Sunday, May 13, 2012

ඊයේ රෑ කාලයකින් රූප පෙට්ටිය ගාව වාඩි වුනා නිවුස් බලන්නට කියලා.මොකද මන් නිවුස් බලන් එක අතෑරලා දාලා ගොඩක් කල් මොකද දැන් නිවුස් වලට කියන්නේ රටේ කොහෙද මලගෙදරක් තියෙන්නේ එකට රින්ගලා රටේ වුන්ට ඒවා පෙන්න එකනේ.ඇත්තට මේ රටේ තව වැදගත් දේවල් ඇත්තේම නැද්ද,අයි යකෝ රට නැත්නම් මේ දෙයියනෙ අකියලා ලෝකයක්ම තියෙන්නේ...
  ඇයි මුන්ට බැරි රටේ යම් කිසි සිද්දියක් වුනාම ඒක.නියම නිවේදනයක් හැටියට රටට දෙන්න.මේ මිනිසුන්ගේ ඔලු ගෙඩිවලට යමක් දෙන්න හරි,,
 උදාහාරණයකට මුන් පෙන්නන ආසම නිවුස් එක වන මල ගෙදරක්ම ගමු
* හරි එකෙක් එල්ලිලා මැරිලා කියමුකො මොකද කරන්න ඕනි,,
අම්මා අඩනවා අප්පචී සහෝදරයෝ තව ගමේ වුන් තව,එල්ලෙන්න ගත්ත කබේ ඒකේ වර්ගේ,එල්ලුනේ ගහකද,නැත්නම් වෙන මගුලකද ඒකේ වර්ගෙයි,තව අනම් මනම් විකාරද???
              නෑ යකුනේ නෑ..දැන් මේ නිදහස් ප්‍රවෘත්ති කාරයන්ට හොදයි කියන්නේ කවුද මේවා බලන මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු නෙවේ,, ප්‍රවෘත්ති ඇඩ් එකේම දාගන්නවා අපි තමා හොදම එවුන් අපිව බලන්න අපි එකම තම කියලා,,මොකද යකෝ මේ රටේ වුන්ට වෙලා තියෙන්නේ.
       මොනවා කියලා කරන්නද මහන්සි වෙලා බත් එකත් බෙදාගෙන එතන ඉදගන්න අසරණ මිනිහා ඕක දිහා කට ඇරගෙන බලා ගෙන ඉන්නව හැර කෑ ගහගෙන අඩන්නද? කොහෝම කියලා හරි ජිවත්වෙන්නත් එපැයි.
   මන් මහ ලොකු පොරක් නෙවේ ඒත් ප්‍රවෘත්ති කියන එක කරන්නේ කොහොමද කියල මගේ අදහස කියන්නම්...
 යකුනේ (අපේ රට යක්ෂයන්ගෙන්නේ පැවතෙන්නේ ඒක නිසා යකුනේ කියලා කීවාම හොදට තේරනවා) මාධ්‍යක් වුනාම කරන්න ඕනි බිස්නස් එකම නෝවේ බොලව්..මේ රටක දියුණුව සදාචාරය,,බුද්ධිය මේ හැම දේම වෙනස් කරන්න මාධයකට පුලුවන් ඒක එකටම හිතට ගනිව්..( ලෝකේ සතු‍ටුම මිනිස්සු ඉන්නේ බූතානේ එහේ රූපවාහිනී නෑ බොලව්.)
  හරි දැන් එකෙක් මලා දැන් ඔහේලා ගාව තියන හොදම  ප්‍රවෘත්ති ඕක නම්. අපි එකටම බලන්න ඕනි ඒ වගේ දෙයක් නෑවත් නොවෙන්න කොහොමද අපි ක්‍රියාකරන්නේ කියලා (මොකද  ප්‍රවෘත්ති කියන්නේ මිනිසුන්න්ට වැදගත් දෙයක් දෙන්න ඕනි).ඇයි මෙහේම් වුනේ ඒ ක වලක්වන්න අඩන හැඩි මැරුන මිනිය පෙන්නලා වැඩක් නෑ..මේ රටේ ඉන්නවා මහාචාර්රයවරු ආචාරවරු..මානසික හෝ වෛද්‍ය ශේත්‍රයේ ඉහලටම ගිය මිනිසුන් ඒ අය සමග සාගජ්ජා කරලා ඒ හා සම්බන්ද විශේෂ වාරථාවක් මිනිසුන්ට ඉදිරිපත් කරලා .ඒවාගෙන් වලකීම හා එවැනි ප්‍රශ්ණයකදී කලයුත්තේ තමාගේ මානසිකත්වට තෙරුම් ගැනීම හා ඊට කල හැක්කේ කුමක්ද යන්න,,මිනිසුන්නේ බුද්ධිය ඉලක්ක කොට ඒය ඉහල නැන් විය යුත්තේ කෙසේද යන්න  ප්‍රවෘත්තියක් සාරවත් විය යුතුයි .
නැතිව පිනට කාකින්න වුන්ගේ මාඩ කාථා කියා පෙන්වමින් මිනිසුන් හිනැස්සිම නෝවේ .මන්ද ඔබත් මේ රටේ ජීවත් විය යුතුයි.මෙය බුද්ධියට හිමිකම් කිය රටක් විය යුතුයි.
 මිනිසුන්ට හිනාසීමට විහිලු කථා තිබේ,හැඩීමට හැගීම්බර අවස්ථා වුදා වේවි.නමුත් සිදුවී ඇති සිද්ඩියක් දෙස බුදිමත්ව බැලිය හැකි කොටස අල්පයි..යම් දෙයක් බුද්ධිමත්ව විමර්ෂණය කොට ඉදිරිපත් කිරීම ප්‍රවෘත්ති  වේවි.කොහේවක් යන බඩ තඩියන් වෙනුවෙන් වටිනා මාධය මෙහෙවර සවුත්තු නොකරගන්න..ඊට වඩා කල යුතු වැඩ බොහෝමයකි.

දවසටම  වේලක් කා සිටිනා පුද්ගලයකු ලෙස අප ඉපදුනානම් අපිත් කාගේ කථාවක් හෝ අසා සිටීවි කල යුත්තේ.ආනාගතය වෙනුවෙන් රටක් හාදා ගැනීමය.
 මා පොඩිකාලයේ සංවර්ධනය වන රටක් ලෙසයි මා ඉගන ගත්තේ.ඔබේ පොඩි එකාටත් කවදා හෝ එහෙම ඉගන ගන්නවාට ආසද,,එදා වෙල ගැන නොහිතන්න ..අතට ලැබෙන තු‍ටු දෙක නොව හිතට අවංක වෙන්න..

*විශේෂ සදහන් කිරීම-රටේ සිටිනා බුද්ධිමත් පුරවැසියනි,මහාචර්යවරුන්ගේ පටන්.ලංකාවේ පලන තන්ත්‍රය පහලට ගලා ඒමටත්.සියලුම පාලන කටයුතු ඒ ආකාරයෙන්  බුද්ධියට බාර දෙමි.ඔබෙ විෂය ගෑන ඔබ ප්‍රවීනයකු වන්න,මහාචර්යවරුනී ඔබගේ විෂය පිලිබදව එහි යෙදීම් පිලිබදව පර්යේෂ්ණ  වල යෙදෙන්න..මා රටේ ලොක්ක වු පසුව රටේ පාලන මණ්ඩලය කඩේ නොයනා.හිතට අවංක බුදියට නිසි තෑන හිමිවේවි.එතකොට මගේ රට ලොකු තැනකට යාවි.. :D : D


ප.ලි.2010-07-06

දවසේ වැරැද්දට නැති මුත් රෙද්ද උගේ…
ලබ්බද මොණරු පෙන්නන්නේ අනුන් ඇඟේ…?


සෝමගේ මොණරා….

මොණර මාක් සෝමක්කගේ වාහිනිය….
වෙලාවකට වැනි රෝහල් මෝචරිය….
මිනී බෙදන එකමය රාජ කාරිය….
ලෙඩක්, දුකක් මිනියක් නැත්නම් බැරිය…

පරණ ළමා ගී රී මික්ස් කරපු යුගේ….
ජපන් පැදුර අද මෙන් මතකයට නැගේ…
ළමුන් ගයන විකුණා මහ පාර දිගේ….
අනුන් වියදමිනි සෝමා නිවන් මගේ…..

… මහ වංසයට ඇරි විජ්ජුත් ටීකාව….
ෆෝම් කළා අගේට හිටි ජැක්කාව…
සිහි කර එයින් නොනැවත බලු මැක්කාව….
ජැක්කා දුටු ගැමුණු කෙරුවා ලොක්කාව….

මුල් පිටු ඇරිය උන් විළ ලඟ ගෙයට පැන…
වල් වැඩ කරනවලු ඇහුවම හිනා එන….
ජිල් බරි කරපු උන් සෝමගේ මිදුල මැන…
ෆුල් සැප විඳිති ලොක්කගෙ ගෙමිදුලට පැන…

උගසට අරන් පොඩි මිනිහගේ දුක් ගින්න…
වත්කම් යා දෙයිද ගිනි පොළියට ගන්න…
කළුතර අර පුතා නදියට බිලි දුන්න…
ඒ දුක නේද ලැබුණේ විකුණා ගන්න…

දෙවියන් දේවාල කපුවන් හොර හැත්ත…
ගණ ගෙඩියන්ද මන්තර ගුරුකම් පැත්ත…
වෙන මහ විපත නොසිතම විකුණා ගත්ත…
චැනලය කුණු වළකි මේකයි හරි ඇත්ත…

තම ඇහැ පිරෙන තඩි කොස් ලී කොටයේ රඟේ…
නොදැකම අනුන්ගේ කුණු රොඩු සොයන අගේ…
දවසේ වැරැද්දට නැති මුත් රෙද්ද උගේ…
ලබ්බද මොණරු පෙන්නන්නේ අනුන් ඇඟේ…?



උපුටා ගැනීම : http://theruamknatha.wordpress.com/

9 comments:

  1. වැඩිපුර විකුණන්න පුළුවන් ප්‍රවෘත්ති විකිණෙනවා. එතකොටයි රේටින් වැඩි වෙන්නේ. රේටින් වැඩි උනාමයි ප්‍රොෆිට් වැඩි වෙන්නේ.

    ReplyDelete
  2. Go to

    https://www.facebook.com/swarnavahini

    and

    https://www.facebook.com/liveat8

    Make your voice heard.

    ReplyDelete
  3. http://akasmikatharkikaya.wordpress.com

    ReplyDelete
  4. aththa athth sia diwi hani kara ganeem pennala pennala ewa samanyakaranaya wela owa vadi wenawa.mokada ethakota minissu hithanawa mewa saamanya dewal kiyala...ethakota ewa wadi wenawa..munta owa theren na///

    ReplyDelete
  5. කක්කවාහිනිය මාධ්‍ය ආචාර ධර්ම කියලා දෙයක් දන්නෙම නැති හැඩයි. මමත් මේ ගැන කතා කරලා තියෙනවා, ඒ කියවෙන්නේ තමන් මාධ්‍ය ආචාර ධර්ම බිඳ හෙලන ගමන් වෘත්තීය ආචාර ධර්ම නොතකන වෛද්‍යවරයෙක්ගේ සහයත් ඊට ලබා ගැනීමක් ගැන.

    ReplyDelete
  6. // මා පොඩිකාලයේ සංවර්ධනය වන රටක් ලෙසයි මා ඉගන ගත්තේ.ඔබේ පොඩි එකාටත් කවදා හෝ එහෙම ඉගන ගන්නවාට ආසද,,එදා වෙල ගැන නොහිතන්න ..අතට ලැබෙන තු‍ටු දෙක නොව හිතට අවංක වෙන්න..//

    ඔච්චරයි !!! ඔය ටික තමා කියන්න තියෙන්නේ... තේරුම් ගන්නැති එකයි ප්‍රශ්ණේ සහෝ...!

    ReplyDelete
  7. මහේෂ්ට
    මම යතුරු කරනයට අකමැතිම හා කම්මැලිම කෙනා උනත් මට මහේෂ්ගේ විචාරයට අදහසක් එකතු කරන්න හිතුවා. සහතික ඇත්ත මහේෂ් මටත් මේ ගැන හිතුන වාර අනන්යි. මේවාට රජය නීති පැනවිය යුතුයි. ඔයවගේ මැරෙන ඒවා ාපන්නුවාම මානසිකව වැටිච්ච කෙනෙකුට ඕක ලොකු පිටිවහලක් වෙනවා ගැටලු වලින් බේරෙන්න. හරියටම කියනවානම් ගැටලු වලින් මිරිකෙන කෙනෙකුට මේවගේ මැරෙන ආකාරත් විසදුම් වෙනවා. තව කියනවානම් හොරකමට, වර්ජනයන්ට, භීෂනයට හා නඩුහබ වලට විසදුම් මාධ්‍ය මගින් දෙනවා. මේ දිනවල පත්තරවල දින කිහිපයක සිට තියෙන්නේ විදේශ සේවයකදී මැරුණු අපේ ලාංකිකයෝ ගැන.......

    ReplyDelete
  8. කොහොමද අපේ සෝම අක්කගේ වැඩ කිඩ........... නැට්ටේ ඉදන් ගොම....

    ReplyDelete
  9. ඔව් බං,මුන් ප්‍රවුත්ති වල තියෙන්නෙම මළ ගෙයක් හරි සියදිවි නසාගැනීමක් හරි මිනීමැරුමක් හරි මොකක් හරි අනුන් අඩන දෙයක්මනෙ ,මම live @ 8 murder news බලන එකත් නැවත්තුවා

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya