Tuesday, April 12, 2011
වසර 50කට පෙර අදවන් දිනක එනම් 1961 අප්‍රේල් 12 වන දින ප්‍රථම වරට මිනිසකු අභ්‍යවකාශගතවිය. ඔහු රුසියානු ජාතික යූරි ගගාරින් ය. රුසියාවේ බයිකනෝර්හි කොස්මොඩ්‍රෝම් වෙතින්, මොස්කව් වේලාවෙන් පෙ.ව. 9.07ට පිටත් වූ ගගාරින් රැගත් වොස්ටොක් 1 යානය පෘථිවිය වටා කක්ෂගතවී පැය දෙකකට ආසන්න කාලයක් යූරිට අභ්‍යවකාශයේ රැඳී සිටීමට හැකි විය.
50වන සැමරුම වෙනුවෙන් ලොව පුරා විවිධ උත්සව සංවිධානය වී ඇති අතර මේ අතර සමරු මුද්දර කාසි සහ වාර්තා වැඩසටහන්ද වේ. මේ වෙනුවෙන් විශේෂ වෙබ් අඩවියක් මේ වන විට ක්‍රියාත්මක වන අතර එයට http://www.firstorbit.org/ඔස්සේ පිවිසිය හැකි ය.
අභ්‍යවකාශගතවන විට 27වැනි වියේ පසුවූ යූරි 1968 මාර්තු 27වන දින ගුවන් අනතුරකින් මිය ගියේ ය.
ඡායාරූප : ඉහල - ගමනට සූදානම් යූරි සහ පහල - වොස්ටොක් 1 යානය රැගත් රොකට්ටුව ගමනට සූදානම් වෙමින්.
http://www.google.lk/#q=Yuri+Gagarin&ct=firstmaninspace11-hp&oi=ddle&fp=810ef31eadac8cf9
Monday, April 11, 2011
මෙන්න මම ඔයාලට අරගෙන අවා අලුත්ම Google Chrome 10.0.648.6 beta සංස්කරනය..ගුගල් එකෙන් කලින් හදපු Google Chrome Browser වලට වඩා මෙකේ වෙනස්කම් කිහිපයක්ම කරලා තියෙනවා..ඔයාලත් මෙක බාගන බලන කොට පෙනෙවි.ඇත්තටම කලින් තිබ්බ Google Chrome Browser එකට වඩා වැඩි වේගයකින් අන්තර්ජාල්යේ මෙකන් සැරිසරන්න පුලුවන්..එ වගෙම Application Save කරගැනිමේ පහසුවද මෙමගින් සපයනවා..ඉතින් ඔයාලත් ආසනම් Google Chrome 10.0.648.6 Browser එකට..පහල ලින්ක් එකෙන් බාගන්න පුලුවන්...
Google Chrome 10.0.648.6 මෙතනින් බාගන්න
Monday, April 4, 2011
Downlode
වින්ඩෝස් XP සදා සැකසු වෙබ් බ්‍රව්සරයවන්නේ IE6ය.2011 අගෝස්තු 26 වෙනිදා නිකුත් කරනු ලැබු එය අදත් 12% දෙනා පාවිච්චි කරති.එය අත්හැර වින්ඩෝස් 7 හා vista සදහා IE9 භවිතයට මහජනයා පොලබවන මෙම වෙබ් බ්‍රව්සරය මයික්‍රොසොෆ්ට් සමාගම් විසින් පවත්වගෙන යනුන් ලබයි.
ඒ වෙබ් අඩවියට
වටිනා මිනිස් ජීවිත විනාශකර දමන මිණීමරු යාඥාව යළිත් වෙනත් ස්වරෑපයන් ඔස්සේ කරලියට පැමිණ ඇත්තේ වෙනදා ට වඩා ප්‍රබල වූ ස්වරෑපයකිනි. එම ප්‍රබලත්වය අන් කිසිවක් නොව, රාජ්‍ය රැකවරනය ඊට රිසිසේ ලැබීමයි. මෙහි ආසන්නතම අවස්ථාව මාර්තු මස 11, 12, 13 යන දිනයන් හීදී ගාලුමුවදොර පිටියේදී අප දුටුවෙමු. එම භූමිය අධි ආරක්ෂිත කළාපයකි. එවන් අධි ආරක්ෂිත කළාපයක් මිණීමරැ යාඥාව සදහා වෙන් වුයේ කාගේ අනුදැනුමක් පිටද? සිංහල බෞද්ධයාගේ ජන්ද පදනමෙන් බලයට රිංගාගත්තවුන් සිංහල බෞද්ධයාගේම මළගම වෙනුවෙන් මෙවන් කටයුතු සිදු කිරීම සැබැවින්ම අතිශය නින්දා සහගතය. එපමණක් නොව ලොකු ලොක්කන්ගේ අණට කීකරැ විය යුතු ත්රිවිධ හමුදාවේ අසරණ සිංහල බෞද්ධ තරැණ තරැණියන්ටම එවන් වූ පාදඩයන් උදෙසා රැකවරණය සැළසීමට සිදුවීම කෙතරම් බේදනීය වූවක්ද? රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුදැනුමෙන් එම යාඥා මාලාව පැවැත්වූ බවට තහවුරැ කරගත හැකි සාධක රැසකි. මහජන සාමය හා නීතිය ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් බැදී සිටින පොලීසියට (කොටුව) මේ පිළිබදව අප නිරන්තරෙයන් කරැණු පැහැදිලි කරමින් පවසා සිටියේ මෙම මූලධර්මවාදී යාඥා මෙහෙයන් නවත්වන ලෙසත් ඒවායේ ඇති අවදානම් තත්වයන් පිළිබදවත් ය. එපමණකින් නොනැවතුන අප අදාල ඉහළ පොලිස් නිලධාරීන් ද අවස්ථා කිහිපයකදීම දැනුවත් කළෙමු. අපගේ (සිංහල රාවය සංවිධානයේ) දැඩි බළපෑම් නිසාම ඔවුන්ට තව දුරටත් සත්‍යය වසන් කල නොහැකි වීමෙන් පවසා සිටියේ ඉහලින් එන නියෝග වලට පිටුපා තමන්ට කිසිවක් කිරීමට නොහැකි බවයි.
මෙම මිණීමරු යාඥාවට අධි ආරක්ෂිත භූමිය ලබා දීමෙන් කොළඹ වරායට දිනකට රැ. 76,000ක මුදලක් ලැබෙන බව වරායට සම්බන්ධ ආරක්ෂක නිළධාරීන් පැවසූ අතර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හා වරාය අධිකාරිය මේ සදහා අවශ්‍ය අනුබලය නියමින් හෝ අනියමින් ලබා දුන් බවට ඉතා හොදින් පැහැදිළි වන්නේ අපගේ දැඩි බළපෑම් මධ්‍යයේ කොටුව පොලීසිය විසින් අවලංගු කල ශබ්ද විකාශණ බලපත්රය හා වේදිකාව ඉදිකිරීම අත්හිටුවමින් නිකුත් කල නියෝගයන් සුළු වේලාවකට පමණක් සීමා වීමෙනි. මෙම මිණීමරැ යාඥාවන් සදහා සාමාන්‍ය ජන සමාජයේ පවතින දැඩි විරෝධතාවයන් නිසාම අධි අාරක්ෂිත කලාපයක් තෝරා ගැනීමට තරම් ඔවුන් උපායශීලී වී ඇත.
.....................................................................................
බළපෑම් කණ්ඩායම් රැසක් විසින්ම පොලිස්පති තුමා ඇතුළු නිළධාරීන් දැනුවත් කලද ඒ සියල්ල දූවිල්ලක් තරම් වත් ගණන් නොගැනීමට තරම් මේ රටේ මූලධර්මවාදීන් රාජ්‍ය අනුග්රහය ඇතිව ශක්තිමත් වී තිබීම අතිශය කණගාටුදායක තත්වයක් හා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුත්තති.
* Dananjaya Kasun ගේ මුණු පොතේ සටහන් අතර තිබී මට හමුවිය.
පසුගිය මාර්තු 11 වැනිදා ජපානයේ සිදුවූ රික්ටර් පරිමාණයේ 8.9 ක ප‍්‍රබලතාවයෙන් යුත් භූ කම්පනයෙන් පෘථිවියේ අක්ෂය 0.2කින් වෙනස් වී ඇති අතර, දිනක කාලය ද අඩු වී තිබෙනවා.
1900 වසරෙන් පසු ඇති වූ 5 වන ප‍්‍රබලතම භූ කම්පනය පොළවේ භ‍්‍රමණය වේගවත් වී මෙලෙස දිනක් සඳහා ගතවන කාලය අඩුවී ඇත්තේ මයික්‍රෝ තත්පර 1.8කින්. මේ නිසා මෙම කාල වෙනස එතරම් සැලකියයුතු නොවන බවත්, ඇමරිකානු නාසා විද්‍යාඥයන් පෙන්වා දෙනවා.
භූ කම්පනය නිසා පෘථිවියේ අක්ෂය වෙනස් වී ඇත්තේ සෙන්ටිමීටර් 17කින්. කෙසේ නමුත්, පෘථිවිය සමබර වී ඇති අක්ෂයේ මෙම වෙනස්වීම අභ්‍යාවකාශය තුළ එහි චලනයට බලපෑමක් ඇති කරන්නේ නැහැ.
එවැනි වෙනසක් සිදුකළ හැක්කේ, සුර්යයා, චන්ද්‍රයා සහ අනෙකුත් ග‍්‍රහ තාරකාවලින් යොමුවන ගුරුත්වාකර්ෂණ බලපෑම්වලින් පමණක් බවයි නාසා ආයතනය පෙන්වා දෙන්නේ.
චිලී දේශයේ ඇති වූ රික්ටර් පරිමාණයේ 8.8 ක භූ කම්පනයෙන්ද පෘථිවි අක්ෂය සෙන්ටි මීටර් 8 කින් වෙනස් වූ අතර, දිනක කාලය මයික්‍රෝ තත්පර 1.26 කින් අඩු වුණා.
2004 වසරේ ඇති වූ රික්ටර් පරිමාණයේ 9.1 ක සුමාත‍්‍රා භූ කම්පනයෙන් පෘථිවි අක්ෂය සෙන්ටිමීටර් 7 කින් ඇල වී දිනක කාලය මයික්‍රෝ තත්පර 6.8 කින් අඩු වූ බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
පෘථිවි චලනයේ මෙම වෙනස්කම් සැබැවින්ම ස්වභාවික වන අතර, එය අඛණ්ඩව සිදුවන කි‍්‍රයාදාමයක් බැවින් අපගේ එදිනෙදා ජීවිතයට බලපෑමක් ඇති නොකරන බව නාසා ආයතනය අවධාරණය කලා.
Sunday, March 27, 2011
ප්‍රභන්ධයක් උවත් කතාවෙහි ඇති ප්‍රභලත්වය හා සංවේදීත්වය නිසා යලි යතුරැ කර මාගේ සටහන් අතරටත් එක්කර ගැනිමට සිතුවෙමි.
මට මතක ඇති දා පටන් මගේ අම්මාට තිබුනේ එක ඇසක් පමණි. මෙය මට මහත් වදයක් විය. ඇය ජීවිකාව සදහා කලේ වෙළදාමයග ඒ කුඩා පෙට්ටි කඩයකි. එහි ලොතරැයි මෙන්ම කුඩා කෑමජාති ඇය විකුනුවාය. ඇය වචනයේ පරිමමාප්ත අර්ථයෙන්ම මහා වදයකි. මම ඉල්ලනදේ දීමට ඇය සතුව මුදල් නොතිබීමද එක හේතුවකි.
එදින මා ජීවිතයේ වැඩියෙන්ම කේන්ති ගත් දිනයකි. ඒ මගේ අම්මා මාගේ පාසැලට පැමිණි දිනයයි. ඒ මම පරක්කු කිමදැයි දැනගැනීමටය. මගේ අම්මා මට තවත් එපාවිය. යහලුවන් සියල්ල මට ඔච්චම් කරන්න පටන්ගත්තේය. “ යකෝ උඹේ අම්මට තියෙන්නේ එක ඇහැක්නේ“ හා හා උඹේ අම්ම් කොහොමද එක ඇහඅකින් වැඩකරන්නේ? මට මගේ යහලුවන් මරාගෙන මැරෙන්න තරම් තරහක් ඇතිවිය. මට ඊටත් වඩා තරහ මගේ අම්ම සමගය. “මේ ගෑණි මොකටද ඉස්කෝලෙට රිංගුවේ“
මා එදින ගෙදර ගියේ අධික කේන්තියෙනි. “අම්මෙ මොකක්ද අම්මගේ අනිත් ඇහැට වුනේ? අම්මට ඕනෙ මගේ ඉස්කෝලෙට ඇවිල්ල මගේ යහලුවන් ලවා මට විහිලු කරවන්නද? ඇත්තටම ඇයි අම්ම මැරිල යන්නේ නැත්තේ?“ මම දිගින් දිගටම කියාගෙන ගියෙමි.විටෙක මට දුකද ඇතිවිය. එහෙත් මට සතුටුවීමටද කාරනාවක් විය. ඒ මට අවශ්‍ය දේ කීමට හැකිවූ නිසාය.
එදා රෑ මම කුස්සියට ගියේ වතුර ටිකක් බීමටය. වේලාව රෑ 12 පසු වී තිබුනි. කුස්සියේ එක කොනක වාඩිවී අම්මා හඩමින් සිටිනු මා දුටුවෙමි. මුලින් මගේ හදවතට දුකක් ආ නමුත් ඇයගේ තනි ඇස දුටුවිට එම දුක කෝපයක් බවට පත්විය. “මේ ගෑණිට අඩන්න වත් ඇස් දෙකක් නෑනේ “ මට සිතුනි. “ඒ මදිවට මේ ගෑනි ඇහැට වුණුදේ නොකිය ඉන්නහැටි“
කාලය කෙමෙන් ගෙවී ගියේය. මම ඉතා හොදින් ඉගෙන ගත්තෙමි. ඉහලින්ම උසස් පෙළ සමත් වූ අතර විශ්ව විද්‍යාලයටද තේරුනෙමි. ඒ සදහා සියලු වියදමි දැරුවේ ඇය විසිනි. එහෙත් තවමත් ඇයගේ තනිඇහැ දකින විට මට එන්නේ මහත් තරහකි. “මේ මනුස්සයා මට ලැජජාකරන හැටි“
විශ්ව විද්‍යාලයෙන් පිටවූ විගසම මට හොද රැකියාවක් ලැබුණු අතර අම්මා සමග තිබූ සියලු සබදතා අත්හැරියෙමි. එය මට මහත් අස්වැසිල්ලක්විය. මා විවාහ වූයේ ඉතා පොහොසත් කාන්තාවක් සමගය. ඒ අතර මාගේ රැකියාවෙන් ද බොහෝ උසස් වීම් ලැබුණි.
මාගේ ජීවිතය ඉතාමත් සත=ටින් ගෙවීගිය අතර අපට දියණියක් ලැබුණි. අප ඉතා සතුටින් කාලය ගතකලෙමු. නමුත් දිනක් තනි ඇහැක් සහිත මගේ අම්මා මගේ ගෙදර ඉදිරිපිට විය. මට මගේ ලෝකයම කඩාවැටුනාසේ දැනුනි. මගේ කුඩා දියණිය බියවී ගේ ඇතුලට දිවගියේ අම්මාගේ තනි ඇහැක් සහිත මුහුණ දැකීමෙනි. මම ඇය මුනගැැසීමට ගියෙමි. ‘ ඔහේ කවුද? මොනවද ඔහේට ඕනි? කරැණාකරලා අපිට පවිනොදී යනවද පොඩි ළමයි බයනොකර“ මම නොනවත්වාම කෑගැසුවෙමි. “ අනේ සමාවෙන්න මම වැරදි ගෙදරකට ඇවිත් තියෙන්නනේ “ මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ එවේලේය. ඇය මාව හදුනාගෙන නැතැයි මට සිතුනි.
වසරකට පමණ පසු මගේ පාසලේ උපහාර පිදීමේ උත්සවයකට මට ආරාධනා ලැබුණි. මගේ පාසැල් මිත්‍රයන්ට මගේ ජයග්‍රහන පෙන්වන්නට මෙන් මම ආරාධනාව බාර ගත්තෙමි. උපහාර පිදීමේ උත්සවය අහවර වන විට අදුර වැටී තිබුනි. කොක්ටත් කියා මම මගේ අම්මගේ ගෙදර යාමට තීරණය කළෙමි. සමහර විට මා මෙහි පැමිණිවග ඇය දන්නවාද විය හැකිය. මා වත්තට ඇතුලු වූ නමුත් කිසිවෙක් පෙනේනට සිටියේ නැත. මම කෙලින්ම වසර 18 ජීවත් වූ නිවහනට ඇතුල් උනෙමි.
අහෝ...... මගේ අම්මා එහි සිටියත් ජීවතුන් අතර නොවීය.මා මෙහි එන බව දැන හෝ නොදැනම ඇය පරලොවගොස් සිටියාය. එහෙත් මට එය එතරම් දුක ගෙනදෙන කාරනයක් නොවීය. ඇයගේ අතේ ගුලිකරගත් කඩදාසියකි, එය මට ලියූ ලිපියකි.
මගේ රත්තරන් පුතේ,
මම ජීවත් වුනා දැන් හොදටම ඇති. උබට උපහාර පුදන උත්සවේට මට එන්න ඹ්න වුනත් උඹලට ලැජ්ජාකරන්න බැරි නිසා මම ආවේ නෑ. මම එක ඇහැක් තියාගෙන උඹට ඕන තරම් ලැජ්ජා කරලා තියෙනවානේ. ඒත් මම කවදාකවත් උඹට නොකියපු මගේ ඇහැට උනදේ උඹට කියන්නම්. උඹ පොඩි කාලේ දවසක උඹ ලොකු අනනතුරකට මුහුණ දුන්නා. ඒ අනතුරින් උඹේ එක ඇහැක් සම්පූර්ණයේ විනාශ වුනා. අම්මා කෙනෙක් විදිහට එක ඇහැක් ඇතිව උඹ ලොකුවෙනවා දකින්න මම කැමති උනේ නෑ මයෙ පුතේ. ඒ හින්දා මගේ එක ඇහැක් උඹට දුන්නා. මගේ මේ තනි ඇහෙන් ඊට පස්සේ මම උඹව ඇහැක් වගේ රැක්කා. උඹ අද ලොකු මිනිහෙක් වෙච්චඑක දැක්කම මට තියෙන්නේ පුදූම සතුටක් මයෙ පුතේ. මයේ පුතාට බුදුසරණයි!
මීට උඹේ අම්මා.
(මා ගේ මූණු පොතට මෙය යොමුකල පලිත අයියාට මාගේ ස්තුතිය)
Thursday, March 24, 2011
නුවර වැව නත්නම් බෝගම්බර වැව ඓතිහාසික මහනුවරට ආඩම්බරයකි මුලු නුවරම නිවා සනසන්නීය සංචාරක සිත් දිනා ගන්නේය.ඒ උනාට ඉතින් මේ ඒ ගැන නෙවෙයි කියන්න යන්නේ ,ඔය වැව වටේ තියන ගස් හරි ලස්සනයි ඒ උනාට මේ ඒ ගැන නෙවේ කියන්න යන්නේ..
මම නගරයට යන්නනම් ධර්මරාජ එක පැත්තේ ඉදන් වැව වටේ කිලෝමීටරයක් යන්න ඔනී.දවසක් මම ඔය වටේ යන්නේ නැතිව දළදා මාලිගාව ඉස්සරහහින් පයින්ම ගියා එහෙම ගියාම පොඩි වෙලා වකින් රැජින හොටලේ ගාවට යා ගන්න පුලුවන්.වෙනදා නම් ඉතින් ඔවගේ යනවා නෙවේ දුවනවානේ.මොකක් ද දන්නවාද දැක්කේ........... මුලු ගස් ටික ඔක්කොම සුදුම සුදු පාටයි.එත් කමක් නෑ ඒපත්තේ ඉන්න බෑ ගද.මෙතන විතරක් නෙවේ බලපුවාම මුලු වැව වටේම ඉවරයි.මම පොඩ්ඩක් නැවතිලා බලුවේ මුන්ට කවුරු හරි බනිනවාද කියලා මොන පිස්සුද ඔක්කොම සද්ද නැතුව යනවා.සමහර විට ඒ දළදා හාමුදුරුවෝ ඉස්සරහානේ තව හේතුවක් තියනවා මේ අයගෙන් ගොඩාක් අය යනවා නෙවේ දුවනවානේ...
මම අහලා තියානවා කතාවක් සිංගපුරුවේ ඒ මිනිස්සු හදපු ලස්සන පාරවල් වල කැත කරා කියලා ඒ රටේ කපුටන්ට වෙඩි තිබ්බලු.අනේ ඉතින් මේ බුදුන්ගේ දේශේ ඉදලාමටත් මෙකම හිතුනානේ මෙචර ලස්සන මේ පරිසරය කන මුන් ටික වෙඩි තියාලා හරි මරා දාන්න.
Sunday, March 13, 2011
Saturday, March 12, 2011
Friday, March 4, 2011
ඔබ යමෙකුට පිස්ස යැයි කියන්නේ නම්, මම එවැනි පිස්සෙක් වෙමි.ඔබ යමෙකුට කලකන්නියා කියන්නෙ නම්, මම කාලකණ්නියෙක් වෙමි.ඔබ යමෙකුට මුසලයා කියන්නේ නම් මම මුසලයක් වෙමි.ඔබ යමෙකුට හොර යැයි කියන්නේ නම්, මම හොර කමට අබ්බහි වී සිටිමි. ඔබ යමෙකුට කුපාඩියා යැයි කියන්නේ නම් මම කුපඩිකමට සුදානම් ව සිටිමි.ඔබ යමෙකුට වනචරයා යැයි නින්දා කරන්නේ නම් මම වනචර කමට ප්‍රිය කරමි.
ඒ අනුව,
මම් සදාචාර විරොධි වෙන්නෙමි.මම විනය කඩන්නෙමි.මම් බිය නොවෙමි.ඔබ දැන් මට පිස්ස යැයි කියනු ඇත.මම බෙහෙවින් සතුටටත් උද්දාමයතටත් පත්වෙමි.
මම මගේ පිස්සුවට ප්‍රේම කරන්නෙමි.
ඔබ ප්‍රිය කරන කිසිවකට මා ප්‍රිය නැත.ඔබ විටක අප්‍රිය කරන දෙයට මා ප්‍රිය කරමි.සමාජයේ මා ආසම කරන සියල්ලම මට තනම්ය.එනිසා මා ප්‍රිය කල දේවල් තහනම් කල සමාජයට මම වෛර කරමි.මේ තනම් සියල්ල කඩා සුනුවිසුනු කල යුතුය.
මේ මමය
මා ඔබව පිලිපදිමට සුදානම් නැත.ම තලන්නට පෙලන්නට පීඩා කරන්නට මා අසම දේවල් තනම් කරන්නට දමා ඇති සදාචාර නිති කිසිවක් මා පිලිපදින්නේ නැත.මම විනය කඩමි ,නිති බිද දමමි.
ඔබ ප්‍රේරමය යෙයි කියනා දේ මට ප්‍රේමය නොවේ.
ගැහැණු සමග කරන කායික කුපඩිකම් මට හුරු නැත.මා කිසි දා ගැහැණියක සමග නිදි වැදුන පිරිමි ළමයෙක් නොවෙමි.එහෙත් මම එයට ආස කරමි.
දැන් මට ඔබ පොන්නයා යැයි කියනු ඇත.මගේ පිරිමි කම ගැන මා සතුටට පත්වෙමි.
මේ සියලු චර්යා සමුදායන්ගෙන් පීඩිතව සිටින මම මේ වනවිට...........................................................................................
Recent Posts
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.