Wednesday, December 12, 2012

12-12-12 " ලෝක විනාශය " විද්‍යාත්මක ගවේෂණ ලිපිය


දැන් හරියටම 2012-12-12 වෙලාව 12.12 තප්පර 12 යි.මේ වගේම 2011හේ වෙලාවක්  2011 ආවා හැමෝටම මතක ඇති.ඒ කියන්නේ හරියටම තප්පර ගානට අවුරුද්දක් ගෙවිලා දවසකුත් පහු වෙලා.මේ වෙලාව  දවල් මොකද පාන්දර ගන්නවා නම් වෙලාව වැටෙන්නේ  12.12ට නෙවේ 00.12 ටයි.



  කොහින් කොහොම හරි අපි ජීවතේ ගත කරපු හැම  අවුරුද්දකට වඩා මේ අවුරුද්ද අපිට විශේෂ වෙනවා ඒ මොකද අපි මෙතකුදු කාලයක් ජීවත් වෙලා ජීවිතේ පළමු වතාවට කියනවා ලොකේ විනාශ වෙනවාලු ඉතින්  අද දවසේ  ඉදන් ඔය කියන දවසට  තියෙන්නේ තව දවස් කිහිපයයි.ඒ අස්සේ තව දවස් තුනක් කළුවර වෙන විකාර කතාවකුත් යනවා නේද ? නසා එකේ ලොක්කලා ටික කෑ ගහනකම් කලබල වෙන්න එපා.දන්නවා ද මේ ගැන නසා එකෙන් මොකද කියලා තියෙන්නේ කියලා  ..ඊට කලින් මන් චැට් එකක්දී කියවුනු කතාවක් කියන්නම්.

මෙක කෙල්ලෙක් කියපු කතාවක්
ඔන්න කතා කර කර ඉන්න ගමන් කියනවා.

කෙල්ල-"මේ දව්ස් තුනක් එක දිගට කළුවර වෙනවා ලු නේ ද? "

මම-"හේ..හේ...පිස්සුද ?එහෙම දැයක් වෙන්න විදියක් නෑ කියලා ඔයාට තේරෙනවා නේ "

කෙල්ල-"හැමෝම කියනවා.දෙසෙම්බර් 21න් පස්සේ.අපේ අම්මිලාට 22 පඩිත් දෙනවා ලූ... "

මම- ( @ පවු කියලා හිතෙමින් ) "පිස්සුද ඇත්තට එචරම.අපේ ඔ‍ෆිස් එකෙන් නම් එහෙම එකක් කියලා නෑ මන් හිතන්නේ."

කෙල්ල - "මොනවාද කියන්නේ ඔයා මොකක් ද? ඔයාගේ ඔ‍ෆිස් එක කීවේ..නසා එකෙනුත් කීවාලු මන් ඇත්ත නැත්ත දන්නේ නෑ.."

මම-"ජෝක් එකක් කලේ ඔ‍ෆිස් එක කීවේ නසා එකට ඔයාට පිස්සුද නසා එකෙන් ඔය වගේ දේවල් කියන්න ඒක ඕපා දූප කඩයක් නෙවේ..හෙ හේ.. "

කෙල්ල - "ඇයි ඔයා දන්නේ නැද්ද ලංකාවට පිටසක්වලිනුත් ඇවිල්ලා ලූ.. "

මම - හ්ම්ම්... මේ සංකල්පීය ලොකේ පිටසක් වල නම් ඇති ඒත් ප්‍රශ්ණය එන එක තමා හෙ හේ... :P "

කෙල්ල- "මන් දන්නේ නෑ අම්මිට ඇන්ටි කෙනෙක් කියලා ,එකලු කලින් පඩි දෙන්නේ..මන් දන්නේ නෑ එත් එදාට මොකක් හරි අමුතු දෙයක් වෙයි "

මම - "කිසි දෙයක්  වෙන්නේ නෑ ,ඔට්‍ටුවක් දාමුද? Rs.500 ක්"

කෙල්ල -" හරි බලමුකෝ මොනවා හරි වෙනවා මයි..."

ඔන්න මට විස්වාසයි මන් දිනනවා දැන් ඉතින් අලුත් ‍රැම් එකට මදි සල්ලි ටිකත් හොයා ගත්තා.ඇත්තටම නසා එකේ උදවිය මේ ගැන මොනවා ද කීවේ?

මේ දිනවල ලොකය පුරා පැතිරිලා යන ඛේදනීයම කාරනය මේක මොකද අන්තර්ජාල විශාල වෙබ් අඩවි ගණනාවක් මේවා සත්‍ය ලෙස වාර්ථා කරලා තියනවා.ඒ වගේම ප්‍රචාරයක් විද්‍යුත් තැපෑලමගින් යොමු වෙලා තියනවා.බොහෝ විද්‍යාත්මක ප්‍රවත්ති සපයන  වෙබ් අඩවිද මේ කරුණු ඉදිරිපත් කරන කාරනා වැරදි ලෙස  උකහාගෙන ඒවාට එම නාමයද ඇතුලත් කොට විශාල වශයෙන් අසත්‍ය කරුනු තොගයක් මේ වන විට ජන සමාජය තුල පැතිරී අවසන් ය.

ඉදසුනක් ලෙස් දැක්වුව හොත් ලෝ ප්‍රකට සගරාවක් වනWEEKLY WORLD NEWSහි පලවූයේ නිබිරූ නම් ග්‍රහලෝකය හා පෘථිවිය 2012 නොවැම්බර් 21 ගැටෙන බවට නසා ආයතනය තහවුරු කල බවයි.එහි මෙසේ  සදහන් විය.

WEEKLY WORLD NEWS හි පැවසූ ගොතන ලද කතාව

 "නසා ආයතනයට අනුව  තිර ලෙසම මේ නොවැම්බරයේ දී නිබිරූ පෘථිවිය හා ගැටේ.නිබිරූ ගැ‍ටුන්ම ගැන මීට පෙර සදහන් වුවද දින වකවානු සටහන් නොවුනි.ඒත් මේ නොවැම්බර් 21 එය සිදුවේ"

නිබිරූ ලෙස වරදවා හදුනා ගැනෙන V 838Mon_  විචල්‍ය තාරකාව.චායාරූ-හබල් දුරේක්ෂය

ඔබ නිකමට අන්තර්ජාලයේ Nibiru-did NASA aplicat  සර්ච කලහොත් ඔබට හමුවන් වෙබ් අඩවි 90% ක් එය නසා ආයතනය  තහවුරු කල් බැව් ප්‍රකාශ කර තිබේ.

නිබිරූ ලෙස වරදවා හදුනා ගැනෙන V 838Mon_  විචල්‍ය තාරකාව.චායාරූ-හබල් දුරේක්ෂය

The truth behind the secens- Nibiru යන මාතෘකාව කොටග ගත් (http://The truth behind the secens- Nibiru) හි පලවූයේ නසා ආයතනය නිබිරු  සෙවීමට දුරේක්ෂයක් භාවිතා කල බවයි.මේ සියල්ල විහිලුවක් කරමින් නොවැම්බර් 21 ගෙවී ගියාය.මේ විහිලුවම දෙසැම්බර්ද උදා වනු නියතයි.

එසේම මේ ප්‍රශ්ණ පිලිබදව පිරිසක් නසා ආයතනයෙන් ප්‍රශ්ණ කලාය.
නසා ආයතනය මේ ප්‍රශ්න බොහෝමයකට තම අන්තර්ජාල පි‍ටුවේ පිලිතුරු සපයා ඇත. Jason Townsend  ගේ සංස්කාරකත්වයෙන් යුත් එම පි‍ටුවෙහි"නිතරම ඇසෙන ප්‍රශ්න" යන් මැයෙන් මීට අදාල ප්‍රශන හා පිලිතුරු සපයා තිබුනි.

Jason Townsend  

ඒවාට පිලිතුරු සපයන්නේ තාරකා හා භෞතික විද්‍යා කන්ඩායමකි.

ඉන් ප්‍රශ්ණ කිහිපයක් විමසා බැලිය හැක.දැන් නොවැමබරයේ ප්‍රශ්ණය නිම බැවින් දෙසැම්බර්යේ පශ්න කිහිපයක් බලමු.

ප්‍රශ්ණය:
අසන්නට ලැබී තිබෙනවා 2012 පෘථිවියේ චුම්භක ක්ශේත්‍ර උඩ යට මාරු වෙන බව හා ප්‍රබල සූර්යා කුණා‍ටුවක් හට ගන්නා බව.අපේ ශිෂ්ඨාචාරය මෙමගින් විනාස වෙවි ද?

පිළිතුර;
මේ හට ගැනෙන සූර්්‍ය කුණා‍ටු ආදිය  මිනිසාට හෝ පෘථිවියේ ජීවත් වෙන වෙනත් ජීවින්ට හානි ඇති කරන් දෙ නෙවෙ.සමහර විට එයින් සදෙ හෝ ගැඹුරු අභ්‍යවකාශයේ ‍රැදී සිටින්නන් හට අනතුරු විය හැක.ඒ ගෑන නසා ආයතනය බලා ගනීවි.එය ඔබ හෝ මට ප්‍රශ්ණයක් නොවේ.

ප්‍රශ්ණය:
2012 වර්ෂයේ පෘථිවියට කිසියම් තර්ජනයක් තිබෙනවාඅ ද? අන්තර්ජාල වෙබ් අඩවි මේ ගැන සදහන් කරනවා.

පිළිතුර:
නැහැ එහෙම කිසිවක් නෑ මුල් පෙලේ විද්‍යාඥයන් එවැනි කිසිම තර්ජනයක් ගැන කියන්නේ නැහැ

ප්‍රශ්ණය:
එහෙමනම් මෙහෙම ප්‍රචාරයක් යන්නේ ඇයි මොකක්ද මේකේ සුල මුල

පිලිතුර :
පිලිතුර නාසා එක ගාව තියනවා.ඔබත් පුලුවන් මේ ගැන කියවන්න .සැහේන් කාලය්කින් මේ වගේ දිගට ලිපියක් ලිව්වේ එහෙනම් කට්ටිය දැන්  බය නැටිව  පාඩුවේ වැඩ ටික කරගෙන යන්න. කාට හරි ඕට්‍ටු එහේම් තියනවා නම් බාරගන්නවා.



මේ ලෝක විනාශය ගැන කිය වෙන්නේ නිබිරු කියන මිත්‍යා ග්‍රගලෝකය සම්බන්ද කරලයි.මේක මිත්‍යා සම්බද ග්‍රහලොවක් මේක හොයා ගත්තාය කියන්නේ සුමේරියන්වරුන්.සිරියා සිටිචියන් කියන ලේඛකයා 1967 දී ප්‍රබන්දයක් කළා"12 වැනි ග්‍රහලොව ලෙස".ඒ පොතට තව ඉදිරියට යන කතා මාලාවකුත් ඉදිරිපත් උනා.

සිරියා සිටිචිය

  ඔහු සුමේරියානු මිත්‍යා කතා පිලිබදව විශේෂඥයෙක්.ඒ වගේම ඔහු ප්‍රකට ව සිටින්නේ ව්‍යාජ ඉතිහාසය හා ව්‍යාජ විද්‍යාව(Pseudo Science) පතුරුවන්නෙක් විදියටයි.

නිබිරු නම් ග්‍රහලොවක් පැවති බවට සුමේන්රියානුවන් කළ සටහන් තමා කියවූ බ්වත් ඔහු සටහන් කර තිබෙනවා.ඔහු සුමේරියානු කීලක අක්ෂර ගැන ඉගන ගෙන තිබෙනව.සුමේරියානු පුරාවිද්‍යාතමක ස්ථාන  නිරීකෂනය කරලත් තියනවා.

මීට අමතරව Nancy lieder කියන කාන්තාවගේ මැදිහත් වීමත් සමග මේ කතාවට ත‍ටු ලැබීමක් ලැබිලා තියනවා.

Nancy Lider
විස්කොසින්හි වෙසෙන කාන්තවක් වන් මැය පිටසක්වල් ජීවීන් සමග ලගින් සබදතා පවත්වන් බව ප්‍රකාශ කරන තැනැත්තියකි.තමා ලමා අවධියදී Zeta යනුවෙන් හදුන් වන පිටසක්වල පිරිසක් සමග කතා කල බව කියන්වා.1995 දී ඇය මේ තොරතුරු ව්‍යාප්ත කරලීමටZeta Talk යනුවෙන් වෙබ් අඩවියක්ද ආරම්භ කලා.ඇය පලමුවෙන් කීවේ zeta වන් තමාට දක්වන කරුණු අනුව ලොක විනාශය සිදුවන් දිනය 2003 ට යෙදී ඇති බවයි.එහෙත් ඇය කී පර්දී 2003 ලෝක විනාශය සිදු වූයේ නෑ.ඇගේ අනා වෙකි විස්තර කරමින් 2011 දී Planet X passes in 2033  නමින් පොතක් නිකුත් කරණු ලැබුවා.

Planet X passes in 2033  පොත


මෙය2003 දී සිදි නොවූ නිසා මාධ්‍ය ඇයට චෝදනා එල්ල කරනු ලැබුවා.එවිට ඇය කීවේ අනාගත අවධානමට තමන් මිනිසා සූදානම් කල බවත්2003 දී කීවේ බොරුවක් බවත් එහෙත් ඉදිරියේදී X නැමති ග්‍රහලොවක් නිසා පෘථිවිය වැනසෙන බවත්.ඉන්පසු තමයි ඇය 2012 ට යොමු වුනේ..ඇගේ X නම් ග්‍රහලොව මායා වරුන්ගේ කැලෙන්ඩරය හා සම්බන්ද වූ බව පේනවා..

මොකක් ද මේ මායාවරුන්ගේ දින දර්ශනය ?
ලෝක විනාදයක් වුව ද ඒ බව සැලකර මුල් පෙලේ විද්‍යාඥයන් ලෝකයාව කලබලයකට පත් කරයි ද?බය නොවන්න ලොක විනාශයක් සිදු නොවේ එහෙත් වන්නට නොහැකියාවක් ද නැත.ඊලග ලිපිය සමග කතා බහ හමාර කොට කාලයාට අපව බාර කරමු.

ඊලග ලිපියට සූදානම් වෙන්න







Read More

Monday, December 10, 2012

මං ගහපුවා (සැ.යු. +18 නොවේ)

බ්ලොග් එකේ ලියලාම ඇති වුනා.අද හිතුනා මන් ගහපු මට හොද මගේ ෆොටෝ ටිකක් දාන්න.කියන්න ඕනි ඉතින් මේවා ලොකු ලොකු කැමරා වලින් ගහපුවා නෙවේ.පොඩි පොඩි ඩිජිටල් කැමරා වලින් ගහපුවා.සමහර ඒවාගේ කලස් හැදුවා ඒත් සමහරක් ෆොටෝස් වල මොකුත්ම වෙනසක් කරලා නෑ.මේ බ්ලොග් එක බලන ප්‍රවීන චායාරූප ශිල්පියෝ වගේ අයත් ඇති කැමති හොද නොහොද දකිනවා නම්.



ජීවිතය දිගු ගමනකි අනන්තයේ කොනක ආලෝකයක් ඇත එහෙත් සංසාර සාගර්ය පහන් දැල්ලක් මෙනි කොයි මොහොතේ කොහොමැයි කියන්නට අප දන්නේ නැත.තෙල් ඉතිරිව තිබියදීද නිවී යා හැක.

තේමාවක් නැත නමුත් මගේ ඇහට ප්‍රියයි.

හොදන්නට පරක්කු වු කෝපි කොප්පයට මෙතරම් සුන්දර දසුනක් මවන්නට හැකි කියා තෙරුම් කල යුත්තේ.මාගේ මවටය.කෝපි කොප්පය සේදුවේ නැත්තේ කම්මැලි කමට නොවේ.මේ නිසාමය.

අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනව බුදු හාඹුදුරුවනේ..මට හිතා ගන්නට නොහැකි කුමක්දෝ මෙහි සැගවී ඇති සෙයකි.

පහන් වැටිය.මග බලා සිටින්නේ තෙල් හා තිර ලැබෙන තුරාය.

මෙක ගත්තේ,ෆොටෝ ටෝක් දෙවෙනි හමුව ඉවර වෙලා ගෙදර යන ගමන් 
උදේ ඉර පායන වෙලාවක ශ්‍රි දළදා මාළිගාව වටේ කැමරාවක් උස්සගෙන ඇවිද්දොත් ඔබේ දෙ ඇස් පුදුම වෙනු ඇත.

එචරම ලස්සනකට ආවේ නැ.මේ කැමරා වල සෙටින්ස් අපිට ඕනි විදියට ක්න්ට්‍රෝල් කරන්න බෑනේ..


රැජින හෝටලය ලගින් උදෙන්ම ගිහින් තියනවා ද.මේ තමා ‍රැජින හෝටලය

මේ ගැන නම් කියලා වැඩක් නැ ඉතින් කලුවාගේ වැඩ සුද්දා ගනන් ගන්නේ වත් නැ.දුප්පත් පෝසත්.උගත් නූගත්,සුද්දා සිංහලයා  මේක ගැඹුරේ උපරිම පින්තූරයක් මට නම්
මේ මගේ පලවෙනි මැක්‍රෝ කූඹියා





මේ තියෙන්නේ ‍රැජින හෝටලෙම කෑල්ලක් තමා



එයයි මමයි

සංසාර සගරයේ අපි හැමෝම.
මං චාම්

මට කියලා දෙනවද ඇයි අපිට වැස්සත් ඈතට වහින්නේ නැත්තේ කියලා

බෝ කොලය ලස්සනයි සුන්දරි ඒ පැහැය ඇත්තටම ලස්සනයි

බත් ඇටයක් වෙනුවෙන් බත් ඇට දහස් ගණනක් වෙහෙස වගුරුවනා උදැල්ලක් ඔසවා පොළව සමග පොර බදින සියලු මිනිසුන්ට මෙම පිතූරය උපහාරයක් වේවා! 

මේක ලස්සනයි එත්.... මේක මඩ වලක්

අපි හැමෝගේම කුණු ශරීරය කවදා හරි දිරනවා මයි.

_____________________
අන්තිම පිතූරේ ඔබට කැමති දෙයක් එකේ අදහසට ඔබට ඉඩක්.

ප.ලි.ඔන්න ඕවයි මගේ පින්තූර එහෙනම් 2012 ලෝක විනාෂය ලිපියකින් හමුවෙමු.



Read More

Monday, November 19, 2012

ඔබට ඔබ විස්වාසද ? ඔබේ ආත්මය ඔබේමද?


ඔබ මෙය  විස්වාස නොකරාවි නමුත් මෙය මෙසේ සිදුවිය.

ඊයේ මං නින්දට යනවිට රත්‍රි 10ත් පසුවී තිබුනි.තද සීතලක් තිබූ බව මාගේ මතකයේ  හොදින් සටහන් වී ඇත.නින්ද ලදින් ටික වෙලාවකට පසු  මාගේ කාමරය ආලෝකමත්ව තිබෙනු මා  දැක්කාය.මා කාමරයේ බල්බය නිවු බැව්ද මතකය නමුත් මට ආලෝකය හොදන් මාගේ කාමරය ආලෝකමත්ව තිබුණි.මා ඇදෙන් පාවෙනවා මට දැනිනි.දැන් සිවීලිමේ වදී යැයි සිතනවා සමගම මාගේ පාවීම නතර විය.මගේ ඇද දෙස බැලූ විට මා එහි විය මට බයක් දෙනුනි.මට කෑ ගසන්නට සිත්විය නමුත් මා කියූ කිසිවක් ශබ්දයක් පිට නොවුනි.මට බිමට යන්නට සිත්විය මා සැනකින් බිම හිටගෙන සිටියාය.
                                       මට මවට මේ ගැන කියන්නට උවාඅනා විය දොර ලගට ගොස් දොර අරින්නට උත්ස කිරීම කිර්සිදු ප්‍රතිඵල රහිත ක්‍රියාවක්විය.මාගේ අත දොර තුලින් ගමන් එහා පැත්තට ගියා ඒක හරියට වීදුරකින් ආලෝක කිරණක් යනවාටත් වඩා  ලෙසි වැඩක් වගේ සිද්ද වුනේ මම ඉස්සරහටම ගියා ඒ කියන්නේ මාගේ කාමරයේ දොර අරින්නේ නැතිත මා ඒ හරහා යන්න පුලුවන් උනා.මං අම්මාගේ කාමරයේ දොර හරහාත් ගියා ඇය ඒ වෙලාවේ නිදාගෙන හිටියේ මන් ඈගේ උරහිසට අත තියලා කතා කලා ඒත් ඒ කිසිම දේකින් මට දෙනිමක් දෙන්න බැරි වුනා.මන් නංගීගේ කාමරය වෙත ගියා ඒ වෙලාවේ ඈ හිටියේ ඈගේ පොත් මේසයේ පාඩම් කරමින් මන් ඈ ලගට ගියා මන් කතා කලා එත් කිසිම ශබ්දයක් පිට වුනේ නෑ.ඒත් මන් ආපසු හැරෙනකොට ඈ පි‍ටුපසට හැරුනා කාමරය පුරාම බලලා ඈ ආපහු පොත් වල වැඩ පටන් ගත්තා ( මං ඊලග දවසේ මේ කතාව කියන කොට ඈ කීවා ඒ වෙලාවේ කාමරයේ කවුරු හරි ඉන්නවා වගේ ඈට ඒ වෙලාවේ දැනුනාලු )
  මට මොකුත්ම කර ගන්න බැරි උනා මන් තවත් බය වුනා හරියම මගේ ඇග අපි සාමාන්‍යයෙන් කතා කරන හොල්මන්ක් කියනා ආකාරයට සුදු දුමරයකින් වගේ හැදිලා තිබුනා මන් ඇවිදිනකොට හරියට පවෙනවා වගේ බල්බ නිවා දැමූ කාමරත් එලියත් හරියට දවලක් හිරු එලියෙන් බැබලෙන්නාක් සේ දීප්තිමත්ව තිබුනා.එක පාරටම මන් පාවෙලා ගියා වගේ හරියට වලාකුළු ගොඩාක් මැද්දේ හිටගෙන හිටියා වගේ මට දෙනුනා මම මැරිලා ද කියලා ඒ සිතුවිල්ල එනවත් එක්කම මන් කොහෙටදෝ වේගයෙන් අදුරට ඇදිලා ගියා මට නවතින්න බැරි උනා  එක පාරටම මගේ ගමන නැවතුනා.දැන් අවුරුදු දෙකකට ක්ලින් මිය ගිය මගේ සීයා මාගේ ඉස්සරහා හිටියා තරුණ පෙනුමට සුදුමැලි වෙලා සුදු ඇදුමක් ඇදගෙන මගේ ඉස්සරහට ආවේ.(මට ටික වෙලා වකින් තමා මතක් වුනේ මේ අපෙ මියගිය සියා මෙයා දැන් මැරිලා කියලා)
මේ වගේ තමයි මං මාව දැක්කේ
 මං ලගට හිනා වෙලා ආපු ලොකු අත්තා මට කීවා ඔයා මැරිලා නෑ මේ ඔයාගේ වෙලාව නේ යන්න ඔයගේ ඇග සීතල වෙන්න කලින් යන්න..එක මොහොතකින් මට  ලොකු තනිකමක් දැනුනා ඒත් සමගම මන් මැරිලා නෑ කියල මට හිතුනා ඒ මොහොතේම හැමදේම අදුරු උනා එක පාරටම මන් මගේ ඇද උඩ ගැස්සිලා ඇහැරුනා මගේ ඇග හොඩාක් සීතල වෙලා තිබුනා.

"සොයා නොගත් ඒ දේශයේ සීමාවෙන් කිසිදු සංචාරකයෙක් පෙරලා නෝඑන්නේ ය. " 
-ෂේක්ස්පියර් (මරණය පිලිබදව )

මම මේ ෂේක්ස්පියර් කියමන හොයා ගත්තේ ඉයන් කරී IAN KARRIE ලියලා තියන "YOU CANNOT DIE " ග්‍රන්ථය කියවලා.
මේ ඉන්නේ Ian Karrie
භද්‍රජි මහින්ද  ජයතිලක මේ පොත "හොල්මන් ආවේශ සහ යලි උපත කියලා සිංහලට පරිවර්තනය කරලා තියනවා
මේ තියෙන්නේ පොත
මේ පොතේ කතාන්දර ගෝඩාක් තියන්වා ලොකය පුරා උන  හොල්මන් සිද්ධි ගැන මේවා කියවපුවාම මේවා හරියට ගොතපු කතා වගේ මාත් ඉතින් කතාවක් ගෙතුවා ඒක තමා ඔය උඩින්ම මන් ලියලා තියෙන්නේ එමේ පොත් පුරාවටත් සාක්ෂි පදනම් කරගෙන කියන කතා  ගොඩා තියන්වා මේ පොතේ සමහර තැන් වල බෞද්ධ දර්ශණයෙන් හොල්මන් ඉන්නවා කියලා ටියන්වා කියලා ගන්න උදහාරණමන් හිතන විදියට ගැලපෙන්නේ නෑ කියවලාම බලන්න හොල්මන් පොත.

මේ සිංහල පරිවර්ථනය


ප.ලි.
කාලයකින් ලිපියක් ලිව්වේ.නැවත ලිපියකින් හමුවෙමු ඔබ සැමට ජය!!!

Read More

Saturday, October 27, 2012

අල්ලපු ගෙදර නංගිට කියු රහස සහ ඔබ මා ඉන්න තැන

      චට පට ගා තැලුවාට වැඩක් නැත.නිදිමතේම ඇද ලග රාක්කයට අත දමා සෙවුදේ හමුවිට.ලයිටරය අතට ගතපසුව කොයිල් එකක් නැත මේ මගුලේ උන් නිසා කොයිල් එකක් සොයා ගන්නට නැවත නැගිටින්නට සිදුවේ.මදුරුවන්ගේ අම්මලාව මතක් කරමින් කාමරයේ බල්බ් එක දමා පහලම තට්‍ටුවේ තිබු මදුරු දගරයක් සොයා ගත්තාය නොදකින් මටමනේ වෙන්නේඑක ගහන්නට ස්ටැන්ඩ් එකක් නැත.පහලම තට්‍ටුවේ තිබූ පත්තර කෑල්ලකුයි පරන පවර් සප්ලයි එක්කුයි අරන් පත්තරේ උඩ පවර් සප්ලයි එක තබා ඒ මත මදුරු දගරය තබා දැල්වීය.
                හෆ්ෆා මුන් කාපු තැන් තවමත් කසයි නින්ද මා සොයා එන්නේම නැත.නැවත නැගිට කාමරයේ බල්බය දැල්වීය.හ්ම්ම්ම්ම්ම්........කරන්නට දෙයක් නැත.පොත් රාක්කය දෙස බලන්නට දැන් ඊට වඩා කම්මැලිය වෙලාව හෑ පන්දර එක ඔරලෝසුවේ සටහන් වී තිබුනි.ඔනි මගුලක් වෙන්නටයි පතා පරිගණකය ක්‍රියාත්මක කරවීය.එත් කරන්නට දෙයක් නැත හිමීට සිංදුවක් දැමීය එන්න එන්නම සද්දය මදීවී ටික ටික වැඩි කරන්නට සිත් වේ.මේක හරියන්නේ නැත තව ටික වේලාවකින් අප්පචීට මල පැන ඇහැටීමට බැරි නැත.දැන් කාමරය පුරා මදුරු කොයිල් දුම පැතිර ගොස් හමාරය ඇස් දෙක දන්නට පටන් ගෙනය.‍ෆිල්ම් එකක් බලන්නටද සිත්ය නමුත්  ඒක පසක දමා මූණු පොතේ රවුමක් ගැසීය.බ්ලොග් අඩවියට කාලයකින් ලිපියක් ලීයන්නටද බැරිවිය.කතා බොහෝමයක් ඇත සිද්ධි බොහොමයක් ඇත ඒත් ඉස්සර මෙන් හැම දේම වමාරන්නට සිත් නොවේ.දැන් තරුණ කොල්ලෙක් නොවැ වල් පල් ලීවීමටද සිතක් නොදේ ඔනි දෙයක් වෙන්නට කියා පි‍ටුවක් පෙරලාගෙන මෙසේ ලියාගෙන යමි.අල්ලපු ගෙදර නංගීට පමණක් කීයූ රහසක් සටහන් තබන්නට සිත් වේ කමක් නැත එය මෙසේ සටහන් තබමි.


කතාව පටන් ගන්නේ තවත් එක කූබියකුගෙනි.ශ්‍රි ලංකාවේ මධ්‍යම පලාතේ අපේ ගෙදර මිදුලේ සිටිනා කුහුඹුවකු සලකන්න.එම කුහුඹුවා සිටින්නේ මිදුලේ මල් පදුරක් ලග නම් ඔහුට ඔහුගේ මිත්‍ර කුහුඹුවකු සිටිනවා ඇත.ඔහුට එම පදුරේම දහස් ගනන් කුහුඹුවන් සිටිනා ජනපදයක් තිබෙනවා විය හැක.එම පදුර තුල කුහුඹුවන්  ගේ ජනපද දෙක තුනක් තිබෙනවා විය හැක.
අපේ මිදුලේ ඉන්නා කුහුඹුවා

ඔහුට ප්‍රශ්ණයක් නැත එම කුහුඹුවා මිදුල පුරා ඇවිද යයි එය ඔහුට ඔහුගේ ලෝකයයි.අල්ලෞ ගෙදර වත්තට ගියහොත් ඒ තවත් ලෝකයක්.ගේ ඇතුලට ආවාම මන්දාකිනියක් වගේ.ගම විශ්වය වගේ ඔහු එතනින් නිගමනයකට එලබෙගෙන ඇත මෙතනින් එහාට යන්නට බැරිය සියලුම දේ උපකල්පනයි.ඔහු ලංකාව ගැන නොදනී එහෙත් අපි කුහුඹුවන් දෙස බලාගෙන  සිටී ඔහුන් ජීවත් වේ ඔහුන් නොදන්නවා උනාට අපි දනී කියා ගන්නට බැරි තරම් කුහුඹුවන් ලෝකය පුරා විසිරී සිටින වග.කුහුබුවන්ට අප පෙනෙනේ නැත ඔහුන්ට ගම සලකා බැලූ කල එය විශ්වයක්.
      දැන් ඔබ සිතන්න අප ශ්‍රී ලාංකිකයන් වෙමු .අපි ලෝකයේ එක් රටක් අපි සියල්ලම ගත් කල ලොකය සෞරග්‍රහ මණ්ඩලයේ ද එය සෞරග්‍රහ මණ්ඩල විශාල ගණනක එකතුවක් ලෙසින් .මණ්දාකිනියකද මණ්දාකිනි විශාල ගනක්  විශ්වයේද ඇතැයි අප උපකල්පන යක සිටින්නෙමු.ඔය කියනා අන්දමට විශ්වය පරක් තෙරක් නැති විශාල බෝලයක් කියලා හිතන්න මොනවා යුනත් ඒක කොහෙන් හරි ඉවර වෙන්න ඕනි නේද ඔය කියනා අනන්ත දුර තිය විෂ්වය ඉවර වෙන තැනකදී මේ අප සිටිනා පෘථිවිය ඇතුලුව එම බෝල විෂ්වය හෝ පෙට්ටියක් හෝ අසම්මත හැඩයක් තුල හෝ පිහිටාවි එසේ ඉවර වෙන විෂ්වය තියෙන්නේ කොහේද?

බිග්බෑන් තියරිය

දැනට අප කියනා විදියට විශ්වයේ සියලුම දේ බිග්බෑන් තියරියට සෑදී තිබේ.එසේ කියනා බිග් බෑන් තියරිය සිදුවූයේ කෙසේ ද.
මදක් සිතන්න ඔබගේ මේසය මත තිබෙනා  කුඩා පෙට්ටියක් සලකන්න ඒ තුල යම් යම් දේවල් පුරාව ඇත්නම් එය විශ්වයට උපකල්පනය කරන්න.අපගේ විශ්වය මෙසේ මේසයක් මත තිබූ විට එම මේසය කොහේ හෝ පිහිටන්නට උවමනාය.ඒමේසය පිහිටනා යම් බිමක් වේනම් එයද කොහේ හෝ පිහිටන්නට ඕනාය.
 අපිත් අසරණ කුහුභුවන් මෙනි අප නොදන්නවා උනාට අප සිටින්නේ කොහේ දැයි තව අයවලුන් දන්න්වා විය හැක.අප දකින්නේ අපේ ඉඩම් කැබැල්ලේ දුර පමනි එමගින් ගොඩනගා ගත් උපකල්පනයකි අප දෙස කවුරු හරි බලා සිටිනවා නම් ඔහුන් කොහේ සිටිනේ ද?
මෙය ඉවර නොවන කතන්දරයකි.මෙය නංගීට පැවසූ කතාව වේ.ඇය පැවසු පරිදී  මෙය නොකියව යුතු කතාවකි මා හට 8වසරේ ඉගන ගන්නා විට වැටහුන කරුනක් වේ නමුත් දැන් එහි බැරෑරුම් කම තේරේ,සුහද විවාදයකට ඇරයුම් තබමින් සමුගනිමි.
Read More

Saturday, October 20, 2012

දෙයියනේ මේ පොඩි කෙල්ලක්



ඇගේ කතාව අන්තර්ජාලය තුලින් සිංහලින් ඇසුනි,මේ එම පරිවර්ථනයයි...

අමන්දා... ඇය කැනඩාවේ බ්‍රටිෂ්කොලොම්බියා ප්‍රාන්තයේ පාසලක හතේ පන්තියේ උගනිමින් සිටි දරුවෙක්. මේ වයසේ අනෙක් දරුවන් වගේම ඇයත් මිතුරු මිතුරියන් ඇසුරු කරන්නට, පිරිසක්  අතරේ ජනප්‍රිය පුද්ගලයෙක් වන්නට, ආදරය ලබන්නට කැමැත්තෙන් සිටියා. මෙතැනදි ඇයට "පිහිටට එන්නේ " අන්තර්ජාලය සහ සමාජ ජාලා වෙබ් අඩවි. ඇය ඒ ඇසුරින් මිතුරු මිතුරියන් හමුවෙනවා, හැඟුමන් හුවමාරු කරගන්නවා. යෞව්වනය... නැවුම් හැඟුමන් උතුරා යන යෞව්වනය... මේ බැඳීම් තව තවත් ලෙංගතුව රඳවන්නට ඇයට බලකළා... ඇය අන්තර්ජාලය ඔස්සේ පැමිණි සෙනෙහසට, මිත්‍රත්වය වැළඳ ගත්තා... ඒත්...



ඒත්... ඩිජිටල් මඟ ඔස්සේ පැමිණි, එක්තරා විකෘති මානසිකත්වයක් ඇති පුද්ගලයෙක් ඇයගේ සේයාරුවක් ගත්තේ වෙබ්කැම් එක ඔස්සේ. මේ දැරිවිගේ "තුණු සපුවේ" සේයාරුවක් ගත් ඔහු ඉන් පසු කළේ ඇයට බලපෑම් කිරීම. ඇගේ සේයාරුව ප්‍රසිද්ධ කරන බවට තර්ජනනය කරමින් කළ බලපෑම අවසානයේ ඇයට දැන ගන්නට ලැබෙනවා ඇගේ ඒ සේයාරුව ප්‍රෙද්ශය පුරා, ඇගේ පාසල් මිතුරන් අතරේ පවා බෙදා හැර ඇති බව. මේ දැනගත් තැන පටන් ඇය කියන පරිදි ඇයට මානසික අවපීඩනයක් ඇතිවී තිබෙනවා.




මේ අවාසනාවන්ත සිදුවීමේ ඊළඟ පියවර ඇය පාසලේ මිතුරන් අතරින් කොන්වීම. ඇයට කවුරුවත් නැහැ. අනෙක් මිතුරු මිතුරියන් සිනාවෙන්, සතුටින්, කෙළි දෙලෙන් ගත කරත්දි අය තනිවෙනවා. තනියම කොනකට වෙලා ඉන්න ඇය පාසලේ සතුටුම වෙලාව විවේකය, ඒත් ඇයට සතුටක් නැහැ. ඇය තනියම තමන්ගේ කෑම වේල කත්දි අනෙක් හැමෝම සතුටින් සිනාවෙන කන බොන හැටි අය දකිනවා. මිතුරන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා. මේ වෙනස හඳුනාගන්නා දෙමාපියන් ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ඒත් ඇය සිතින් විඳවනවා."මට කවුරුත් නැහැ. මාව කොන්කරලා..." මේ විඳවීමට ඇය පිළිතුරක් සොයනවා. මත්පැන් සහ මත්කුඩු ඇයට පිළිතුරක් සේ පෙනෙනවා. ඔව්... ඇය ඒ පිහිට පතන්නේ "වෙන කරන්න දෙයක්, කියන්න කෙනෙක් නැති තැන". ඒත් විඳිවීමේ නිමාවක් නැහැ. තව තවත් වැඩිවනවා මිසක. ඇය හඩනවා. හැමෝගෙම උපහාසයට, රිදවීම් වලට කොන්කිරීමට ලක්වෙන ඇය පාසලින් තවත් පාසලකට මාරුවෙමින් මේ විඳවීමෙන් මිදෙන්නට උත්සාහ කරනවා.

ඇයට මේ විදියට මාරුවෙන පාසැලකින් ඇයට වඩා වයසින් වැඩිමහලු තරුණයෙකු හමුවෙනවා. ඔය අතරේ තමන්ට නොලැබෙන ආදරය ලැබුණායැයි දැනුන ඔහුගෙන් ඇය අතවරයට ලක්වෙනවා. අවසානයේ ඔහු තමන්ගේ කාරිය කරගෙන ඇයව ප්‍රතික්ෂේප කරනවා. ඒ පමණක් නොවෙයි ඔහුගේ ආදරවන්තිය ඇතුළු පාසලේ මිතුරන්ගේ උපහාසයට, රිදවීම් පලට ඇය ආයෙත් ලක්වෙනවා. අළුත් පාසලත් ඇයට අපායක් වෙනවා. "මම ලෝකයට විහිළුක් වෙලා.ම ට රිද්දන්නම, මගේ පස්සෙන්ම මේ රිදවුම් එනවා" අයට සිතෙනවා. ඇයට පෙනෙන උත්තරය පිළිගන්නට ඇය සූදානම්. යම් උපක්‍රම ගනිමින් ඇය සිය දිවි නසා ගන්නට තැත් දරනවා. ඒත් ඒ තැත් වරදින ඇයට ඊට පස්සේ සිදුවන්නේ නැවතත් පෙරටත් වඩා රිදවුම්, විඳවුම් විඳින්නට. "ඇයි මේ ලෝකයම මට රිදවන්නේ. මම සිතින් දැන් මැරිලා. මට මැරෙන්න ඕන." ඇගේ තීරණය. දෙවරක් ඒ තැත වරදින ඇයට තුන්වන වාරයේදී ඇය "බලාපොරොත්තු වූ" මිදීම ලැබෙනවා. ඉකුත් 10 වැනිදින ඇය ලොවින් සමුගන්නවා. ඒ තවත් සියදිවි නසා ගැනීමක් ලොවට එක් කරලා. අද ඇය මෙලොව නැහැ.

ඒත් අදට මාසයකට පමණ පෙර ඇය ලොවට ඊට වඩා වැදගත් දෙයක් එක් කළා. ඇය තමන් විඳිවූ විඳවීම්, කඳුළු කතාව, ඇත්ත කතාව වීඩියෝවක් බවට පත්කරලා තිබුණා. ඇය ඒ වීඩියෝවේ එක් තැනක මෙහෙම සඳහනක් කරනවා. "I can never get that photo back" ඔව්, ඔබ අන්තර්ජාලයට මුදාහරින ඡායාරූපයක් සදහටම ඉන් ඉවත් කරගැනීම ඔබට කළ නොහැකියි. මෙතැනින් පස්සේ ඔබ දකින්නේ ඒ වීඩියෝව. බලන්න... කළබල නැතිව බලන්න... විනාඩි අටක් පුරා දිවයන මේ වීඩියෝව පුළුවන් නම් දෙවරක් බලන්න. මුල් වර ඇය ලියා පෙන්වන කාරණා ටික කියවන්න. දෙවන වර ඇගේ මුහුණේ, කටේ, දෙතොල්වල වන වේදනාබර හැඟුම් දකින්න. ඔබ සංවේදී අයෙක් නම් නෙතට කඳුලක් නැඟෙනු නොඅනුමානයි. එය පාඩමක් ! අමන්දා ලොවට දුන් පාඩම ඔබ හඳුනගන්න. ලෝකය අපායක් වූ ඒ සුරංගනාවියට ඇහුම්කන් දෙන්න. ඔබ වටා ඇති සමාජය ගැන හිතන්න. facebook තුළ සිටින ඔබේ මිතුරියන් දැනුවත් කරන්න මෙය බෙදාගන්න. මොහොතකට නවතිමි. මනසින් වගේම මසැසින් ඒ වීඩියෝව ඔබට නිරාවරණය කරමින්...


උපුටා ගැනීම - ලොවෙත් නෑ පිටුව
ස්තූතිය : මහේෂ් නිෂාන්ත සොයුරාට
Read More

Monday, October 1, 2012


ඒලෙවෙල් කරන්න පටන් ගත්ත දවස් වලම පොඩි වැඩකට අත තිබ්බා ඒ තමා ඒ ලෙවෙල් උදව් ෆෙස්බුක් සමූහය.හරිනම් ඒකට නම වැටෙන්න තිබුනේ අධ්‍යාපන උදව් කියලා ඒ දව්ස් වල ඔලුවේ තිබුනේ ඒලෙවෙල් නිසා කොයින් කොහොම හරි ඒකට ඒලෙවෙල් උදව් කියලා නම් වැ‍ටුනා.

ඇයි මේක මෙහෙම කරන්න හිතුවේ.

ෆෙස්බුක් වගේ සමජ ශාලා වෙබ් අඩවියක් ලංකාව තුල දරුණු ලෙස ව්‍යාප්ත වී යන කල ෆෙස්බුකියට ගොඩ උනද අධ්‍යාපනය ලබන ශිෂ්‍යකුට  එම කලයෙන් සුවල්ප මොහොතක් හෝ ප්‍රයෝජනවත් වන් නිසා මෙවන් වැඩක් අරම්භ කරන්නට සිතුනා.අනෙක් කාරණය තමා ශිෂයකුට ඇතිවන්නා වූ ගැටලුවකට යම් පිලිතුරක් සෙවීමේ පහසුව ප්‍රවීනයන් ‍රැසක් හා විවිද දැනුම මට්ටම් වල පුද්ගලයන් ගෙන් ෆෙස්බුකිය සන්නද වන නිසාවෙන්  පිලිතුරකා සාරථකත්වය හා විස්වාසවන්තකම.

වර්තමාන තත්වය හා අතීතය.

ඒ කාලයට පෙර මන් පටන් ගෙන තිබුනා විද්‍යා විජ්ජා කියලා බ්ලොග් එකක් ඒකේ අරමුණ උනේ අන්තර්ජාලය පුරා විසිරී තිබෙනා විවිද විද්‍යා ලිපි එක තැනකට ගොනු කිරීම.ඒ සදහා ලැබූ හිට්ස් ප්‍රමාණය මත මට යම් මට්ටම අවබෝධයක් තිබුනා තවමත් අධ්‍යාපනය සම්බන්ද දේවල් සදහා අන්තර්ජාලය තුල ශ්‍රි ලංකිකයන්ගේ  අඩු යොමුවීමක් තිබෙන බව.
  ඒ උනත් ෆෙස්බ්ක් ගෲප් එක තවත් කිහිප දෙනකු සම්බනද කොටගෙන ආරම්භ කලා.කෙතරම උත්සහ කලත් අඩු ක්‍රියාකාරිතවකින් තිබුනු ගෲප් එකෙන් ප්‍රයෝජන ලබා ගත් ශිෂයන් ‍රැසක් සිටියා.අද වන විට ඒ තත්වය අඩුවී තිබෙනවා.නමුත් දැනට තවත් ඇඩ්මින් කෙනකු සම්බන්ද කොටගෙන ක්‍රියාකාරී ලෙස පවත්වාගෙන යනවා.

මොකක්ද මේ අලුත් වැඩේ

දැනට අප ගෲපය තුලින් මෙවර සාමාන්‍ය පෙල විභාගය සදහා සම්බන්ද වන ශිෂ්‍යන්ට සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කිරීම ගැන සාගජ්ජා කරමින් පවතිනවා අපිට එක් ක්‍රියාකාරි විශ්වවිද්‍යාල ශිෂයෙක් මේ සදහා සහයෝගය දක්වන්වා.

මොකක්ද මේ බ්ලොග් එකක කතාව

අපි දැනට අධ්‍යාපනික උදව් බ්ලොගයක් ආරම්භ කොට තිබෙනවා අපි ලිපි ලිවිය හැකි සියලු දෙනාට දැනට ඇරයුම් කරලා තියනවා අපිට පුලුවන් තරම් දන්න දැනුම බෙදා ගන්න උදව් වෙන ලෙස.

දැනට මේ සියලු වැඩ සදහා අවශ්‍යතා මොනවාද

අපි දන්නවා මේ වගේ වැඩ ව්ලට ක්‍රියාකාරී  හිස්ට් බලාපොරොත්තු වෙන්නේ අඩුවෙන් අපේ අධ්‍යාපනික බ්ලොගයටත් ඒක එහෙමයි මොකද ඒක මගේ අත්දැකීම් වලට අනුව ඒක ශ්‍රි ලංකාව තුල අන්තර්ජාලයේ අධ්‍යාපනයට තියන තෑන.අපේ අධ්‍යපන බ්ලොගයට හිට්ස් අඩුවෙයි ඒත් අපිට ඕනි ප්‍රයෝජනයක් ගන්නා කෙනෙක් සදහා මේ දේ කරන්න.
අපිට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට යන ළමයි සදහා සංවිධානය කරන්න යන සම්මන්ත්‍රණ මලාවට සක්‍රීය දයකත්වය ලබා දෙන්න පුලුවන් අය හිටියානම් ඒක තමා කරන්න පුලුවන් ලොකුම දේ .


බ්ලොග් ලින්කුව-http://alhelp.blogspot.com/
බුකියේ ලින්කුව-http://www.facebook.com/groups/udhuAL/


මේ ලිපිය කියවු ඔබ සැමට මගේ ස්තූතිය
-මහෙෂ්
ලස්සන ලෝක ළමා දිනයක් වේවා!!


A/L help facebook group
A/L help blog


ඒ ලෙවෙල් එක කරන්න ලෙවල් ලෑලි ඕනේද?>>>>>
Read More

Sunday, September 30, 2012

ඒ දවස්වල උන කතාවක්- මී පැටියා

පලවෙනි වාර විභාගය ආවාම  පන්තියේ ඔක්කොම පන දාගෙන පාඩම් කරනවා.මම නම් ඉතින් පොත පැත්තවත් බලන් නෑනේ ඔය ගිරවා සබ්ජෙක්ට් 1ක් තියෙන්නේ මොක්ක් ද මේ බයෝ හෙට විභාගේ කියලත් මම් පඩම් කරලා නෑ කියලා දැන ගත්ත බයෝ ටිචර්."මහෙෂ් මෙහෙට එන්න දන් ටෙස්ට් 1කට ලැස්තිද අහුවා.මම නෑ මැඩම් කියලා උත්තර දුන්නා.අනේ දරුවෝ අදවත් ගිහින් පඩම් කරන්න කියාලා ටීචර් මට කිව්වා .මම කීවා මැඩම් මට නෝට් 1ක් නෑ කියලා.අනේ දරුවෝ කියලා මැඩම් මට උපදෙස් ටිකක් දිලා.පරන නෝට් 1ක් හොයලා දුන්නා ඒ පොතේ ලස්සන කවරයක් එහෙම දාලා තිබ්බා ඒකේ කවරේ පිටිපස්සේ ලියලා තිබුනු කවි පේලි ටිකක් තමා මම මේ පහල දලා තියෙන්නේ .මටනම් අමුතු  ගතියක් තියනවා

සාමාන්‍ය පෙල සමත්ව මා ආවා උසස්                                       පෙළට
බයෝ සයන්ස් කරන්නැයි බල කරනවා සැම                            දෙනාම
අනේ එත් එක හිත්කින් ඒක කරන්නේ කොහොමද                   මම
මී පැටවුන් ගෙබි පටවුන් කපන්න බෑ දෙවියනි                           මට

ගේ හැමතැන දුව පනිමින් සෙල්ලම් කල මී                                පැටවා
හෙට දින මාගේ සුරතින් මරණය වෙත                                      යනවා
අනේ ඒත් මී පැටවා ඔබ ගැන දුක ඇති                                     වනවා
අනාගතේ ගැන සිතනවා මිස මා වෙන කරනුද                           මොනවා

ආනාගතේ ගැන සිතලා ඉටි තැටියේ                                         සැතපුවාට
අනේ පුංචි මී පැටවා ටරහා වෙන්න එපා                                   එයට
නුබ හින්දා බොහෝ කරුනු දන ගන්නවා සැම                         දෙනාම
ඒ පින ඇති  මතු බවයේ මී පැටවකු නොවී                                ඉන්න


පුංචි ඔබේ පන ටික සිසු අප හට පුද                                          කරවා
දහස් ගනන් රොගීන් අය මරු තුරුලින්                                      මුදවනවා
දොස්තර වන හැම දෙනාම ඔබ හට ණය ගැති                           වෙනවා
තිරිසන් බවයෙන් මිදිලා මතු නිවනට                                        ලංවෙනවා

අහිංසක මී පැටියා වෙතටයි.කියලා ලියලා තිබුනු මේ කවි මතක් වෙනකොට අහපු ස්කෝලේ යන්න හිතෙනවා.


Read More

Saturday, September 29, 2012

තිත්තයාගේ වාරය




පෙම් හිත මිය ගිහින්
තබා සලකුණු හිතක
මේ කදුළු නුහුරුයි නුපුරුදුයි
තවම මට
එපමණයි ප්‍රේමය
එහෙත්
තව දිගය මාවත
තව බොහෝ දුර යා යුතුය
කදුළු පරදවා නෙතුඅගට
පැන ගොස් කාලය
එනතුරා නොවෙන්නම
තිත්තයාගේ වාරය
Read More

Saturday, September 22, 2012

කතන්දර කාරයාගේ අසනීපය වෙනුවෙන් සැමට බෙහෙත්




කවුරු  මොනවා කීවත් කාකා අයියා සතය කතාවක මූලාරම්භක කතාවක් පටන් ගෙන තිබේ . ලොකුවට සමහර උන් සමාජශාලා වෙබ් අඩවි වලට ඇබ්බැහි වීඇතැයි ඒ කාලය කන වෙලාවේ බොලෝගයක්  වත් ලීවේ නම් කෙතරම් ප්‍රයොජන්වත් අසනා පොස්ටු ගනනාවක් පොඩි වෙලාවක් බ්ලොග් කිහිපයක් අවුස්සා බැලුවේ නම් සොයගත හැහිවීම නිතතින් සිදුවන්නකි .

    අද උදෑසනම නැගිට කාක අයියාගේ පොස්ටුව කියවා ඒ සදහා පිලිතුරු ලිපියක් ලිවීම දක්වා මා ද මේ රොඅගයට ඇබ්බැහි වී සිටී.පොස්ටුවක් දැමු තේ පටන් කමෙන්ටු කියවීම බ්ලොග් රොලයේ  අලුත් බ්ලොග් කියවීම  අදි ලෙස උග්‍ර ලෙස මේ රෝගය අප අතර පැතිර අවසනය.

කතන්දරයාගේ පොස්ටුව දුටු කල මත් කෙසේ හෝ මෙයින් ගැලවිය යුතුයි අදහස මත බෙහෙතක් සෙවීම ආරම්භ කලේය. කෙලින්ම බෙහෙත ගෙන හැර පානවාට වඩා බෙහෙත සොයා ගත් ආකාරය විස්තර කිරීම මැනවි යැයි සිතුනි ..

සුභ මොහොතින් වැඩ ආරම්භ කල යුතු නිසාම ගෙදර පොත් රාක්කයේ තිබූ දූවිලි වැදී දුර්වරණ  වු ලිත සොයා එහි සුභ මොහොත් හා සුභ දිශාව බල පරිඝණකය තිබෙන දිශාවටම වාඩි විය.ඊලග ගැටලුව වුයේ  වෛදය විද්‍යාව බෙහෙත් ගැන කිසි දෙයක් නොදන්නා මා බෙහෙත කෙසේ සොයම්ද යන ගැටලුවයි .  මේ ගැන දන්නා බොලොග් කාරයන් ඇත්දැයි මාගෙඅ ෂුර බුද්ධිය යොදා බැලූ විට  කිහිප දෙනෙක්ම මාගේ මතකයට නැගින . එවා පිලිවලට මෙසේය ,

01.වෙදගෙදර වෙදානන් - ෂුවර් එකටම අපිට නොදන්නා මේ බෙහෙත ඔහු සාදා පාවිච්චි කරනවා ඇත .

02.වර්ගපූර්ණිකාවේ ලොක්කා - මොහුත් මේ ආකාරයේ බෙහෙතක් රාවණා යුගයේ සිට එන පුස්කොල පොතකින් සොයා බාවිතා කරන්නට ඉඩ ඇත .

03.මාරයා - මාරයා පන්සලේ විසූ එකාය පන්සලේ තිබූ බෙහෙත් පොත් වලින් සාදා ගත් බෙහෙතක් ඔහු පාවිච්චි කරනවා නොවිය හැකි ද.

04.මහේෂ් නිෂන්ත - මගේ නම තිබෙන මොහු නවීන වෛදය විද්‍යාව ට අනුකූල බෙහෙතක් සාදා බාවිතා නොකරනවා විය හැකිද ?

දැන්  හතර දෙනෙක් ඇතිය ඊ මේල් ගිණුම ඔපන් කොට මේ හතර දෙනාගෙන් මේ ගැන විමසීමක් කරන්නට සිත්වන විටම මොහුන් මේ රහසය බෙත නොකියාවියැයි මට සිත් විය. එසේනම් දැන් කල යුත්තේ හොරකමකි.  එය කරනේ කෙසේද මොවුන් මෙසේ ඇති රහස් ඇතිවට්ටෝරු සගවා ඇත්තේ කොහේ ද ඔන් ආසම කරන සුරක්ෂිත තැකයි.බ්ලොග් ඩැෂ් බෝඩයේ ඩාරාෆ්ට් එකෙක් ලෙස සෙව් කර ඇති මක් නිසා ද බ්ලොගයට එතරම් ආදරය කරනා බැවින්..වෙඩෙ හරිය හතර  දෙනාගෙම එකවුන්ට හැක් කලේ මොහොතකදු පමා නොවෙමිනි . අවුස්සා බැලූ විට බෙහෙත් වටොරු දෙකක් පමනක්  ඉතිරිව තිබුනි . ඒ වෙදගෙදර හා වර්ගපූර්ණිකාවේය . මාරයාගේ හා නිෂාන්ත අයියාගේ සැක  කටයුතු කිසිදු දෙයක් සොයා ගැනීමට මට නොහැකි විය.

බෙහෙත් වට්ටොරුව පමණක් දෙනගෙන කුමක් කරන්නද මට පන්සල් මතක් විය එක් දවසක් පොත් අල්මාරියක් අස් කරන විට නම් කරන ලද ඔෂධ වලින් බෙහෙත් සාදා ගන්නා පොතක් තිබූ බැව් මතක් විය..එසැනින් සොයාගත් බෙහෙත් වට්ටෝරු කොලයක සටහන් කොටගෙන පන්සලට දුවගොස් පොඩි හාමුදුරුවන් හා එක්ව විස්තරය පැවසීය. බෙහෙත් කල්කයක් ගෙන මේවා පත හයට හතට සිදවා තෙලෙන් මිරිකා මෙලස විෂාල විස්තරයක් අඩංගු විය ..බෙහෙත් කඩවල් හා කැලෑ වල් ගාටමින් බෙහෙත අර පොතේ ආකාරයට සකසන්නට විය .

බොහෝම පූරුවට වැඩේ නිමකොට අවසානයේ කුඩා කොප්පයකට බෙහෙත දමා ගත්තේය මෙය ටෙස්ට් කල යුතු පුද්ගලයාද මමම විය . බෙහෙත් කොප්පයද රැගෙන යනවිට පය  ලිස්සා ඇද වැටුනි කොප්පයකැඩී බීදී යන හඩ මට මත්කය මාගේ ඔලුව බිම වැදුනු නිසා ටික වෙලාවක් සිහි මුර්ජාව සිට නැවත එලබ සිහියට පැමිනියාය .

බෙහෙත ගැන සිතා දුක් වන විටම මට අතීතය සිහිවිය . .ඒ පරිඝණකයේ හාඩ් එකට කෙලවී නෙට් එකෙන් ඈත් වී සිටි kalayayi.කලයයි.එ දවස් වල සෙල්ලම් කල ගෙදර අයත් එක්ක කතා කලා සැහෙල්ලුවෙන් හිටියා බ්ලොගය මතක් වුවත් අමතක් කර දැමීමට සිදු වුනා හොදම දේ තමා ඒක ඒ කියන්නේ මන් බෙහෙත හොයාගෙන
ඒ වටිනා බෙහෙත තමා පරිඝණකයෙඅ මිල අදික කැල්ලක හානි කිරීම .

ප.ලි.
මන්  මොනවා ලිව්වද දන්නේ නෑ මන් අහපවු කියවන්නෙත් නැ කාකා අයියාගේ පොට්ටුව දැක්ක ගමන් ලියාගෙන  ගියා. මෙකට දන්න තිබුනේ බෙහෙතක් සොයා ගිය ගමනක් .
ප.ප.ලි.
නිෂාන්ත අයියා ,මාරයා ,වෙදගෙදර අයියා , වර්ගපූර්ණිකාව තරහා වෙන්න එපා කතාවට නම් යොදා ගත්තේ චරිතයට හානි පැමින වීමේ අරමුණකින් නම් නොවේ . ආ මන්  හැක් කලේ එහෙම නෑ ඕන් .. බයවෙන්න කාරියක් නෑ  :)

ස්තූතියි
-මකුළුවා


Read More

Friday, September 21, 2012

මා සෙව්වේ ඈ ද? who she


කවි ගොතන්නට හපනෙක් නොවේ එත් වචන් ලියන්නට පුලුවනි වචන් ටිකකට අකුරු ගලපා ගත්තාය.



මට ඔබව අමතක නොවුනාම නොවේ
මං සිතුවේ අය ඔබ දකින්නට
නොවම්බරය දක්වා ඉන්නට සිදුවේ වි කියා
එදා බුරුවා කියූ ඒ ආදර වදන් පෙල තවමත් මා මතකයේ ‍රැදී තිබේ

ඔබ මාදෙස බලගෙන
 සැහෙන දුර සිට එන්න ඇත
එදා ඔබ මා පසුකොට ගියේ
 මට ඔබව පෙනෙන්නට ද

ඔබ දු‍ටු මොහොතේ  නැවතත්
මා ඔබ හා අතර මං වූවා
ඔබ කෙතරම් නිදහස් දැයි
ඔබ මා ඇස ගැ‍ටුනා  දවසේ සිට මා දුටිමි

ඉස්සර මන් ඔබව දැක්කේ
කණට ආමාශය අක්මාව ගැන ඇසෙද්දීය
ඒත් දැන් මා ඔබ දකින්නේ
පාරමාණු අතර අතර මං වී ය

ඔබ දු‍ටු දිනයේ සිට අද දක්වා
ඔබ ලොකු දතක් බව
මාගේ පරීක්ෂණ ප්‍රතිඵල කියා පායි
එත් ඔබ කෙතරම් සැහැල්ලු ද

ඔබ  ඇත්තටම සුන්දරය
ඒත් කෙදිනකවත් ඔබ ෆොල්ට්
අඩුකර කැලී බෑලි එල්ලා වැටෙන ඇදුමක් වත්
අදිනවා මා දැක නැත

ගරාජයකින් ගත් පෝක් කම්ම්බි
වීල් යකඩ ඇන යකඩ වලලු
කිසි දිනක ඔබගේ අත් වල් මා දැක නැත
ඒත් ඔබගේ දත ගැන මට වැටහීමක් දැන් ඇත

දරුණු යාලුවන් පිරිසක් සිටිනා බැව්
පළමු දවසේම මා හැදින ගත්තාය
එදා කෑ ගැසූ ඒ මිතුරිය අද මා නොදැක්කේ
ඈ දැන් කැම්පස් නිසාද

දැන් මට බොක්කෙන් අප් එක දෙන්නට
ෆ්‍රෙඩෙක් ලග නැත
මේ සියල්ල තනිවම මා කර ගත යුතුය
තවත් සතියකින් ඔය මුහුන දැක ගන්නට මා එන්නම්

එදාටත් සුදු මූණට වැටෙනා කෙහෙරුලි සකසා
ඔය කණ්ණාඩි කුට්ටම ඔය මුහුණට ගලපා
ෆොල්ට් ලොකු කලිසමක් ඇද
සරලවම ඔබව මට දැක ගන්නට ලැබෙනු ඇත



Read More

Tuesday, September 18, 2012

අලි බිත්තර | Elephant egg





මේක කතන්දරයක් නම් නෙවේ කට්ටියම කියවන්න ඇතිනේ  ‍රැවන්වැලිමහා සෑයේ පහන් ගැන මන් ඉදිරිපත් කරලා තිබුන ලිපිය.

මේකත් ඒ වගේ කතාවක් හැබැයි ලොකුවට ලියාගෙන වවාගෙන කන්න තරම් කරුණු ගොඩක් නෑ , හරි එහෙනම් කතාව පටන් ගන්නම් .

අම්මා අපිට කීවොත්  "පුතේ කඩේ ගිහින් අලි බිත්තරයක් අරන් එන්න"

අපි අම්මා දිහා හිනා වෙලා බලලා කියාවි "මොනවා ! ! මොනවද අම්මේ අලි කොහෙද බිත්තර දාන්නේ :)  ඉතින් කොහෙන් ද අලි බිත්තර"


ඒත් අම්මා කීවොත් " නෑ පුතේ මන් කීවේ ලොකු බිත්තරයක් අරන් එන්න කියලා"

දැන් මෙතන පොඩි අපහැදිලි තාවයක් තියනවා නේ ද?

විශාල = අලි

එහෙම වුනා නම් මිනිසා විශාල සතා යන්න අලි සතා යන්න අලියා ලෙස භාවිතා කලානම්.

අද අපිට අලි කියා කියන්නට බැරි ද විශාල සියල්ල අලියාට කැප කොට අවසන් ද?

අලි කකුල්,අලි දත් මෙලස අලි යන වචනය මිනිසා ගෙන ආවා නම් අද අලියා සතු වී ද?

රෝස පාට මල = රෝස මල නම්

රෝස මල් = රෝස පාට වේ.

අලි = අලියා නම්

අලියා = විශාල නොවේ ද?




-ලිපියේ සියලු අයිතිය මහේෂ් බී දහනායක සතුය._ [මකුණුවා] සියලු හිමිකම් ඇවිරිණි.






Read More

Monday, September 17, 2012

හතර වසරේ ටීචර් හා තුන වසරේ නිමල්



කෙටිකතා විකාර කතා පරිකල්පන විචාර ලිය ලියා සිටියම පසකට දමා කතන්දර කිහිපයක් ගෙන ලියා පල කරන්නට සිතුවෙමු.
එය මෙසේ අකුරු කෙරෙන වගයි .
ඔන්න එකෝමත් එක රටක එකෝමත් එක පාසලක එකොමත් එක කාලෙක ප්‍රින්සිපල් කෙනෙක් හිටියාලු . මේ විකාර විදියයට කියලා හරියන්නේ  නෑ වගේ හරි එහෙම නම්  මෙහෙම පටන් ගමු .

ඔන්න දැන් එක පාසලක තුන වසරේ ටිචර් ඇවිත් නැති  දවසක පන්තියේ ළමයි සෙට් එක තරගෙට කෑ ගහනවාලු . ටික වෙලාවක් මේ කරදරය ඉවසගෙන හිටපු හතර පන්තියේ ටීචර් මළ පැනලා කිපිලා තුනේ පන්තියට ආවලු. (ඉස්කෝලෙකට වැස්සට හරි ගියා නම් ඔය ටීචර්ලාගේ කිපිම ගැන හොද අත් දැකීම් ඇතිනේ )

මොනවද ළමයි ! ! පුදුම කරදරයක් නේ ..... මං එහා පන්තියේ උගන්වන්නේ නැද්ද !!! කෝ නායකයා නැගිටිනවා . මොනවාද  දැන් තියෙන්නේ ! ! !

චිත්‍ර ටිචර් ..

එහෙනම් දැන් අලියෙක් කොට  අදිනවා  චිත්‍රයක් අදිනවා හැමෝම . ! !

නායකයා ඔය ළමයාගේ නම මොකක් ද  ?

කසුන් ටීචර් හරි ඔය ළමයා කැ ගහන ළමයිගේ නම් ලියන්න ඕනී . ! ! අය ලමයි කෑ ගැහුවොත් මන් ඔය ළමයාවයි නැත්නම් දන ගස්වන්නේ !!

එහෙම කියපු ටීචර් තරහින් පුපුර පුපුර ගියාලු .
ටික වෙලාවකින් ටීචර් සද්දයක් නැති නිසා ටීචර් හොරෙන් හොරෙන් පංතිය ගාවට ඇවිත් හොරෙන් එබිලා බැලුවාලු .

බලනකොට පංතියේ නායකයා තව කොල්ලෙක් එක්ක බර කතාවක් ලු .
කසුන් ! ! ! ! ! ! ! ! ! !

නැගිටිනවා මන් තමුසෙට කීවේ තව ළමයෙක් අල්ලගෙන කතා කර කර ඉන්නද නැත්නම් තුසෙට දුන්න වැඩෙක් කරලා අනික් ළමයි ටිකත් නිශ්ෂ්බ්ද  කරගෙන ඉන්න නේද ! ! ! ! කෝ ගන්නවා බලන්න තමුසේ ඇදපු චිත්‍රය .,,හ්ම් ..

කෝ අනික් ළමයා නැගිටිනවා >>> !! ! නම් මොකක් ද ?

නිමල්......

මං කීවේ කසුන් එක්ක කතා කර කර ඉන්න ද ? කො ගන්නවා ච්ත්‍රය !!!!

ඔය ඔය කතා කර කර ඉන්නවා මේක ඇදලා ද මේ ඈ....

ඔව් ටිචර් ...

ඔව් !!! මන් කීවේ කොට දෙකක් අදින්න කියලා නෙවේ කොට අදින අළියෙක් අදින්න කියලා !!! මේකේ තියෙන්නේ කොට දෙකක් විතරනේ.. ඉතින් මෙක ඉවරයි කියන්නේ කොහොමද එනවද මාව විහිලුවකට ගන්න ආ... ! ! ! !

නෑ ටීචර් අලියා ඉතුරු කොටේ ගෙන්න ගිහිල්ලා ! ! අලියා ඉතුරු කොටේ ගෙන්න ගිහිල්ලා ! !

--මහෙෂ් බී දනායක


Read More

Saturday, September 15, 2012


හුදු මහත් ශ්‍රි ලංකීය ජනතාවගේ උතුම් වු භක්තිමත් විස්වාස ‍රැසක් අතර ඉතා ඉහල විස්වාසයක්ව පවතින එකක් ලෙස මේ කරුණ හුවා දැක්විය හැක.එකල  මහා රහතන් වහන්සේලා රුවැන්වැලි මහා සෑ රදුන්ගේ දා ගැබ් ගර්භයේ දැල්වු පහන් තවමත් නොනෙමි අදටත් දා ගැබ් ගර්භයේ දැල්වෙනවාලු.

මන් ඔබගෙන් විමසුවහොත් ඔබ මේ කරුණ විස්වාස කරනවා ද? මේ කරුණට පිළිතුරක් දැක්වීමට ඔබ බෞද්ධයෙක් ද යන්න පිළිතුර සදහා බලපාන කරුණක් සාධකයක් නොවේ.
දැන් මන් ඔබගෙන් ලැබෙන පිළිතුරු පෙල ගස්වන් නම්.

01.ඔබ හුදෙක් ඊනයා විද්‍යා මතවාදියෙක් නම් සිනාසී නැත කියාවි.
02.හුදු භක්තිමත් විස්වාසනීය බෞද්ධයෙක් නම් ඔව් එය හාස්කමක් වැනිය අනිවාර්යෙන්ම එය දැල්වෙනවා.
03.තවකෙකු කියාවි අනේ මන්දා ඕවා හරියට කියන්න පුලුවන් ඒවා නෙවේ.

කෙසේ විශ්ලේෂණය කලත් පිළිතුරු දෙකකින් මේ සියල්ල නව තීවී.
එනම් එය "ඔව්" හෝ "නෑ" යන්නයි
ඔබ සිතන්නේ කුමක්ද ?

ඔබ නෑ යැයි කියන්නේ යැයි සිතන්න දැන් ඒසේ නෑ කීමට හේතුවූ කාරණා මෙසේ පෙල ගස්වමු.
ඔබ නෑ යැයි කියන්නේ යැයි සිතන්න දැන් ඒසේ නෑ කීමට හේතුවූ කාරණා මෙසේ පෙල ගස්වමු.

a)පොල්තෙල් ඉවර විය හැක.
b)පහන් තිරය ඉවර විය හැක.
c)කුහරයක් තුල පවතින නිසා O2 වායුව දහනය වී අවසන් විය හැක.

ඔව් කියන්නේ නම් ඒ හෙතුවක් මතද නැතිනම් භක්තිමත් විස්වාසයක් මතද,සෞභාවදර්මයේ වු හේතු ඵල දහම අපට පෙනන මානයේ නොවෙනස් වන්නකි එනිසාම හුදු භක්තිමත් පිළිතුරක් නම් එය බාර ගත් නොහැක.
මේ කථාවට යුස්ටයින් ගෝඩර් Jostein  Gaarder ලියූ "සොෆීගේ ලෝකය" Sophie's World කෘතියේ එන කුඩා පරිච්ජේදයක් උපුටා දැක් වීමට කැමැත්තෙමු.52 පි‍ටුවේ මෙසේ සදහන් වේ.

"කොහොම වෙතත් මේ අපෙ කාලයේ විද්‍යානයන් සොයාගේන් තියනවා, පරමාණුව ඊටත් වඩා "මූලික අංශු" වලට බෙදන්න පුලුවන් කියලා.අපි මේ කොටස් ප්‍රෝටෝන් නියුට්‍රෝන් හා ඉලෙක්ට්‍රෝන් කියලා හදුන් වනවා.සමහර විට මේවා කවදා හරි තවත් කුඩා කොටස් වලට බෙදන්න පුලුවන් වෙයි.ඒත් කොතනදි හරි මේවා නවතින්න ඕනි කියලා භෞතික විද්‍යනයෝ එකග වෙනවා.ස්භාවදර්මය සෑදී ඇති "අවම සූක්ෂම"කොටසක් තියෙන්න ඕනී."

එසේ නම් ඔබගේ හෙතුවක්  නොමැති "ඔව්" කියන පිලිතුර බාර ගැනීමට නොහැකි නේදැයි ඔබට දැන් වැටහෙනවා ඇත.

දැන් ඔබ සිතනවා ඇත එහෙනම් මා මේ කුමක් ද කියන්නට සැරසෙන්නේ .ඔව් ඔබ බෝහෝ දෙනා නෑ යැයි සිතුවේ සාධාරණ හේතුන් මත. එනම් ඊනියා මතවාදින් ලොකයාට කුඩා පරීක්ෂණ කිහිපයක් මගින් ලබා දී ඇති විශාල කතන්දර රාෂියක් මගින් දැන් අප සිතන්නට පටන් ගෙන ඇති බැවිනි.පහත සදහන් රූප සටහන බලන්න.





ඉතා අපූරුවට මෙහි ගෙන හැර පා තිබෙන්නේ ගින්නක් ඇතිවීමට බලපාන සාධකයි.මේ අප හැමදාම දකින්න ගින්නයි.ඔබ දාගැබ තුල පහන් ගැන සිතුවේ ද මේ ආකාරයටයි.ඔබ පාසල් අධ්‍යාපනයක් ලබා  මේ "ගිනි ත්‍රිකෝණය" ඉගන ගෙන තිබුනා ද නොවුන ද  ඔබ සිතන්නේ මේ ආකාරයටයි.එනම් අපට පේන මේ මානයේ දී මේ ලෝකයේ අපට හමුවන සියලූම ගිනි මේ  ආකාරයට වීමයි.

හරි ඕබ මේ ආකාරයට සිතන්න.අපට ගින්නක් ඇති කිරීමට අවශ්‍ය වුවා කියා.එනම් අප ගිනි ත්‍රිකෝණයේ ආකාරයට.ඔක්ෂිජන්,දහන දව්‍යක්  හා නියත් උෂ්ණත්වයක් සපයනවා.ඒත් ලොකයේ කිසිම තැනක්දී අපට ගින්නක් උපද්දවා ගැනීමට නොහැකි වනවා.

එවිට අප තව තවත් දේ මේ සදහා එකතු කරනවා. උදාහාරණයක් ලෙස අප පස් එකතු කරන් යන විට ගින්නක් ඇතිවෙනවා .එලස ලොකයේ ඕනෑම තැනක දැන් ඔක්ෂිජන්,දහන දව්‍යක් , නියත් උෂ්ණත්වයක් හා පස් එකතු කල විට  අපට ගින්නක් ඇති කරන්න පුලුවන් උනා එසේ නම් ඒක නියතයක් බවට පත්වී අප හදවත මොළය ආක්‍රමනය කරාවී.එවිට අප සැමදාම ඒ කාරණා හතර එකතු කල විට.ගින්න ඇතිවන් නිසා අප පහත ආකාරයට ගිනි කො‍ටුවකට හුරු වේ වි.


එනම් අප මේ සෑම දේම ගොඩ නගා ගෙන තිබෙන්නේ විද්‍යාත්මක ක්‍රමයටයි.මොකක්ද මේ විද්‍යාත්ම ක්‍රමය.එය සරලවම මෙසේ කැටි සටහනකට ගුරු කොට දැක්විය හැක.



ලොකය රදා පවතින කතන්දර සංකල්පය යැයි මට සිතෙන්නේ මෙයයි.මට සිතන් ආකාරයට අප බසයක් සල්ලි දී ගමන් පහසුව සලකා ගන්නේ ද මෙ අනිසාම බැව් මට සිතේ.මෙසේ සනාථ වන සංකල්ප වාදයන් (theory) හෝ නියමයන් (lows) බවට පත් වේ.අප විද්‍යාව හිතින් සිතා භාවිතා නොකලාට සැම තෑනකම ලොකයා ගෝඩ නැන්වූ මේ සංකල්ප අප භාවිතා කරයි.

ඔබ දාගැබ තුල පහන් නොදැල්වේ යැයි නිගමනය කලෙ යම් පදනමක එල්බ ගෙනය එය "ගිනි ත්‍රිකෝණය " යැයි ඔබ නොද්නවා වුනාට නොදනුවත්වම ඒ  ස්ංකල්පය ඔබ භාවිතා කොට හමාරයි.
කෙදිනකවත් අසා නොමැති මගුලේ සංකල්ප ඔබට ගැටළුවක් විය හැක.ඒ සංකල්ප කතන්දර ගෙතු ඊනියා විද්‍යානයන්  අප ලොකයේ දකින් දෙනි බොහෝ කතන්දර සංකල්ප අපට කලින් ගොතා හමාර කලේ.(සංකල්ප කතන්දර මාගේ වචනයකි.) පයිතගරස් ත්‍රිකෝණයේ සබන්දතාව සොයා ගන්න විට අපේ මුතුන් මිත්තන් සුවිසල් ගොඩනැගිළි මාලිගා ඉදිකොට අවසන්ය.දා ගැබ හා එහි සම්බන්දය කුමක් දැයි ඕබ අසනවා ද ඔව් එය මෙසේයි ඉහත ගිනි ත්‍රිකෝණයට අප පස් ආදේශ කලා සේ.අපට නොපෙනනා මනයක කෙතරම් ස්ංකල්ප  කතන්දර තව තිබෙනවා ද? එය ඔබවත් මම වත් නොදන්නා කරුණකි අප ඒවා බලන්නේ කෙසේ ද?ඊනියා මතදාරීන් මැත යුගයේ අංශුවකට තවත් කතන්දර ගෙතුවා නමුත් අපට පෙනෙන සතය මට ඒවා පුහු කතන්දර බවට පත් වුනා.

සියල්ල සිදුවන්නේ විදයත්මක ක්‍රමයකට නම්.අපට ගොඩ නගා ගත් ගින්දරට අප සැම දාම දකින පහන් නම් දා ගැබ තුල දැල්විය නොහැක.
එහෙත් කවුරුන් හෝ කීවාද ඒ දැල් වෙන්නේ පොල්තෙල් දමා පහන් තිර දමා දැල්වු පහන් බව.ඒ රහතන් වහන්සේලා දැල් වූ පහන් ගිනි ත්‍රිකෝණයට අයත් ද ඒවා ඒසේ නොවේ නම් නිවෙනා ක්‍රමයක් අප දන්නේ නැත.
ඒ හේතුව නිසාම ඒ පහන් අදටත් දැල්වේවි හෙටත දැල්වෙවි ඒත් ඒවා හෙතුවක් ඇති ස්භාව දර්මයට නතුවන නිසා අද නොව ඒදාට ( එදා කවදා දැයි අප දන්නේ නැත) නිවී යන් තුරා දැල්වේවි.

දැන් ඔබට සිතෙනවා ද රුවන්වැලි මහා සෑ රදුන් හරා බලන්නට නමුත් එසේ චේතනා පහල නොවන්නේලු.නමුත් යම් ක්‍රමයකින්  එය ස්කෑන් කල් බැලිය හැකිනම් මට ඒසේ චේතනාවක් පහල විය.

සාදු!! සාදූ!!
ප.ලි.
 හැමදාම කිසිම වැදගත් කමක් නැතිලිපි පලකරන චෝදනාව එල්ල වු මහේෂ් අද විමර්ෂණාත්මක් ලිපියක් ලිවීය.ඔබගේ ශ්ක්තිමක් බුද්ධිමත් සංවාදයක් මේ සදහා බලාපොරොත්තු වෙමි.
ප.ප.ලි.
එක් ඇනෝ කෙනෙකු මාගේ මවට බැන කොන්දක් තියනවානම් ඒ කමෙන්‍ටුව පලකරන ලෙසෙ සදහන් කොට ඇත.මට මගේ කොන්ද හොදය.සල්ලි දීලා පු*** මට අවශය නැත.

-ලිපියේ සියලු අයිතිය මහේෂ් බී දහනායක සතුය._ [මකුණුවා] සියලු හිමිකම් ඇවිරිණි.
ස්තූතියි
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya