අද හවස අත්තම්මාගේ ගෙවල් පැත්තේ (ලොකු අත්තා නැතිවුන දවසේ සිට එය අත්තම්මාගේ ගෙදර විය) ගිහින් ෂෝට් කට් එකෙන් ගෙදර ආවා.එනකොන එක තැනකදී කාලෙකට ඉස්සර වුනු පොඩි සිද්දියක් මතක් උනා..
මෙන්න මේකයි සීන් එක මන් පොඩිකාලේ ඒ කියන්නේ අපේ මල්ලි 6 වසරේ හරි 4 වසරේ හරි..මන් 7 හරි 8 හරි ට ඕක නම් මතක නෑ..එදා හවස අපි 2නා ලොකු අත්තලාගේ ගෙදර (එතකොට ඒක ලොකු අත්තාගේ ගෙදර නේ ) ගියා.හවස් වෙලා සෙල්ලම් කරලා අද ආපු ෂොට් කට් එකෙන්ම ගෙදර එන්න සෙට් වුනා හුටා..අහස කළු කරගෙන ලොකුවටම වැඩේ පටන් අරගෙන , වහින්න පටන් ගත්තා කර කියා ගන්න දෙයක් නෑ අකුණුත් ගහනවා මල්ලිගේ අයියා වුනාට මාත් පොඩි එකා නේ..
වහින වැස්සට අපිට ගෙදර යන්න හිතන්නවත් බෑ මොනවා කරන්නද දෙන්නම සෙට් වෙලා..ලග බාගෙට හද හද තිබුන ගේකට ගියා ඕකට වෙලා කයියක් දාගෙන හිටියා..
වැඩේ හරියන පාටක් නෑ.. වැස්ස නතර වෙන්නේම නෑ..කරුළුවත් හොදටම වැඩිවෙනවා ..මටත් දැන් පොඩ්ඩක් බය හිතෙනවා..එත් ඒක අරූට පෙන්නන්න බෑ නේ..අපි දෙන්නම් සෙට් වෙලා අර ගේ ඇතුලේ ඉටිරෙදි කෑලක් හෙව්වා..අපෙ වෙලාව නම් මාරයි ඈ..යකෝ අඩුම කොල කෑල්ලක් වත් තිබුනේ නෑ..කෝල් එකක් වත් දෙන ඒ කාලේ අතේ ෆෝන් එකක් වත් අතේ නෑ නේ..නැත්නම් අම්මට කෝල් කරලා කුඩයක් වත් ගෙන්න ගන්න තිබුනා..
හොදටම කරුවල් වෙනවා මොනවා කරන්නද වැස්සේ තෙමෙන්නත් බයයි...වට පිට බලපුවාම දැක්කා පාරේ එහා පැත්තේ අපිටත් වඩා උසට හැදෙන හබරල ගස් ගොන්නක්..
ෂා.. මගේ පට්ට මොලේට මරු අදහසක් ආවා..
මල්ලි අර කොල දෙකක් කඩාගෙන ඒවා ඉහලගෙන ගෙදර යමන් අපි දෙන්නා තරගෙට දුවලා අදිනවා අපිට වඩා ගස් උසයි..මන් අමාරුවෙන් කොලයක් කඩා ගත්තේ එවා අදින්න ගිහින් දෙපාරක් විසිවෙලා වැටිලා..
බුදු අම්මෝ එක පාරටම අප්පචි මට මතක් වුනානේ පොඩිකාලේ මෙතනින් යද්දි මට කියලා දුන්නා ..ඕවා විසයි ඒක නිසා කොල කඩන්න යන්න එප කියලා..
මන් මල්ලිට විස්ථරේ කියන්න හැරිලා බලනකොට පොර කටින් හබරල දණ්ඩ හපනවා..මොනවා කරන්නද වැස්සේ යන්නත් එපැයි.පොරට විස්ථරේ කීවා පොරට අවුලක් නැති නිසා අපි දෙන්නා වීරයෝ වගේ කොලේ ඉසලගෙන ගෙදර යනවා..දැන් අපිව පේන්නෙත් යාන්තමට..කරුවලත් වැඩී..
ටිකදුරක් යනකොට මල්ලී අයියා මට කලන්තේ වගේ..මන් ටක් ගාලා පොර දිහා බැලුවා.මුලු මූණම ඉදිමිලා..
දෙයියනේ මොනවා කරන්නද,,මං හොදටම බයවෙලා..පොරගේ කොලේ විසිකරලා මගේ කොලේ යටට ගත්තා පොරවත් අල්ලගෙන.මගේ කොලේ යටින් ගියා ටික දුරක් යනකොට මාත් කසන්න පටන් ගත්තා.. මට තේරුනා වැඩේ හරි තමා කියලා..කොලේ විසිකරලා.මලීවත් අරගෙන අපෙ ගෙදරට කලින් හම්බවෙන ලොකු අම්මලාගේ ගෙදරට ගියා..
ටක් ගාලා ලොකු අම්මට විස්ථරේ කීවා ලොකු අම්මා වැසේම අපිව නෑව්වා..අපිව ගෙදරට ගිහින් දැම්මා.මල්ලිට හොදටම අවුල් මාත් කසනවා ඉන්න බෑ,,අම්මා ටක් ගාලා අපිව හොස්පිටල් එකට එක්කන් ගියා..
ඕක මතක් වෙනකොට අදටත් හිනා යනවා..
ඒත්...........අද මන් එතන බලපුවාම එක හබරල හගක් වත් දැක්කේ නෑ..අපිට වඩා උසට තිබුන ඒ ගස් යන්න ගිහින්..අර ගෙදර හදලා මිනිස්සුත් පදින්චියට ඇවිල්ලා...ඒ වගේ හබරල ගහක් අය දකින්න ලැබෙන්නේ නෙට් එකේ විතරද?අපි හැමෝම හිතන්න ඕනි ඒ දේ ගැනයි...
habarala dalu malawala kala natida oyaa...patta rasai dalu malluma..kala balanna
ReplyDeleteඅපූරු මතකයක් අළුත් වෙලා..
ReplyDeleteඅර අන්තිමේ කිවුව කාරණාව එක්ක එකගයි.. අපි පොඩි කාලේ දැක්ක ලස්සන සුන්දර දැන් වල ඒ සුන්දරත්වය දැන් වෙනස් වෙලා..
ඇති ඔයිං ගියා :)
ReplyDeleteනයි කයිද රෝස්පාන් කීවලු.ඔයාලත් කොරන වැඩ මචංලා.ජය...!
ReplyDelete