Saturday, February 1, 2020




කොළඹ කියන්නේ ගෙන්දගම් පොලවක් මේකේ මිනිස්සු පොලව එක්ක සටන් කරන්නේ නෑ පොලවට තියන අගය නිසාම මිනිස්සු පාවෙනවා ඇවිදිනවා ලඟ ඉන්න මනුස්සයා පේන්නේ නැති තරමටම මිනිස්සු ඇවිදිනවා.සතියක් එක දිගට ඇවිදලා සිකුරාදා හවසට බෑග් එකක් කරේ දාගෙන තනියම නවාතැනෙන් එලියට බහින්න ඕනි ඒක මැජික් එකක්..ලොකේ හැදිලා තියෙන්නේම මිනිස්සු සංචාරය කරපු නිසා.මහා සමාජෙන් මිදිලා බැනුම් අහගෙන ඇවිදපු නිසා.මිනිස්සු කියන්නේම විප්ලවවාදියෝ වෛරස් එකක් වගේ මේ පොලවේ පස් පෙරලපු නිසා ප්‍රශ්ණ නැති මේ ලෝකේ ප්‍රශ්ණ හදාගෙන ඒ වට එන උත්තර හොයන එක මිනිස්සු ජීවිතේ කරගෙන ඒකෙන් මිදින්න මිනිස්සු අහපවු යන්නේ කැලේට එතන තියනවා නොකිලිටි පොලොව සහ මිනිස්සුට ඇත්තටම ඕනි පරිසරය ඒ රස හොයාගෙන මිනිස්සු මිස්සුන්ගෙන්ම මිදින්න උත්සහ කරනවා.
බස් එකෙන් බැහැලා මිනිස්සුන්ගේ හැප්පි හැප්පි රෑ බදුලු කොච්චියට මිනිස්සු දුවන්නේ ඒකයි..කලබලයේ කොච්චියේ ජනේලය ලඟ සීට් එක්ක.... ‍රැ කලුවරේ සීතල ඝණ හුලගත් එක්ක කලබල නගර පහුවෙලා හුලඟ ටිකක් සැහැල්ලු වෙන්නේ පොල්ගහවෙල පහු උනාම ටිකින් ටික කොච්චිය කදු නගින්න පටන් ගද්දි ආත්මයම සැහැල්ලු
වෙනවා..
වඩේ...... වඩේ.. උලුදු වඩේ.. පරිප්පු වගේ..මට පරිප්පු වඩේ දෙකක් දෙන්න..
දයාබර පාඨකය තවමත් කොපි බොන වෙලාව නොවේ එන්න..අපි වඩයක් කමු..දන්නවාද...
දවසක් මන් බදුල්ල නගරේ පහු කරගෙන ඒ ලඟ තිබුනු උස කන්දකට නැග්ගා රතු පාටට ඈත කන්දකින් ඉර බැහැගෙන යද්දි කදුවලින් වටවෙලා තිබ්බ බදුල්ලු නගරයට මීදුමත් එක්ක තරු කඩා වැටෙන්න පටන් ගත්තා ඉර එලිය යන්නම ගියාට පස්සේ අහස පුරාවටයි ටවුන් එක පුරාවටයි තරු පිරිලා තිබුනා.මන් සමහර තරු වේගෙන් එහා මෙහා ගියා කන්දේ අග්ගිසේම තිබ්බ ගලක මන් වාඩි වෙලා සිගරට් එකක් පත්තු කරගත්තා.
මන් කකුල පහලට දැම්මාම සීතල් වතුරක් මට දැනුනා ඒ වතුර සිතලයි..එතකොටයි මට තේරුනේ බදුල්ල නගරය වතුරෙන් යටවෙලා පුංචි කදු ගැට ඔක්කොම එකතු වෙලා වැවක් හැදිලා...ඒ බදුල්ලට තරු කඩා වැටිලා නෙවේ..බදුල්ල යට වෙලා හදිලා තියන වැවට අහසේ තරු වල එලිය වැටිලා.ඒ වැවේ වතුර මගේ කකුලේ ගෑ වුනේ...
සිගරට් එක ඉවරයි...
එන්න අපි බහිමු දැන් මේ පේරාදෙණිය ස්ටේෂන් එක පපුව කඩාගෙන යන ආත්මයම හිරි වට්ටන සීතල.... ස්ටේශමේ ටැප් එකන් සීතල වතුර එකක් පුරවාගෙන එක හුස්මට බීගෙන ගියා..
සිකුරාදා බදුලු කොච්චියේ තනියම යන්නනම් ඔයාගේ ආතමය තනි වෙන්න ඕනි ඒ හීන වලට පන දෙන්න ඔයාට ශක්තිය තියෙන්න ඕනි.එන්න කොච්චිය යන්න හදන්නේ අපි නගිමු..
කොපි කොපි....මටත් දෙන්න කොපි එකක්..ඔයාට කොපි බොන්න හොදම කොටස... කොච්චිය නාවල පිටියට ලගයි...දැන් සීතල ඇවිත් ඔයාව වටකරාවී..ඒ සිතල වෙනුවෙන් ඔයාගේ හීන රස්නෙට තියෙන්න ඕනි...මහා රෑ කොච්චියේ දොරේ වාඩි වෙලා කොපි එක බොන ඕනි කට කට ගගහා ගැහෙන සීතලේ..
පන්දර තුනයි එන්න අපි කොච්චියෙන් බහින්න ඕනි...දැන් ඔයාට මේ ගස් පාරවල් මේ පුංචි පදුරුවල තියන මල් කතා කරන්න පටන් ගනීවී.එන්න අපි එලිය වැටෙන්න කලින් එතනට යන්න ඕනි..ගෝවා කො‍ටුවක් මැදින් කලුවරේම ඇවිදගෙන ඔය දොල පාර හරහා යනන් ඔනී....
තාම ඉර පායලා නෑ කට කට ගාන සීතලේ මන් කමිසය ගලවලා ඉනේ ඔතා ගත්තා.මගේ පපුව සිතලට ගල් වෙන්න ඉඩ දුන්නා..කොට කලිසම ඇදලා කකුල් දෙකේ දාගෙන හිටපු සෙරප්පු දෙක ගලවලා බෑග එකේ එල්ල ගත්තා..මගේ යටිපතුල් වලට ගෝවා කො‍ටුවේ පස් වල නැවුම් බව දැනුනා.සීතල දොල පාරේ වතුරට අත දාලා සීතලම සීතල සීතලම සීතල වතුර ටිකක් අරන් මූන සේදුවා..තාම කළුවරේ..මාව සීතට ගල් වෙලා ඒ උනාට හීන හරි රස්නෙයි..දොලේ ගල් දිගේ මන් උඩට යන්න පටන් ගත්තා..අහස නිල් පාට වීගෙන එනවා...ඉක්මනට මන් උඩට නගින්න පටන් ගත්ත රෑ මීදුමයි පින්නයි එක්ක මුලු පොලවම තෙත් වෙලා ඒ තෙත මගේ යටිපතුල් වලට දැනෙනවා..හිස කෙස්වල මීදුමට පිනි බැදිලා..මුලු කොන්ඩෙම තෙත් වෙලා.එන්න අපි දැන් අපි මේ තනකොල යාය පහු කරමු මගේ ඇගිලි තුඩුවලට පදුරු වල තියන පින්න දැනෙනවා...මන් කන්ද උඩටම ආවා..මුලු යායම මීදුමෙන් වැහිලා..කුරුල්ලන්ගේ හඩවල් වලින් මුලු පරිසරේම අවදි වෙන්නයි යන්නේ......බෑග් එක පැත්කට දාපු මන් වතුර බෝතලේ අරන් සීතල වතුර එක උගුරට බීගෙන ගීයා...
බලන්න ඉර පිලිගන්න මුලු පරිසරයම ලෑස්ති වෙන හැඩ..














1 comment:

  1. Strange "water hack" burns 2lbs overnight

    Over 160 000 women and men are using a easy and secret "liquids hack" to burn 1-2lbs each and every night while they sleep.

    It's scientific and it works on anybody.

    This is how to do it yourself:

    1) Get a clear glass and fill it up with water half full

    2) And now do this strange HACK

    and become 1-2lbs skinnier in the morning!

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya