Friday, June 29, 2012

සිට් එක ඇතුලෙන් පොඩ්ඩකට ඔලුව එලියට දැම්මාය.පොත් මේසය උඩ ඇති ටිකි ටිකියේ වෙලාව උදේ නවය පහු වෙලා ටික වෙලාවක්  ගතවිතිබුනි.පොත් මේසය සුන්දර අවුල් ගොඩකි.පරිගණකයේ තිරයේ බ්ලොග් පි‍ටුවකි.
         ෂුවර් එකටම අද අම්මා උදේම කොහේ හරි ගිහින් නැත්නම් නවය පහුවෙනකොට හොරණෑව පිබින්න පටන් ගන්නවා.අහපවු සීට් එක ඇතුලට ඔලුව ඔබාගෙන් ඊයේ කලේ මොනවාදැයි කල්පනා කරන්නට විය.කෙම පේපර් එකක් කරලා ඉවර වුනා.ඊට පස්සේ බ්ලොග් සෙට් එකේ ස්ර්ච් එකක් දාලා එකක් දෙකක් කියවනකොට නිදිමත ආපු නිසා දැම්ම ඇලට් එකකේ එලාම වැදුනේ දැන්ය.
         ඇද ලගම තිබූ ටීපොව දෙස නොබලාම ජංගමේ හොයනකොට අත නිකන් ඇලෙනවා වගේ හුටා ඊයේ රෑ කෝපි එක මන් බොන්න කලින් ටීපෝ එක බීලා.වෙලාවට දුප්පත් ජංගමේ ගොඩ.මිස් කෝල් අටයි.හු හු එල කිරි මන් ස්යිලන් කරලා තිබ්බේ.ම්..මැසේජ් පහයි.
එක
චතු-GM macho..
පූසි-Good Morning mahe..
කලූ-Good morning dr..
කල්-GM darl
යකො මේ බලහන්කෝ ලොකේ හැටි මේ යළුවෝ බොක්කෙන්ම සුභ පතනකොට
ගෙදර උන්දෑ(මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්)-GM
හ්ම්.....
ජංගමේ පැත්තකට දැම්මේ තවත් සුපිරි නින්දකට ගොඩවෙන්නය.

ටන නා නා..
හපෝ මේ මගුල ස්යිලන් කරලාම තිබ්බානම් හරි

"Is that Mr.Dahanayaka?"
අප්පචි නම් වැඩට ගියා"yes,yes"
"I am Obama"

මේ උදේ පන්දර මගුල් කතා කරනවා මුන්ට නින්ද යන් නැද්ද දන්නේ නෑ..

ජංගමේ පැත්තකට විසි කර අහපු සෙන්ට්‍රි මෙඩිල් උනා විතරයි
ටන නා නා.......
මගුල ...

හෙලෝ කවුද කතා කරන්නේ?
මං මේ ඇමරිකාවේ ජනාධිපති ඔබාමා කතා කරන්නේ.
උදේ පාන්දර විහිලු කරන්න එපා බන්..
එහෙනම් නම්බර් එක බලනවා


නිකන් මං විහිලුවට වගේ බැලුවේ හුටා යකෝ මේ ෂුවර් එකටම රට නම්බර් එකක්.හා මේ නරියගේ අයියා වෙන්න ඇති ඉතාලි ඉදන් මාව බයි කරන්නේ.නැතුව මේ ඔබාමා  සිංහල දන්නවායි.


මේ නරීගේ අයියා ද?
නෑ.මං ඔබාමා.ඔයා මකුනා නෙද? මහේෂ්ගේ ලෝකය ලියන
ඕක ඉතින් ඔකෝම දන්නවානේ..එහෙනම් ඔයාගේ ජන්ද ප්‍රතිපත්තියේ කෑල්ලක් කියන්න.
hsgaf dfhlqfb ffjqhiow[pdgbcx jasghfjaf aghfjafb j,h
fdjfvkhbjfddsgsdjg kjhsdgkf fjklfhafpfjabf

හුටා දැන් නම් මු ෂුවර් සුද්දෙක්

මකුනා මන් ඇමරිකාවේ ජනාධිපති ඔබාමා දැන්වත් විස්වාස ද?
සර් මේ සිංහලත් දැන්නවා.

ඔව් මන් හැමදාම තමුසෙගේ බ්ලොග් එක කියවනවා.Stats වල Audience එකේ බලනවා අපේ ගෙවල් පැත්තත්  ලාවට කොල පාට වෙලා ඇති.

හුටා දැන් නම් ෂුවර් මූ ඔබාමාය.

සර් ඉතින් මගේ අතින් වැරදි දෙයක් එහෙම ලිය වුනේ නෑ නේ?

සර් පෙරේදා අර මං අර මගේ සොෆ්ට් වෙයා එක එලියට දාලා ගොඩාක් අය බැනලා අය මේ පැත්තේ එන් නෑ කීව නිසා එක අයින් කලා සර්.
මටනම් ඒක වැඩක් නෑ කවුද තමුසෙට මොනවද කීවේ?
සර් මේ.. වසන්ත කියලා කෙනෙක් Anonymous  කෙමෙන්ට් එකක් දාලා
 "මමත් හැමදාම මේකේ ලිපි බැලුවා. අපෝ එපා වෙනවා මේවගේ කාලය කා දමන විහිළු, ඒවා හොඳයි අපි ඉස්සර ඉස්කෝලේ යන ළමයි කාලේ. අපිට කාලය හරියට වටිනවා. මම නම් ආයෙත් මේ සයිට් එකට එන්නේ නැහැ."  සර් අප්සෙට්නේ ආ තව
ප්‍රදීප් කියලා කෙනෙක්
"මෙවැනි පහත් වැඩක් කිරිමෙන් මචං උබ බලාපොරොත්තු වෙන පහත් ආසාව කුමක්ද? ඔබගෙ බ්ලොගය එන අය රැවටීමෙන් ඔබගෙ බ්ගයේ ඇත් දේ පිලිබඳ අවිස්වාසයක් බ්ලෝගය බලන අය තුල අති වෙනවා නේද? වැඩකට ඇති දෙයක් විතරක් කරන්න. මිණිස්සු රවටලා මිණිස්සුගෙ වටිනා කාලය නාස්ති කරන්න එපා. බ්ගයකට කෙනෙක් එන්නේ යම් දැනුමක් හො දෙයක් ලබා ගන්න. එවැනි අය රවටන්න එපා. ඔබට නොවටිනා කාලය අපිට වටිනවා සහොදරයා. මම නම් දකින්නේ තව දුරටත් මේ බ්ලොයේ ලිපි කියවීමට පැමිණිම කිසිම වැඩකට නැති දෙයක් ලෙසයි. ඔබ කල වරද හදා ගන්න. වැදගත් යමක් ලෝකයට දෙන්න මෙසේ කීවාට මාත් එක්ක තරහ නොවන්න."
මෙහෙම කියනකොට අප්සෙට් නේ සර් මන් හිතුවා කරපු විහිලුව හින්දා මට ඉන්න මන් කවදාවක් දැකලා නැති යාළුවෝ ටික නැති වෙයි කියාලා එකයි ඒ ජෝක් පෝස්ට් එක අයින් කලේ.වෙන වෙ‍රැද්දක් කලේ නම් නැ සර්..


හරි හරි මට අවුලක් නෑ ඒක නෙවේ තමුසෙට බැරිද  ඔය විකාර කතා නොකියා ඉන්න.තමුසේ ඉස්සර නම් ලොක්කට බැන්නා දැන් මේ කතා වලින් මිනිසුන්ට ඉගන ගන්න දෙයක් තියනවානේ.
ඉතින් සර් මන් නාමල් කාර් පැද්ද එකට විතර නේ බැන්නේ.
මං කියන්නෙත් ඒක තමා දැන් බලනවා අර තමුසේගේ  විද්‍ය විජ්ජා බ්ලොග් එක ලංකාවෙ කවුරුත් කියවන්නේ නෑ නේ ඒ වගේ,විද්‍ය ලිපියක් දාලා විහිලු කතාවක් කියලා.කුරහන් පවුලට බැනලා මොනවා  හරි දානවා ම්ං කියනවට.
ඇයි සර් එහෙම කියන්නේ?
දැන් තමුසේ  අන්තිමට දාපු එක බලනවා 18 + ඒවා බලනවා ඒ වගෙන් මොනවා හරි දෙයක් අරන් ලංකාවේ මිනිසුනෙගේ මොළ වැඩ කරන්න ගන්නවා නේ.
හරි මං දැන් මොකක් ද කරන්න ඕනි?
මං ඕනි දෙයක් දෙන්නම් එක්කෝ අර මන් කියපුවා ලියනවා නැත් නම්. නවත්වනවා.

ඕනි දෙයක් දෙනවද සර්
ඔව් තමුසෙට මොනවද ඕනි?
සර් NASA එකේ ජොබ් එකයි අර හැරී පෝට එකේ හිටපු කෙල්ලයි දෙනවද?
හරි.මං තව පැයකින් සාගජ්ජා කරලා කියන්නම්.
ඒක නෙවේ ඔය මේක නවත්තන්න කියන්නේ අපේ ලංකාවේ මොළ වැඩකරන්න පටන් ගයි කියල බයටද සර්?

ඔබාමා ගේ කතාවේ ඉතිරි කොටස බලා පොරොත්තු වන්න....


8 comments:

  1. සුපිරි කතාව ඉදිරියටම ලියන්න සුභ පැතුම්

    ReplyDelete
  2. ලංකාවේ කොල්ලෙක්ටනේ හරියන්නේ එළකිරි :D

    ReplyDelete
  3. @Hasitha ඉතිරි කැල්ල ආවේ නෑ නේ සහෝ කවුද දන්නේ හරියයිද කියලා

    ReplyDelete
  4. හිකිස්.... මරු ඈ...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. අඩේ මට ඇමරිකාවෙන් හිට්ස් පැලෙන්න තියනවා.. සුවර් එකටම ඔබාමා මගෙ එකත් කියවනවා ඇති... මමත් මගේ ඇනරොයිඩ පෝන් එක ඔන් එකේම තියාගන්න ඔනේ

    ReplyDelete
  6. සහොදරයා පලමුවෙන්ම ඔබේ නිහතමානී කම ගැන ස්තූතිවන්ත වෙම්. ඔබගේ බිටි ටොරන් ප්‍රොටෝකෝලය ගැන ලිපියත් වටිනා ලිපියක් බව තර්කයක් නොමැතිව මම පිලි ගනිමි. නමුත් ඔබ විසින් හොඳ ලිපියක් දෙන ගමන් පුංචි හෝ විහිලුවකට හෝ රැවටීමක් කර තිබු නිසයි මා විසින් එවැනි කොමෙන්ටුවක් දැම්මේ. මන්ද යත් ඔබේ ඒ වැඩේ හන්දා අනවශ්‍යය ලෙස වෙනත් වෙබ් අඩවියකට යාමට මෙහි එන අයට සිදු වී ඇති බැවිනි. අපි බ්ලොත් පිටුවක් බලන්න එන්නේ වැදගත් යැයි හැගෙන යමක් ලබා ගැනීම සඳහායි. මදක් හිතන්න. ඇත්තට විහිලු කිරිම හොඳ දෙයක්. ලොකයේ විහිලු නැත්නම් ඇති වැඩක් නෑ. ලෝකය ලස්සන වෙන්න විහිලුත් ඕන. නමුත් එවැනි විහිලු කරද්දි විහිලු අවශ්‍යය තැනදි විහිලු කොලොත් නේද හොඳ. ඇත්තටම කීවොත් විහිලු කරන්න ඕනමනම් ඉතින් විහිලු වලින් පිරුණු වෙන තැනක් නිර්මාණය කර ගමු නේද?

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya