Sunday, May 6, 2012

මේක කියවන්න යන ඔයා බැදලාද එහෙනම් නියමයි.ඔය තාම නැද්ද එහෙනම් තවත් නියමයි මාත් එක්ක සෙට් වෙලා අපි සල්ලි හොයන හැටි හොයා ගමු.

දැන් අපි හදිස්සියේ වක් කසාදෙකට අත ගැහුවොත් 26 දි කොහොමද සල්ලි හොයා ගන්නේ..අඩුම ලක්ෂ 5ක් වත් තියෙන්න එපැයි.එක්කන් එන්නවත් තව ගෙවල්,කන්න බොන්න

හරි අපි  අවුරුදු 20දි පටන් ගෙන මාසෙට ‍රැ.300.00 ගානේ ඉතුරු කරමු 25 වෙනකම්.(දවසට 10)
10*30*12*5

අවුරුදු 5ට = 18 000

එතකොට 25 දි මගුලක් කථා ටිය හිතන්නවත් බෑ 25 ජොබක් කරනවා.මාසේ ආදායම 50 000 ක එකක්,

ඒකෙන්  20 000ක් මාසෙට ඉතුරු කරනවා.
20 000*12

අවුරුදු 26 දි = 240 000

තාමත් ගෙයක් හදාගෙන කැමරා එකක් අරගෙන බැදගෙන කන්න බොන්න බෑනේ=

අවුරුදු 30 දි = 1 200 000


ආන්න දැන් නම් උඩ වැඩ ටික කරගන්න පුලුවන් අවුරුදු 30 දි එතකොට මිනිස්සු දියුණු වෙන්නේ කොහොමද

මේක කියවන් ඔයාලා කාට හරි මේ මගුල තේරෙනවාද කොචර ඉගන ගත්තත් මේකන්ම්  අනාගතය ඒක වෙන්න බෑ..මන් දස අතේ කල්පනා කලා මා දන්නා සූත්‍ර ගොඩනගා ආදේශ කලා.ඔය ඉලව් කසාද කෙහෙම්මල අතාරිමු..එත් දයියනේ..මං ස්ථීර ත්වයකට පත්වෙන්න වුන්ත කොචර කල් යනවාද?
මේක මෙහෙම වෙන්න බෑ මේකට හොද තියරියක් තියෙන්නම ඕනි..මොකද
මේ ලොකේ මිලියන බිලියන ගනන් වලින් ගනුදෙනු කරන මිනිස්සු ඉන්නවානේ..
මෙහෙම වුනොත් මට කැමරා එකක් ගන්න වෙන්නේ 30 දි ඒක එහෙම වෙන්න දෙන්න බැ..
කසාදෙනම් අවුලක් නෑ 30 පනිනකොටත් එතකොට ‍ෆ්‍රී නේ..ඒත් දියුනුව අනේ මන්දා කවුරු හරි දන්නවාද මේ ක කොහොමද කියලා
මේක english වලිනුත් ලියන්න ඕනි එතකොට බිල්ගෙට්ස් වත් කියවලා මට උත්තරයක් දෙයි නේ :)

සමහරු තව කසාදත් කර ගන්නවා අනේ මන්දා..ජීවිතේ ගැන සීරියස් හිතනකොට තමා මේ හැම ප්‍රශ්නේ.මටත් එක එක වුන් කියනවා වගේ මොලේ කචල්නේ. :) :D
-----------------------------------------------------------------------------------
ප.ලි.- ඇයි දන්නේ නෑ මට මේක දාන්න හිතුනා

සබඳ අපි කඳු නොවෙමු

සබඳ අපි කඳු නොවෙමු
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරායා නැඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්‌ස වෙමු
දැවෙන කැලයට වසින

සබඳ අපි....

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඞහැරය වෙමු
දනන් නින්දෙන් මුදන

සබඳ අපි....

බාගෙන අහලා බලන්න | Download Gunadasa  Kapuge "Sabada api kadhu nowemu Song"


ගායනය.... ගුණදාස කපුගේ

15 comments:

  1. හත් දෙයියනේ......... මම නං ළිඳේ පනිනවා

    ReplyDelete
  2. මට තාම 25යි. ලබන සතියෙ බඳිනව...
    ඕකෙ ලොකු සීන් එකක් නෑ..

    Focus more on the Destination, less on the road..

    ReplyDelete
  3. මෙන්න ප්‍රශ්න! :-)
    මගේ යෝජනාව මේකයි. කසාදෙට ඔච්චර වියදම් කරන්න ඕන නෑ. කසාදෙ ඔච්චර මිල අධික වෙලා තියෙන්නෙ විවාහ, මනාලි වගේ ටීවී ප්‍රෝගෑම් නිසා. මොකද ඒව බලන අපේඅය ට්‍රයි කරන්නෙ කොහොමහරි ඒ විදියෙම වෙඩිමක් ගන්න මිසක් තමන්ට පුළුවන් විදියට කරන්න නෙවේ. අන්තිමේදි සිද්ධ වෙන්නෙ ජයට වෙඩිම අරගෙන රටට ණය වෙන්න.

    ගෙවල් කියන එක නං අවුලක් තමයි. ඒත් හොදට හිතල බැලුවොත් දැන් දැන් ගෙදරක ඉන්නෙ ළමයි 1 හෝ2ක්. ඒ නිසා අම්ම තාත්ත එක්ක ඉන්න අකමැත්තක් නැත්තං ගෙවල් හදන්න ඕනම නෑ. මොන ප්‍රශ්න තිබුනත් වයස හරිගිය ගමන් බදින එවුන් ඉන්නව

    ReplyDelete
  4. ඔය 50,000 ගන්න ජොබ් එක ගෙදර ඉදන් කලොත් නන් 30,000 ඉථුරු කරන්ඩ බැරි වෙන් එකක් නැහැ. හැබැයි ජොබ් එකක් කරල 10,000 ඉතුරැ කරගන්ඩ පුලුවන්නන් ඔයා වැඩකාරයෙක්

    ReplyDelete
  5. gewal hadaddi athe thiyena salli eka paarama denne nane. Housing loan ekak dammoth salary eke hatiyata geyak gahaganna bari wenne na...

    ReplyDelete
  6. @Sahan,, මොකො යළුවා ලිදේ පනිනේ

    @Malinda,,කෙල්ලව උස්සනවද නැත්නම් බර ගානක් දීලා මගුලක් කනවද..ඒ ගාන ඔයගේ පොකට් එකෙන්ද,,නැත්නම් මා පිය ද

    @දුෂාන්,,මේ කාලෙත් එක්ක පොකට් මනී හම්බවෙන එකෙන් එචර ඉතුරු කරන්න පුලුවන් ද?

    @crazy,,ඒක ඇත්ත මොනවා කීවත් ඔය ඉතිරිය කරගන්න පට්ට ගේමක් දෙන්න ඕනි

    @රාජ් ,, එ උනාට ලොකු මගුලක් කන එක අහිංසක කෙල්ලක් ගේ බලා පොරොත්තුවක් නේ

    ReplyDelete
  7. @Anonymous,, ලංකාවේ ලෝන් එකක් ගන්න ලිය කියවිලි හදනකොට ගෙ හදලා ඉවර කරන්නත් පුලුවන්..:)

    ReplyDelete
    Replies
    1. hamadetama solution ekak thiyenawa. Api hewwoth eka hambawenawa. Weida danne na, kerei, kal yai, balamu, wedak wena ekak na, oya wage ewa hitha hitha hitiyoth jeewithayak na. Mama akamathima wachana set eka thama oya.

      Try karala balanna one puluwanda barida kiyala balanna.

      Lankawe thamange lokaya godanagaa ganma barinam hondata igenagena rata yannai thiyenne...

      Delete
  8. සිරාවට මචන් මටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් .... පරතෙරට ඉගෙන ගත්ත මිසක් කසාදයක් ගැන හිතුවේ නෑ....පිටරට ඉගෙනගත්තට හමබකරන සල්ලි ඔක්කොම ඉගෙනගන්න වියදම් වෙනවා ... දැන් වයසත් ගිහින් ගැනියෙකුත් නෑ සල්ලිත් නෑ ....මගේ වයසේ ගොඩක් එවුන්ට මේදවස් වල දෙවෙනි බබා හම්බවෙනවා

    ReplyDelete
  9. හැමෝම එක එක උත්තර දුන්නට දියුණු වෙන්නේ කොහොමද කියලා කීවේ නෑ නේ..බ්ල්ගෙට්ස් වත් කමෙන්ට් එකක් දැම්මානම් හරි

    ReplyDelete
  10. call 0114259249(innovage
    )...today start tommorrow..........if u work hard after 6 month u can make 100,000 for month

    ReplyDelete
  11. ubata masekata 50000k lebenawa nam 2500kin jeewath wela 47500k ithru karapan. (for more details contact Mr Bandula) etakota 47500X12=570,000 kma tiyenawa 26 weddi.

    ReplyDelete
  12. Vision - the ability to see what others do not see
    Courage - the ability to act despite fear
    Creativity - the ability to think outside the box
    self-confidence - the ability to withstand criticism
    self-control - the ability to delay gratification

    From: You can choose to be rich : Robert Kiyosaki. www.richdad.com

    I think a person must master above. They look simple but I know it is very hard.

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya