Saturday, January 28, 2012

මට මගේ කෙල්ල..පට්ට කෑල්ල මචං ..!

ගියවර ලියා තිබූ පේලි දෙක තුනට ලැබී තිබූ කුණුහරුප කමෙන්‍ටු පමනක් බැව් පලමුවෙන්ම සටහන් තබන්නට කැමතිය.ඒවා  අතුරි පල කල හැකි ඒවා එකකුදු නොතිබුනි.
අමු අමුවේ මට ඒසේ ඇමතු සියල්ලන්ට ස්තුතිය.
පලකල හැහිව තිබූ එකම කමෙන්‍ටුව පල කලෙමි.
එහෙනම් ඔන්න කථාවට එන්ටෙර් වෙන්නම් කෝ..

පට්ට කෑල්ල/බඩුව සහ සරල කෙල්ලක් අතර වෙනස





කාලෙකින් ලගපාත ගෙදර ඉන්න මගේම වයසේ ෆ්‍රෙඩෙක් හම්බවෙන්න ගියා මොකද මේ කාලේ ඔක්කෝම වගේ බ්සි නිසා සෙට් වෙන්නේ කලා තුරකින්..
මචන් මට නියම කථාවක් තියන පත්තර කෑල්ලක් හම්බ වුනා කියවලා බලපන්කෝ.
මම ඔය මතෘකාවට කොටසක් එක්කලාට ඒ පත්තර කෑල්ලේ "පට්ට කෑල්ල සහ සරල කෙල්ලක් අතර වෙනස" කියලයි උඩින්ම තිබුනේ..
ඒක දැක්ක ගමන් කියවන්න හිතුන හේතු දෙක තුනක් ම තිබුනා..දැන් ඉතින් ඒ හේතු විස්ථර කරන්න කාලයක් නෑ..

සටහන කියවපු මට ඒක හැමෝටම කියන්න හිතුනා ඉතින් මේ තියෙන්නේ ඒ කථාව කියවලා බලන්න.

කොල්ලෙක් අද කාලේ තවත් කොල්ලෙක්ගෙන් කෑල්ලෙක් යාලු කරගෙන ද ඉන්නේ කියලා අහන්නේ කොහොමද? ඉතාම සරලයි. අපි හැමෝම ඔය කතාව අහලා තියනවා.

 "උබ කෑල්ලක් දාගෙන ද ඉන්නේ....." "උබට කෑල්ලක් ඉන්නවද...." 

සරල භාෂා ව්‍යවහාරයේ දි ඒ වචනය භාවිතා උනාට කෙල්ලෙකුට කෑල්ලක් කියන භාවිතය තුළ පුංචහි පුංචි අවුල් ටිකක් තියනවා. එහි ගෞරව සම්පන්න බවින් පුංචි අඩුපාඩුවක් තියනවා. භාවිතයේ අර්ථයෙන් ගත්තම සමාජ විද්‍යාත්මක අරුත් බැලුවොත් කෙල්ලෙක් සහ කෑල්ලක බරපතල වෙනසක් තියනවා. කොල්ලෝ හැමෝම කැමතියි කල වයස ආවම කෑල්ලක් සෙට් කර ගන්න. ඒකත් එසේ මෙසේ කෑල්ලක් නෙමෙ පට්ට කෑල්ලක්. ඉතින් පට්ට කෑල්ලක් සෙට් කරගත්තු හැම් එකාම හරි ආඩම්බර වෙනවා. ඒ වගේම පොර ටෝක් දෙනවා. දාග්න බලමු පට්ට කෑල්ලක් සහ සරල කෙල්ලෙක් කියන්නේ කවුද කියලා. ..

පට්ට කෑල්ලක් කියන්නේ ඉතාම අකර්ශණීය විලාසිතා අනුගමනය කරන කාගෙත් සිත් දිනා ගත හැකි රූපකාය වශයෙන් ගත්තම කිසිදු පාඩුවක් නැති දෙයක්. තුන්සිය හැට පස් දවසේම කෑල්ලට තියෙන්නේ එක දෙයක්. ඒ ඇගේ රූපය සහ පෙනුම නඩත්තු කිරීම. හෙට මුණ ගැහෙන ඔහු හෝ අනෙකා පිනවන්නේ කෙසේද යන ගැටලුවට අමතර ගැටලුවක් ඇයට නැහැ. සාමාන්‍යයෙන් කෑල්ලට ගෙදර දොර වැඩ බෑ. උයන්න පිහන්න බැහැ. ගෙවල් දොරවල් අස්පස් කරන්න බැහැ. රෙදි හෝදන්න බැහැ. දරුවන් හදන්න පුලුවන් උනාට උන්ව නලවන්න බැහැ. දරුවන්ට කිරි දෙන්න බැහැ. දරුවන්ට හොද අම්මා කෙනෙක් වෙන්න බැහැ. නමුත් කෑල්ලක් සාමාන්‍යයෙන් තාක්ෂණික වශයෙන් සර්වකාලීනයි. (update) ඇය වෙළදපොළ තුළ පවතින සෑම සියලු ආකර්ශණීය භාණ්ඩයක් ගැනම දන්නවා. මිලදී ගන්නවා සහ භාවිතා කරනවා. කලින් කලට වෙනස් වෙන ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, නවීන පන්නයේ විලාසිතාමය ඇදුම් පැළදුම් ඇයට තියනවා. කෑල්ලක් පාරේ ගමන් කරන්නේ ලතාවකට හිතලා. ඇගට අරන්. අගල් 2ක් උඩින්. ඇය දිහා හැමෝම වගේ බලනවා. ඇය එහෙම කරන්නේ අනිත් අය බලන නිසාමයි. ආකර්ෂණීය හැමදේම ඇය කරන්නේ රටට ලෝකෙට පේන්න. නමුත් ඇය සහතික වශයෙන්ම හිස් චරිතයක්. හොදයි වගේ පෙනුනත් හොද නෑ. අහිංසකයි වගේ පෙන්නුවට අහිංසකත් නෑ. සංවරයි වගේ පෙනුනට සංවරත් නෑ. දිනපතා පහන තිබ්බත් ආගමික නෑ. එවැන්නියක් ඇය තුළ පවතිතැයි කියා කිව්වත් ඇත්තටම ඇය තුළ නැහැ.

සරල කෙල්ල ඊට හාත්පසින්ම වෙනස්. කෑල්ලක් ඔබ ලගට වෙලා කරන්නේ දිලිසෙන එක. සරල කෙල්ලෙක් කරන්නේ ඔබව දිරිමත් කරන එක. සරල කෙල්ලක් හරිම සංවරයි. ලැජ්ජාශීලියි. නමුත් අවශ්‍ය තැන් වලදි කතා කරනවා. පිරිමි සමග පවත්වන ගනුදෙණුව ඉතා සීමිතයි. ඇය ආශ්‍රය කරන්නේ අතිශය විශ්වාසවන්ත පිරිමි එක්ක විතරයි. චාම් සංවර විලාසිතා අනුගමනය කරනවා. තමන්ගේ රූපයට ආදරෙයි. නමුත් මානුෂික සබදතා වෙනුවෙන් තම රූපය සහ සුන්දරත්වය නොසලකා හරින්න ඇය සූදානම්. ආදරයක් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් නොකානොබී වෙහෙසෙන්නත් එවැන්නියකට පුලුවන්. සරල කෙල්ලෙක් අම්මා කෙනෙක් උනාම දවසක දරුවෝ කිරි බීල බීලම ඇයව වැහැරිලා යනවා. කෑල්ලක් අම්මා කෙනෙක් උන දවසට ගොන් කිරි විතරක් බීල දරුවෝ වැහැරිලා යනවා. සරල කෙල්ලෙකුට ගේ දොර වැඩ ඕනෑම එකක් හැඩට වැඩට කරන්න පුලුවන්. කටට රහට උයන්න, ගේ දොර අස්පස් කරන්න,රෙදි හෝදන්න, මිදුල් අතු පතු ගාන්න, මල් වවන්නත් පුලුවන්. ඒ වගේම කොල්ලෙක්ගේ හිතක් උස්සලා ගෙනිහින් හදේ තියන්න තරම් ලස්සනට මල් කඩන්නත් පුලුවන්. කෑල්ලක් ලග තියෙන්නේ ආකර්ෂණීය කාමයක් සහ ලිංගිකත්වයක් පමණයි. සරල කෙල්ලෙක් ලග ආදරයේ උණුහුම පිරී ඉතිරී ගිය සුන්දර ශෘංගාරය තියනවා. කෑල්ලක් අපිට සැරින් සැරේට ලං වෙනවා සැරින් සැරෙට එහාට වෙනවා. ඒ උනාට ආදරය කරන සරල කෙල්ලෙක්ව ජීවිතේ හමදාම ලග තියාගන්න හිතෙනවා. කෑල්ලක් එක්ක තරහා උනාම ඒකිව බැනල එළවගන්න හිතෙනවා. සරල කෙල්ලෙක් එක්ක තරහා උනාම වුණත් ලගට වෙලා ඉන්න හිතෙනවා. කෑල්ලක් එක්ක ඉද්දී අපිට ඒකිව හුරතල් කරන්න හිතෙනවා. සරල කෙල්ලෙක් එක්ක ඉද්දී අපිට හුරතල් වෙන්න හිතෙනවා. කෑල්ලකට සාමාන්‍යයෙන් අවශ්‍යතාවලදි ඔබව මතක් වෙනවා. සරල කෙල්ලෙක්ට ඔබව හැම වෙලේම මතක් වෙනවා. ඒ නිසාම එය ඇණයක් කියලත් හිතෙනවා. කෑල්ලක් call කරන්න එපා කරදර කරන්න එපා කිව්වම ඒකි ඒකිට ඊළග අවශ්‍යතාව එනකං සද්ද වහලා ඉන්නවා. ඒත් ආදරේ කරන කෙල්ල එපා කියද්දිත් වාත වෙනවා. කෑවද නෑවද බිව්වද අහනවා. ගෙදර එන්නේ කීයටද අහනවා. පරිස්සමින් කියනවා. කොටින්ම කිව්වොත් කෑල්ලත් සුවද ගහනවා. නිතරම කොලොන් පාවිච්චි කරනවා. සුන්දර සරල කෙල්ලෙක් කොලොන් නැතැත් හැමදාම සුවද හමනවා. මොකද එයාල හැමදාම නානවා. කැල්ලක් ඉන්න මල්ලිලාට සුබ පැතුම්.


සරල කෙල්ලක් ඉන්න මල්ලිලාට බුදු සරණයි... දෙවි පිහිටයි.

මේක ලියලා තිබුනේ නම් සමන් එදිරිමුනි කියලා එක්කෙනෙක් ."ගුරු පාර" කියලයි සටහන සදහන් වෙන්නේ..


ප.ලි.
"ගුරු පාර" ලිපි පෙල පලවන්නේ තරුණයා පත්‍රයේ බැව් පසුව දැන ගතිමි.

11 comments:

  1. ඇත්ත කථාව මචං පට්ට කෑලි වෙනුවෙන් ජිවිතේ කාලකන්ණි කරගන්න කොල්ලෝ දැන් වැඩි වෙලා... ඒ වගේම කෙල්ලොන්ටත් දැන් ඕනි පට්ට කෑලි වෙන්නයි..

    ReplyDelete
  2. කොල්ලෝ කාලකණ්ණි කියන්න එපා සහෝදරයා කෙල්ලෝ පට්ට කෑලි නම් කොලොත් දෙන ගන්න ඕනි.පට්ට විදියට ඉන්න එක ආදරේ කිය කියා ඒක මත්තේ නැහෙන්නේ අමනයෝ

    ReplyDelete
  3. පුදුමයකිනුත් පුදුමයකි නිර්ණාමික කමෙන්‍ටු දෙකක් ලැබි ඇත.තවත් ලොකු පුදුමය නම් ඒවා ලිපියට සම්බන්ධ කරුණු වලට අදාලව..හ්ම්
    කියලා තියන ඒවා දිහා බලපුවාම කියන්න තියෙන්නේ කෙල්ලෝන්ගේ පොෂ් විම දැන් ‍රැල්ලක් කොල්ලෙකුට කැමති විදියට මේ යන විදියට කෙල්ලෙක් ලැබෙවිද.නැත්නම් කොල්ලෙන්ටත් සුන්දර ආමන්ත්‍රණයක් ලගදීම ලැබෙවි,,,,,අනේ මන්දා කියලා හිතෙනවා.

    ReplyDelete
  4. පට්ට කැල්ල කාලය ගෙවී යනවාත් සමග එලොවටත් නැතිව මෙලොවටත් නැතිව ඇගේ රූපයත් සමගින්ම නැතිවී යයි. සරල කෙල්ල කාලයත් සමග කායිකව කොතරම් වහරි ගියත් සැමගේ සිත තුල සදාකාලික සුන්දරත්වයෙන් ජිවත් වේ.

    ReplyDelete
  5. චතුරි මින්දුලාJanuary 29, 2012 at 12:20 AM

    ඔය පත්තර කෑල්ල අපි scan කරලා fb එකෙත් දැම්මා...ඒ තරම් ඒක ගොඩක් අර්ථවත්...අපේ පන්තියේ ගුරු පාර ගොඩක් ජනප්‍රියයි... හැදෙනවනම් අන්න තැන.බ්ලොග් එකෙන් හරි බලලා හැදෙන්න පුළුවන්නම් එච්චරයි.

    ReplyDelete
  6. @චතුරි මින්දුලා,
    "හැදෙනවනම් අන්න තැ" ඒක පොඩි ප්‍රශ්ණයක් හිතලා බලන්න,
    ඔයා කියෙව්වේ පහල දාලා තියන පෙලිය විතරද?
    "සරල භාෂා ව්‍යවහාරයේ දි ඒ වචනය භාවිතා උනාට කෙල්ලෙකුට කෑල්ලක් කියන භාවිතය තුළ පුංචහි පුංචි අවුල් ටිකක් තියනවා."

    ReplyDelete
  7. @රෙප් මහත්තයා
    ගාමිණි හේරත් ලියලා තියන "සැළමුතු පෙම" කියන කෙටිකථාව කියවලා තියනවා ද?

    ReplyDelete
  8. mata mathakai malli me letr ekama fb eke kiyewwa. some time ekath oya liyapu ekak wenda athi. oya meta wada grp.p. wage wunanam godak 3s:full

    ReplyDelete
  9. මමත් ඔක පත්තරේ තිබිලා කියෙව්වා, හැබැයි සමහර කොටට අඳින, අලුත් අලුත් ෆැෂන් කරන හොඳ කෙල්ලොත් මම පුද්ගලිකවම දන්නවා, එ වගෙම සමහර සරල කියල හිතන දිගට ගවුම් අඳින, අත් නැති බ්වුස් අඳින්නෙ නැති, වැඩිය කතා බහ නැති අහිංසක පෙනුමට ඉන්න ලෝක කපටි කෙල්ලොත් ඉන්නවා..... අපි පරිස්සමින් තොරල බෙරල අරගන්න දැනගන්න ඔනේ...

    ReplyDelete
  10. mma mage adahas ubata kyala tynwane mchn oya gana..:D amaricawa kheda tyennewath danne nathi ewun amarican wenna ynwa...:D okai prashne...!!!

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya