Wednesday, January 29, 2014

~ කල්පයෙන් දුහුවිලි බිදක් ~

සුදු කළු කියන්නේ මේ ලොකේ පුදුම දෙයක් ඒක සමහර මිනිස්සු වගේ පෙනුම සිල් ගන්නවා වගේ එත් ඔයා හැරෙන වෙලාවක් බලන් ඉන්නේ ඔයාගේ පිටිපස්සෙන් අනින්න.ඔයට පය පැටෙලෙන වෙලාවක් බලන් ඉන්නේ ඔයාව තල්ලු කරන්න.ඒ එකෙන් ඔහුට හෝ ඇයට ලැබෙන ලාභයක් නිසා නොවෙයි.ඒ ඒ කෙනාගේ බුද්ධි මට්ටම කියලයි මට හිතෙන්නේ මොකද සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙනවා වෙනුවට තවත් කෙනෙක් ගේ ඇදයක් හොයන ඒ කෙනා හෝ ඇය ඒ අයගේ සැහැල්ලුවයි නැති කරගන්නේ.සියල්ල අනිත්‍ය වන මේ ලෝකේ නිත්‍ය එක දෙයක් තියනවා තමාගේ සුදු හෝ කළු ඒ අනුවන ක්‍රියාව මැරෙන්න මොහොතකට කලින් හරි තමාව රිද්දවනවා.කළු කියන්නේ තමන් ගේ ජිවිතය තුල ගන්නා තීරනාත්මක සිතුවිලි හෝ ක්‍රියාවක් වචනයක් වන්නට පුලුවන් නමුත් සුදු ඒ ගන්නා තීරණය අනුව මේ ලෝකය ඔබ දෙස බලන විදියයි.කරනා සැම දෙයක්ම මේ විශ්වයට සුදු ලෙසින් දකින්නට පුලුවන් සැහැල්ලු සරල චරිතයක් ලෙසින් ජිවත් වෙන්න ඔබත් උත්සහ කරන්න එතකොට අන් අයගේ සරල නිදහසට ඔබ අතින් සිදු වු වැ‍රැද්දට දුක් වේවි.කමක් නැත සහෝදරිය සහෝදරයා එසේ දුක්වන්නේ.ඔබ ඔබට අවංක වූ කලකයි.කොටින්ම කිවතොත් දකින්නට නොහැකි විදින්නට හැකි මේ ලෝක සත්‍යකින් ඔබ යමක් අවබෝධ කර ගත් කලකයි.
අරූ, මෙරූ, කෙරූ, ඇය ,ඔහු ,අරූ ,ඒකි, ඒ හැර ඒ වෙනුවට " මම " වන්න.


කැමරාව-SAMSUNG Galaxy Ace
@වෙබ් ලෙක්චර් එක අතර තුර

3 comments:

  1. සම්පුරණ ඇත්ත ගොඩක් දෙනෙක්ට වටින අදහස් ටිකක්. හ්ම්ම්

    ReplyDelete
  2. වටින අදහසක්..

    ReplyDelete
  3. Nice work see http://tiny.cc/i659ax

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya