Showing posts with label අනේ මන්දා. Show all posts
Showing posts with label අනේ මන්දා. Show all posts

Friday, June 22, 2012

යේකා මාව මාස තුනකට හිරෙ දැම්මානේ

 ඇගට හරි මහන්සියි.දැනුයි ආවේ.මහන්සි නිසාම මොනවා හරි ලියන්න හිතුනා ගෙදරත් කවුරුත් නෑ දැන් නිදා ගත්තොත් ටිකක්.ඇලට් එක ඇහැරෙන්නේ හෙට උදේ තමා..
               අපේ ලොකු අම්මාගේ ලොකු පුතා ඉන්නවානේ ඒ කියන්නේ මට ලොකු අයියා පොර හොද බිස්නස් කාරයා අද හවස වෙලාවක් ඉතුරු වුන එකේ මන් පොරගේ කඩේ පැත්තෙන් බැහැලා රවුමක් ගහලා ගෙදර ආවේ.
     මේ දවස් වල එතන පාර කාපට් කරන නිසා එතන රස කතා ලොකයක් මන් හිටියෙ පොඩි වෙලාවයි එත් උන මරුම සිද්ධි ටික කියන්නෙම්.
        ඔන්න ඔතන පොර දාලා තියෙන්නේ හාඩ්වෙයා එකකුයි.සිල්ලර බඩු කඩයක් නෑ නෑ සුපර් මාකට් එකක්..මේ දවස් වල එතන පාර කාපට් වෙන වැඩේ වගේම.එතන ඉස්සරහා තියන් දේවාලේ.තෙරු උත්සවයට  සූදානම් වන කාලයක් බැවින් ටිකක් කාර්යය බහුලයයි.
  ඔය දේවාලේ නම් මට පේන්න බෑ එක දවසක් මන් පොඩි කාලේ ඉස්කෝලේ යනකොට  ඕකේ පින් කැටේට පඩුරක් දැම්මා දෙයියෝ සාක්කි කියන්නේ උදේ පාන්දර පන්තිය ඉස්සරහා කානුවට වැ‍ටුනා නේ ඇදගෙන.එදා ඉදලා මට ඔය දෙයියා පෙන්න බෑ.අනික එදා නේ අර මන් කලින් කීව ගුටි කාපු වැඩේ උනේ.
      ඔය දේවාලේ නිසාම දැන් අපේ ලොකු අයියාට දෙමළ වචනයක් දෙකක් කියා ගන්නත් පුලුවන්.හරි ඕකනේ  කතාවක් පටන් ගත්තොත් වටේ යනවානේ මන් කතාව කියන්නම්.
 ඔන්න දැන් එන බඩු ගන්න මේ දවස් වල පාරේ වැඩ කරන කම්කරුවෙක් දවසේ පඩියෙන් ‍රැ කෑම එක ගන්නවා විය යුතුයි.සෑහෙන්න මහන්සි වු බවක් මුහුනෙන්ම පෙනේ.

 මුදලාලි මහත්තයෝ මට පාන් ගෙඩි දෙකක් දෙන්න.(අනේ මුට මුදලාලි මහත්තයා කියනවානේ මන් නේ දන්නේ මුගේ හැටි.)
තව පරිප්පු 250ක් දාන්න.
පොල් තෙල් 200කුත් දෙන්න.

කඩේ වැඩකරන එකා මොකේටද මහත්තයා පොල් තෙල් දාන්නේ?

හරි හරි මන් බෝතලයක් විනාඩි පහෙන් දෙන් නම්

මට සිගරට් දෙකයි.කඩල පැකට් එකයි දෙන්නකො.යකෝ මේකා බෝතල මවන්නද?
බයවෙන්න එපා පොරට පිටිපස්සෙන් හිටපු නිසා මන් දැක්කා කතාව කියන් ගමන් පොර පිටි පස්සා සාක්කුව අත ගානවා.ඒ ගමන්ම සාක්කුවෙන් එලියට පැන තිබු අතිවිශේෂ බෝතලයෙ මූඩිය දුටිමි.පව් ඉතින් දවසේ පඩියනේ  කාලේ බෝතලයක් වෙන්න ඇති.


ටිකවෙලාවකින් ඇස් දෙකත් රතු කරන් පොර ඇවිත් පොල්තෙල් ද ඇරෙගනම ගියා එතකොටම.චමින්ද අයියා වැඩ ඇරිලා ගෙදර යන් ගමන් කඩෙට ආවා.අයියත් පෙරලගෙනම ඇතුලට ආවා.ඇතුලට ආපු පොර දැක්ක ගමන් චමින්ද අයියාට හිනා  කොහොමද සාමී කියලා ඇහුවා.
බලනකොට පොර සාමි කෙනෙක් නෙවේ.මේ පාර තෙරු උත්සවේටක‍ටු ගසා එල්ලා ගෙන යන්නට ලෑස්ති වෙලා ඉන්න බුවෙක්.


කොහොමද ඉතින් මාස තුන.
යෙකන අප්පපා යෙකා වේඩේ..
මං චමින්ද අයියාගෙන් ඇහුවා මොකක්ද සිද්දිය කියලා.අර දෙමළ බුවා මන් අහපු එක දැකලා මට විස්තරේ කියන්න ගත්තා මටත් ඉන්න බැනේ එක එකාගේ ඒව අහන්න යනවා.

මේකනේ මල්ලි ගිය අවුරුදු කාලේ ගෙදර මන් අරෙක්කු ගොටල් වගයක් ගෙනත් ටිබ්බා
පොලිසියෙට කවුරු හරි කියලා මාව ඇල්ලුවා.
පොලිස් මාව උසාවි දෙම්මා.
මන් ගිහින්--- මහත්තයාට ක්ව්වා.(නිතිඥයකුගේ නමක් කීවා ඒක මට මතක නෑ)
හරි උසාවි යන් මන් විස දන්නම් කීවා
රුරියල් දාහක් දෙන්න කීවා
මන් කිව්වා තියෙන්නේ පන්සීයයි කියලා
හරි එහෙනම් යන් කිව්වා.
මන් ගියාම ලොකු මත්තයා උසාවියේ නඩුකාරය ඇහුවා වරද පිලිගන්නවද කියලා.
මන් කිවවා පිලිගන්නව ආරක්කු  තිබ්බේ කියලා.
අරක කියනවා නෑ නෑ තේ වතුර කියලා.
මන් කියනවා පිලිගන්නවා අර නෑ කියනවා
 ලොකු මාත්තට බොරු කරනවා කියලා තරහ ගිහින් දැම්මානේ මාස තුනකට හිරේ.
මන් පිලිගත්තා අරෙකෙට පන්සීයකුත් දීලා නෑ කීව්වා නේ..


අනේ මන්දා එක මට ලියන්න තෙරෙන්නේ නෑ ෆ්ට්ට ෆ්න් එක ඒ බුවා ඒක නියමටම කීවා.
 "යෙකාට සල්ලිත් දීලා නෑ කියනවා නේ පන්සීයක් දුන්න නිසා දන්නේ නෑ"


මේ කතාවේ ෆ්න් එක වගේම  විචාරාත්මකව කියන්න ඕනි තැන් කීපයක් ම තියනවා.ඒත් ගතට ‍ෆිට් එකක්වත් ජීවිතේට වෙලාවක් වත් නෑ.ඔබතුමන්ලාම නුවණින් විමසන් සේක්වා!!


ප.ලි.
-රාජ් අයියේ මඩිසලේ නිශාන් අයියේ ඔන්න මන් HTML කෝට් එක හෝයාගේන් කොමෙන්ට් දාන අයගේ නම් පාට කලෝ....

Read More

Thursday, June 21, 2012

ඇන්ටි මට දුව දෙනවාද?

ඊයේ මේ කතාව ලියන්න වෙලාවක් ලැබුනේ නෑ ඒක නිසයි අද උදෙන්ම ලියන්න හිතුවේ.මගේ ලිපි හොද ? පස්සෙන් පන්නන සෙට් එකේ දෙතුන් දෙනෙක් වැඩි වෙලා තියෙන්නේ.හොද කමෙන්‍ටු කිහිපයකුත් වැටිලා තිබුනා.ඒ ශක්තියටත් ගොඩා ස්තූතියි හොදේ..ආ කමෙන්‍ටුවක් නොදා ලිපි  බලලා කියවලා යන ඈයොන්ටත් ගොඩක් ස්තූතියි ඈ..

         මගේ මේ තීම් එකේ කමෙන්ට් කරන අයගේ නම් තියෙන්නේ කළු පාටින් නේ එකේ කෝඩ් එක හොයාගන්න ට්‍රයි කලා හරියන්නේ නෑ හොයා ගන්න බැරි වුනා නේ.හොයා ගත්තානම් වෙනස් කමක් කොර ගන්න තිබුනා.මඩිස්සලේ නිශාන් ගේ හෙල්ප් එක කින් කමෙන්‍ටුවට රිප්ලේ කෑල්ලක් ඇඩ් කොර ගත්තා ඒත් හිතට ‍ෆිට් නෑ නැතුව ඒක හොදා ඉතින්.ඕවා ඉතින් මටමනේ වෙන්නේ හරි හරි දැන් නිකන් වටේ යන් නැතිව කතාව කියන්නම් කෝ.


ඊයේ උදේ පාන්දරම මං නුවර හෝල්ට් එකක  ඉන්නවා හරි හෝල්ට් එක කියනවානම්.පැණීදෙනිය හෝල්ට් එක කවුරුත් දන්නවා නේ..දන්නේ නැත්නම් නිකන් හෝල්ට් එකක් හොදේ..
ඔතන උදේ පාන්දර ස්කෝල් වලට යන්න කොල්ලෝ කෙල්ලෝ පිරිලා.මං හිටන් හිටපු  තැනට පොඩ්ඩක් එහායින් මහනුවර ජනප්‍රිය පාසලක මල්ලි කෙනෙක් හිටන් ඉන්නවා.

ඔන්න බොලේ ටික වෙලාවක් යනකොට ලස්සන නංගි කෙනෙක් (ස්කුල් කිට් එකෙන් මහනුවර ජනප්‍රිය පාසලක ) අම්මා එක්ක එනවා.නංගී බය වෙලා වගේ..මං අර මල්ලි දිහා බැලුවා හරි පොරත් රතු වෙලා.ඇන්ටි අර මල්ලි ගාවට යනවා.

               
ඇන්ටි අර මල්ලි ගාවට යනවා.ඔයාලාට හිතුණු ටිකම මටත් හිතුනා ෂා දැන් නම් එක්කෝ මේ සෙනග මැද අරූට බනිනවා.නැත් නම්  කනට ගහනවා.නැත් නම් කෙල්ලට ගහනවා.ඒත් කෙල්ලගේ මූනේ නම් බය පාටක් පෙනුන් නේ නෑ.අර මල්ලිත් මන් ගාවම හිටිය නිසා මට බයත් හිතුනා.මටත් මෙතන හිටන් ඉදලා චාටර් වෙන්න වෙයිද කියලා .මාත් ඕනි මගුලක් කියලා එතනම හිටියා.

ඇන්ටි අවා.මං හිතුවා....... මන් හිතුව එක වැරදුනා.

පුතා ද කසුන්

ඔව් ආන්ටි

දැන් මේක පටන් අරන් ගොඩාක් කල්ද?

එචර කාලයක් නෑ

හරි මේක පටන් ගත්තාට කමක් නෑ හොදට ඉගන ගන්න ඕනි.මගේ කෙල්ලට දුක් විදින්න බෑ නේ.
අන්කල් ෆෝන් එක මෙයාට දෙන්නේ නෑ පාඩම් වැඩ කරගන්නේනැති වෙයි කියලා.
ඔයාලට කතා කරන්න මීට් වෙන්න වෙලාවල් තියනවා නේ..

යකෝ මගේ කනේ දෝශයක් වත් ද?
ඇන්ටි දැක්කා මන් කතාව අහගෙන ඉන්නවා.ඊට පස්සේ දෙන්නාව අඩගහගෙන ගියා.ටොරින්ටන් එක උඩට.
අනේ දෙයියනේ මට නිකන් හීනයක් වගේ.අය ඉතින් ඇන්ටි මට දුව දෙනවාද? කියලා ඒ පොරට අහන්න ඕනි නෑ නේ.
කොහොමද නේ ඔහොම කෙල්ලක් සෙට් වුනා නම් හක්කෙන්ම ගලවන්න තිබුනා.අලුත් කතාවක් අරගේන් අහපු එන්නම් .කමෙන්ට් කියලා එකක් පහල තියනවාලු ඔන්න
---------------------------------

අලුත්ම විද්‍යා ප්‍රබන්දය කියවන්න >>>>>> 04.මම සහ මම  


කමෙන්ට් කියලා එකක් පහල තියනවාලු ඔන්න.

Read More

Sunday, June 17, 2012

බඩී see u later...

දැන් මාස අටකට විතර විතර කලින් මං ගෙදර එනකොට අම්මයි,නංගියි,මල්ලි හැමෝම කුස්සිය පැත්තේ ලොකු සද්දයක් මොනවා හරි තුන්දෙනා එකතු වෙලා කතා කරනවා.අප්පචී නම් වැඩ ඇරිලා ගෙදර ඇවිත් නෑ වගේ.කාමරයට ගිය මං බෑග් එක තියලා ඇදුම් මාරු නොකරම කුස්සිය පැත්තට ගියා.
කුස්සියට යනකොට පුංචි බලු පැටියෙක් මාව දැකලා මගේ පැත්තට හිමීට ඇවිදගෙන එනවා.විස්තර අහලා බලපුවාම අම්මා කීවා.
මං අද ලේවැල්ලේ ලොකු අම්මලාගේ ගෙදර ගියා.මුගේ අම්මා මැරිලා මේ වගේම පැටව් දෙන්නෙක් හිටියා.මං මූව අරගෙන ආවා.තාම සති දෙකක් වත් නෑ.
පොර ගෙදරට ගෙනාවාම වැඩ වැඩි වුනේ අම්මාට තමයි අපේ වැඩ වලට අමත්‍ර මූට කිරි ටිකක් වත් බීගන්න බෑ හරියට සීතලට ගැහෙනවා.අමාකොහොම හරි මූව හොදට බලා ගත්තා.
එදා හවස තමා නම් තැබීමේ උලෙල.හැමෝම එක එක නම් යෝජනා කලා එත් මූ දිහා බලන් හිටපු මට එක පාරටම බඩී කියවුනා.මුගේ රූපෙත් එක්ක නම් යස අපූර්වට ගැලපුනා.හැමෝම ඒකට කැමති වුනා.එදා ඉදන් මේ බලු පැටියා බඩී වුනා.

ම්ං ටිකක් තදට හිටියාට මේ පොරට අම්මයි නංගී නිසා හුරතලෙටමයි හැදුනේ.හැම වෙලේම සෙල්ලම.හැමෝටම හොරෙන් නංගිගේ කාමරයට ගිහින් නංගි පාඩම් කරනකොට පු‍ටුව ඇතුලට වෙලා ඉන්නවා.උදේම අපි හැමෝම ගෙදරින් ගියාම වැඩිපුරම ඉන්නේ අම්මත් එක්ක ඒක් නිසා පොර අම්මාගේ බුදු ‍ෆිට් එක වුනා.
      අම්මා එක්කම ගිහින් කොහොම හරි පවුලේ නෑදෑ ගෙවල් ටිකත් දන්නවා මාසයක් දෙකක් යනකොට.දවස් දෙකකට සැරයක් වත් මේ හැමෝම ගිහි බලලා ආවේ නැත්නම් පොරට නින්ද යන් නැතිව ඇති.
බඩීගේ ලෝකය රස කතා මල්ලත් අපි ගෙදර එනකම් බලන් ඉන්නේ ඉස්සරහාට ඇවිත් බලන් ඉන්න.මොනවා හරි දුන්නාම චුට්ටක් කාලා ඉතිරි ටික හන්ගලා තියා ගන්න පොරක්.දෙන ඕනි කෑමක් කනවා පැනි රස වලට වගෙම මස් වලටත් හොද රුසියා.
   පෙරේදා අම්මා එක්කම අත්තම්මාව බලන්න ගිහින් එහෙන් දුන්න බිස්කට් එක කාලත් නෑ.ගෙදරදී දුන්න මොකුත්ම කෑ වේ නෑ,මල්ලි හැමදාම ගේන 5හේ අයිස් එක.නංගිගේ හකුරු කැල්ල අඩුම එදා වතුරවත් බීවෙ නෑ.
    එදා හවස පොර නිදිමත් ගතියෙන් ගිටියේ.අප්පචී කීවා හෙට ගිහින් පශු වෛද්‍ය ලගට හිහින් බෙහෙත් ගෙන්න කියාලා.අම්මා ඊයේ ගිහින් බෙහෙත් ගෙනල්ලා.උනක් කියලා බෙහෙත් 3ක් විද්දාලූ..
  ඊයේ ‍රැට්ත් මන් හැමදම වගේ එලියට ගියා.හැමදාම ටික වෙලාවක අහස දිහා බලන් ඉන්න එක මගේ පු‍රැද්දක් වෙලා තිබුනා ඒ වෙලාවට මං ලගට බඩිත් ඇවිත් ඉදගෙන ඉන්නවා.කවුරුත් නොදන්න ලොකු බැදීමක් අපි අතර තිබුනේ එහෙම.එත් ඊයේ අවෙ නැති නිසා මන් කුස්සිය පැත්ත්ට ගිහින් බැලුවා පොර ඔලුව උස්සලා බැලුවා.පෝට අමරුයි වගේ.මන් ඔලුවත් අත්ගාලා මොකුත්ම නොකිය අවා.
          අම්මටත් පාන්දර එකට  විතර ඇහැරිලා අම්මට නිකමට ගිහින් බලන්න හිතිලා.අම්මා දොර ඇරගෙන යනකොට පොර නැගිටින්න හදලා එත්  වැටියා.අම්මා අල්ලල බලනකොට සීතලයි ලු.අම්මා රෙදි කැල්ලකුත් පොරවලා ගිහින්..

අද උදෙන්ම කවදාවත් නැතිවන් නංගි ඇවිත් කැ ගහනවා අඩ අඩ අයියා නැගිටින්න නැගිටින්න..
මං නැගිටල ඇයි ඇහුව..
බඩී..කියලා කීවා


මං ටක් ගාලා දුවන් ගිහින් බලනකොට බඩිව රෙදි කෑල්ලකින් වහලා.මන් රෙදි කැල්ල ඈත් කරලා බඩියේ  මූන බැලුවා...

අල්ලපු ගෙදර මල්ලි මායි  අපෙ මල්ලි නංගියි.පවුලේ සොහොනේම වල්ක් කපලා බඩීව වැලලුවා.
අපි කාටත් දැන් උබ නැතිව පාලු හිතයි බඩී..උබට නිවන් සුව.

ඔන්න පහලින් මන් පින්තූර ටිකකුත් දැම්මා



කොල එක්ක සෙල්ලම් කරන එක තමා කරන්නේ
කොල එක්ක සෙල්ලම් කරලා ඇති වුනාද

දෙයියනේ උබ බල්ලෙක් යකෝ ඕවා හා වැඩ

මගේ  4ටෝ එකක් ගහ ගන්න

ආ තව 4ටෝ එකක්

දැන් ඇති
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya