Monday, October 1, 2012


ඒලෙවෙල් කරන්න පටන් ගත්ත දවස් වලම පොඩි වැඩකට අත තිබ්බා ඒ තමා ඒ ලෙවෙල් උදව් ෆෙස්බුක් සමූහය.හරිනම් ඒකට නම වැටෙන්න තිබුනේ අධ්‍යාපන උදව් කියලා ඒ දව්ස් වල ඔලුවේ තිබුනේ ඒලෙවෙල් නිසා කොයින් කොහොම හරි ඒකට ඒලෙවෙල් උදව් කියලා නම් වැ‍ටුනා.

ඇයි මේක මෙහෙම කරන්න හිතුවේ.

ෆෙස්බුක් වගේ සමජ ශාලා වෙබ් අඩවියක් ලංකාව තුල දරුණු ලෙස ව්‍යාප්ත වී යන කල ෆෙස්බුකියට ගොඩ උනද අධ්‍යාපනය ලබන ශිෂ්‍යකුට  එම කලයෙන් සුවල්ප මොහොතක් හෝ ප්‍රයෝජනවත් වන් නිසා මෙවන් වැඩක් අරම්භ කරන්නට සිතුනා.අනෙක් කාරණය තමා ශිෂයකුට ඇතිවන්නා වූ ගැටලුවකට යම් පිලිතුරක් සෙවීමේ පහසුව ප්‍රවීනයන් ‍රැසක් හා විවිද දැනුම මට්ටම් වල පුද්ගලයන් ගෙන් ෆෙස්බුකිය සන්නද වන නිසාවෙන්  පිලිතුරකා සාරථකත්වය හා විස්වාසවන්තකම.

වර්තමාන තත්වය හා අතීතය.

ඒ කාලයට පෙර මන් පටන් ගෙන තිබුනා විද්‍යා විජ්ජා කියලා බ්ලොග් එකක් ඒකේ අරමුණ උනේ අන්තර්ජාලය පුරා විසිරී තිබෙනා විවිද විද්‍යා ලිපි එක තැනකට ගොනු කිරීම.ඒ සදහා ලැබූ හිට්ස් ප්‍රමාණය මත මට යම් මට්ටම අවබෝධයක් තිබුනා තවමත් අධ්‍යාපනය සම්බන්ද දේවල් සදහා අන්තර්ජාලය තුල ශ්‍රි ලංකිකයන්ගේ  අඩු යොමුවීමක් තිබෙන බව.
  ඒ උනත් ෆෙස්බ්ක් ගෲප් එක තවත් කිහිප දෙනකු සම්බනද කොටගෙන ආරම්භ කලා.කෙතරම උත්සහ කලත් අඩු ක්‍රියාකාරිතවකින් තිබුනු ගෲප් එකෙන් ප්‍රයෝජන ලබා ගත් ශිෂයන් ‍රැසක් සිටියා.අද වන විට ඒ තත්වය අඩුවී තිබෙනවා.නමුත් දැනට තවත් ඇඩ්මින් කෙනකු සම්බන්ද කොටගෙන ක්‍රියාකාරී ලෙස පවත්වාගෙන යනවා.

මොකක්ද මේ අලුත් වැඩේ

දැනට අප ගෲපය තුලින් මෙවර සාමාන්‍ය පෙල විභාගය සදහා සම්බන්ද වන ශිෂ්‍යන්ට සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කිරීම ගැන සාගජ්ජා කරමින් පවතිනවා අපිට එක් ක්‍රියාකාරි විශ්වවිද්‍යාල ශිෂයෙක් මේ සදහා සහයෝගය දක්වන්වා.

මොකක්ද මේ බ්ලොග් එකක කතාව

අපි දැනට අධ්‍යාපනික උදව් බ්ලොගයක් ආරම්භ කොට තිබෙනවා අපි ලිපි ලිවිය හැකි සියලු දෙනාට දැනට ඇරයුම් කරලා තියනවා අපිට පුලුවන් තරම් දන්න දැනුම බෙදා ගන්න උදව් වෙන ලෙස.

දැනට මේ සියලු වැඩ සදහා අවශ්‍යතා මොනවාද

අපි දන්නවා මේ වගේ වැඩ ව්ලට ක්‍රියාකාරී  හිස්ට් බලාපොරොත්තු වෙන්නේ අඩුවෙන් අපේ අධ්‍යාපනික බ්ලොගයටත් ඒක එහෙමයි මොකද ඒක මගේ අත්දැකීම් වලට අනුව ඒක ශ්‍රි ලංකාව තුල අන්තර්ජාලයේ අධ්‍යාපනයට තියන තෑන.අපේ අධ්‍යපන බ්ලොගයට හිට්ස් අඩුවෙයි ඒත් අපිට ඕනි ප්‍රයෝජනයක් ගන්නා කෙනෙක් සදහා මේ දේ කරන්න.
අපිට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට යන ළමයි සදහා සංවිධානය කරන්න යන සම්මන්ත්‍රණ මලාවට සක්‍රීය දයකත්වය ලබා දෙන්න පුලුවන් අය හිටියානම් ඒක තමා කරන්න පුලුවන් ලොකුම දේ .


බ්ලොග් ලින්කුව-http://alhelp.blogspot.com/
බුකියේ ලින්කුව-http://www.facebook.com/groups/udhuAL/


මේ ලිපිය කියවු ඔබ සැමට මගේ ස්තූතිය
-මහෙෂ්
ලස්සන ලෝක ළමා දිනයක් වේවා!!


A/L help facebook group
A/L help blog


ඒ ලෙවෙල් එක කරන්න ලෙවල් ලෑලි ඕනේද?>>>>>

8 comments:

  1. කන්සෙප්ට් එකක් විදියට තියොරිටිකලි හොදයි...
    ඒත් පොලවට බස්සන්න නං අමාරු වෙයි....

    ReplyDelete
  2. @amila chathuranga ,ඒත් ඒ තියරි පොලවෙ වැඩ කරගෙන යන බැව් සතුටින් කියන්නට කැමැත්තෙමි ඊට බ්ලොග් අඩවිය හා ෆෝස්බුක් ගෲපය දරන ශාක්ෂි ඔබ දක්නට ඇතියි සිතමි.

    ReplyDelete
  3. මම නම් උසස්පෙළ ලියලා ඉවරයි.ඒත් ඔබේ උත්සාහය වටිනවා.සර්ව පිත්තල ගොන් ලව් කතා වලට වඩා මේවා කිරීම මං සිය දහස් ගුණයකින් අගය කරනවා.නියමයි.

    ReplyDelete
  4. අඩේ සෑහෙන්න වටින වැඩක්... මෙහෙම උ/පෙ සඳහා තියෙන සයිට් එකක් මට හම්බුනා ඒත් ඒකේ නම් මුදල් අයකරනවා බුකියේ එහෙම නැති එක නම් ගොඩක් වටිනවා ජය වේවා

    ReplyDelete
  5. හොඳ හිතින් හොඳ දෙයක් කරන්න යන උඹලට කවදාවත් වරදින්නේ නැහැ.

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya