Sunday, August 28, 2011
Thursday, August 25, 2011
Wednesday, August 24, 2011
මේ මොහොත වන විට "ආදරය"
තේරුම් ගැනීමට තිබූ සියලු අවබෝධයන්
වාශ්පීකරනය වී ඇත
පරමාදර්ශී ආදරය සොයායන
තරුණයන්ට මුනගැහෙන්නේ ආදරය
වෙනුවට විසදිය
නොහැකි ප්‍රශ්ණයකි
එය නම්
"ඇයට අවශ්‍ය කුමක් ද?" යන්නයි
නමුත් ප්‍රශ්ණය තරම් පිලිතුර
සරල නැත
මන්ද ඇයද පිලිතුරක් නොදන්නා නිසාය
හමවිටම පිලිතුරක් වෙනුවට
ප්රරහාරයකි
ඉලක්කය නිශ්චිතය!
ආගන්තුක ප්‍රහාර ඉදිරියේ හැමවිටම
පිලිසරනක් නැත
කීමට අත්තේ පොඩි දේකි
Snipper ප්‍රහාරයකින් බේරීමට හැකි
තාක්ශණයක් සොයා ගන්න
නැත්නම් ඔබගේ......
Tuesday, August 2, 2011
"නෑ නෑ මල්ලි, තමුසෙලව ඇතුලට ගන්න බෑ. දන්නෙ නැද්ද ඕයි, දැන් අපිටත් එක්ක දඩ ගහනවා"
බස් කොන්දොස්තර මොරදෙන්නට විය.
"අනේ අයියෙ මම ඉක්මනට බැහැලා යන්නං..."
"ඔන්න ඔහෙ ඇතුලට ගනින් බං..." ඒ බසයේ රියදුරුය.
"හා හා නගිනවකෝ එහෙනං, අනේ මංද ඕයි තමුසෙලත්"
මූණ පුරා රැවුල වවාගත්, බෝතල් අඩි කණ්ණාඩි දමාගත් කොල්ලෙක් බසයට ගොඩවිය. ගංජා ගැසූවෙක් මෙන් එහෙට මෙහෙට පැද්දුන ඔහු, සතියක් පමණ නොනිදා සිටියකු මෙන් සෙස්සන්ට දිස්විය.ටී-ෂර්ට් එකක් හා ඩෙනිමක් ඇඳහුන් ඔහුගේ කරේ බෑගයකි. උරහිසේ තවත් බෑගයක් වූ අතර එහි ඉදිරිපස පොකට්ටුවට අත දැමූ ඔහු එළියට ගත්තේ විරිඳු රබානකි.
උගුරේ රැල් බුරුල් හැර සියලු දෙනාටම මංද හිනාවක් පෑ ඔහු, රබාන වාදනය කරන්නට ගත්තේය.
ඩං රඟර්ර්ර්ර් ටං ඩං රඟර්ර්ර්ර් ටං//
සරසවි නැත වරම් දීල තාලෙට කවි පද කියන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ගණදෙවි නැත නුවණ දීල හරි පාරක් හොයා ගන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
කිසි දෙවියෙක් හිටියේ නෑ අන්තිමෙ මා ගොඩට ගන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
පිටරැටි සුද්දෝ හොයපුව තමයි හිටියෙ පිහිට වන්න
[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]
හමබ කරපු හැම සතේම institute පුදල තමා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
අම්ම අප්ප එකතුවෙලා මෙතනටවත් ගත්තෙ මෙ මා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
මොරටු, කොලඹ, කැළණියෙනුත් මං වගෙ උන් බුරුතු එනා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
එහෙම එන්න මට බැරිවුනෙ මං පෙර කල කරුමෙ තමා
[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]
නැකැත් බලල පුංචි කාලෙ කිව්ව අකුරු මතක නැතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ජවා, සී, සී ප්ලස් ප්ලස් ඒ වෙනුවට මතක ඇතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ලැන්වේජස් ඕනෙ එකක් එක්කල මම ඔට්ටු වෙතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ASP, PHP කැස්සහමත් දොට්ට එතේ
[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]
ඩේටාබේස්, සර්වර් කේස් කරන්න නෑ කිසිම බයක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ඇනලයිසින්, නෙට් වර්කින් මෙව්වෑනුත් ඕන එකක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ප්‍රින්ට් කේස්, ඩිසයින් කේස් නන් පුලුවනි ටිකක් ටිකක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
කොම්පියුටින් කිව්වෝතින් මම කරනව ඕන දෙයක්
[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]
වේකන්සියකට දැම්මම එකම එකට සීයක් උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
පෝලිම් විය ඇවිත් ඇවිත් ගන්නේ නෑ ඔක්කොම උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
පාරින් පාරට ඉන්නව දුසිම් දුසිම් අයි ටී උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ආරංචිය තව එනවලු ඉස්සරහට මං වගෙ උන්
[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]
චේන් කඩල, පොකට් ගහල නෑ මම හොර වැඩ කරන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ෆිෂින් කරල, හැකින් කරල නෑ කෙනෙකුට දුකක් දෙන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
මමම කරල මමම හදල පොඩි software එකක් දෙන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
මෙ දුක අහල පිං සළකල පුලුවන්නං එකක් ගන්නෙ
[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ඩං..... ]
රබාන බෑගයේ ඔබා ගත් ඔහු එම බෑගයෙන්ම ලැප්ටොප් කම්පුටරයක් හා සී.ඩී දෙකක් එළියට ගත්තේය.
ලැප්ටොප් එක දිගෑරගත් ඔහු, එහි තිරය ඉදිරියට හරවා නැවතත් කතාකරන්නට විය
මහත්තයෝ...,
මහත්තයෝ මේ තියන්නෙ මමම හදපු ඇප්ලිකේෂන් දෙකක්. මේ හැම එකක්ම කීප සැරයක්ම ටෙස්ට් කරලා බොහොම සාර්ථකයි කියල සහතික කරලා තියන්නෙ. මේ වගේ එකක් කඩෙන් ගන්න ගියොත් එකක් රුපියල් 500ක් 600ක් වෙනවා. මම මේ දෙකම දෙන්නෙ රුපියල් 700කට. කැමති කෙනෙක් ඉන්නවානං කතාකරල ඉල්ලන්න. මීට අමතරව වෙන ඕනෙම වර්ගයක සිස්ටම්, ඇප්ලිකේෂන්, වෙබ්සයිට් වගේ හැම දෙයක්ම මම කරනවා. මං වගේ කොල්ලෙක්ට ජීවත් වෙන්න පොඩි උදව්වක් කරන්න
පුලුවන්කමක් තියනවානනං ලොකු පිනක්...
එසේ කියූ ඔහු තවත් සී.ඩී කිහිපයක් අතට ගෙන බසයේ ආසන එකින් එක ලඟට ගොස් බසයෙන් බැසගිය අතර ඒ සිටි සෑම කෙනාටම තමගේ විසිටින් කාඩ්පතක් දීමටද අමතක නොකළේය.
Copy FB
Sunday, June 12, 2011
Sunday, April 24, 2011
ලංකාවේ පරිගණක ක්‍රීඩා ඉතිහාසයේ නවතම පෙරළියක් කරමින් සැත්තැම්බර් මස 18 වන දින බණ්ඩාර නායක සම්මන්ත්රණශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදි මෙම සිංහල පරිගණක ක්‍රීඩාව නිකුත් කෙරිනි. මෙම පරිගණක ක්‍රීඩාවේදී ක්‍රීඩකයා පණ්ඩුකාභය කුමාරයා ය. මෙහිදී වසර 2100ක් පැරණි ඉතිහාසයට ක්‍රීඩකයාට පිවිසීමට හැකි වේ. ඇඳුම් ආයිත්තම්, කඩු, දුනු සහ ඊතල වැනි අවි ආයුධ ද ඊට නොදෙවෙනි පසුබිම් ත්‍රිමාණ සජීවි කරණයන් ගෙන්ද ක්‍රි.පු. 4 හා 5 වන සියවසට ක්‍රිඩකයා ගෙන යන්නේ ඉතාමත් ආකර්ෂණීය මෙන්ම ත්‍රාසජනක ක්‍රීඩා රසාස්වාදයක් ලබා දෙමිනි.අබා පරිගණක ක්‍රීඩාවේ ඉතා උසස් ත්‍රිමාණ ලෙස නිර්මාණය කරඇති අතර ලංකාවේ ප්‍රථම වරටස්ටීරියෝස්කොපික් (stereoscopic) තාක්ෂණය සහිත චීඩියොවන්ද එහි ඇතුළත් වේ. මෙහිදී පරිගණක ක්‍රීඩාවෙ නියැලෙන ක්‍රීඩකයාට අවශ්‍යනම් ස්ටීරියෝස්කොපි ක්රමයේ රූප නැරඹිමට යොදාගන්නා නිල් සහ රතු වර්ණ විභේද සහිත උපැස් යුවලක් භාවිතයෙන් පරිගණකක්‍රීඩාවට ඇතුළත් කර ඇති වීඩියො දර්ශන ත්‍රිමාණයෙන් දැකිය හැකි වෙනු ඇත.සංජය ධනුෂ්ක සංජය පෙරේරා මෙහි නිර්මාණකරු වේ. (cplus.lk)
මෙම ඇප්ලිකේෂන් එක ලබා ගැනීමේදී ජාවා කේතයක් ඔබේ වෙබ්ලිපින පුවරුවෙහි ඇතුලත් කිරීම මගින් පහසුවෙන්ම ඔබේ ගිණුමට ඇතුලත් වී ඔබේ අනුදැනුමෙන් තොරව ඔවුන්ගේ ප්‍රචාරයන් ඔබගේ ගිණුම හරහා සිදු කරගැනීමට ඉඩ හරි.
ෆේස්බුක් විසින් ප්‍රකාශ කර සිටින්නේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බලා ඇති පුදගලයන් සෙවීමට හැකියාවක් නොමැති බවත් එම වෛරසය වැලක් වීමට කටයුතු යොදන බවත්ය.
ඔබත් දැනටම මෙම ඇප්ලිකේෂන් එක ලබාගෙන ඇත්නම් ඇප්ලිකේෂන් වෙතගොස් එය ඉවත්කරන්න.
Saturday, April 23, 2011
අප බටහිරයන්ට තමා හඳුනාගැනීම සඳහා ඊනියා අනෙකා අවශ්‍ය වන්නේ ඇයි ද යන්න සාකච්ජා කිරීමට පෙර මා හා මගේ මනස යන්න සලකා බැලිය යුතු ය. මගේ සරම හෝ මගේ සිරුර හෝ මා නො වන බව පැහැදිලි විය යුතු ය. පසුගිය ලිපියෙන් අප පෙන්වීමට අදහස් කෙළේ මගේ සිරුර ද මගේ සරම මෙන් ම අවශ්‍යතා සම්පූර්ණ වූ විට වෙනත් අයට ද යොදාගත හැකි බව ය. තමා ගේ සිරුර යනු තමා යෑයි සිතීමට බොහෝ දෙනා පෙලඹී ඇති නමුත් මරණයෙන් පසු තමා ගෙන් වෙන් වූ සිරුර වෙනත් අයකු රිංගා නො ගත්තේ නම් කුණු වී දිරාපත් වන බව පැහැදිලි ය.
එහෙත් තමා හා තමා ගේ මනස අතර ඇති වෙනස කුමක් ද? මා යනු කවුද? මා යනුවෙන් මා හඳුනාගෙන ඇත්තේ කුමක් ද? කවුද? තමා ගේ සිරුර යනු තමා නො වන්නා සේ තමා ගේ මනස යනු තමා නො වේ ද? තමා හා මනස යනුවෙන් වස්තු දෙකක් වේ ද? තමාට සිරුරෙන් ඈත් වී යන්නාක් මෙන් මනසින් ද ඈත් වී යා හැකි ද? මනස, නාමය, ආදී වශයෙන් කිනම් ආකාරයකින් හැඳින්වුව ද තමා යනු තම මනස බව පැහැදිලි ය.
මගේ මනස, මගේ නාමය ආදී වශයෙන් මගේ යන්න ද සමඟ හැඳින්වුව ද මා හා මගේ නාමය අතර වෙනසක් නැති බව පෙනී යයි. එබැවින් මෙහි දී මගේ යනුවෙන් යෙදීමේ දී යම්කිසි වරදක් සිදු වෙයි. එයට හේතුව මනස, නාමය ආදිය මට අයත් දේ නො ව මා ම වීම ය. මගේ සිරුර හා මගේ සරම යනුවෙන් සඳහන් කිරීමේ දී මට බාහිර ව මට අයත් සිරුරක් හා සරමක් ඇති බැවින් ගැටලුවක් පැන නො නඟී. එහෙත් මගේ මනස යනුවෙන් කී විට මට අයත් මනසක් මගෙන් බාහිර ව ඇතැයි යන හැඟීමක් යම් කිසිවකුට ඇති විය හැකි ය. එහෙත් මගෙන් බාහිරව ඇති මනසක් නොමැත.
එහෙත් ඇතැම් අවස්ථාවල භූතයන් ආදීන් ඇතැමුන් ගේ මනසට වැහෙන බව පෙනී යයි. එවැනි අවස්ථාවල මනස වැසී තාවකාලික ව වෙනත් සත්ත්වයකු විසින් යොදා ගැනෙන බවක් පෙනී යයි. මෙහි වැහෙනවා යන වචනයේ අර්ථය කුමක් වුවත් එක්තරා ආකාරයකින් අදාළ පුද්ගලයා ගේ මනස වැසී යැමක් සිදු වෙයි. ඇතැම් අවස්ථාවල අපි මට යකා වැනෙනවා ආදී වශයෙන් යොදා ගනිමු. එහි දී සිදු වන්නේ යකා වැහුණු තැනැත්තා යකකු මෙන් හැසිරීම ය. යකා වැහෙනවා යන්නෙන් යකකු මනසට ආරුඪ වීමක් ගැන නො කියෑවුණ ද ඉන් අදහස් වන්නේ යක්ෂ යනුවෙන් හැඳින්වෙන අමනුෂ්‍යයකු යම් පුද්ගලයකු ගේ මනසට ආරුඪ වුව හොත් ඒ පුද්ගලයා ක්‍රියා කරන ආකාරයට එහි දී ක්‍රියාකාරී වීමක් සිදු වන බව ය.
භූතයකු වැහෙනවා යන්න හා දෙවියකු ගෙන් යම් යම් දේ දැනගැනීම අතර වෙනසක් ඇති බව පෙනී යයි. භූතයන් වැහෙනවා හෙවත් භූතයන් ආරුඪ වෙනවා යන්නෙන් යම් භූතයකු පුද්ගලයකු ගේ මනස මෙන් ම සිරුර ද යොදා ගැනීමක් අදහස් කෙරෙයි. එහි දී ඉහළ මට්ටමේ දෙවියකු ගෙන් යම්කිසි ආකාරයක වරම් ගැනීමක් ද සිදු වෙයි. භූතයා යම් පුද්ගලයකුට ආරුඪ වීමත් සමZඟ ඒ පුද්ගලයා ගේ මනස මෙන් ම සිරුර ද එක්තරා අයුරකින් ගත් කල අක්‍රීය වෙයි. එනම් ඒ පුද්ගලයාට අවශ්‍ය ආකාරයකින් මනස තබා සිරුර වත් ක්‍රියා නො කරයි.
අදාළ පුද්ගලයා මිය ගොස් නැති නමුත් ඒ පුද්ගලයා ගේ සිරුර ද දිරාපත් වී හෝ කුණු වී හෝ නැති නමුත් ඒ සිරුර ක්‍රියාත්මක වන්නේ ඔහුට අවශ්‍ය ආකාරයට නො වේ. එපමණට ඒ පුද්ගලයා ගේ සිරුර අක්‍රීය වෙයි. එහෙත් ඉන් අදහස් වන්නේ සිරුරේ ක්‍රියාකාරීත්වය මුළුමනින් ම නැති වී ගොස් ය යන්න නො වේ. දැන් සිරුර ක්‍රියාත්මක වන්නේ ආරුඪ වූ භූතයාට අවශ්‍ය ආකාරයට ය. අදාළ පුද්ගලයාට සිරුර සම්බන්ධයෙන් තීරණ ගත හැකි නො වේ.
එහෙත් අදාළ පුද්ගලයා ගේ නාමය තවදුරටත් සිරුර තුළ කොටු වී ඇත. නාමය සිරුර හෙවත් රූපය හැර ගොස් නැත. පුද්ගලයා ගේ සිරුර ද නාමය ද කලින් මෙන් ම පැවතිය ද රූපය අත්හැර නාමය වෙනත් භවයකට නො ගිය ද නාමයට ක්‍රියාකාරිත්වයක් නැත. ඒ නාමය අක්‍රීය ව පවතින බැවින් දැන් සියලු කටයුතු කෙරෙන්නේ භූතයාට අවශ්‍ය පරිදි ය. එහෙත් අදාළ පුද්ගලයා නැත්නම් නාමය ද තවමත් සිරුර තුළ වෙයි. පසුගිය ලිපියෙහි මෙවැනි අවස්ථාවල දී එක්වර සත්ත්වයන් දෙදෙනකු සිරුරට අරක්ගෙන සිටින්නේ යෑයි කියා ඇත්තේ මේ තත්ත්වය පැහැදිලි කිරීමට ය. එහෙත් එහි දී අවධාරණය කළ යුත්තේ එක්වර සත්ත්වයන් දෙදෙනකු සිරුරට අරක් ගෙන සිටිය ද ක්‍රියාත්මක වන්නේ භූතයා බව ය. සිරුර අයත් පුද්ගලයා එහි දී අක්‍රීය තත්ත්වයකට පත් වෙයි. භූතයා කරන කියන දෙයට සිරුර අයත් පුද්ගලයා වගකිව යුතු නැත.
එහෙත් දෙවියන් සම්බන්ධ කරුණුවල දී තත්ත්වය වෙනස් වෙයි. මා අසා ඇති ආකාරයට ඉතා ප්‍රබල දෙවියන්ට මිනිසුන් සමඟ සංවාද කළ හැකි ය. එහෙත් ඒ ඕනෑ ම මිනිසකු සමඟ නො වේ. ඒ පුද්ගලයා ඒ සඳහා පාරමී ධර්ම පුරා තිබිය යුතු අතර බොහෝ විට පෙර භවයක යම්කිසි ඥතිත්වයක් ද අදාළ දෙවියන් සමඟ තිබිය යුතු ය. මෙවැනි අවස්ථාවල දී පුද්ගලයා අක්‍රීය නො වේ. පුද්ගලයා ඉතා ම සවිඥනික ව සිටින අතර දෙවියන් කියන දෙය සෙසු පුද්ගලයන්ට දැනුම් දෙන වාහකය බවට ද පත් වෙයි.
මෙහි දී දෙවියන් අදාළ පුද්ගලයා සමඟ යම් සංවාදයක යෙදෙයි. එහෙත් දෙවියන් සිටින්නේ අදාළ පුද්ගලයා ගේ සිරුරට බාහිර ව ය. දෙවියන් හා අදාළ පුද්ගලයා ප්‍රාණීන් දෙදෙනකු ලෙස කටයුතු කරති. දෙවියන් පුද්ගලයා ගේ සිරුරට ආරුඪ විමක් නැත. වෙනස් ප්‍රාණීන් දෙදෙනකු එකිනෙකා සමඟ කතා කරන ආකාරයට ම නො වුණත් ඔවුහු එකිනෙකා සමඟ සංවාදයක නිරත වෙතිs.
ඒ සංවාදය කටින් හා කණින් කෙරෙන්නක් නො වේ. ඒ කෙරෙන්නේ කෙසේ දැයි මම නො දනිමි. ඇතැම් විට එය මනස (නාමය) ඔස්සේ පමණක් සිදු කෙරෙන්නක් යෑයි විශ්වාස කළ හැකි ය. එහෙත් එවැනි අවස්ථා දෙකක් මගේ අත්දැකීම් අතර වෙයි. මෙහි වඩාත් ම අවධාරණය කළ යුත්තක් නම් වෙනත් පුද්ගලයන් නිරීක්ෂණය කරමින් සිටිය දී ද මේ සංවාදය සිදු වන බව ය.
අදාළ දෙවියන් හා අදාළ පුද්ගලයා දෙදෙනකු ලෙස සිටිය දී ඇතැම් විට අවශේෂ පුද්ගලයන් ද එකතු කර ගනිමින් මේ කතාබහ සිදු වෙයි. මෙහි දී දෙවියෝ ද සාකච්ජාවේ නිරත වී සිටින තවත් පුද්ගලයෙක් වෙති. ඒ දෙවියන් අදාළ පුද්ගලයා සමඟ සංවාදයෙහි නිරත වනවා පමණක් නො වේ. එහි සිටින අනෙක් පුද්ගලයන්ට ද දෙවියන් සමඟ අදහස් හුවමාරු කරගත හැකි ය. එහෙත් ඒ කළ හැකි වන්නේ දෙවියන් සමඟ සෘජුව සංවාදයෙහි යෙදී සිටින පුද්ගලයා ඔස්සේ ය.
අනෙක් පුද්ගලයන්ට ඒ අදාළ පුද්ගලයා මගින් දෙවියන් ගෙන් ප්‍රශ්න ඇසිය හැකි ය. ඇතැම් ප්‍රශ්නවලට දෙවියෝ පිළිතුරු දෙති. ඇතැම් ප්‍රශ්න සම්බන්ධයෙන් මුනිවත රකිති. සභාවෙහි සිටින අනෙක් පුද්ගලයන් දෙවියන් ගෙන් අසන ප්‍රශ්න දෙවියන් ගේ දිව කන්වලට ඇසෙනු නො අනුමාන ය. එහෙත් දෙවියන් දෙන පිළිතුරු හෝ දෙවියන් අසන ප්‍රශ්න හෝ සභාවෙහි සිටින අනෙක් පුද්ගලයන්ට නො ඇසෙයි. දෙවියන් කියන දේ ඇසෙන්නේ, නැත හොත් මනසට ගෝචර වන්නේ අර පාරමී ධර්ම පුරා දෙවියන් සමඟ සංවාදයෙහි යෙදී සිටින පුද්ගලයාට පමණ ය. ඒ තැනැත්තා අනෙක් අයට දෙවියන් ගේ ප්‍රශ්න හා පිළිතුරු සන්නිවේදනය කරයි.
මෙලෙස දෙවියන් සමඟ සංවාදයෙහි යෙදෙන පුද්ගලයන් බොහෝ දෙනකු මෙරට ඇති බව මගේ විශ්වාසයයි. එවැන්නන් ගැන යම් තොරතුරු වෙතොත් අපට ඒ දන්වන්නේ නම් කෘතඥ වෙමි. තමන් විද්‍යාඥයන් යෑයි සිතන්නන් හෝ බටහිර විද්‍යාඥයන් ගේ අනුගාමිකයන්, ඊනියා යථාර්ථවාදීන්, වාස්තවිකවාදීන් යෑයි සිතන්නන් හෝ ඉහත සඳහන් කරුණු නො පිළිගනු ඇත. එහෙත් ඔවුහු තමන් ගේ බටහිර ස්වාමිවරුන්ට අදහස් එන්නේ කෙසේ දැයි නො දනිති. තර්කානුකූලව, එනම් ඇරිස්ටෝටලීය න්‍යායට එකඟ ව තර්ක කිරීමෙන් නව අදහස් නො ලැබෙන බව ඔවුහු නො දනිති. නව අදහස් ලැබෙන්නේ තර්කයෙන් නො ව තර්කයට පිටින් යැමෙනි.
මේ සම්බන්ධයෙන් හොඳ ම උදාහරණය රසායන විද්‍යාවේ ප්‍රධාන නමක් ලෙස කියෑවෙන කෙක්යqලේ ය. ඔහු බෙන්සීන් වලය පිළිබඳ අදහස දැක ඇත්තේ සිහිනයෙනි. එතෙක් රසායන විද්‍යාවේ අණු සංකේතාත්මක ව ලියෑවුණේ රේ‚ය ව ය. එහෙත් බෙන්සීන් අණුව එසේ රේ‚යව ලිවිය නො හැකි විය. දැන් ඒ කරුණු පිළිබඳව කෙතෙක් තර්කානුකූලව සිතුවත් බෙන්සීන් අණුව රේ‚ය ලිවිය නො හැකි ය. කෙක්යqලේ මේ සම්බන්ධයෙන් කෙතෙක් කල්පනා කළ ද ඉන් කිසි ම ප්‍රතිඵලයක් අත් නොවී ය. දිනක් ඔහු තමා තමාව ම ගිලින සර්පයකු සිsහිනෙන් දුටුවේ ය. තමා තමා ව ම ගිලින සර්පයකු පෙනෙන්නේ වලයක ආකාරයකට ය. බෙන්සීන් වලය පිළිබඳ අදහස උපත ලද්දේ ඒ අයුරිනි.
කෙක්යqලේ දෙවියන් සමඟ සංවාදයක යෙදී බෙන්සීන් වලය පිළිබඳ අදහස ලබාගත්තේ යෑයි මෙයින් නො කියෑවෙයි. එහෙත් සිහින යනු ඇරිස්ටෝටලීය න්‍යායට සහ පංෙච්න්ද්‍රිය ගෝචර ලෝකයට ගැලපෙන පරිදි පෙනෙන දෑ නො වේ. අපට පොල්ගස්වලට උඩින් පැන යා හැකි බළලුන් සිහිනවල දී දැකගත හැකි ය. එවැනි සිහින ඔස්සේ ද අපට නව අදහස් ලැබෙයි.
අපට දෙවියන් සමඟ කරන සංවාදවල දී ද නව අදහස් සෘජුව හෝ වක්‍ර ව හෝ ලබාගත හැකි ය. දෙවියෝ ඇරිස්ටෝටලීය න්‍යායට සීමා නො වෙති. එමෙන් ම ඔවුන් ගේ ලෝකයේ අත්දැකීම් පංෙච්න්ද්‍රිය ගෝචර ලෝකය මත පදනම් වී නැත. මේ ලෝකය පංෙච්න්ද්‍රිය ගෝචර විය යුතු යෑයි සිතන්නෝ ක්වොන්ටම් භෞතිකය පිළිබඳ හාන්කවිසියක් වත් නො දනිති. බටහිර විද්‍යාඥයන් නම් තවමත් සිතන්නේ ලෝකය යනු පංෙච්න්ද්‍රිය ගෝචර ලෝකයක් බව ය. ඔවුන්ට පංෙච්න්ද්‍රිය ගෝචර නො වන ක්වොන්ටම් භෞතිකය නො තේරෙන්නේ එබැවිනි. ඉතා පැහැදිලි ව ම බටහිර විද්‍යාවේ ලෝකය කඩා වැටෙමින් පවතියි. එයට විකල්ප දැනුම් පද්ධතියක් ගොඩනැඟීමේ කාර්යභාරය වෙයි. එහි දී පංෙච්න්ද්‍රිය ගෝචර සංකල්පවලට සීමා නො වන දෙවියන් ගෙන් ඉගෙන ගැනීමට හැකි නම් ඒ කළ යුතු ය.
-----මහාචාර්ය නලින් ද සිල්වා--------
Read More

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය පසුගිය දින විවෘත කෙරිණි. www.lanintegmin.gov.lk යන මේ වෙබ් අඩවියට පිවිසීමෙන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා සමාජ ඒකබද්ධතා විෂයට අදාළ සියලු තොරතුරු දැනගැනීමට හැකි වනු ඇත.
සමාරම්භක උත්සවයට සහභාගි වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවල භාෂා පරිවර්තකයින් ගේ හිඟය සඳහා ඉල්ලීමක් කර නැති නමුත්a ඉල්ලුම් කරන ඕනෑ ම අවස්ථාවක දී අවශ්‍ය පිරිස ලබා දීමට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත් පුහුණු කළ භාෂා ගුරුවරුන් 600ක් අමාත්‍යංශය තුළ සිටින බවත් පැවසී ය.

Thursday, April 21, 2011
Tuesday, April 19, 2011
අපි හැමෝම කැමතිනේ .com , .org වගේ හොද domain ඒකක් ගන්න . හැබැයි ඉතින් ඒ වෙනුවෙන් මුදල් යොදවන්නේ බොහොම සුලු පිරිසක් .නැත්නම් ඉතින් ඔය ,tk , co.cc වගේ එකක් තමයි යොදා ගන්නේ . අද මම කියන්න යන්නේ කොහොමද නොමිලේ .com වගේ domain ඒකක් ගන්නේ කියලා . මේ ක්‍රමේට මම නම් ටිකක් අලුත් .ඒක නිසා තාම මට domain ලැබිලා ....
ලංකාවෙන් තවත් දැවැන්ත Web අඩවියක්
මේකත් තවත් සුවිශේශි ආර0චියක්.අපි හැමදාමත් වෙබ් අවකාශය පීරල එක එක දේවල් හොයනවා. අපිට එක එක ගැටලු වලට පිලිතුරු හොයන්න ඕන වෙනවා. තාක්ශනික දේවල් විතරක් නෙමේ , එදිනදා ජීවිතයේදීත් අපිට ප්‍රශ්න එනවා. ඒ දේවල් වලට පිලිතුරු හොයන්න අපි අන්තර්ජාලය භාවිතා කරනවා. ඉතින් මේ ප්‍රශ්නයට පිලිතුර දැන් ලන්කාවෙන් ලැබිලා. අපි ඕන ප්‍රශ්නයක් අහන්න වගේම ප්‍රශ්න වලට පිලිතුරු දෙන වෙබ් සේවයක් ආරම්භ වෙලා. මේක මැජික් බලෙන් පිලිතුරු දෙන එකක් නෙමේ. සාමන්‍ය මිනිසුන් විසින්මමේ ප්‍රශ්න වලට පිලිතුරු දෙනවා. ඒ වගේම තමයි තමන්ටත් මේ ප්‍රශ්න වලට පිලිතුරු දීල අනික් අයට උදව් කරන්න පුලුවන්. ඒ කියනේ මෙතන වෙන්නෙ මේ සේවය සමග සම්බන්ද වෙන අයගේම ප්‍රශ්න වලට අනෙක් අයගෙන් පිලිතුරු ලබාගෙන දැනුම හුවමාරු කර ගැනීමක්. ලන්කාවෙ වැඩක් නිසා අපි එකතු වෙල මේක සමග සම්බන්ද වෙමු. අනික මේකෙ සින්හල unicode භාවිත කරලත් වැඩ කරන්න පුලුවන් . එහෙනම් ගිහින්register වෙන්න. http://www.pawana.info
Subscribe to:
Posts (Atom)
Recent Posts
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.