ප්‍රභන්ධයක් උවත් කතාවෙහි ඇති ප්‍රභලත්වය හා සංවේදීත්වය නිසා යලි යතුරැ කර මාගේ සටහන් අතරටත් එක්කර ගැනිමට සිතුවෙමි.
මට මතක ඇති දා පටන් මගේ අම්මාට තිබුනේ එක ඇසක් පමණි. මෙය මට මහත් වදයක් විය. ඇය ජීවිකාව සදහා කලේ වෙළදාමයග ඒ කුඩා පෙට්ටි කඩයකි. එහි ලොතරැයි මෙන්ම කුඩා කෑමජාති ඇය විකුනුවාය. ඇය වචනයේ පරිමමාප්ත අර්ථයෙන්ම මහා වදයකි. මම ඉල්ලනදේ දීමට ඇය සතුව මුදල් නොතිබීමද එක හේතුවකි.
එදින මා ජීවිතයේ වැඩියෙන්ම කේන්ති ගත් දිනයකි. ඒ මගේ අම්මා මාගේ පාසැලට පැමිණි දිනයයි. ඒ මම පරක්කු කිමදැයි දැනගැනීමටය. මගේ අම්මා මට තවත් එපාවිය. යහලුවන් සියල්ල මට ඔච්චම් කරන්න පටන්ගත්තේය. “ යකෝ උඹේ අම්මට තියෙන්නේ එක ඇහැක්නේ“ හා හා උඹේ අම්ම් කොහොමද එක ඇහඅකින් වැඩකරන්නේ? මට මගේ යහලුවන් මරාගෙන මැරෙන්න තරම් තරහක් ඇතිවිය. මට ඊටත් වඩා තරහ මගේ අම්ම සමගය. “මේ ගෑණි මොකටද ඉස්කෝලෙට රිංගුවේ“
මා එදින ගෙදර ගියේ අධික කේන්තියෙනි. “අම්මෙ මොකක්ද අම්මගේ අනිත් ඇහැට වුනේ? අම්මට ඕනෙ මගේ ඉස්කෝලෙට ඇවිල්ල මගේ යහලුවන් ලවා මට විහිලු කරවන්නද? ඇත්තටම ඇයි අම්ම මැරිල යන්නේ නැත්තේ?“ මම දිගින් දිගටම කියාගෙන ගියෙමි.විටෙක මට දුකද ඇතිවිය. එහෙත් මට සතුටුවීමටද කාරනාවක් විය. ඒ මට අවශ්‍ය දේ කීමට හැකිවූ නිසාය.
එදා රෑ මම කුස්සියට ගියේ වතුර ටිකක් බීමටය. වේලාව රෑ 12 පසු වී තිබුනි. කුස්සියේ එක කොනක වාඩිවී අම්මා හඩමින් සිටිනු මා දුටුවෙමි. මුලින් මගේ හදවතට දුකක් ආ නමුත් ඇයගේ තනි ඇස දුටුවිට එම දුක කෝපයක් බවට පත්විය. “මේ ගෑණිට අඩන්න වත් ඇස් දෙකක් නෑනේ “ මට සිතුනි. “ඒ මදිවට මේ ගෑනි ඇහැට වුණුදේ නොකිය ඉන්නහැටි“
කාලය කෙමෙන් ගෙවී ගියේය. මම ඉතා හොදින් ඉගෙන ගත්තෙමි. ඉහලින්ම උසස් පෙළ සමත් වූ අතර විශ්ව විද්‍යාලයටද තේරුනෙමි. ඒ සදහා සියලු වියදමි දැරුවේ ඇය විසිනි. එහෙත් තවමත් ඇයගේ තනිඇහැ දකින විට මට එන්නේ මහත් තරහකි. “මේ මනුස්සයා මට ලැජජාකරන හැටි“
විශ්ව විද්‍යාලයෙන් පිටවූ විගසම මට හොද රැකියාවක් ලැබුණු අතර අම්මා සමග තිබූ සියලු සබදතා අත්හැරියෙමි. එය මට මහත් අස්වැසිල්ලක්විය. මා විවාහ වූයේ ඉතා පොහොසත් කාන්තාවක් සමගය. ඒ අතර මාගේ රැකියාවෙන් ද බොහෝ උසස් වීම් ලැබුණි.
මාගේ ජීවිතය ඉතාමත් සත=ටින් ගෙවීගිය අතර අපට දියණියක් ලැබුණි. අප ඉතා සතුටින් කාලය ගතකලෙමු. නමුත් දිනක් තනි ඇහැක් සහිත මගේ අම්මා මගේ ගෙදර ඉදිරිපිට විය. මට මගේ ලෝකයම කඩාවැටුනාසේ දැනුනි. මගේ කුඩා දියණිය බියවී ගේ ඇතුලට දිවගියේ අම්මාගේ තනි ඇහැක් සහිත මුහුණ දැකීමෙනි. මම ඇය මුනගැැසීමට ගියෙමි. ‘ ඔහේ කවුද? මොනවද ඔහේට ඕනි? කරැණාකරලා අපිට පවිනොදී යනවද පොඩි ළමයි බයනොකර“ මම නොනවත්වාම කෑගැසුවෙමි. “ අනේ සමාවෙන්න මම වැරදි ගෙදරකට ඇවිත් තියෙන්නනේ “ මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ එවේලේය. ඇය මාව හදුනාගෙන නැතැයි මට සිතුනි.
වසරකට පමණ පසු මගේ පාසලේ උපහාර පිදීමේ උත්සවයකට මට ආරාධනා ලැබුණි. මගේ පාසැල් මිත්‍රයන්ට මගේ ජයග්‍රහන පෙන්වන්නට මෙන් මම ආරාධනාව බාර ගත්තෙමි. උපහාර පිදීමේ උත්සවය අහවර වන විට අදුර වැටී තිබුනි. කොක්ටත් කියා මම මගේ අම්මගේ ගෙදර යාමට තීරණය කළෙමි. සමහර විට මා මෙහි පැමිණිවග ඇය දන්නවාද විය හැකිය. මා වත්තට ඇතුලු වූ නමුත් කිසිවෙක් පෙනේනට සිටියේ නැත. මම කෙලින්ම වසර 18 ජීවත් වූ නිවහනට ඇතුල් උනෙමි.
අහෝ...... මගේ අම්මා එහි සිටියත් ජීවතුන් අතර නොවීය.මා මෙහි එන බව දැන හෝ නොදැනම ඇය පරලොවගොස් සිටියාය. එහෙත් මට එය එතරම් දුක ගෙනදෙන කාරනයක් නොවීය. ඇයගේ අතේ ගුලිකරගත් කඩදාසියකි, එය මට ලියූ ලිපියකි.
මගේ රත්තරන් පුතේ,
මම ජීවත් වුනා දැන් හොදටම ඇති. උබට උපහාර පුදන උත්සවේට මට එන්න ඹ්න වුනත් උඹලට ලැජ්ජාකරන්න බැරි නිසා මම ආවේ නෑ. මම එක ඇහැක් තියාගෙන උඹට ඕන තරම් ලැජ්ජා කරලා තියෙනවානේ. ඒත් මම කවදාකවත් උඹට නොකියපු මගේ ඇහැට උනදේ උඹට කියන්නම්. උඹ පොඩි කාලේ දවසක උඹ ලොකු අනනතුරකට මුහුණ දුන්නා. ඒ අනතුරින් උඹේ එක ඇහැක් සම්පූර්ණයේ විනාශ වුනා. අම්මා කෙනෙක් විදිහට එක ඇහැක් ඇතිව උඹ ලොකුවෙනවා දකින්න මම කැමති උනේ නෑ මයෙ පුතේ. ඒ හින්දා මගේ එක ඇහැක් උඹට දුන්නා. මගේ මේ තනි ඇහෙන් ඊට පස්සේ මම උඹව ඇහැක් වගේ රැක්කා. උඹ අද ලොකු මිනිහෙක් වෙච්චඑක දැක්කම මට තියෙන්නේ පුදූම සතුටක් මයෙ පුතේ. මයේ පුතාට බුදුසරණයි!
මීට උඹේ අම්මා.
(මා ගේ මූණු පොතට මෙය යොමුකල පලිත අයියාට මාගේ ස්තුතිය)
ෙසෙෙනහස වැඩි දා සිතම ෙබාලද වී ෙලාවම අාදෙර් කියා සිෙත්...........මායාවක් වී එහි තනි වුන දා අමිමා පමණයි ලග ඉන්ෙන්................
ReplyDeleteඔයා හරි අයියා කවදා හරි තනි වෙලාම බලන්න ඔනී එකේ තියන වටිනාකම
ReplyDeletehttp://www.hollins.edu/giving/images/present.jpg
ReplyDelete