Tuesday, January 1, 2013

ආවඩා ආයුබෝ වේවා!


 ආවඩා අයුබෝ වේවා එහෙනම් ඔන්න ආයේ ඉතින් පටන් ගත්තා .ගිය අවුරුද්දට අඩුපාඩු නැතිව ඔන්න 70වක්ම ලියලා තියනවා.මේක බ්ලොග් ලියන කියන කබ්බන්ට කබ්බියන්ට හොද අවුරුද්දක් වෙයි මොකද මේ 27 ගේට්‍ටුවත් එනවානේ.තව පැය කීයද එතකොට 2013 අවුරුද්දෙත් දවසක් ජීවත් වෙලා අහවරයි.

මේ අවුරුද්දේ මොනවා ලියන්න ලැබෙයිද කියන්න දන්නේ නෑ.ඒත් හිනාව පිරුනු දේවල් ලියන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ම්.. එහෙනම් කථාවක් ලියන්නම්

ඔන්න පෙරපාසල් යන පොඩි දග කොල්ලෙක් ඉන්නවා අපේ ගෙවල් පැත්තේ පොරගේ අම්මා තමා මට මේ කතාව කීවේ.
දවසක් ඒ පොඩි එකා එයාගේ අක්කත් එක්ක හවස බුදු පහන තියලා ගාථා කියනවාලු. ගාථා කියන අතරතුර පොර අක්කාට ඇගිල්ලෙන් ඇනලා.ඔක්කෝම ඉවර වෙලා ඇවිත් අම්මාට කියනවා ලු  අම්මා අක්කා දැක්කාද ගාථා කියනකොට හිනා වෙනවා ඔවා බුදු සාදු බලාගෙන ඉන්නේ කියලා.
නෑ අම්මා මල්ලී මට ඇගිල්ලෙන් ඇන්නා කියලා අක්කා කීවලු.
පොර කීවලු බුදු සාදු මගේ යාළුවානේ ඒක නිසා ප්‍රශ්ණයක් නෑ කියලා.
අර ඇන්ටි ඇහුවාලු ඒ කොහොමද කියලා.
පොඩි එකා කියපි "මං දහම් පාසල් ගිහින් ඉන්නකොට දවසක් ළමයි ඔක්කෝම සෙල්ලම් කරන්න ගියා ඒත් මන් විතරක් පංතියට වෙලා හිටියා බුදු සාදු ඒ වෙලාවේ ඇවිත් මගෙන් ඇවිත් ඇහුවා ඇයි සෙල්ලම් කරන්න යන්නේ නැත්තේ යාලුවෙක් නැද්ද මං යාලුවා වෙන්නම් කීවාලු"

මොනවා උනත් මට හිතෙනවා මේ පොඩි එකා හොද බ්ලොග් කාරයෙක් කතෘවරයෙක්  වෙයි අනාගතේ.

ඔන් ඔහොම මේ අවුරුද්දෙත් ලියන්වා මගේ ලියවිල්ලේ ‍රැඩිකල් වෙනස් නම් නෑ සුපුරුදු පරිදී ලියමි ඉදිරියත්.

මං දැක්කා පොඩි ප්‍රවෘතියක් මේ විදියට
"
මිලියනයකට ආසන්න පාසල් සිසුන්ට නොමිලේ සපත්තු ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කර ඇතැයි, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද මැණික්හින්න ප්‍රදේශයේ සිසු දරු දැරියන් පිරිසකට පාසල් උපකරණ ලබාදීම සදහා පැවති උත්සවයකදීය.

එය "ජය කෙහෙළිය" පදනම විසින් සංවිධානය කරනු ලැබ තිබේ.

"මිලියන තුනකට ආසන්න දරුවන් ප්‍රමාණයකට සපත්තු කුට්ටමක් ලබා දෙන්නත් මේ වෙනකොට ගණන් හදලා බලලා අවශ්‍ය අය තෝරලා මිලියනයකට ආසන්න ළමයි ප්‍රමාණයකට පළවෙනි වසරට මේ වසරේ ලබාදෙන්න  තීරණය කළා. මේ සියල්ලම කරන්නේ අපේ මේ පුංචි දූ දරුවන්ට මානසිකත්වය ශක්තිමත් කරමින් තියෙන සුළු සුළු අඩුපාඩුකම් මහා පරිමාණයේ අඩුපාඩුකම් හෝ වේවා ඒවා සුළුවෙන් හෝ තමන්ගේ යම්කිසි විදිහේ අවකාශයක් ලබමින් මූලික පරමාර්ථය වන අධ්‍යාපනයේ මධ්‍යස්ථානයක් බවට එහි කොටස්කරුවන්ට අපේ මේ පුංචි දූ දරුවන්ට ඒ මානසික සහනයක් එක්ක අධ්‍යාපනයේ කටයුතුවල නියලෙන්න තමයි මේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරන්නේ

"


අනේ  ඔය දන්න දන්න ලොකුක්කනේ මානසික සහනය වෙනුවෙන් ඔයිට වඩා දේවල් මේ දරුවන්ට කරන්න පුලුවන් මොකුත් ඕනි නෑ අඩුම මේ අවුරුද්දේ පවත්වන විභාග ටිකවත් අපක්ෂපාතිව තිබ්බානම් ලංකාවේ මිනිසුන්ගේ ලොකුම මානසික සහනය ඒ දේ වෙයි.

එහෙනම් 2013 පලවෙන් පෝස්‍ටුවත් මේ විදියට අහවර කලා ඕන්....

http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2013/01/31-page5-c1.jpg
 ප.ලි.
ඔබ සැමගේ අලුත් අවුරුදු ප්‍රාර්ථනා සර්ථකම වේවා!

11 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. athtatama api kochara keewath hadune nathi uba dan nam hadila wage.ai uba dan issara wage anolata gema illan ne nadda

    ReplyDelete
    Replies
    1. sirawata me olmorandamata mokada danna mechara arthawat wenasak karan na hithuwe :) ela ela monawa unath uba dan ela kollek

      Delete
    2. උබලාට පිස්සුද ඔය පොර ඔය කථාවකින්ම පටන් ගත්තේ තව ටික දව්සකින් මොනවා හරි විකාරයක් නයෛ.
      මොනවා උනට් දැනට ඉතින් ඔහෙ ලියන එක හොදයි.
      ඔය ලංකීය ඇමති කතා මහ කුප්පම කතා බන්

      Delete
  3. අනේ මන්දා බන් ප්‍රාර්ථනා කරන විදියට වෙනවා නම් මම තමයි මුළු ලෝකේම ලොක්කා අද වෙද්දී

    ReplyDelete
    Replies
    1. *හැකිනම් නම් කරුණාකර ඔබගේ ෆෙස්බුක් ඉන්බොක්ස් පරික්ෂා කරන්න.

      ලොක්කා වෙන්න නම් ඕනි නෑ බන් ජොලියේ පාඩුවේ ඉන්න තියනවා නම් :)

      Delete
  4. දේශපාලුවෝ ගැනනම් කතාකරලා වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. ඒ කියාලා කතා නොකරත් බැරි දෙයක්

      Delete
  5. සැරිසරන්නාටත් සුබ නව වසරක් වේවා...
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
  6. අනේ මන්ද අෆ්ෆා......ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!

    ReplyDelete
  7. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya