Tuesday, May 29, 2012

එහෙනම් නංගි ‍රැග් බිස්කට් ගෙනාවා


කථාවකුත් නෙවේ කට්ටිය බනින්න එහෙම එපා ඕන් එහෙනම් මෙකා මේ මොනවා කියවනවද කියලා..මේකනි අද උදේ පාන්දරම කාලාස් යන්න පිටත් වුනා.ඉන්ගිරිසියෙන් කියනවානම් අමතර පංති අන්න ඕකට මේ දවස් ටිකේම කාලාස් නොවැ.5.30 ස්කූල් බස් එකට තමා මාත් සෙට් වෙන්නේ ඕකේ ස්කෝල් යන නංගිලා මල්ලිලා වගේම.තව තව යනවා මං දැන් යන කට්ටිය ලියන්න නෙවේ නේ ගත්තේ..
          මං උදේ පාන්දර බස් එකට නගිනකොට කට්ටිය පිරිලා එක මල්ලි කෙනෙක් නගිනකොටම අයියා බඩු හම්බ උනා කියලා කෑ ගැහුවා මන් බැලුවා යකෝ මේ මොකද කියලා.
ටික වෙලාවකින් තමා මට වැඩේ මීටර් වුනේ.

 බස් එකට බිස්කට් චොකලට් ලැබෙන අවස්තා කිපයක්ම තියනවා.

01.කාගේ හරි බ්ර්ත් ඩේ එකක්
02.ස්කූල් වැන් එක අතහැර බසය ‍තෝරා ගන්නා අවස්ථාව (‍රැගට)
03.6 වසරට පාසල මාරු කර නගරයේ ජනප්‍රිය පාසලකට යෑම (‍රැගට)
04.උසස් පෙලට පාසල මාරු කර නගරයේ ජනප්‍රිය පාසලකට යෑම (‍රැගට)

ඔන්න ඉතින් මේ දවස් වල ඔය කියන 04 වෙනි අවස්තාව උදාවෙලා තියනවා,අපෙ කොල්ලෝ බිස්කට් එකක් ඉල්ලනේ පෙරේත කමට නෙවේ සහෝදර කම වර්දනය කරනු පිනිස.ගිය සතියේ අලුත් නංගි කෙනෙකුගෙන් කල වාග් ප්‍රහාර කිහිපයකට සුහද ප්‍රතිචාර වශයෙන් උදේ පාන්දෑ මන්චි ලොකු ක්‍රිම් කැකර් එකක්.ලෙමන් ෆෆ් ලොකු දෙකක් චොකලට් ලොකු බිස්කට් එකක් ලැබිතිබුනි.
                   සහෝදරත්වය වෙනුවෙන් බසයේ සිටි සියල්ලන්ටම බිස්කට් බෙදා අපිද සිතේ හැටියට සප්පායම් උනෙමි.එහෙනම් බිස්කට් වලට තැන්ක් යූ නංගි.


පලි.
හැමෝම කෑවා කීවාට කෑවේ අපි ටික විතරයි.කොන්දා හැරෙන්නට වෙන පිට එකදු මනුස්සයෙක් අපගේ බිස්කට් කෑවේ නැත.



7 comments:

  1. අපේ සහොදරකං නං දියුනු උනා ඔය මොකක්වත් නැතුව!

    ReplyDelete
  2. rag ekan illana gana ahuwama a/l pitinma epa wenna athi.

    ReplyDelete
  3. කොහේ ඉඳලා යන පොදු පාසල ද ඕක..... ඉස්සර පොදු පාසලේ යන්න ඕන කමටම ඉස්කෝලෙ ගිය දවස් තිබුනා... අන්න ඉස්කෝලෙ යනව නම් ස්කූල් බස්.....පාරෙ යන කෙල්ලනට කෑගහන එකයි, ස්කූල් වෑන් වලට වතුර ගහන එකයි, බස් එකේ පිටිපස්සට තඩි බබා සිංදු කියන එකයි තමයි රාජකාරිය ඉතිං.....

    ReplyDelete
  4. අපිත් ඉස්කෝලේ බස් එකේ ගිය හැටි මතක් උනා.. :)

    ReplyDelete
  5. ඉස්කූල් බස් එකේ ගත්ත ආතල් ආයේ කවදා ගන්නද අප්පා...?

    ReplyDelete
  6. Eka aththa.
    Apita yanthamata wage 'sisu sariye' yanna pina set una.
    Eka driver & konda arunama wena pita un ekek wt na.(un dennath apitama kiyapu 2na)
    Scl lamai itarai.
    Ehema bus1 wena dewal hitha ganda puluwan neda?
    :p

    ReplyDelete
  7. 6 වසර පොඩිඑවුන්ටත් රැග් කරනවද? පව්නේ
    6 වසරටනම් අපි රැග් කරන්නේ නෑ. අනිත් ඒවානම් කරනවා...

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya