Monday, January 9, 2012

අරමුණු සීමා කරගන්න



පසුගිය වසර තුළදී ඔබට බලාපොරොත්තු ගණනාවක්‌ තිබෙන්නට ඇති.

"විභාගය සමත් වෙන්නට" වගේම, "විවාහයට" සුදුසු සහකරුවකු සොයා ගන්නටත්, හොඳ රැකියාවක්‌, නව නිවසක්‌, නවීන වාහනයක්‌, විදේශ ගතවීමක්‌ වැනි බලාපොරොත්තු ගොන්නක්‌ ඔබ තුළ තිබෙන්නට ඇති.

ඔබට පමණක්‌ නොවෙයි, බොහොමයක්‌ දෙනාගේ ආශාවන්ට සිමාවක්‌ නැහැ. නව වසරක්‌ සමඟ අරමුණු රැසක්‌ ඉටුකර ගන්නට සිතා ගත්තත්, වසර අවසානයේ ඉන් කිහිපයක්‌වත් ඉටුකර ගන්නට බැරි තරම්. අවසානයේ ඉතිරිවී ඇත්තේ අසහනය පමණයි.

ඔබ අතට එක්‌ ඊතලයක්‌ දීලා ඉලක්‌ක කිහිපයක්‌ පෙන්වුවොත් ඔබට කුමක්‌ සිදුවේවි ද? ඔබ අසරණ වෙනවා නේද? ඔබ කොහොමද එකවර ඉලක්‌ක හතර - පහකට විදින්නෙ. ඔබට එක ඊතලයකින් විදිය හැක්‌කේ එක්‌ ඉලක්‌කයකට පමණයි. ඒ නිසා ඔබට එක්‌ ඉලක්‌කයක්‌ පළමුව තෝරා ගන්න වෙනවා. එකවර සියලු ඉලක්‌කවලට විදින්න ගියහොත්, ඔබ අසාර්ථක වෙනවා.

ජීවිතයේ අරමුණු පිටුපස හඹා යද්දීත් ඔබට සිදුවන්නේ මේ දෙයමයි. අරමුණු ගණනාවක්‌ ඇතිවිට, ඔබ වෙනුවෙන් ඒවා ඉටුකර දීමට වගකීම භාර ගන්නෙ "යටි සිත". යටි සිතේ ශක්‌තිය අරමුණු ගණනාවකට බෙදිලා ගියවිට, එක්‌ එක්‌ අරමුණු වෙත යෙදෙන සිතේ බලය අඩු වෙලා යනවා. ඒ නිසා අරමුණු ඉටුවීම ප්‍රමාද වෙනවා.

මේ වසරේදි ඔබට වඩාත් ම අවශ්‍ය දේ පමණක්‌ පළමුව සොයා ගන්න. එය විභාගය සමත් වීම හෝ විවාහයක්‌ සිදුකර ගැනීම විය හැකියි. පළමුව වඩාත් වැදගත් දේ සොයා ගන්න. එයයි වැදගත්.

ලියන්න... නැවත නැවත ලියන්න

අලූත් අවුරුද්දක්‌ ලබන විටම, ඔබට ලැබෙන දෙයක්‌ තමයි දින පොත. පසුගිය වසරවල ඔබ එහි ලියුවේ මොනවා ද? එදිනෙදා සිදුවීම්, බිඳ වැටුණ බලාපොරොත්තු, වේදනාබර මතකයන්, අය-වැය සටහන්?

නමුත්, මේ වසරේදී ඔබ දින පොත භාවිතා කළ යුත්තේ සිහින දිනාගැනීමටයි. ඒ නිසා ඔබ තෝරා ගත් ඉලක්‌ක පැහැදිලි අත් අකුරෙන් දින පොතේ ලියන්න.

උදා- මම මේ වසරේදී A සාමාර්ථ 3 ක්‌ සමඟ උසස්‌ පෙළ විභාගය සමත් වෙමි.

මෙලෙස ඔබේ ඉලක්‌කය වඩාත් පැහැදිලිව හා සවිස්‌තරාත්මකව ලියන්න. ඔබේ ඉලක්‌කය වාහනයක්‌ නම්, එහි වර්ගය හැඩය, පැහැය, එය මිලදී ගන්නා දිනය, ඒ සඳහා මුදල් උපයා ගැනීමට බලාපොරොත්තුවන ක්‍රම ආදිය පවා එයට ඇතුළත් විය යුතුයි. හැකිනම් ඔබේ ඉලක්‌කයට අදාළ රූපයක්‌ සොයා එය ද එහි අලවන්න.

මතක තබාගන්න. ඔබ අරමුණක්‌ තීරණය කළ පසු, එය ලේඛන ගත කිරීමෙන් අරමුණ සැබෑවීමේ සම්භාවිතාවෙන් සියයට 50 ක්‌ සපිරෙන බව මනෝ විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා.

වරක්‌ ලියූ පමණින් නොනැවතී ඔබේ අරමුණ වඩාත් ප්‍රබල, සිත් ගන්නා තනි වාක්‍යයක්‌ සේ සකසා ගෙන එය දිනකට අඩුම තරමින් දස (10) වාරයක්‌ බැගින් නැවත ලිවීම සිදු කිරීමෙන් ඔබේ සිහින සැබෑවීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වීම වේගවත් වෙනවා.

කියවන්න... ඔබට ම ඇසෙන සේ කියවන්න.

ඔබගේ අරමුණ සහිත ප්‍රකාශය සෑම උදෑසනකම හා සෑම රාත්‍රියකදීම (නින්දට පෙර) ඔබට ම ඇසෙන සේ කියවන්න. කියවනවිට මහත් විශ්වාසයෙන් ම කියවන්න. ඔබේ වචන සමඟ විශ්වාසය මිශ්‍ර කරන්න. වරක්‌, දෙවරක්‌ නොවේ කිහිප වාරයක්‌ කියවන්න.

සිතින් එය දකින්න... ඔබ කුඩා දරුවකුව සිටි කාලය සිහි කරන්න. ඔබට ඕනෑ වූ බෝනික්‌කා නැතහොත් වෙනත් සෙල්ලම් බඩුවක්‌ හෝ ඇඳුමක්‌ දෙමාපියන් ගෙනවිත් දීමට පෙර, ඔබ එය ගැන සිහින දකියි. බෝනික්‌කාගේ හැඩය, උස, පැහැය එහි ඇස්‌වල දිලිසීම පවා ඔබ මනසින් දුටු දේට බෙහෙවින් ම සමාන ය.

එහෙත් වැඩුණු අය බවට පත්වීමේදී අප මනසින් සිහින දැකීම සීමා වෙයි. දකිතත් දකින්නේ ජීවිතයට විය හැකි අහිතකර සිදුවීම් ගැන යි. ජීවිතයට සිදුවිය හැකි යෑයි ඔබ කලින්ම බියපත් වූ දේ බොහොමයක්‌ සිදු වී ඇත. එවැන්නක්‌ සිදු වූ විට, ඔබ මෙසේ කියති.

"මං හිතපු විදිහටම ඒක සිදුවුණා..." අනාගතය මනසින් දැකීමේ හැකියාව ඔබ මෙතැන් සිට භාවිතා කළ යුත්තේ ඔබේ ජීවිත ජයග්‍රහණ සඳහාම පමණි. ඒ නිසා ඔබගේ අරමුණ ගැන සිහින දකින්න විශාල සිහින දකින්න එය සැබෑවන බව විශ්වාස කරන්න. සිහින තුළ ජීවත් වන්න. නිවැරදිව සිහින දැක එය සැබෑ කරගන්න.

ක්‍රියාත්මක වන්න...

ඉහත ලෙස ක්‍රියාත්මක වනවිට "යටි සිත" ඔබට යම් යම් සංඥා ලබා දෙයි.

උදා - හදිසියේ ඔබට උපකාර කළ හැකි පුද්ගලයකු හෝ ආයතනයක්‌ හමුවෙයි.

ඔබට ඇවැසි දේ ලබා ගත හැකි තැනක්‌ ගැන හෝඩුවාවක්‌ ලැබෙයි.

අලූත් ඉපැයීම් මාර්ගයක්‌ ගැන ඔබට සිත දැනුම් දෙයි. එවන් මොහොතක එසැණින් ක්‍රියාත්මක වන්න.

ඔබ ඉහත පියවර 5 ම සිදුකළත් සුදුසු සංඥාව ලත්විට ක්‍රියාත්මක නොවේ නම් කිසිත් සිදු නොවේ.

ඒ නිසා ආරම්භ කිරීමේ උත්සාහය මෙන්ම එය පවත්වා ගෙන යාම හා ක්‍රියාත්මක කිරීමේ උත්සාහයද අත්‍යාවශ්‍යය.

නිවැරදි අවස්‌ථාවේ ක්‍රියාත්මක වුවහොත්, ඔබේ සිහින ඉටුවී ඇති බව නොබෝ කලකින් ඔබට අත්දකින්නට ලැබෙනු ඇත.

Super Minds අධ්‍යක්‌ෂිකා
සාර්ථකත්වය සඳහා ජීවිත පුහුණුකාරිණී
සමන්ති දේශප්‍රිය

0 න කුට මේ ලිපිය ගැන හිතුනු අදහස්.ඔයාට හිතෙන අදහස +.:

Post a Comment

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya