Thursday, January 3, 2013



ගුරු කීවාව මේ ගුරු කතාව වැඩිමනක් අදාල වෙන්නේ අ.පො.ස.උසස් පෙල  උගන්වන ගුරු විශේෂයකටයි.සමහරෙකුට කෙම්ස්ට්‍රි ගණිතය බයෝ ‍ෆිසික්ස් යනාදි විෂයනුත් එතනින් එහා ගිය කලා වණිජ විෂයත් පිහිටන්නට ගුරු වරුන්ගේ අදාලත්වයක් තිබේ ද? එසේ අදාලත්වයක් තිබෙනවානම් කොටසක් කැම්පස් යන්නත් ඉතා හොදින් සමත් වීමටත් හේතුව කුමක් ද?මේ දිනවල රූපවාහිනී වගේම මෘද්‍රිත මාධයේත් වපුරා තිබෙන ටියුෂන් කලාවක් අවශ්‍යනම් පාසල් වල අධ්‍යාපනය කුමකට ද? ටියුෂන් යන ළමයා පමණක් විභාගය සමත් වන්නේ ද?මේවා මා සිත තුල පැන නැගෙන්නා වු ගැටළුවක් නොව සමස්ථ සමාජයම අවධානය දිනාගත්තා වූ සාමූහික වූ ප්‍රශ්ණ වැලකි.

මෙවා එකින් එක ලිහා පැහැදිලි කරන්නට ගන්නා උත්සහයක්.
පළමුව ඉහත සදහන් කල පරිදී ගුරුවරයාගේ පලපෑම කෙසෙද යන්න.මාගේ මව මෙන්ම කුඩා කල ඔබගේ මවද ඔබව ඇගේ ඇකයෙහි හොවා යම් යම් දේ කියා දීම  ගුරුවරයාගේ අත්තිවාරම් සැලසුම ලෙස දැක්විය හැක.කොටින්ම කිවහොත් යමකුට යමක් ක්‍රමවත්ව පැහැදිලි කරන්නේ නම් ඔහු හෝ ඇය ගුරුවරයකු වේ.මා අද මෙලස අකුරු කරන්නට මා "අ" අකුරේ සිට ඉගන ගත යුතු මා පිය ආභාෂයයෙන් එහා ගිය කල සියල්ලක්ම ගුරුවරයකු යටතේ අධ්‍යාපනය හදාරයි.ඔහුනට හැකි වන්නේ යම් දෙනුමක් යම් කරුණක් අප හට පැහැදිලි ගෙන හැර දැක් වීම නම් විභාගයක ලකුණක් ගුරුවරයකු මත රදා තිබිය හැක ද  මා කියන්නේ නම් එය එසේය එය එසේම වන්නේය යන්නයි.
               මා උසස් පෙළ හදාරන පාසල් අවධියේ මාගේ පාසලේ කෙමෙස්ට්‍රි ගුරුතුමිය මට මතකය.පීරියඩ් එකට ලැබ් එකට ගිය පසු උසස් පෙල මුල් කාලයේ ඔහේ සටහන් ලියයි ඇය කියවයි.එකල කෙමෙස්ට්‍රි සංදේශ කාවයක් විය පැ‍රැක්ටිකල් දවසට ඈ අප ලැබ් එකට යන් විට සියල්ල සූදානම් කොට අවසන්ය පොතක් බලාගෙන සියලු සරායනික ද්‍රවය එක් කොට පොත බල බලා එක් කරයි "දැක්කා නේ ළමයි"  පොතේ ඇත්තේ නිල් පැහැය නම් දම් පැහැය සැදුනත් මාගේ ගුරුතුමියට එය නිල් පැහැ වූවා.කොටින්ම කියතොත් ප්‍රොෆෙසර් ජයතිලකගේ පොත ආපසු ලිවීමක් අප ඒ කාල ජෙදය තුල කලාය.මා සිතන්නේ අපට පමණක් නොව ලංකීය සිසු සිසුවියන් බොහෝ දෙනකුට පාසල් වලට ඒ සෙතේය.කොටින්ම කියතොත් එය පාසල් තුල රසායන විද්‍යා පෙල පොත විය.එසේනම් ගුරුවරයා කල යුත්තේ කුමක් ද ඔබ විමසාවී මාගේ දෙක්ම අනුව ගුරුවරයකුගේ වගකීම වන්නේ  ලමයා සතු සිතිමේ හැකියාව ඔහු තුල ජීවත් වන ඔහුව  එලියට ගැනීම මිස ඔහුන්ව යන්ත්‍රයක් කිරීම නොව.එයට ගුරුවරයාටම දොස් තැබීමම නිවරදි නොවන බැව් ද මා ප්‍රකාශ කරමි.
                මෙය සමස්ථ පද්ධතියක් තුල පවතින වරදකි.ළමයකුට යාන්ත්‍ර විද්‍යාව තියරි උගන්වා ගණනක් දුන් විට ඔහු නියමට ගනන් සාදාවි එහෙත් එක් වර "මචං මේ බිත්තිය කෙලින් තියෙන්නේ කොහොමද ?" ඇහුවොත් ඔහු උඩ බිම බලනු ඇත මන්ද තියරි ඔලුවලට පතබෑමෙන් වෘතිකයා විද්‍යඥා බිහිවන්නේ නැත් මෙලොව නිවුටන්ලා , ‍තෝමස් අල්වා එඩිසන්ලා  බිහිවන්නේ නැත.එන්තැල්පි ගනන් දහස් ගනන් සාදාවී එත් එන්තැල්පිය කියන්නේ කුමක් ද ඒ හා සම්බන්ද වටපිටාව සාමාන්‍ය පරිසරය විස්ථර කිරීමක් තියරි පමණ්ක් දන්නෙකුට බැරිය.ඔහු නියම සමාජ ගවේශකයකු පරිසරය තම පොත තුල දකින්නකු විය යුතුයි.ඒ වෙනුවෙන් ඔහු සූදානම් කල යුතුය.ඉන්ජිනේරුවන් වෛද්‍යවරු බිහිවේවි එහෙත් සියවසේ විද්වතකු බිහි නොවේවි.මේ ක්‍රම තුල  බිහිවන ශිෂ්‍යා ඉන්ජිනේරුවකු වන්නේ ඔහුගේ හද කැලබි ප්‍රශ්ණ වලට පිළිතුරු සොයන්නට නොව ලොකු ගෙයක් වාහනයක් වරප්‍රසාද හබා යන්නටය.උසස් පෙල කටපාඩම් කරගන්නා දෙයින් ලකුණකින් හෝ ඉස්සරහට යන්නටය එක ලකුණක් අඩු වන්නා විද්‍යාපීටය ඔහුට ලකුණකට අඩු වන්නේ ඉන්ජිනේරුවා වෛද්‍යවයා නොව සමාජීය වරප්‍රසාදය අද ක්‍රමය ලමයා හුරු කරවන්නේ තරග කරන්නේ වරප්‍රසාද  සදහා පමනි.
    මේ නිසා ගුරුවරයාට හැකි පමන මෙය වෙනස් කල යුතුය ගුරුවරයා ද ප්‍රොෆෙසර්ගේ පොතේ යැපෙන්නෙකු නොවිය යුතුය.
තවත් ඉතිරි ප්‍රශ්න තිබේද නැත සියල්ලන්ම දුවති ඒ වෙනුවෙන් ඉතා කාර්යක්ෂමවත් ක්‍රම්වත් අන් අයට නොව‍ටු දැනුමක් කියනා තියරි ගොන්නක් ‍රැස් කල යුතුයි මන්ද එකක් හෝ අඩු වුවහොත් සමාජීය වරප්‍රසාදයේ සිදුවන් වෙනස් වීම එක් තියරි කෑල්ලක අඩුපාඩුවක් නොවේ.

මා මාව නිවරදිය සියල්ලන්ම එකග තාවකට පැමින මේ ක්‍රමයේ වෙනසක් සිදු කල හැකි නම්.මේ දිවිල්ලේ ඉලක්කය වරප්‍රසාදය නොවේ නම්.මේ බුද්ධිමත් මොල ගෙඩි නැවත අයිස්ටයින් ප්‍රතිවාදියන් බිහිකරනු ඇත.

17 comments:

  1. අදත් ඇවිත් යනවා. කොමෙන්ට් දාන අන්තිම එක සමහර විට

    ReplyDelete
  2. මෙතන තියෙන්නේ රේඛීය ප්‍රශ්නයක් නෙවෙයි , චක්‍රයක් . ඒ නිසා කොහෙන්ද චක්‍රය බිඳෙන්නේ කියන එක ගැටලුවක් . කොහොම වුනත් එය සිදුවිය යුතු බවට නම් මාත් ඔබසමඟින් එකඟයි

    ReplyDelete
  3. සුපිරි බුද්ධිමතා බිහිවෙන තැන අපේ ගොඩ දෙනෙක්ට මඟහැරිලා නේ තියෙන්නේ

    ReplyDelete
  4. ළමයි යන්ත්‍ර කරන එක පාසලෙත් කෙරෙනවා ටියුෂන් වලත් කෙරෙනවා... මොකද අපේ අධ්‍යාපනයේ කේන්ද්‍රය ළමයා නෙවෙයි.. පොත නිසා... ළමයා ඉගෙන ගැනඹි නෙවෙයි.. පොත සම්පූර්න කිරීම නිසා..

    මේ ඇත්ත තත්වය තේරුම් ගත්ත කෙනෙක් උනත් මේ ක්‍රමයට අනුගත ‌වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ... මොකද රැකියා ක්‍රමය කියන ගේ හැදිලා තියෙන්නෙ මේ අබලන් අත්තිවාරම මත නිසා....

    මුලින් අත්තවාරම ආපහු දාන්න ඕනේ මුල ඉඳලා.. ඊට පස්සේ පුළුවන් ගේ හදන්න පටන් ගන්න...

    ඒත් අපේ දේශපාලකයන්ට ඒක කරන්න බෑ.. මොකද එයාලා දන්නවා එහෙම කළොත් තමන්ට තියෙන ලොකුම වාසියක් නැතුව යනවා කියලා... ඒ තමයි යන්ත්‍ර වලට තෙල් තිබ්බම ඇති උනාට මිනිස්සුන්ට තව ගොඩක් දේවල් ඕනේ වෙන බව දන්න එක...

    ReplyDelete
  5. ඔය වක්‍රය වී.වීලයට ගියහම යම් තාක් දුරකට බිදෙනව. අන්න ඒ හන්ද තමයි ඉන් පස්සේ තියන විභාග වලට ටියුෂන් නොයන්නෙත්, වෙන රටවල ගිහින් තනියම ඉගෙනගෙන තැනට එන්ට ශක්තිය ලැබෙන්නෙත්.

    ReplyDelete
  6. පාසල් වල විතරක් නෙවෙයි විශ්ව විද්‍යාල වලත් ඔය තත්වෙම තමයි. :(

    ReplyDelete
  7. ඇත්ත ඇති සැටියෙන් දැකීම ගැන නම් සන්තෝසයි.
    ඒත් ඉතින් මේ ක්‍රමය සම්පූර්ණයෙන් ම වෙනස් කරන්න නම් තව අවුරුදු ගණනක් ගත වෙනවා.
    සාම්ප්‍රදායික ගුරුවරු මේ ක්ෂේත්‍රය අතෑරලා "නියම" ගුරුවරු මේ ක්ෂේත්‍රයට එන්නම වෙනවා.

    ReplyDelete
  8. eka kaalayaka sampradaayika guruwaru, thawath kaalayaka niyama guru waru nmeida..??

    ReplyDelete
  9. යකෝ ඉස්සෙල්ලා දුං කියලා සිංහලෙන් ලියන්න ඉගෙනගනිං!
    තොගේ මේ ඉලව්ව කියෙව්වහම බ්ලොග් නෙවෙයි යකෝ, සිංහලත් එපා වෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ පල යන්න මූ හොද දෙයක් ලියන්න පටන් ගත්තා විතරයි මෙතන ආවා පුරුදු බයිලෙම ගහන්න.නිකන් බොරුවට කෑ ගහන්න එපා යකෝ.
      අද ඉදන් මෙහෙම හිටියොත් අපි මුට සප්

      Delete
    2. ane muge ilaw sinhala mekage thiyana irisiyawa lipiya niyamai saho

      Delete
    3. ඇනෝ කිය කියා නිකන් තරහා පිරිමහගන්න එපා යකෝ.අකුරක් වැරදෙන එක බ්ලොග් ලොකේ හැම එකාටම පොදුයි .ඊට එහා ගිය අන්තර්ගතය තේරුම් ගන්න බලපන්.
      මූ දැන් හොදලිපි කීහිපයක්ම ලිව්වා උබලා වගේ ඇනෝ කියලා නටන සම-හරක් කරන්නේ වැරදි හොයන එකමනේ.

      Delete
  10. සූපර්..ලිපිය කොල්ලා ඇත්ත කථාව
    දිගටම ලියපන්

    ReplyDelete
  11. වැදගත් දෙයක් දිගටම ලියමු

    ReplyDelete
  12. ගොඩ දවසකින් මේ පැත්තට ගොඩ බැස්සේ

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya