Saturday, January 4, 2014

 


වරථමානය වන විට සංචාරක කර්මාතය ශ්‍රි ලංකාවේ ප්‍රධාන අදායම් මාර්ගය බවට පත් කරන්නට මුල් පු‍ටු බොහෝ වෙහෙසේ නමුත් මෙහි ගුණාත්මක භාවය මනින්නට හොටල් ටිකට හා පාරවල් ටිකට බැරි බව ඔවුන් තේරුම් ගත යුතුය.



දිනක් මා උදෑසන දළදා මාලිගාවට ගොස් එන අතරතුර  විදේශිකයන් පිරිසක් මහත් පුදුමයෙන් හිමි නම්ක් ඔවුන්ගේ ජාතික ධජය  පාගා සිටින්නේ ඇයි දැයි කතාවේ.ඔවුන් ඔන් සතුව තිබූ පොතක් දිගහැර බැලුවාය එහිද ඔවුන්ට ඒ සදහා පිලිතුරක් සොයා ගන්නට නොහැකි වන්නට ඇත්.ඔහු පිලිරුව අවට හොදින් පිරික්සීය නැත ඔවුන්ට ඒ පිළිබදව අදහසක් නැත.ඔවුන් යන්නට ගියාය.

ඔවුන් මොනවා සිතන්නට ඇත් ද?  එය මාහා ගැටලුවකි එය සුලුවෙන් තකන්නට නොහැක.

මේ සටහන තබන්නට එදා මට සිත් වුනු නමුත් වැඩත් සමග එය අමතකව ගියාය. මැතකද උදෑසනක මා දළදා වදින්නට ගියෙමි.දළදා වැද ප්‍රධාන දොට‍ටුව දෙසින්  එළියට එමින් සිටි මට එදා සිද්දිය මතක් විය.මාගේ මතකය නිවරදි නම් ඒ වීර පුරන් අප්පුගේ හිස් කබල තැම්පත් කර තනවා ඇති ස්මාරකයයි.

"ඔබ ඒ පිලිබද නොදැනුවත් නම් ස්තානය පිළිබදව මෙසේ සටහනක් කරන්නට හැකිය ප්‍රධාන දොර‍ටුවෙන් (කුවීන්ස් හොටලය පැත්තෙන්) මාළිගාවට ඇතුලුවන ඔබට එම මාවතේ මැදි කරම්නි දක්නට ලැබෙන එකම ස්මාරකය. "

ගයිඩ් කෙනෙක් සමග පැමිනෙන විදේශිකයන් පිරිසකි.

එක් කාන්තාවක් " මොකක්ද මේ ස්මාරකය "
ශ්‍රී ලංකාවේ ගයිඩ් තුමා " මේක හදලා තියෙන්නේ ලංකාවේ අවසාන රාජධානිය සිහිවෙන්න "

එතන එ පිළිබද  සිංහල සටහනක් ඇති බැව් නම් මතකය එහත් ඉංග්‍රීසි සටහනක් ඇති බවක් මට මතකයේ නැත.

මා නුවර අතහැර සීගිරි යන්නම් ගයිඩ් මහත්වරුන් බොරු පොයියවල් කෙලිනා සුපිරිම ස්තානය මෙයයි දිනක් මා සිගිරියේ සිටින විට එක් විදේශික කාන්තාවකට ගයිට් මහත්මයා කියපි උණ බට වලින් මේක උඩට වතුර ගෙනාවේ කියලා.මේවා මා පැහැදිලි කල් යුතු නෑ මේක කියවන කෙනෙක්ට තේරෙනවා මොකක්ද මේ කියන්න උත්සහ කරන්නේ කියලා.

මන් දන්නේ නැහැ කෙතරම් දුරට මේ සංචාරක අත්පොත් නිවරදිද කියලා.ඒත් එක දෙයක් දන්නවා මගේ යලුවන් කිහිප දෙනෙක්ම කඩ්ඩ හදා ගත් පසු ගයිඩ් කොස් එකක් කලේ ඉතිහාසය ගැන තබ සතෙක දෙයක් දැනගෙන නොවේ ගයිඩ් කෝස් එක්ක කොතරම් දුරට ඉතිහාසය උගන්වනවාදැයි මා නොදනි.මගේ යාලුවන්ට ඕනි සල්ලි මිස අවංක සේවයක් ඉ‍ටු කිරීම නොවේ.සල්ලි තියන සුද්දියක් බදින්න තියනවා නම් ඔවුන්ට ඇතිය.


මෙලස අප ඉතිහාසය කාබාසිනියා කර දමන්නට ඉඩ නොතැබිය යුතුයි අදාල බලධාරීන් මේ පිළිබදව ඉක්මනින් ක්‍රියා මාර්ගයක් ගත යුතුයි. "සම්ඩෝඩ් මිලියන් "චිත්‍රපටය ඔබ නරඹා ඇති බවට සැකයක් නැත එහි මල්ලි ඉන්දියාවේ ගයිඩ් කරනා සැටි ඔබට මතක ඇති වරථමාන අපේ ගයිඩිනද එසේමය .

මාගේ යෝජනා

01.ඔය මාහා ඉතිහාසය ගැන කෙල පැමින සිටිනා  අපේ ලොක්කන් ටික එකතු වී ඒ ප්‍රෞඩ ඉතිහාසය කැටි කොට නිවරදි පොතක් සකස් කල යුතුයි.

02.ඒ පොත නොමිලේ හෝ මුදල් වලට රටට ඇතුලු වන විට මිලදී ගැනීම අනිවාර්යය කල යුතුයි.

03.විස්තර ලිවීමේදි ඉතා සැකවින් සෑම දකින නටඹුන් කැබැල්ලක්ම විස්තර කල යුතුයි.

04.ගයිඩ්ලා පුහුනු කර ඔවුන්ට ඉතිහාස ප්‍රශ්ණ විභාගයකට පෙනී සිටිය යුතුයි.

05.ඔවුන්ටද අර පොතට අමතර කරුණු එක් කොට එක් පොතක් සැකසිය යුතුයි.

06.OR කොඩ් එකක් සැම නටබුන් ඇති තැනකම ස්තාපනය කල යුතුයි.

07.හානියක් නොවන පරිදි ඒ ඒ ස්ථාන වන කුඩා ඉංග්‍රීසි හැදින්වීම් කල යුතුයි.

08.මේ සියලු දැ එක් කොට එක් වෙබ් අඩවියක් සකස් කල යුතුයි.


10.එය ක්‍රියා කාරි හා DB ඉක්මනීන් යාවත්කාලීන වෙන එකක් විය යුතුයි.



විශේශයෙන් සටහන් තබමි -කෙදිනක හෝ මා හට බලයක් හිමි වූවොත් එකටම කරන්නේ දලදා මලිගාවේ දළදාව වැඩ සිටින මාලයේ සවිකර ඇති රූපවාහිනී තිර දෙක ඉවත් කිරීමයි. ඊට පසු මෝඩ අදහස පහල වූ එකා සොයා ගැනීමයි.


4 comments:

  1. ඒක ඇත්ත. ඒත් ඇයි අර රූපවාහිනි තිර අයින් කරන්නෙ

    ReplyDelete
    Replies
    1. එතනට ගියාම හිත නිවෙනවා සැනසීමයි එත් දැන් එතනට් ගිය ගමන් ඒ දිහායි බැලෙන්නේ කිසිම තෙරුමක් නැති දෙයක්.

      Delete
  2. එකඟයි මහේෂ්... වෙනත් ර‍ටවල් වල සංචාරයන් හීදි ලැබෙන අත්පොත් බොහෝම අගනා ඒවා... ඒත් ලංකාවේ එහෙම දෙයක් ක්‍රියාත්මක වෙන බවක් දක්නට ලැබෙන්නේ නැහැ. :\ අනිත් ප්‍රධානම දේ තමා ගයිඩ්ලා. අද දිනයේ මම ලංකාතිලකයට ගියා. එතනදී විදේශිකයෙක්ට ගයිඩ් කෙනෙක් බොරු කියනවා කියනවා අහගෙන ඉන්න බැරිම තැන මම ගිහින් විස්තරේ කියව්වා... ඇත්තෙන්ම ඔවුන් ආසයි හරි දෙයක් දැනගන්න. අනිත් දේ ඒ ගොඩක් තැන්වල තියෙන සටහන් පුවරු තිබෙන්නේ සිංහල මාධ්‍යයෙන් පමණයි. නමුත් ඉංග්‍රිසි මාධ්‍යයෙන් වගේම... QR කෝඩ් එකක් මඟින් වෙනත් භාෂා 10කින්වත් ලබාගැනීමට හැකියාව ලැබෙන ලෙස සැකසීම ගොඩක් හොඳ ක්‍රියාවක්. :) මොකද කියන්නේ මහේෂ්... Tourism application එකක් ඩිවලප් කරමුද නොමිලේ ලබාගන්න පුළුවන් වෙන්න :)

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya