Tuesday, April 12, 2011



  50 වැනි සැමරුම අභ්‍යවකාශයට ගිය ප්‍රථම මිනිසා
වසර 50කට පෙර අදවන් දිනක එනම් 1961 අප්‍රේල් 12 වන දින ප්‍රථම වරට මිනිසකු අභ්‍යවකාශගතවිය. ඔහු රුසියානු ජාතික යූරි ගගාරින් ය. රුසියාවේ බයිකනෝර්හි කොස්මොඩ්‍රෝම් වෙතින්, මොස්කව් වේලාවෙන් පෙ.ව. 9.07ට පිටත් වූ ගගාරින් රැගත් වොස්ටොක් 1 යානය පෘථිවිය වටා කක්ෂගතවී පැය දෙකකට ආසන්න කාලයක් යූරිට අභ්‍යවකාශයේ රැඳී සිටීමට හැකි විය. 
50වන සැමරුම වෙනුවෙන් ලොව පුරා විවිධ උත්සව සංවිධානය වී ඇති අතර මේ අතර සමරු මුද්දර කාසි සහ වාර්තා වැඩසටහන්ද වේ. මේ වෙනුවෙන් විශේෂ වෙබ් අඩවියක් මේ වන විට ක්‍රියාත්මක වන අතර එයට http://www.firstorbit.org/ඔස්සේ පිවිසිය හැකි ය.

අභ්‍යවකාශගතවන විට 27වැනි වියේ පසුවූ යූරි 1968 මාර්තු 27වන දින ගුවන් අනතුරකින් මිය ගියේ ය.


ඡායාරූප : ඉහල - ගමනට සූදානම් යූරි සහ පහල - වොස්ටොක් 1 යානය රැගත් රොකට්ටුව ගමනට සූදානම් වෙමින්.


http://www.google.lk/#q=Yuri+Gagarin&ct=firstmaninspace11-hp&oi=ddle&fp=810ef31eadac8cf9

0 න කුට මේ ලිපිය ගැන හිතුනු අදහස්.ඔයාට හිතෙන අදහස +.:

Post a Comment

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya