගියා කියලා පෙන්න තිබුනා.මන් ලියන් ඒවත් කට්ටිය කියෙව්වා.මා ගොඩාක් ලීවේ හීන කතන්දර  කොටින්ම කීවොත් ඒවා පරි කල්පන.ඒත් මාගේ වයස කීව බ්ලොග් පෝස්ට් එකට පස්සේ අහපු කමෙන්ට් අඩුවෙන්න පටන් ගත්තා ඒ ඇයි එ? මේ හැම දෙයකින්ම මන් හදුන ගත්ත ලොකු කතාවක් තියනවා.

01.ඔබ කාලයක් හොද ලිපි හත අටක නම ගිය හිමිකරුවෙක් නම් ඔබ ලියන ඕනෑම කුණු කන්දලකට :) හිනා මූනක කමෙන්‍ටුවක් හෝ වැටේ

02.කවුරු මොනවා කීවත් අපිට පුලුවන් නම් විචාරාත්මක අදසක් සාරතකත්වකින් ලිය ගන්න.කමෙන්‍ටුවක් නොලබුනත් හිතට සැකයක් නැති සතුටක් තියනවා.

03.ඇනෝ කියන්නේ වටිනා දෙයක්

04.කවදාවත් වයස කියන්න හොද නෑ :)
 
             වටිනාම දේ තමා වටිනා දෙයක් අකුර කිරීම

Read More

Tuesday, July 10, 2012

මගේ යාලුවෙක් ඉන්නවා පොරට එටිසෙලාට් ෆෙන්ඩ් සූන් එකෙන් සෙට් වෙච්ච ගාල්ලේ කෑල්ලක් ඉන්නවා.
බුවා මැත කරන්නේ.පොරට  ආතල් එකක් ගන්න ඕනි වෙලාවට කතා කරනවා.මේකි පන දෙන්න කතාව.ටික වෙලාවකින් ගාල්ලේ අධ්‍යාපනය හා නුවර අධ්‍යාපනය ගැන වාද පිටිය..මං කොහොමද ඒක දන්නේ කියලාද බැලුවේ මාත් පොරට කම්මැලි හිතුනාම ටෙක්ස් කරන නිසා දන්නවා..

         මොකද මේ කොහෙවත් යන ගාල්ලේ කෑල්ලක් ගෑන් කතා කරන්නේ කියලා ද බලන්නේ මේකයි එයා ඔලෙවෙල් ඒ අටයි බී එකයි ලු.ඉතින් ගෙදරින් මැත කරන්න අහලා.ඒත් ගෙදරින් කරන්න දීලා නෑ සිංහල කරන්න කියලා ඉතින් මෙයා මේ දුක හැමදාම පොර එක්ක කියවනවා.

කට්ටිය බලන්නෙ ඉතින් මට මොකද කියලා නේ..ඒකට ලොකු හෙතුවක් තියනවා..ඇයි දන්නවාද ඒ ගෑනු ලමයාට මැත කරන්න ගෙදරින් දීලා නැත්තේ.ඒයාගේ මැත කරපු අයියාට වැලේ  වැල් ඇතිලු.
                 ඒත් ඒ දෙමාපියන්ට අමතක වුනු කාරණය මොකක්ද?මැත කරලා ලංකාවේ හැමෝම ෆෙල් නැ කියලා.ඒලෙවෙල් කරන කාලේ කිසි කැපකිරිමක් නොකර කෑලි පස්සේ යන් එකයි ක්ලබ් යන එකයි ආතල් ගන්න එකයි කරලා බොරුවට දුක් අදෝනා තියන්න එපා අනේ ඒලෙවෙල් කරන් එක පට්ට අමාරු ඊට වඩා කොස් එක්ක හොදයි.අනේ ආට් කරත් සයන්ස් කරන්න  එපා.බුදු අම්මෝ කිය කියා රට වටේ විලාප තියන්න එපා.රජය අධ්‍යාපනේ එක්ක මොන මගුල් නැ‍ටුවත්.අවුරුදු දෙකක් කැප කරලා සාර්තක විදියට විභාගය ලිව්වොත් හොද ප්‍රතිඵල එනවා.

එසේ මෙසේ මූ මගුල්ක් කතා කරනවා යකෝ විභාගේ කාලේ පිස්සු නටලා ජීවිතේ සාර්තක කරගත්ත මිනිස්සු ඔය ඇති තරම් ඉන්නේ.ඔව් වෙන්න පුලුවන් ඒත් තැනකට ගිය මිනිහෙක් දන්නවා ඉහන් ගත්තානම් ජීවිතේ වටිනා කම.

කෑලි මත්තේ නැහෙන නැතිව ලව් කරලා එග්සෑම් කරන් ඕනි තරම් උන් ඉන්නවා කෙල්ලෝ වගේම කොල්ලෝ.සරල ආදර
ඒ වගේම හැම කලාස් දවසේම රූම් ගානේ රින්ගලාඉ ගනීම උපරිමයෙන්ම කරගන්න අයත් ඕනි තරම් මේ ඇස් දෙකට පේනවා.කාම ආදරය.
කෙල්ලට මැරීලා ආදරය කාලා ජීවිතේ ඇන ගන්න කොල්ලෝ වගේම කෙල්ලොත් ඇති වෙන්න ඉන්නවා. අවංක ආදරය.
හැම මගුලක්ම කරගෙන කෙලවගන්න කෙල්ලෝ වගේම කොල්ලොත් ඉන්න්වා-කෙලවගන්න ආදරය

ආදරේ කරලා අධ්‍යාපනය ඒ වගේම ක්ලබ් බාර් වල් ඉදලා ඉගන ගන්න උන් වගෙම ජීවිතේ කෙලවගන්න උනුත් ඇති තරම් ඉන්නවා.


මොන මගුල කලත් හරි ගියොත් ගොඩ ඒත් කෙල උනොත් .තමාගේ ජීවිත අරමුණක් වෙනුවෙන් ගමනක් යන්න ඕනි.තම්න් කෙලවගන් කැ ගහලා වැඩක් නෑ ඒක හොද නෑ කියලා ඒක හොදයි මං කලේ නැ කියලයි කියන්න ඕනි..
ජීවිතේ තමන්ගේ ඒ නිසා ඒ ගැන සෑහෙන්න හිතන්න ඕනි.දෙමාපියොත් දරුවා කෑමති මාවතක සාර්තක ඉලක්කයක් පෙන්නන එකයි කරන්න ඕනි.නැතිවබලෙන් පාරක තියන්න බෑ.මතක ඇතිනේ කාකා ලියලා තිබුන "දැන් කාලේ හැදෙන ළමයි සහ විස්ස විජ්ජාල ප්‍රොෆෙසර් ලා! - Oh these kids (and these University Professors) " ලිපිය.මන් හිතන් විදියට ඒ කුමක් වුවත් ලමයාගේ කැමැත්ත පි‍ටුපස හබා ගියාම.ජීවිතය සාර්ථක ඉලක්කෙකට ලගා කරගන්න පුලුවන්.දෙමාපියන්න එසේ ශක්තියක් වන්නට.ඉගනීම සදහා  සාර්තක ඉලක්කයක් අවශයයි.

Vision - the ability to see what others do not see
Courage - the ability to act despite fear
Creativity - the ability to think outside the box
self-confidence - the ability to withstand criticism
self-control - the ability to delay gratification
(මාගේ ගුරුතුමෙක් මාගේ ලිපියකට දමා තිබූ කමෙන්‍ටුවකට තිබූ දෙයක්)

හත කරුණු ජීවිතේ කරන්න පුලුවන්නම් ජීවිතේ සාර්ථක වෙනවා නොවනුමානයි.පහත ශ්‍රේෂ්ඨ  මිනිසුන් දෙස බලන්න.




මොවුන්ට ජීවිතය පෙන්වීමට කවුරුත් සිටියෙ නෑ නමුත් මොමුන්.ජීවිතය සාර්තකත්වය සොයා ගත් මිනිසුන්.අපට මේ තරම් ජීවිතය පෙන්වා දෙන්න සිටියත්
"යන්න පාරත් තිබේනම් දෑසත් තිබේ නම්..කොහෙද මේ යන්නේ"


ප.ලි.
ඇයි මේ ලිපිය ලියන්න හිතුනේ-
මං වගේම ජීවිතේ කොතනක හෝ අනාගත්ත කෙනෙක් හිටියොත් ඒ අනා ගැනීම මගහැර.සාර්තකත්වයට යන්න පමා නොවෙන්න යන්න.
කාට හෝ මේ ලිපිය ජීවිත සාර්තකත්වයට උපකාර වේවා!!

ලියන්න ගිය අදහස හරියට ඇවිත් ද මන් හිතන් නේ නෑ..

* කියන්න අමතක උනා ඔය පින්තූරේ ඉන්නේ එක ගැගැණියයි..ඒක විශේෂ්යක් නේ ද?
එම ගැහැණිය ගැන ලිපිය.>>>>


ආ අපේ බ්ස් කට්ටිය අලුත් වැඩක් පටන් අරන් ඕන්...
බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙලට සමගාමීව බ්ලොග් සතියක් 07/07/2012 සිට 14/07/2012 දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු, බ්ලොග් සතිය වැඩසටහනේ දී ඔබ විසින් දෛනිකව ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා පෝස්ට් පල කල යුතුවේ. (මුල් දින දෙක මඟ හැරුනු බ්ලොග් කරුවන්ට තෙවැනි දින සිට දායක වීමේ හැකියාව ඇත) එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්‍රමාණවත් වේ. තවද පහත ගැජට්ටුව ඔබේ අඩවියේ පල කොට අපගේ සම්මාන උළෙලට දායකත්වය දක්වන මෙන් ආරාධනා කර සිටිමු... ස්තූතියි මෙයට සංවිධායක කමිටුව අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු.. අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා. -- අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk


Read More

Monday, June 18, 2012

ආතල් ගන්න කතා ලිව්වේ නෑ (+18 නිසා)

මගේ කලින් ලිපිය "+18 තමා ඒ වුනාට මේ කථාව ජරා කියන්න එපා " කියන ලිපිය කිවලා නැති කෙනෙක් ඉන්නවානම් ඒක කියවලා ඉන්න.

ගොඩාක් වෙලාවට මට තියන ලොකුම ප්‍රශ්නේ තමා ම්න් කියන් දේවල් ගොඩාක් අයට තේරෙන් නැති එක.මං මොනවා  හරි  දෙයකින් දෙන්න උත්සහ කරන අදහස මගේ වටේ ඉන්න පිරිසට තෙරෙනවාද කියන් ප්‍රශ්නය.මං හිතන්නේ මගේ ලිපි කියවන ඔයාලට මේ ප්‍රශ්නය නැතිව ඇති මොකද බ්ලොක් ලියන්නෙක් වුනත් කියවන්නෙක් වුනත් යම් කෙනකුගේ අදහසක් තෙරුම් ගන්න ඒක විචක්ෂණ ශීලීව විමර්ශනාත්මක බලන්න පුලුවන් පිරිසක්.

වර්ථමානයේ ලංකාව තුල කුහක මානසික ‍රැල්ලක් බිහි වී ඇතයි කීවොත් මට කිසිවකු බැන නොවදීවි කියා මං සිතනවා.ලංකාව තුල දැන් ඉන්නේ පොෂ් ඇමරිකන් කාරයෝය.ඒත් ලංකීය ඕනීම පවුලක පරම්පරා පහක් පසු පසට ගොස් බැලුවහොත් පොෂ් කාරයෝ නැත අපේ මිතුන් මිත්තලා හරි අපූර්ව ගැමි වැදගත් මිනිසුන්ය.වර්ථමානයේ කරන්නට හොද නමුත් කියන්නට නරකය.කියන දේ විශ්ලෙෂණයක් කලහොත් උට පිස්සුට..ඒ නිසාම අද මිනිසුන්ව නටවන්න බොතල් පත්තර කාරයන්ට ලේසිය.බෝතල් පත්තර කාරයා යනු බෝතලයට පත්ත්‍රය ලියන්නාය.ඔවුන්  ලියනා ලිපි බල්ලාගෙන් පටන් ගෙන මැක්කාගෙන් ඉවර වෙන ගනයේ ඒවාය.මිනිසුන්ට ද ඒවා රසවත්ය.හදවතට එකගව ලිපියක් ලිවුහොත් ඒ පොර දේශත් දෝහියාය.ඒවා කියන කතා නොව ඒවා හැම තැනම වෙන කතා නිසා ඒවා කතා නොකල යුතුය.


මට පලවෙනි කෙස් එක වැටෙන්නේ බුකියෙහි මා අප්ලෝඩ් කල විඩියෝවක් වෙනත් අයට ටැග් කල විටය.ඒ  අපේ AL බයෝ පාඩමෙහි එන දරුවකු බිහිවීමට අදාල කොටස පාසලහි ඉගැන්වු විට.මා මිතුරකු සතුව ඒ හා සම්බන්ද වීඩියෝ පට කිහිපයක් ඇති බවත් එවා මට දිය හැකි බවත් පැවසීය.මට ඒය ලැබුනු පසු එහි ඇති සංවේදි බව නිසාම,මා එය අප්ලෝඩ් කර බුකියේ බයෝ කරනා දන්නා සියලු දෙනාට ටැග් කලේය.එක් ටැග් කිරීමක් හැරෙන්නට අනෙක් සියල්ල ඊලග දවසේ ඉවත් කර දමාය.මාගේ මිතුරියකුගේ අයියා කෙනකුට ටැග් කලේ ඔහුද බයෝ කරනා බුවෙක් නිසාය.
පසු දින ආ ආරංචි මාර්ග වලින් දැනගන්න්ට ලැබුනේ.ඔහුගේ මිතුරියක් අනේ මොනවාද ඔයාගේ වෝල් එකේ දාලා තියන්..
ඔහුගේ හිතට මොනවා උනාද මන් දන්නේ නෑ.ජරා විඩියෝ එකක් ටැග් කට වරදට ඔහු මට ගහන්නට ගැන් එකක් සෙට් ක්ර්ගෙනලු.තනියම ගහන්න බැරි බුවා සෙට් එක එක්කද ගහන්නට නම් අවේ නැත් ආවානම් කන පිරෙන්න වචන සාදයක් මං දෙනවා.


ඒ උදාහරණය මං ගත්තේ ඒක තමා ලිංගික කුහකත්වය කියන් එක තෙරුම් කරන්න.අපේ රටේ මේක ලොකුවටම තියනවා.මෙහෙම මනෝ භාවයක් තියන ඒවා කතා කරන ඒක මීට සම්බන්ද දේවල් කතා කර එක ජරා වැඩක් නමුත් තමුන් ඒව..ඒක කුණුහ‍රැප..බයිලා ගහන ලංකාවේ සමහර අය කියන්නේ මේවා කතා කරන් එක ජරා වැඩක් කියලා.මං හිතනවා බ්ලොග් අවකාශයේ ඉන්නේ ගොඩාක් බුද්ධිමත් විචාරශිලි සෙට් එකක් බොහොම වැද ගත් විදියට මේ මතෘකා  ගැන සාගච්ච කලා.
          තවමත් මංගල උත්සවයකට  පසුව තම යේලිගේ කන්‍යාභාවය පිලිබදව පැහැදිලි විමසීමක් නැද්දමා විසින් සිදු කරගෙන යන් සමාජයකයි අපි ජීවත් වෙන්නේ.ලංකීය සමාජය තාමත් කුමරි බබසර ඉහලින් අගේ කරන රටක්.මං ඉස්සරලා ලිපියෙන් සදහන් කලේ ආතල ගැනීමක් නෙවේ එහි ඇති ගැබුරු තෙරුම වටහා ගැනීමට ට .මෙචර ගැඹුරට සදාචාරය කතා කරන රටේ.පොඩි වුන් ඩබලකගේ මානසිකත්වය ඕකද කියන්නයි මන් උත්සහ කලේ.නැතිව ඒ ලිපියෙන් ආතල් එකක් ගැනීම නෙවේ.
        මන් හිතන්නේ ගොඩාක් අය ඒක තෙරුම් ගත්තා .ඒත් අද මට හමු වු වැඩිමහල් සහොදරයෙක් මොනවද මල්ලි අර දාලා තියෙන්නේ මොනවද බන් ලැජ්ජාවේ බෑ.ඒ පොර කියන්නේ බුකියේ ෂෙයා කර තිබූ ලිපියේ ලින්ක් එක ගැනයි.ඒපොරගේයෙහෙලියන් කීප දෙනකුත් විමසුවාලු මොනවාද ඒ දාලා තියෙන්නේ ඔයාගේ යාලුවෙක්ද කියලා.පොර කියනවා ඒක අයි කරපන් ලු නැතිනම්.මාව ෆ්‍රෙඩ් කෙනෙක් විදියට තියන් නැතිව අයින් කරනවාලු.මන් කීවා හා කියලා.මා කියන්නට යන දේ තේරුම් ගන්න බැරිනම් මගේ දේවල් නොබැලුවාට කමක් නෑ.


මගේ බයෝ පංතියේ ප්‍රජනනය කියන පාඩම උගන්වනකොට කෙනෙක් සර්ට ප්‍රශ්ණයක් යොමු කරලා තිබුනා.
ඕක ඔචර සීරියස් කෙස් එකක් නම් ඇයි මිනිස්සු මෙචර ආස මේ දෙට?
මගේ විදියට පිලිතුර-මිනිසුන් ප්‍රජනනයේ යෙදෙන්නේ තමාගේ වර්ගයාගේ පැවැත්මට.ඒදේ හරියට අපිට කවුරුහරි ගහනවා වගේ රිදුනානම්.අපිව ඇල් පනිත්තකින් ඇනිනවා වගේ රිදුම් දෙන වැඩක් වුනා නම්.වර්ගයාගේ පැවැත්ම ස්ථිර නොවන්නට තිබුනා.වර්ගයාගේ පැවැත්ම උදෙසාම එය රසවත්.

ඒසේ රසවත් වු පමනින් බල්ලන් බලල්ලුන් සේ මිනිසු වන් අප හැසිම සුදුසු නොවේ.මිනිස් සිත.පාලන්ය කල හැකියි.බොහෝ මිනිස් කණ්ඩායම් තම පැවැත්ම සදා ආචාර දර්ම පද්දතියක් ගොඩනගාගෙන තිබේ.
ආසියාතිකයන් වන් අපි සතුව ඒ දේ ගැබුරටම තදින්ම කාවද්දවා තිබේ.
මේවා කතා කලොත් වැරදී නමුත් ඒව හිතේ තියාගේන වැරදි කර කර  එලියට හොද මූන පෙන්නාගෙන හිටියාම නියමයි.මන් මේ ගැන කතා කලාම මොනවාද ලියන්නේ අහනවා.එත් ඒ පොඩි වුන් දෙන්නා වැරදි පාරෙම දිගටම ගියානම්.ඒ වගේ දෙයක් තව තැන් වල වෙන්නට පුලුවනි.මේ ලිපියෙන් කතා කරලා කීවේ ඒහෙම උනොත් ඒ වගේ වැ‍රැද්දක් ට්ඝව කෙනෙක් අතින් නොවෙවි.නමුත් ලිංගික කුහකත්වය නිසා මේ ගැන කතා නොකර සිටියානම්.....මේ වැ‍රැද්ද තව කා අතින් හෝ සිදු වීමට ඉඩ තිබේ..

මට මේක ලියන්න හිතුනේ මොනවද උබ ලියලා තියෙන්නේ අහපු නිසයි.


ප්‍රජනනය යනු-"ජීව්යකු තම විශේෂ්යට අයත් නව ජීවින් / ජීවී පරම්පරාවක් ඇති කිරීමයි"එමගින් ජීවි විශේෂයේ පැවෙත්ම තහවුරු වේ.
මෙය මෙපමනකි අප සියල්ල එය තෙරුම් ගත්තානම්.සියල්ලන් ජීවිතය විදීවී.බ්ලොග් කාරයන් යනු බොතල් පත්තර කාරයන් නොවේ.එමනිසා ලියන්නේ හිතට එකගවය.මන් ලිංගිකත්වය ගැන ලීවේ ආතල් ගන්නට නොව මෙයයි නියම ලිංගිකත්වය.
කුහක කමකට හිත්ට ඉඩ දෙන්න එපා අවංක වෙන්න..
Read More

Sunday, June 17, 2012

බඩී see u later...

දැන් මාස අටකට විතර විතර කලින් මං ගෙදර එනකොට අම්මයි,නංගියි,මල්ලි හැමෝම කුස්සිය පැත්තේ ලොකු සද්දයක් මොනවා හරි තුන්දෙනා එකතු වෙලා කතා කරනවා.අප්පචී නම් වැඩ ඇරිලා ගෙදර ඇවිත් නෑ වගේ.කාමරයට ගිය මං බෑග් එක තියලා ඇදුම් මාරු නොකරම කුස්සිය පැත්තට ගියා.
කුස්සියට යනකොට පුංචි බලු පැටියෙක් මාව දැකලා මගේ පැත්තට හිමීට ඇවිදගෙන එනවා.විස්තර අහලා බලපුවාම අම්මා කීවා.
මං අද ලේවැල්ලේ ලොකු අම්මලාගේ ගෙදර ගියා.මුගේ අම්මා මැරිලා මේ වගේම පැටව් දෙන්නෙක් හිටියා.මං මූව අරගෙන ආවා.තාම සති දෙකක් වත් නෑ.
පොර ගෙදරට ගෙනාවාම වැඩ වැඩි වුනේ අම්මාට තමයි අපේ වැඩ වලට අමත්‍ර මූට කිරි ටිකක් වත් බීගන්න බෑ හරියට සීතලට ගැහෙනවා.අමාකොහොම හරි මූව හොදට බලා ගත්තා.
එදා හවස තමා නම් තැබීමේ උලෙල.හැමෝම එක එක නම් යෝජනා කලා එත් මූ දිහා බලන් හිටපු මට එක පාරටම බඩී කියවුනා.මුගේ රූපෙත් එක්ක නම් යස අපූර්වට ගැලපුනා.හැමෝම ඒකට කැමති වුනා.එදා ඉදන් මේ බලු පැටියා බඩී වුනා.

ම්ං ටිකක් තදට හිටියාට මේ පොරට අම්මයි නංගී නිසා හුරතලෙටමයි හැදුනේ.හැම වෙලේම සෙල්ලම.හැමෝටම හොරෙන් නංගිගේ කාමරයට ගිහින් නංගි පාඩම් කරනකොට පු‍ටුව ඇතුලට වෙලා ඉන්නවා.උදේම අපි හැමෝම ගෙදරින් ගියාම වැඩිපුරම ඉන්නේ අම්මත් එක්ක ඒක් නිසා පොර අම්මාගේ බුදු ‍ෆිට් එක වුනා.
      අම්මා එක්කම ගිහින් කොහොම හරි පවුලේ නෑදෑ ගෙවල් ටිකත් දන්නවා මාසයක් දෙකක් යනකොට.දවස් දෙකකට සැරයක් වත් මේ හැමෝම ගිහි බලලා ආවේ නැත්නම් පොරට නින්ද යන් නැතිව ඇති.
බඩීගේ ලෝකය රස කතා මල්ලත් අපි ගෙදර එනකම් බලන් ඉන්නේ ඉස්සරහාට ඇවිත් බලන් ඉන්න.මොනවා හරි දුන්නාම චුට්ටක් කාලා ඉතිරි ටික හන්ගලා තියා ගන්න පොරක්.දෙන ඕනි කෑමක් කනවා පැනි රස වලට වගෙම මස් වලටත් හොද රුසියා.
   පෙරේදා අම්මා එක්කම අත්තම්මාව බලන්න ගිහින් එහෙන් දුන්න බිස්කට් එක කාලත් නෑ.ගෙදරදී දුන්න මොකුත්ම කෑ වේ නෑ,මල්ලි හැමදාම ගේන 5හේ අයිස් එක.නංගිගේ හකුරු කැල්ල අඩුම එදා වතුරවත් බීවෙ නෑ.
    එදා හවස පොර නිදිමත් ගතියෙන් ගිටියේ.අප්පචී කීවා හෙට ගිහින් පශු වෛද්‍ය ලගට හිහින් බෙහෙත් ගෙන්න කියාලා.අම්මා ඊයේ ගිහින් බෙහෙත් ගෙනල්ලා.උනක් කියලා බෙහෙත් 3ක් විද්දාලූ..
  ඊයේ ‍රැට්ත් මන් හැමදම වගේ එලියට ගියා.හැමදාම ටික වෙලාවක අහස දිහා බලන් ඉන්න එක මගේ පු‍රැද්දක් වෙලා තිබුනා ඒ වෙලාවට මං ලගට බඩිත් ඇවිත් ඉදගෙන ඉන්නවා.කවුරුත් නොදන්න ලොකු බැදීමක් අපි අතර තිබුනේ එහෙම.එත් ඊයේ අවෙ නැති නිසා මන් කුස්සිය පැත්ත්ට ගිහින් බැලුවා පොර ඔලුව උස්සලා බැලුවා.පෝට අමරුයි වගේ.මන් ඔලුවත් අත්ගාලා මොකුත්ම නොකිය අවා.
          අම්මටත් පාන්දර එකට  විතර ඇහැරිලා අම්මට නිකමට ගිහින් බලන්න හිතිලා.අම්මා දොර ඇරගෙන යනකොට පොර නැගිටින්න හදලා එත්  වැටියා.අම්මා අල්ලල බලනකොට සීතලයි ලු.අම්මා රෙදි කැල්ලකුත් පොරවලා ගිහින්..

අද උදෙන්ම කවදාවත් නැතිවන් නංගි ඇවිත් කැ ගහනවා අඩ අඩ අයියා නැගිටින්න නැගිටින්න..
මං නැගිටල ඇයි ඇහුව..
බඩී..කියලා කීවා


මං ටක් ගාලා දුවන් ගිහින් බලනකොට බඩිව රෙදි කෑල්ලකින් වහලා.මන් රෙදි කැල්ල ඈත් කරලා බඩියේ  මූන බැලුවා...

අල්ලපු ගෙදර මල්ලි මායි  අපෙ මල්ලි නංගියි.පවුලේ සොහොනේම වල්ක් කපලා බඩීව වැලලුවා.
අපි කාටත් දැන් උබ නැතිව පාලු හිතයි බඩී..උබට නිවන් සුව.

ඔන්න පහලින් මන් පින්තූර ටිකකුත් දැම්මා



කොල එක්ක සෙල්ලම් කරන එක තමා කරන්නේ
කොල එක්ක සෙල්ලම් කරලා ඇති වුනාද

දෙයියනේ උබ බල්ලෙක් යකෝ ඕවා හා වැඩ

මගේ  4ටෝ එකක් ගහ ගන්න

ආ තව 4ටෝ එකක්

දැන් ඇති
Read More

Wednesday, June 13, 2012

ලංකාවෙත් හොද මොඩිල් ඇගවල් තියනවා

කොහේද මේ ලතා එක්ක බැනේ මුට පුදුම කුලප්පුවත් තිබ්බේ මේ ඇට මගුල බලනකම්..


ලතාගේ කන්කරච්චලය ඉවසිය නොහැකි වු තැන මන් වු එක්ක ‍ෆිල්ම් එක බලන්න යන්න සෙට් වුනා දන්නවානේ..අඩුම වියදමින් කොහොමද සැපට ‍ෆිල්ම් එක්ක බලන්නෙ කියලා..
ඔන්න ඉතින් ‍ෆිල්ම් එක පටන් ගෙන් විනාඩි 5ක් පහු වුන ගමන් දූවගෙන ගිහින් තියන අඩුම ගානට ටිකට් කෑලි දෙකක් ගත්තා..
නාකි බුවෙක් හෝල් එකේ ඉස්සරහම දොරෙන් අපි දෙන්නා ඇතුලට දාලා ලාවට වගෙ එලියක් ඇල්ලුවා අඩුම ටිකට් එකනේ ඉස්සරහම පෝලින් දෙක.
හරි මචං නාකියා ගියා කියූ සැනින් ලතා සුපුරුදු තියරිය අනුගමනය කරන්නට විට කරුවලෙම අතපතගා නැගිටගත් අපි දෙන්නා...පු‍ටු පොලිම් දෙක පසුකර හොල් එකේ පිටිපස්සහටම යන්න පට ගත්තා

ඉස්සරහින්ම ඔන්න ලතා යනවා..දඩස් හුටා මචන් අලුති මෙතන හරහට එකක් ගහලා..මොකද බන් කරන්නේ..පැනපන් යකෝ මෙ මිනිස්සු අපිට හොදවයි අමතන්න කලින්..
වාව් ..ඔන්න එතනින් පැන්න..අපි දෙන්න හෝල් එක පිටිපස්සාම කුෂන් පු‍ටු දෙකක වාඩි වුනා..

හී..හී...එහා පැත්ත බලපුවාම ලස්සන අක්කලා ටිකක් අපි දිහා බලලා හිනා වෙනවා එකසිය ගානට..යකෝ එතකොටනේ මතක් වුනේ..මේ ඔක්කෝම බලන් ඉන්නකොට අපි දෙන්නා හෝල් එක මැද විකරයක් නැ‍ටුවා කියලා..මොනා වුනාම මොකෝ..දැන් කුෂන් පු‍ටු වලනේ...


ආ තාම නම් දාගෙන පටන් ගන්නවා..ඔන්න ‍ෆිල්ම් එක බැලුවා..
මාර කතාව ඇ...මාර ස්ටොරිය අය කියලා වැඩක් නෑ..අපේ ..නිලියොන්ටත් මාර ඇගවල් තියනවා..කියලා පෙන්නන එක තමා මේ ‍ෆිල්ම් එකේ අරමුන..

අනේ යකෝ ලංකාවේ වැඩිම වියදමක් දරලා හැදුවාලු මුන් මොනවාද දන්නේ නැ හැදුවේ,,අධ්‍යක්ෂකයා ෂුවර් එකට නෝනා නම් ලංකාවේ දාල යන්න ඇතේ..ඇයි එකනේ ඔචර සල්ලි යන්න ඇත්තේ හොටෙල් බිල් වලට එහෙම..
අනේ මන්දා මහ පට්ට චටර්..කොල්ලෝ ෆොම් කරන අතින් නම් සුපිරි....අපරාදේ නිලියොන්ට ඇදුම් වලටත් එචර සල්ලි ගිහින් නෑ වගේ පෙන්නේ..
ඔය ඇති මීට වැඩිය ලිව්වොත් මගේ කට හොද නෑ..
ඔය පහලින් පොලිමට ඉන්නේ අයිලා වගේ...




















-------------------------
විද්‍යා ප්‍රබන්ධයක් කියවමු.

01.පුනරාගමනය >>

02.මළවුන් අතර >>

03.දැවුරුද්ද >>

Read More

Wednesday, June 6, 2012

බැලුවද?

ඇයි නිකන් අමුතු විදිහට බලන්නේ මම ඇහුවෙ බැලුවද කියලා .. අ මොකක්ද දන්නවද උදේ 5.30 ඉඳලා උදේ 10  වෙනකම් පෙනුනු එක සිකුරු සංක්‍රාන්ති හපෝ මාරයි ඇ.. නැ ඉතින් මාරම නෑ ජීවිතේටම මේ පාර විතරනේ.ඔය සිද්දිය වෙන්නේ පෘතුවිය හා සූර්යයා අතරින් සිකුරු ගමන් කරනකොටනේ.මේ සියවසේ අවසාන් සිකුරු සංක්‍රාන්තිය මේක.මීළඟ සංක්‍රාන්තිය 2117 දී අපි ඉතින් ඒ වෙනකොට........
ඔන්න ඉතින් මාත් ගිය මාසේ ඉදන් කැලැන්ඩරේ ඕක මාක කරලා තිබ්බා දන්නේ ඇද්ද ඇස්ටෝ වැඩක් නේ.. :)
මාත් ඉතින් ඔය සිද්දිය ගැන තිබුනු ලිපි  අරෙහෙන් මෙහෙන් නෙට් එක්න් එහෙම කියවලා .වැඩේට හොදට ලැස්ති වෙලා හිටියේ..ආ කියන්න එපැයි ඇස්ටෝආනන්ද බොල්ග් එක තමා ඒ ගැන හොදම සිංහල ලිපිය නෙට් එකේ දාලා තිබුනේ..(මට හම්බ වුනු ලිපි වලින්)
උදේ නැගිටිනකොට 6.30ට විතර එලියට ගියාම හිතුනේ අදනම් වැඩේ ෆුල් අවුල් කියලා මොකද ...කළු වලාකුලු අහස ආක්‍රමණය කරලා ශ්‍රී ලංකාවට නිරිතදිග මෝසම සක්‍රිය වුනාට කුඩුවෙන්න පායනවා  මේ පැත්තට කරුමෙට අදම වහින්න වගේ.. කරන්න දෙයක් නෑ.ඔන්න ඉතින් බුකිය පැත්තේ රවුමක් දාලා..බ්ලොග් එකත් බලනකොට 9ට ලගයි එත්.. එළියක් පේන්නවත් නෑ.
     මෙන්න 9.15 විතර ඉර එලිය එනවා මම ටක් ගාලා මගේ ආම්පන්න ටික ලැස්ති කර ගත්තා..
ඔය කිව්වට මන් ලග මහලොකු බඩු නෑ..අවු කණ්නාඩියකුයි ක්‍රම 2ක සිදුරු කැමරාවකුයි තියනවා(මං හදපු)..හරි හදා ගන්න හැටි කියන්නම්


ක්‍රමය: 1 (5වසරේ පොතේ තිබ්බේ අන්න ඒක)

1.දිග පෙට්ටියක් හෝ බටයක් සපයාගන්න.



2.එක් අන්තයක සිදුරක් තනාගන්න.

3.එය කළු කොළයකින් හෝ මේ වගේ foil ekakin ආවරණය කරගන්න.




4.ඇල්පෙනිත්තක් භාවිතයෙන් කුඩා සිදුරක් කළු කොළය මත හදාගන්න.

5.දැන් පෙට්ටිය අනෙක් පැත්තේ බිත්තියේ තරමක විශාල සිදුරක් සාදාගන්න

6.ඒ පැත්තේ පෙට්ටියේ අන්තයේ ප්‍රතිබිම්භය ලබාගැනීමට සුදු කඩදාසියක් අලවන්න




දැන් ඔබේ සිදුරු කැමරාව සූදානම්.දැන් එළිමහනට ගොස් කුඩා සිදුර තියෙන පැත්ත ඉර එළියට අල්ලා පොළවේ සෙවැනැල්ල ආධාරයෙන් ඉර සහ ඔබේ සිදුරු කැමරාව සමපාත කරන්න. දැන් පෙට්ටියේ අනෙක් පැත්තේ තියෙන විශාල සිදුරෙන් ඔබට සූර්යයාගේ ප්‍රතිභිම්භය බලාගන්න පුළුවන්

ඔබ මෙහිදී තනි පෙට්ටියක් හෝ බටයක් වෙනුවට එකිනෙක තුළ රිංගවිය හැකි බට හෝ පෙට්ටි දෙකක් යොදාගත්තා නම් තිරය සහ සිදුර අතර දුර වෙනස් කරමින් වඩා පැහැදිලි ප්‍රතිබිම්භයක් ලබාගන්න පුළුවන්.

හිරු දෙසට තියෙන කුඩා සිදුරේ ප්‍රමාණය වෙනස් කරමින් ප්‍රතිබිම්භයේ පැහැදිලිතාවය වෙනස් වන විදිහ අත්හදා බලන්න.

ක්‍රමය : 2

මේක ඉතාම සරලයි.කරන්න තියෙන්නේ කාඩ්බෝඩ් දෙකක් අරගෙන එකක කුඩා සිදුරක් විදගන්න.දැන් ඒ කාඩ්බෝඩ් එක සූර්යයා දෙසට අල්ලා අනෙක් කාඩ්බෝ එකට සූර්යයාගේ ප්‍රතිභිම්භය ගන්න එක විතරයි



9.35 විතර වෙනකම් මං ට්‍රයි කලා මේ ක්‍රම  2ක හරියන්නේ මොන රෙද්දක්ද අනාරක්ෂිත ක්‍රමයකට අවු කණ්නාඩිය දාලා එලින්ම බැලුවා ඕනි දෙයක් වෙන්න කියලා.ඔය අපූරුවට පෙනුනේ.. තාම ඇස් හොදින්

සිකුරු සංක්‍රාන්තිය
Read More

Tuesday, June 5, 2012

ඇයි පොලිස් මහත්තයෝ බලන් හිටියේ.

ඔන්න ඉතින් අද 4.15 විතර මම වැව රවුමේ හිටියා.ඔන්න ඉතින් දැන් කට්ටිය මොන වැව රවුමෙද කියලා අහනවා, අපි ඉතින් කන්ද උඩරටනේ  වෙන මොන වැවද ඉතින් අපිට නුවර බෝගම්බර වැව් ඉස්මත්තේ :)
             ඔන්න මම දැන් හිටගෙන ඉන්නවා පරේ වාහන යනවා එතනින් මිනිස්සු එහට මෙහාට යනවා උදේ වෙල්ස් පාක් එකට නැන්ග කපල් එහෙම ගෙවල් වෙලට යන්න බැහැගෙන එනවා එතන එහා පත්තේ හතරමන් ගන්දියේ පොලිස් නිලධාරියකුත් වාහන හසුරවනවා.
       මම හිටන් ඉන්න කොට ඔන්න අම්මා කෙනෙක් දෙක වසරේ විතර ඉන්න පොඩි කෙල්ලක් ඇදගෙන යනවා හවස හතරත් පහුවෙලා  තාම ඒ පොඩි කෙල්ල ඉස්කෝල් ඇදුමෙන් ,,අම්මා දුවට මෙහෙම කියනවා "මැටි දෙන......" අනේ අපොයි (තව ගොඩක් ඇහුනා :D ) හරි හරි ඒක වෙනම කතාවක් මම කියන්න ආපු දේ කියන්නම් කෝ,,
  නුවර මොන වෙලේ බැලුවත් පර සුද්දෝ  අඩුම 10ක් වත් පේන්න ඉන්නවානේ ඔන්න මම ඉන්න තැනට මේ පර සුද්දියකුයි සුද්දෙකුයි ආවා .ඔන්න ඩබල යනවා ඔන්න යනවා නැවතුනා.ඔන්න අහපු දෙන්න කතව සුද්දි ටිකක හැඩයි මම බලන් හිටියා.
අම්මද බොල සුද්දගේ අතේ බලන්න එපැයි පට්ට බාණ්ඩයක් අය ඉතින් මම සුද්දි දිහා මොකට බලනවද  ඕන් ඇස් දෙක ඒ දිහායින් අහකට ගන්න හිතුන් නෑ..බෑග් එක දිහා බලපුවාම එකට ගහන නියම ස්ටෑන්ඩ් එකකුත් ඇත්තටම එක නම් සිරා කැමරා පොඩ්ඩ වෙන්න ඇති ආ.. :O
         දන්නේම නැතුව ඩබලම ඇවිත් මගේ ඉස්සරහ උඩ බලනකොට සුද්ද මන් දිහා බලාගෙන  ඌ මට හායි කීවා මත් ඉතින් පවූ කියලා හායි පරක් දැන්මා :) (මට චාටර් මම ඌගේ කැමරා එක දිහා බලන් හිටියානේ )
   හරි හරි ඔන්න ඒ වැඩ ඉවර වෙලා ඩබල කතා කර කර  කහ ඉර ගාඅවට ගියා මම හිතුවේ පාර මාරුවෙන කියලා නැ හිටපු උන් ඔක්කෝම පාර මාරු යුනා ඩබල එතන හිටගෙන සුදිදි සුද්දට කීවා අතනට යන් කියලා කෝ අරූ කීවා නැ මෙතන ඉමු කියලා හිටියා. කැමරා එක අතේ තිබුන නිසා මම හිතුවා මුට ලස්සන ඇන්ගල් එකක් අහුවෙලා ෆෝටෝ එකක් වත් ගන්න යනවාද කියලා නෑ,,,, ඔන්න සිද්දිය
  ඔන්න ත්‍රී වීල් එකක් ආවා පර සුද්දා අත දික් කරා ත්‍රී වීල් කාරයට පොලිසිය නීතී අමතකයි පොර නැවත්තුවා වීල් එක පාර මැද්දේ කහ ඉර උඩම,,වෙලාවට මේක මන් දැක්කේ  ලයිව් ඇට් 8 හරි රතු රත්න හරි දැක්කානම් : ).
කට්ටිය හිතන්නේ මු ටක් ගාලා නැහැ කාඩ් එකක් දික් කරගෙන  එකේ තැන විල් කාරයට පෙන්නලා විනාඩියක් 2ක් එතන කතාව පාරවල් හතරක වාහන බ්ලොක් වෙලා පොලිස් රාලහාමිත් බලන් ඉන්නවා අනෙ ආපොයි... :( පර සුද්දොන්ට විතරයි වෙලාව වැදගත්  අපේ උන්ට වෙලාව වැදගත් නෑ.
    විල් එකේ ඩරයිවර් මහත්තයාට හරි සතු‍ටුයි වගේ මූනෙන් පෙනුනේ පර සුද්දෙක් විල් එකට නැන්ගා කියලා..  මේ වගේ උන් තමා අපේ රජකම රට පර සුද්දන්ට පාවා දුන්නේ,,එතකොට අර පොලිස් මහත්තයා අනේ අපොයි මම තව ලියන්න ගියියොත් මට ලියන්න වෙයි පි‍ටු ගාන කාට කාටත් තේරෙනවානේ මොකද උනේ කියලා ,,පාර  බ්ලොක් නොකර සිග්නල් දාන් නැතුව හදිසි ලෙඩෙක් ගන්න විල්  එක නැවැත්තුවත් දඩ කොල ලියන අයට මේ වෙලාවේ පහල උනේ සත්ව කරුණාවද?
මුන් අපේ රටේ ප්‍රසිද්ද ස්ථාන වල සිගරට් එක කටේ තියගේන..විකාර වැඩ  හොදම දේ පොලිස් මහත්වරුන්ට ඉංගිරිසි උගන්වන් එක.. :)
Read More

Tuesday, May 29, 2012

එහෙනම් නංගි ‍රැග් බිස්කට් ගෙනාවා


කථාවකුත් නෙවේ කට්ටිය බනින්න එහෙම එපා ඕන් එහෙනම් මෙකා මේ මොනවා කියවනවද කියලා..මේකනි අද උදේ පාන්දරම කාලාස් යන්න පිටත් වුනා.ඉන්ගිරිසියෙන් කියනවානම් අමතර පංති අන්න ඕකට මේ දවස් ටිකේම කාලාස් නොවැ.5.30 ස්කූල් බස් එකට තමා මාත් සෙට් වෙන්නේ ඕකේ ස්කෝල් යන නංගිලා මල්ලිලා වගේම.තව තව යනවා මං දැන් යන කට්ටිය ලියන්න නෙවේ නේ ගත්තේ..
          මං උදේ පාන්දර බස් එකට නගිනකොට කට්ටිය පිරිලා එක මල්ලි කෙනෙක් නගිනකොටම අයියා බඩු හම්බ උනා කියලා කෑ ගැහුවා මන් බැලුවා යකෝ මේ මොකද කියලා.
ටික වෙලාවකින් තමා මට වැඩේ මීටර් වුනේ.

 බස් එකට බිස්කට් චොකලට් ලැබෙන අවස්තා කිපයක්ම තියනවා.

01.කාගේ හරි බ්ර්ත් ඩේ එකක්
02.ස්කූල් වැන් එක අතහැර බසය ‍තෝරා ගන්නා අවස්ථාව (‍රැගට)
03.6 වසරට පාසල මාරු කර නගරයේ ජනප්‍රිය පාසලකට යෑම (‍රැගට)
04.උසස් පෙලට පාසල මාරු කර නගරයේ ජනප්‍රිය පාසලකට යෑම (‍රැගට)

ඔන්න ඉතින් මේ දවස් වල ඔය කියන 04 වෙනි අවස්තාව උදාවෙලා තියනවා,අපෙ කොල්ලෝ බිස්කට් එකක් ඉල්ලනේ පෙරේත කමට නෙවේ සහෝදර කම වර්දනය කරනු පිනිස.ගිය සතියේ අලුත් නංගි කෙනෙකුගෙන් කල වාග් ප්‍රහාර කිහිපයකට සුහද ප්‍රතිචාර වශයෙන් උදේ පාන්දෑ මන්චි ලොකු ක්‍රිම් කැකර් එකක්.ලෙමන් ෆෆ් ලොකු දෙකක් චොකලට් ලොකු බිස්කට් එකක් ලැබිතිබුනි.
                   සහෝදරත්වය වෙනුවෙන් බසයේ සිටි සියල්ලන්ටම බිස්කට් බෙදා අපිද සිතේ හැටියට සප්පායම් උනෙමි.එහෙනම් බිස්කට් වලට තැන්ක් යූ නංගි.


පලි.
හැමෝම කෑවා කීවාට කෑවේ අපි ටික විතරයි.කොන්දා හැරෙන්නට වෙන පිට එකදු මනුස්සයෙක් අපගේ බිස්කට් කෑවේ නැත.



Read More

Thursday, May 17, 2012

අදුරුයි බියකරුයි...





සෙවනැල්ල අදුරුයි බියකරුයි.

නමුත්..

ඒ සෙවනැල්ල,,

ඇතිවීමට....

ආලෝකය තිබිය යුතුයි...

අප සෙවිය යුත්තේ එම ආලෝකය නොවේ ද?
Read More

Sunday, November 27, 2011

ප.ලි.-පහත කවිසටහන් ලියාගෙන යාමේදි සම්හරක් තැන් වල ආදශයට ගත යුතු කවිපෙලි තිබුනි ඉතා සරල බස් වහරකි කියවා බැලිම වටි යැයි කිව හැක.



හරි ඔන්න අද ඉරිදා අදත් ලස්සන ,,කතාවක් වුනා එකක් නෙවේ දෙකක් ඔය දෙකෙන් එකක් වත් නෙවේ මම බිම තිබිලා අහුල ගත්ත කොල කෑල්ලක තිබුනු  දෙයක් කියන්නද හ්ම් ඒක දාන එක හොදයි අර කතා කියනවාට වඩා..මේ ඔයා කියවලා තියනවාද "තේ මල් "කියලා කථා පොතක් නෑ නේද සමහර විට කියවලා ඇති එකේ තියෙන්නේ යටත්විජිත සමයේ සිද්ද වුනු සත්‍ය සිදුවීම් කිහිපයක් ඒ ක කියවන ඔයාලට ඔයගැනම අපි ගැන පොඩි අප්සෙට් එකක් හිතෙයි සමහර කථා වල අපේ කට්ටිය ගැන් කියද්දී හ්ම්ම් හරි මේ දැන් ලියන්න යන දේට ඒ කේ සම්බන්දයක් නෑ මම ඒක කීවේ මට උදේ උනයි කීව අනිත් සිද්දි දෙක මතක් උනාමයි..

හරි කතාවට බහිමු,,මම ගෙදර යනකොට  ගෙදරට යන්න ඉස්සරලා  මට ඉස්කෝලයක් පහුකරන් යන්න ඕනි ඔන්න මම ගෙදරට යනවා යනකොට අර ඉස්කෝලේ ගාව පොත් කොල 2ක් තුනක් වැටිලා තියනවා.ඒක සාමාන්‍ය දෙයක් එත අද එනකොට මගේ ඇස් දෙක වැටිලා තිබුනු එක කොලයක් ලග නැවතුනා අය එක ගන්න බෑ හිතිලා ටික දුරක් ගියාම ඒක බලන්න මට අහපු ආසාවක් ඇති වෙච්චි.මොනවා කරන්නද අපහු ගිහින් කොල කෑල්ල අරන් ආවා.නමෝ බුද්ධාය කියලා දිගෑරල බලපුවාම ලස්සන අකුරින් කවි වගයක් ලියලා පොඩ්ඩක් කියවලා බැලුවා ඇගට ‍ෆිට් නෑ වගේ අනෙක් පැත්ත බැලුවා එපැත්තත් ඒ වගේමයි හැබැ ඒ පැත්ත තමා මුල් පැත්ත බලපුවාම උඩින් මෙහෙම ලියලා තියනවා.. "අයියනායක පද්‍ය පන්තිය" මට හිතුනා මේ කවිටික ලියලා බොලොගියට දාන්න ඔන්න ඉතින් ඒ කවි ටික..(මට ඒ අත් අකුරු ටික දැමීමට නොහැකිවීම ගැන කණගා‍ටුවෙමි.)


සෙවණැලි අවදි නොමවන් වැව් ඉවුරු      කොනේ
කැලය විසින් හැරෙව නුග ගසක                බෙනේ
මලකා කුළුව ගිය ආයුධ කැබලි                  පෙනේ
දෙවියොත් නැතිද මෙහි බලයක් තිබෙනු     පෙනේ



බුදු ගුරු සනි හිරුට හිමි දවස්                      වල
මේ සන්හිදේ එලියක් ඇත සවස්              කල
ලෙඩ දුක් වලින් මිදුමට බාරයක්                      කල
සැමදෙන ඒ තැන ‍රැස්වෙති තම ගෙවල්           වල


වන්පෙත දැවෙන විට වැද මල හිරුගේ           රත
ගනදුර වසන විට ආලෝකයෙහි                 නෙත
සදරෙස් ගලන විට තෙරපී සෙවණ                 මත
ඒක දෙවියෙක් නොවේ දාහක් එතන            ඇත


දේවි දේවතාවුන් සැරිසරන මහ                  වනේ
පවතින බලය ඇග ලොම් තුඩකටද              දැනේ
මොළයෙන් තමා ලෝකයේ සුවය වැන       සුනේ
මගේ ගැරහුමට නැත ඒ පිරිස යොමු            වුනේ


සහෙද බාරයට කිරි                                  ඉතිරීම
කෙම්මුර දවස් වල පානින්                      සැරසීම
වන අතු කඩා ගස් දෙබලක                      දැවටීම
මා නොකෙරුවත් නොකෙලෙමි එය       ගැරහීම


සාගත වසංගත හා එන නියග                 වලින්
සහනය පතා වන දෙවියන් ලගට         කෙලින්
ඒන මේ පිරිස සැර සීමට ණුවන             මලින්
පොළබන අයට අනුකම්පා කරමි            මුලින්

ගංගොඩ වටා මෝරන වන ලැහැබ           මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු                වන
බලවත් අයිය නායක දෙත සොදුරු          ගෙන
මේ අය රකිනු මැන එන සියලු                  තැන

මපල් පිබුරු හාපොලොගුන් සිටින            තෑන
අලි කොටි වලස් මුලු කොල හල කරන     තැන
නිතරම ඔබ පුදන මේ අය හැදින              ගෙන
බලවත් දෙවිදු දිව රෑ රකිනු                       මැන


Read More

Sunday, March 13, 2011

තූ නොදකින්...............


මේ ලොකයේ උතුම් රටට මොනවාදෝ වෙනසක් සිද්ද වෙනවා කියලයි මගේ හිත කියන්නේ..ඒ වුනාට මෙ ඔක්කොම කට්ටිය කිසි කලබලයක් නොකර ඉන්නෙ මොකද මට තෙරෙන විදියට ශ්‍රි ලංකාවේ ඔක්කොම දැන් හරියට ඇග මස් නහර තියන හදවතක් නැති කට්ටියක් වෙලා.පාලකයන්ගේ වැ‍රැද්දක් නොදකින කට්ටෛයක් වෙලා මොකද දැන් පලකයෝ යන අතට හොයියාය පොල් ගෙඩියේ මිල අඩු කරන්නට බැරිය කිසි ප්‍රශ්ණයක් නැත ෆොන් එකේ ටීවි එකේ මිල අඩුය.පාසල් ළමුන් ගේ විෂය නිර්දේෂ වෙනස් කරමින් පසල් පද්ධතියේ හිතු හිතු හැටියට වෙනස් කම් කරමින් බලදාරින් පිස්සු නටයි බුද්ධිමත් පසල් ළමුන්ටද එය කිසුදු ප්‍රශ්නයක් නොවේ මන්ද ඔවුන්ට ද ඇම දමා තිබේ ටිවි වල කා‍ටුන් පටන් ගන්නේ හවස 4.00ටය.ක‍ටුන් ඉවර වු පසු ටෙලිනාටක ටික පටන් ගනී එව ඉවර වන්නේ රෑ ඩෙගොඩ යාමේදිය. මේ ඇම නොකා බේරෙන්නේ අත ලොස්සකි ඔවුන් කැම්පස් 1කට පැන ගනි නමුත් ඔවුනට ද මේවාගේ අඩුපඩු කිව නොහකිය ඒවට හඩ නගන්නට ගියහොත් සිදු වන්නේ ජීවිතයෙන් වන්දි ගෙවන්නටය.මා කියන්නට ගත් කතවට බහිනම්,
අතිපූජනීය නගරය කුනු ගොඩක් බවට පත් වෙමින් පවතින අවස්ථාවේ එහි පුජනීයත්වය වැඩි කරමින් වෙන වැඩක් නැති තෙල් හරක් ට්කක් න‍ටු නඩගමක් මේ ඉයේ පෙරේදා මහනුවර නගරයේ තිබුනි.පොල් සම්බොලයක් සමග බත් ටිකක් කන්නට සමහරුන්ට වත් කමක් නැත නමුත් කොහෙටවත් නැති දනපතියන්ගේ ක්‍රිඩාවකින් මහනුවර නගරය විනාෂ කර තිබුනි.මේ දළඳා මැදුර ඉදිරිපස පවත්වන ලද කාර් රේස් එක ගැනය. කාර් රේස් එකක් පැවැත්වීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු ස්ථාන ලංකාවේ බොහෝ ඇත.මහනුවර නගරයේම මෙම රේස් එක පවත් වන්නට ඔනි නම් ඒ වෙනුවට වෙන ඔනි තරන් මර්ග නුවර නගරයේ තිබේ .නමුත් පූජනීයභූමියක් වන අප සිංහල බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන දළදා වීදිය මේ ආකරයට යොදා ගැනීම ගැනීම දු‍ටුවන් ගේ පිලිකුලට සිත් භාජනය වන වැඩකි.
බොහෝම අමරුවෙන් පිලිවලකට තබාගෙන සිටින මෙම විදිය වැලි ගොනි දමා විනාශ කර තිබුනි.මා දන්නා හැටියට රේස් එක පවත්නා ‍රැයේ නුවර නගරයේ පැය ගනනාවක වහන බ්ලොක් 1ක් තිබි ඇත.මේ සදහා ඉතා විශාල ආරක්ෂක බටයන් ප්‍රමානයක් ද යොදා ගෙන ආරංචියේ හැටියට එයට හේතුව නිල නොලත් ආකරයටමේ රේස් එක සංවිධානය කර තිබුණේ " නාමල් කුමාරයා " බවත් ඔහුත් රේස් එකට සහභාගී වූ බවත්ය. ඒ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මෙම රේස් එක එසේ මෙසේ කෙනෙකුට සංවිධානය කල නොහැකි බවනම් පැහැදිලිය. එකක් මෙය පූජා භූමියකි. අනෙක් පුදුමය වන්නේ දියවඩන නිලමේ කෙසේ වෙතත් මල්වතු අස්ගිරි නායක හිමිවරැන් නිහඬය......
" දළදා සුපර් ක්‍රොස් " ත් මෙසේ සංවිධානය වුවානම් ඉදිරියට තව මොනව විය හැකිදැයි කාටවත් හරි හැටි කිව නොහැක.

මේ ලිපියට වෙනත් ලිපියකින් මා උපුටා ගත් කොටසක් දමන්නට සිතුවේ එය නියමටම මෙතනට ගැලපෙන හෙයිනි
"බලය ලැබුන පසු තමන් මේ විශ්වයේම ජගතා යැයි යම් පුත්තලම් බූරැවෙක් සිතන්නේ නම් ඔහුගේ අවසානයද වැඩි දුර නොවන බව කවුරැත් තේරැම් ගත යුතුය. ඒවාට උදාහරණ ඕනෑ තරම් ඉතිහාසයෙන් ගත හැක. ජනතාවගෙන් ඈත් වී, ජනතාවගේ සිතුම් පැතුම් වලට අභියෝග කල සැමටම සිදුවූයේ පැත්තකට විසිවීමටය. පුත් කුමාරයාට උඩ රටින් කෙල්ලෙක් සෙව්වාට රජ කම ස්ථිර කල නොහැකි බව පිස්සු නටන ඇත්තෝ තේරැම් ගත යුතුය.හැම දාම එකම මඟුල කියවමින්, අනෙකා කප කපා ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන සියළුම දේශපාදඩ නිවට කැණහිලුන් මෙය තේරැම් ගත යුතුය. උඩ පැන පැන අනුන්ගේ අසූචි රෙදි සෝදන මාධ්‍යකරැවන් එය තේරැම් ගත යුතුය. "

මේ පුජාභුමියට අභියෝග කල අය ගිය දුර බොහෝ කෙටිය.
මා පුදුමයට පත් කරුනනම් දළඳා වහන්සේව විහිළුවකට ගන්නට තරම් සිංහලයා ගිය දුර ගැනය. සිංහලයිනි නැවත නැගිටින්න කලය මෙයයි.

Read More

Wednesday, April 7, 2010

ආරම්භය

මගේ අදහස මේ blog එක මගේ ගලාගෙන යන ජීවිතය නැමති ගංගාවේ අනාගතය සමාජයේ මගේ දැක්ම මගේ අදහස් ඔබත් එක්ක බෙදාගන්න. ඔබ දැන් මොකක් ද කරන්නේ, ඔබ දන් මගේ අදහස් blog සටහන් කියවන්නයි සුදානම් වෙන්නේ.මගේ අදහස් කියවන ඔබ සැමට එකටම මන් ස්තූති කරනවා. ඔබ ගැන ඔබේ තක්සේරුව කොහොමද? මන් නම් මන් ගැන ලොකු විස්වාසයකින් මගේ ජීවිතය ගෙවන්නේ එත් තමන් ගැනතමන්ම තක්සේරු කරගෙන ජීවත් වෙන එකේ අගය වැඩි වෙන්නේ වැඩිහිටි අවවාදත් එක්ක කියලා මන් හිතන්නේ.මේ blog සටහන් ලියන මන් තාම අවුරුදු 16 ක කොල්ලෙක්. එත් මේ blog කියවන ඔයා සමාජය මට වඩා පුලුල්ව දකින කෙනෙක් වෙන්න පුලුවන් ඔයගේ ඒ අදහස් මට කියන්න මේ මගේ e-mail ලිපිනය maheshdase@gmail.com ඔයට හිතුනොත් මට ලියන්න. මේ blog එක කියවන ඔයලා අහලා තියනවා නේද"උත්සහය,කැපවීම,අදිස්ඨානය තිබේ නම් ඕනැම අභියෝගයක් ජයගත හැකිය"මේ කතාව ඇත්ත මේ කියමන මගේ ජීවිතයේ ඔප්පු වෙලා තියනවා මොකද මගෙ ජීවීතේ මන් ගොඩක් දේවල් ඉගනගත්තේ තනියම නිසා මා මෙතෙක් කාලයක් පරිගණක පාඨමාලාවකට කියා හදාරා ඇත්තේ Microsoft Office පාඨමාලාවක් පමණි. එත් ඒ මා 6 වසරේ ඉගනුම ලබන විටය එවිට මා මේ විෂයේම මා තනියම උගත කොටස ඔබට හිතා ගත හැකිය. මේ නිසා හැම විටම ඔබගේ දෛවය යහපත් ලෙස වෙනස් කර ගැනීමට උත්සහ කරන්න. එය කල හක්කේ ද ඔබට පමණි. මා ජිවිතය ගෙවා ඇති කෙටි කළට මා අතින් ද සුලු වරදීම් සිදු වී ඇත ඒත් එම මග හැරීම් නිසා ම හට සිදු වු පඩුව නැවත සකසා ගත නොහක. එම නිසා අපේ ජිවිත හැම විටම ගත කල යුත්තේ මනා සිහියකින් යුක්තවය.අප ජීවීතයේ බැදීම් ගොඩාක් සමග ජිවත් වේ එත් අපේ ජිවිත ඉතා නිදහස් නිස්කලංක වුවේ නම් සමාජය මීට වඩා බොහෝසේ වෙනස් වීමට ඉඩ තිබුණි.
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya