Sunday, March 30, 2014

වචන දෙක තුනකින් "ඡන්දය"




මේකයි සීන් එක ,
කොලඹින් 51% ක්
ගම්පහෙන් 43%
කළුතරින් 42%
ගාල්ලෙන්  45%
මාතරින් 42%
හම්බන්තොට 39%
දැන් ප්‍රතිශතයක් විදියට ගත්තාම ඔචර ගානක් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරලා නෑ.මේක සුලු ප්‍රතිශතයකුත් නෙවේ.

ආණ්ඩු පක්ශයේත් විපක්ශයේත් ඡන්ද ප්‍රතිශතය පහුගිය මැතිවරණයට වඩා අඩු වෙලා ලු එතකොට ෆොන්සේකා මහත්තයාගේ පක්ශයේ එක්වර විශාල නැගිටීමක් තියනවා ඒ වගේම ජේ.වී.පී එකෙත් ස්තීර ඡන්ද පදනම හැරුනාම ජන්ද වල වැඩි වීමක් පෙන්නුම් කරනවාලු.

මෙචර ප්‍රතිශතයක් ඡන්දය භාවිතා නොකරන් සිටීමටත් භාවිතා කල පිරිසෙන් විශාල පිරිසක් විකල්ප සඳහා යොමුවීමත් ගත්තාම වර්තමානය වන විට මිනිසුන් තුල පවතින යාන්ත්‍රනය පිලිබද අවුල් සහගත හැගීමක් තිබෙනවා වෙන්නට පුලුවන් එම නිසා ඔවුන් විකල්ප සොයමින් සිටීමත් ඒ සදහා එක් පුද්ගලයකුගේ නමක් වටා ගෙතුනු නව පක්ෂයක් වෙත් විස්වාසය යොමු වූවා වෙන්නට පුලුවන්.

කෙසේ වෙතත් තවත් මැතිවරණයක් එලස නිමා වුනා.

ප.ලි.
නිළියන්ගේ ඉදිරිපත් වීමත් ඒ සදහා ලැබුනු 20000කට  ආසන්න මනාප ගනනත් අප අමතක කල යුතු නැහැ මන්ද පවුල් පසුබිම් ඡන්ද  හැරුනාම ඔවුන්ට කෙතරම් මානප සංඛයාවක් ලබා ගැනීමට ඔවුන්ට මනාප ලබා දීමට මිනිසුන් පෙලබීම සදහා කුමන කරුණු බලපෑවාද යන්න.?



"මෙතෙක් කල් මාත් ඡන්දෙ දුන්නෙ මගේ ඡන්දය ඉතාම බුද්ධිමත් ව පාවිච්චි කළා කියල හිතාගෙනයි...!
ඒත් ඡන්දෙන් මාස දෙක තුනක් යනකොට තමයි මාත් දැන ගන්නෙ අම්මපා මේ පාරත් මං පරාදයිනෙ කියල...!!!!"

-
Indranatha Thenuwara facebook Status

7 comments:

  1. මන් නම් හිතන්නේ මේ පාර මිනිස්සුන්ගේ මොලේ ටිකක් පෑදිලා.
    මොන ලොකු ටෝක් දැම්මත් ආණ්ඩුව බයවෙලා ඉන්නේ :)

    ReplyDelete
    Replies
    1. නැහැ මේක ආණ්ඩුව බලාපොරොත්තු වෙලා හිටිය දෙයක්

      Delete
  2. ඇත්තටම මුලු චන්ද වලින්,සියයට 20 ක් 30 විතරය් මහින්දලාට දීල තියෙන්නෙ.ඉතිරි සේරම විරුද්ද පැත්තෙ.චන්ද නොදෙන අය තමය් මේ වැරැද්ද කරන්නෙ.

    ReplyDelete
  3. තාම හරිහැටි සංඥාවක් ලැබී නැහැ...

    ReplyDelete
  4. වෙනසක් කරන්න දඟලන එකම ඇති බං...

    ReplyDelete
  5. "මෙතෙක් කල් මාත් ඡන්දෙ දුන්නෙ මගේ ඡන්දය ඉතාම බුද්ධිමත් ව පාවිච්චි කළා කියල හිතාගෙනයි...!
    ඒත් ඡන්දෙන් මාස දෙක තුනක් යනකොට තමයි මාත් දැන ගන්නෙ අම්මපා මේ පාරත් මං පරාදයිනෙ කියල...!!!!" මේකනම් පට්ට කතාව ! 'පොදු විඥානය' කියලත් කියතැකි නේද ? කව්ද දිනුම් කියල ගණන් කරනවට වඩා අපි හැමෝමත් මේ ගැන වෙනසක් ලබන පාරකවත් වෙන විදියක් හිතුවොත්................

    ReplyDelete
  6. පිස්සු තර්කයක් නේද...... චන්දේ නොදාන අය ඔක්කොම් දේශපාලන පක්ශෙකට විරුද්ද අයද? එහෙම බැලුවොත් ජවිපෙට පොන්සේකලාට එහෙම චන්ද දායකයන්ගේ 90%ක්ම අකමැති වෙලානේ

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya