Saturday, May 25, 2013

රඟන්න


 
 

" රඟන්න මේ ලෝකය
නැමති වේදිකාව ඔබටයි! "


අනන්තය පාරකි
ජීවිතය ද පාරකි
ජිවිත පාර අනන්තයකි
එබැවින් අනන්තය ජීවිතය වේ

එහෙත් එය කල්පයද
කල්පයක් අපි නොදන්නෙමු
ඩාවින් කලේ මිනිස් මොලයේ
සිතීම නැති කිරීම පමණයි නමුත්

අයිස්ටයින් එය නොකලේය
ඔහු නැති කලේ ඔබගේ
දෘෂ්ඨියයි නැත
ඔබ එය පිලිගන්නේ නැත

කවුරු මොනවා කලත්
ඔබට ද වෙන් වූ
කොටසක් ඇත මේ
ජීවිත රග මඩලේ ඔබ එය
‍රැගිය යුතුය

ඈ ඔහු ඔබ වෙත ඒවි නොයාවි
නමුත් ජීවිතය ඔබ සොයා එන්නේ
නැත ඔබ එය සොයා යා යුතුයි
එය සැබෑවක් ද ඔව් ඔබ කල යුතුයි

නමුත් අයින්ස්ටයින්හෝ ඩාවින්
එය ඉ‍ටු  නොකලාවි
ඔබ දැන් ‍රැගිය යුතු කාලයයි
රගන්න  මේ ලෝකය
නැමති වේදිකාව ඔබටයි!

7 comments:

  1. ubata hithenne mara ewa ban!ekko ube kohe hari koil da kohedo...

    ReplyDelete
  2. නිරමාණයක් විදිහට ගොඩක් ලස්සනයි ... අපි හැමෝම එක එක විදිහට ඔය දේම තමයි කරන්නේ..ඩාවින් කරෙත් ඒක ..අපි කරන්නේත් එක..ඉස්සරහට එන අය කරන්නේත් ඒක..

    ReplyDelete
    Replies
    1. ඒත් බුදුහාමුදුරුවෝ කලේ ඒක නෙවේ! ඒ මාර්ගය පහදින්නා වූවන් මේ මාර්ගයේ ගමන් නොකරාවි.

      Delete
  3. ලොවම රග මඩලක් වූ කල ඩාවින්ලා අයින්ස්ටයින්ලා ද චරිතාංගයෝම වූහ.. එහෙත් ඔවුන් රගා තිබුණේ ප්‍රධාන භූමිකාවකි. අප රගන්නේ අවශේෂ චරිතයන්ය..

    ReplyDelete
    Replies
    1. @ නලින්

      ++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. අපි වූ කලී ඒ චරිතාන්ග චරිතන්ග බවට පත් කරමින් උසස් කල් වූවන් වෙමු.

      Delete
    3. අද අපට රගන්නට වේදිකාවක් කොයිනද අප අද රගන්නේ රූකඩ මඩුවල බව නොවැටහේද? නූල් අනුන් අතේ.. අප නැටවෙනවා.

      Delete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya