ජායාරූපය සමකය වටේ බ්ලොගයෙන් |
සමකය වටේ පොස්ට්ටුව දුටු විගස මට කියා ගත නොහැකි සතුටක් ඇති විය -
"ඇවිල්ල ඇවිල්ලා 'කැම්පස් සින්ඩිය' ඇවිල්ලා"
මේ පොස්ටුව කියවා මේ ලින්කුවට යාමට පෙර මා හට ඇතිවූ අදහස මා කියන්නම් මාගේ සතුටට හේතු වූයේ.
ෂා නියමයි නේ එහෙනම් මේ සින්ඩියෙන් ලංකාවේ තියන සියලුම අධ්‍යාපනික බ්ලොග් එක තැනකට ගේන්න පුලුවන්නේ
දැන් ඉතින් විවිද මාතෘකා ඔස්සේ ලියවෙන අධ්‍යාපනික බ්ලොග්ද මේ නිසා වැඩි වේවි.
මෙසේ මා සිත් සතුටින් පින වූ කාරනා වූවා ය.
එහෙත් කැම්පස් සින්ඩියට ගිය පසු දක්නට ලැබුනේ කිසිම අලුත් අදහසක් නැති සාමාන්‍ය බ්ලෝගයක් පමණි.-සමහට විට ඒ මා දකිනා දන්නා ප්‍රමාණය වන්නට ඇත.
මාගේ අදහස පැහැදිලි කිරිම කැම්පස් සින්ඩියේ "හදින්වාදීමේ" ලිපියෙන් පැහැදිලිව කල හැකියි.
කැම්පස් සින්ඩිය කා සඳහාද....?
දැනට අධ්‍යාපනයේ යෙදෙන සියලුම සිසුන්ට මෙන්ම, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා, ඉන් පිටත්ව ඉන්නා සියලුම දෙනාට. එහෙත් වසර අවසානයේ ප්රදානය කිරීමට බලාපොරොත්තු වන, සම්මාන හා ත්‍යග සඳහා තෝරා ගනු ලබන්නේ, දැනට අධ්‍යාපනය ලබන්නන්ගේ බ්ලොග් අඩවි පමණයි.
එතකොට අනික් උන්ට හුළංද....?
ඒක ඇත්ත. කැම්පස් යන්න හම්බ වෙන්නේ කී දෙනෙකුටද.? එක මාර්ක් එකකින් යන්න බැරි උන අයත් ඉන්නවනේ.. ඉතින් එයාලව අමතක කරන්නේ නෑ.. අපි බලාපොරොත්තු වෙනවා, අනෙකුත් සියළුම සින්ඩි වලින් තෝරාගෙන.., අන් අයගේත් සහයෝගය ඇතිව, එයාලටත්, "හොඳම", "ජනප්‍රිය" මෙන්ම, "හොඳම අළුත් බ්ලොග් අඩවිය" ටත් සම්මාන හා ත්‍යාගයන් ලබා දෙන්න..
මාගේ අදහස කැම්පස් සින්ඩිය කා සදහා විය යුතු ද?
කැම්පස් සින්ඩිය අධ්‍යාපන පිපාසය අන්තර්ජාලයේ බ්ලොග් තුල සොයා යන සියලු දෙනාගේ දැනුම පිපාසය.සනසාලන තෝතැන්නක් ලෙස.
සිතුවම් කරණය කාව්‍ය කතා බ්ලොග් වල සිට විද්‍යාත්මක ලිපි ලියනා දක්වා බ්ලොග් කරණයේ යෙදෙන සියලුම බ්ලොග් කරුවන්ට.
අනෙක් අයට හුලං නැත අධ්‍යාපන බ්ලොග් කරනයට අමතරව ඔබ බ්ලොගයේ සාහිත්‍ය නිර්මාණ වැනි දේවල් සාතිතය නිර්මාණ වැනි කැටගරි යටතේ පලකල හැකිය.
පළමුව කතා කරන්නේ අධ්‍යාපනය ලබන්නට ලබා දෙන සම්මාන ගැනය පසුව අනෙක් අයටද ලබා දෙන සම්මානයක් ගැන කතා කරයි එසේනම් සදහන් කල යුත්තේ සියලු දෙනාට සම්මාන ලබා දෙන බවය.
එතකොට මොනවද ලියන්නේ..?
ලියන්නද දේවල් නැත්තේ. තමන් ඉගෙන ගන්නා විෂයයන් පිළිබඳ දැනීම සමස්ත සමාජය හා බෙදා ගැනීමට මෙය හොඳ අවස්ථාවක්. ඒ වගේම අද තියෙන විශාල අඩු පාඩුවක් තමයි, නිදහස් සිතුවිලිවලට, චින්තනයන්ට, අළුත් මතයන්ට තැනක් නොමැති කම. ඉතින් ඔබේ රැඩිකල් අදහස් අන් අය හා බෙදා ගැනීමේ හොඳම දෙයක්, තමන්ගෙම බ්ලොග් එකක් කිරීම.
ලියන්නද දේවල් නැත්තේ. තමන් ඉගෙන ගන්නා විෂයයන් පිළිබඳ දැනීම සමස්ත සමාජය හා බෙදා ගැනීමට මෙය හොඳ අවස්ථාවක්. ඒ වගේම අද තියෙන විශාල අඩු පාඩුවක් තමයි, නිදහස් සිතුවිලිවලට, චින්තනයන්ට, අළුත් මතයන්ට තැනක් නොමැති කම. ඉතින් ඔබේ රැඩිකල් අදහස් අන් අය හා බෙදා ගැනීමේ හොඳම දෙයක්, තමන්ගෙම බ්ලොග් එකක් කිරීම.
එතකොට ලියන්නේ මොනවා ද නොව මෙසේ අධ්‍යාපනය අලලා ලියවීමට බ්ලොග් කරුවන් උනන්දු කිරීමක් මේ තුලින් සිදු කල හැකි නොවේද?ඉතින් මේවා ප්‍රධාන අරමුණු කර ගත යුතු නොවේ ද?
එච්චරද...?
නෑ... ඇයි එතකොට, කළා උත්සව, උපාධි උත්සව, විශේෂ දක්ෂතා, ජයග්‍රහණ, ඔය පොඩි පොඩි ඉවෙන්ට් ගැන දන්වා එව්වාම, ඒ ගැන පෝස්ට් එකක් දාලා පබ්ලිසිටියක් දෙන්නත් පුළුවන්නේ..
නෑ... ඇයි එතකොට, කළා උත්සව, උපාධි උත්සව, විශේෂ දක්ෂතා, ජයග්‍රහණ, ඔය පොඩි පොඩි ඉවෙන්ට් ගැන දන්වා එව්වාම, ඒ ගැන පෝස්ට් එකක් දාලා පබ්ලිසිටියක් දෙන්නත් පුළුවන්නේ..
එචරද? නොවේ ඔබ සින්ඩියට කල හැකි විප්ලවය විශාලයි කැම්පස් නමින් වෙන්කර තිබෙන ඔය කැටගරි බොරු වැඩකි ඔබට එය එක් එක් විශයන් අලලා වෙන්කරන්නට හැකි නම් බ්ලොග් නොලියන අධ්‍යාපනයට ලැබැදි අය ද? අධ්‍යාපනික බ්ලොග් ලියන්නට පටන් ගනීවි එය ශ්‍රී ලංකීය අධ්‍යාපනයට කෙතරම් විශාල සේවයක් වේවිද? බ්ලොග් සාහිතයක් එක් තැන් වේවි සිංහල සාහිතය නමින් කැටගරියක් එක් කලහොත් එය කෙතරම් වටී ද?
එසේ නොමැතිනම් ඔබේ අරමුණ වෙනස් කරන්න මන්ද දෙන් සිදුවී තිබෙනේ දැනුම එක් රැස් වීමක් නොවේ-ලංකාවේ දසත විසිරී සිටින කැම්පස් බ්ලොග් කරුවන් තමන්ගේ කැම්පස් එක නමින් කැටගරි කිරීමක් පමණි.අධ්‍යාපනික අරමුණක් සදහා යාමට ඔබ කරන්නේ විහිලුවකි.වෙනත් සින්ඩිය හා මෙය අලුත් අරමුණක් නැත.තවත් එක් සිංඩියක් පමණි.
"ඔබ සින්ඩියට කල හැකි විප්ලවය විශාලයි ."
ප.ලි. -සැ.යු. කිසිම පුද්ගලයකු හෝ කණ්ඩායමක් උදෙසා මඩ ගැසීමට මේ පෝස්ටුව නොලියුවෙමි.මේ ලිපියේ ඒකායන අරමුණ වුයේ මාගේ අදහස ප්‍රකාශ කිරීම පමණි.ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ අරමුණින් රචනා නොකලෙමි.
2013-12-02 තවත් ලිපියක් කැම්පස් සින්ඩිය ගැන කතා කරලා :)
2013-12-02 තවත් ලිපියක් කැම්පස් සින්ඩිය ගැන කතා කරලා :)
එන්න බ්ලොග් අවකාශය දෙකට බෙදෙන්න…. සින්ඩි හදන්න….(බ්ලොග් අවකාශය තුල කුල වාදයේ ඇරඹුම)
http://kalulabels.wordpress.com/ |