Showing posts with label ඇහැට පේන තැන් වල කථා. Show all posts
Showing posts with label ඇහැට පේන තැන් වල කථා. Show all posts

Sunday, June 17, 2012

බඩී see u later...

දැන් මාස අටකට විතර විතර කලින් මං ගෙදර එනකොට අම්මයි,නංගියි,මල්ලි හැමෝම කුස්සිය පැත්තේ ලොකු සද්දයක් මොනවා හරි තුන්දෙනා එකතු වෙලා කතා කරනවා.අප්පචී නම් වැඩ ඇරිලා ගෙදර ඇවිත් නෑ වගේ.කාමරයට ගිය මං බෑග් එක තියලා ඇදුම් මාරු නොකරම කුස්සිය පැත්තට ගියා.
කුස්සියට යනකොට පුංචි බලු පැටියෙක් මාව දැකලා මගේ පැත්තට හිමීට ඇවිදගෙන එනවා.විස්තර අහලා බලපුවාම අම්මා කීවා.
මං අද ලේවැල්ලේ ලොකු අම්මලාගේ ගෙදර ගියා.මුගේ අම්මා මැරිලා මේ වගේම පැටව් දෙන්නෙක් හිටියා.මං මූව අරගෙන ආවා.තාම සති දෙකක් වත් නෑ.
පොර ගෙදරට ගෙනාවාම වැඩ වැඩි වුනේ අම්මාට තමයි අපේ වැඩ වලට අමත්‍ර මූට කිරි ටිකක් වත් බීගන්න බෑ හරියට සීතලට ගැහෙනවා.අමාකොහොම හරි මූව හොදට බලා ගත්තා.
එදා හවස තමා නම් තැබීමේ උලෙල.හැමෝම එක එක නම් යෝජනා කලා එත් මූ දිහා බලන් හිටපු මට එක පාරටම බඩී කියවුනා.මුගේ රූපෙත් එක්ක නම් යස අපූර්වට ගැලපුනා.හැමෝම ඒකට කැමති වුනා.එදා ඉදන් මේ බලු පැටියා බඩී වුනා.

ම්ං ටිකක් තදට හිටියාට මේ පොරට අම්මයි නංගී නිසා හුරතලෙටමයි හැදුනේ.හැම වෙලේම සෙල්ලම.හැමෝටම හොරෙන් නංගිගේ කාමරයට ගිහින් නංගි පාඩම් කරනකොට පු‍ටුව ඇතුලට වෙලා ඉන්නවා.උදේම අපි හැමෝම ගෙදරින් ගියාම වැඩිපුරම ඉන්නේ අම්මත් එක්ක ඒක් නිසා පොර අම්මාගේ බුදු ‍ෆිට් එක වුනා.
      අම්මා එක්කම ගිහින් කොහොම හරි පවුලේ නෑදෑ ගෙවල් ටිකත් දන්නවා මාසයක් දෙකක් යනකොට.දවස් දෙකකට සැරයක් වත් මේ හැමෝම ගිහි බලලා ආවේ නැත්නම් පොරට නින්ද යන් නැතිව ඇති.
බඩීගේ ලෝකය රස කතා මල්ලත් අපි ගෙදර එනකම් බලන් ඉන්නේ ඉස්සරහාට ඇවිත් බලන් ඉන්න.මොනවා හරි දුන්නාම චුට්ටක් කාලා ඉතිරි ටික හන්ගලා තියා ගන්න පොරක්.දෙන ඕනි කෑමක් කනවා පැනි රස වලට වගෙම මස් වලටත් හොද රුසියා.
   පෙරේදා අම්මා එක්කම අත්තම්මාව බලන්න ගිහින් එහෙන් දුන්න බිස්කට් එක කාලත් නෑ.ගෙදරදී දුන්න මොකුත්ම කෑ වේ නෑ,මල්ලි හැමදාම ගේන 5හේ අයිස් එක.නංගිගේ හකුරු කැල්ල අඩුම එදා වතුරවත් බීවෙ නෑ.
    එදා හවස පොර නිදිමත් ගතියෙන් ගිටියේ.අප්පචී කීවා හෙට ගිහින් පශු වෛද්‍ය ලගට හිහින් බෙහෙත් ගෙන්න කියාලා.අම්මා ඊයේ ගිහින් බෙහෙත් ගෙනල්ලා.උනක් කියලා බෙහෙත් 3ක් විද්දාලූ..
  ඊයේ ‍රැට්ත් මන් හැමදම වගේ එලියට ගියා.හැමදාම ටික වෙලාවක අහස දිහා බලන් ඉන්න එක මගේ පු‍රැද්දක් වෙලා තිබුනා ඒ වෙලාවට මං ලගට බඩිත් ඇවිත් ඉදගෙන ඉන්නවා.කවුරුත් නොදන්න ලොකු බැදීමක් අපි අතර තිබුනේ එහෙම.එත් ඊයේ අවෙ නැති නිසා මන් කුස්සිය පැත්ත්ට ගිහින් බැලුවා පොර ඔලුව උස්සලා බැලුවා.පෝට අමරුයි වගේ.මන් ඔලුවත් අත්ගාලා මොකුත්ම නොකිය අවා.
          අම්මටත් පාන්දර එකට  විතර ඇහැරිලා අම්මට නිකමට ගිහින් බලන්න හිතිලා.අම්මා දොර ඇරගෙන යනකොට පොර නැගිටින්න හදලා එත්  වැටියා.අම්මා අල්ලල බලනකොට සීතලයි ලු.අම්මා රෙදි කැල්ලකුත් පොරවලා ගිහින්..

අද උදෙන්ම කවදාවත් නැතිවන් නංගි ඇවිත් කැ ගහනවා අඩ අඩ අයියා නැගිටින්න නැගිටින්න..
මං නැගිටල ඇයි ඇහුව..
බඩී..කියලා කීවා


මං ටක් ගාලා දුවන් ගිහින් බලනකොට බඩිව රෙදි කෑල්ලකින් වහලා.මන් රෙදි කැල්ල ඈත් කරලා බඩියේ  මූන බැලුවා...

අල්ලපු ගෙදර මල්ලි මායි  අපෙ මල්ලි නංගියි.පවුලේ සොහොනේම වල්ක් කපලා බඩීව වැලලුවා.
අපි කාටත් දැන් උබ නැතිව පාලු හිතයි බඩී..උබට නිවන් සුව.

ඔන්න පහලින් මන් පින්තූර ටිකකුත් දැම්මා



කොල එක්ක සෙල්ලම් කරන එක තමා කරන්නේ
කොල එක්ක සෙල්ලම් කරලා ඇති වුනාද

දෙයියනේ උබ බල්ලෙක් යකෝ ඕවා හා වැඩ

මගේ  4ටෝ එකක් ගහ ගන්න

ආ තව 4ටෝ එකක්

දැන් ඇති
Read More

Wednesday, June 6, 2012

බැලුවද?

ඇයි නිකන් අමුතු විදිහට බලන්නේ මම ඇහුවෙ බැලුවද කියලා .. අ මොකක්ද දන්නවද උදේ 5.30 ඉඳලා උදේ 10  වෙනකම් පෙනුනු එක සිකුරු සංක්‍රාන්ති හපෝ මාරයි ඇ.. නැ ඉතින් මාරම නෑ ජීවිතේටම මේ පාර විතරනේ.ඔය සිද්දිය වෙන්නේ පෘතුවිය හා සූර්යයා අතරින් සිකුරු ගමන් කරනකොටනේ.මේ සියවසේ අවසාන් සිකුරු සංක්‍රාන්තිය මේක.මීළඟ සංක්‍රාන්තිය 2117 දී අපි ඉතින් ඒ වෙනකොට........
ඔන්න ඉතින් මාත් ගිය මාසේ ඉදන් කැලැන්ඩරේ ඕක මාක කරලා තිබ්බා දන්නේ ඇද්ද ඇස්ටෝ වැඩක් නේ.. :)
මාත් ඉතින් ඔය සිද්දිය ගැන තිබුනු ලිපි  අරෙහෙන් මෙහෙන් නෙට් එක්න් එහෙම කියවලා .වැඩේට හොදට ලැස්ති වෙලා හිටියේ..ආ කියන්න එපැයි ඇස්ටෝආනන්ද බොල්ග් එක තමා ඒ ගැන හොදම සිංහල ලිපිය නෙට් එකේ දාලා තිබුනේ..(මට හම්බ වුනු ලිපි වලින්)
උදේ නැගිටිනකොට 6.30ට විතර එලියට ගියාම හිතුනේ අදනම් වැඩේ ෆුල් අවුල් කියලා මොකද ...කළු වලාකුලු අහස ආක්‍රමණය කරලා ශ්‍රී ලංකාවට නිරිතදිග මෝසම සක්‍රිය වුනාට කුඩුවෙන්න පායනවා  මේ පැත්තට කරුමෙට අදම වහින්න වගේ.. කරන්න දෙයක් නෑ.ඔන්න ඉතින් බුකිය පැත්තේ රවුමක් දාලා..බ්ලොග් එකත් බලනකොට 9ට ලගයි එත්.. එළියක් පේන්නවත් නෑ.
     මෙන්න 9.15 විතර ඉර එලිය එනවා මම ටක් ගාලා මගේ ආම්පන්න ටික ලැස්ති කර ගත්තා..
ඔය කිව්වට මන් ලග මහලොකු බඩු නෑ..අවු කණ්නාඩියකුයි ක්‍රම 2ක සිදුරු කැමරාවකුයි තියනවා(මං හදපු)..හරි හදා ගන්න හැටි කියන්නම්


ක්‍රමය: 1 (5වසරේ පොතේ තිබ්බේ අන්න ඒක)

1.දිග පෙට්ටියක් හෝ බටයක් සපයාගන්න.



2.එක් අන්තයක සිදුරක් තනාගන්න.

3.එය කළු කොළයකින් හෝ මේ වගේ foil ekakin ආවරණය කරගන්න.




4.ඇල්පෙනිත්තක් භාවිතයෙන් කුඩා සිදුරක් කළු කොළය මත හදාගන්න.

5.දැන් පෙට්ටිය අනෙක් පැත්තේ බිත්තියේ තරමක විශාල සිදුරක් සාදාගන්න

6.ඒ පැත්තේ පෙට්ටියේ අන්තයේ ප්‍රතිබිම්භය ලබාගැනීමට සුදු කඩදාසියක් අලවන්න




දැන් ඔබේ සිදුරු කැමරාව සූදානම්.දැන් එළිමහනට ගොස් කුඩා සිදුර තියෙන පැත්ත ඉර එළියට අල්ලා පොළවේ සෙවැනැල්ල ආධාරයෙන් ඉර සහ ඔබේ සිදුරු කැමරාව සමපාත කරන්න. දැන් පෙට්ටියේ අනෙක් පැත්තේ තියෙන විශාල සිදුරෙන් ඔබට සූර්යයාගේ ප්‍රතිභිම්භය බලාගන්න පුළුවන්

ඔබ මෙහිදී තනි පෙට්ටියක් හෝ බටයක් වෙනුවට එකිනෙක තුළ රිංගවිය හැකි බට හෝ පෙට්ටි දෙකක් යොදාගත්තා නම් තිරය සහ සිදුර අතර දුර වෙනස් කරමින් වඩා පැහැදිලි ප්‍රතිබිම්භයක් ලබාගන්න පුළුවන්.

හිරු දෙසට තියෙන කුඩා සිදුරේ ප්‍රමාණය වෙනස් කරමින් ප්‍රතිබිම්භයේ පැහැදිලිතාවය වෙනස් වන විදිහ අත්හදා බලන්න.

ක්‍රමය : 2

මේක ඉතාම සරලයි.කරන්න තියෙන්නේ කාඩ්බෝඩ් දෙකක් අරගෙන එකක කුඩා සිදුරක් විදගන්න.දැන් ඒ කාඩ්බෝඩ් එක සූර්යයා දෙසට අල්ලා අනෙක් කාඩ්බෝ එකට සූර්යයාගේ ප්‍රතිභිම්භය ගන්න එක විතරයි



9.35 විතර වෙනකම් මං ට්‍රයි කලා මේ ක්‍රම  2ක හරියන්නේ මොන රෙද්දක්ද අනාරක්ෂිත ක්‍රමයකට අවු කණ්නාඩිය දාලා එලින්ම බැලුවා ඕනි දෙයක් වෙන්න කියලා.ඔය අපූරුවට පෙනුනේ.. තාම ඇස් හොදින්

සිකුරු සංක්‍රාන්තිය
Read More

Tuesday, June 5, 2012

ඇයි පොලිස් මහත්තයෝ බලන් හිටියේ.

ඔන්න ඉතින් අද 4.15 විතර මම වැව රවුමේ හිටියා.ඔන්න ඉතින් දැන් කට්ටිය මොන වැව රවුමෙද කියලා අහනවා, අපි ඉතින් කන්ද උඩරටනේ  වෙන මොන වැවද ඉතින් අපිට නුවර බෝගම්බර වැව් ඉස්මත්තේ :)
             ඔන්න මම දැන් හිටගෙන ඉන්නවා පරේ වාහන යනවා එතනින් මිනිස්සු එහට මෙහාට යනවා උදේ වෙල්ස් පාක් එකට නැන්ග කපල් එහෙම ගෙවල් වෙලට යන්න බැහැගෙන එනවා එතන එහා පත්තේ හතරමන් ගන්දියේ පොලිස් නිලධාරියකුත් වාහන හසුරවනවා.
       මම හිටන් ඉන්න කොට ඔන්න අම්මා කෙනෙක් දෙක වසරේ විතර ඉන්න පොඩි කෙල්ලක් ඇදගෙන යනවා හවස හතරත් පහුවෙලා  තාම ඒ පොඩි කෙල්ල ඉස්කෝල් ඇදුමෙන් ,,අම්මා දුවට මෙහෙම කියනවා "මැටි දෙන......" අනේ අපොයි (තව ගොඩක් ඇහුනා :D ) හරි හරි ඒක වෙනම කතාවක් මම කියන්න ආපු දේ කියන්නම් කෝ,,
  නුවර මොන වෙලේ බැලුවත් පර සුද්දෝ  අඩුම 10ක් වත් පේන්න ඉන්නවානේ ඔන්න මම ඉන්න තැනට මේ පර සුද්දියකුයි සුද්දෙකුයි ආවා .ඔන්න ඩබල යනවා ඔන්න යනවා නැවතුනා.ඔන්න අහපු දෙන්න කතව සුද්දි ටිකක හැඩයි මම බලන් හිටියා.
අම්මද බොල සුද්දගේ අතේ බලන්න එපැයි පට්ට බාණ්ඩයක් අය ඉතින් මම සුද්දි දිහා මොකට බලනවද  ඕන් ඇස් දෙක ඒ දිහායින් අහකට ගන්න හිතුන් නෑ..බෑග් එක දිහා බලපුවාම එකට ගහන නියම ස්ටෑන්ඩ් එකකුත් ඇත්තටම එක නම් සිරා කැමරා පොඩ්ඩ වෙන්න ඇති ආ.. :O
         දන්නේම නැතුව ඩබලම ඇවිත් මගේ ඉස්සරහ උඩ බලනකොට සුද්ද මන් දිහා බලාගෙන  ඌ මට හායි කීවා මත් ඉතින් පවූ කියලා හායි පරක් දැන්මා :) (මට චාටර් මම ඌගේ කැමරා එක දිහා බලන් හිටියානේ )
   හරි හරි ඔන්න ඒ වැඩ ඉවර වෙලා ඩබල කතා කර කර  කහ ඉර ගාඅවට ගියා මම හිතුවේ පාර මාරුවෙන කියලා නැ හිටපු උන් ඔක්කෝම පාර මාරු යුනා ඩබල එතන හිටගෙන සුදිදි සුද්දට කීවා අතනට යන් කියලා කෝ අරූ කීවා නැ මෙතන ඉමු කියලා හිටියා. කැමරා එක අතේ තිබුන නිසා මම හිතුවා මුට ලස්සන ඇන්ගල් එකක් අහුවෙලා ෆෝටෝ එකක් වත් ගන්න යනවාද කියලා නෑ,,,, ඔන්න සිද්දිය
  ඔන්න ත්‍රී වීල් එකක් ආවා පර සුද්දා අත දික් කරා ත්‍රී වීල් කාරයට පොලිසිය නීතී අමතකයි පොර නැවත්තුවා වීල් එක පාර මැද්දේ කහ ඉර උඩම,,වෙලාවට මේක මන් දැක්කේ  ලයිව් ඇට් 8 හරි රතු රත්න හරි දැක්කානම් : ).
කට්ටිය හිතන්නේ මු ටක් ගාලා නැහැ කාඩ් එකක් දික් කරගෙන  එකේ තැන විල් කාරයට පෙන්නලා විනාඩියක් 2ක් එතන කතාව පාරවල් හතරක වාහන බ්ලොක් වෙලා පොලිස් රාලහාමිත් බලන් ඉන්නවා අනෙ ආපොයි... :( පර සුද්දොන්ට විතරයි වෙලාව වැදගත්  අපේ උන්ට වෙලාව වැදගත් නෑ.
    විල් එකේ ඩරයිවර් මහත්තයාට හරි සතු‍ටුයි වගේ මූනෙන් පෙනුනේ පර සුද්දෙක් විල් එකට නැන්ගා කියලා..  මේ වගේ උන් තමා අපේ රජකම රට පර සුද්දන්ට පාවා දුන්නේ,,එතකොට අර පොලිස් මහත්තයා අනේ අපොයි මම තව ලියන්න ගියියොත් මට ලියන්න වෙයි පි‍ටු ගාන කාට කාටත් තේරෙනවානේ මොකද උනේ කියලා ,,පාර  බ්ලොක් නොකර සිග්නල් දාන් නැතුව හදිසි ලෙඩෙක් ගන්න විල්  එක නැවැත්තුවත් දඩ කොල ලියන අයට මේ වෙලාවේ පහල උනේ සත්ව කරුණාවද?
මුන් අපේ රටේ ප්‍රසිද්ද ස්ථාන වල සිගරට් එක කටේ තියගේන..විකාර වැඩ  හොදම දේ පොලිස් මහත්වරුන්ට ඉංගිරිසි උගන්වන් එක.. :)
Read More

Tuesday, May 29, 2012

එහෙනම් නංගි ‍රැග් බිස්කට් ගෙනාවා


කථාවකුත් නෙවේ කට්ටිය බනින්න එහෙම එපා ඕන් එහෙනම් මෙකා මේ මොනවා කියවනවද කියලා..මේකනි අද උදේ පාන්දරම කාලාස් යන්න පිටත් වුනා.ඉන්ගිරිසියෙන් කියනවානම් අමතර පංති අන්න ඕකට මේ දවස් ටිකේම කාලාස් නොවැ.5.30 ස්කූල් බස් එකට තමා මාත් සෙට් වෙන්නේ ඕකේ ස්කෝල් යන නංගිලා මල්ලිලා වගේම.තව තව යනවා මං දැන් යන කට්ටිය ලියන්න නෙවේ නේ ගත්තේ..
          මං උදේ පාන්දර බස් එකට නගිනකොට කට්ටිය පිරිලා එක මල්ලි කෙනෙක් නගිනකොටම අයියා බඩු හම්බ උනා කියලා කෑ ගැහුවා මන් බැලුවා යකෝ මේ මොකද කියලා.
ටික වෙලාවකින් තමා මට වැඩේ මීටර් වුනේ.

 බස් එකට බිස්කට් චොකලට් ලැබෙන අවස්තා කිපයක්ම තියනවා.

01.කාගේ හරි බ්ර්ත් ඩේ එකක්
02.ස්කූල් වැන් එක අතහැර බසය ‍තෝරා ගන්නා අවස්ථාව (‍රැගට)
03.6 වසරට පාසල මාරු කර නගරයේ ජනප්‍රිය පාසලකට යෑම (‍රැගට)
04.උසස් පෙලට පාසල මාරු කර නගරයේ ජනප්‍රිය පාසලකට යෑම (‍රැගට)

ඔන්න ඉතින් මේ දවස් වල ඔය කියන 04 වෙනි අවස්තාව උදාවෙලා තියනවා,අපෙ කොල්ලෝ බිස්කට් එකක් ඉල්ලනේ පෙරේත කමට නෙවේ සහෝදර කම වර්දනය කරනු පිනිස.ගිය සතියේ අලුත් නංගි කෙනෙකුගෙන් කල වාග් ප්‍රහාර කිහිපයකට සුහද ප්‍රතිචාර වශයෙන් උදේ පාන්දෑ මන්චි ලොකු ක්‍රිම් කැකර් එකක්.ලෙමන් ෆෆ් ලොකු දෙකක් චොකලට් ලොකු බිස්කට් එකක් ලැබිතිබුනි.
                   සහෝදරත්වය වෙනුවෙන් බසයේ සිටි සියල්ලන්ටම බිස්කට් බෙදා අපිද සිතේ හැටියට සප්පායම් උනෙමි.එහෙනම් බිස්කට් වලට තැන්ක් යූ නංගි.


පලි.
හැමෝම කෑවා කීවාට කෑවේ අපි ටික විතරයි.කොන්දා හැරෙන්නට වෙන පිට එකදු මනුස්සයෙක් අපගේ බිස්කට් කෑවේ නැත.



Read More

Sunday, May 13, 2012

ඊයේ රෑ කාලයකින් රූප පෙට්ටිය ගාව වාඩි වුනා නිවුස් බලන්නට කියලා.මොකද මන් නිවුස් බලන් එක අතෑරලා දාලා ගොඩක් කල් මොකද දැන් නිවුස් වලට කියන්නේ රටේ කොහෙද මලගෙදරක් තියෙන්නේ එකට රින්ගලා රටේ වුන්ට ඒවා පෙන්න එකනේ.ඇත්තට මේ රටේ තව වැදගත් දේවල් ඇත්තේම නැද්ද,අයි යකෝ රට නැත්නම් මේ දෙයියනෙ අකියලා ලෝකයක්ම තියෙන්නේ...
  ඇයි මුන්ට බැරි රටේ යම් කිසි සිද්දියක් වුනාම ඒක.නියම නිවේදනයක් හැටියට රටට දෙන්න.මේ මිනිසුන්ගේ ඔලු ගෙඩිවලට යමක් දෙන්න හරි,,
 උදාහාරණයකට මුන් පෙන්නන ආසම නිවුස් එක වන මල ගෙදරක්ම ගමු
* හරි එකෙක් එල්ලිලා මැරිලා කියමුකො මොකද කරන්න ඕනි,,
අම්මා අඩනවා අප්පචී සහෝදරයෝ තව ගමේ වුන් තව,එල්ලෙන්න ගත්ත කබේ ඒකේ වර්ගේ,එල්ලුනේ ගහකද,නැත්නම් වෙන මගුලකද ඒකේ වර්ගෙයි,තව අනම් මනම් විකාරද???
              නෑ යකුනේ නෑ..දැන් මේ නිදහස් ප්‍රවෘත්ති කාරයන්ට හොදයි කියන්නේ කවුද මේවා බලන මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු නෙවේ,, ප්‍රවෘත්ති ඇඩ් එකේම දාගන්නවා අපි තමා හොදම එවුන් අපිව බලන්න අපි එකම තම කියලා,,මොකද යකෝ මේ රටේ වුන්ට වෙලා තියෙන්නේ.
       මොනවා කියලා කරන්නද මහන්සි වෙලා බත් එකත් බෙදාගෙන එතන ඉදගන්න අසරණ මිනිහා ඕක දිහා කට ඇරගෙන බලා ගෙන ඉන්නව හැර කෑ ගහගෙන අඩන්නද? කොහෝම කියලා හරි ජිවත්වෙන්නත් එපැයි.
   මන් මහ ලොකු පොරක් නෙවේ ඒත් ප්‍රවෘත්ති කියන එක කරන්නේ කොහොමද කියල මගේ අදහස කියන්නම්...
 යකුනේ (අපේ රට යක්ෂයන්ගෙන්නේ පැවතෙන්නේ ඒක නිසා යකුනේ කියලා කීවාම හොදට තේරනවා) මාධ්‍යක් වුනාම කරන්න ඕනි බිස්නස් එකම නෝවේ බොලව්..මේ රටක දියුණුව සදාචාරය,,බුද්ධිය මේ හැම දේම වෙනස් කරන්න මාධයකට පුලුවන් ඒක එකටම හිතට ගනිව්..( ලෝකේ සතු‍ටුම මිනිස්සු ඉන්නේ බූතානේ එහේ රූපවාහිනී නෑ බොලව්.)
  හරි දැන් එකෙක් මලා දැන් ඔහේලා ගාව තියන හොදම  ප්‍රවෘත්ති ඕක නම්. අපි එකටම බලන්න ඕනි ඒ වගේ දෙයක් නෑවත් නොවෙන්න කොහොමද අපි ක්‍රියාකරන්නේ කියලා (මොකද  ප්‍රවෘත්ති කියන්නේ මිනිසුන්න්ට වැදගත් දෙයක් දෙන්න ඕනි).ඇයි මෙහේම් වුනේ ඒ ක වලක්වන්න අඩන හැඩි මැරුන මිනිය පෙන්නලා වැඩක් නෑ..මේ රටේ ඉන්නවා මහාචාර්රයවරු ආචාරවරු..මානසික හෝ වෛද්‍ය ශේත්‍රයේ ඉහලටම ගිය මිනිසුන් ඒ අය සමග සාගජ්ජා කරලා ඒ හා සම්බන්ද විශේෂ වාරථාවක් මිනිසුන්ට ඉදිරිපත් කරලා .ඒවාගෙන් වලකීම හා එවැනි ප්‍රශ්ණයකදී කලයුත්තේ තමාගේ මානසිකත්වට තෙරුම් ගැනීම හා ඊට කල හැක්කේ කුමක්ද යන්න,,මිනිසුන්නේ බුද්ධිය ඉලක්ක කොට ඒය ඉහල නැන් විය යුත්තේ කෙසේද යන්න  ප්‍රවෘත්තියක් සාරවත් විය යුතුයි .
නැතිව පිනට කාකින්න වුන්ගේ මාඩ කාථා කියා පෙන්වමින් මිනිසුන් හිනැස්සිම නෝවේ .මන්ද ඔබත් මේ රටේ ජීවත් විය යුතුයි.මෙය බුද්ධියට හිමිකම් කිය රටක් විය යුතුයි.
 මිනිසුන්ට හිනාසීමට විහිලු කථා තිබේ,හැඩීමට හැගීම්බර අවස්ථා වුදා වේවි.නමුත් සිදුවී ඇති සිද්ඩියක් දෙස බුදිමත්ව බැලිය හැකි කොටස අල්පයි..යම් දෙයක් බුද්ධිමත්ව විමර්ෂණය කොට ඉදිරිපත් කිරීම ප්‍රවෘත්ති  වේවි.කොහේවක් යන බඩ තඩියන් වෙනුවෙන් වටිනා මාධය මෙහෙවර සවුත්තු නොකරගන්න..ඊට වඩා කල යුතු වැඩ බොහෝමයකි.

දවසටම  වේලක් කා සිටිනා පුද්ගලයකු ලෙස අප ඉපදුනානම් අපිත් කාගේ කථාවක් හෝ අසා සිටීවි කල යුත්තේ.ආනාගතය වෙනුවෙන් රටක් හාදා ගැනීමය.
 මා පොඩිකාලයේ සංවර්ධනය වන රටක් ලෙසයි මා ඉගන ගත්තේ.ඔබේ පොඩි එකාටත් කවදා හෝ එහෙම ඉගන ගන්නවාට ආසද,,එදා වෙල ගැන නොහිතන්න ..අතට ලැබෙන තු‍ටු දෙක නොව හිතට අවංක වෙන්න..

*විශේෂ සදහන් කිරීම-රටේ සිටිනා බුද්ධිමත් පුරවැසියනි,මහාචර්යවරුන්ගේ පටන්.ලංකාවේ පලන තන්ත්‍රය පහලට ගලා ඒමටත්.සියලුම පාලන කටයුතු ඒ ආකාරයෙන්  බුද්ධියට බාර දෙමි.ඔබෙ විෂය ගෑන ඔබ ප්‍රවීනයකු වන්න,මහාචර්යවරුනී ඔබගේ විෂය පිලිබදව එහි යෙදීම් පිලිබදව පර්යේෂ්ණ  වල යෙදෙන්න..මා රටේ ලොක්ක වු පසුව රටේ පාලන මණ්ඩලය කඩේ නොයනා.හිතට අවංක බුදියට නිසි තෑන හිමිවේවි.එතකොට මගේ රට ලොකු තැනකට යාවි.. :D : D


ප.ලි.2010-07-06

දවසේ වැරැද්දට නැති මුත් රෙද්ද උගේ…
ලබ්බද මොණරු පෙන්නන්නේ අනුන් ඇඟේ…?


සෝමගේ මොණරා….

මොණර මාක් සෝමක්කගේ වාහිනිය….
වෙලාවකට වැනි රෝහල් මෝචරිය….
මිනී බෙදන එකමය රාජ කාරිය….
ලෙඩක්, දුකක් මිනියක් නැත්නම් බැරිය…

පරණ ළමා ගී රී මික්ස් කරපු යුගේ….
ජපන් පැදුර අද මෙන් මතකයට නැගේ…
ළමුන් ගයන විකුණා මහ පාර දිගේ….
අනුන් වියදමිනි සෝමා නිවන් මගේ…..

… මහ වංසයට ඇරි විජ්ජුත් ටීකාව….
ෆෝම් කළා අගේට හිටි ජැක්කාව…
සිහි කර එයින් නොනැවත බලු මැක්කාව….
ජැක්කා දුටු ගැමුණු කෙරුවා ලොක්කාව….

මුල් පිටු ඇරිය උන් විළ ලඟ ගෙයට පැන…
වල් වැඩ කරනවලු ඇහුවම හිනා එන….
ජිල් බරි කරපු උන් සෝමගේ මිදුල මැන…
ෆුල් සැප විඳිති ලොක්කගෙ ගෙමිදුලට පැන…

උගසට අරන් පොඩි මිනිහගේ දුක් ගින්න…
වත්කම් යා දෙයිද ගිනි පොළියට ගන්න…
කළුතර අර පුතා නදියට බිලි දුන්න…
ඒ දුක නේද ලැබුණේ විකුණා ගන්න…

දෙවියන් දේවාල කපුවන් හොර හැත්ත…
ගණ ගෙඩියන්ද මන්තර ගුරුකම් පැත්ත…
වෙන මහ විපත නොසිතම විකුණා ගත්ත…
චැනලය කුණු වළකි මේකයි හරි ඇත්ත…

තම ඇහැ පිරෙන තඩි කොස් ලී කොටයේ රඟේ…
නොදැකම අනුන්ගේ කුණු රොඩු සොයන අගේ…
දවසේ වැරැද්දට නැති මුත් රෙද්ද උගේ…
ලබ්බද මොණරු පෙන්නන්නේ අනුන් ඇඟේ…?



උපුටා ගැනීම : http://theruamknatha.wordpress.com/
Read More

Thursday, March 24, 2011



නුවර වැව නත්නම් බෝගම්බර වැව ඓතිහාසික මහනුවරට ආඩම්බරයකි මුලු නුවරම නිවා සනසන්නීය සංචාරක සිත් දිනා ගන්නේය.ඒ උනාට ඉතින් මේ ඒ ගැන නෙවෙයි කියන්න යන්නේ ,ඔය වැව වටේ තියන ගස් හරි ලස්සනයි ඒ උනාට මේ ඒ ගැන නෙවේ කියන්න යන්නේ..
මම නගරයට යන්නනම් ධර්මරාජ එක පැත්තේ ඉදන් වැව වටේ කිලෝමීටරයක් යන්න ඔනී.දවසක් මම ඔය වටේ යන්නේ නැතිව දළදා මාලිගාව ඉස්සරහහින් පයින්ම ගියා එහෙම ගියාම පොඩි වෙලා වකින් රැජින හොටලේ ගාවට යා ගන්න පුලුවන්.වෙනදා නම් ඉතින් ඔවගේ යනවා නෙවේ දුවනවානේ.මොකක් ද දන්නවාද දැක්කේ........... මුලු ගස් ටික ඔක්කොම සුදුම සුදු පාටයි.එත් කමක් නෑ ඒපත්තේ ඉන්න බෑ ගද.මෙතන විතරක් නෙවේ බලපුවාම මුලු වැව වටේම ඉවරයි.මම පොඩ්ඩක් නැවතිලා බලුවේ මුන්ට කවුරු හරි බනිනවාද කියලා මොන පිස්සුද ඔක්කොම සද්ද නැතුව යනවා.සමහර විට ඒ දළදා හාමුදුරුවෝ ඉස්සරහානේ තව හේතුවක් තියනවා මේ අයගෙන් ගොඩාක් අය යනවා නෙවේ දුවනවානේ...
මම අහලා තියානවා කතාවක් සිංගපුරුවේ ඒ මිනිස්සු හදපු ලස්සන පාරවල් වල කැත කරා කියලා ඒ රටේ කපුටන්ට වෙඩි තිබ්බලු.අනේ ඉතින් මේ බුදුන්ගේ දේශේ ඉදලාමටත් මෙකම හිතුනානේ මෙචර ලස්සන මේ පරිසරය කන මුන් ටික වෙඩි තියාලා හරි මරා දාන්න.
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya