Monday, September 17, 2012

හතර වසරේ ටීචර් හා තුන වසරේ නිමල්



කෙටිකතා විකාර කතා පරිකල්පන විචාර ලිය ලියා සිටියම පසකට දමා කතන්දර කිහිපයක් ගෙන ලියා පල කරන්නට සිතුවෙමු.
එය මෙසේ අකුරු කෙරෙන වගයි .
ඔන්න එකෝමත් එක රටක එකෝමත් එක පාසලක එකොමත් එක කාලෙක ප්‍රින්සිපල් කෙනෙක් හිටියාලු . මේ විකාර විදියයට කියලා හරියන්නේ  නෑ වගේ හරි එහෙම නම්  මෙහෙම පටන් ගමු .

ඔන්න දැන් එක පාසලක තුන වසරේ ටිචර් ඇවිත් නැති  දවසක පන්තියේ ළමයි සෙට් එක තරගෙට කෑ ගහනවාලු . ටික වෙලාවක් මේ කරදරය ඉවසගෙන හිටපු හතර පන්තියේ ටීචර් මළ පැනලා කිපිලා තුනේ පන්තියට ආවලු. (ඉස්කෝලෙකට වැස්සට හරි ගියා නම් ඔය ටීචර්ලාගේ කිපිම ගැන හොද අත් දැකීම් ඇතිනේ )

මොනවද ළමයි ! ! පුදුම කරදරයක් නේ ..... මං එහා පන්තියේ උගන්වන්නේ නැද්ද !!! කෝ නායකයා නැගිටිනවා . මොනවාද  දැන් තියෙන්නේ ! ! !

චිත්‍ර ටිචර් ..

එහෙනම් දැන් අලියෙක් කොට  අදිනවා  චිත්‍රයක් අදිනවා හැමෝම . ! !

නායකයා ඔය ළමයාගේ නම මොකක් ද  ?

කසුන් ටීචර් හරි ඔය ළමයා කැ ගහන ළමයිගේ නම් ලියන්න ඕනී . ! ! අය ලමයි කෑ ගැහුවොත් මන් ඔය ළමයාවයි නැත්නම් දන ගස්වන්නේ !!

එහෙම කියපු ටීචර් තරහින් පුපුර පුපුර ගියාලු .
ටික වෙලාවකින් ටීචර් සද්දයක් නැති නිසා ටීචර් හොරෙන් හොරෙන් පංතිය ගාවට ඇවිත් හොරෙන් එබිලා බැලුවාලු .

බලනකොට පංතියේ නායකයා තව කොල්ලෙක් එක්ක බර කතාවක් ලු .
කසුන් ! ! ! ! ! ! ! ! ! !

නැගිටිනවා මන් තමුසෙට කීවේ තව ළමයෙක් අල්ලගෙන කතා කර කර ඉන්නද නැත්නම් තුසෙට දුන්න වැඩෙක් කරලා අනික් ළමයි ටිකත් නිශ්ෂ්බ්ද  කරගෙන ඉන්න නේද ! ! ! ! කෝ ගන්නවා බලන්න තමුසේ ඇදපු චිත්‍රය .,,හ්ම් ..

කෝ අනික් ළමයා නැගිටිනවා >>> !! ! නම් මොකක් ද ?

නිමල්......

මං කීවේ කසුන් එක්ක කතා කර කර ඉන්න ද ? කො ගන්නවා ච්ත්‍රය !!!!

ඔය ඔය කතා කර කර ඉන්නවා මේක ඇදලා ද මේ ඈ....

ඔව් ටිචර් ...

ඔව් !!! මන් කීවේ කොට දෙකක් අදින්න කියලා නෙවේ කොට අදින අළියෙක් අදින්න කියලා !!! මේකේ තියෙන්නේ කොට දෙකක් විතරනේ.. ඉතින් මෙක ඉවරයි කියන්නේ කොහොමද එනවද මාව විහිලුවකට ගන්න ආ... ! ! ! !

නෑ ටීචර් අලියා ඉතුරු කොටේ ගෙන්න ගිහිල්ලා ! ! අලියා ඉතුරු කොටේ ගෙන්න ගිහිල්ලා ! !

--මහෙෂ් බී දනායක


10 comments:

  1. ඇම්ඩන්ගේ මල්ලිද නිමල් කියන්නේ

    ReplyDelete
  2. @Mee Godayaa ඇම්ඩන් කියන්නේ කවුද අයියේ :)

    ReplyDelete
  3. හොද ප්‍රයෝගික උත්තරයක්

    ReplyDelete
  4. හැක හැක මූ මාර අලියෙක්නේ.

    ReplyDelete
  5. බලාගෙන යනකොට නිමල් සිරා කොල්ලෙක් නෙ :D

    ReplyDelete
  6. නිමල් මොලකාරයා...
    අඹයාළුවෝ එකෙත් බ්‍රයිටා නිමල් නේ??????

    ReplyDelete
  7. දවසක් ටීචර් කියනවලු පන්තියට පණ්ඩුකාභය කුමාරයව මරන්න දියනාන වෙලේ සෙබළු ආපු විස්තරය අඳින්න කියලා.එක ලමයෙක්ගේ පොතේ කිල් පාට විතරක් ගාලලු.අහපුවාම “ මිස් කුමාරවරු මරල සෙබළු ගිහිල්ලා.මිනී ටිකත් පාවෙලා ගිහිල්ලා.අබා තවම එලියට ඇවිල්ලා නැ “ කිව්වලු

    ReplyDelete
  8. එල එල නියම කතාව

    ReplyDelete
  9. හී හී හී..නියම කතාව :)
    ජය මල්ලෝ!

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya