Thursday, December 8, 2011

ජංගම දුරකථනයේ ද්විභාෂා ශබ්ද කෝෂය

නවීන තාක්‍ෂණයේ දියුණුවත් සමග ජංගම දුරකථනය බිහි වන්නේ 1973 දී ය. ආචාර්ය මාටින් කුපර් මුල් ම ඇමතුම ලබාගත් අතර පසුව එය මොටරෝලා සමාගමේ නිෂ්පාදනයක්‌ ලෙස වෙළෙඳපළට පැමිණියේ ය. ඇනලෝග් තාක්‍ෂණයෙන් යුතු වූ, කිලෝ 1ක බරක්‌ ඇති ව නිපදවුණු පළමු ජංගම දුරකථනය අද වන විට අවුන්ස 4 දක්‌වා පහසුවෙන් සාක්‌කුවේ ගෙන යා හැකි පරිදි සැහැල්ලු වී ඇත. වර්ෂ 1991 දී පින්ලන්තයේ බිහි වූ ජීඑස්‌එම් තාක්‍ෂණයෙන් පසු සිම් කාඩ් භාවිතයෙන් යුතු දුරකථනය ප්‍රචලිත විය.

අද වන විට ජංගම දුරකථනයට අන්තර්ජාලයට පිවිසීමේ පහසුකම්, ටෙලිවිෂන්, රේඩියෝ, ගණක යන්ත්‍ර, වීඩියෝ, එලාම්, දින දර්ශන, කැමරා ආදි නොයෙකුත් විශේෂාංග එකතු වී ඇති අතර ඔබේ ජංගම දුරකථනයෙන් බැංකු කටයුතු කර ගැනීමේ පහසුකම් ද සලසා ඇත. එනිසා ම ජංගම දුරකථනය කුඩා පරිගණකයක්‌ තත්ත්වයට පත් ව ඇත.




මේ, ජංගම දුරකථනයට අලුතින් එක්‌ වූ ද්වි භාෂා ශබ්දකෝෂයක්‌ පිළිබඳ කථාවකි. මයික්‍රෝ ගෲප් රිසර්ච් සමාගමේ විධායක අධ්‍යක්‍ෂ සම්පත් ගෙඩමුන්න හා තාක්‍ෂණ නිලධාරී මුදිත කුරේ යන අය අතින් නිපදවී ඇති මේ මෘදුකාංගය පහසුවෙන් ඔබේ දුරකථනයට භාගත (Download) කරගත හැකි ය. සිංහල වචන 30000කින් හා ඉංග්‍රීසි වචන 15000 කින් සමන්විත මේ ශබ්දකෝෂය ජාවා තාක්‍ෂණයෙන් නිපදවා ඇති අතර ඉලක්‌කම් පමණක්‌ ඇති ජංගම දුරකථනවලත්, බ්ලැක්‌බෙරි ටච් ස්‌ක්‍රීන් අංග සම්පූර්ණ ඉංග්‍රීසි යතුරු පුවරු සහිත Qwerty Keyboard හෙවත් Full key board ජංගම දුරකථනවලත් පහසුවෙන් භාවිත කළ හැකි පරිදි නිපදවා ඇත. මේ නිසා ම කිලෝ ගණනක්‌ බරැති සිංහල/ඉංග්‍රීසි ශබ්ද කෝෂයට මඳ විරාමයක්‌ දී ඔබට භාෂා ගැටලුවක්‌ ඇති වූ විට ක්‍ෂණිකව ඔබේ දුරකථනයෙන් එය විසඳා ගත හැකි වනු ඇත.

ඔබට සිංහල වචනයක තේරුම අවශ්‍ය වූ විට එම වචනයේ මුල අකුරු ටයිප් කළ පසු එම අක්‍ෂරයෙන් ඇති සියලු ම වචන දුරකථන තිරය මත දිස්‌ වේ. ඔබ එම වචනයේ අකුරු ටයිප් කළ පසු (උදා අම - අමතක කරනසුලු, අමතක කරනවා, අමතක නො වන) ආදී වශයෙන් ඔබේ තිරය මත දිස්‌ වන අතර ඔබ යම් ඉංග්‍රීසි අක්‍ෂරයන් ටයිප් කළ හොත් එය අකාරාදී පිළිවෙළට තිරය මත දිස්‌ වේ. එපමණක්‌ නො ව ඔබට අවශ්‍ය ඉංග්‍රිසි වචනය ද එහි සිංහල තේරුම ඒ හා සමාන අරුත ඇති දුරකට තිරය මත දිස්‌ වීම මෙහි ඇති විශේෂත්වය වේ. ඇත්තෙන් ම මෙය ශබ්ද කෝෂයක්‌ ලෙස පමණක්‌ නො ව භාෂා පරිවර්තකයක්‌ ලෙස ද භාවිත කළ හැකි ය. ජංගම දුරකථන ශබ්ද කෝෂය යන්න කෙටි කොට මොබිඩික්‌ Mobidik යන කෙටි නමින් හඳුන්වා ඇති මීට අදාළ මෘදුකාංගය ඉතා ම සුළු මුදලකට මොබිටෙල් සමාගම මඟින් ඔබේ දුරකථනයට download කරගත හැකි ය.

මෙහි නිෂ්පාදක මීගමුව හරිස්‌චන්ද්‍ර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු උපාධිධාරී සම්පත් ගොඩමුන්න මහතා පැවසුවේ මෙය සමාජ සත්කාරයක්‌ ලෙස ඉතා ම සුළු මුදලකට ජනතාව අතට පත් කිරීමට කටයුතු කරන බවයි. එසේ ම සිංහල මෘදුකාංග නිපදවීමේ හැකියාවක්‌ තම සමාගමට ඇති නිසා නුදුරේ දී ම ජංගම දුරකථනය තුළින් එම පහසුකම් ද ලබා දීමට මෘදුකාංග නිපදවීමට තමන් සූදානම් බව ද ඔහු පවසයි.

මහේන්ද්‍ර රන්දෙනිය

3 comments:

  1. good job. keep it up....

    ReplyDelete
  2. //මෙහි නිෂ්පාදක මීගමුව හරිස්‌චන්ද්‍ර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු උපාධිධාරී සම්පත් ගොඩමුන්න මහතා පැවසුවේ මෙය සමාජ සත්කාරයක්‌ ලෙස ඉතා ම සුළු මුදලකට ජනතාව අතට පත් කිරීමට කටයුතු කරන බවයි.
    නියමයි,,, අන්න මිනිස්සු.

    ReplyDelete
  3. දූපත් වැසියා මේ දවස් ටිකේ මිනිස්සු සමාජය ගැන කථාව වැඩීනොවැ..මම විද්‍යා විජ්ජා බ්ලොගයට දමා තිබූ කමෙන්‍ටුව දුටිමි අනර්ගයි..
    මොකද ආගන්තුකයන් පිරිසක් නැවක් වත් කැඩිලා දූපතට ගොඩබෑව ද? :)

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya