වැස්ස
මා ඔබට ආදරය කරමි
ඊට වඩා ඔබ වසින්නට පෙර
ගලන්නා වූ ඒ අදුරට
ඒ සීත සුලඟට මා පෙම් කරමි
කොටින්ම කිවොත් මා
වැස්සට වඩා ඒ
කාලගුණ විපර්යාසයට
පෙම් කරමි
සීත සුලඟට මා ඈ කියා
ඇමතුවොත්
ඒ සුන්දර අඳුරට මන්
අමතන්නේ කුමන නමකින්ද
ඔබට ඈ කීවොත් ඈ මා සමඟ තරහා
ගනීවි
අදරණීය සොබාදම් ලදුනි
ඒ තරමටම මා ඔබට පෙම් කරමි
කර්කශ පොලොව
සෝචනීය සිතුම් ජනිත කරවත්
ඒ පොලව මත පෙමින් වෙලි සිටිනා
දූලි තට්‍ටු
ඒ තද ගති මවා පාමින්
සියලු ජීවයේ
මූලය වූත් ජීවය වූත්
ඉරට පෙම් කරනා
දූලි තට්‍ටු
වැහි බිදු නම්
පෙම්වතා වැලද ගන්නා අපූර්ව
මා දැක තිබේ
ඒ වැහි බිදු වලට
මා පෙම් කරමි.
දුලු තට්‍ටු මත වැහි බිදු ජනිත කරන්නා වූ
ඒ අපූර්ව සුවද මා නිදහසේ විද තිබේ
එ වැහි බිදුව රැගෙන එන්නේද
ඒ සීත සුලග රැගෙන එන්නේද
ඒකී අදුර රැගෙන එන්නේද
වැස්ස
ඔබය
එනිසා
මා ඔබට
පෙම් කරමි.
කවි වගේ ඒවාට හපනෙක් නොවෙමි .කවිද මොනාද මන්දා දෙයක් ලිව්වා :D
shoak kai tikak
ReplyDeleteබෑ බෑ කිය කියා කලෙන් කාලෙට හොද හොද එව්වයි ලියවෙන්නේ
ReplyDeleteවැස්සට අපි කවුරුත් ආදරෙයි..
ReplyDelete