Saturday, June 7, 2014

ගණනය කරන්නට බෑ කියනා "කල්පය" මා ගණනය කලෙමි


කවුද කියන්නේ කල්පය ගනින්න්න බැ කියලා.
කල්පයක් ගනින්න පුලුවන්
පහත පිරවර  අනුගමනය කරන්න.

01.පලමුව ඇතුලත එක් පෘෂ්ඨයක  වර්ගඵලය 5cm වන සේ ඝණකයක්  සදා ගන්න.
02.එයට අබ ඇට  පුරවන්න.
03.දැන් ඔබ එකින් එක ගණනය කරන්න.ඉතා සියුම්ව.ඔබට වර්ග සෙන්ටිමීටර් 5ක් ගණනය කිරීම අපහසුයි නම් ඊට වඩා කුඩා ගණකයක් සදා ගන්න.

දැන් ඔබට වර්ග සෙන්ටිමීටර් 5ක ඇති අබ ඇට ගණන ලැබේවි.
දැන් සැතපුමක දුර සෙන්ටිමීටර් වලට හරවා ගන්න  දැන් වර්ග සැතපුම් එකේ එකේ ඝණයක පරිමාව ගණනය කර හැක එයට වර්ග සෙන්ටිමීටර් පහක පරිමාව ඇති ඝණක කීයක් ඇසිරිය හැකි දැයි ගණනය කරන්න දැන් ඔබට ලැබෙන ගණන වර්ග සෙන්ටිමීටර් පහේ පහේ ගණකය තුල අඩංගු වූ අබ ඇට ගනනින් වැඩි කරන්න දැන් ඔබට සැතපුමක සැතපුමක ගණයක අඩංගු අබ ඇට ගණන ලැබේවි.එය සීයෙන් වැඩි කරන්න (අබ ඇටයක් ඉවත් කරනුයේ අවුරුදු සියයකට සැරයක් නිසා) එවිට ඔබට කල්පය කෙතරම් විශාල ද යන්න නිවරදි සංඛ්‍යාත්මක අවුරුදු ගනන ලබා ගත් හැක.

*සැ.යු.-සියලු අබ ඇට වර්ගඵල සමාන යැයි උපකල්පනය කරන්න.හෝ එසේ සමාන අබ ඇට ලබා ගන්න.



පාඨකය ඔබ කුමක් කියන්නට ද නිවරදී නේ ද? ඉවසන්න මන් ඉතුරු කතාවත් කියනවා.

ගෞතමයන් වහසේට කල්පය සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්නට බැරි නිසා ඔබට මෙකී ලෙස කල්පය ඉදිරිපත් කලා නොව උන් වහන්සේ උත්සහ කලේ ඔබට එහි විශාලත්වය එහි දුක්ඛිත බාවය කලකිරීම අවබෝධ කරලීමටයි උන්වහන්සෙට අවශයනම් සංඛයාත්මකව එය ටක්කෙටම නිවරදි දශමයටම පවසනු ඇත එය එසේ වූවානම් කල්පයත් ආලොක වර්ෂ මෙන් නිකම්ම ලොකු සංඛ්‍යාවකි.පිංවත් පාඨකය බොක්කේ දඩ මස් ඇති පාවෙන මිනිසෙකු ලෙස ධර්මය අවබෝද කිරීමෙන්  වලකින්න.මෙකී කතාව නිවරදිව අවබෝද කරගන්න.කල්පය ගනනය කල හැක ගණනය කලා කියා ඉන් අපට ඵලක් නැත.එනිසා අවබෝධාත්මකව වැඩ කල යුතුයි.

කවුද කියන්නේ කල්පය ගණින්න බෑ සාදු සාදු කියා..නැත ගණනය කල හැක නමුත් අවැසි නැත එය අවබෝධය උදෙසා පමණි.

හරියට ඔය කතාව ‍තෝමස් අල්වා එඩිසන් මහතා බල්බය සොයා ගන්නට දහස් වතාවක් පරීයේෂණ සිදු කලාය කියන කතාව  මෙන් විහිලු කතාවකි .ඇයි එය අවබෝධයෙන් නොබලන්නේ ඔහු කරන්නේ පලමුව විදුලිය ගමන් කරනා ලෝහ යොදා කරන පර්යේෂනයක් ඔහු හොයා ගන්නවා ලෝහයක් ඔහු ආවර්තිතා වගුවේ ලෝහ සියල්ල පරික්ෂා කලද එය සියයක් වත් වන්නේ නැත ඉන් පසු ඔහු කරන්නේ එහි පාලිත් තත්ව වෙනස් කරමින් කරනා පර්යේෂණ  විද්‍යාව ආරම්භක යුගයේ සිට දන්නා රික්තකයක් තුල ඔහු එකටම පරික්ෂා කරන එක සීයට දෙසීයක් විස්වාසයි.සියලූ වායු යොදා පරික්ෂා කලද ඔහුට බල්බය සොයා ගැනීමට පර්යේශණ දෙසියක් තුල උපරිම හැකියාවක් තියනවා.දාහස් වතාවක උත්සහයෙන් කියන්නේ ඔහුගේ කැපවීම හැගවීම මිස ඔහු දහ්ස් වතාවක් ඒ ප්ර්යේෂණය සිදු කලා කියා නොව.

මා කී දේ ඔබට අවබෝධ වන්නට ඇති කියා සිතමි.අවබෝධයෙන් සිතන්න.පාඨකය අපි හමු වෙමු තවත් ලිපියකින්.

ප.ලි.
කට්ටියට කියන්න අමතක වුනා " මහේෂ් නම් සැරිසරන්නා" කියලා තිබ්බ නම පොඩ්ඩක් වෙනස් කලා "මයියා" කියලා  කොහොමද කට්ටියගේ ප්‍රතිචාර

12 comments:

  1. ඉතාමත් නිවරදි පැහැදිලි කිරීමක් සහෝදරය අප සියල්ල ලබා ගත යුත්තේ අවබෝධයෙන්ම පමණි.

    ReplyDelete
  2. පැහැදිලි කිරිම අගෙයි. ඉතාම පැහැදිලියි. දැන් එතකොට මේක ලියන්නෙත් මයියද?

    ReplyDelete
    Replies
    1. මහේෂ් බී දහනායක "මයියා" නමින් බ්ලොගය ලියයි."මහේෂ් නම් සැරිසරන්නා" නම අමතක කොට දමයි :)

      Delete
    2. නලීන් අයියා හැකි නම් Facebook ඉන්බොක්ස් පරීක්ෂා කර බලන්න. :D

      Delete
    3. .නලීන් කථා කරන්නේ මේ මයියා ගැනනම් මේ මයියා හැර වෙනත් මයියන්ද ඒ මයියත් මේ මයියත් හැ‍රැනම තව මයියෙක් එංගලන්තේ පිට්ටනියක පිත්තකින් පන්දුවට නෙලන බව ද දැනුම් දේමි :))

      Delete
  3. ඉතා අගනේය... මයියා... වරදක් නෑ වගේ නමේ! :)

    ReplyDelete
  4. හොදටම තෙරුම් කරලා ටියෙනවා ...

    ReplyDelete
  5. ටක්කෙටම තේරුනා .. මයියා මොකද හදිස්සියෙ නම වෙනස් කරන්න හිතුනෙ

    ReplyDelete
  6. පෑහෑදිලිවම උබෙ කතාවත් එකගයි මචන්.බුදුදහම කියන දේ ස්ටඩි කරද්දි(විශේශයෙන් අභිදර්මය) අපි මෙ ඉගනගත්තු පිසික්ස්,මෑත්ස් වලින් විස්තර කරන ලොකෙට වඩා කොච්චර ගෑබුරු ලොකයක් බුදුරජානජානන් වහන්සෙ විස්තරකරද කියලා හිතෙනවා,

    ReplyDelete
  7. හරියට හරි.එත් අර ලොයස්ල වගෙ වචනයක් අල්ලගෙන තර්කකරන මිනිස්සු ඉන්න රටක් මේක

    ReplyDelete
  8. ඕ ඕ මම හිතං හිටියේ බ්ලොග් වල ඉන්න එකම මයියා මමයි කියලා.....බලං ගියාම 2010 ඉදන්ම තව එකෙක් ඉදලනේ...........

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya