Friday, April 15, 2011

අද දවස මෙයාගේ

























මේ කවුද?


"The endearing figure of his Little Tramp was instantly recognizable around the globe and brought laughter to millions. Still is. Still does"
 


Read More

Wednesday, April 13, 2011

ඔයාගේ වෙලාව කොහොමද?



ඕන් ඔක්කොම දැන් වෙලාව හදා ගන්න
"ශ්‍රී ලංකාව පුරා කාලය පිළිබඳ ඒකමිතියක් පවත්වාගෙන යාම අපගේ අරමුණයි."එහෙමයි මෙක ලියවිලා තියෙන්නේ
http://sltime.org/
Read More

දයාබර මී පැටියා වෙතටයි

            
                       පලවෙනි වාර විභාගය ආවාම  පන්තියේ ඔක්කොම පන දාගෙන පාඩම් කරනවා.මම නම් ඉතින් පොත පැත්තවත් බලන් නෑනේ ඔය ගිරවා සබ්ජෙක්ට් 1ක් තියෙන්නේ මොක්ක් ද මේ බයෝ හෙට විභාගේ කියලත් මම් පඩම් කරලා නෑ කියලා දැන ගත්ත බයෝ ටිචර්."මහෙෂ් මෙහෙට එන්න දන් ටෙස්ට් 1කට ලැස්තිද අහුවා.මම නෑ මැඩම් කියලා උත්තර දුන්නා.අනේ දරුවෝ අදවත් ගිහින් පඩම් කරන්න කියාලා ටීචර් මට කිව්වා .මම කීවා මැඩම් මට නෝට් 1ක් නෑ කියලා.අනේ දරුවෝ කියලා මැඩම් මට උපදෙස් ටිකක් දිලා.පරන නෝට් 1ක් හොයලා දුන්නා ඒ පොතේ ලස්සන කවරයක් එහෙම දාලා තිබ්බා ඒකේ කවරේ පිටිපස්සේ ලියලා තිබුනු කවි පේලි ටිකක් තමා මම මේ පහල දලා තියෙන්නේ .මටනම් අමුතු  ගතියක් තියනවා

සාමාන්‍ය පෙල සමත්ව මා ආවා උසස්                                       පෙළට
බයෝ සයන්ස් කරන්නැයි බල කරනවා සැම                            දෙනාම
අනේ එත් එක හිත්කින් ඒක කරන්නේ කොහොමද                   මම
මී පැටවුන් ගෙබි පටවුන් කපන්න බෑ දෙවියනි                           මට

ගේ හැමතැන දුව පනිමින් සෙල්ලම් කල මී                                පැටවා
හෙට දින මාගේ සුරතින් මරණය වෙත                                      යනවා
අනේ ඒත් මී පැටවා ඔබ ගැන දුක ඇති                                     වනවා
අනාගතේ ගැන සිතනවා මිස මා වෙන කරනුද                           මොනවා

ආනාගතේ ගැන සිතලා ඉටි තැටියේ                                         සැතපුවාට
අනේ පුංචි මී පැටවා ටරහා වෙන්න එපා                                   එයට
නුබ හින්දා බොහෝ කරුනු දන ගන්නවා සැම                         දෙනාම
ඒ පින ඇති  මතු බවයේ මී පැටවකු නොවී                                ඉන්න

පුංචි ඔබේ පන ටික සිසු අප හට පුද                                          කරවා
දහස් ගනන් රොගීන් අය මරු තුරුලින්                                      මුදවනවා
දොස්තර වන හැම දෙනාම ඔබ හට ණය ගැති                           වෙනවා
තිරිසන් බවයෙන් මිදිලා මතු නිවනට                                        ලංවෙනවා

කැමතිනම් දැන් මොනවා හරි මෙතන කොටලා යන්න .ඔයාලගේ අදහස්  වටිනවා.

Read More

Tuesday, April 12, 2011

eBay

 eBay ගැන දන්  නැති ඕනි කෙනකුට මුල ඉදලාම ඉගන ගන්න පුලුවන් නියම ලිපි සෙට් 1ක් හම්බ උනා ඒවා ධනික අයියාගේ ඔයාලත් කියවලා බලන්න.දැන් මටත් eBay ගැන බය නෑ
ධනික -- http://dhanikauom.blogspot.com/2010/02/ebay-paypal-ebay-1.html
eBay-http://www.ebay.com/
Read More

Windows 7 Life time Active කරගන්න crack එක



            මේ  Windows 7 Life time Active Crack එක .ඔයාලට මේ Crack එක ගොඩක් වටියි කියාලා මම හිතෙනවා..ඉතින් ඔයාලාට Windows 7 Life time Active කරන විදිය දැන ගන්න පහල තියෙන විඩියෝ පටය උපකාරි කරගන්න.


.Windows 7 Life time Active කරගන්න crack එක මෙතනින් බාගන්න





Read More


  50 වැනි සැමරුම අභ්‍යවකාශයට ගිය ප්‍රථම මිනිසා
වසර 50කට පෙර අදවන් දිනක එනම් 1961 අප්‍රේල් 12 වන දින ප්‍රථම වරට මිනිසකු අභ්‍යවකාශගතවිය. ඔහු රුසියානු ජාතික යූරි ගගාරින් ය. රුසියාවේ බයිකනෝර්හි කොස්මොඩ්‍රෝම් වෙතින්, මොස්කව් වේලාවෙන් පෙ.ව. 9.07ට පිටත් වූ ගගාරින් රැගත් වොස්ටොක් 1 යානය පෘථිවිය වටා කක්ෂගතවී පැය දෙකකට ආසන්න කාලයක් යූරිට අභ්‍යවකාශයේ රැඳී සිටීමට හැකි විය. 
50වන සැමරුම වෙනුවෙන් ලොව පුරා විවිධ උත්සව සංවිධානය වී ඇති අතර මේ අතර සමරු මුද්දර කාසි සහ වාර්තා වැඩසටහන්ද වේ. මේ වෙනුවෙන් විශේෂ වෙබ් අඩවියක් මේ වන විට ක්‍රියාත්මක වන අතර එයට http://www.firstorbit.org/ඔස්සේ පිවිසිය හැකි ය.

අභ්‍යවකාශගතවන විට 27වැනි වියේ පසුවූ යූරි 1968 මාර්තු 27වන දින ගුවන් අනතුරකින් මිය ගියේ ය.


ඡායාරූප : ඉහල - ගමනට සූදානම් යූරි සහ පහල - වොස්ටොක් 1 යානය රැගත් රොකට්ටුව ගමනට සූදානම් වෙමින්.


http://www.google.lk/#q=Yuri+Gagarin&ct=firstmaninspace11-hp&oi=ddle&fp=810ef31eadac8cf9
Read More

Monday, April 11, 2011


මෙන්න මම ඔයාලට අරගෙන අවා අලුත්ම Google Chrome 10.0.648.6 beta සංස්කරනය..ගුගල් එකෙන් කලින් හදපු Google Chrome Browser වලට වඩා මෙකේ වෙනස්කම් කිහිපයක්ම කරලා තියෙනවා..ඔයාලත් මෙක බාගන බලන කොට පෙනෙවි.ඇත්තටම කලින් තිබ්බ Google Chrome Browser එකට වඩා වැඩි වේගයකින් අන්තර්ජාල්යේ මෙකන් සැරිසරන්න පුලුවන්..එ වගෙම Application Save කරගැනිමේ පහසුවද මෙමගින් සපයනවා..ඉතින් ඔයාලත් ආසනම් Google Chrome 10.0.648.6 Browser එකට..පහල ලින්ක් එකෙන් බාගන්න පුලුවන්...

Google Chrome 10.0.648.6 මෙතනින් බාගන්න



Read More

Monday, April 4, 2011

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පවිච්චි කරන්නන් හට අලුත් තෑග්ගක් පසුගිය මර්තු 14 වැනි දින ලැබිනි.එය නවතම ඉන්ටනෙට් වෙබ් බ්‍රවුසරයයි.එය(IE9)කියා හදුන් වනු ලබයි.වින්ඩෝස් 7 හා වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිවල වැඩකරන අයට මේ බ්‍රවුසරය දැන් නොමිලෙ ඩවුන්ලොඩ් කර ගන්නට පුලුවන.ඒ www.beautyoftheweb.com වෙබ් අඩවියෙනි. මයික්‍රොසොෆ්ට් සමාගම ඒය හදුන්වා දෙන්නේ Welcome to a more beautiful web යැයි කියමිනි.එය නැව පන්නයේ ඉන්ටෙර් ෆේස් එකකින් හා තවත් සිත් ගන්නා සුලු ලක්ශන බොහොමයකින් යුක්තය. එනම්=ඇඩ්ඩ්‍රස්බාර් සර්චිං , වෙබ් අඩවි රදවා ගැනිම, ආරක්ෂාව සහතික කිරිම,නොටි‍ෆිකේෂන් බාර් යන ආදියනුයි.
Downlode


වින්ඩෝස් XP සදා සැකසු වෙබ් බ්‍රව්සරයවන්නේ IE6ය.2011 අගෝස්තු 26 වෙනිදා නිකුත් කරනු ලැබු එය අදත් 12% දෙනා පාවිච්චි කරති.එය අත්හැර වින්ඩෝස් 7 හා vista සදහා IE9 භවිතයට මහජනයා පොලබවන මෙම වෙබ් බ්‍රව්සරය මයික්‍රොසොෆ්ට් සමාගම් විසින් පවත්වගෙන යනුන් ලබයි.

ඒ වෙබ් අඩවියට
Read More

වටිනා මිනිස් ජීවිත විනාශකර දමන මිණීමරු යාඥාව යළිත් වෙනත් ස්වරෑපයන් ඔස්සේ කරලියට පැමිණ ඇත්තේ වෙනදා ට වඩා ප්‍රබල වූ ස්වරෑපයකිනි. එම ප්‍රබලත්වය අන් කිසිවක් නොව, රාජ්‍ය ‍‍රැකවරනය ඊට රිසිසේ ලැබීමයි. මෙහි ආසන්නතම අවස්ථාව මාර්තු මස 11, 12, 13 යන දිනයන් හීදී ගාලුමුවදොර පිටියේදී අප දුටුවෙමු. එම භූමිය අධි ආරක්ෂිත කළාපයකි. එවන් අධි ආරක්ෂිත කළාපයක් මිණීමරැ යාඥාව සදහා වෙන් වුයේ කාගේ අනුදැනුමක් පිටද? සිංහල බෞද්ධයාගේ ජන්ද පදනමෙන් බලයට රිංගාගත්තවුන් සිංහල බෞද්ධයාගේම මළගම වෙනුවෙන් මෙවන් කටයුතු සිදු කිරීම සැබැවින්ම අතිශය නින්දා සහගතය. එපමණක් නොව ලොකු ලොක්කන්ගේ අණට කීකරැ විය යුතු ත්රිවිධ හමුදාවේ අසරණ සිංහල බෞද්ධ තරැණ තරැණියන්ටම එවන් වූ පාදඩයන් උදෙසා රැකවරණය සැළසීමට සිදුවීම කෙතරම් බේදනීය වූවක්ද? රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුදැනුමෙන් එම යාඥා මාලාව පැවැත්වූ බවට තහවුරැ කරගත හැකි සාධක රැසකි. මහජන සාමය හා නීතිය ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් බැදී සිටින පොලීසියට (කොටුව) මේ පිළිබදව අප නිරන්තරෙයන් කරැණු පැහැදිලි කරමින් පවසා සිටියේ මෙම මූලධර්මවාදී යාඥා මෙහෙයන් නවත්වන ලෙසත් ඒවායේ ඇති අවදානම් තත්වයන් පිළිබදවත් ය. එපමණකින් නොනැවතුන අප අදාල ඉහළ පොලිස් නිලධාරීන් ද අවස්ථා කිහිපයකදීම දැනුවත් කළෙමු. අපගේ (සිංහල රාවය සංවිධානයේ) දැඩි බළපෑම් නිසාම ඔවුන්ට තව දුරටත් සත්‍යය වසන් කල නොහැකි වීමෙන් පවසා සිටියේ ඉහලින් එන නියෝග වලට පිටුපා තමන්ට කිසිවක් කිරීමට නොහැකි බවයි.
මෙම මිණීමරු යාඥාවට අධි ආරක්ෂිත භූමිය ලබා දීමෙන් කොළඹ වරායට දිනකට රැ. 76,000ක මුදලක් ලැබෙන බව වරායට සම්බන්ධ ආරක්ෂක නිළධාරීන් පැවසූ අතර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හා වරාය අධිකාරිය මේ සදහා අවශ්‍ය අනුබලය නියමින් හෝ අනියමින් ලබා දුන් බවට ඉතා හොදින් පැහැදිළි වන්නේ අපගේ දැඩි බළපෑම් මධ්‍යයේ කොටුව පොලීසිය විසින් අවලංගු කල ශබ්ද විකාශණ බලපත්රය හා වේදිකාව ඉදිකිරීම අත්හිටුවමින් නිකුත් කල නියෝගයන් සුළු වේලාවකට පමණක් සීමා වීමෙනි. මෙම මිණීමරැ යාඥාවන් සදහා සාමාන්‍ය ජන සමාජයේ පවතින දැඩි විරෝධතාවයන් නිසාම අධි අාරක්ෂිත කලාපයක් තෝරා ගැනීමට තරම් ඔවුන් උපායශීලී වී ඇත.

.....................................................................................

බළපෑම් කණ්ඩායම් රැසක් විසින්ම පොලිස්පති තුමා ඇතුළු නිළධාරීන් දැනුවත් කලද ඒ සියල්ල දූවිල්ලක් තරම් වත් ගණන් නොගැනීමට තරම් මේ රටේ මූලධර්මවාදීන් රාජ්‍ය අනුග්රහය ඇතිව ශක්තිමත් වී තිබීම අතිශය කණගාටුදායක තත්වයක් හා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුත්තති.

* Dananjaya Kasun ගේ මුණු පොතේ සටහන් අතර තිබී මට හමුවිය.
Read More

පසුගිය මාර්තු 11 වැනිදා ජපානයේ සිදුවූ රික්ටර් පරිමාණයේ 8.9 ක ප‍්‍රබලතාවයෙන් යුත් භූ කම්පනයෙන් පෘථිවියේ අක්ෂය 0.2කින් වෙනස් වී ඇති අතර, දිනක කාලය ද අඩු වී තිබෙනවා.
1900 වසරෙන් පසු ඇති වූ 5 වන ප‍්‍රබලතම භූ කම්පනය පොළවේ භ‍්‍රමණය වේගවත් වී මෙලෙස දිනක් සඳහා ගතවන කාලය අඩුවී ඇත්තේ මයික්‍රෝ තත්පර 1.8කින්. මේ නිසා මෙම කාල වෙනස එතරම් සැලකියයුතු නොවන බවත්, ඇමරිකානු නාසා විද්‍යාඥයන් පෙන්වා දෙනවා.
භූ කම්පනය නිසා පෘථිවියේ අක්ෂය වෙනස් වී ඇත්තේ සෙන්ටිමීටර් 17කින්. කෙසේ නමුත්, පෘථිවිය සමබර වී ඇති අක්ෂයේ මෙම වෙනස්වීම අභ්‍යාවකාශය තුළ එහි චලනයට බලපෑමක් ඇති කරන්නේ නැහැ.
එවැනි වෙනසක් සිදුකළ හැක්කේ, සුර්යයා, චන්ද්‍රයා සහ අනෙකුත් ග‍්‍රහ තාරකාවලින් යොමුවන ගුරුත්වාකර්ෂණ බලපෑම්වලින් පමණක් බවයි නාසා ආයතනය පෙන්වා දෙන්නේ.
චිලී දේශයේ ඇති වූ රික්ටර් පරිමාණයේ 8.8 ක භූ කම්පනයෙන්ද පෘථිවි අක්ෂය සෙන්ටි මීටර් 8 කින් වෙනස් වූ අතර, දිනක කාලය මයික්‍රෝ තත්පර 1.26 කින් අඩු වුණා.
2004 වසරේ ඇති වූ රික්ටර් පරිමාණයේ 9.1 ක සුමාත‍්‍රා භූ කම්පනයෙන් පෘථිවි අක්ෂය සෙන්ටිමීටර් 7 කින් ඇල වී දිනක කාලය මයික්‍රෝ තත්පර 6.8 කින් අඩු වූ බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
පෘථිවි චලනයේ මෙම වෙනස්කම් සැබැවින්ම ස්වභාවික වන අතර, එය අඛණ්ඩව සිදුවන කි‍්‍රයාදාමයක් බැවින් අපගේ එදිනෙදා ජීවිතයට බලපෑමක් ඇති නොකරන බව නාසා ආයතනය අවධාරණය කලා.
Read More

Sunday, March 27, 2011

අම්මේ.....


ප්‍රභන්ධයක් උවත් කතාවෙහි ඇති ප්‍රභලත්වය හා සංවේදීත්වය නිසා යලි යතුරැ කර මාගේ සටහන් අතරටත් එක්කර ගැනිමට සිතුවෙමි.

මට මතක ඇති දා පටන් මගේ අම්මාට තිබුනේ එක ඇසක් පමණි. මෙය මට මහත් වදයක් විය. ඇය ජීවිකාව සදහා කලේ වෙළදාමයග ඒ කුඩා පෙට්ටි කඩයකි. එහි ලොතරැයි මෙන්ම කුඩා කෑමජාති ඇය විකුනුවාය. ඇය වචනයේ පරිමමාප්ත අර්ථයෙන්ම මහා වදයකි. මම ඉල්ලනදේ දීමට ඇය සතුව මුදල් නොතිබීමද එක හේතුවකි.
එදින මා ජීවිතයේ වැඩියෙන්ම කේන්ති ගත් දිනයකි. ඒ මගේ අම්මා මාගේ පාසැලට පැමිණි දිනයයි. ඒ මම පරක්කු කිමදැයි දැනගැනීමටය. මගේ අම්මා මට තවත් එපාවිය. යහලුවන් සියල්ල මට ඔච්චම් කරන්න පටන්ගත්තේය. “ යකෝ උඹේ අම්මට තියෙන්නේ එක ඇහැක්නේ“ හා හා උඹේ අම්ම් කොහොමද එක ඇහඅකින් වැඩකරන්නේ? මට මගේ යහලුවන් මරාගෙන මැරෙන්න තරම් තරහක් ඇතිවිය. මට ඊටත් වඩා තරහ මගේ අම්ම සමගය. “මේ ගෑණි මොකටද ඉස්කෝලෙට රිංගුවේ“
මා එදින ගෙදර ගියේ අධික කේන්තියෙනි. “අම්මෙ මොකක්ද අම්මගේ අනිත් ඇහැට වුනේ? අම්මට ඕනෙ මගේ ඉස්කෝලෙට ඇවිල්ල මගේ යහලුවන් ලවා මට විහිලු කරවන්නද? ඇත්තටම ඇයි අම්ම මැරිල යන්නේ නැත්තේ?“ මම දිගින් දිගටම කියාගෙන ගියෙමි.විටෙක මට දුකද ඇතිවිය. එහෙත් මට සතුටුවීමටද කාරනාවක් විය. ඒ මට අවශ්‍ය දේ කීමට හැකිවූ නිසාය.
එදා රෑ මම කුස්සියට ගියේ වතුර ටිකක් බීමටය. වේලාව රෑ 12 පසු වී තිබුනි. කුස්සියේ එක කොනක වාඩිවී අම්මා හඩමින් සිටිනු මා දුටුවෙමි. මුලින් මගේ හදවතට දුකක් ආ නමුත් ඇයගේ තනි ඇස දුටුවිට එම දුක කෝපයක් බවට පත්විය. “මේ ගෑණිට අඩන්න වත් ඇස් දෙකක් නෑනේ “ මට සිතුනි. “ඒ මදිවට මේ ගෑනි ඇහැට වුණුදේ නොකිය ඉන්නහැටි“

කාලය කෙමෙන් ගෙවී ගියේය. මම ඉතා හොදින් ඉගෙන ගත්තෙමි. ඉහලින්ම උසස් පෙළ සමත් වූ අතර විශ්ව විද්‍යාලයටද තේරුනෙමි. ඒ සදහා සියලු වියදමි දැරුවේ ඇය විසිනි. එහෙත් තවමත් ඇයගේ තනිඇහැ දකින විට මට එන්නේ මහත් තරහකි. “මේ මනුස්සයා මට ලැජජාකරන හැටි“
විශ්ව විද්‍යාලයෙන් පිටවූ විගසම මට හොද රැකියාවක් ලැබුණු අතර අම්මා සමග තිබූ සියලු සබදතා අත්හැරියෙමි. එය මට මහත් අස්වැසිල්ලක්විය. මා විවාහ වූයේ ඉතා පොහොසත් කාන්තාවක් සමගය. ඒ අතර මාගේ රැකියාවෙන් ද බොහෝ උසස් වීම් ලැබුණි.
මාගේ ජීවිතය ඉතාමත් සත=ටින් ගෙවීගිය අතර අපට දියණියක් ලැබුණි. අප ඉතා සතුටින් කාලය ගතකලෙමු. නමුත් දිනක් තනි ඇහැක් සහිත මගේ අම්මා මගේ ගෙදර ඉදිරිපිට විය. මට මගේ ලෝකයම කඩාවැටුනාසේ දැනුනි. මගේ කුඩා දියණිය බියවී ගේ ඇතුලට දිවගියේ අම්මාගේ තනි ඇහැක් සහිත මුහුණ දැකීමෙනි. මම ඇය මුනගැැසීමට ගියෙමි. ‘ ඔහේ කවුද? මොනවද ඔහේට ඕනි? කරැණාකරලා අපිට පවිනොදී යනවද පොඩි ළමයි බයනොකර“ මම නොනවත්වාම කෑගැසුවෙමි. “ අනේ සමාවෙන්න මම වැරදි ගෙදරකට ඇවිත් තියෙන්නනේ “ මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ එවේලේය. ඇය මාව හදුනාගෙන නැතැයි මට සිතුනි.
වසරකට පමණ පසු මගේ පාසලේ උපහාර පිදීමේ උත්සවයකට මට ආරාධනා ලැබුණි. මගේ පාසැල් මිත්‍රයන්ට මගේ ජයග්‍රහන පෙන්වන්නට මෙන් මම ආරාධනාව බාර ගත්තෙමි. උපහාර පිදීමේ උත්සවය අහවර වන විට අදුර වැටී තිබුනි. කොක්ටත් කියා මම මගේ අම්මගේ ගෙදර යාමට තීරණය කළෙමි. සමහර විට මා මෙහි පැමිණිවග ඇය දන්නවාද විය හැකිය. මා වත්තට ඇතුලු වූ නමුත් කිසිවෙක් පෙනේනට සිටියේ නැත. මම කෙලින්ම වසර 18 ජීවත් වූ නිවහනට ඇතුල් උනෙමි.
අහෝ...... මගේ අම්මා එහි සිටියත් ජීවතුන් අතර නොවීය.මා මෙහි එන බව දැන හෝ නොදැනම ඇය පරලොවගොස් සිටියාය. එහෙත් මට එය එතරම් දුක ගෙනදෙන කාරනයක් නොවීය. ඇයගේ අතේ ගුලිකරගත් කඩදාසියකි, එය මට ලියූ ලිපියකි.

මගේ රත්තරන් පුතේ,

මම ජීවත් වුනා දැන් හොදටම ඇති. උබට උපහාර පුදන උත්සවේට මට එන්න ඹ්න වුනත් උඹලට ලැජ්ජාකරන්න බැරි නිසා මම ආවේ නෑ. මම එක ඇහැක් තියාගෙන උඹට ඕන තරම් ලැජ්ජා කරලා තියෙනවානේ. ඒත් මම කවදාකවත් උඹට නොකියපු මගේ ඇහැට උනදේ උඹට කියන්නම්. උඹ පොඩි කාලේ දවසක උඹ ලොකු අනනතුරකට මුහුණ දුන්නා. ඒ අනතුරින් උඹේ එක ඇහැක් සම්පූර්ණයේ විනාශ වුනා. අම්මා කෙනෙක් විදිහට එක ඇහැක් ඇතිව උඹ ලොකුවෙනවා දකින්න මම කැමති උනේ නෑ මයෙ පුතේ. ඒ හින්දා මගේ එක ඇහැක් උඹට දුන්නා. මගේ මේ තනි ඇහෙන් ඊට පස්සේ මම උඹව ඇහැක් වගේ රැක්කා. උඹ අද ලොකු මිනිහෙක් වෙච්චඑක දැක්කම මට තියෙන්නේ පුදූම සතුටක් මයෙ පුතේ. මයේ පුතාට බුදුසරණයි!

මීට උඹේ අම්මා.

(මා ගේ මූණු පොතට මෙය යොමුකල පලිත අයියාට මාගේ ස්තුතිය)
Read More

Thursday, March 24, 2011



නුවර වැව නත්නම් බෝගම්බර වැව ඓතිහාසික මහනුවරට ආඩම්බරයකි මුලු නුවරම නිවා සනසන්නීය සංචාරක සිත් දිනා ගන්නේය.ඒ උනාට ඉතින් මේ ඒ ගැන නෙවෙයි කියන්න යන්නේ ,ඔය වැව වටේ තියන ගස් හරි ලස්සනයි ඒ උනාට මේ ඒ ගැන නෙවේ කියන්න යන්නේ..
මම නගරයට යන්නනම් ධර්මරාජ එක පැත්තේ ඉදන් වැව වටේ කිලෝමීටරයක් යන්න ඔනී.දවසක් මම ඔය වටේ යන්නේ නැතිව දළදා මාලිගාව ඉස්සරහහින් පයින්ම ගියා එහෙම ගියාම පොඩි වෙලා වකින් රැජින හොටලේ ගාවට යා ගන්න පුලුවන්.වෙනදා නම් ඉතින් ඔවගේ යනවා නෙවේ දුවනවානේ.මොකක් ද දන්නවාද දැක්කේ........... මුලු ගස් ටික ඔක්කොම සුදුම සුදු පාටයි.එත් කමක් නෑ ඒපත්තේ ඉන්න බෑ ගද.මෙතන විතරක් නෙවේ බලපුවාම මුලු වැව වටේම ඉවරයි.මම පොඩ්ඩක් නැවතිලා බලුවේ මුන්ට කවුරු හරි බනිනවාද කියලා මොන පිස්සුද ඔක්කොම සද්ද නැතුව යනවා.සමහර විට ඒ දළදා හාමුදුරුවෝ ඉස්සරහානේ තව හේතුවක් තියනවා මේ අයගෙන් ගොඩාක් අය යනවා නෙවේ දුවනවානේ...
මම අහලා තියානවා කතාවක් සිංගපුරුවේ ඒ මිනිස්සු හදපු ලස්සන පාරවල් වල කැත කරා කියලා ඒ රටේ කපුටන්ට වෙඩි තිබ්බලු.අනේ ඉතින් මේ බුදුන්ගේ දේශේ ඉදලාමටත් මෙකම හිතුනානේ මෙචර ලස්සන මේ පරිසරය කන මුන් ටික වෙඩි තියාලා හරි මරා දාන්න.
Read More

Sunday, March 13, 2011

තූ නොදකින්...............


මේ ලොකයේ උතුම් රටට මොනවාදෝ වෙනසක් සිද්ද වෙනවා කියලයි මගේ හිත කියන්නේ..ඒ වුනාට මෙ ඔක්කොම කට්ටිය කිසි කලබලයක් නොකර ඉන්නෙ මොකද මට තෙරෙන විදියට ශ්‍රි ලංකාවේ ඔක්කොම දැන් හරියට ඇග මස් නහර තියන හදවතක් නැති කට්ටියක් වෙලා.පාලකයන්ගේ වැ‍රැද්දක් නොදකින කට්ටෛයක් වෙලා මොකද දැන් පලකයෝ යන අතට හොයියාය පොල් ගෙඩියේ මිල අඩු කරන්නට බැරිය කිසි ප්‍රශ්ණයක් නැත ෆොන් එකේ ටීවි එකේ මිල අඩුය.පාසල් ළමුන් ගේ විෂය නිර්දේෂ වෙනස් කරමින් පසල් පද්ධතියේ හිතු හිතු හැටියට වෙනස් කම් කරමින් බලදාරින් පිස්සු නටයි බුද්ධිමත් පසල් ළමුන්ටද එය කිසුදු ප්‍රශ්නයක් නොවේ මන්ද ඔවුන්ට ද ඇම දමා තිබේ ටිවි වල කා‍ටුන් පටන් ගන්නේ හවස 4.00ටය.ක‍ටුන් ඉවර වු පසු ටෙලිනාටක ටික පටන් ගනී එව ඉවර වන්නේ රෑ ඩෙගොඩ යාමේදිය. මේ ඇම නොකා බේරෙන්නේ අත ලොස්සකි ඔවුන් කැම්පස් 1කට පැන ගනි නමුත් ඔවුනට ද මේවාගේ අඩුපඩු කිව නොහකිය ඒවට හඩ නගන්නට ගියහොත් සිදු වන්නේ ජීවිතයෙන් වන්දි ගෙවන්නටය.මා කියන්නට ගත් කතවට බහිනම්,
අතිපූජනීය නගරය කුනු ගොඩක් බවට පත් වෙමින් පවතින අවස්ථාවේ එහි පුජනීයත්වය වැඩි කරමින් වෙන වැඩක් නැති තෙල් හරක් ට්කක් න‍ටු නඩගමක් මේ ඉයේ පෙරේදා මහනුවර නගරයේ තිබුනි.පොල් සම්බොලයක් සමග බත් ටිකක් කන්නට සමහරුන්ට වත් කමක් නැත නමුත් කොහෙටවත් නැති දනපතියන්ගේ ක්‍රිඩාවකින් මහනුවර නගරය විනාෂ කර තිබුනි.මේ දළඳා මැදුර ඉදිරිපස පවත්වන ලද කාර් රේස් එක ගැනය. කාර් රේස් එකක් පැවැත්වීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු ස්ථාන ලංකාවේ බොහෝ ඇත.මහනුවර නගරයේම මෙම රේස් එක පවත් වන්නට ඔනි නම් ඒ වෙනුවට වෙන ඔනි තරන් මර්ග නුවර නගරයේ තිබේ .නමුත් පූජනීයභූමියක් වන අප සිංහල බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන දළදා වීදිය මේ ආකරයට යොදා ගැනීම ගැනීම දු‍ටුවන් ගේ පිලිකුලට සිත් භාජනය වන වැඩකි.
බොහෝම අමරුවෙන් පිලිවලකට තබාගෙන සිටින මෙම විදිය වැලි ගොනි දමා විනාශ කර තිබුනි.මා දන්නා හැටියට රේස් එක පවත්නා ‍රැයේ නුවර නගරයේ පැය ගනනාවක වහන බ්ලොක් 1ක් තිබි ඇත.මේ සදහා ඉතා විශාල ආරක්ෂක බටයන් ප්‍රමානයක් ද යොදා ගෙන ආරංචියේ හැටියට එයට හේතුව නිල නොලත් ආකරයටමේ රේස් එක සංවිධානය කර තිබුණේ " නාමල් කුමාරයා " බවත් ඔහුත් රේස් එකට සහභාගී වූ බවත්ය. ඒ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මෙම රේස් එක එසේ මෙසේ කෙනෙකුට සංවිධානය කල නොහැකි බවනම් පැහැදිලිය. එකක් මෙය පූජා භූමියකි. අනෙක් පුදුමය වන්නේ දියවඩන නිලමේ කෙසේ වෙතත් මල්වතු අස්ගිරි නායක හිමිවරැන් නිහඬය......
" දළදා සුපර් ක්‍රොස් " ත් මෙසේ සංවිධානය වුවානම් ඉදිරියට තව මොනව විය හැකිදැයි කාටවත් හරි හැටි කිව නොහැක.

මේ ලිපියට වෙනත් ලිපියකින් මා උපුටා ගත් කොටසක් දමන්නට සිතුවේ එය නියමටම මෙතනට ගැලපෙන හෙයිනි
"බලය ලැබුන පසු තමන් මේ විශ්වයේම ජගතා යැයි යම් පුත්තලම් බූරැවෙක් සිතන්නේ නම් ඔහුගේ අවසානයද වැඩි දුර නොවන බව කවුරැත් තේරැම් ගත යුතුය. ඒවාට උදාහරණ ඕනෑ තරම් ඉතිහාසයෙන් ගත හැක. ජනතාවගෙන් ඈත් වී, ජනතාවගේ සිතුම් පැතුම් වලට අභියෝග කල සැමටම සිදුවූයේ පැත්තකට විසිවීමටය. පුත් කුමාරයාට උඩ රටින් කෙල්ලෙක් සෙව්වාට රජ කම ස්ථිර කල නොහැකි බව පිස්සු නටන ඇත්තෝ තේරැම් ගත යුතුය.හැම දාම එකම මඟුල කියවමින්, අනෙකා කප කපා ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන සියළුම දේශපාදඩ නිවට කැණහිලුන් මෙය තේරැම් ගත යුතුය. උඩ පැන පැන අනුන්ගේ අසූචි රෙදි සෝදන මාධ්‍යකරැවන් එය තේරැම් ගත යුතුය. "

මේ පුජාභුමියට අභියෝග කල අය ගිය දුර බොහෝ කෙටිය.
මා පුදුමයට පත් කරුනනම් දළඳා වහන්සේව විහිළුවකට ගන්නට තරම් සිංහලයා ගිය දුර ගැනය. සිංහලයිනි නැවත නැගිටින්න කලය මෙයයි.

Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya