Tuesday, September 12, 2017

පස්වන වතාවටත් මේ කථාව පාඨකයා ඔබට කියා දැමීම උදසා ලිවීම ආරම්භ කලෙමි.මෙය අමතක කතාව අමතක වෙයි කියා බයක් නැත.නමුත් මේ කථාව ලිවිය යුතුයයි සිත කියන නිසාවෙන් නැවත වතාවක් ලියන්නට උත්සහ කරමි.




"අවුරුදු ගණනාවක බලාපොරොත්තුව සපත කරගැනීමට ගිය ගමනක් වුවත් ත්‍රාසය, භීතිය, කුතුහලය, කවදාවත් නොලබන අත්දැකීම"

11.45ට තව සුලු වේලාවක් ඉතිරිව තිබූ නිසා හැකි ඉක්මනින් ලක ලෑස්ති  වී කිටා සමගින් ප‍ටුවත හොස්ටල් එකට ( ප‍ටුවත - මොර‍ටු විශ්වවිද්‍යාලයේ පිරිමි නේවාසිකාගාරයක්)  දිව ගියෙමු.අවුරුදු ගානක් යන්නට උත්සහයෙන් සිටි ගමනක් සැබෑවට පත්වෙමින් තිබේ.ප‍ටුවතින් අප සමඟ එකතු වන සගයා වූයේ කබා අයියායි.වෙනදා නම් වෙලාවටත් කලින් ඔහු දුරකථන ඇමතුමක් නොවරදවාම ලැබේ.අද වෙලාවත් පසුවී ඔහුගෙන් ඇමතුමක් නැත.මේ ගමන අවුරුදු ගනනක්  බලා සිට පිටත්වන්නට ඔන්න මෙන්න තියෙද්දිත් ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත."කෙල්ලෙක් හම්බුනාම කොල්ලෝ වෙනස් වෙන්නේ නැ කියනවා නම් කණට දෙකක් ගහලා පයින් එක්කුත් ගහලා කබා පෙන්නපන්."එ කියන්නේ පුන්කට් අයියායි.හැබැවකි අද ඇමතුමක් නැත ඒකත් කමක් නැත ඔහු පරක්කුය.ඔහු ඒ ගෑණු ලමයා හා හාද වී සති දෙකක් වත් ඉක්ම ගොස් නැත.කමක් නැත රුමට ගොස් ඔහුද කැදවාගේන අපි තුන්කට්‍ටුව.කොලඹ කො‍ටුව බලා ගියෙමු එතනදී අපට එකතුවන තවත් ගමන් සඟයෙක් සිටි ඔහු නමින් ටනා ය නැතහොත් ටනා අයියාය..12.30ට පමණ කො‍ටුවට ලඟා වූ අපගේ ඉරණම ඉතාමත් ශෝක ජනක විය.කරුමය යනු අප පිටත්ව යාමට සූදානම් වු බස් රථය ඉදගැනීමට කෙසේ වෙතත් හිටගෙන යාමටවත් ඉඩක් නොමැත.සීටිබි සිහිනය අතහැර ප්‍රයිවට් බස් සොයාගෙන ඒ දෙසට ගියත් මේ යක්කු ගස් නගින අලුයම අපට සෙනඟ නොමැති බස් රථයක් සොයාගැනීමට නොහැකි විය.නැවත සීටිබී බස් රථය දෙසට යන විට ටනා අයියා එතනට පැමිණ සිටියේ අලුත් බැග් එක්කුත් කරලාගෙනය.තවමත් අපගේ ගමන් සගයන් සම්පූර්ණ නැත , තවත් එක් සගයකු කණ්ඩායම සම්පූර්ණ කිරීමට අවැසිය ඔහු නමින් රණා අයියාය.ඔහු ගමනට එකතු වන්නේ අවිස්සාවෙලේදීය.ඊලඟ බස් රථය පිටත් වන්නේ උදෑසන 5.30ටය අපට එතෙක් බස් ස්ටෑන්ඩ් එකට වීසිටිය හැක නමුද ගමන පමා කල නොහැක.මිනිසුන් දෙතුන්දෙනකුගේ කකුල් පාගා අමාරුවෙන් අප හතර දෙනා බසය තුලට බඩගා ගතෙමු.

කන්දක් නැගීමට යන ගමනක් නිසා නින්දක් අත්‍යවශ විය.ඔන්න ඕකයි කීවේ නයිට් මේල් එකේ යමන් කියලා එකෙකු පවසයි.දැන් කරන්නට දෙයක් නැත.කුම්බලා මාලු කැවා නම් කීවලුනේ.අපි හිටගෙන නිදාගන්නට උත්සහ කලෙමු.උත්සහය අති සාර්ථකය අවිස්සාවෙල්ලේ මොන මඟුලක් හෝ වී ගමනේ අවසාන සඟයා බස් රථයට න්ග්වා  ගත නොහැකි විය.ඔහුව මඟ දමා අපි යන්නට ගියෙමු.ඔහුට ඊලඟ බස් රථයට නගින්නට කියා අපි නැවත හිටගෙන නිදා ගතෙමු.මිතුරුකම කෙතරම් සුන්දරද කියනවා නම් හිටගෙන නිදාගෙන සිටි මා එක්වරම නැගිටින විට බස් රථය නවත්වා තිබුනි  මා සඟයන්ද අවට පෙනෙන්නට නොසිටියාය.බලන විට බස් රථය තේ පානයට නවත්වා තිබූ අතර මා මිතුරු සඟයන් එතන කඩයට වී තේ  බොමින් සිටියාය.ඔවුන් මා හට කෙතරම් ආදරේද යත් ඔවුන්ට හිටගෙන නිදා සිටි මාව ඇහැරවන්නට හිත  දී තිබුනේ නැත.නමුත් මා නැතිව අමාරුවෙන් ඔවුන් තේ පානය කරයි නොදකින් මෙවන් මිතුරන් කියා බිත්තර ආප්පයක්ම මා කන්නට ගතෙමි මිතුරු ප්‍රේමයේ උත්කෘශ්ඨ අවස්ථාව නැවත උදා විය.බිත්තර ආප්පය ද මට බෙදා ගෙන කෑමට සිදුවිය.

" මෙයාම කියලා මෙයාම කඩනවා නේ මොනවා  කරන්න ද කමු ඉතින් "ඒ කිටාය , මං මොනවාද බන් කීවේ? ඇයි කීවේ සුදාර අයියලා ඔය කන්ද නගිද්දි බිත්තරයක් වත් අරන් ගියේ නෑ කියලා.ඉතින් බන් මන් කීවේ ඒ මිනිස්සු අරන් ගියේ නෑ කෑවෙත් නෑ කැලේට ගියෙත් පලතුරු වට්ටියක් එහෙම තියලා මීට අවුරුදු ගානකට කලින් කියලා.ඉතින් ඒක තමයි මන් කීවේ ඒ කිටාය.ඔව් ඉතින් අපි කතා උනේ නෑ නේ අපි එහෙම කරනවා කියලා.අපි හිතුවේ එහෙම කරනවා කියලා දැන් මොනවා කරන්නද බිත්තර නෙවේ නේ බිත්තර ආප්ප නේ අපි බිත්තර නොකා බිත්තර ආප්ප කෑවෙමු.පාඨකය ඔබ දන්නවාද අපි මේ නොකියා යන්නේ කොහේද කියා ඔව් ඔබ දන්නවා නේ මොකද මන් උඩින්ම ලොකුවට ලියලා තියනවා නේ මාතෘකාවක් කියලා එකක්.තේක බිලා බස් එකට නැග්ගාට අහපු හිරවෙලා යන්න හිතක් තිබ්බේ නැති නිසා ඉස්සරහා දොර ගාව ඉන්න අන්තිමේට නැග්ගා කොහොම හරි හිරවෙලා යන්නේ නැතිව නිදහසේ හුලං ටිකක් වදීගෙන ඩ්‍රයිවර් එක්කයි කන්ඩෙක්ටර් එක්කයි කයිකක් දාගෙන යන්න චාන්ස් එකක් ලැබුනා.ටික වෙලාවක් යද්දි අහපුන් නිදිමත උඩ පැනගෙන පහර දෙන්න පටන් ගත්තා.මොනවා කරන්නද හිමීට පාත් වෙලා දොර ගාව පඩියේ ඉදගෙන නින්දත් නොනින්දත් අතර ඉද්දි එක පාරට "නයිට් මේල් එක පීලි පැනලා"නිදිමත නිමා විය.නැගිට ඩ්‍රයිවර් සමඟ කතා කොට ඒ ගැන වැඩි දුර වැඩි දුර තොරතුරු  සමඟ ඩේටා බේස් එක අප්ඩේට් කර ගතෙමි.වාසනාවකට කිසිදු ජීවිතයකට අනතුරක් වී නැත.මේ වන විට අප වීරයන්ව වී  සිටී අපි නයිට් මේල් එකේ ආවානම් මේ වන විට ගමන අතර මඟ නැවතී තිබෙන්නට පුලුවනි.ඒත් හිරවී හිටගෙන නිදාගෙන පැමිනීම දැන් අපගේ වාසියටද වාසනාවටද හැරවී තිබුනි.දැන් අප වීරයන් වී සිටී.බහින්නට හිතාගෙන ආ ටවුමද අපගේ ගමනාන්තයද ඩ්‍රයිවර්ට පැවසුමි.ඔහුට අනුව බැසිය යුත්තේ අපගේ අරමුණ වූ ටවුමට පසුව හන්දියෙනි ඔහුට අනුව ඒවිට අපිට එන වාහනයක් අල්ලාගත හැකි අතර ඒ එක්ක නැගී ගමනාන්තයට ලඟාවීමට හැකිවනු ඇත.අපගේ අරමුණ වූ ටවුමෙන් බැස්සොත් අපගේ ගමනාන්තය උදෑසන බසය පැමිනෙන තෙක් ප්‍රමාද කිරීමට සිදුවනු ඇත.ඒ නිසාවෙන් කරන්නට දෙයක් නැත අප ඩ්‍රයිවර්ගේ උපදෙස් අනුගමනය කරන්න තීරණයකට පැමිණියෙමු.අපගේ කතාව කණ වැකුනු බස් රථයේ කිහිප දෙනකුම එක්වී උපදෙස් දෙන්නට පටන්න් ගත්හ, මෙය අමාරුම අවස්ථාවක් බැව් බොහෝ අවස්ථාවල අත්දැකීම් ඇත එමෙන්ම මේ ගමනේදී මෙය ඉතා කරදරකාරී දෙයක් වනු නොවනු මාන මක් නිසාද යන.බොහෝ අතරමං වීම් ගනනාවකට පසු අප දන්නා පරාසය තුල මේ කන්ද නැගීමට යන පලමු කණ්ඩාම අප  වීමයි.සැමටම ඔලුව වනා.අදාල හන්දියෙන් බැසගතෙමු.
      දැන් තවත් අමාරු කාර්‍යයකින් පසු නැවත ඊලඟ යොමුවට යොමුවී ඇත.කරනා කිහිපයක්ම තිබුනි.රණා අයියා තවමත් පැමිණෙමින් සිටිම.කිහිප දෙනෙක්ට සැදී ඇති අධික කුස ගින්න , සීතල චූ බර හා තවත් ගමනේ බොහෝ දුර යාමට තිබීම ඒ අතර ප්‍රධාන කාරනා විය...


ඔබ තවමත් සිතනවා ඇත්තේ රචකයා කොහි යන්නට ඇත්දැකි කියායි.පාඨකය අති සුන්දර දෙවන කොටසින් හමුවෙමු.මේ සප්ත කන්‍යා කදු වැටි තරණයේ ඩිජිටල් සටහනයි....




3 comments:

  1. වීඩියෝ ක්ලිප් එකනම් මරු මචං. නියම අත්දැකීමක්.!
    👊🏽

    ReplyDelete
  2. patta ithuru tikat liyanna

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya