Thursday, April 19, 2012

අයිස්ටයින්ගේ තැන අහිමිවේ



මෙතෙක් පහල වූ අද්විතීය බුද්ධිමතුන් ලෙස සැලකෙන්නේ සාපේක්ෂතාවාදයේ පියා වන ඇල්බට් අයින්ස්ටයින් සහ භෞතික විද්‍යාඥ ස්ටොෆාන් හෝකිං වැන්නවුන් ය. නමුත් ඔවුන් ද පැරදවීමට තරම් පුංචි හපනියක් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඇය මහා බ්‍රිතාන්‍යයේ හෙයිඩි හැංකින්ස්. වයස අවුරුදු 4 යි. මෙන්සා, ගෝලීය බුද්ධිමතුන්ගේ සමාජයට අනුව හෙයිඩි හැංකින්ස් දැරියගේ IQ අගය ඒකක 159 කි. ඇල්බට් අයින්ස්ටයින්ගේ එම අගය ඒකක 160 ක්ද වන අතර සාමන්‍ය වැඩිහිටියකුගේ IQ අගය ඒකක 100 ක් පමණ වේ.

46 හැවිරිදි මැතිව් හැංකින්ස්, හයිඩිගේ පියා වන අතර ඔහු සවුත් හැම්ටන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය්‍ය වරයෙක් බවයි පැවසෙන්නේ. වයස අවුරුදු 2 දී තනිවම 40 තෙක් ගනක් කිරීමට තරම් හපනියක් වූ ඇය කියවීමට ද තනිව හුරු වූ බවයි ඇයගේ පියා පවසන්නේ.

පොත් 3කින් සමන්විත වූ ඔක්ස්ෆර්ඩ් රීඩින් පොත් කට්ටලය වයස අවුරුදු 2 දී ඇය පැයක් තුල දී කියවා නිම කල බවත් සාමන්‍යයෙන් එය කියවිය හැක්කේ වයස අවුරුදු 7 ක් පමණ වන දරුවන්ට බවත් යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.









උපුටා ගැනීම : Gossip9

3 comments:

  1. පිස්සු නැත්නං හොදයි! මේවගේ පොඩි එකෙක්ව අයින්ස්ටයින්ට සම කරන්න තරම් කල් වැඩියි.

    ReplyDelete
  2. මටත් හිතෙන්නේ තාම වේලාසන වෑඩි කියලා අයින්ස්ටයින් සමග සන්සන්දනය කරන්න ,නමුත් අතිශයින්ම සෑලකියයුතු දක්ශතාවක්,

    ReplyDelete
  3. ඔව් අයින්ස්ටයින් ගොඩක් දෙවල් ඉගෙන ගත්තේ කාලයත් සමග මුහුකුරා යද්දි, මෙ දරුවව තවම එහෙම සමකරන්න බැහැ, හැබැයි කවදා හරි දවසක මෙ ගැහැනු දරුවා අයින්ස්ටයින්ව පසුකරයන්නත් පුලුවන්... අපිට තවමනිශ්චිතව කියන්න අමාරුයි...... එත් මම සුභපතනව මෙ පුංචි කෙල්ලට කවදා හරි ජයගන්නට....හැබැයි ලෝකය සුවදායක කරන්න විතරක් ඔය මොලේ යොදවන්න, මොකද අයින්ස්ටයින්ටත් පසුතැවිලිවෙන්න සිදුවුනා පරමාණු බොම්බය නිපදවිමට දැනුමෙන් සහය වූ නිසා

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya