Sunday, July 1, 2012

+18 පසුව මං මෙහෙම ද?

ඊයේ නින්දට යනකොට සෑහෙන්න රෑ වෙලා තිබුනේ.අද දවසම සෑහෙන්න  වෙහෙසකර දවසක් නිසා ඇගට හොදටම මහන්සිය තදටම දැනුණි.
         මේ දවස් වල මගේ ලිපි එචර හොද නෑ වගේ,මොකද කට්ටිය ගෙන් ප්‍රතිචාර නෑ.කමක් නෑ ඉතින් කොහොමත් එහෙමනේ.. අද  ඉතින් කවුරුත් මතක් කර කර ඉන්නට වෙලාවක් නැත් ඇදට වැ‍ටුනු ගමන් නිදි දෙව්දුව ගාව. හ්ම්..ටික වෙලාවකින් මට නින්ද යන්න ඇත.

    මං නිදාගෙන් ඉන්නවා මට් පේනවා..කොහොමද මට පෙන්නේ  මේ නිදාගෙන ඉන්නේ මං එතකොට කොහොමද මං කවුද? මං ඇද උඩ නිදා සිටියදීම මං රිමෝට් කොන්ට්‍රෝල් එක අරගෙන කාමරයේ බල්බය දැම්මා.මං නිදාගෙන ඒත් මං කවුද?මං ඉක්මනට දොර ඇරගෙන බාත් රූම් එකට ගියේ මං කවුදැයි බැලීමටයි.මේ මං ඒත්.. නිදාගෙන ඉන්න මට වඩා ත‍රැණව මාව කණ්නාඩියෙන් පෙනෙයි.බඩ අඩුවෙලා අත් එහෙම මෝරලා.අතේ ගෙඩියක් එහෙම හදාගෙන.මං ත‍රැණ වෙලා එතකොට මන් නිදාගෙන ඉන්නේ ඒ කවුද? මං ලොකයේ තවත් මානයකද? නැත් නම් කාලය තරණය කරලා ද?
                     ඉකමනට දුවගෙන මන් කාමරයෙන් එලියට ගියා.මං මේ ඉන්නේ කොහෙද? ගොඩාක් ලස්සන ගෙදරක් .ටීපෝව උඩ තිබ්බ පින්තුරයක් මං ටක් ගාලා  අරගෙන බැලුවා මොනවා මන් බැදලා මේ කවුද ලස්සන අහිංසක කෙල්ලක්..මං රජ ඇදුම ගහලා කෙල්ලත් ලස්සනට ඇදලා .අනික් පින්තූරය අතට ගත්තේය ඒ උපාධි ප්‍රධාන උත්සවයක පින්තූරයකි.ඒ මං ඔව් මේ මම..මන් අහපු කාමරයට යන්නට ආපසු හැරී දොර දෙස බැලීය එලිය ආ දොර එතන නැත.සාලයද  සුන්දර කෑම කාමරයක් ද පසුකර කුසියකට ගොඩවිය.මා සමග අතන් තිබූ පින්තූරයේ  හිටපු ලස්සන කෙල්ල.එතකොට දැන් මං මේ අනාගතේ ද ඇවිදින්නේ.
      ඈ කැමක් පිලියල කරමින් සිටී.කවුලුවෙන් වැටෙන හිරු කිරණ ඈ ඇද සිටි දුහුල් ඇදුම විනි විද ගියාය ඇත්තටම ඇ ලස්සනයි.එක් වරම ඈ මා දෙස බැලීය.

පැටියෝ දැන්ද නැගිට්ටේ ඈ දුවගෙන විත් මාව බදාගෙන මගේ දෙ‍තෝල් සිප ගත්තා.

මේ මං ද මට දැනෙනවා.
මොනවද කල්පනා කරන්නේ.අද ඉරිදා ඔයා ගෙදර නේ..මං පොඩි කෑමක් හදනවා..ඔයා වොෂ් එකක් දා ගෙන එනවා ද? ආ..
මං ටක් ගාලා කෑම ලැස් ති කරන්නම්..

ආ හරි යැයි මන් කීවා ය.

හැකි ඉක්මනින් ගෙදරින් එලිඋයට ගොස් බැලීමට මට උවමනා විය.
බබා ඔන්න ඔයාගේ ෆෝන් එක.ඈ කෑ ගැසීය.
මන් ඉක්මනින් ටීපෝව උඩ තිබු විදුරු කැටය අතට ගත්තාය.වීඩියෝ කෝල් එකක්
තරුණයකුගේ සිනාබර මුහිනක් එහි දිවිය.
ගුඩ් මෝර්නින් මචං
ගුඩ් මෝරනින්
උබලා අද රෑ කෑමට එනවානේ..හරි මචං මං කීය
හරි එහෙනම් මන් තියන් නම් බායි
ඔහු ඇමතුම විසන් දි කලාය..

සුබ දවසක් සර්..ඒ දුරකතනයයි

සුබ දවසක් සර්..ඒ දුරකතනයයි
සර් අද දවසේ වැඩ ටික දැන්ම කියන්න ද?
මං දැන්ම එපා යැයි කීවය.

හැකි ඉක්මමින් දුරකතනය එතනින් තිබූ මං  සුන්දර දොරක් ඇරගෙන සුන්දර ගෙවත්තකට ගොඩ විය.ගරාජය පසකින් නවතා තිබූ නවීනපන්නයේ BMW කාර එකකි. මේවා මගේද?
 බබා...
මන් හැරී බැලීය...
ම්ං මාගේ ඇද උඩ නිදාගෙන..
එතකොට ම්ං කොහෙද ගියේ...
එක් වරම මගේ ඇග බෝදවීයන්නට පටන් ගත්තාය..මං මං දෙස බලාගෙනම නොපෙනී ගියාය.
ඇත්තටම මන් අනාගතයට ගියා ද?

උදෑසන අවදී වි කල්පනා කලෙමි.ඇත්තටම මා මව මෙතන තනිකොට ආනාගතය තරනය කලා ද?

ඇය
Read More

Friday, June 29, 2012

බ්ලොග් ලිවීම නතර කරන්න.ඇමරිකන් ජනධිපති ඔබාමා

සිට් එක ඇතුලෙන් පොඩ්ඩකට ඔලුව එලියට දැම්මාය.පොත් මේසය උඩ ඇති ටිකි ටිකියේ වෙලාව උදේ නවය පහු වෙලා ටික වෙලාවක්  ගතවිතිබුනි.පොත් මේසය සුන්දර අවුල් ගොඩකි.පරිගණකයේ තිරයේ බ්ලොග් පි‍ටුවකි.
         ෂුවර් එකටම අද අම්මා උදේම කොහේ හරි ගිහින් නැත්නම් නවය පහුවෙනකොට හොරණෑව පිබින්න පටන් ගන්නවා.අහපවු සීට් එක ඇතුලට ඔලුව ඔබාගෙන් ඊයේ කලේ මොනවාදැයි කල්පනා කරන්නට විය.කෙම පේපර් එකක් කරලා ඉවර වුනා.ඊට පස්සේ බ්ලොග් සෙට් එකේ ස්ර්ච් එකක් දාලා එකක් දෙකක් කියවනකොට නිදිමත ආපු නිසා දැම්ම ඇලට් එකකේ එලාම වැදුනේ දැන්ය.
         ඇද ලගම තිබූ ටීපොව දෙස නොබලාම ජංගමේ හොයනකොට අත නිකන් ඇලෙනවා වගේ හුටා ඊයේ රෑ කෝපි එක මන් බොන්න කලින් ටීපෝ එක බීලා.වෙලාවට දුප්පත් ජංගමේ ගොඩ.මිස් කෝල් අටයි.හු හු එල කිරි මන් ස්යිලන් කරලා තිබ්බේ.ම්..මැසේජ් පහයි.
එක
චතු-GM macho..
පූසි-Good Morning mahe..
කලූ-Good morning dr..
කල්-GM darl
යකො මේ බලහන්කෝ ලොකේ හැටි මේ යළුවෝ බොක්කෙන්ම සුභ පතනකොට
ගෙදර උන්දෑ(මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්)-GM
හ්ම්.....
ජංගමේ පැත්තකට දැම්මේ තවත් සුපිරි නින්දකට ගොඩවෙන්නය.

ටන නා නා..
හපෝ මේ මගුල ස්යිලන් කරලාම තිබ්බානම් හරි

"Is that Mr.Dahanayaka?"
අප්පචි නම් වැඩට ගියා"yes,yes"
"I am Obama"

මේ උදේ පන්දර මගුල් කතා කරනවා මුන්ට නින්ද යන් නැද්ද දන්නේ නෑ..

ජංගමේ පැත්තකට විසි කර අහපු සෙන්ට්‍රි මෙඩිල් උනා විතරයි
ටන නා නා.......
මගුල ...

හෙලෝ කවුද කතා කරන්නේ?
මං මේ ඇමරිකාවේ ජනාධිපති ඔබාමා කතා කරන්නේ.
උදේ පාන්දර විහිලු කරන්න එපා බන්..
එහෙනම් නම්බර් එක බලනවා


නිකන් මං විහිලුවට වගේ බැලුවේ හුටා යකෝ මේ ෂුවර් එකටම රට නම්බර් එකක්.හා මේ නරියගේ අයියා වෙන්න ඇති ඉතාලි ඉදන් මාව බයි කරන්නේ.නැතුව මේ ඔබාමා  සිංහල දන්නවායි.


මේ නරීගේ අයියා ද?
නෑ.මං ඔබාමා.ඔයා මකුනා නෙද? මහේෂ්ගේ ලෝකය ලියන
ඕක ඉතින් ඔකෝම දන්නවානේ..එහෙනම් ඔයාගේ ජන්ද ප්‍රතිපත්තියේ කෑල්ලක් කියන්න.
hsgaf dfhlqfb ffjqhiow[pdgbcx jasghfjaf aghfjafb j,h
fdjfvkhbjfddsgsdjg kjhsdgkf fjklfhafpfjabf

හුටා දැන් නම් මු ෂුවර් සුද්දෙක්

මකුනා මන් ඇමරිකාවේ ජනාධිපති ඔබාමා දැන්වත් විස්වාස ද?
සර් මේ සිංහලත් දැන්නවා.

ඔව් මන් හැමදාම තමුසෙගේ බ්ලොග් එක කියවනවා.Stats වල Audience එකේ බලනවා අපේ ගෙවල් පැත්තත්  ලාවට කොල පාට වෙලා ඇති.

හුටා දැන් නම් ෂුවර් මූ ඔබාමාය.

සර් ඉතින් මගේ අතින් වැරදි දෙයක් එහෙම ලිය වුනේ නෑ නේ?

සර් පෙරේදා අර මං අර මගේ සොෆ්ට් වෙයා එක එලියට දාලා ගොඩාක් අය බැනලා අය මේ පැත්තේ එන් නෑ කීව නිසා එක අයින් කලා සර්.
මටනම් ඒක වැඩක් නෑ කවුද තමුසෙට මොනවද කීවේ?
සර් මේ.. වසන්ත කියලා කෙනෙක් Anonymous  කෙමෙන්ට් එකක් දාලා
 "මමත් හැමදාම මේකේ ලිපි බැලුවා. අපෝ එපා වෙනවා මේවගේ කාලය කා දමන විහිළු, ඒවා හොඳයි අපි ඉස්සර ඉස්කෝලේ යන ළමයි කාලේ. අපිට කාලය හරියට වටිනවා. මම නම් ආයෙත් මේ සයිට් එකට එන්නේ නැහැ."  සර් අප්සෙට්නේ ආ තව
ප්‍රදීප් කියලා කෙනෙක්
"මෙවැනි පහත් වැඩක් කිරිමෙන් මචං උබ බලාපොරොත්තු වෙන පහත් ආසාව කුමක්ද? ඔබගෙ බ්ලොගය එන අය රැවටීමෙන් ඔබගෙ බ්ගයේ ඇත් දේ පිලිබඳ අවිස්වාසයක් බ්ලෝගය බලන අය තුල අති වෙනවා නේද? වැඩකට ඇති දෙයක් විතරක් කරන්න. මිණිස්සු රවටලා මිණිස්සුගෙ වටිනා කාලය නාස්ති කරන්න එපා. බ්ගයකට කෙනෙක් එන්නේ යම් දැනුමක් හො දෙයක් ලබා ගන්න. එවැනි අය රවටන්න එපා. ඔබට නොවටිනා කාලය අපිට වටිනවා සහොදරයා. මම නම් දකින්නේ තව දුරටත් මේ බ්ලොයේ ලිපි කියවීමට පැමිණිම කිසිම වැඩකට නැති දෙයක් ලෙසයි. ඔබ කල වරද හදා ගන්න. වැදගත් යමක් ලෝකයට දෙන්න මෙසේ කීවාට මාත් එක්ක තරහ නොවන්න."
මෙහෙම කියනකොට අප්සෙට් නේ සර් මන් හිතුවා කරපු විහිලුව හින්දා මට ඉන්න මන් කවදාවක් දැකලා නැති යාළුවෝ ටික නැති වෙයි කියාලා එකයි ඒ ජෝක් පෝස්ට් එක අයින් කලේ.වෙන වෙ‍රැද්දක් කලේ නම් නැ සර්..


හරි හරි මට අවුලක් නෑ ඒක නෙවේ තමුසෙට බැරිද  ඔය විකාර කතා නොකියා ඉන්න.තමුසේ ඉස්සර නම් ලොක්කට බැන්නා දැන් මේ කතා වලින් මිනිසුන්ට ඉගන ගන්න දෙයක් තියනවානේ.
ඉතින් සර් මන් නාමල් කාර් පැද්ද එකට විතර නේ බැන්නේ.
මං කියන්නෙත් ඒක තමා දැන් බලනවා අර තමුසේගේ  විද්‍ය විජ්ජා බ්ලොග් එක ලංකාවෙ කවුරුත් කියවන්නේ නෑ නේ ඒ වගේ,විද්‍ය ලිපියක් දාලා විහිලු කතාවක් කියලා.කුරහන් පවුලට බැනලා මොනවා  හරි දානවා ම්ං කියනවට.
ඇයි සර් එහෙම කියන්නේ?
දැන් තමුසේ  අන්තිමට දාපු එක බලනවා 18 + ඒවා බලනවා ඒ වගෙන් මොනවා හරි දෙයක් අරන් ලංකාවේ මිනිසුනෙගේ මොළ වැඩ කරන්න ගන්නවා නේ.
හරි මං දැන් මොකක් ද කරන්න ඕනි?
මං ඕනි දෙයක් දෙන්නම් එක්කෝ අර මන් කියපුවා ලියනවා නැත් නම්. නවත්වනවා.

ඕනි දෙයක් දෙනවද සර්
ඔව් තමුසෙට මොනවද ඕනි?
සර් NASA එකේ ජොබ් එකයි අර හැරී පෝට එකේ හිටපු කෙල්ලයි දෙනවද?
හරි.මං තව පැයකින් සාගජ්ජා කරලා කියන්නම්.
ඒක නෙවේ ඔය මේක නවත්තන්න කියන්නේ අපේ ලංකාවේ මොළ වැඩකරන්න පටන් ගයි කියල බයටද සර්?

ඔබාමා ගේ කතාවේ ඉතිරි කොටස බලා පොරොත්තු වන්න....


Read More

Wednesday, June 27, 2012

මිස්ටර් ප්‍රසිඩන්ට් මේ අහන්න ටිකක්

පද්මජීව ගනේපොල
පත්තර මිටියක් අදිනකොට ඒක පත්තරයක ඒ කියන්නේ විදුසර පත්තරයක "1959 දි රොකොට්‍ටුවක් ගුවන් ගත කර වාරථාවක් තැබූ පලමු ශ්‍රි ලාංකිකයා" නමින් හෙඩ් ලයින් එකකට අමල් උඩවත්ත ඉතිහාස කතාව සමග සම්මුක සාගජ්ජාවක කොටසක් ඇතුලත් කර තිබුනි.එම පත්‍රය. 2009 ජූනි 17 වන දින නිකුත් වුවකි.

ඒ සම්මුක සාගජ්ජාව මට ‍ෆිට් එක නිසා දාන්න හිතුවා.මෙන්න


ඔබ සිතන හැටියට තුන්වන ලොකයේ රටක් හැටියට ශ්‍රි ලංකාවේත්,ආසියාවේ දියුනු රටක් වන ජපානයෙත් සංවර්ධනයට විද්‍යාවේ හා තාක්ශනයේ බලපෑමක් තිබේ ද?


එදා මම ජපානයට ගිය වෙලාවේ සිංගප්පුරුවට ගියා එද ඒක මන් දැක්කේ බදුල්ල නගරය වගේ.ලංකාව එදා හරි දියුණුයි.අද මොකද වෙලා තිබෙන්නේ ?සිංගප්පුරුව දියුණු වුනේ නිසි ආර්ථික ක්‍රම වේදය අනුගමනය කරලා.ඉන්දියාව දුප්පත් වුනත් විද්‍යාත්මක පරීක්ෂන දියුණු කරලා අධ්‍යාපනය තුලින් විද්‍යාත්මක දැණුම නිවරදිව ලබා දුන්නා.
                     ශ්‍රි ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය තුලත් විද්‍යාත්මක ස්ංකල්ප දියුණු කලහොත් හොද අනාගත්යක් අපටත් තිබෙනවා.ජපානයේ සියලු දෙනාට විදි්‍යාත්මක අධ්‍යාපනය ක්‍රමවත්ව ලබා දෙනව.කලා,වණිජ විෂයන් ඉගන ගත්තත්  විද්‍යාව ගණිතය ඉගන ගත  යුතුයි.ඒ නිසා සෑම නිළධාරියකුටම විද්‍යාව හා ගණිතය පිළිබදව දැණුමක් තිබෙන නිසා පරිපාලනය ඉතාමත් පහසු වෙනවා.
       මම කියන්නේ රටේ සෑම කෙනකුටම ඔහුට හෝ ඇයට අවශය පරිදි විද්‍යාව ගණිතය සාහිතය වැනි විෂයන් සියල්ල ඉගන ගැනීමට අවස්ථාව සලසා දිය යුතුයි.අන්න ඒ නිසයි අනික් රටවල් දියුණු වෙලා තියෙන්නේ.



ගෝලීය කරණය ගැන ඕබේ අදහස කෙබදු ද?
ඇමරිකාවේ අධ්‍යාපන ක්‍රමය කෙබදුද?



මේක කියවන්න ඉතිරි කොටස කමින් සූන්.........
Read More

Monday, June 25, 2012

ආදරය ලොකුවටම ගූ ගොඩකි (+18 ලොකුවටම)

මෙය සම්මාන ලාබී පෝස්‍ටුවකි




ආදරය ලොකුවටම ගූ ගොඩකි
අන්ධයෙක්ගේ සුපිරි සිතුවමකි
ගොලුවකුගේ සුපිරි කවියකි
කියන්නට වදන් නැත වදන්නට කෙනෙක් නැත

දැන් නම් සල්ලි ඕනිමය
නැත්නම් පෑල දොරෙන්ම වටේය
දීගෙන ලොකුවටම බොක්කෙන්ම කරනා වුන්ට හුටාය
කොල්ලා වටේ යන්නේ නම් කෙල්ලට සුපිරිය

ඈ වෙනුවෙන් අඩා වැලපීගෙන හරකෙක් සේ
හැමතැනම ගූ සේ
නැති භන්ග කරන් ජීවිතේම
ඈට දැන් කොල්ලා චාය

සිරි යහනේ ආලේ සුපිරිය
ගල් ගස් අස්සේ ගාඩ්න් වල අවුලක් නැත
බොක්කෙන් ඇස් දිහා බලන් කරන විට
වැරදිය

ඇ ගැන හොයන්න හොද නැත
ලගට ආ විට පමණක් ආලේ කල යුතුය
ඈ වටේ ගිය හැටි මා මතක් කලහොත් මා වැරදිය
ඇගේ ෆ්න් එකට මා නැටිය යුතුය

ඈ සමග හෝටල් කාමර වල මට ඇග තලන්නට
උවමනාවක් නැත
ඇස් දිහා බලන් සුරංගනා ලොවක පාවෙන්නයි පැතුවේ
ඕකනේ බොක්කෙන් දුන්නාම සොරි ඩොට් කොම්

මගේ ෆොන් බුක් එකේ වැඩිම
ගර්ල්ස් ලාගේ නම්බර් බැව් ඇත්තයි
හැබැයි බොක්ක දුන්නේ ඈටයි
එකම රහ කනකොට ඔහොම තමා

මට නම් නුබ නොතේරෙයි
අපේ ආදරේ උබ කොල්ලා මන් කෙල්ල වුවෙමු
නුබටද මා නොතේරෙයි
එත් කුමක්දෝ නිසා තාමත් එකට ඉදී

යන්න ඕනි නම් පලයන් කීවේ නැත
හැමවෙලේම ඉවසන් පස්සෙන්ම ආවේ
එතකොට උබත් ඉවසුවා
මාත් ඉවසුවා

කෙල්ල සහ ආදරය ගූ ගොඩකි



ගැහැනිය ඉන්ටර්නෙට් වයිරස් එකකි
ඇතුළු වෙන්නේ ලයිෆ් එකට
පොට්කට් එකයි ස්කෑන් කරයි
මුදල් හුවමාරු කරයි
මනස වෙනස් කරයි
ඩවුන්ලෝඩ් කරන්නේ රටේ වටේ ප්‍රශ්නයි
ඩිලීට් කරනවා හිනාව
එල්ලා මාරා දමනවා හැම විටම

හපෝ මට කවිවත් ගීතවත් නිසදෙස්වත් ලියන්නට බැරිය
Read More

Friday, June 22, 2012

යේකා මාව මාස තුනකට හිරෙ දැම්මානේ

 ඇගට හරි මහන්සියි.දැනුයි ආවේ.මහන්සි නිසාම මොනවා හරි ලියන්න හිතුනා ගෙදරත් කවුරුත් නෑ දැන් නිදා ගත්තොත් ටිකක්.ඇලට් එක ඇහැරෙන්නේ හෙට උදේ තමා..
               අපේ ලොකු අම්මාගේ ලොකු පුතා ඉන්නවානේ ඒ කියන්නේ මට ලොකු අයියා පොර හොද බිස්නස් කාරයා අද හවස වෙලාවක් ඉතුරු වුන එකේ මන් පොරගේ කඩේ පැත්තෙන් බැහැලා රවුමක් ගහලා ගෙදර ආවේ.
     මේ දවස් වල එතන පාර කාපට් කරන නිසා එතන රස කතා ලොකයක් මන් හිටියෙ පොඩි වෙලාවයි එත් උන මරුම සිද්ධි ටික කියන්නෙම්.
        ඔන්න ඔතන පොර දාලා තියෙන්නේ හාඩ්වෙයා එකකුයි.සිල්ලර බඩු කඩයක් නෑ නෑ සුපර් මාකට් එකක්..මේ දවස් වල එතන පාර කාපට් වෙන වැඩේ වගේම.එතන ඉස්සරහා තියන් දේවාලේ.තෙරු උත්සවයට  සූදානම් වන කාලයක් බැවින් ටිකක් කාර්යය බහුලයයි.
  ඔය දේවාලේ නම් මට පේන්න බෑ එක දවසක් මන් පොඩි කාලේ ඉස්කෝලේ යනකොට  ඕකේ පින් කැටේට පඩුරක් දැම්මා දෙයියෝ සාක්කි කියන්නේ උදේ පාන්දර පන්තිය ඉස්සරහා කානුවට වැ‍ටුනා නේ ඇදගෙන.එදා ඉදලා මට ඔය දෙයියා පෙන්න බෑ.අනික එදා නේ අර මන් කලින් කීව ගුටි කාපු වැඩේ උනේ.
      ඔය දේවාලේ නිසාම දැන් අපේ ලොකු අයියාට දෙමළ වචනයක් දෙකක් කියා ගන්නත් පුලුවන්.හරි ඕකනේ  කතාවක් පටන් ගත්තොත් වටේ යනවානේ මන් කතාව කියන්නම්.
 ඔන්න දැන් එන බඩු ගන්න මේ දවස් වල පාරේ වැඩ කරන කම්කරුවෙක් දවසේ පඩියෙන් ‍රැ කෑම එක ගන්නවා විය යුතුයි.සෑහෙන්න මහන්සි වු බවක් මුහුනෙන්ම පෙනේ.

 මුදලාලි මහත්තයෝ මට පාන් ගෙඩි දෙකක් දෙන්න.(අනේ මුට මුදලාලි මහත්තයා කියනවානේ මන් නේ දන්නේ මුගේ හැටි.)
තව පරිප්පු 250ක් දාන්න.
පොල් තෙල් 200කුත් දෙන්න.

කඩේ වැඩකරන එකා මොකේටද මහත්තයා පොල් තෙල් දාන්නේ?

හරි හරි මන් බෝතලයක් විනාඩි පහෙන් දෙන් නම්

මට සිගරට් දෙකයි.කඩල පැකට් එකයි දෙන්නකො.යකෝ මේකා බෝතල මවන්නද?
බයවෙන්න එපා පොරට පිටිපස්සෙන් හිටපු නිසා මන් දැක්කා කතාව කියන් ගමන් පොර පිටි පස්සා සාක්කුව අත ගානවා.ඒ ගමන්ම සාක්කුවෙන් එලියට පැන තිබු අතිවිශේෂ බෝතලයෙ මූඩිය දුටිමි.පව් ඉතින් දවසේ පඩියනේ  කාලේ බෝතලයක් වෙන්න ඇති.


ටිකවෙලාවකින් ඇස් දෙකත් රතු කරන් පොර ඇවිත් පොල්තෙල් ද ඇරෙගනම ගියා එතකොටම.චමින්ද අයියා වැඩ ඇරිලා ගෙදර යන් ගමන් කඩෙට ආවා.අයියත් පෙරලගෙනම ඇතුලට ආවා.ඇතුලට ආපු පොර දැක්ක ගමන් චමින්ද අයියාට හිනා  කොහොමද සාමී කියලා ඇහුවා.
බලනකොට පොර සාමි කෙනෙක් නෙවේ.මේ පාර තෙරු උත්සවේටක‍ටු ගසා එල්ලා ගෙන යන්නට ලෑස්ති වෙලා ඉන්න බුවෙක්.


කොහොමද ඉතින් මාස තුන.
යෙකන අප්පපා යෙකා වේඩේ..
මං චමින්ද අයියාගෙන් ඇහුවා මොකක්ද සිද්දිය කියලා.අර දෙමළ බුවා මන් අහපු එක දැකලා මට විස්තරේ කියන්න ගත්තා මටත් ඉන්න බැනේ එක එකාගේ ඒව අහන්න යනවා.

මේකනේ මල්ලි ගිය අවුරුදු කාලේ ගෙදර මන් අරෙක්කු ගොටල් වගයක් ගෙනත් ටිබ්බා
පොලිසියෙට කවුරු හරි කියලා මාව ඇල්ලුවා.
පොලිස් මාව උසාවි දෙම්මා.
මන් ගිහින්--- මහත්තයාට ක්ව්වා.(නිතිඥයකුගේ නමක් කීවා ඒක මට මතක නෑ)
හරි උසාවි යන් මන් විස දන්නම් කීවා
රුරියල් දාහක් දෙන්න කීවා
මන් කිව්වා තියෙන්නේ පන්සීයයි කියලා
හරි එහෙනම් යන් කිව්වා.
මන් ගියාම ලොකු මත්තයා උසාවියේ නඩුකාරය ඇහුවා වරද පිලිගන්නවද කියලා.
මන් කිවවා පිලිගන්නව ආරක්කු  තිබ්බේ කියලා.
අරක කියනවා නෑ නෑ තේ වතුර කියලා.
මන් කියනවා පිලිගන්නවා අර නෑ කියනවා
 ලොකු මාත්තට බොරු කරනවා කියලා තරහ ගිහින් දැම්මානේ මාස තුනකට හිරේ.
මන් පිලිගත්තා අරෙකෙට පන්සීයකුත් දීලා නෑ කීව්වා නේ..


අනේ මන්දා එක මට ලියන්න තෙරෙන්නේ නෑ ෆ්ට්ට ෆ්න් එක ඒ බුවා ඒක නියමටම කීවා.
 "යෙකාට සල්ලිත් දීලා නෑ කියනවා නේ පන්සීයක් දුන්න නිසා දන්නේ නෑ"


මේ කතාවේ ෆ්න් එක වගේම  විචාරාත්මකව කියන්න ඕනි තැන් කීපයක් ම තියනවා.ඒත් ගතට ‍ෆිට් එකක්වත් ජීවිතේට වෙලාවක් වත් නෑ.ඔබතුමන්ලාම නුවණින් විමසන් සේක්වා!!


ප.ලි.
-රාජ් අයියේ මඩිසලේ නිශාන් අයියේ ඔන්න මන් HTML කෝට් එක හෝයාගේන් කොමෙන්ට් දාන අයගේ නම් පාට කලෝ....

Read More

Thursday, June 21, 2012

අද 2030මාර්තු මාසයේ 16 වෙනිදා  NASA එකේ එකදිගටම කල ව්‍යාපෘති නිසා නිවාඩුවකට වත් ඉස්පාසුවක් තිබුනේ නෑ.ලෝකයේ හැම තැනම මේ  වන් විට න්‍යෂ්ටික අර්බුදය න්‍යෂ්ටික් ශක්තිය බාවිතා කරන්නට  ගත්තා කල් වැඩිය.
              දැන් හදේ ජනාවාස වල වැඩකටයුතු  බොහෝ සෙයින් හමාරය ගිය අවුරුද්දේ මුල් මාස දෙක ගතකලේ හදේය.දැන් හදේ බෝග වගාවද සරුවටම කෙරීගෙන යයි.
දැන් ලෝකයා ශ්‍රි ලංකාව භාවිතා කල හරිත සංකල්පයේ  අගය වටහාගෙන ඇත් දැන් ඇමරිකාව චීනය හා ජපානය  ක්‍රියාත්මක කරන්නේ ශ්‍රි ලංකාවේ විද්‍යාඥයන් ගේ  උපදෙස්ය.
                     ශ්‍රි ලකාවේ උපදෙස් වලට අනුව දැන් ලොකයෙන් එක් කලාපයක් හරිත කලාපයක් ලෙස වෙන් කර අවසන්ය.එම කලාපය දැන් මිනිසුන් ගෙන් ශුනය කාලාපයක්  කර අවසන් ය.ඒය අවසන් බව මතක් වු විට හිතට ව්ලොකු සැහැල්ලුවක් දැනෙන්නේ එහි ප්‍රධාන විද්‍යාඥයා ලෙස ව්‍යාපෘතිය සකස් කිරීම හා නිමකිරීම  මා බාරගත් වගකීමකි.ලෝකයේ අනාගතය වෙනුවෙන් මාගේ ව්‍යපෘතිය දැන් සාර්ථකව අවසන්ය.

                      ලබන මාසයේ මුල ශ්‍රි ලංකාව විසින් ජාතියන්තර අභ්‍යවකාශ මධයස්ථානයට තවත් අලුත් කොටසක් සවි කරනු ඇත එහි ප්‍රදානම කොටස අභයවකාශ ගුවන්තො‍ටු පොලයි.හදට  යන් මගින්ට නවතැන් ගැනීමට තැනු හෝටල් සංකීර්ණය ලංකාව විසින් ඉකුත් මාසයේදි වැඩ අවසන් කලේය. දැන් අවුරුදු 5කට කලින් ජාතයන්තර අභයවකශ මධයස්තානයේ බලය ලංකාවට පැවරීමට.ලොකයේ සියලුම රටවල් එකග විය.ඒ අනුව එය සිදුවිය.
        දැන් මා ඉන්නේ ලංකාවට ආසන්නයේ ඉහල අහසේය.ලංකා රජය විසින් මාගේ ගමන් සදහා මේ පෞද්ගලික ගුවන් යානය වෙන් කරනු කරනු ලැබිය.
මා ලගම ආසනයේ බිරිද සුව නින්දේය.මට ඈ  හමු වූයේ මට අවුරුදු දහ නවයක්ව තිබියදීය.මෙතෙක් කල් ඇ මාසමග මට ගක්තියක් බිරිදක්ව  සිටියාය.අද දින 16 .ඇය අප හමුවු දවස සැමරීමට කිසි දිනක අමතක කලේ නැත.ඈ අද පවුලේ සැම සමග එය සමරන්නට සූදානම්ව ඇමරිකාවෙන් ගුවන් යාඅනයට ගොඩවිය.කවුලුවෙන් එලිය බැලු විට එලිය බැලු විට හරිත රටක් පෙනෙන්නේය.ලෝකයේ දියුනුම හා පිරිසිදුම රට මේ පුංචි සිරිලක නොවේ දැයි මට හැගුනි.
                 මේ වෙනසට මුල පිරුවේ මන් අවුරුදු 26ක තරුණයෙක්ව.ඉගනීම අවසාන් කොට ස්ථිර ලෙසම රස්සාවක් අතට ගත් කාලයේය.ඒ ශ්‍රි ලංකාවට අනුබද්ද මයික්‍රෝසොෆ්ට් ඕපන් සෝස් කම්පැනියටය.මෘදුකාංග ඉන්ජිනේරුවෙක් ලෙසය.ඒ 2018 ය.
              ලංකාවේ මිනිසුනේ අන්ත දුගී දුප්පත් එම කාලය මතක් කරන්නට පවා මංගේ හිත ඉඩ දෙන්නේ නෑත.ලොකය හමුවෙ ලංකාව කොන් කර තිබු කාලයයි.ලංකාව හූරාගෙන කන් දේශපාලන් යුගයක් එකල විය.දේශපාලනුවන් මිනිසුන්ට වඩා බලවත් විය.
          එත් 2018 දී.මිනිසුන්ගේ ජන බලය නැගී සිටින්නට පටන් ගත්තාය.වෛද්‍ය අචාර්ය මාහාචාර්ය වරු මුදල් බලය පසක දමා නැගීසිටින්නට පටන් ගත්තාය.මේ බුද්ධිමත් ගමනට සියලු ආගම් කුල බේද නොසලකා අනාගතය වෙනුවෙන් සටන් කලාය.තමාගේ පෞදගලික වාසි තකා වීර හමුදාව ජානතාවට එරෙහිව යෙදවිය.
             සියලූම දෙශපාල්න බලවේග අවසානයේ මැරී වැ‍ටුනාය ලංකාව එක ම ලේ විලක් විය.මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට බලවත් රාජය කිහිපයක්ම උත්සාහ් දැරීය.නමුත් අවුරුද්දක් අවසානයේ සියලුම බලවෙග විනශ විය ඉතිරිව හිටි ජනතාවට තම මවුබිම  වෙනුවෙන් කැපවීමට එහි ඉදිරි ගමනට විශාලකැපවීමක් කරන්නට සිදුවිය.
 අවුරුද්දක් යන තුරු නායකයෙක් පත් නොකිරීමට සියලූම ශ්‍රි ලංකිකයන් කතා බහ කොට ගත්තේය.වෙන්ටහ් රට වලට ගොස් සිටි  සියලුම බුද්ධි ගලනය ලංකාවට සංක්‍රමනය විය.සියලු දෙනා එක්ව සෙලසුම් සකස් කරන්නට පටන් ගත්තාය.මුල් පු‍ටුව හිස්ව තබා.අවුරුද්දකින් ලංකාවේ පාලනය සාමානය තවයට ගෙන ඒමට සියල්ලන් එකතු විය.සියලු මාධ්‍ය ආයතන පාසල් ඇතුලු මුලික අත්‍යාවශ දේවල් මගහැර සියල්ල නැවත්තුවාය.මුල් පු‍ටුව හිස්ව තබා ඉතිරි ප්‍රධාන තනතුරු පමණක් ආචාරය මාහාචාර්ර වරුන්ට පැවරීය.
     සියල්ල එක්ක මාස 6කින් රට යම් මට්ටමක ස්යංපෝශි කිරිමට සමත් විය.

ගුවන් යානය ක‍ටුනායක අන්තර්ජාතික ගුවන්තො‍ටුපොලේ පෞද්ගලික පිවිසුම් අංශයට පිවිසීය.ගෙදර යාමට ප්‍රථම ජනාධිපති තුමා සමග අද දහවල්  ඉදිරි චන්ද්‍රිකා ජාලය පිලිබද පැවෙත්වන සාගජ්චා වටයටද සහභාගී විය යුතුයි.
              මහේෂ් බහිමු..ඒ ..... ගේ කටහඩයි.

2018 පසු ශ්‍රි ලංකාව 2030 දක්වා ආ ගමන් මග ඊලග කොටසින් බලාපොරොත්තු වන්න.-තාරකා විද්‍යාඥය  මහේෂ් බි.දහනායක.
Read More

ඇන්ටි මට දුව දෙනවාද?

ඊයේ මේ කතාව ලියන්න වෙලාවක් ලැබුනේ නෑ ඒක නිසයි අද උදෙන්ම ලියන්න හිතුවේ.මගේ ලිපි හොද ? පස්සෙන් පන්නන සෙට් එකේ දෙතුන් දෙනෙක් වැඩි වෙලා තියෙන්නේ.හොද කමෙන්‍ටු කිහිපයකුත් වැටිලා තිබුනා.ඒ ශක්තියටත් ගොඩා ස්තූතියි හොදේ..ආ කමෙන්‍ටුවක් නොදා ලිපි  බලලා කියවලා යන ඈයොන්ටත් ගොඩක් ස්තූතියි ඈ..

         මගේ මේ තීම් එකේ කමෙන්ට් කරන අයගේ නම් තියෙන්නේ කළු පාටින් නේ එකේ කෝඩ් එක හොයාගන්න ට්‍රයි කලා හරියන්නේ නෑ හොයා ගන්න බැරි වුනා නේ.හොයා ගත්තානම් වෙනස් කමක් කොර ගන්න තිබුනා.මඩිස්සලේ නිශාන් ගේ හෙල්ප් එක කින් කමෙන්‍ටුවට රිප්ලේ කෑල්ලක් ඇඩ් කොර ගත්තා ඒත් හිතට ‍ෆිට් නෑ නැතුව ඒක හොදා ඉතින්.ඕවා ඉතින් මටමනේ වෙන්නේ හරි හරි දැන් නිකන් වටේ යන් නැතිව කතාව කියන්නම් කෝ.


ඊයේ උදේ පාන්දරම මං නුවර හෝල්ට් එකක  ඉන්නවා හරි හෝල්ට් එක කියනවානම්.පැණීදෙනිය හෝල්ට් එක කවුරුත් දන්නවා නේ..දන්නේ නැත්නම් නිකන් හෝල්ට් එකක් හොදේ..
ඔතන උදේ පාන්දර ස්කෝල් වලට යන්න කොල්ලෝ කෙල්ලෝ පිරිලා.මං හිටන් හිටපු  තැනට පොඩ්ඩක් එහායින් මහනුවර ජනප්‍රිය පාසලක මල්ලි කෙනෙක් හිටන් ඉන්නවා.

ඔන්න බොලේ ටික වෙලාවක් යනකොට ලස්සන නංගි කෙනෙක් (ස්කුල් කිට් එකෙන් මහනුවර ජනප්‍රිය පාසලක ) අම්මා එක්ක එනවා.නංගී බය වෙලා වගේ..මං අර මල්ලි දිහා බැලුවා හරි පොරත් රතු වෙලා.ඇන්ටි අර මල්ලි ගාවට යනවා.

               
ඇන්ටි අර මල්ලි ගාවට යනවා.ඔයාලාට හිතුණු ටිකම මටත් හිතුනා ෂා දැන් නම් එක්කෝ මේ සෙනග මැද අරූට බනිනවා.නැත් නම්  කනට ගහනවා.නැත් නම් කෙල්ලට ගහනවා.ඒත් කෙල්ලගේ මූනේ නම් බය පාටක් පෙනුන් නේ නෑ.අර මල්ලිත් මන් ගාවම හිටිය නිසා මට බයත් හිතුනා.මටත් මෙතන හිටන් ඉදලා චාටර් වෙන්න වෙයිද කියලා .මාත් ඕනි මගුලක් කියලා එතනම හිටියා.

ඇන්ටි අවා.මං හිතුවා....... මන් හිතුව එක වැරදුනා.

පුතා ද කසුන්

ඔව් ආන්ටි

දැන් මේක පටන් අරන් ගොඩාක් කල්ද?

එචර කාලයක් නෑ

හරි මේක පටන් ගත්තාට කමක් නෑ හොදට ඉගන ගන්න ඕනි.මගේ කෙල්ලට දුක් විදින්න බෑ නේ.
අන්කල් ෆෝන් එක මෙයාට දෙන්නේ නෑ පාඩම් වැඩ කරගන්නේනැති වෙයි කියලා.
ඔයාලට කතා කරන්න මීට් වෙන්න වෙලාවල් තියනවා නේ..

යකෝ මගේ කනේ දෝශයක් වත් ද?
ඇන්ටි දැක්කා මන් කතාව අහගෙන ඉන්නවා.ඊට පස්සේ දෙන්නාව අඩගහගෙන ගියා.ටොරින්ටන් එක උඩට.
අනේ දෙයියනේ මට නිකන් හීනයක් වගේ.අය ඉතින් ඇන්ටි මට දුව දෙනවාද? කියලා ඒ පොරට අහන්න ඕනි නෑ නේ.
කොහොමද නේ ඔහොම කෙල්ලක් සෙට් වුනා නම් හක්කෙන්ම ගලවන්න තිබුනා.අලුත් කතාවක් අරගේන් අහපු එන්නම් .කමෙන්ට් කියලා එකක් පහල තියනවාලු ඔන්න
---------------------------------

අලුත්ම විද්‍යා ප්‍රබන්දය කියවන්න >>>>>> 04.මම සහ මම  


කමෙන්ට් කියලා එකක් පහල තියනවාලු ඔන්න.

Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya