Monday, June 18, 2012

ආතල් ගන්න කතා ලිව්වේ නෑ (+18 නිසා)

මගේ කලින් ලිපිය "+18 තමා ඒ වුනාට මේ කථාව ජරා කියන්න එපා " කියන ලිපිය කිවලා නැති කෙනෙක් ඉන්නවානම් ඒක කියවලා ඉන්න.

ගොඩාක් වෙලාවට මට තියන ලොකුම ප්‍රශ්නේ තමා ම්න් කියන් දේවල් ගොඩාක් අයට තේරෙන් නැති එක.මං මොනවා  හරි  දෙයකින් දෙන්න උත්සහ කරන අදහස මගේ වටේ ඉන්න පිරිසට තෙරෙනවාද කියන් ප්‍රශ්නය.මං හිතන්නේ මගේ ලිපි කියවන ඔයාලට මේ ප්‍රශ්නය නැතිව ඇති මොකද බ්ලොක් ලියන්නෙක් වුනත් කියවන්නෙක් වුනත් යම් කෙනකුගේ අදහසක් තෙරුම් ගන්න ඒක විචක්ෂණ ශීලීව විමර්ශනාත්මක බලන්න පුලුවන් පිරිසක්.

වර්ථමානයේ ලංකාව තුල කුහක මානසික ‍රැල්ලක් බිහි වී ඇතයි කීවොත් මට කිසිවකු බැන නොවදීවි කියා මං සිතනවා.ලංකාව තුල දැන් ඉන්නේ පොෂ් ඇමරිකන් කාරයෝය.ඒත් ලංකීය ඕනීම පවුලක පරම්පරා පහක් පසු පසට ගොස් බැලුවහොත් පොෂ් කාරයෝ නැත අපේ මිතුන් මිත්තලා හරි අපූර්ව ගැමි වැදගත් මිනිසුන්ය.වර්ථමානයේ කරන්නට හොද නමුත් කියන්නට නරකය.කියන දේ විශ්ලෙෂණයක් කලහොත් උට පිස්සුට..ඒ නිසාම අද මිනිසුන්ව නටවන්න බොතල් පත්තර කාරයන්ට ලේසිය.බෝතල් පත්තර කාරයා යනු බෝතලයට පත්ත්‍රය ලියන්නාය.ඔවුන්  ලියනා ලිපි බල්ලාගෙන් පටන් ගෙන මැක්කාගෙන් ඉවර වෙන ගනයේ ඒවාය.මිනිසුන්ට ද ඒවා රසවත්ය.හදවතට එකගව ලිපියක් ලිවුහොත් ඒ පොර දේශත් දෝහියාය.ඒවා කියන කතා නොව ඒවා හැම තැනම වෙන කතා නිසා ඒවා කතා නොකල යුතුය.


මට පලවෙනි කෙස් එක වැටෙන්නේ බුකියෙහි මා අප්ලෝඩ් කල විඩියෝවක් වෙනත් අයට ටැග් කල විටය.ඒ  අපේ AL බයෝ පාඩමෙහි එන දරුවකු බිහිවීමට අදාල කොටස පාසලහි ඉගැන්වු විට.මා මිතුරකු සතුව ඒ හා සම්බන්ද වීඩියෝ පට කිහිපයක් ඇති බවත් එවා මට දිය හැකි බවත් පැවසීය.මට ඒය ලැබුනු පසු එහි ඇති සංවේදි බව නිසාම,මා එය අප්ලෝඩ් කර බුකියේ බයෝ කරනා දන්නා සියලු දෙනාට ටැග් කලේය.එක් ටැග් කිරීමක් හැරෙන්නට අනෙක් සියල්ල ඊලග දවසේ ඉවත් කර දමාය.මාගේ මිතුරියකුගේ අයියා කෙනකුට ටැග් කලේ ඔහුද බයෝ කරනා බුවෙක් නිසාය.
පසු දින ආ ආරංචි මාර්ග වලින් දැනගන්න්ට ලැබුනේ.ඔහුගේ මිතුරියක් අනේ මොනවාද ඔයාගේ වෝල් එකේ දාලා තියන්..
ඔහුගේ හිතට මොනවා උනාද මන් දන්නේ නෑ.ජරා විඩියෝ එකක් ටැග් කට වරදට ඔහු මට ගහන්නට ගැන් එකක් සෙට් ක්ර්ගෙනලු.තනියම ගහන්න බැරි බුවා සෙට් එක එක්කද ගහන්නට නම් අවේ නැත් ආවානම් කන පිරෙන්න වචන සාදයක් මං දෙනවා.


ඒ උදාහරණය මං ගත්තේ ඒක තමා ලිංගික කුහකත්වය කියන් එක තෙරුම් කරන්න.අපේ රටේ මේක ලොකුවටම තියනවා.මෙහෙම මනෝ භාවයක් තියන ඒවා කතා කරන ඒක මීට සම්බන්ද දේවල් කතා කර එක ජරා වැඩක් නමුත් තමුන් ඒව..ඒක කුණුහ‍රැප..බයිලා ගහන ලංකාවේ සමහර අය කියන්නේ මේවා කතා කරන් එක ජරා වැඩක් කියලා.මං හිතනවා බ්ලොග් අවකාශයේ ඉන්නේ ගොඩාක් බුද්ධිමත් විචාරශිලි සෙට් එකක් බොහොම වැද ගත් විදියට මේ මතෘකා  ගැන සාගච්ච කලා.
          තවමත් මංගල උත්සවයකට  පසුව තම යේලිගේ කන්‍යාභාවය පිලිබදව පැහැදිලි විමසීමක් නැද්දමා විසින් සිදු කරගෙන යන් සමාජයකයි අපි ජීවත් වෙන්නේ.ලංකීය සමාජය තාමත් කුමරි බබසර ඉහලින් අගේ කරන රටක්.මං ඉස්සරලා ලිපියෙන් සදහන් කලේ ආතල ගැනීමක් නෙවේ එහි ඇති ගැබුරු තෙරුම වටහා ගැනීමට ට .මෙචර ගැඹුරට සදාචාරය කතා කරන රටේ.පොඩි වුන් ඩබලකගේ මානසිකත්වය ඕකද කියන්නයි මන් උත්සහ කලේ.නැතිව ඒ ලිපියෙන් ආතල් එකක් ගැනීම නෙවේ.
        මන් හිතන්නේ ගොඩාක් අය ඒක තෙරුම් ගත්තා .ඒත් අද මට හමු වු වැඩිමහල් සහොදරයෙක් මොනවද මල්ලි අර දාලා තියෙන්නේ මොනවද බන් ලැජ්ජාවේ බෑ.ඒ පොර කියන්නේ බුකියේ ෂෙයා කර තිබූ ලිපියේ ලින්ක් එක ගැනයි.ඒපොරගේයෙහෙලියන් කීප දෙනකුත් විමසුවාලු මොනවාද ඒ දාලා තියෙන්නේ ඔයාගේ යාලුවෙක්ද කියලා.පොර කියනවා ඒක අයි කරපන් ලු නැතිනම්.මාව ෆ්‍රෙඩ් කෙනෙක් විදියට තියන් නැතිව අයින් කරනවාලු.මන් කීවා හා කියලා.මා කියන්නට යන දේ තේරුම් ගන්න බැරිනම් මගේ දේවල් නොබැලුවාට කමක් නෑ.


මගේ බයෝ පංතියේ ප්‍රජනනය කියන පාඩම උගන්වනකොට කෙනෙක් සර්ට ප්‍රශ්ණයක් යොමු කරලා තිබුනා.
ඕක ඔචර සීරියස් කෙස් එකක් නම් ඇයි මිනිස්සු මෙචර ආස මේ දෙට?
මගේ විදියට පිලිතුර-මිනිසුන් ප්‍රජනනයේ යෙදෙන්නේ තමාගේ වර්ගයාගේ පැවැත්මට.ඒදේ හරියට අපිට කවුරුහරි ගහනවා වගේ රිදුනානම්.අපිව ඇල් පනිත්තකින් ඇනිනවා වගේ රිදුම් දෙන වැඩක් වුනා නම්.වර්ගයාගේ පැවැත්ම ස්ථිර නොවන්නට තිබුනා.වර්ගයාගේ පැවැත්ම උදෙසාම එය රසවත්.

ඒසේ රසවත් වු පමනින් බල්ලන් බලල්ලුන් සේ මිනිසු වන් අප හැසිම සුදුසු නොවේ.මිනිස් සිත.පාලන්ය කල හැකියි.බොහෝ මිනිස් කණ්ඩායම් තම පැවැත්ම සදා ආචාර දර්ම පද්දතියක් ගොඩනගාගෙන තිබේ.
ආසියාතිකයන් වන් අපි සතුව ඒ දේ ගැබුරටම තදින්ම කාවද්දවා තිබේ.
මේවා කතා කලොත් වැරදී නමුත් ඒව හිතේ තියාගේන වැරදි කර කර  එලියට හොද මූන පෙන්නාගෙන හිටියාම නියමයි.මන් මේ ගැන කතා කලාම මොනවාද ලියන්නේ අහනවා.එත් ඒ පොඩි වුන් දෙන්නා වැරදි පාරෙම දිගටම ගියානම්.ඒ වගේ දෙයක් තව තැන් වල වෙන්නට පුලුවනි.මේ ලිපියෙන් කතා කරලා කීවේ ඒහෙම උනොත් ඒ වගේ වැ‍රැද්දක් ට්ඝව කෙනෙක් අතින් නොවෙවි.නමුත් ලිංගික කුහකත්වය නිසා මේ ගැන කතා නොකර සිටියානම්.....මේ වැ‍රැද්ද තව කා අතින් හෝ සිදු වීමට ඉඩ තිබේ..

මට මේක ලියන්න හිතුනේ මොනවද උබ ලියලා තියෙන්නේ අහපු නිසයි.


ප්‍රජනනය යනු-"ජීව්යකු තම විශේෂ්යට අයත් නව ජීවින් / ජීවී පරම්පරාවක් ඇති කිරීමයි"එමගින් ජීවි විශේෂයේ පැවෙත්ම තහවුරු වේ.
මෙය මෙපමනකි අප සියල්ල එය තෙරුම් ගත්තානම්.සියල්ලන් ජීවිතය විදීවී.බ්ලොග් කාරයන් යනු බොතල් පත්තර කාරයන් නොවේ.එමනිසා ලියන්නේ හිතට එකගවය.මන් ලිංගිකත්වය ගැන ලීවේ ආතල් ගන්නට නොව මෙයයි නියම ලිංගිකත්වය.
කුහක කමකට හිත්ට ඉඩ දෙන්න එපා අවංක වෙන්න..
Read More

Sunday, June 17, 2012

බඩී see u later...

දැන් මාස අටකට විතර විතර කලින් මං ගෙදර එනකොට අම්මයි,නංගියි,මල්ලි හැමෝම කුස්සිය පැත්තේ ලොකු සද්දයක් මොනවා හරි තුන්දෙනා එකතු වෙලා කතා කරනවා.අප්පචී නම් වැඩ ඇරිලා ගෙදර ඇවිත් නෑ වගේ.කාමරයට ගිය මං බෑග් එක තියලා ඇදුම් මාරු නොකරම කුස්සිය පැත්තට ගියා.
කුස්සියට යනකොට පුංචි බලු පැටියෙක් මාව දැකලා මගේ පැත්තට හිමීට ඇවිදගෙන එනවා.විස්තර අහලා බලපුවාම අම්මා කීවා.
මං අද ලේවැල්ලේ ලොකු අම්මලාගේ ගෙදර ගියා.මුගේ අම්මා මැරිලා මේ වගේම පැටව් දෙන්නෙක් හිටියා.මං මූව අරගෙන ආවා.තාම සති දෙකක් වත් නෑ.
පොර ගෙදරට ගෙනාවාම වැඩ වැඩි වුනේ අම්මාට තමයි අපේ වැඩ වලට අමත්‍ර මූට කිරි ටිකක් වත් බීගන්න බෑ හරියට සීතලට ගැහෙනවා.අමාකොහොම හරි මූව හොදට බලා ගත්තා.
එදා හවස තමා නම් තැබීමේ උලෙල.හැමෝම එක එක නම් යෝජනා කලා එත් මූ දිහා බලන් හිටපු මට එක පාරටම බඩී කියවුනා.මුගේ රූපෙත් එක්ක නම් යස අපූර්වට ගැලපුනා.හැමෝම ඒකට කැමති වුනා.එදා ඉදන් මේ බලු පැටියා බඩී වුනා.

ම්ං ටිකක් තදට හිටියාට මේ පොරට අම්මයි නංගී නිසා හුරතලෙටමයි හැදුනේ.හැම වෙලේම සෙල්ලම.හැමෝටම හොරෙන් නංගිගේ කාමරයට ගිහින් නංගි පාඩම් කරනකොට පු‍ටුව ඇතුලට වෙලා ඉන්නවා.උදේම අපි හැමෝම ගෙදරින් ගියාම වැඩිපුරම ඉන්නේ අම්මත් එක්ක ඒක් නිසා පොර අම්මාගේ බුදු ‍ෆිට් එක වුනා.
      අම්මා එක්කම ගිහින් කොහොම හරි පවුලේ නෑදෑ ගෙවල් ටිකත් දන්නවා මාසයක් දෙකක් යනකොට.දවස් දෙකකට සැරයක් වත් මේ හැමෝම ගිහි බලලා ආවේ නැත්නම් පොරට නින්ද යන් නැතිව ඇති.
බඩීගේ ලෝකය රස කතා මල්ලත් අපි ගෙදර එනකම් බලන් ඉන්නේ ඉස්සරහාට ඇවිත් බලන් ඉන්න.මොනවා හරි දුන්නාම චුට්ටක් කාලා ඉතිරි ටික හන්ගලා තියා ගන්න පොරක්.දෙන ඕනි කෑමක් කනවා පැනි රස වලට වගෙම මස් වලටත් හොද රුසියා.
   පෙරේදා අම්මා එක්කම අත්තම්මාව බලන්න ගිහින් එහෙන් දුන්න බිස්කට් එක කාලත් නෑ.ගෙදරදී දුන්න මොකුත්ම කෑ වේ නෑ,මල්ලි හැමදාම ගේන 5හේ අයිස් එක.නංගිගේ හකුරු කැල්ල අඩුම එදා වතුරවත් බීවෙ නෑ.
    එදා හවස පොර නිදිමත් ගතියෙන් ගිටියේ.අප්පචී කීවා හෙට ගිහින් පශු වෛද්‍ය ලගට හිහින් බෙහෙත් ගෙන්න කියාලා.අම්මා ඊයේ ගිහින් බෙහෙත් ගෙනල්ලා.උනක් කියලා බෙහෙත් 3ක් විද්දාලූ..
  ඊයේ ‍රැට්ත් මන් හැමදම වගේ එලියට ගියා.හැමදාම ටික වෙලාවක අහස දිහා බලන් ඉන්න එක මගේ පු‍රැද්දක් වෙලා තිබුනා ඒ වෙලාවට මං ලගට බඩිත් ඇවිත් ඉදගෙන ඉන්නවා.කවුරුත් නොදන්න ලොකු බැදීමක් අපි අතර තිබුනේ එහෙම.එත් ඊයේ අවෙ නැති නිසා මන් කුස්සිය පැත්ත්ට ගිහින් බැලුවා පොර ඔලුව උස්සලා බැලුවා.පෝට අමරුයි වගේ.මන් ඔලුවත් අත්ගාලා මොකුත්ම නොකිය අවා.
          අම්මටත් පාන්දර එකට  විතර ඇහැරිලා අම්මට නිකමට ගිහින් බලන්න හිතිලා.අම්මා දොර ඇරගෙන යනකොට පොර නැගිටින්න හදලා එත්  වැටියා.අම්මා අල්ලල බලනකොට සීතලයි ලු.අම්මා රෙදි කැල්ලකුත් පොරවලා ගිහින්..

අද උදෙන්ම කවදාවත් නැතිවන් නංගි ඇවිත් කැ ගහනවා අඩ අඩ අයියා නැගිටින්න නැගිටින්න..
මං නැගිටල ඇයි ඇහුව..
බඩී..කියලා කීවා


මං ටක් ගාලා දුවන් ගිහින් බලනකොට බඩිව රෙදි කෑල්ලකින් වහලා.මන් රෙදි කැල්ල ඈත් කරලා බඩියේ  මූන බැලුවා...

අල්ලපු ගෙදර මල්ලි මායි  අපෙ මල්ලි නංගියි.පවුලේ සොහොනේම වල්ක් කපලා බඩීව වැලලුවා.
අපි කාටත් දැන් උබ නැතිව පාලු හිතයි බඩී..උබට නිවන් සුව.

ඔන්න පහලින් මන් පින්තූර ටිකකුත් දැම්මා



කොල එක්ක සෙල්ලම් කරන එක තමා කරන්නේ
කොල එක්ක සෙල්ලම් කරලා ඇති වුනාද

දෙයියනේ උබ බල්ලෙක් යකෝ ඕවා හා වැඩ

මගේ  4ටෝ එකක් ගහ ගන්න

ආ තව 4ටෝ එකක්

දැන් ඇති
Read More

Wednesday, June 13, 2012

ලංකාවෙත් හොද මොඩිල් ඇගවල් තියනවා

කොහේද මේ ලතා එක්ක බැනේ මුට පුදුම කුලප්පුවත් තිබ්බේ මේ ඇට මගුල බලනකම්..


ලතාගේ කන්කරච්චලය ඉවසිය නොහැකි වු තැන මන් වු එක්ක ‍ෆිල්ම් එක බලන්න යන්න සෙට් වුනා දන්නවානේ..අඩුම වියදමින් කොහොමද සැපට ‍ෆිල්ම් එක්ක බලන්නෙ කියලා..
ඔන්න ඉතින් ‍ෆිල්ම් එක පටන් ගෙන් විනාඩි 5ක් පහු වුන ගමන් දූවගෙන ගිහින් තියන අඩුම ගානට ටිකට් කෑලි දෙකක් ගත්තා..
නාකි බුවෙක් හෝල් එකේ ඉස්සරහම දොරෙන් අපි දෙන්නා ඇතුලට දාලා ලාවට වගෙ එලියක් ඇල්ලුවා අඩුම ටිකට් එකනේ ඉස්සරහම පෝලින් දෙක.
හරි මචං නාකියා ගියා කියූ සැනින් ලතා සුපුරුදු තියරිය අනුගමනය කරන්නට විට කරුවලෙම අතපතගා නැගිටගත් අපි දෙන්නා...පු‍ටු පොලිම් දෙක පසුකර හොල් එකේ පිටිපස්සහටම යන්න පට ගත්තා

ඉස්සරහින්ම ඔන්න ලතා යනවා..දඩස් හුටා මචන් අලුති මෙතන හරහට එකක් ගහලා..මොකද බන් කරන්නේ..පැනපන් යකෝ මෙ මිනිස්සු අපිට හොදවයි අමතන්න කලින්..
වාව් ..ඔන්න එතනින් පැන්න..අපි දෙන්න හෝල් එක පිටිපස්සාම කුෂන් පු‍ටු දෙකක වාඩි වුනා..

හී..හී...එහා පැත්ත බලපුවාම ලස්සන අක්කලා ටිකක් අපි දිහා බලලා හිනා වෙනවා එකසිය ගානට..යකෝ එතකොටනේ මතක් වුනේ..මේ ඔක්කෝම බලන් ඉන්නකොට අපි දෙන්නා හෝල් එක මැද විකරයක් නැ‍ටුවා කියලා..මොනා වුනාම මොකෝ..දැන් කුෂන් පු‍ටු වලනේ...


ආ තාම නම් දාගෙන පටන් ගන්නවා..ඔන්න ‍ෆිල්ම් එක බැලුවා..
මාර කතාව ඇ...මාර ස්ටොරිය අය කියලා වැඩක් නෑ..අපේ ..නිලියොන්ටත් මාර ඇගවල් තියනවා..කියලා පෙන්නන එක තමා මේ ‍ෆිල්ම් එකේ අරමුන..

අනේ යකෝ ලංකාවේ වැඩිම වියදමක් දරලා හැදුවාලු මුන් මොනවාද දන්නේ නැ හැදුවේ,,අධ්‍යක්ෂකයා ෂුවර් එකට නෝනා නම් ලංකාවේ දාල යන්න ඇතේ..ඇයි එකනේ ඔචර සල්ලි යන්න ඇත්තේ හොටෙල් බිල් වලට එහෙම..
අනේ මන්දා මහ පට්ට චටර්..කොල්ලෝ ෆොම් කරන අතින් නම් සුපිරි....අපරාදේ නිලියොන්ට ඇදුම් වලටත් එචර සල්ලි ගිහින් නෑ වගේ පෙන්නේ..
ඔය ඇති මීට වැඩිය ලිව්වොත් මගේ කට හොද නෑ..
ඔය පහලින් පොලිමට ඉන්නේ අයිලා වගේ...




















-------------------------
විද්‍යා ප්‍රබන්ධයක් කියවමු.

01.පුනරාගමනය >>

02.මළවුන් අතර >>

03.දැවුරුද්ද >>

Read More

Tuesday, June 12, 2012

එයා මට දුන්න උම්ම්ම්මා එක (+අදරය)

මං ගත්තා අලුත් කී බෝඩ් එකක්..USB එකක්..මගේ අලුත් යතුරු පුවරුවෙන් එකටම කෙ‍ටුවේ නම් මගේ PC ලොක්කාගේ මුරපදේ..ඒක තමා මේක ***** ඕන් ඕචරයි ..හරි ඊලගට මන් කොටන්නේ මෙන්න මේ කථාව හරි හරි නිකන් වටේ යන්න ඕනි නෑනේ කතාව කියන්නම්...
  ඔන්න මේ ලගදී දවසක මන් බස් එකකට නැග්ගා නුවර යන්න.තුනේ දෙකේ සීට් තියන බස් එකක් ඔන්න දැන් කවුරුත් මගෙන් අහන්න එපා මොනවද තුනේ දෙකේ සීස් කියන්නේ කියලා..හරි හරි බස් එකට නැග්ගා..දෙයියනේ කියලා සීට් එකකුත් හම්බ වුනා පිටිපස්සා දොරට ඉස්සරහ එක..සිට් එකේ අනෙක් පැත්ත කොනේ හිටියේ කවුද කියලා නම් මට හරියට ගානක් නෑ..
                ඔන්න දැන් බස් එක යනවා එක හෝල්ට් එකක නැවැත්තුවාම..නිකමට වගේ දෝරෙන් එලිය බැලුනා එතකොටයි එයාව දැක්කේ..කියන්න බැරි ලස්සනක් ඒ වගේම කොහෝදෝ ඉදන් දැක්කා වගේ මතකයක්...
    අනේ මෙයා බස් එකට නගිනවා නම් කියලා හිතුනා..එත් එයාට බස් එකට නගින්න ගානක් නෑ වගේ..වෙලාව මෙන්න මෙයා බස් එකට නගින සෙනග පිටිපස්සෙන්ම බස් එකට නගිනවා..
            ආ......හරේ..යාන්..කොන්දා කෑ ගැහුවා දැන් බස් එක එයයි මායි එක්ක යන්න පටන් ගත්තා..

ඔන්න බස් එකට නැග්ග සෙනග අතරින් එක කෙල්ලක් මාව පාස් කරගෙන ගියා..තව කෙනෙක් ආවා මන් ලග හිට ගත්තා..තව කෙනෙක් ආවා මගේ සීට් එක පිටිපස්සා හිට ගත්තා..
     පොඩ්ඩි දෙන්න බැග් එක මන් ලග  හිට ගත්ත සල්වාර් එකක් ඇදගත්ත කෙල්ල කියනවා..නෑ ඕනි නෑ අක්කි මං තියා ගන්නම්..කියාගන්න බෑ ඒ කට හඩේ ලස්සන මන් හැරිලා බැලුවා ඒ එයා....
    ඔව් ඒ එයා රෝස පාටට හුරු සල්වාර් එකක් ඇදගෙන ..කොහෙන්දෝ ඉදන් ඇවිත් මගේ ඇස් ඉස්සරහට පාතු වුනු ඒ එයා..
ෂික් මූනවත් බලාගෙන යන්න තිබුනානම්...

ටික වෙලාවකින් අහපු ඒ කට හඩ......
 අම්මි හොස්පිටල් බලන්න යනවා.....මං හොරෙන්ම වගේ හැරියා බැලුවා..හුටා පරේ ජානේ කීවාලූ ..කෙල්ල වෙන කොල්ලෙක් එක්ක කතාව..
මොනවා කරන්නද අවාසනාව තමා කියලා හිතපු මං ඒ කතාව අහගේන් හිටියා..එකෙන් එයා ගැන ගොඩාක් දේවල් දෙන ගත්තා..වෙලාව කියන්නේ ඒ කොල්ලා එක්ක කතාවෙන් තෙරුනේ පොර පරන යාලුවෙක් වගේ ..මගේ හිතට අහපු සැටිස්..
   ටික වෙලාවකින් ඉස්සරහින් කීප දෙනෙක් බැහැපු නිසා කට්ටිය ඉස්සරහට ගියා ..මෙන්න වෙලාව දැන් කෙල්ල මගේ ඉස්සරහ සිට් එකේ බටෙ අල්ලගෙන මන් ඉස්සරහාම.. හුරේ අරූ හිටපු තෙනට ඇන්ටි එකෙක් ඇවිත් දැන් මට සතු‍ටුයි...එයත් පෙන්න ඉන්නව..අර පොරත් නෑ..
   

එයාගේ සුදු අතින් බෑග් එක අමාරුවෙන් එල්ලගෙන ඉන්නවා..මට එක ඉල්ලගන්න හිතුනත්....මොකක් හින්දාද මන්දා ම්න් ඒක ඉල්ලුවේ නෑ....මන් එයාගේ අත් දෙක දිහා බලාගෙන හිටියා.......

මෙන්න ටික වෙලාවකින් ඒ කටහඩින් මගෙන් අහනවා මොනවාද ඔචර බලන්නේ..කියලා..මන් කීවා නෑ මොකුත් නෑ කියාලා..එතකොට එයා ඇස් දෙක වහලා අහපු ඇරලා ලස්සනට හිනා වුනා..
දයියනේ මෙන්න මන් ලග ඉදගෙන හිටපු ආච්චි බැස්සා ඒ වෙලේම..
එයා මගෙන් ඇහුවා ඒතන ඉදගන්නද කියලා මාත් හා කිවා..එයාට සීට් එක අයිනට යන්න ඕනිලු මං ඒකටත් හා..කීවා..

මං ඇහුවා බැග් එක අල්ලගෙන ඉදලා අත රිදෙනවද කියලා..එයා කීවා ඔව් ඔයා බලන් හිටියා විතරයි ඉලුවෙත් නෑ නේ කියාලා..
ඒ විදියට ගෝඩාක් දෙවක් අපි දෙන්නා කතා කලා..දන්නේම නැතිව වෙලාව ගෙවිල ගිහින්..දෙන් අපි අපිව ගොඩාක් කල් ඉදලා දන්නවා වගේ..එයා මගේ අතින් අල්ලගෙන කතා කර කර යනවා...එක පාරටම එයා කිවා මට ඔයාට උම්මා එකක් දෙන්න ඕනි කියලා..මන් කිවා බ්ස් එකේ කට්ටිය ඉන්න්වානේ කියලා..එයා අනේ ..කමක් නෑ කියලා එයගේ රෝස පාට තොල් ලං කරනකොටම....
මට කොහෝදෝ ඉදන් එයාගේ කටහඩ ඇහුනා...


දෙයියනේ..එක හීනයක්..එයා හිටිය තැනම හිටගෙන ඇන්ටි බැහැලා එයා අර කොල්ලා එක්ක කතාව..හ්ම්..එක පාරටම එහෙනම් ඩයල් කරගන්න කියලා එයා කීවා..කොල්ලා කීවා 071කියලා..
මාත් ටග් ගාලා ෆෝන් එක අරගෙන එයාගේ ‍තෝල් දිහා බලන් හිටියා.
නෑ අනේ..077

බරාආආස්...මාලිගාව ගාව බහින කට්ටිය බහින්න..
නංගා බහිමු..දොර ගාවට ලං වෙලා එයා අර කොල්ලා දිහා බලලා ඇ අර විදියටම ඇස් පියාගෙන  ඇරලා..
ඔයත් එන්න  කීවා..
ඒත්..ඒ මට නෙවේ..
 අර කොල්ලත් එයාලත් එක්කම බැස්සා..හ්ම්ම්..
Read More

Friday, June 8, 2012

කළු ලැල්ලට මැටි ගැසීම | තෝ නැගිටපන්..‍තෝ හදන්න බෑ..

මේ සිද්ධිය වෙන්නේ මං 9 වසරේ ඉන්නකොට,මං ගියේ ජාතික පාසලකට නේ.ඒක මිශ්‍ර පාසලක්,දන්නවානේ අපිට ඕෆ් ෆීරියඩ් කියලා ජාතියක් තියනවා,ගුරුවරයෙක් හදිසියේ අවේ නැත්නම් අපිට ඉතින් ජය හෝ!!!
                  ඔන්න ඔය කාලේ අපේ ස්කෝලෙට සිංහල වලට හාමුදුරු නමක් එනවා.අපේ ස්කෝලේ ඉන්න ලොකු හාමුදුරුවෝ තරම් ජිම් යන් නැති වුනාට.මේ හාමුදුරුවොත් හයේ හතරේ පොරක්.ඇග පුරාම වලහා පරාදයි.කොල්ලෝ ඉති කියන්නේ මයිලා නන්ද කියලා. (සාසනයට අගෞරව කිරිම අරමුනු කොට පල නොකරන ලදි.)
         ඔන්න ඔය කාලේ අපේ ස්කෝලෙට සිංහල වලට හාමුදුරු නමක් එනවා.අපේ ස්කෝලේ ඉන්න ලොකු හාමුදුරුවෝ තරම් ජිම් යන් නැති වුනාට.මේ හාමුදුරුවොත් හයේ හතරේ පොරක්.ඇග පුරාම වලහා පරාදයි.කොලෝ ඉති කියන්නේ මයිලා නන්ද කියලා. (සාසනයට අගෞරව කිරිම අරමුනු කොට පල නොකරන ලදි.)
         ඔන්න බොලේ අපිට ඕෆ් පීරියඩ් එකක්.මයිලා නන්ද එහා පැත්තේ එ කියන්නේ ගෑණු පංතිය 9-B එකට උගන්වනවා.උඩම තට්‍ටුව නිසා සිවිලිම් ගහලා නෑ..ඒ වුනාට බිති බැදලා කාලාස් රුම් හොදට වෙන් කරලා තිබුනේ..ඒත් එතින් ඒවට අපේ කටවල් වල සද්ද දරාගන්න් බෑ..එදා ඇන කොණ්ඩා නැද්ද කොහේදෝ.. නැත්නම් එක පාරටම එනව.."‍තෝ නැගිටපන් ‍තෝ නැගිටපන්..‍තෝ හදන්න බෑ.. මෙහේ වරෙන් දන ගහපන්..කෝ නායකයා නැගිටිනවා කෑ ගහන අයගේ නම් ලියලා ඔ‍ෆිස් එකට ගෙනවා" පොර ඉස්කෝලේ එන දවසට මා ඇතුලු මාගේ පංතියේ සගයන් ටික අනිවා දන් ගහනවා දවසට හතර පස් පාරක්..උඩ තට්‍ටුවේ ඉදලා පඩි පෙල දිගේ පොරගේ ඔ‍ෆිස් එක ලගට.. හරි දැන් කථා ව කියන්නම්කෝ....
   ම්ං කිවා වගේ දැන් ඕෆ් පීරියඩ් එකක් දෙපැතේ පංති දේකේ ගුරුවරුන්ට උගන්වන්න බැරි තරමට සද්දේ..9-D එකේ හිටියේ ටිචර් කෙනෙක් එයා දපාරක් විතර ඇවිත් කියලා ගියා එත් සදේ වැඩිවෙනවා විතරයි..පුදුමයි මයිලා නන්ද තාම නෑ..
            අපේ වුන් කෑ ගහන අතරේ අපේ පබාට නියම වැඩක් සෙට් වෙලා..කවුදෝ එකෙක් චිත්‍ර වලට මූර්ති අබන්න ගෙනාපු මැටි එකෙක් සෙට් වෙලා බුවා ඒකෙන් බෝල හද හදා පංතියේ වුන්ට ගහනවා.අපිත් වැඩේට සෙට් වුනා අම්මට සිරි වස්සා අතින් එකක් වෑරදිලා එකක් කළු ලැල්ලට වැදුනා..
      ම‍රැ වැඩේ නේ අපිත් බෝඩ් එකට මැටි වලින් කෙලින්න ගත්තා වාව් ටික වෙලාවක් යනකොට බෝට් එකට බෝම්බයක් ගහලා වගේ හැම තැනම ඩොට් ඩොට්.
    මුන් එක්ක බෑ නේ මු කැ ගහපු නිසා.මයිලා නන්ද ඉවසන්න බැරිම තැන පංතියට ආවා ඇවිත් කතා කරන්න යනකොටම.....බෝඩ් එක දැක්කා..මොකාද යකෝ මෙ අළුගෙත්තේරු වැඩේ කරපු එකා..හුටා හොදටම මල පැනලා..
          එකෙක් වත් මීක් නෑ..වවුලට හාමුදුරුවෝ කියපි..පලයන් ගිහින් කෝට්ටක් අරන් වරෙන් ..වවුලා මරු පොර ..පොර දිරපු ලියක් අරන් ඇවිත්..හාමුදුරුවන්ට තව මල පැන්නා නොවැ.. ගිය එලියට හොද හයේ හතරේ පොල්ලක් කඩාගෙන ආවා..ඔක්කෝටම එලියේ පොලිමක් ගැහෙන්න කිවා එක එකාගෙන් අහනවා කවුද ගැහුවේ කියලා එකෙක් වත් කියන්නේ නෑ..වවුලට එකටම හතරක් විතර තඩි බෑවා..ඉලගට කොල්ලෝ ඔකෝටම ඇති වෙන්න නෙලුවා.දෙන් කෙල්ලෝ අඩ අඩ ගුටි කනවා..අප්පෝ ගහන්නේ අතට එකක් හිමීට එකටත් අඩනවා..ඒ වුනාට නියමයි ඈ අපිට තියන ආදරේට නේ නොකියා ඉන්නේ..
     කෙල්ලගේ අන්තිමේට කුයින් එලිසබත් යකෝ මේකි එක පරටම අපේ නම් කියාගෙන ගියා නේ..ඉවරාරාරායි..නැවතත් මා ඇතුලු සගයන් සැහෙන පිරිසකට ගුටි පූජාව ලැබිනි..
දඩුවම් වශයෙන්..කළු ලැල්ල නැවත පින්තාරු කිරීම. හා එදින දවස පුරා බුදු මැදුර අසල භාවනා කිරීමට වසනාව උදාවිය
Read More

Wednesday, June 6, 2012

බැලුවද?

ඇයි නිකන් අමුතු විදිහට බලන්නේ මම ඇහුවෙ බැලුවද කියලා .. අ මොකක්ද දන්නවද උදේ 5.30 ඉඳලා උදේ 10  වෙනකම් පෙනුනු එක සිකුරු සංක්‍රාන්ති හපෝ මාරයි ඇ.. නැ ඉතින් මාරම නෑ ජීවිතේටම මේ පාර විතරනේ.ඔය සිද්දිය වෙන්නේ පෘතුවිය හා සූර්යයා අතරින් සිකුරු ගමන් කරනකොටනේ.මේ සියවසේ අවසාන් සිකුරු සංක්‍රාන්තිය මේක.මීළඟ සංක්‍රාන්තිය 2117 දී අපි ඉතින් ඒ වෙනකොට........
ඔන්න ඉතින් මාත් ගිය මාසේ ඉදන් කැලැන්ඩරේ ඕක මාක කරලා තිබ්බා දන්නේ ඇද්ද ඇස්ටෝ වැඩක් නේ.. :)
මාත් ඉතින් ඔය සිද්දිය ගැන තිබුනු ලිපි  අරෙහෙන් මෙහෙන් නෙට් එක්න් එහෙම කියවලා .වැඩේට හොදට ලැස්ති වෙලා හිටියේ..ආ කියන්න එපැයි ඇස්ටෝආනන්ද බොල්ග් එක තමා ඒ ගැන හොදම සිංහල ලිපිය නෙට් එකේ දාලා තිබුනේ..(මට හම්බ වුනු ලිපි වලින්)
උදේ නැගිටිනකොට 6.30ට විතර එලියට ගියාම හිතුනේ අදනම් වැඩේ ෆුල් අවුල් කියලා මොකද ...කළු වලාකුලු අහස ආක්‍රමණය කරලා ශ්‍රී ලංකාවට නිරිතදිග මෝසම සක්‍රිය වුනාට කුඩුවෙන්න පායනවා  මේ පැත්තට කරුමෙට අදම වහින්න වගේ.. කරන්න දෙයක් නෑ.ඔන්න ඉතින් බුකිය පැත්තේ රවුමක් දාලා..බ්ලොග් එකත් බලනකොට 9ට ලගයි එත්.. එළියක් පේන්නවත් නෑ.
     මෙන්න 9.15 විතර ඉර එලිය එනවා මම ටක් ගාලා මගේ ආම්පන්න ටික ලැස්ති කර ගත්තා..
ඔය කිව්වට මන් ලග මහලොකු බඩු නෑ..අවු කණ්නාඩියකුයි ක්‍රම 2ක සිදුරු කැමරාවකුයි තියනවා(මං හදපු)..හරි හදා ගන්න හැටි කියන්නම්


ක්‍රමය: 1 (5වසරේ පොතේ තිබ්බේ අන්න ඒක)

1.දිග පෙට්ටියක් හෝ බටයක් සපයාගන්න.



2.එක් අන්තයක සිදුරක් තනාගන්න.

3.එය කළු කොළයකින් හෝ මේ වගේ foil ekakin ආවරණය කරගන්න.




4.ඇල්පෙනිත්තක් භාවිතයෙන් කුඩා සිදුරක් කළු කොළය මත හදාගන්න.

5.දැන් පෙට්ටිය අනෙක් පැත්තේ බිත්තියේ තරමක විශාල සිදුරක් සාදාගන්න

6.ඒ පැත්තේ පෙට්ටියේ අන්තයේ ප්‍රතිබිම්භය ලබාගැනීමට සුදු කඩදාසියක් අලවන්න




දැන් ඔබේ සිදුරු කැමරාව සූදානම්.දැන් එළිමහනට ගොස් කුඩා සිදුර තියෙන පැත්ත ඉර එළියට අල්ලා පොළවේ සෙවැනැල්ල ආධාරයෙන් ඉර සහ ඔබේ සිදුරු කැමරාව සමපාත කරන්න. දැන් පෙට්ටියේ අනෙක් පැත්තේ තියෙන විශාල සිදුරෙන් ඔබට සූර්යයාගේ ප්‍රතිභිම්භය බලාගන්න පුළුවන්

ඔබ මෙහිදී තනි පෙට්ටියක් හෝ බටයක් වෙනුවට එකිනෙක තුළ රිංගවිය හැකි බට හෝ පෙට්ටි දෙකක් යොදාගත්තා නම් තිරය සහ සිදුර අතර දුර වෙනස් කරමින් වඩා පැහැදිලි ප්‍රතිබිම්භයක් ලබාගන්න පුළුවන්.

හිරු දෙසට තියෙන කුඩා සිදුරේ ප්‍රමාණය වෙනස් කරමින් ප්‍රතිබිම්භයේ පැහැදිලිතාවය වෙනස් වන විදිහ අත්හදා බලන්න.

ක්‍රමය : 2

මේක ඉතාම සරලයි.කරන්න තියෙන්නේ කාඩ්බෝඩ් දෙකක් අරගෙන එකක කුඩා සිදුරක් විදගන්න.දැන් ඒ කාඩ්බෝඩ් එක සූර්යයා දෙසට අල්ලා අනෙක් කාඩ්බෝ එකට සූර්යයාගේ ප්‍රතිභිම්භය ගන්න එක විතරයි



9.35 විතර වෙනකම් මං ට්‍රයි කලා මේ ක්‍රම  2ක හරියන්නේ මොන රෙද්දක්ද අනාරක්ෂිත ක්‍රමයකට අවු කණ්නාඩිය දාලා එලින්ම බැලුවා ඕනි දෙයක් වෙන්න කියලා.ඔය අපූරුවට පෙනුනේ.. තාම ඇස් හොදින්

සිකුරු සංක්‍රාන්තිය
Read More

Tuesday, June 5, 2012

ඇයි පොලිස් මහත්තයෝ බලන් හිටියේ.

ඔන්න ඉතින් අද 4.15 විතර මම වැව රවුමේ හිටියා.ඔන්න ඉතින් දැන් කට්ටිය මොන වැව රවුමෙද කියලා අහනවා, අපි ඉතින් කන්ද උඩරටනේ  වෙන මොන වැවද ඉතින් අපිට නුවර බෝගම්බර වැව් ඉස්මත්තේ :)
             ඔන්න මම දැන් හිටගෙන ඉන්නවා පරේ වාහන යනවා එතනින් මිනිස්සු එහට මෙහාට යනවා උදේ වෙල්ස් පාක් එකට නැන්ග කපල් එහෙම ගෙවල් වෙලට යන්න බැහැගෙන එනවා එතන එහා පත්තේ හතරමන් ගන්දියේ පොලිස් නිලධාරියකුත් වාහන හසුරවනවා.
       මම හිටන් ඉන්න කොට ඔන්න අම්මා කෙනෙක් දෙක වසරේ විතර ඉන්න පොඩි කෙල්ලක් ඇදගෙන යනවා හවස හතරත් පහුවෙලා  තාම ඒ පොඩි කෙල්ල ඉස්කෝල් ඇදුමෙන් ,,අම්මා දුවට මෙහෙම කියනවා "මැටි දෙන......" අනේ අපොයි (තව ගොඩක් ඇහුනා :D ) හරි හරි ඒක වෙනම කතාවක් මම කියන්න ආපු දේ කියන්නම් කෝ,,
  නුවර මොන වෙලේ බැලුවත් පර සුද්දෝ  අඩුම 10ක් වත් පේන්න ඉන්නවානේ ඔන්න මම ඉන්න තැනට මේ පර සුද්දියකුයි සුද්දෙකුයි ආවා .ඔන්න ඩබල යනවා ඔන්න යනවා නැවතුනා.ඔන්න අහපු දෙන්න කතව සුද්දි ටිකක හැඩයි මම බලන් හිටියා.
අම්මද බොල සුද්දගේ අතේ බලන්න එපැයි පට්ට බාණ්ඩයක් අය ඉතින් මම සුද්දි දිහා මොකට බලනවද  ඕන් ඇස් දෙක ඒ දිහායින් අහකට ගන්න හිතුන් නෑ..බෑග් එක දිහා බලපුවාම එකට ගහන නියම ස්ටෑන්ඩ් එකකුත් ඇත්තටම එක නම් සිරා කැමරා පොඩ්ඩ වෙන්න ඇති ආ.. :O
         දන්නේම නැතුව ඩබලම ඇවිත් මගේ ඉස්සරහ උඩ බලනකොට සුද්ද මන් දිහා බලාගෙන  ඌ මට හායි කීවා මත් ඉතින් පවූ කියලා හායි පරක් දැන්මා :) (මට චාටර් මම ඌගේ කැමරා එක දිහා බලන් හිටියානේ )
   හරි හරි ඔන්න ඒ වැඩ ඉවර වෙලා ඩබල කතා කර කර  කහ ඉර ගාඅවට ගියා මම හිතුවේ පාර මාරුවෙන කියලා නැ හිටපු උන් ඔක්කෝම පාර මාරු යුනා ඩබල එතන හිටගෙන සුදිදි සුද්දට කීවා අතනට යන් කියලා කෝ අරූ කීවා නැ මෙතන ඉමු කියලා හිටියා. කැමරා එක අතේ තිබුන නිසා මම හිතුවා මුට ලස්සන ඇන්ගල් එකක් අහුවෙලා ෆෝටෝ එකක් වත් ගන්න යනවාද කියලා නෑ,,,, ඔන්න සිද්දිය
  ඔන්න ත්‍රී වීල් එකක් ආවා පර සුද්දා අත දික් කරා ත්‍රී වීල් කාරයට පොලිසිය නීතී අමතකයි පොර නැවත්තුවා වීල් එක පාර මැද්දේ කහ ඉර උඩම,,වෙලාවට මේක මන් දැක්කේ  ලයිව් ඇට් 8 හරි රතු රත්න හරි දැක්කානම් : ).
කට්ටිය හිතන්නේ මු ටක් ගාලා නැහැ කාඩ් එකක් දික් කරගෙන  එකේ තැන විල් කාරයට පෙන්නලා විනාඩියක් 2ක් එතන කතාව පාරවල් හතරක වාහන බ්ලොක් වෙලා පොලිස් රාලහාමිත් බලන් ඉන්නවා අනෙ ආපොයි... :( පර සුද්දොන්ට විතරයි වෙලාව වැදගත්  අපේ උන්ට වෙලාව වැදගත් නෑ.
    විල් එකේ ඩරයිවර් මහත්තයාට හරි සතු‍ටුයි වගේ මූනෙන් පෙනුනේ පර සුද්දෙක් විල් එකට නැන්ගා කියලා..  මේ වගේ උන් තමා අපේ රජකම රට පර සුද්දන්ට පාවා දුන්නේ,,එතකොට අර පොලිස් මහත්තයා අනේ අපොයි මම තව ලියන්න ගියියොත් මට ලියන්න වෙයි පි‍ටු ගාන කාට කාටත් තේරෙනවානේ මොකද උනේ කියලා ,,පාර  බ්ලොක් නොකර සිග්නල් දාන් නැතුව හදිසි ලෙඩෙක් ගන්න විල්  එක නැවැත්තුවත් දඩ කොල ලියන අයට මේ වෙලාවේ පහල උනේ සත්ව කරුණාවද?
මුන් අපේ රටේ ප්‍රසිද්ද ස්ථාන වල සිගරට් එක කටේ තියගේන..විකාර වැඩ  හොදම දේ පොලිස් මහත්වරුන්ට ඉංගිරිසි උගන්වන් එක.. :)
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya