Saturday, August 30, 2014

හන්තානට පායපු සඳ කතාවේ දෙවැන්න

එහෙනම් ආවඩා ආයුබෝවේවා කියලා මේ පටන් ගන්නේ හන්තානට පායපු සඳ කතාවේ දෙවැන්න පළමු කොටස නොකියවපු අය කියවලාම එන්න එහෙනම්..



පළමු කොටසේදී අපි තවත් වනාන්තර පෙදෙසකට ඇතුලු වෙලා හිටියේ මේ වෙනකොට වෙලාව 4ට ආසන්නයේ හෝ හතර පහු වි තිබෙන්නට ඇත එ වෙනවිට නැවතත මඳ වැස්සක් පටන් අරන් තිබුනේ එනිසාම හෝ මේ දින කිහිපය තුල තිබූ  වැසි සහිත කාලගුණය මේ පරිසරය මේ තරම් තෙත් කරන්නට ඇත යටි වගාවෙන් තොර වූ මේ වන ලැහැබ අපට එතරම් අපහසුවක් ගෙනාවේ නැත.වන සතුන් ගමන් කිරීම නිසා සැදී තිබු යම් තරමක් දුරට පැහැදිලි අඩිපාරවල්ද දැකිය හැකිව තිබුනා දිය පහරවල් කිහිපයකින්ද යුක්ත වූ නිසාම එම කලාපයෙහි තෙත් ගතිය වැඩි කරන්නට  ඇත.




           මේ වන විට කණ්ඩායම් සිත් මදක් කලබල ගතියක් තිබෙන්නට ඇත මන්ද පැය දෙකක් ඇතුලත තවත් සැහෙන දුරක් ගමන් කල යුතු වූ බැවිනි එහෙත් කිසිවෙකුගේ මුහුණු වල සතුට හැර වෙන දෙයක් දක්නට නොවීය වෙලාව 4.15පසුවී තිබෙන්නට ඇත ඉතා දැඩි මීදුමකට වනයෙන් එලියට එත්ම අපට මුහුන දෙන්නට සිදුවිය දැඩි බෑවුම් සහිතව හා තෙත පරිසරයක එලිමහන් භූමියකට අප එලබ සිටියෙමු එහි බැවු බව වැඩි තැකීමක් නොකලේ මීදුම හා ලිස්සීම වැඩි නිසාමය  උස් නොවූ තෘණ පදුරු වලින් මෙම පෙදෙස ගහන විය අතර මගදී හමු වූ දිය පහරින් අප සැම අපගේ වතුර බෝතල් පුරවා ගත්තේ චමිල් අයියාගේ අදහසක් පරිදීය සැලකිය යුතු ගමනක් අපට ඉතිරිව ඇති බැවිනි වතුර බෝතල් පුරවා ගුලූකෝස් ස්වල්පයකුත් චොකලට් පෙත්තකුත් අප බඩට දාගෙන නැවත ගමන් ආරම්භ කලෙමු ඒ වන විට අප GPS රුට් එකේ වරදක් නොමැතිව ගමන් කලෙමු..ගූගල් මැප්ස් ආධාරයෙන් අප ඒ වන විට මාර්ගය නිරීක්ෂණය කලේ දැඩි මීදුම නිසාවෙනි..නැවතත මිටර් දෙක තුනක් පලල ව්න ලැහැබකි එය පහසුවෙන්ම තරණය කර  නැවතත් උස් නොවූ තෘණ සහිත බූමියකට පැමිණ සිටියමු..ගූගල් මැප්ස් හි සටහන්ව ඇති පරදී කදු මුදුනේ සිට බටහිර බෑවුම අවසාන වෙන තෙක්  තරමක් ඝණ වන ලැහැබක් පැතිර තිබුනි..තිබු එකම විකල්පය එය තරණයයි තව පැයයි විනාඩි විස්සකට නොවඩු කාලයකදී  අඳුර අපව ලුහුබදිනු ඇත..අප ඉක්මන් කල යුතුය...ඉක්මනින් වන ලැහැබ ලගට අප එළිමහන් භූමිය පසුකර පැමිණ සිටියෙමු..



              නොසිතු ලෙස අවාසනාව අපව සොයා ආවාදැයි සැකයකි..එහි යටි වගාව ඉතා ඝණව පිහිටා තිබුණි වනයට ඇතුලු වීම පවා දුශ්කරව තිබුනි වනයට ඇතුල් විය හැකි තැනක් තිබේද බලන්නට මේ වන විට අපි යුහුසුලුවෙමින් සිටියෙමු..කවින්ද සහ අනුශ්ක එක තැනක් කපා වන ලැහැබට ඇතුල් වීමට උත්සහ කරමින් සිටියේය.අවසන යනු අප එක් දින ගමනක් නිසා පිහි ලණු ආදි අනෙකුත් කිසිම කලමනා ගෙන ගොස් නොතිබුනි එසේ හන්තාන මෙසේ අමාරු වේ යැයි කිසිම විටක් අප බලාපොරොත්තු නොවුනෙමු..කණ්ඩායම එක් තැනක නවතා මද චමිල් අයියාද කදු මුදුනය ගොස් වනයට ඇතුල් වන්නට තැනක් ඇත්දැයි පරීක්ෂා කර බැලුවෙමු.එහෙත් වනයේ ව්‍යාප්තිය එක දිගට එකම ලෙස විය අප පහලට එන විට අනුෂ්ක සමග පිරිස ඇතුලට යාමට මගක් පාදාගෙන තිබුනි..ඇතුලට ගියේ බඩගාගෙන මෙනි ඇතුල් වූ පමනින් උස් ගස් සහිත නිදහස් භුමියකි  වැසි සමයෙහි තද වතුර පහරක් ගලා යන ලකුණු දක්නට ලැබුණි.නමුත් ගැටලුවකි අප එතන සිරවී සිටියෙමු ඉදිරී මාර්ගය තද වැල් වලින්ද පදුරු වලින්ද ගහන වි තිබුනි..නැවත අදුරද මී දුමද වැඩී වෙන ලකුණු දක්නට ලැබුනි.පාර වැරදී නැත නමුත් අවහිරව තිබුණි.

   මේ වෙලාවේ සියලු සිත් තුල තිබූ සැහැල්ලුව පහව ගොස් තිබූ බැව් සියලු දැස් වල දිස්විය.එය මා හද තුලද විය අද වන විටත් මා හට ඒ අවස්තාවේ එවැනි කණ්ඩායමක් සමඟ  සිටීම ගැන ආඩම්භරයකි මන්ද ඒ වෙලාවේ සියලු දෙනා වචනයක් හෝ පැවසුවේ ඉදිරි ගමන ගැන හෝ විකල්පයක් ගැන මිස තමා තුල ඇතිවී තිබු පිඩනය සැහැල්ලුව පහව යෑම කණ්ඩායමේ ගමනට අදාල නොකර ගතේය.මේ වන විටත් කවින්ද හා අනුෂ්ක ඉදියට ගමන් කිරීමට මාර්ගයක් පාදා ගැනීමේ උත්සහයක නිරතව සිටියාය.අප නැවත ගූගල් මැප්ස් ආධාරයෙන් ගමන් මාර්ගය පිරික්සන්නට පටන් ගතෙමු ඒ නිදහස් බිම් කඩක් හෝ කැලෑව අඩු ප්‍රදේශයක් මේ  ප්‍රදේශය පසු කිරීමට  අපට සොයා ගත හැකිවේ දැයි බැලීමටයි.ඒ වෙලාවේ ගූගල් අපිට උදව් නොකලාය ඔහු සතුව අපට උපකාර කිරීමට හැකි කිසිවක් නොතිබුනි.
         දැන් අපගේ අරමුණ කෙසේ හෝ මෙතෙනින් මර්ගයක් පාදා ගැනීමට උතසහ කීරීමයි.අනුශ්ක හා කාවින්ද ඉදිරියද සමීර හා චමිල්ද කැලයෙන් උඩටද ගමන් කොට ඉදිරියට යාහැකි මාර්ගයක් ඇත්දැයි සොයා බලදී ඉතිරි හතර දෙනෙක් ඉතිරි කොට මා ද නුරංග  අයියාද පහලින් කැලයෙන් පිටවීමට තැනක් ඇත්දැයි සොයා බැලීමට කැලය තුලට ගමන් කලෙමු අවසනාවකි සැම මාර්ගයක්ම ඉතා දුශ්කර ලෙස අවහිරව තිබුනි කරුමයකි අප සතුව ඇත්තේ කුඩා සුවිච් පිහියක් හා එක් රම්බෝ පිහියක් පමනි මේවාගෙන් අපට කෙසේවත් ගස් හා ගැටිය නොහැකි.සියලු දෙනා නැවත බලා පොරොත්තු කඩව එක් තැනකට එක්වී සිටියෙමු.


                       නැවතත් හිටපු තැනටම වෙලාව ගැන මා සතුව මතකයක් නැත කෙසේ වෙතත් දැන් වෙලව සවස පහ පසුවී තිබෙන්නට ඇත.මෙය කන්දේ බටහිර බෑවුම වුයේ අපගේ වාසනාවට මෙනි මන්ද වැහි බර කලගුණයේදීත් තවමත් ආලෝකය අප සතුව එක්ව සිටී.නැවත තීරණයකට පැමිනියෙමු.අනුශ්ක සමග කවින්ද නැවත කැලෑ ප්‍රදේශයෙනි එලියට ගොස් කදු මුදුනට කැලය අයිනෙන් ගමන් කොට නැවත කැලයට යා හැකි තැනක් ඇත්දැයි සොයා බැලිය යුතුයි.එතැක්  අනෙක් සියලු දෙනා මෙතැන ‍රැදී සිටිය යුතු අතර නුරංග අයියාද චමිල් අයියා ද මා ද නැවත මා සහ නුරංග ගමන් කල මාර්ගයේ ඉදිරියට ගමන් කොට ඉදිරියට යා හැකි දැයි සොයා බලනු ඇත.අපගේ දෙවන ගමන ද අසාර්ථකය ඉතා ඝන ක‍ටු ලැහැබකින් අපට ඉදිරියට යා  යුතුයි එය අවසාන ලෙස තොරා ගතහොත් දැඩි තුවාල සහිතව අපට බඩගාගෙන කැලයෙන් එලියට යා හැක නමුත් එතැනින් එහා දැඩි බැවුමක් හමු වූවොත් අප නැවත මෙතනට පැමිණිය යුතුයි.අප ඒ අදහස අතැහැර දමා නැවත පිරිස සමග එක වුනෙමු.අනුශ්ක සහ කවින්ද සහ මහේෂ් අයියා මාර්ගයක් සොයා ගෙන තිබුනි.


                                     අප නැවත ආ මාර්ගයෙන් කැලයෙන් එලියට පැමින කන්ද උඩට ගියෙමු එලස ගමන් කොට නැවතත් ඝණ යටි වගාවක් පසු කොට කැලයට ඇතුල් වුනෙමු.මෙවර අප වාසනාවන්තව සිටියෙමු ඒ ඌරන් ගමන් කල මාර්ගයක්ක් වන්න්නට ඇත එම නිසාම අපට අපහසුවකින් තොරව ඉදිරියට ගමන් කලෙමු.
පාඨකය අප නැවතතත් අසමත්ය අප නැවත් කැලය පිරා කලින් සිටි තැනට මදක් ඉහලින් නැවති සිටියෙමු.......................නැවතත් පල්ලම් බැස කලින් තැනටම ගියෙමු අපි ඉතා අවසනාවන්තව සිටියෙමු නමුදු කිසිවෙකු උත්සහය අත් නොහලෙමු විටවීමට මාර්ගයක් සෙවූවෙමු..මට ඒ වේලාවේ තිබූ තත්වය ඔබට පැහැදිලි කිරීමට නොහැකි වීම ගැන මාගේ කණගා‍ටුව ඔබ හට ප්‍රකාශ කරන්නම් මාගේ පාඨකය මන්ද ඒ වෙලාවේ තිබු කලබල ගතිය මා මතකය ඒ අවස්තාව ගැන අඩු මතකයකින් පුරුවාලන්නට ඇත.කෙසේ හෝ සහනදායි වචනයක් චමිල් අයියා කන්ද උඩින් ‍රැගෙන පැමිණියාය."තැනක් තියනවා ලොකු ගලකින් තමා නගින්න තියෙන්නේ එක තමා තියන එකම පාර කට්ටියම උඩට එන්න..."
     ඉතා දැඩි බැවුම් සහිත ලිස්සන කොල මතින් අප කැලයෙන් උඩට ගමන් කලෙමු.වෙහෙසව සිටි අපට එය නොදැනෙන්නට ඇත්තේ කැලයෙන් එලියට යාමේ අදිටන අප සිත් තුල් තිබුනු නිසා වන්නට ඇත.සියල්ලන් ගල්කුල සහිත තැනට පැමිනියෙමු එහි යටින් ගල් ගුහාවක් හා සමානය හතර පස් දෙනෙකුට නොතැමී හොදට එතන නිදන්නට පුලුවනි.දැන් කිසි කඹයක ආධාරයෙන් තොරව අපි මේ ගල් කුල තරණය කල යුතුයි...ගලට යටින් ගලත් සමග ගසක් වැසී තිබුනි ඒ අපගේ වාසනා ගසයි එය දිගේ ගල් පොත්තට නැග ඉතිරි කොටස උඩින් වැවි ඇති පදුරු අල්ලාගෙන නැගිය හැක .ඉන් පසු පදුරු කිහිපයක් රිංගා යාමෙන් අපට අප නැවත තණ පදුරු ඇති නිදහස් භූමියක..මේ තැන ගැන කිසිදු පින්තුරයක් අප කැමරා වල සටහන්ව නැත මන්ද කිසිවෙකු එ මොහොතේ හිත්වල තිබූ එකම අරමුනේ සිටියෙමු ඒ මෙයින් එලියට යාමයි.
         වේලාව ගැන සදහනක් මට මතක නැත නමුත් වේලාව සවස පහ හමාරත් සවස හය හමාරත් අතර වේලාවක් වන්නට ඇත. කවින්ද ගල් පොත්ත උඩටම නැඟ ගත් පසු අපි පලමුවෙන් ආරක්ශිතව කන්තා පාර්ශවය  ගලෙන් උඩට නැග්ගුවෙමු.ඉන් පසුව ඔනාල් ද ලෝචන අයියාද  උඩට නැග්ගුවෙමු.සමීරද නැගගත් පසු ඊලඟ වාරය එලඹියේ මාගෙයි.නමුදු අනපෙක්ශිත ලෙස ගල් පොත්තේ උඩ සිට පැමිණි මහත අතු කැබැල්ලක් මාගේ හිස මත ව‍ටුනි.
             
සිතා ගත නොහැකි තරම් කතාව දි වෙනවා මට  හිතා ගන්න බැරි තරම් කතාව ලියනකොට දිගයි.පාඨකට ගැටලු දෙකක් දැන් ඔබට ඉතිරි පලමු ලිපියෙන් පැමිණි ගැටලුව එලසම
කණ්ඩායම කන්දෙන් එලියට පැමිනෙයි ද?
අද
හිස මතට වැ‍ටුනු පොල්ලෙන් මට මොකද උනේ ?
හන්තාන කදු වැටියේ සුන්දර ගම්න් විස්තරය සමඟ ඊලඟ ලිපියෙන් මා ඔබ හමු වෙන්නම්.

-මයියා

5 comments:

  1. ඇත්තටම දෙවැනි කොටස දානකම් බලන් හිටියේ ඇත්තටම මෙහෙම ගමන් යන්න බැරි උනාට හරි ආසවෙන් කියවන ඊලඟ කොටස ඉක්මනට දාන්න.ජය!!

    ReplyDelete
  2. තුන් වෙනි කොටසත් දාන්නෝ ඉකමනට..........

    ReplyDelete
  3. niyama sancharayak..... apith yanna inne.. oyage post eka loku udawwak :)

    ReplyDelete
  4. හම්මේ.... ආසයි අයේ යන්න...

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya