අප බටහිරයන්ට තමා හඳුනාගැනීම සඳහා ඊනියා අනෙකා අවශ්‍ය වන්නේ ඇයි ද යන්න සාකච්ජා කිරීමට පෙර මා හා මගේ මනස යන්න සලකා බැලිය යුතු ය. මගේ සරම හෝ මගේ සිරුර හෝ මා නො වන බව පැහැදිලි විය යුතු ය. පසුගිය ලිපියෙන් අප පෙන්වීමට අදහස් කෙළේ මගේ සිරුර ද මගේ සරම මෙන් ම අවශ්‍යතා සම්පූර්ණ වූ විට වෙනත් අයට ද යොදාගත හැකි බව ය. තමා ගේ සිරුර යනු තමා යෑයි සිතීමට බොහෝ දෙනා පෙලඹී ඇති නමුත් මරණයෙන් පසු තමා ගෙන් වෙන් වූ සිරුර වෙනත් අයකු රිංගා නො ගත්තේ නම් කුණු වී දිරාපත් වන බව පැහැදිලි ය.
එහෙත් තමා හා තමා ගේ මනස අතර ඇති වෙනස කුමක් ද? මා යනු කවුද? මා යනුවෙන් මා හඳුනාගෙන ඇත්තේ කුමක් ද? කවුද? තමා ගේ සිරුර යනු තමා නො වන්නා සේ තමා ගේ මනස යනු තමා නො වේ ද? තමා හා මනස යනුවෙන් වස්‌තු දෙකක් වේ ද? තමාට සිරුරෙන් ඈත් වී යන්නාක් මෙන් මනසින් ද ඈත් වී යා හැකි ද? මනස, නාමය, ආදී වශයෙන් කිනම් ආකාරයකින් හැඳින්වුව ද තමා යනු තම මනස බව පැහැදිලි ය.
මගේ මනස, මගේ නාමය ආදී වශයෙන් මගේ යන්න ද සමඟ හැඳින්වුව ද මා හා මගේ නාමය අතර වෙනසක් නැති බව පෙනී යයි. එබැවින් මෙහි දී මගේ යනුවෙන් යෙදීමේ දී යම්කිසි වරදක් සිදු වෙයි. එයට හේතුව මනස, නාමය ආදිය මට අයත් දේ නො ව මා ම වීම ය. මගේ සිරුර හා මගේ සරම යනුවෙන් සඳහන් කිරීමේ දී මට බාහිර ව මට අයත් සිරුරක් හා සරමක් ඇති බැවින් ගැටලුවක් පැන නො නඟී. එහෙත් මගේ මනස යනුවෙන් කී විට මට අයත් මනසක් මගෙන් බාහිර ව ඇතැයි යන හැඟීමක් යම් කිසිවකුට ඇති විය හැකි ය. එහෙත් මගෙන් බාහිරව ඇති මනසක් නොමැත.
එහෙත් ඇතැම් අවස්‌ථාවල භූතයන් ආදීන් ඇතැමුන් ගේ මනසට වැහෙන බව පෙනී යයි. එවැනි අවස්‌ථාවල මනස වැසී තාවකාලික ව වෙනත් සත්ත්වයකු විසින් යොදා ගැනෙන බවක් පෙනී යයි. මෙහි වැහෙනවා යන වචනයේ අර්ථය කුමක් වුවත් එක්‌තරා ආකාරයකින් අදාළ පුද්ගලයා ගේ මනස වැසී යැමක් සිදු වෙයි. ඇතැම් අවස්‌ථාවල අපි මට යකා වැනෙනවා ආදී වශයෙන් යොදා ගනිමු. එහි දී සිදු වන්නේ යකා වැහුණු තැනැත්තා යකකු මෙන් හැසිරීම ය. යකා වැහෙනවා යන්නෙන් යකකු මනසට ආරුඪ වීමක් ගැන නො කියෑවුණ ද ඉන් අදහස් වන්නේ යක්‍ෂ යනුවෙන් හැඳින්වෙන අමනුෂ්‍යයකු යම් පුද්ගලයකු ගේ මනසට ආරුඪ වුව හොත් ඒ පුද්ගලයා ක්‍රියා කරන ආකාරයට එහි දී ක්‍රියාකාරී වීමක් සිදු වන බව ය.
භූතයකු වැහෙනවා යන්න හා දෙවියකු ගෙන් යම් යම් දේ දැනගැනීම අතර වෙනසක් ඇති බව පෙනී යයි. භූතයන් වැහෙනවා හෙවත් භූතයන් ආරුඪ වෙනවා යන්නෙන් යම් භූතයකු පුද්ගලයකු ගේ මනස මෙන් ම සිරුර ද යොදා ගැනීමක් අදහස් කෙරෙයි. එහි දී ඉහළ මට්‌ටමේ දෙවියකු ගෙන් යම්කිසි ආකාරයක වරම් ගැනීමක් ද සිදු වෙයි. භූතයා යම් පුද්ගලයකුට ආරුඪ වීමත් සමZඟ ඒ පුද්ගලයා ගේ මනස මෙන් ම සිරුර ද එක්‌තරා අයුරකින් ගත් කල අක්‍රීය වෙයි. එනම් ඒ පුද්ගලයාට අවශ්‍ය ආකාරයකින් මනස තබා සිරුර වත් ක්‍රියා නො කරයි.
අදාළ පුද්ගලයා මිය ගොස් නැති නමුත් ඒ පුද්ගලයා ගේ සිරුර ද දිරාපත් වී හෝ කුණු වී හෝ නැති නමුත් ඒ සිරුර ක්‍රියාත්මක වන්නේ ඔහුට අවශ්‍ය ආකාරයට නො වේ. එපමණට ඒ පුද්ගලයා ගේ සිරුර අක්‍රීය වෙයි. එහෙත් ඉන් අදහස් වන්නේ සිරුරේ ක්‍රියාකාරීත්වය මුළුමනින් ම නැති වී ගොස් ය යන්න නො වේ. දැන් සිරුර ක්‍රියාත්මක වන්නේ ආරුඪ වූ භූතයාට අවශ්‍ය ආකාරයට ය. අදාළ පුද්ගලයාට සිරුර සම්බන්ධයෙන් තීරණ ගත හැකි නො වේ.
එහෙත් අදාළ පුද්ගලයා ගේ නාමය තවදුරටත් සිරුර තුළ කොටු වී ඇත. නාමය සිරුර හෙවත් රූපය හැර ගොස් නැත. පුද්ගලයා ගේ සිරුර ද නාමය ද කලින් මෙන් ම පැවතිය ද රූපය අත්හැර නාමය වෙනත් භවයකට නො ගිය ද නාමයට ක්‍රියාකාරිත්වයක් නැත. ඒ නාමය අක්‍රීය ව පවතින බැවින් දැන් සියලු කටයුතු කෙරෙන්නේ භූතයාට අවශ්‍ය පරිදි ය. එහෙත් අදාළ පුද්ගලයා නැත්නම් නාමය ද තවමත් සිරුර තුළ වෙයි. පසුගිය ලිපියෙහි මෙවැනි අවස්‌ථාවල දී එක්‌වර සත්ත්වයන් දෙදෙනකු සිරුරට අරක්‌ගෙන සිටින්නේ යෑයි කියා ඇත්තේ මේ තත්ත්වය පැහැදිලි කිරීමට ය. එහෙත් එහි දී අවධාරණය කළ යුත්තේ එක්‌වර සත්ත්වයන් දෙදෙනකු සිරුරට අරක් ගෙන සිටිය ද ක්‍රියාත්මක වන්නේ භූතයා බව ය. සිරුර අයත් පුද්ගලයා එහි දී අක්‍රීය තත්ත්වයකට පත් වෙයි. භූතයා කරන කියන දෙයට සිරුර අයත් පුද්ගලයා වගකිව යුතු නැත.
එහෙත් දෙවියන් සම්බන්ධ කරුණුවල දී තත්ත්වය වෙනස් වෙයි. මා අසා ඇති ආකාරයට ඉතා ප්‍රබල දෙවියන්ට මිනිසුන් සමඟ සංවාද කළ හැකි ය. එහෙත් ඒ ඕනෑ ම මිනිසකු සමඟ නො වේ. ඒ පුද්ගලයා ඒ සඳහා පාරමී ධර්ම පුරා තිබිය යුතු අතර බොහෝ විට පෙර භවයක යම්කිසි ඥතිත්වයක් ද අදාළ දෙවියන් සමඟ තිබිය යුතු ය. මෙවැනි අවස්‌ථාවල දී පුද්ගලයා අක්‍රීය නො වේ. පුද්ගලයා ඉතා ම සවිඥනික ව සිටින අතර දෙවියන් කියන දෙය සෙසු පුද්ගලයන්ට දැනුම් දෙන වාහකය බවට ද පත් වෙයි.
මෙහි දී දෙවියන් අදාළ පුද්ගලයා සමඟ යම් සංවාදයක යෙදෙයි. එහෙත් දෙවියන් සිටින්නේ අදාළ පුද්ගලයා ගේ සිරුරට බාහිර ව ය. දෙවියන් හා අදාළ පුද්ගලයා ප්‍රාණීන් දෙදෙනකු ලෙස කටයුතු කරති. දෙවියන් පුද්ගලයා ගේ සිරුරට ආරුඪ විමක් නැත. වෙනස් ප්‍රාණීන් දෙදෙනකු එකිනෙකා සමඟ කතා කරන ආකාරයට ම නො වුණත් ඔවුහු එකිනෙකා සමඟ සංවාදයක නිරත වෙතිs.
ඒ සංවාදය කටින් හා කණින් කෙරෙන්නක් නො වේ. ඒ කෙරෙන්නේ කෙසේ දැයි මම නො දනිමි. ඇතැම් විට එය මනස (නාමය) ඔස්‌සේ පමණක් සිදු කෙරෙන්නක් යෑයි විශ්වාස කළ හැකි ය. එහෙත් එවැනි අවස්‌ථා දෙකක් මගේ අත්දැකීම් අතර වෙයි. මෙහි වඩාත් ම අවධාරණය කළ යුත්තක් නම් වෙනත් පුද්ගලයන් නිරීක්‍ෂණය කරමින් සිටිය දී ද මේ සංවාදය සිදු වන බව ය.
අදාළ දෙවියන් හා අදාළ පුද්ගලයා දෙදෙනකු ලෙස සිටිය දී ඇතැම් විට අවශේෂ පුද්ගලයන් ද එකතු කර ගනිමින් මේ කතාබහ සිදු වෙයි. මෙහි දී දෙවියෝ ද සාකච්ජාවේ නිරත වී සිටින තවත් පුද්ගලයෙක් වෙති. ඒ දෙවියන් අදාළ පුද්ගලයා සමඟ සංවාදයෙහි නිරත වනවා පමණක් නො වේ. එහි සිටින අනෙක් පුද්ගලයන්ට ද දෙවියන් සමඟ අදහස් හුවමාරු කරගත හැකි ය. එහෙත් ඒ කළ හැකි වන්නේ දෙවියන් සමඟ සෘජුව සංවාදයෙහි යෙදී සිටින පුද්ගලයා ඔස්‌සේ ය.
අනෙක් පුද්ගලයන්ට ඒ අදාළ පුද්ගලයා මගින් දෙවියන් ගෙන් ප්‍රශ්න ඇසිය හැකි ය. ඇතැම් ප්‍රශ්නවලට දෙවියෝ පිළිතුරු දෙති. ඇතැම් ප්‍රශ්න සම්බන්ධයෙන් මුනිවත රකිති. සභාවෙහි සිටින අනෙක් පුද්ගලයන් දෙවියන් ගෙන් අසන ප්‍රශ්න දෙවියන් ගේ දිව කන්වලට ඇසෙනු නො අනුමාන ය. එහෙත් දෙවියන් දෙන පිළිතුරු හෝ දෙවියන් අසන ප්‍රශ්න හෝ සභාවෙහි සිටින අනෙක් පුද්ගලයන්ට නො ඇසෙයි. දෙවියන් කියන දේ ඇසෙන්නේ, නැත හොත් මනසට ගෝචර වන්නේ අර පාරමී ධර්ම පුරා දෙවියන් සමඟ සංවාදයෙහි යෙදී සිටින පුද්ගලයාට පමණ ය. ඒ තැනැත්තා අනෙක් අයට දෙවියන් ගේ ප්‍රශ්න හා පිළිතුරු සන්නිවේදනය කරයි.
මෙලෙස දෙවියන් සමඟ සංවාදයෙහි යෙදෙන පුද්ගලයන් බොහෝ දෙනකු මෙරට ඇති බව මගේ විශ්වාසයයි. එවැන්නන් ගැන යම් තොරතුරු වෙතොත් අපට ඒ දන්වන්නේ නම් කෘතඥ වෙමි. තමන් විද්‍යාඥයන් යෑයි සිතන්නන් හෝ බටහිර විද්‍යාඥයන් ගේ අනුගාමිකයන්, ඊනියා යථාර්ථවාදීන්, වාස්‌තවිකවාදීන් යෑයි සිතන්නන් හෝ ඉහත සඳහන් කරුණු නො පිළිගනු ඇත. එහෙත් ඔවුහු තමන් ගේ බටහිර ස්‌වාමිවරුන්ට අදහස් එන්නේ කෙසේ දැයි නො දනිති. තර්කානුකූලව, එනම් ඇරිස්‌ටෝටලීය න්‍යායට එකඟ ව තර්ක කිරීමෙන් නව අදහස් නො ලැබෙන බව ඔවුහු නො දනිති. නව අදහස් ලැබෙන්නේ තර්කයෙන් නො ව තර්කයට පිටින් යැමෙනි.
මේ සම්බන්ධයෙන් හොඳ ම උදාහරණය රසායන විද්‍යාවේ ප්‍රධාන නමක් ලෙස කියෑවෙන කෙක්‍යqලේ ය. ඔහු බෙන්සීන් වලය පිළිබඳ අදහස දැක ඇත්තේ සිහිනයෙනි. එතෙක් රසායන විද්‍යාවේ අණු සංකේතාත්මක ව ලියෑවුණේ රේ‚ය ව ය. එහෙත් බෙන්සීන් අණුව එසේ රේ‚යව ලිවිය නො හැකි විය. දැන් ඒ කරුණු පිළිබඳව කෙතෙක් තර්කානුකූලව සිතුවත් බෙන්සීන් අණුව රේ‚ය ලිවිය නො හැකි ය. කෙක්‍යqලේ මේ සම්බන්ධයෙන් කෙතෙක් කල්පනා කළ ද ඉන් කිසි ම ප්‍රතිඵලයක් අත් නොවී ය. දිනක් ඔහු තමා තමාව ම ගිලින සර්පයකු සිsහිනෙන් දුටුවේ ය. තමා තමා ව ම ගිලින සර්පයකු පෙනෙන්නේ වලයක ආකාරයකට ය. බෙන්සීන් වලය පිළිබඳ අදහස උපත ලද්දේ ඒ අයුරිනි.
කෙක්‍යqලේ දෙවියන් සමඟ සංවාදයක යෙදී බෙන්සීන් වලය පිළිබඳ අදහස ලබාගත්තේ යෑයි මෙයින් නො කියෑවෙයි. එහෙත් සිහින යනු ඇරිස්‌ටෝටලීය න්‍යායට සහ පංෙච්න්ද්‍රිය ගෝචර ලෝකයට ගැලපෙන පරිදි පෙනෙන දෑ නො වේ. අපට පොල්ගස්‌වලට උඩින් පැන යා හැකි බළලුන් සිහිනවල දී දැකගත හැකි ය. එවැනි සිහින ඔස්‌සේ ද අපට නව අදහස් ලැබෙයි.
අපට දෙවියන් සමඟ කරන සංවාදවල දී ද නව අදහස් සෘජුව හෝ වක්‍ර ව හෝ ලබාගත හැකි ය. දෙවියෝ ඇරිස්‌ටෝටලීය න්‍යායට සීමා නො වෙති. එමෙන් ම ඔවුන් ගේ ලෝකයේ අත්දැකීම් පංෙච්න්ද්‍රිය ගෝචර ලෝකය මත පදනම් වී නැත. මේ ලෝකය පංෙච්න්ද්‍රිය ගෝචර විය යුතු යෑයි සිතන්නෝ ක්‌වොන්ටම් භෞතිකය පිළිබඳ හාන්කවිසියක් වත් නො දනිති. බටහිර විද්‍යාඥයන් නම් තවමත් සිතන්නේ ලෝකය යනු පංෙච්න්ද්‍රිය ගෝචර ලෝකයක් බව ය. ඔවුන්ට පංෙච්න්ද්‍රිය ගෝචර නො වන ක්‌වොන්ටම් භෞතිකය නො තේරෙන්නේ එබැවිනි. ඉතා පැහැදිලි ව ම බටහිර විද්‍යාවේ ලෝකය කඩා වැටෙමින් පවතියි. එයට විකල්ප දැනුම් පද්ධතියක් ගොඩනැඟීමේ කාර්යභාරය වෙයි. එහි දී පංෙච්න්ද්‍රිය ගෝචර සංකල්පවලට සීමා නො වන දෙවියන් ගෙන් ඉගෙන ගැනීමට හැකි නම් ඒ කළ යුතු ය.
-----මහාචාර්ය නලින් ද සිල්වා--------

0 න කුට මේ ලිපිය ගැන හිතුනු අදහස්.ඔයාට හිතෙන අදහස +.:
Post a Comment
මගේ හයිය ඔය වචන කිහිපය.