Tuesday, September 12, 2017

පස්වන වතාවටත් මේ කථාව පාඨකයා ඔබට කියා දැමීම උදසා ලිවීම ආරම්භ කලෙමි.මෙය අමතක කතාව අමතක වෙයි කියා බයක් නැත.නමුත් මේ කථාව ලිවිය යුතුයයි සිත කියන නිසාවෙන් නැවත වතාවක් ලියන්නට උත්සහ කරමි.




"අවුරුදු ගණනාවක බලාපොරොත්තුව සපත කරගැනීමට ගිය ගමනක් වුවත් ත්‍රාසය, භීතිය, කුතුහලය, කවදාවත් නොලබන අත්දැකීම"

11.45ට තව සුලු වේලාවක් ඉතිරිව තිබූ නිසා හැකි ඉක්මනින් ලක ලෑස්ති  වී කිටා සමගින් ප‍ටුවත හොස්ටල් එකට ( ප‍ටුවත - මොර‍ටු විශ්වවිද්‍යාලයේ පිරිමි නේවාසිකාගාරයක්)  දිව ගියෙමු.අවුරුදු ගානක් යන්නට උත්සහයෙන් සිටි ගමනක් සැබෑවට පත්වෙමින් තිබේ.ප‍ටුවතින් අප සමඟ එකතු වන සගයා වූයේ කබා අයියායි.වෙනදා නම් වෙලාවටත් කලින් ඔහු දුරකථන ඇමතුමක් නොවරදවාම ලැබේ.අද වෙලාවත් පසුවී ඔහුගෙන් ඇමතුමක් නැත.මේ ගමන අවුරුදු ගනනක්  බලා සිට පිටත්වන්නට ඔන්න මෙන්න තියෙද්දිත් ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත."කෙල්ලෙක් හම්බුනාම කොල්ලෝ වෙනස් වෙන්නේ නැ කියනවා නම් කණට දෙකක් ගහලා පයින් එක්කුත් ගහලා කබා පෙන්නපන්."එ කියන්නේ පුන්කට් අයියායි.හැබැවකි අද ඇමතුමක් නැත ඒකත් කමක් නැත ඔහු පරක්කුය.ඔහු ඒ ගෑණු ලමයා හා හාද වී සති දෙකක් වත් ඉක්ම ගොස් නැත.කමක් නැත රුමට ගොස් ඔහුද කැදවාගේන අපි තුන්කට්‍ටුව.කොලඹ කො‍ටුව බලා ගියෙමු එතනදී අපට එකතුවන තවත් ගමන් සඟයෙක් සිටි ඔහු නමින් ටනා ය නැතහොත් ටනා අයියාය..12.30ට පමණ කො‍ටුවට ලඟා වූ අපගේ ඉරණම ඉතාමත් ශෝක ජනක විය.කරුමය යනු අප පිටත්ව යාමට සූදානම් වු බස් රථය ඉදගැනීමට කෙසේ වෙතත් හිටගෙන යාමටවත් ඉඩක් නොමැත.සීටිබි සිහිනය අතහැර ප්‍රයිවට් බස් සොයාගෙන ඒ දෙසට ගියත් මේ යක්කු ගස් නගින අලුයම අපට සෙනඟ නොමැති බස් රථයක් සොයාගැනීමට නොහැකි විය.නැවත සීටිබී බස් රථය දෙසට යන විට ටනා අයියා එතනට පැමිණ සිටියේ අලුත් බැග් එක්කුත් කරලාගෙනය.තවමත් අපගේ ගමන් සගයන් සම්පූර්ණ නැත , තවත් එක් සගයකු කණ්ඩායම සම්පූර්ණ කිරීමට අවැසිය ඔහු නමින් රණා අයියාය.ඔහු ගමනට එකතු වන්නේ අවිස්සාවෙලේදීය.ඊලඟ බස් රථය පිටත් වන්නේ උදෑසන 5.30ටය අපට එතෙක් බස් ස්ටෑන්ඩ් එකට වීසිටිය හැක නමුද ගමන පමා කල නොහැක.මිනිසුන් දෙතුන්දෙනකුගේ කකුල් පාගා අමාරුවෙන් අප හතර දෙනා බසය තුලට බඩගා ගතෙමු.

කන්දක් නැගීමට යන ගමනක් නිසා නින්දක් අත්‍යවශ විය.ඔන්න ඕකයි කීවේ නයිට් මේල් එකේ යමන් කියලා එකෙකු පවසයි.දැන් කරන්නට දෙයක් නැත.කුම්බලා මාලු කැවා නම් කීවලුනේ.අපි හිටගෙන නිදාගන්නට උත්සහ කලෙමු.උත්සහය අති සාර්ථකය අවිස්සාවෙල්ලේ මොන මඟුලක් හෝ වී ගමනේ අවසාන සඟයා බස් රථයට න්ග්වා  ගත නොහැකි විය.ඔහුව මඟ දමා අපි යන්නට ගියෙමු.ඔහුට ඊලඟ බස් රථයට නගින්නට කියා අපි නැවත හිටගෙන නිදා ගතෙමු.මිතුරුකම කෙතරම් සුන්දරද කියනවා නම් හිටගෙන නිදාගෙන සිටි මා එක්වරම නැගිටින විට බස් රථය නවත්වා තිබුනි  මා සඟයන්ද අවට පෙනෙන්නට නොසිටියාය.බලන විට බස් රථය තේ පානයට නවත්වා තිබූ අතර මා මිතුරු සඟයන් එතන කඩයට වී තේ  බොමින් සිටියාය.ඔවුන් මා හට කෙතරම් ආදරේද යත් ඔවුන්ට හිටගෙන නිදා සිටි මාව ඇහැරවන්නට හිත  දී තිබුනේ නැත.නමුත් මා නැතිව අමාරුවෙන් ඔවුන් තේ පානය කරයි නොදකින් මෙවන් මිතුරන් කියා බිත්තර ආප්පයක්ම මා කන්නට ගතෙමි මිතුරු ප්‍රේමයේ උත්කෘශ්ඨ අවස්ථාව නැවත උදා විය.බිත්තර ආප්පය ද මට බෙදා ගෙන කෑමට සිදුවිය.

" මෙයාම කියලා මෙයාම කඩනවා නේ මොනවා  කරන්න ද කමු ඉතින් "ඒ කිටාය , මං මොනවාද බන් කීවේ? ඇයි කීවේ සුදාර අයියලා ඔය කන්ද නගිද්දි බිත්තරයක් වත් අරන් ගියේ නෑ කියලා.ඉතින් බන් මන් කීවේ ඒ මිනිස්සු අරන් ගියේ නෑ කෑවෙත් නෑ කැලේට ගියෙත් පලතුරු වට්ටියක් එහෙම තියලා මීට අවුරුදු ගානකට කලින් කියලා.ඉතින් ඒක තමයි මන් කීවේ ඒ කිටාය.ඔව් ඉතින් අපි කතා උනේ නෑ නේ අපි එහෙම කරනවා කියලා.අපි හිතුවේ එහෙම කරනවා කියලා දැන් මොනවා කරන්නද බිත්තර නෙවේ නේ බිත්තර ආප්ප නේ අපි බිත්තර නොකා බිත්තර ආප්ප කෑවෙමු.පාඨකය ඔබ දන්නවාද අපි මේ නොකියා යන්නේ කොහේද කියා ඔව් ඔබ දන්නවා නේ මොකද මන් උඩින්ම ලොකුවට ලියලා තියනවා නේ මාතෘකාවක් කියලා එකක්.තේක බිලා බස් එකට නැග්ගාට අහපු හිරවෙලා යන්න හිතක් තිබ්බේ නැති නිසා ඉස්සරහා දොර ගාව ඉන්න අන්තිමේට නැග්ගා කොහොම හරි හිරවෙලා යන්නේ නැතිව නිදහසේ හුලං ටිකක් වදීගෙන ඩ්‍රයිවර් එක්කයි කන්ඩෙක්ටර් එක්කයි කයිකක් දාගෙන යන්න චාන්ස් එකක් ලැබුනා.ටික වෙලාවක් යද්දි අහපුන් නිදිමත උඩ පැනගෙන පහර දෙන්න පටන් ගත්තා.මොනවා කරන්නද හිමීට පාත් වෙලා දොර ගාව පඩියේ ඉදගෙන නින්දත් නොනින්දත් අතර ඉද්දි එක පාරට "නයිට් මේල් එක පීලි පැනලා"නිදිමත නිමා විය.නැගිට ඩ්‍රයිවර් සමඟ කතා කොට ඒ ගැන වැඩි දුර වැඩි දුර තොරතුරු  සමඟ ඩේටා බේස් එක අප්ඩේට් කර ගතෙමි.වාසනාවකට කිසිදු ජීවිතයකට අනතුරක් වී නැත.මේ වන විට අප වීරයන්ව වී  සිටී අපි නයිට් මේල් එකේ ආවානම් මේ වන විට ගමන අතර මඟ නැවතී තිබෙන්නට පුලුවනි.ඒත් හිරවී හිටගෙන නිදාගෙන පැමිනීම දැන් අපගේ වාසියටද වාසනාවටද හැරවී තිබුනි.දැන් අප වීරයන් වී සිටී.බහින්නට හිතාගෙන ආ ටවුමද අපගේ ගමනාන්තයද ඩ්‍රයිවර්ට පැවසුමි.ඔහුට අනුව බැසිය යුත්තේ අපගේ අරමුණ වූ ටවුමට පසුව හන්දියෙනි ඔහුට අනුව ඒවිට අපිට එන වාහනයක් අල්ලාගත හැකි අතර ඒ එක්ක නැගී ගමනාන්තයට ලඟාවීමට හැකිවනු ඇත.අපගේ අරමුණ වූ ටවුමෙන් බැස්සොත් අපගේ ගමනාන්තය උදෑසන බසය පැමිනෙන තෙක් ප්‍රමාද කිරීමට සිදුවනු ඇත.ඒ නිසාවෙන් කරන්නට දෙයක් නැත අප ඩ්‍රයිවර්ගේ උපදෙස් අනුගමනය කරන්න තීරණයකට පැමිණියෙමු.අපගේ කතාව කණ වැකුනු බස් රථයේ කිහිප දෙනකුම එක්වී උපදෙස් දෙන්නට පටන්න් ගත්හ, මෙය අමාරුම අවස්ථාවක් බැව් බොහෝ අවස්ථාවල අත්දැකීම් ඇත එමෙන්ම මේ ගමනේදී මෙය ඉතා කරදරකාරී දෙයක් වනු නොවනු මාන මක් නිසාද යන.බොහෝ අතරමං වීම් ගනනාවකට පසු අප දන්නා පරාසය තුල මේ කන්ද නැගීමට යන පලමු කණ්ඩාම අප  වීමයි.සැමටම ඔලුව වනා.අදාල හන්දියෙන් බැසගතෙමු.
      දැන් තවත් අමාරු කාර්‍යයකින් පසු නැවත ඊලඟ යොමුවට යොමුවී ඇත.කරනා කිහිපයක්ම තිබුනි.රණා අයියා තවමත් පැමිණෙමින් සිටිම.කිහිප දෙනෙක්ට සැදී ඇති අධික කුස ගින්න , සීතල චූ බර හා තවත් ගමනේ බොහෝ දුර යාමට තිබීම ඒ අතර ප්‍රධාන කාරනා විය...


ඔබ තවමත් සිතනවා ඇත්තේ රචකයා කොහි යන්නට ඇත්දැකි කියායි.පාඨකය අති සුන්දර දෙවන කොටසින් හමුවෙමු.මේ සප්ත කන්‍යා කදු වැටි තරණයේ ඩිජිටල් සටහනයි....




Read More

Thursday, August 10, 2017




මිනිස් කම් විකුණන මිනිස්සු..හෙලිදරව්ව
විඳිනු රිසි කියමින් දුව පෙන්නා අම්මා දෙන රිසී..තවත් කථාවක්..
මේ කථාවට හේතු උත්පාදකයා වන්නේ..මිනිසුන් කණ්ඩායමකට ගොම්බනියා කන්දට නැග්ගුවා යැයි බොරු කියා ඔවුන් ආසන්න කදු ගැට්ටකට නග්ගවා මුදල් ‍රැස්කරගත් පිරිසක්ය.
කතාව මෙසේය ගොම්බානියා යාමට තිබූ ආසාව අද ඊයේ තිබූ එකක් නොවේ ඒය නගින්නට ගමේ උන් එක්කත් පාසලේ උන් එක්කත් කවින්ද ඇතුලු පිරිසත් සමඟත් අවුරුදු බර ගානක් සිට ගැසූ පෑලෑන් මොකක් හෝ හේතුවක් නිසා මඟ හැරී ගියාය.අවසානයේ දී මේ ලගදී නැවතත් අසංක අයියාගෙන් ලැබුනු ඇමතුකින් ඒ සිහිනය පණ ගැහුණි.
මේ සති අන්ත්යේ කොහේ හරි යන්ද ?
යමු..හැබැයි මගේ හයිකින් බඩු ඔක්කෝම කැම්පස්
එකේ..කමක් නෑ ගෙදර ඉන්නේ යමු..
කොහේද?
ගොම්බානියා යමු..
යමු..මන් කබාටත් කියන්නම්..
එල තව දෙන්නෙක් විතර ඇති සෙට් වෙමු එහෙනම් අනිද්ද උදේ 7 වෙද්දි වත්තේගමට
ඇමතුම එතනින් නිමා විය ගොම්බානියා කන්ද නැග නොතිබුනත් මා ඒ වටේටම කරක් ගසා තිබුනි..එම නිසා මා සතුව තිබූ පරණ සිතියමක්ද සූදානම් කර ගත්තේ ගමනේ උපරිම පල නෙලා ගත යුතු යැයි සිතී නිසාය..නැවත ඇමතුමකින් අසංක අයියා මා දැනුවත් කලේ විශ්ව විද්‍යාලයේ සිදු කරන නිබන්ධනයකට අශ්‍යය කරුණු ටිකක්ද ගමනේදි ‍රැස් කල යුතු නිසා ෆොරස්ට් ඩිපාට්මන්ට් එකට ගොස් කැලයට ඇතුලු වීමට විශේෂිත අවසරයක් ද ලබා ගත් බවය..මේසේ සූදානම් ඌ ගමන අවසානය වන විට ඉතුරු වී සිටියේ අසංක අයියා සහ මා පමණි නොයකුත් හේතුන් නිසා අනෙක් අයවලුන් ගමන ඇතහැර දමා තිබුනි..
එදින වත්තේගමට ගොස් හුලු ඟගේන් පොඩි ටවුමෙන් අපි දෙදනා බැස්සේ අලකොල ස්ටේට් එක දක්වා පයින් යාමේ අරමුණිනි.කෝකටත් කඩයකට ගොඩවී අවශ්‍ය කලමණා මිලදී ගද්දී අලකොල ස්ටේට් එක දක්වා යාමට ත්‍රීවීල එකක් කීයක් ගන්නවා දැයි විමසිය.රුපියල්.900ක ගමනකි..අප දෙදනා මුනෙන් මූණ බලා ගත්තෙමු මන්ද ඒ ඩෙංගු කියා විශ්ව විද්‍යාලය වසා තිබූ කාලයයි.අප දෙදනා ගාවම තිබුනේ හරි අරපරිස්සමට පාවිචි කිරීමට මුදල් ටිකකි.අප දෙදනාගේ අරමුණ කන්ද මුදුනේ කදවුරු ලාගෙන සුදු ගෝනා බලා ගැනීමටයි..
ත්‍රී වීල් එක්ක සිහිනය හැරදාමා කකුල් දෙකට පිංදීගෙන අපි දෙදනා පයින් ගැ‍ටුවෙමු..අවසානයේ අලකොල ස්ටෙට් එකේ ප්‍රධාන ගෙට්‍ටුව ලඟට පැමිණියෙමු.
"මහත්තයාලා කන්ද නගින්නද?"
"ඔව් අංකල්"
"එහෙනම් මේ පොතේ නම් ගම් ලියලා යන්ට අපේ මහත්තයා මට කියලා තියෙන්නේ.."
"අහ් අපි ලියන්නම්..හරී අපූරු වැඩක් නේ අංකල් මේක..මේ වගේ පොතක් ලිව්වාම එක මාර වටිනවා කන්ද නැගපු අයගේ ලිස්ට් එකක් හැදෙනවා..දැන් කොචර කල්ද අවුරුදු ගානක නම් ගම් තියනවා ද?"
"අනේ නෑ මහත්තයෝ..දැන් ටික කලයයි..පටන් අරන්.."
"අපි පොඩ්ඩක් බැලුවට කමක් නෑ නේ"
"අනේ කමක් නෑ මහන්තයෝ"
"ඔයාගේ සර් හොද වැඩක් කරන්න කියලා තියෙන්නේ.අපි අගේ කරා කියලා කියන්න..අපි එහෙනම් හිගින් එන්නම් අංකල් අපි ආය හෙට එන්නෙ"
"හරි මහත්තයෝ පරිසමට ගිහින් එන්න"
(මේ කථාවට අවසි ටිකක් පමණි මිට වඩා තවත් කරුණු ඔහු සමඟ සාගජ්ජා කලෙමු මේ පොස්‍ටුවට අදාල මේ ටික පමණක් සදහන් කලෙමි.)
එතනින් පිටත් වූ අප දෙදනා වෙලාව කෙමෙන් ගෙවී යන නිසා ඉකමනින්.නැවතත් ගමනේ යෙදෙන්නට විය.අතර මඟදී සූ සූ සද්දයක් හැරී බැලුවෙමි..තරුණයකු අත වනයි ..ඇයි අයියේ..මල්ලී පොඩඩක් එන්න..අපි සමීපයට ගියෙමු.
මල්ලි මේක තමයි මේ ස්ටෙට් එකෙ ඔ‍ෆිස් එක මෙතනට කියලා යන්න ඕනි උඩට යනවා නම්...අහා හරි අපි අහල නම් දැනුවත් කලා..
ඔහු තවත් වයස 28-33 පමණ පුදගලයන් දෙදනකුට අපව හදුන්වා දුන්නා.මල්ලි මෙතනින් යනවා නම් අපිට රුපියල් 500 ගෙවලා යන්න ඕනි..අහ් අයියේ අපි යන්නේ අයියලාගේ වත්තේ නවතින්න නෙවේ ගොම්බානියා කන්ද නගින්න..අහ් එහෙම බෑ 500 ක්ගෙවන්න ඕනි ඔවූහු පවසයි..
අප දෙදනා තවත් ගැටලුවකය..අප යන්නේ කැලයට බව ඔවුන්ට තවත් වෙලා ගෙන පැහැදිලි කලෙමු..
දැන් ඔවුන් එය පිලිගනී...
අයියේ එහෙනම් මෙතන ප්‍රධානියා අපිට හම්බ වෙන්න බැරිද අපි පොඩ්ඩක් කතා කරන්නම්..දැන් මේ පැහැදිලි කීරීමට පැය බාගයක් පමන විනාශ වී හමාරය..අපට සල්ලි නැත ඒ නිස ඔවුට අපගේ බලය පෙන්වීමට අප කතිකා කර ගතෙමු.
අයියේ අපි මොර‍ටුව කැම්පස් එකේ මේ තියෙන්නේ අපේ ID අපි යන්නේ කැම්පස් එකෙ පොඩි රිසර්ච් වැඩකටත් එක්ක.
එහෙම කොහොම යන්නද සල්ලි දීලා යනව මෙතනින් යන්න ඕනි නම්..
මගේ සීමාව ඉක්මවීය.."මේක රජ්‍ය ආයතනයක් නේ ඔයා කොහොමද එහෙම සල්ලි ඉල්ලනේ අනික මේ පාරෙන් යන්න උඩ ගමේ මිනිස්සු යන්නේ ස්ල්ලි දිලද?සල්ලි තියනවා නම් පහල ඉදලා ත්‍රී වීල් එක්ක එනවා එහෙම ආවානම් ඔයාලාට පෙන්නේ නෑනේ නේද?"
ඔහු තවත් කෙනෙක්ට කථා කර අපේ ID පෙන්වා.මෙන්න මෙයාලට මහත්තයාට කතා කරන්න ඕනි කියලා කියන්න..
කාලය ගෙවීයයි...අංකල් අපි ආවේ කන්දට යන්න දැන් පැයක් විතර මෙතන.පුලුවන්ද කෝල් එකක් අරන් ඔයාගේ ප්‍රධානියාගෙන් අහන්න..
ඔහු ඇමතුමක අපිට එය අහෙන්නේ නැත.නෑ යන්න එපා කීවා..සල්ලි නැත්නම් අහපු හැරිලා යන්න කීවා..
අනික ඔයාලට ඕනි විදියට කැලේට යන්න පුලුවන්ද?
දැන් අපි ඉලඟ වෙඩී උන්ඩය පත්තු කලෙමු.මේ තියෙන්නේ මේ අපි ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකෙන් අරන් ආපු ලියුම..දැන් වත් යන්න දෙනවා ද?අපි යන්නේ කැලේට ඔයාගේ වත්තට නෙවේ..
බැ යන්න දෙන්න බෑ...සල්ලි දිලා යන්න..ඇයි ඔයාලට සෙම්බුවත්තට යන්න ටිකට් ගන්න වෙන්නේ ඒ වගේ තමයි..
හරි සෙම්බු වත්තට යන්නේ සෙම්බු වත්තේ තියන දෙවල් බලන්න මිසක් එතනින් උඩ තියන කැලෙට නෙවේ.අනික පොඩ්ඩක් පෙන්නනවාද?ඔයාලා මේකට සල්ලි ගන්න පාවිචිචි කරන පොත..
ඔයාලා තමා පලවෙනි කට්ටිය අපී තාම පොතක් හදලා නෑ..ගිය සතියේ දෙතුන් දෙනෙක් 60ක් විතර එක්කන් ආවා..ඒ අය ආව නිසයි අපේ මහත්තයා කීවේ පොතක් හදන්න කියල්ලා.කෙල්ලෝ කොල්ලෝ ගොඩක් නිසා මහත්තයා හිතලා ඉසරහටත් හොදට කට්ටිය එයි කියලා (ඒ පැමින තිබුනේ විඳිනු රිසි කණ්ඩායමයි)
අප දෙදනා මූනෙන් මූන බලා ගත්තෙමු..අප එලියට පැමිණියමු..ඒ වන විට එහි සියලු සේවක සේවිකාවන්ගේ අවදානය අප දෙදනාට යොමු වී තිබුනි.
කෙටි සාගජ්ජාවකින් පසු නැවත ඇතුලට..
අංකල් අපි ගාව සල්ලි නෑ තිබ්බා නම් අපි ත්‍රී විල් එක්ක යනවා.ඔයාට ඕනි කැම්පස් එකේ මේ රිසර්ච් එක බාරව ඉන්න කෙනාට කතා කරන්න හදලා දෙන්න පුලුවන් ඔයලාගේ සර්ට..ප්ලිස් මහත්තයො කොල් එකක් දෙන්න අහඔඋ අපිට කාලය වටිනවා.අපිට ඔයාලගේ වත්තේ ඉන්න ඕනි නෑ.අනික අපි ගාව ඕනි සියලු අවසර ලිපි තියනවා..
නැවත බෑ මහත්තයා සල්ලි ගන්න කියනවා
අප දෙදනාට මේ වන විට අවසාන අන්තයටම කලකීරීම සමඟ තරහ විත් තිබුනි..
සල්ලිද ඕනි.සල්ලි දෙන්නම් යද්දී අහපු දෙනවා ද අපි දෙන්නට මොකද මේ යන්න තියන සල්ලි..
බෑ එහෙම බෑ සල්ලි ඕනි..අර කටිය ගොඩක් එක්කන් ආවේ ඒ වගේ ඉසාරහටත් ගොඩක් ආවොත් මේ තැන දියුණු කරගන්න පුලුවන්..ඒ නිසා සල්ලි ගන්න ඕනි..
එතකොට මේ ලංකාවේ කදු වටේ තියන ඔක්කෝම් ගමුයි වතුයි ඔය සල්ලි ගන්න එක කරන්න ගියොත් මේ නිදහස් ලංකාවේ නිදහසෙ ඇවිදින්නේ කොහොමද අංකල්..එතකොට මෙ උඩහ ගමේ මිනිස්සු යන්න සල්ලි ගන්නවා ද ඒ අයගෙමුත්
ඒවා වැඩක් නෑ සල්ලි දිලා යනව නම් යන්න..
මේ පාරෙන් යාමට මුන්ට සල්ලි දිය යුතු නැත දැනටමත් වෙලාව නිරපරාදේ විනාශ වී ගොසිනි..කොහේදෝ යන මොඩ ‍රැලක් නිසා මෙ මිනිසුන්ගේද අමනුස්ස ගති මතු වී ඇත..කරන්නට දෙයන් නැත කාලය වටින නිසා..අප සතු වූ එකම රුල්පියල් 500 උන්ට පුජා කල එතනින් එලියට පැමිණ ගමන ආරම්භ කලමි.ගෙදර යන්නේ කෙසේද යන්න අපිට ගැටලුවක් නොවීය අපිට එකම ගැටලුව වූයේ කන්දට වෙලාවට යා හැකි දැයි යන්නයි..
01.වඩුගොඩපිටිය මහත්මයානණි ඔබ මෙය නොදකිනවා ඇත.නමුදු ඔබගේ අනුදැනුම මත අප මෙසේ අසධාරණයට ලක් වුයේ.ඔබ පාලනය පවතින ඔබගේ කාර්‍යලය තුලයි.අපි ඊට අදාල පියවර ගනු ඇත.
02.ලොක්කා ඉන්නේ කොළඹයි මේ ඔ‍ෆිස් එක වැඩ බැලූ ඉහල තනතුරු වල ඉනා මුදල් වහලුන්ට ස්තූතියි.
03.ලංකාවේ නිදහසේ ඇවිදිය නොහැකි නම් නිදහස් මනුස්සයකු වී ඇති පලය ගැන සිතන්නට කාලය එලඹ තිබේ..
04.නිදහස් පරිසරක්ව තිබූ මිනිස් සිත්ද පරිසරය ද බුරුතු පිරින් මිනිසුන් ‍රැගෙන ගොස් විනාශ කල විඳිනු රිසි කණ්ඩායම ඔබගේ ක්‍රියාවල අතුරු පල ගැන විශේෂ ස්තූතිය.
*ප.ලි.විඳිනු රිසි කියා කණ්ඩායමක් නැත් නමුත් බුරුතු පිටින් පිරිස් ‍රැගෙන ගොස් ගොම්බානියා කියා වෙන කන්දක් නැග්ග වුයේ කුමන පිරිසද යන්න.අදාල පුද්ගලයන් දනී..සමහර අවස්ථාවක ඔවුන් සමඟ ගිය ඔබද නොදන්නවා ඇත තාමත් ඔබ ඔවුන්ගේ බොරුවට ‍රැවටී ඇත.
ඳිනු රිසි කියමින් දුව පෙන්නා අම්මා දෙන රිසී..තවත් කථාවක් එසේ අවසන් නොවේ අතුරු ඵල මඟ දිගට එමින් පවතී..
ප.ප.ලි. - මොවුන් මුදල් එකතු කරනුයේ මිනිසුන්ට පැමිණ කා බී නිදහසෙ ඉන්න තැනක් නිර්මාණ කර නඩත්තු කිරිමේ අරමුණෙනි.ඔවුනේ රෙෆරන්ස් වන්නේ..වත්තේගම සෙම්බුවත්තයි.එකවර පැමිණි මිනිසුන් දු‍ටු ඔවුන්ට සල්ලි ඉව වැටී එසේ ස්ථානයක් නිර්මාණය කිරීමට වලි කති.අනේ ඔබේ හදනා තැන ආතල් අපට වැඩක් නැත අපට අවසි ඔය පාර දිගේ ගිහින් කැලේට යන්නයි..
-මහේෂ් බී දහනායක



Read More

Tuesday, June 6, 2017

මා ඔබට ප්‍රේම නොකරමි | I hate u




එක් වරම පැමිණ 
යහනට පනින 
විට
ඔබේ හදේ වේදනාවක් 
දුටිමි
එය එසේ යැයි එය මෙසේ යැයි
වර්ග කොට
වෙන් කර ගත නොහැකිව 
ලතවෙමින් සිටියෙමි
නමුදු
එය ඔබ වෙලාගේන සිටින
වේදනාව නොවන  බව
ඉවෙන් මෙන් වැටහින
මා 
හිත නුබ වෙනුවෙන් ඉඩක් වෙන් කර
ගත්තේ
ඔබගේ ඒ බොරුව නිසාමයයි
මා හඳ තේරුම් 
ගත්තෙමි
ඒ නිසාම ආදරය කලෙමි
ආරක්ෂා කලෙමි
ලතවුනෙමි
නමුදු 
සමාව නොදුන්නෙමි
නුඹ 
මුලාව වැටීසිටියදී 
පවා එයින් ගලවාගනු
පිනිස
බොරු වරදක් 
මා පිට දමා ගතෙමි
නමුදු
තවමත් නුඹ
වැරදි පාරක යමින් සිටියේය
බලා සිටියෙමි
මා මාද නොවෙමින්
පැහැදිලි කලෙමි
නුඹට
එය පිලිගන්නට
ශක්තියක් නැත
මා පුපුරා ගියෙමි
නුඹට එය නොපෙනේය තවමත්
මා 
එක දෙයක් 
දනි නුඹ
පරාජය
මා ජයග්‍රහණය කලෙමි
දිනක හැරි බලන විට 
මා ඔබට ප්‍රේම කරනු දකින
විට
මා ඔබට
ප්‍රේම නොකරමි

-මයියා
Read More

Wednesday, January 4, 2017

ඈ සමඟ පන්සල් ගියෙමි



සීත පිණි ‍රැදි  සුළඟ සමග  ඇගට වදින වැහි බිංදු හිතට සහනයක් ගෙන ආවත් ඈ හමුවන්නට යන ගමනේ ඇදුම් තෙමාගෙන ඈ හමුවන්නට යාමට හිත නොදුන්නාය.දැනටමත් ඈගෙන් ලැබුනු අලුත් අවුරුදු කමිසය තෙමෙන්නට පටන් අරගෙනය.අප කතා නායකයා අවසාන තීරණයකට පැමිණියය.අද දවසටම තිබෙන රුපියල් සියය වියදම් කොට ත්‍රීවිල් එක්ක නැග්ගේ ඉක්මනින් පන්සලට යා යුතුව තිබූ නිසාය දැනටම ඈ පැමිණ සිටින වග දන්වන  ඇමතුම් තුනකට වඩා ඔහුට ලැබී තිබුනි.

මොකද ලමයෝ පරක්කු..?

නින්ද ගියා..
අලුත් අවුරුද්දේ උදේන්ම ඈට බොරුවක් කියනන්ට වීම ගැන ඔහු හිතින් දුක් විය.යාලුවන් සමඟ ඊයේ එළිවෙන තෙක් දැමූ සාදය ඈට දැනගන්නට ලැබුනා නම් මේ වෙන දේවල් පැත්තක දමා දෙන්නාගේ සංවාදය පටන් ගත යුතුව ඇත.

යමුකෝ දැන් එකටම පහන් පත්තු කරමු
අවුරුද්දේ පලමු දවසේ උදෙන්ම පන්සලට යමු කීවේ ඈය.එහි යන්නට සුදුසු අදුමක් නෑ කී විට එයද ‍රැගෙන දුන්නේ ඈය.

සෙරප්පු දෙක ගැලවූ කකුලට වෙනදා දනෙන පහස වඩා නැවුම් සිසිලක් ගෙන ආවේ උදෑසන පොද වැස්ස වන්නට ඇත.කර් කෂ පොලොවයි සීතල පොලොවයි හරියට...
ආ මෙන්න ඔයත් තෙල් දාන්න...

සැම විටම ඔහුගේ සිතුවිලි කඩා දමන්නට මේ කෙල්ල සමත් විය...ඈ ඔහු හා හාද වූයේ කෙසේදැයි ඔහු නොදනී.නමුත් එය අනිවාරයෙන්ම ඈ දන්නවා විය යුතුය.
බබා අපි කන්න යමුද දැන්...

අවුරුද්ද අලුත් කියා ජීවිතය පහරදීම් නවත්වන්නේ නැත.තිබ්බ රුපියල් සීය උදේ පන්දර වියදම් කොට දමා ඉවරය..අලුත් අවුරුද්දේ කන්න බෑ කියන්නටත් බැරිය සල්ලි නෑ කියන්නටත් බැරිය..කැම්පස් එකේ කැන්ටිමට ගියා නම් අඩුවට කන්නට පුලුවනි..ඒත් ඇගේ මේ අදහස එසේ කන්නට නොවන බව ඔහු හොදාකාරයෙන් දනී..

යමුකො..

යමු

මොකද අනේ මූන එල්ලගෙන අදත්.මොකද විලවයක්ද?

නෑ එහෙම එකක් නෑ..
අවුරුද්ද අලුතැයි කියා එකක් නැත.මේ කෙට්‍ටු කලු කොල්ලකු සමඟ ගමන් කරනා හුරුබුහුටි සුරදූතිය දෙස වෙනදා මෙන්  අදත් නරඹන්නන් උනන්දුය.වෙලාවකට ඇගේ ජීවිතය කාලකන්නි වනායැයි දැනුනද ඈ හැරදා යන්නට කිසිදා සිත නොදේ.උදෑසන ආහාරය දැන් කෙසේ හෝ සමනය කල යුතුය..

ඈ කියව කියවා ඔහේ නිදහසේ ඇවිද යයි නමුදු කිසිවක් මාගේ සවනෙහි ‍රැදෙන්නේ නැත නමුදු ඇය එසේ නොවේ..මා සමඟ සිටිනා විට ඈගේ කට වැහෙන්නේ හදිස්සියේවත් මාගේ උරහිසේ ඈට නින්ද ගියොත් පමණි.

මොනවාද අරවින්ද ඔයා කන්නේ?මට නම් බඩ පැලෙන්න බඩගිනී..

ඔයා කන්න මට බඩගින්නක් නෑ..

ඔන්න අහපවු පටන් ගත්තා..හැමදාම ඔය කතාවමනේ..ඔයට ඉතින් කවදාවත් බඩගිනි වෙන්නේ නෑ නේ..

හරි ඕඩර් කරන්නකෝ..

දැන් සතියකට කලින් ටියුශන් පන්තියක හැන් බිල් බෙදා හම්බ කරගත් රුපියල් දාහේ නෝට්‍ටුව හතරකට නවා ඉරිච්ච පර් ස් එකේ කොනක ඔබා තිබෙන  තැනින් ‍රැගෙන..රුපියල් පන්සිය පනහේ බිල ගෙවා රුපියල් විස්සක් ටිප් එකක්ද දමා ඉතිරිය නැවතත් පරිසමට පර් ස් එකට  ඔබා ඇගේ අතින් අල්ලා කඩයෙන් එලියට පැමිණියාය.
------------------------

හේලෝ මයේ පුතේ

අම්මේ

සුභ අලුත් අවුරුද්දක් වේවා මයේ පුතාට

එසේම වේවා අම්මේ..

කොහෙද ඉන්නේ පුතේ.කැම්පස් එකේද?

ඔව් අම්මේ මේ යන ගමන්..

පුතේ මල්ලිගේ කලාස් එකේ සල්ලි හෙට ගෙවන්න ඕනි.පුතා එවනවයිකිව දාහ පුලුවන්නම් අද දාපන් පුතේ.මන් හම්බ කරපු සල්ලි ටික හඳියේ කඩේ ණය ටික බේරලා දැම්මා..මල්ලිට ඉගන ගන්නත් එපැයි මගේ පුතේ.මන් තියනවා එහෙනම් බුදු  සරණයි.

බුදු සරණයි අම්මේ..

---------------
කාපුවා පිච්චෙනවා මෙන් ඔහුට දැන්නෙනට විය.

අම්මාද බබා..??

ඔව්

අපරාදේ මටත් දෙන්න තිබ්බේ කතා  කරන්න
Read More

Friday, December 30, 2016

සනුකගේ සරාගයට මොකද උනේ

"පාරෙන් ඉවතට යයිදෝ මම නම්
අහකට විසිවෙයිදෝ දැන්
හදවත පුපුරයි තරහින්
සෙනෙහස පැතූ ඇගෙන්

නාලක විතානගේගේ රූපාන්තරණ සිනමාපටයෙහි අඩංගු මෙම ගීතයට හඬ මුසු කරන්නේ සනුක වික්‍රමසිංහ නම් වූ නව පරපුරේ ගායන ශිල්පියකි. ඔහුගේ හඬ සහ රුව අපට තරමක් ආගන්තුක වුවත් සනුකගේ ලේ නෑකමක් සංගීතය හා සබැඳියි. තවත් පැහැදිලි කළොත් මෙරට කණ්ඩායම් සංගීතය තුළ සුප්‍රකට ගායකයකු, වාදකයකු මෙන්ම සංගීතඥයකු වන සංගීත් වික්‍රමසිංහ සනුකගේ පියායි."



සනුක ගායකුයකු ලෙස මූලික වූ කාරණා දෙක තුනක් නිසාම ප්‍රසිද්ධ වන්නට පටන් ගත්තේ මීට අවුරුදු කිහිපයකට කලින්ය..ඉන් ප්‍රධාන කාරණාවක් වූයේ ප්‍රසිද්ධ ගායක ලහිරු පෙරේරා කල ප්‍රකාශයකි.


 දැන් එය පැත්තකට දමා මේ කියන්නා වු ඔහුගේ සරාගයේ ගීතය මාට හැගෙන ලෙස විචාලන්නට පුලුවන.. ඇසූ සැනින් පට්ටය නමුදු මෑතකදී නිකුත් වූ රූප රචනාවේ හා මීට මාස ගනනකට පෙර නිකුත් වූ ඕඩියෝවේ තිබෙන පැටලවිල්ලයි.



Youtube වෙත නිකුත් කල දිනය -Aug 5, 2016
Views - 425 957
Like - 6 481
Unlike - 75



Youtube වෙත නිකුත් කල දිනය -Dec 23, 2016
Views - 195 577
Like - 4421
Unlike - 215


මෙහි එන ප්‍රධාන කාරණය වන්නේ ඕඩියෝව සහ ඊට අඩු කාලයකින් රුප රචනයට ලැබෙන අකමැත්හි ප්‍රකාශ ගනනයි.මෙහිලා විශේෂ වන්නේ  ලාංකීය රසවිදින්නා තවමත් වචන රස විදින බහුතරයක් සිටින නමුදු එය රූප රචනාවකට ගෙනා විට ලැබෙන ප්‍රතිචාරයයි මන්ද ඒ තුල ඔහු එය  රසවිදි තාලය වින්දනය මානසික ප්‍රතිබිම්භය නොමැති විමයි..

Image result for fil say and book


සංකල්පයක් නිර්මාණයක් කරන්නට බොහෝ වෙහෙසිය යුතුයි..ඊටත් වඩා ප්‍රධාන කාරණය වන්නේ..ඒ සංකල්පීය ආරෝපණය ලබාදීමේ තිබෙන බැ‍රැරුම් වගකීමයි..එය බහුතරයකගේ මානසකික ප්‍රතිබිම්බයන් සනහාලිය යුතු වන්නේය..සෑම නිර් මාණයකම සාධනීය හා නිශේදනීය කරුනු තිබේ නමුදු සංකල්පයක් පණ දෙන්නට වැර දෙන අධ්‍යක්ෂක් වරයකු කැමරා කරුවකු එඩිටර් කෙනකු එකී පුද්ගලයන් දායකත්වය සංකල්ප නිර්මාණ කරුවා ගේ සංකල්පයේ ඇති නිරවද්‍ය  ශක්තිමත් නිර්මාණය ක් බිහිවීමේලා ප්‍රධාන වශයෙන්  බලපායි.

ගීතයේ පදවැල් එලසම යොදාගැනීම කලයුතු වන්නේ මන්දැයි ගැටලුවකි.ලාංකීය ගීත කලාව තුල ‍ෆිල් ටී ට  වඩා ඉරාජ් සාර් ථක වූවා සේම  ඊට වඩා සනුක සරාගීත්වය යොදා ගැනීමෙහිලා සා ර් ථක වි තිබේ.


නමුදු කෙටි කලකින් මෙලස අකමැත්ත වැඩි ප්‍රතිශතයක් ලාබා ගන්නට මේ වීඩියෝව සමත් වෙන්නේ සරාගීත්වය් යොදාගැනීම නිසානම්..එය වෙනම මාතෘකාවක් එන කතාබහක්ය.මා මේ සදහන් කලේ පදවැල් එලසම කල රූප රචනාවක සාර්ථකත්වය ගැනයි.
Read More

Tuesday, October 11, 2016

තරුණ මා ඒ ගුරුවරියට ප්‍රේම නොකරමි





දොර ඇරගෙන එලියට ඇවිත් එහා පැත්තේ වූ පඩිපෙල දිගේ උඩට නැග ඈත පෙනෙන තැනක වාඩි විය...
                                        අහසේ හද පායා ඇත බස්නාහිරට බරව හද තිබෙන නිසා නැගෙන හිර තරු ටිකක් පෙනෙන්නට ඇත.අද හද නොතිබුනා නම් මීට වඩා හොදින් තරු දකින්නට තිබුනි.කමක් නැත රෑට හද පායා තියෙද්දී අමුතු ලස්සනක් ඇත රෑ කලුවර හැම තැනම වෙලාගෙන සිටින විට ඊට උඩින් සායමක් හලාගෙන ගියා වැනි ලස්සනක් දකින්නට ඇත.නැත්නම් ඈත දැමූ බල්බයක මලානික එලියක් වැ‍ටුනා වැනිය...ඔබේ ජීවිතය මෙතෙක් ලියවී ඇත්තේ නගරය නම් මේ කතාව ඔබට නොතේරනවා නිසකය.වාසනාවකට මාගේ උපන් ගම කන්ද උඩරට වූවාය ඊටත් වඩා වසනාවකට මහනුවර සිට කිලෝමීටර් 20ක් පමණ ඈත ගමක වාසය කරන්නට මා හට වාසනාව තිබී ඇත.යම්කිසි හේතුවකට මාගේ පියා මවගේ ගම ජීවත්වීම සඳහා තොරා ගත්තානම් මා ජීවිතේ මෙතෙක් ලද මේ අත්දැකීම් මෙතරම් රසවත් නොවනු ඇත.මන්ද එය නුවරට  කිලෝමීටර් දෙකතුනක් මෙහා වීමයි.
                                        මා කුඩා කල මගේ පියා මට ගල් ලෑල්ලක් හා ගල් කුරක් ද  ලෑල්ලක් වටේ ලෑලි ගැසූ වැලි පිරවිය හැකි එය අතුරා ඊට උඩින් අකුර ලිවිය හැකි වැලී ලෑල්ලක්ද ගෙනවිත් දී තිබුනි..අකුරු නොදත් ඒ අවදියේ මා සතුව තිබූ හෙලිකොප්ටර් හා කාර් වලට වඩා මා හට ඒ අකුරු ලියනයන් මතක තිබෙන්නේ එක හෙතුවක් නිසාය.හොදින් හද පායා ඇති දවස් වලට මාගේ මව සද එලියේ එවායේ මා නොදන්නා අකුරු ලියමින් මට කියා දීම නිසාය..මා හදට ආලය කරන්නට පටන් ගත්තේ ඒ කාලයේයි.මා මාගේ මව සමඟ වේගයෙන් හද පහු කරන් යන වලාකුලු දෙස බලා සිටියෙමු ඒවා ගැන කතා කෙලෙමු කතා ගෙතුවෙමු.දීප්තියෙන් බැබලෙන හද අදුරු වලාකුලුවලින් වැසෙන සැටිත් මාගේ එක් එක් දවසට හද වෙනස් වෙන සැටිත් හද වෙනස් වන විට තරු අහස පුරා පැතිර යන සැටිත් අවුරුදු ගනනක් බලා සිටියෙමි.මාගේ මතකයේ හැටියට හතර වසරේදී හෝ පහ වසරේදී  මාට හදේ වෙනස් වීම ගැන ගුරුවරියක් උගැන්වූ විට මා ගෙදර විත් මාගේ මව සමඟ ඒවා සමඟ කතා කලෙමි. හය සහ හත වසා වලදී අහසේ උන තද වෙන්නට විය මා සහ මාගේ යාලුවා තරකා විද්‍යා සංගමයට බැදුනි අප දෙදනාට රෑට අහස නිරීක්ෂණය කර සටහන් තබා ගන්නා සටහන් පොත් පවා විය හත වසර පහු කරන විට අපට තාරකා විද්‍යාඥඥායන් වීමට අවසි  විය.නමුත් ජීවන නිපුනතා විශයෙහි දවසක් අනාගත් බලාපොරොත්තුව පි‍ටුවක් ලියාගෙන යාමට කියූ දවසේ මාගේ ඔලුවට හෙන වැදුනාක් මෙන් විය.මා සමඟ තාරකා විද්‍යාඥඥායන් විමට කැමැත්තෙන් සිටි මාගේ යහලුවා වෛද්‍ය වරයකුවීම ගැන සිහින ඔහුගේ පොතේ ලියාගෙන විත් තිබුනි..එදා මාගේ පොත් දිහා බලා මාගේ සිහිනෙට සිනාසුනු ගුරුතුමියගේ නපුරු මූන තවමත් මතකය.එදා සිට මා ඒ ගුරුතුමිය රුස්සන්නේ නැත.මාගේ යාලුවා සිහිනෙන් පලා ගිය නිසා මා තනිවිය.
                                    එදා ඒ ගුරුතුමිය නිවරදිය.දැන් මා තාරකා විද්‍යාඥක් වීමට හදාරන්නෙකු නොවේ.මාගේ යහලුවා වෛද්‍යවරකුද නොවේ.මාගේ යහලුවාගේ ඒ සිහිනය දැන් නැතුවා ඇත ඒත් එදා මා ඒ පොතේ ලියූ දේවල් මට අදටත් මතකය ඒවා සැබෑ වනවා දකින්නට මා කැමතිය.ඒ නිසා මා තවමත් අහසටත් තරුවලටත් ආදරය කරමි..අවුරුදු දෙක්කින් කැම්පස් එකේ මෙහෙම නිවාඩුවක් ලැබුනේ ඒ නිසා මෙහෙම ගෙදර අවිත් නිදසේ ඉන්න පුලුවන් තව දවස් කිහිපයකින් යන්න ඕනි කියලා හිතුනාම අරමුණක් හොයනවා.මොනවා උනත් මන් පොඩි කාලේ ඉදන්ම ආස කරා අපේ ගේ නැගෙනහිර පැත්තේ තියන කන්දට උදේට ඒ පැත්තෙන් ඉර නගිද්දි හරි ලස්සනයි ඒත් පොඩි කාලේ තරම් මේ පරිසරේ ලස්සන නෑ කියලයි හිත කියන්නේ..වාසනාව කියනේ අපේ ගේ උතුරු පැත්තයි දකුනුපැත්තයි දෙකමත් කදු සමහර වීට අවුරුදු ගානක් මේ කදු දිහා බලාගෙන ඉදලා වෙන්න ඇති මන් කදු නගුන්න පිස්සෙක් උනේ..කොහොම උනත් තැන්න් තැන ගෙවල් වල ලයිට් එලි පෙනුනාට ඒක මේ කරුවලට බාදාවකුත් නෙවේ ඒ වගේම කලුවර පාට කරන හදට බාදාවකුත් නෙවේ..ඒත් කැම්පස් එකේ ඉද්දි මේ නිදහස කොහේ  කියලා හොයා ගන්නද සමහර වෙලාවට කැම්පස් එකේ උසම තැනට නැගලා
යලුවෝ එක්ක ඒ වහලේ උඩ නිදා ගන්නවා..ඈතට පේන කොළඹ තනිකර පාට පාට බුබුලු ගොඩාක් ඈත් නැවක් දෙක් වෙලාවකට පේන්න ගන්නවා.ඒ වෙලාවට කථා වෙන්නේ එ පාට ගොඩේ ජිවිතේ ගැන  අහස කියන්නේ නිකම්ම නිකන් දෙක් විතයි.අහසට වඩා පොලවේ පාට වැඩි නිසා කොළඹ අහසේ තරු හැංගෙනවා.නිදසේ රෑ පොඩ්ඩක් ඉන්න ග්‍රවුන්ඩ් එක චුට්ටක් විතර හොද උත්තරයක් වටේ තියන තඩි ෆෑලැශ් ලයිට් රෑ වෙද්දි නිවන නිසා චුට්ටක් විතර නිස්කලංකයි..මොනවා උනත් අහවු ටික දවසකින් යන්න එපැයි...
                    ආ එලියට එන්න කලින් මන් පොඩි පොතක් කියව කියවා හිටියේ එකේ තිබ්බ පොඩි කෑල්ලකට හිත ගියා පොතේ නම බත්තලංගුණ්ඩුව මංජුල වෙඩිවර්ධන ලියලා තියෙන්නේ..

//

"මොකක්ද? බුරියද?"මම කමිසය උස්සා නාභිය පෑවෙමි.
"මේ තියෙන්නේ"
අතිශයින් අපුල ඒ සිරික්කිය මා හදවත් අහුරු ගාමින් දෝරේ ගැලීය.මන්දනය වෙන සිනාහවෙන්ම ඕ මෙසේ පැවසුවාය.


"ඔයා ඉපදිච්ච කෙනෙක් ද..මවපු කෙනෙක් ද....මං හැදුවේ ඒක හොයා ගන්න.."

//



Read More

Friday, September 30, 2016

ඒ නැවතුන දවසට


කෙල්ලක්
ඇහුවොත්
කෙල්ලෙක් ගැන
කියන්නට නෑ මොකුත්

කෙල්ලක්
සුන්දරද
පොත්වල චරිත තරම්
බ්ලොග් පොස්ට් වල කතා තරම්

නැත්නම් කෙල්ලක්
කාමුක ද
ලීක් වෙන වීඩියෝ තරම්
නැත්නම්
ලියවිලා තියන කාමුක කතා තරම්

ආකර් ෂණය
ආරක්ශාව
ලිංගිකත්වය
සවංදීම
නැත්නම් අහේතුක කතාවක්
ඔය කාරණා
පදනම්ව කෙල්ලක් දුවනවා
සුන්දරත්වයයි කාමුක බවයි අස්සේ

ඒක ආදරය කියලා කියන්න තරම්
වටිනවා ද නොවටිනවා ද
යන්න විස්තර කිරීමට තරම්
මා ආදරයේ තේරුම දන්නේ නෑ

ඒත් කෙල්ලක් නැත් නම් ගැහැණියක්
චරිත ගොඩක් අස්සේ දුවද්දි
සිද්ද වෙන කාරණා ගොඩක් ම
විතරයි

එක සිද්දි ගොඩක් විතරක් ම නෙවේ
අතීතයෙන් අනාගතයට පාඩම් සමූහයක්

කෙල්ලක් කොල්ලෙක් එක්ක කරන
ගනුදෙනුව
හුදෙක්
ලිංගිකත්වයට සීමා වෙලා
එක තැනක නවතිනවා
ඒ නැවතුන දවසට


Read More

Friday, September 23, 2016

රෙද්ද පෙන්නලා බෙල්ල මිරිකන ගෑනී 05



එයා ගියා අයියේ රට ජාතිය බේර ගන්න ඉතින් ඒකෙන් සිද්ද උනේ මාව මේ ලෝකේ තනිවුන එක විතරයි

මට කණගා‍ටුයි නංගි ඒ ගැන

ඒක හිතන්න එපා අයියේ මේ ලෝකේ මේ දේ සිද්ද උන එකම ගෑනිය මන් නෙවේ නේ

එතකොට නංගිට දරුවෝ එහෙම නැද්ද

නෑ අයියේ

ඉතින් නංගි තව කසාදයක් ගැන හිතුවේ නැද්ද නංගි තාමාත් හරි හැඩට ඉන්නවා නොවැ

මට කසාදයක් ගැන හිතන්න බැහැ අයියේ මන් ඉන්නේ මහත්තයාගේ අම්මා ගාව.මන් අනාත කෙල්ලක් පොඩි කාලෙම අපේ අම්මලා මාව අනාත නිවාසෙක දාලා ගිහින් ඉතින් මට මහත්තයාව හම්බ උන දවසේ ඉදන් මේ අම්මා තමා මගේ අම්මා වගේ මගේ ලගින් හැම දේටම හිටියේ ඉතින් මට මේ අම්මාව දාලා යන්න බෑ.අපි කාගෙත් කරුමේ තමා අයියේ

නංගි මොකුත් බොන්නේ නැද්ද මට විතරක් සලකලා නිකන් ඉන්නේ

මට බොන්න බෑ අයියේ දැන් නේ මන් කාලා අවේ..
මට අහන්නත් බැරි උනා අයියා කාලා ද ඉන්නේ

ඔව් නංගි මන් ටවුන් එකෙන් රෑට මොනවා හරි කනවා දන්නේ නැද්ද අපේ රස්සාවල හැටි ඉතින්

අයියා ඉතින් බැදලා නැද්ද

සිරිපාලට මීට දිය යුතු උත්තරය මොකක් දැයි සිතා ගත නොහැකිව මොහොතක් කල්පනාවක වැටී සිටියාය.ම් මේ වෙලාවේ කට්ට පුරුෂ ලක්ෂණ ඔහු තුල මතුවන්නට විය.මෙතරම් සුන්දර උවතියක් සමග ඇතිවෙලා තියන මේ කුකුසෙන් ප්‍රයෝජන ගන්නට සිතා දිය යුතු පිළිතුර ගැන ඈ සිතන්නට විය.


මොකද අය්යේ මන් වැරදි දෙයක් ඇහුවාද?


නෑ නෑ නංගි මන් මේ පොඩ්ඩක් ක ල් පනා කලේ..මේ....මටත් තිබුනා ලස්සන පවුල් ජීවිතයක් අපි දැන් ඉතින් මහලු උදවියනේ

එතකොට අයියා බැදලා හිටියේ දැන් ඒ කාසාදේ නැද්ද

නෑ වගේ තමා නංගි දරුවෝ දෙන්නා ඉන්නවා මන් උන් දෙන්නට සලකනව ඒවා මගේ යුතුකම් අනික මගේ දරුවෝනේ

ඒ කියන්නේ අයියාට දරුවෝ ඉන්නවා ඈ දිග හුස්මක් පිට කරමින් ඒ ප්‍රකාශය කල එක ගැන ගුණපාලට අමුත්තක් දැනෙන්නට විය.ඒ ඈට දරුවෙක්වත් නැති නිසා වන්නට ඇතැයි ඔහු හිත සකසා ගත්තාය.කෙසේ නමුදු දැන් ගුණපාලගේ පුරුෂ ගති මෙල්ල වූවා සෙයකි මේ අනාථ ගැහැණිය ගැන සිතට ඇති වූයේ අනුකම්පාවකි.

ඔහු ඔලුව ඔසවා ඈ කොහේ දැයි සොයන්නට විය.ඈ සාලයේ ඈත ජනේලය ලගට වී ඈත පාර දෙස බලා සිටියාය.අසරණ ජීවිතයක්.ගුණපාල සිතනනට විය.ඈ සමඟ පැමිණි ගැහීම් සියල්ලට කුමක් වෙලාද ඔහු සිතන්නට විය.මේ ගැහැණිය නම් පුදුමයි සුන්දරයි ඒ ඔක්කෝම කතාවකින් මාව අසරණ කලා.

නංගී මන් යන්නම් එහෙනම් දැන්..අයියාට කන්නත් බෑලූ නේ අම්මත් තව ටිකකින් එයි ඉදලාම යන්න අයියේ..

එහෙනම් තව විනාඩි පහලොවක් විතර බලලා යන්නම්කෝ ...

අසල තිබූ පු‍ටුවේ තිබූ පත්තරය ‍රැගෙන ඔහු එය පෙරලන්නට විය.ඇස් දෙක පියවෙන තරමට ඇගට වෙහෙසය ඒ තරමටම හිතද වෙහෙසකරයි.

තද සීතලකින් එක්වරම ගුණපාල ගැස්සී අවදි විය.පාර අයිනට වෙන්නට ඔහුගේ බස් රථයද නවතා තිබුනි පාර අයිනේ බංකුවකට වී ගුණපාලට නිද ගොසිනි සිදුවූයේ කුමක්ද යන්න සිතන්නට විය.ඔහුට හිතන්නට දෙයක් නැත මුලු ගතම දහඩියෙන් නෑවී උණ ගැනී තිබුනි.හැකි ඉක්මනින් බස් රථය පණ ගන්වා යන්නට උවමනා විය....


නිමි.

01. එක කොටස කියවන්න>>
02. දෙක කොටස කියවන්න>>



අවුරුදු හතරකට කලින් ලියනන්ට පටන් ගත් කථාවක් අවසන් කරන්නට උවමනා විය.කාලයකින් නැවත ලියන්නට ද සිත් විය.ලිවීම ආරම්භ කරණු වස් මෙය මෙසේ ලියා අවසන් කලෙමි.


Read More

Tuesday, September 20, 2016

අතීත මතකයක පහර



ලැප් එක අරගෙන මෙන්න මේ කියන තැනට නැ කියන තැනට ඇත්තටම කීවොත් මන් මේ දැනටමත් ඉන්න තැනට ආවාම දෙයක් සිද්ද වෙනවා.අතරමන් කරපු අසාධාරණයට ලක් කරපු දුර කාන්තාරයක හැර දමා අපු මතකයක් ඇවිත් පහර දෙන්න පටන් ගන්නවා වගේ ඒක අමුතු හැගීමක් අතීතයෙන් ඇවිත් ඒ මතකය ගහන්න පටන් ගද්දී වර්ථමානයේ ඉදන් ඒ වෙනුවෙන් කරන්න පුලුවන් මොනවා ද කියලා හිතන්න පටන් ගන්නවා නැත්නම් ඇයි ඒක දැන් කරන්න බැරි කියලා හිතනවා හිත හිත ඉන්න ඈතට යන හිතට කතා කරලා ඔහොම නැවතියන් කියන්නට හිතෙන එහෙම කලාම නැවතිලා හිත ඇයි කියලා අහන්නේ නෑ.ඔව් කියනවා ඒ වෙලාවට උත්තර දෙන්න මන් ගාව උත්තරයක් නෑ ඒ ඇයි කියලා හිතන්න ගියාමවිප්ලව කරන්න හිතෙනවා නෑ මා එක්ක ඔව් ඒක විප්ලවයක් .පාඨකය කැම්පස් එක්ක කැන්ටිමක මේසයක් උඩට වෙලා මන් ඔහේ මේ ලියන්නට උත්සහ කරන්නේ බ්ලොග් එකට වචනයක්.සරසවියක නිදහස වැඩි වන්නට ඕනෑය නැත් නම් නැත්තනටම නැතිවන්න ඕනාය.ඒ අන්ත දෙකේ කුමන අන්තයක මා ජීවත් වනවා ද යන්න මට ගැටලුවක්ව පවති.
       නිදහස් මානසිකත්වයක සංකල්පීය සම්ප්‍රධාය චාරීත්‍ර සම්මුතීන් පිලිගැනීම් හා වගකීම් පුද්ගලයා එක් අන්තකටකට ඇද දමා සිර කරනවාට සැකයක් නැත නැත් නම් විද්‍යාර්ථිකයකු තුල නිදහසේ ප්‍රතිවිපාක දක්නට තිබිය යුතුය.නමුත් නොසිතන්න කොහේ හෝ අහුමුල්ලක ලිංගිකව හැසිර බඩට වදා ගන්න අවජාතකයකු පිලිබඳ කරන කතාවක් නොව  ගබ්සාවක් ගැනද නොව නමුත් එය උපත් පාලන කොපුවක මානසිකත්වයක් වත් තිබිය යූතුය.
      චින්තන රටාව නව නිගමන වලට එළඹීම නම් එය පෙරට වඩා සාර්ථක විය යුතුයි.මන්ද අතීතය නැවත පැමින ඔබෙන් ප්‍රශ්ණ කරයි නම් නුඹ සිටින්නේ අතීතයට වඩා පහල මට්ටමකයි.කාල පරාසයන් දෙකක් තුස සිද්ධ කරනා වූ චින්තන මට්ටමක් හෝ ක්‍රියාකාරී මට්ටමක් අතර ගලපාගැනීමක්  එම මොහොත කාලයකට බාර කරයි.පාඨකයන් කියවමින් සිටින විටද මන් නුබේ කාලය උදුරාගෙන නුඹ ලවා මා මේ ලියන දේ කියවයි  ද පාඨකය ඔබට එයට ඉදිරිපත් විය හැක.කෙසෙද නුඹ නොලියා ඉන්නේ සහ කෙසේ ද නුඹ ලියන්නේ.ආර්මාර්ථකාමී වන්නේ අන්න ඒ විටයි පාඨකය.බොරු කාරුනික කමක් පෙන්වා ඔබට හොද විය හැක නමුත් ඊට වඩා අවංක වී නරක මනුස්සයකු වී සිටීම රසවත් හරයකි.
Read More

Thursday, July 7, 2016

බෝඩිමක බිත්තියෙන්





සිහිනෙන් පවා මගෙ සුඛ විහරණය පැතූ

රජකම ගන්න රජගෙට ගියැ යි සිතූ

අම්මා දන්නවා නම් සරසවියෙ තතූ

ගෙනගොස් බොහෝ කල් මේ දුක විදින පුතූ



-බෝඩිමක බිත්තියෙන්
Read More

Friday, June 24, 2016

"අම්මේ දැන් කැම්පස් ඇති වගේ"


කුප්ප හා කුජීත භූගෝලීය ප්‍රදේශයක වාසය කරන්නෙමියයි සිතට හැගේ.
බලන් ගියාම හැගෙන්නට දෙයකුත් නැත කුහක නැති එකම තැන පිවිතුරු වනය පමණකි.ඉතින් යන්නට වෙලාවක් නැත.එක්කෝ ගෙදර යන්නට ඕනෑය "අම්මේ දැන් කැම්පස් ඇති වගේ" එක නිකම්ම පෝස්ට් එකක් නොව බහුතර විශ්වවිද්‍යාර්ථිකයින්ගේ අධ්‍යාපන පීඩනය හෝ ඒ කියන්නා වූ උප සංස්කෘතියක ගට්ටනයේ වෙහෙස ප්‍රකාශ කරන දරුණු ප්‍රකාශයකි.විශ්ව විද්‍යාලයකට පැමිනෙන ඔබට එක එක සීන් වලට සෙට් විය හැක.ආපු ගමන් වාත වීම හෝ නොවීමට ඔබ හා මම තීරණය ගත යුතුය.වාත උනත් නැත්ත ඒකේ ඇති මගුලක් නැත අන්තිමට ඔක්කොම මිනිස්සුය.වාත උන උන් වෙනම ධානයකට සම වදින්නේ නැත නමුදු අවුරුදු හතරක් පහක් මේ උප සංස්කෘතියක යැයි කියා ගනිමින් සිටින විට තමාගේ සිද්දිය තොරා ගැනීමක් සිදුකර ගත හැක.මෙකී කතාව සල්ලි දීලා ඉගන ගත්තද නැත්ත ද එකමය.නිදහස් අධ්‍යාපනය කෙසේ වෙතත් නොමිලේ අධ්‍යාපනයක් නම් ලැබෙන්නේ  බහුතර අතීතකයන්ගේ කැපකිරීමක් මතය.උබ සෙට් කරගන්නා මානයෙන් අනිකා මැනීම ද විකාරයකි මන්ද එවිට ඔහුත් උබ මොංගලයකි.
             මේ කියන මගුල් වලින් වැඩක් නැත් එක්කෝ ඉගන ගත යුතුය නැත් නම් මුදල් අප වෙනුවෙන් සේවය කරන සැටි ඉගන ගත යුතුය.ඔව් දෙකම ඉගන ගැනීමක් උනාට ඉගන ගැනීම් වර්ග දෙකකි.ඔබ කියවලා නැත්නම් කියවන්න "ධනවත් පියා හා දිළිදු පියා".
                   පාඨකය උඩ කොටස යන්තමින් හෝ කියෙව්වා නම් මා හට එය පුදුමයක් මුසු කමක් නෑ කිවීමකි දැන් ලියන්නට හැකියාව නැද්දෝ එක්කො වැඩිවෙලා දැයි නිදනී එක්කෝ දැන් මා නිදහස් පුද්ගලයක් නොවේ නැත්නම් දැන් දස පණ්ඩිතයකුය මන්ද පණ්ඩිතයාට ඒ දණ්ඩේ යන්නට බැරිය.නමුත් පණ්ඩිතයාට බ්ලොග් ලිවිය හැක ඒ නිසා පණ්ඩිතයකු නොව දස කම්මැලියකු වග නම් පැහැදිලිව කිව හැක.දැන් බ්ලොග් ලොකයේ අලුත් ලියන්නන් ‍රැසක් බිහිවි ඇත උන් අප දන්නේ නැත අප උන් දන්නේ නැත.හරියට අපේ ජනාධිපති තුමා වාගේය අපිත් දැන ගන්නේ පත්තරයෙනි.
                                           ඔය ලොකු ලොකු පු‍ටුවල ඉන්න ඔක්කොම මේ කියන කතාවේ රස විදි අයයි ඔවුන්ට අමුතුවෙන් කිව යුතුනොවේ.ලොකු පු‍ටු යනු නිසි අධ්‍යාපනයක් ලැබූ උන් මිස හොර දේශපාලන පු‍ටු නොවේ උන් දන්නා රෙද්දක් නැත ඒවත් හරියට සමහර විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය සංගම්වලට වැඩ කරනා පළමු වසරේ සිසුන් වැනිය.මේ කියන කතාවේ අවසානයක් තිබිය යුතුය කොටින්ම තරගයට විභාග ලියා ‍රැලේ ඔහේ පාවෙමින් පස්වීගෙන කැම්පස් එනවාට වඩා විදවවිද්‍යාලයකට පැමිනීමේදී ශරීර කූඩුවකට එහා ගිය සවිඥාණක පුද්ගලයකුගේ අවැසි බව මෙකී කථා සමග ජීවත් වන මාගේ හැගීමයි.නැත්නම් උබට පිස්සුවක් තිබිය යුතුය මන්ද පිස්සන් විශයකට අවැසිය ඔවුන් එකි විශය පථයන්ගේ අන්තය සොයා යන උන්ය.පණ්ඩිත පොත් ගුල්ලෙකුගෙන් වැඩක් නැත් ඌ කරන්නේ කවදා හෝ පොත් මත සේවය කිරීමක්  මිස වෙන මානය සොයා යාමයි. 
ඔය කියනා හැම එකාම තමාට බොරු කරගනිමින් ජීවත් වෙයි නැත්නම් අද අප ජීවත් වෙන රට සුන්දර නවාතැන් පලක් විය යුතුය.එය එසේ වෙයි එක්කුටත් අනිකාට එසේ නොවීමටත් හේතු වක් තිබිය යුතුම නොවේ.කෙසේ වෙතත් අද වන විට අප ජීවත් විය යුතුය.


"අම්මේ දැන් කැම්පස් ඇති වගේ" එක නිකම්ම පෝස්ට් එකක් නොව බහුතර විශ්වවිද්‍යාර්ථිකයින්ගේ අධ්‍යාපන පීඩනය හෝ ඒ කියන්නා වූ උප සංස්කෘතියක ගට්ටනයේ වෙහෙස ප්‍රකාශ කරන දරුණු ප්‍රකාශයකි.




මයියා-
මොර‍ටුව විශ්ව විද්‍යාලයේ 
වාස්තුවිද්‍යා දෙපාර්තමේන්තුවේ
පරිගණක විද්‍යාගාරයේ  සිට.

Read More

Tuesday, April 19, 2016

Green Spine | හරිත කොදුඇටපෙලේ කථාව

ඔව් කාලෙකින් ලිව්වේ නෑ තමා ඕක ඉතින් පොස්ට් එකක් ලියන්න පටන් ගන්න හැමදාම කියන කථාවනේ.කොහොමද පාඨකය අවුරුදු අවුරුදු ආවා ගියා මන් ඉතින් අවුරුදු ගැන රස කථා පොස්ට් ලියන්න ඕනි නෑ නෙ මූනූ  පොතේ රවුමක් ගියානම් ඇති පදමට පදම් වෙලා එන්න පුලුවන්.නිවාඩුවත් ඉවරයි හෙට අහපවු කැම්පස් යන්න පටන් ගන්න වෙනවා ඉතින් ඊට කලින් ලියන්න පටන් ගන්න හිතුනා කථාවක් ලියනව ද නැත්නම් මයියාගේ හයිකින් රිපෝට් එකක් ලියනව ද ලියනවා නම් හයිකින් රිපෝට් තොගයක් ලියන්න පුලුවන් ලියන්නම්ම කියලා හිතාගෙන ඉන්න රිපෝට් කිහිපයක්ම තියනවා. බෙලිහුල් ඔය ඉදලා නයගරක් ව්ර්ල්ඩ්ස් එන්ඩ් හරහා ඔහියට හිය ගමන නකල්ස් දුම්බර මිටියාවතේ ගත කරපු ‍රැය එතකොට අලුත්ම කතාව තමා GreenSpine එහෙමත් නැත්නම් හරිත කොදුඇට පෙලක කතාව කොහොම කොහොම හරි ඔය ඔක්කොම ලියන්න හිතාගෙන ඉන්නවා.එහෙනම් අලුත්ම කථාව ලියන්නම්.


පාඨකය  මන් නුවර කොලඹ  ඒසී බස් එක්ක ගෙදර එන ගමන් ඒ කියන්නේ නුවරට එන ගමන්  මන් ඉදගෙන හිටිය සීට් එකේ අනික් පැත්තේ හිටියේ කෙල්ලක් කෙල්ලක් කීවට කෙල්ලක්ම නෙවේ දෙව්දුවක් වගේ ඒ ඇස් දෙක ඒ තොල් දෙක... .දන්නවද ඒ කෙල්ල එක පාරටම..හෝව් හෝව් පාඨකය මේ කියන්න යන්නේ වැරදි කථාවක් කරන්න දෙයක් නෑ මන් ලියන්න පටන් ගත්තේ GreenSpine කියන කථාවනේ එහෙනම් ඒක් කියවමු.ඔන්න ඔය කියන්න පටන් ගත්ත විදියට මන් කොහොම හරි ගෙදර ආවා. ගෙදර ආවේ 18 උදේ පාන්දර පිටත් වෙන ගමනකට අවැසි කලමනා ටික ලෑස්ති කරගන්න.මේක දවස් පහක ගමනක්.

ඔය කියන හරිත කොදු නාරටියේ වැඩේට මට ආරාධනාව ලැබුනේ සුදාර අයියාගෙන් GreenSpine කියන්නේ අවුරුදු ගානක් තිස්සේ පිඹුරුපත් සකස් කර කර හිටපු ගමනක්.ගිය අවුරුද්දේ අප්‍රේල් වලත් සූදානම් වෙච්ච ගමන් නොයකුත් හේතූන් නිසා මේ අවුරුද්දට කල් පැනපු නිසා මට මේ පාර අවස්ථාවක් ලැබුනා මේ ගමනටැකතු වෙන්න.මහේෂ් කේ. සහ චමිල් අයියාත් රාජ් අයියාත් මේ ගැන කථා කලත් මේ ගැන සැකවින් විස්තර දැන ගන්න ලැබුනේ සුදාර අයියා ගමනට යන කණ්ඩායමට එකතු කර ගත්තාට පසෙයි.මෙකී කණ්ඩායමට තවත් කිහිප දෙනෙක් සහභාගි වීමට සිටියත් නොයෙකුත් හෙතුන් මත අවසානයේ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් GreenSpine ගමනට ලක ලෑස්ති වුනා.
        පාඨකට දැන් ඔබට ලොකුම ගැටලුව මොකක්ද මේ GreenSpine නැත්නම් හරිත කොදු ඇටපෙල කියල.සරලවම කීවෙත් අවුරුදු ගානක් සකස් කරපු පිඹුරුපත්වල අඩුවීම වැඩිවීම් මැද්දේ අවසාන GreenSpine මෙහෙයුම උනේ දවස් පහකින් කිලෝමීටර් 81-100 අතර (අප සිතියම් හා Google මැප් ආධාරයෙන් කල ගණනය කිරීම අනුව.සැබෑ කදු වැටි වලදී මෙය මීට වඩා වැඩිවිය හැක.) දුරක් කැලය මැදින්  මහනුවර දිස්ත්‍රික්කයේ මාතලේ නාවුල සිට රංටැබේ ජලාශය දක්වා දවස් පහකීන් ගමන් කිරීම.මේ සිතියම් ගත් කිරීම අනුව

01.රතනගල
02.බට අඩු කපොල්ල
03.කිරිමැටියා කන්ද
04.මාවුස්සාහිරීය
05.පිටවල පතන
06.හෙටන්වෙල
07.රත්මෙටිය
08.කිරිගල්පොත්ත
09.ගොම්බානිය
10.නකල්ස් කදු මුදුන් පහ
11.අලියාවැ‍ටුන ඇල්ල
12.කොබෝනීල ගල
13.දෝතොලු ගල

ප්‍රදාන භූ සටහන් ලෙස අප සිතියම් ගත කල මාර්ගයේ  ප්‍රදාන ස්ථාන හදුන්වා දිය හැකියි.අන්න ඕක තමා කථාව කෙටියෙන්ම කීවොත් GreenSpine කියන්නේ දැන් තේරෙනවා ඇතිනේ කොච්චර අමාරු අභියෝගයක්ද කියලා.අපේ අරමුන වුනේ දවසකට කිලෝ මීටර් 20ක ප්‍රමාණයක් ආවරණය කර ගනීම ලොකුම අභියෝග කිහිපයක් තිබුනා.




01.අප එක් කෙනෙකුගේ බැක් පැක් එක්ක බර කිලෝ 20-30 අතර තිබුනා (ආසන්න වශයෙන්) ඒ බරත් එක්ක අපගේ ගමන් වේගය තීරණය වුනා.
02.දවසින් දවස අපගේ තෙහෙට්‍ටුව  වැඩිවීම.
03.අප සිතනවාට වඩා පරිසර පද්ධති වල ඇති විවිධත්වය.සිතියම් හෝ Google මැප් වලට වඩා සැබෑ පරිසර පද්ධති වල විවිධත්වය.
04.කාලගුණ වෙනස් වීම් අධික හිරු එළිය හා වැසි ත්ත්වයන්.
05.ශාරීරක අපහසුතා හා හදිසි අනතුරු හා ආබාද / සත්තුන් ගෙන් සිදුවිය හැකි අනතුරු.

ඔන්න ඔය විදියට තමා සරලවම කියනවා නම් හරිත කොදු ඇට පෙල නොහොත් GreenSpine කථාවේ සාරාංශය.දැන් තේරෙනවා නේ පාඨකය මේ සදහා කණ්ඩායම් සාමාජිකයකු ‍තෝරා ගනිද්දි තියන බැරෑරුම් කම. ඔය හයිකින් කියන කතාවේ කැහිල්ල හොදටම  අමාරුව වැඩි වෙච්ච ගමනක් තමා මේ ලැස්තිය.දැන් කණ්ඩායම ගැන කියන්නම්


අංක එක-සුදාර අයියා තමා මේ පිඹුරුපත් මූලික සියලු සැල්සුම් සකස් කරලා අපිට කතා කලේ මේ මනුස්සයාගේ අවුරුදු නිවාඩුව වියට්නාම් වල ඉදලා ලංකාවට ගොඩ බැහැලා ගමන යන්නයි ලැස්තිය.



අංක දෙක- මහේෂ් කේ. ඒ කියන්නේ මගේ නමේ අනික් කොපිය මහේෂ් අයියා මිනිහා හිතන් ඉන්නේ හෙනම සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කියලා ඒකනේ  බොසාටත් කොක්ක දාන්නේ.සුදාර අයියා මෙහෙට එනකම් මිනිහා තමා එහෙට මෙහෙට දුවලා මේ ගමනට අවැසි කලමනා ලක ලැස්ති කලේ.ගමන ඉවර වෙනකොට  මිනිහට භූමිතෙල් මෑන් කියන්න පුලුවන් නැත්නම් සීරියල් මෑන් කියන්නත් පුලුවන්



අංක තුන-අපේ කණ්ඩායමේ ඩොකා මේ මෙහෙයුමේ වැදගත්ම මනුස්සයා මනුස්සයත් සිංගප්පූරුවේ ඉදන් මෙහෙට ගොඩ බැස්ස ගමන්ම තමා ගමනට සෙට් වෙන්නේ.ඉන්දියාවට පුදුම ලැදි කමක් තියෙන්නේ මනුස්සයෙක්.මිනිහා මේ ගමන් ඉවර වෙනකම් ඉන්නවාද ඒක අපි බලමු ඉස්සරහට.



අංක හතර-හරි නිවිච්ච මනුස්සයෙක් කැලේ ඉන්නකොට විතරක් අපේ සිංහල වෙදා නොහොත් භාක්ෂර ලවණය.මෝක්ෂර ඉන්ජිනේරුවා.නැවිගේශන් කරලා ඇටන්වලයි වල්පොල මුල්ලයි නිසා මිනිහා තව පොඩ්ඩෙන් ක් ස නිකව පත්තු කරගන්නවා.



අංක පහ-ඔව් දැන් ඉතුරුවෙලා ඉන්නේ මන් නේ මන් තමා


ඔන්න ඔය කියන පස් දෙනා තමා කණ්ඩයම.මෙතන ඉන්නේ මේ ගමන් ගිය පිරිස විතරයි.මෙකත් එක්ක එක දිගට හිටපු කිහිප දෙනකුත් ඉන්නවා.ඔන්න ඔය කියන පස් දෙන.මේ කියන ගමන යන්න ලැස්තියි.18 පාන්දර ගමන් පීටත් වෙනවා පාඨකය අපි තව  ඉස්සරහාට කියවමු.ඊලඟ කොටසින් හමුවෙන්නම් ජය ශ්‍රී!

ඔන්න දැන් පැතුම් අයියා මේ නමින් වැදගත් වැඩක් පටන් අරන් තියනවා බලාගෙනම යන්න ඒකත් Green Spine, Reforestation Project


සුභ අලුත් අවුරුද්දක් වේවා!

Read More

Wednesday, February 10, 2016

MORASPIRIT SPORTS STAR 2015



කාලයකින් බ්ලොග් පෝස්ට් එකක් ලිව්වේ නැහැ ඒත් මේ වැඩ අස්සේ පොඩි පෝස්ට් එකක් දාන්න හේතුව නම් මාගේ පාඨකයන්ගේන් පොඩි දැනුම් දීමක් කරන්න.





උඩින් දාලා තියන  ඉමේජ් එක දැක්කාම කථාව අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ.මේ අපේ කැම්පස් එකේ ඒ කියන්නේ මොර‍ටුව කැම්පස් එකේ අපේ රගර් ටීම් එකේ කොල්ලෙක්.පොඩි සප් එකක් දෙන්න Popular University SPORT STAR  වෙන්න.කරන්න තියෙන්නේ පහල තියන ලින්ක් එකට ගිහිල්ලා HESHAN SILVA කියන නමට VOTE කරන එක.පුලුවන් අය ඉන්නවානම්  VOTE එකක් දෙන්න.

http://sports.moraspirit.com/vote.php




The public can vote for their favorite sports star at,
http://sports.moraspirit.com/vote.php
______________________________________________________________
The rules and regulations,
• The online voting begins on 3rd of February 2016, at 11.59PM.
• The votes from the voters who are not fans of MoraSpirit fan page will not be considered valid.
• Every voter has to login via his/her Facebook account before voting at the above web link.
• One vote from one Facebook account (per 24hrs): Every voter is eligible to cast one vote per 24 hrs. Since the voting will be available for 7 days, one voter is eligible to cast a total number of 7 votes (maximum)
• Any violation of rules and regulations and cheating will lead to disqualification and thus will not qualify for any prizes or awards
‪#‎MMPUSS2015‬


FB - https://www.facebook.com/heshan.silva

Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya